Eshwara Adhi Yogi

Eshwara Adhi Yogi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eshwara Adhi Yogi, Mental Health Service, Nadungamuwa Road, Rathupaswala, Gampaha.

16/02/2023
හිතට කිසිම සැහැල්ලූවක් නැද්ද? ආතතිය වැඩි වේලාද? මනස නොසන්සුන්ද? ජීවත් වුණා ඇති කියලා හිතෙවාද? මෙකි ගැටලූ අඩු වැඩි වශයෙන්...
16/03/2022

හිතට කිසිම සැහැල්ලූවක් නැද්ද? ආතතිය වැඩි වේලාද? මනස නොසන්සුන්ද? ජීවත් වුණා ඇති කියලා හිතෙවාද? මෙකි ගැටලූ අඩු වැඩි වශයෙන් ඔබ තුළ තිබෙන්නට පුළුවන්. අද නිර්මාණය වෙලා තියෙන සමාජය අතිශය තරගකාරී පරිභෝජන සමාජයක්. අපිට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ එකෙකු අභිබවා තවත් කෙනෙක් නැගිටින්ට වෙර දරන සමාජ වටපිටාවක. එවැනි පසුබිමක් තුළ ඉහත සදහන් කළ ගැටලූකාරී තත්ත්වයන් කායික, මානසික හා සමාජීය පැවත්මට සෘජුව හා වක්‍රාකාරව බලපෑ හැකියි. දවසේ පැය විසිහතර පුරාවට අපි කරන්නේ ජීවත්වෙන්න ජීවිතය එක්ක ඔට්ටු අල්ලන එක. එවැනි වටපිටාවක ඔබ නිරන්තරයෙන් විඩාවට හා ආතතියට පත් වෙන්න පුළුවන්. ජීවිතය පස්සේ දුවලා හති වැටිලා ඇති වුණාම බොහෝ දෙනෙක් මානසික සුවය ලබාගන්න හැකි විවිධ ක්‍රම වලට යොමු වෙනවා. ඉතිං අද අපි හැඩකාරී තුළින් ඔබට ඇතිවන ආතතිය, විඩාව මගහරවා ගත හැකි යෝගා අභ්‍යාස පිළිබදව දැනුවත් කරන්න අපි සුදානම්.

යෝගා අභ්‍යාසයකින් ඔබට නැතිවු මානසික සුවය ලබාගන්නත්, ආතතිය අවමකර ගමිනින් නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ යෝග අභ්‍යාසයන්හි නිරත වීම තුළින් ඔබේ ජීවිතයට සුව සහනය ළගා කර ගත හැකියි. යෝගා කිව්ව සැණින් එසැණින් අපේ මනසට නැගෙන්නේ යෝගා ආසන. යෝගා ආසන යෝග අභ්‍යාසවල එක් අවධියක් පමණයි. ඔබ දැන සිටියාද? යෝගා අභ්‍යාසවලින් මානසික හා ශාරීරික දියුණුව ඔබට ලබාගත හැකි බව.

යෝගා අභ්‍යාසවල ප්‍රධාන අංග කිහිපයක් දක්නට ලැබෙනවා.

1. යාම - පුද්ගලයෙකු විසින් රැකිය යුතු ශිලයක්
2. නියාම - යෝගා කිරීම සදහා රැකිය යුතු ශීලයක්
3. ආසන - ශරීරයේ නිරෝගි පැවැත්ම සදහා
4. ප්‍රාණයාම - හුස්ම ගැනීමේ ක්‍රමවේදයක් (ස්වයං අභ්‍යාස)
5. ප්‍රත්‍යහාර - පංචේන්ද්‍රියන් දමනය
6. ධාරණ - සිත දමනය කර එක අරමුණක පිහිටුවීම
7. ධ්‍යාන - භාවනා ක්‍රම

මේ අංග අට ප්‍රගුණ කිරීම යෝගා අභ්‍යාසවලින් සිදුකරනවා. මෙහි යාම සහ නියාම, ආසන හා ප්‍රාණයාම ඕනෑම වයසක, ඕනෑම පුද්ගලයෙකුට ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ප්‍රගුණ කළ හැකියි. ක්‍රමයෙන් ආසනයක රැදි සිටින කාලය වැඩි කර ගත යුතුයි. ආසන පුහුණුව ගුරුවරයෙකුගේ නිසි මගපෙන්වීම යටතේ ඉවසීමෙන් හා ප්‍රවේශමෙන් කළ යුතුයි. ආරම්භයේදී ඇතැම් ඉරියව් පවත්වා ගන්නට අසීරු වන්නට පුළුවන්. නමුත් කාලය ගතවීමත් සමග ඉවසීම, අවධානය යොමු කිරීම, දරා ගැනීම, තමන්ගේ ශරීරය සහ මනස තමන්ගේ පාලනයේ තබා ගැනීම යෝගා අභ්‍යාසවල නිරත වීමෙන් වත්කම් ලෙස ඔබට උපයාගත හැකියි.

යෝගාහි ගැඹුරු දැනුම මෙන්ම සරල අභ්‍යාස, ආහාර රටාව, මානසික හා ශාරීරික නිරෝගී බව, සදහා ප්‍රතිකර්මයක් වෙන්නේ කොහොමද? මේ පිළිබදවද ඔබව දැනුවත් කරන්න අපි සුදානම්.

යෝගාවලින් රුව ලස්සන වෙන්නේ කොහොමද?

ඔබ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන්නේ නම්, හොදින් හුස්ම ගන්නේ නම්, හිත පිරිසිදුව තබා ගන්නේ නම් ඔබේ රුව ලස්සන ගෙන දී මුහුණ දීප්තිමත් භාවයට
පත්වේ. දෙනෙත් ප්‍රභාවත් වේ.

යෝග අභ්‍යාසවලින් නිවැරදි දිවි පැවැත්මක් ඇතිකර ගන්නේ කොහොමද?

ඔබ කුමන ආගමක වුවත් ආගමික කටයුතුවල යෙදීම යෝග අභ්‍යාසවලට බෙහෙවින් වැදගත්. බෞද්ධ ආගමිකයෙක් නම්, සැබෑවටම පංච සීලය රකී නම් මෙය ඔබට අලූත් දෙයක් නොවේ. යෝගාහි පංචසීලය හා යාම බොහෝ සමානයි. ඔබ සතා සිවුපාවුන්ට හිරිහැර නොකරයි නම්, අන්සතු දේ නොගනි නම්, අනියම් සබදතා හා වැරදි ලිංගික සබදතාවල නොයෙදෙයි නම්, අන් අයට ඊර්ෂියා නොකරයි නම්, අන් අයගේ වචනයෙහි එල්ලි නොසිට තම අරමුණු කෙරෙහි පමණක් අවධානය යොමුකර කටයුතු කරන්නේ නම්, සැබවින්ම ඔබේ සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදුව වෙනවා කියන්නෙම ඔබගේ ආතතිය, විඩාව හා පීඩනය ක්‍රමයෙන් මගහැරී යනවා. නමුත් අද බොහෝ දෙනා කරන්නේ අනුන් අනුකරණය කරන එක. එවිට තමන්ටත් නොදැනිම අනුන්ගේ කොපියක් බවට අපි පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමා තුළ පවතින හැකියාවන්, දක්ෂතාවයන් වගේම පුද්ගල අනන්‍යතාවයන්ද ක්‍රමයෙන් වියැකි යන්නට පුළුවන්. යෝගා අභ්‍යාස අපගේ එදිනෙදා ක්‍රිරියාකාරකම් නිසි ලෙස කළමනාකරණය කරගන්න උදව් උපකාර වෙනවා. විශේෂයෙන්ම කාන්තා ඔබට වැඩි වගකීමක් පැවරී ඇති බැවින් උදෑසන අවධි වූ මුල් මිනිත්තු කිහිපය තුළ ඔබ දවස කළමනාකරණය කරගන්න.

x මුහුණකට සෝදා සීතල වතුර වීදුරුවක් හෝ දෙකක් පානය කරන්න
x ගැඹුරු හුස්මක් ගෙන පිට කරන්න
x දවසේ වැඩකටයුතු මෙනෙහි කර කොළයක සටහන් කරන්න
x සටහන් කළ කාර්යයන් සදහා කාලය වෙන් කර ගන්න
x නියමිත කාර්යය, අත්‍යාවශ්‍ය හා ප්‍රමුඛතම කාර්යයට මුලිකත්වය දෙමින් පෙළගස්වා ගන්න

මේ ආකාරයෙන් වැඩ කටයුතු නිසි ලෙස හදුනා ගනිමින් කළමනාකරණය කර ගත යුතුයි. ඔබ කිසියම් රාජකාරී කටයුත්තක නිරත වේ නම් එයට පෞද්ගලික කටයුතු පටලවා නොගත යුතුයි. විවේකය ලද ඕනෑම අවස්ථාවක ඔබේ දියුණුව වගේම සිය සමීපතමයන්ගේ දියුණුව වෙනුවෙන් ද අලූත් යමක් සිතා සටහන් කර ගැනීම අනාගතයට බෙහෙවින් වැදගත් වේවී. ඔබ කාන්තාවක් නම් දරුවන්ට හා ස්වාමියාට වෙන් වෙන් වශයෙන් ඉටුකළ යතු යුතුකම් පිළිබද සැළකිලිමත් වී කටයුතු කරන්න. මෙවැනි රාමුවක් තුළ කටයුතු කිරීමෙන් ඔබගේ සිත තරමක් හෝ සැහැල්ලූ වේවි. එමෙන්ම සිතද පිරිසිදු වේවි.

බොහෝමයක් යෝගා අභ්‍යාස සදහා විශේෂ ගුරුවරුයෙකුගේ උපදෙස් අවශ්‍යයි. යෝගා ආසන ව්‍යායාම ඔබ නිරෝගී කරන අතර කායික මානසික ලෙඩ රෝගවල දුර්වලතා සහ වේදනාවන් සමනය කර ගැනීමේ හැකියාව තියෙනවා. හෘදය, පෙනහලූ, මොලය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට නව ජීවයක් ලබාදෙන අතර රූමත් බව වැඩිදියුණු
වෙනවා.

අද වන විට බාල, තරුණ, මහලූ භේදයකින් තොරව යෝගා අභ්‍යාසවලට යොමු වීමේ ප්‍රවණතාවක් හදුනාගත හැකියි. ගර්භණි මව්වරුන්ට, රෝගීන්ට පවා යම් යම් සීමාවන් යටතේ යෝගා පුහුණු විය හැකියි. ඇතැම් විට බොහෝ දෙනා පවසන කරුණක් තමයි දැඩි ස්ථූලතාවය නිසා යෝගා අභ්‍යාසවල නිරත වීමට ඔබට නොහැකි බව. එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව මතක තබා ගන්න. අවශ්‍ය වන්නේ ක්‍රමානුකූල අත්දැකීම් සහිත ගුරුවරයෙකු යටතේ පුහුණු වීමයි. අද අපේ රටේ යෝග අභ්‍යාස ආයතන ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා ඔබට විධිමත් තෝරා ගැනීමක් යටතේ යෝගා අභ්‍යාසවලට යොමු වී ගත සිත මනස සැහැල්ලූ කර ගනිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

Address

Nadungamuwa Road, Rathupaswala
Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Eshwara Adhi Yogi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram