Dream Baby - කිරි සිහිනයට ආදරයෙන්

Dream Baby - කිරි සිහිනයට ආදරයෙන් ආයුබෝවන්,

ඩ්‍රීම් බේබි වෙතින් ඔබට අව?

16/10/2022

‘No joys on earth bring greater pleasure than a little boy to love and treasure.’

Little Boy "SHAYEL AADIV"🥰

Thank you for choosing us 🌸🌸

02/12/2021
ආදරේ❤️
01/12/2021

ආදරේ❤️

සියළු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා❤️
29/11/2021

සියළු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා❤️

බන්ඩියේ ඉන්න ඔයා.....❤️
27/11/2021

බන්ඩියේ ඉන්න ඔයා.....❤️

ඉක්මනින් සැබෑ වෙන හීනයක් ❤️
26/11/2021

ඉක්මනින් සැබෑ වෙන හීනයක් ❤️

ඒ හීනය ❤️
19/11/2021

ඒ හීනය ❤️

සියළු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් ❤️
19/10/2021

සියළු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් ❤️

❤️
15/10/2021

❤️

සැබෑ වෙන සිහිනයට ❤️
02/10/2021

සැබෑ වෙන සිහිනයට ❤️

කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා!!!
27/09/2021

කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා!!!

24/09/2021

❤️ අනේ......❤️

21/09/2021

සිහිනයට ❤️

සියළු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා!!!
19/09/2021

සියළු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා!!!

පුළුන් රොදක් වගේ සැහැල්ලුවක්. වේගයෙන් පාවෙලා ගිහින් මම නැවතුනා. අහ්. හරිම අඳුරුයි. කිසිම දෙයක් පේන්නෙ නැහැනෙ. ම්ම්ම්ම් ....
18/09/2021

පුළුන් රොදක් වගේ සැහැල්ලුවක්. වේගයෙන් පාවෙලා ගිහින් මම නැවතුනා. අහ්. හරිම අඳුරුයි. කිසිම දෙයක් පේන්නෙ නැහැනෙ. ම්ම්ම්ම් ... මොකක්ද ඒ සද්දෙ? කණට හරිම මිහිරියි. පිරිත්... අනේ ... හිත නිවෙනවා. කවුද මේ වෙලාවෙ පිරිත් අහන්නෙ ? මට හරිම සැනසීමක් දැනෙනවා. ආආ... මම පීනනව නේද ? දැන්නම් ඇස් අඳුරට හුරු වෙලා. අනේ ! මම ඉන්නෙ වතුර පිරුන පුංචි අඳුරු කාමරයකනෙ. පිරිත් ඉවරයි වගේ. හ්ම්ම්ම්ම් මට නිදි මතයි.

ඕඕහ්හ්හ් මොකද මේ මාව ගැස්සෙන්නෙ. අනේ හරි අමාරුයි. අම්මා... අනේ අම්ම වමනෙ දානවලු.ඇයි ඒ.... ආආ.. මං හින්ද. අනේ පව්. අම්මට මාව එපා වෙයිනෙ. ආ ... නෑ නෑ.. ඔන්න අම්ම මට කතා කරනවා. අම්මගෙ කට හඬ හරිම ලස්සණයි. අනේ මට එයාව පේන්නෙ නෑනෙ. "පැටියෝ. ඔයාට කොහොමද ? " 😊😘 ආආආආ මගෙන් තමයි අහන්නෙ. 😘

ආනේ අම්මව බලන්න නෑදෑයො ඇවිල්ලලු. උදේ ඉඳන් ගොඩක් සද්ද ඇහුන මට. අම්ම හිනාවෙනව. මට පන්සල් යන්න හිතෙනව. ඒත් කොහොම යන්නද ? මං මේ පුංචි කාමරේ ඇතුලෙ හිරවෙලානෙ. "එහෙනං ලෑස්ති වෙන්න. ඔයාට පන්සල් යන්න ආසයි කිව්වනෙ" ඈ... ඒ කොහොමද, මට පන්සල් යන්න ඕනෙ කියල එයා දැනගත්තෙ, කව්ද ඒ ? එයා මගෙ අප්පච්චිලු. ම්ම්ම්ම්ම් අප්පච්චි අම්මට ගොඩාරියක් ආදරෙයි වගේ. මාත් ඒ දෙන්නට ගොඩාආආආක් ආදරෙයි. ස්ස්ස්ස්ස්ස් සීතලයි. අම්ම නානව වගේ. අනේ මට හරිම සනීපයි. ඔන්න දැන් මම අම්මයි අප්පච්චියි එක්ක පන්සල් යනවා. අම්ම හරිම පරිස්සමෙන් අඩිය තියන්නෙත්. මාව එයාලට ගොඩක් වටිනවලු. එහෙම තමයි අම්ම හැමතිස්සෙම මට කියන්නෙ.
අනේ , අම්ම බස් එකේ හිටගෙන යන්නෙ. අයියෝ මාව එහෙට මෙහෙට වීසි වෙනව. ඇයි අම්මට වාඩිවෙන්න දෙන්නෙ නැද්ද කව්රුත් ? අප්පච්චිට බැරිද කාටහරි කියල අම්මව වාඩි කරවන්න? හරි හරි. ඔන්න අම්මට ඉඳගන්න ලැබිලා. දැන්නම් මාව විසිවෙන්නෙ නෑ. 😊

අපි පන්සල් ගිහින් ගොඩාක් වෙලා බුදුන් වැන්ද. අම්මට හාමුදුරුවො පිරිතුත් කිව්වා.

ඔන්න අම්ම මට ඇඳුම් ලෑස්ති කරනව.
හි හි... 😘 අප්පච්චි කැමති නිල් පාට ඇඳුම් මහනවට.. අම්ම කැමති රෝස පාටට. එතකොට මං ? මට මොන පාට වුනත් කමක් නෑ. මට ඕන ඉක්මනටම අම්මයි අප්පච්චියි ගාවට යන්න. ඒ දෙන්න මං එනකං හරිම ආසාවෙන් බලා ඉන්නව කියල මට කිව්ව.

අප්පච්චි ගොඩක් දවස් වලට මට කතන්දර කියල දෙනව. වෙලාවකට සින්දුත් කියනව. ඒ වෙලාවට මම නටනව. අම්ම එතකොට අප්පච්චිට කියනව " මේ බලන්නකො මෙයගෙ දැඟලිල්ල කියල 😊 එතකොට අප්පච්චි හිනා වෙනව. ඇත්තමයි කියන්නෙ.

මට දැන් ඉඩත් මදි. හරි අමාරුයි අත් කකුල් ගුලි කරගෙන ඉන්න. ම්ම්ම්ම්හ් ටිකක් හිරි අරින්න ඕනෙ. අනේ අම්මට රිදෙනවද කොහෙද මම එහෙම කරද්දි. පව්, කෙඳිරි ගානව.

ආ මට කියන්න අමතක වුනානෙ. ඩොක්ට අන්කල් කෙනෙක් අම්මටයි අප්පච්චිටයි කිව්වා මම හොඳ සනීපෙන් ඉන්නව කියල. අම්ම කවදාවත් අඳුරු පාට ඇඳුම් ඇන්දෙ නෑ. ඇයි දන්නවද ? එතකොට මට ගොඩක් අඳුරුයිලු, රස්නෙයිත්ලු. සැර කෑම ජාති කෑවෙත් නෑ. මම පව් කියල. දුර ගමන් යන එකත් නවත්තල මට කරදරයක් වෙයි කියල.
පව් නේද අම්ම ?ඇයි අප්පච්චි ?එයත් හරියට මහන්සි වෙනව. වැඩ ඇරිල ඇවිත් අම්මටත් උදව් වෙනව. රෑට අම්මට නිදාගන්න බැරුව කෙඳිරි ගානකොට , මට ඇහෙනව අප්පච්චි පිරිත් කියනව. එතකොට මම දැඟලිල්ල අඩු කරල නිදා ගන්නව. අම්මටත් නින්ද යනව.

ඔන්න දවසක් අම්මයි මමයි ටී.වී.බැලුව. ඔයාල හිතනව ඇති මම කොහොමද බලන්නෙ කියල නේද ? 🙂🙂 අම්ම තමයි බැලුවෙ. මම ඇහුවා. ඒකෙ ගියේ පුංචි බබාල ගැන. මාත් හරි ආසාවෙන් අහන් හිටියා. අම්ම හිමින් හිමින් සිංදුවකුත් කිව්වා. " සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඬින් ගෙන... " කියල. හරිම ලස්සනයි. එක පාරටම මම ගොඩක් බය වුනා. අප්පච්චි ටී.වී. එක ඕෆ් කළා. අම්ම ඇඬුවා හොඳටම. අම්ම බය වෙලා. ඇයි දන්නවද ? නිව්ස් කියල එකක පොඩි බබෙක් මරපු එකක් පෙන්නලනෙ. බලන්නකො. අපේ අම්ම හොඳටම බය වෙලා. අප්පච්චි ගොඩක් වෙලා අම්මගෙ බය නැති කරන්න මහන්සි වුනා. පව්. මං ඔයාලට ගොඩාක් ආදරෙයි. 😘😘😘

කව්ද මන්ද ඇන්ටි කෙනෙක් නිතරම වගේ අපේ ගෙදරට එනව අම්මවයි මාවයි බලන්න. එයා අම්මට කියනවා මගේ හදවත හොඳට ගැහෙනවලු. තව තව ගොඩක් දේවල් අම්මට කියල දෙනව එයා. අම්ම හවසට අප්පච්චිට ඒව කියනව. ඕව අහං ඉඳලම මට දැං කට පාඩම්. හි හි.

ඕහ්.. මේ මොකද? මගෙ කකුල් දෙක උඩ , ඔළුව පහල. අම්මට හුස්ම ගන්නත් අමාරුලු. අනේ මං නිසා අම්ම හරියට දුක් විඳිනවනෙ.

ඔන්න දැන් මම මේ කාමරෙන් එළියට එන්න ළඟයිලු. මටත් මොකක්ද වෙනසක් දැනෙනව. අම්ම දැන් නිතරම වගේ මහන්සියෙන් ඉන්නෙ. ආච්චි අම්මත් අපේ ගෙදර ආව නවතින්න. මට දැං මෙහෙ ඉඩ මදි. ඉවසිල්ලක් නෑ අම්මගෙ මූණ දකිනකං.

ගෙදර හරිම කලබලයක්. අම්ම අඬනවා. හැමෝම කලබල වෙලා . ආච්චි අම්ම ,අම්ම ගාවම ඉදන් අම්මගෙ හිත හදනව. අපි හොස්පිට්ල් යනව කියල අපප්ච්චි කිව්වෙ.

ඔන්න මම ලෑස්තියි. මම ඉන්න කාමරේ මාව එළියට තල්ලු කරනවා. මට ඇහෙනව අම්ම වේදනාවෙන් කෑගහනව. අනේ . එක්කො මම මෙහෙමම ඉන්නව. අම්මට එතකොට වේදනාවක් නෑනෙ. බෑ බෑ. අම්මට දුක හිතෙයි එතකොට. එක පාරටම ලොකු එළියක් අවා. මට ඇස් අරින්නත් බෑ. මට බයටම කෑ ගැහුනා. ඔහෑ ඔහෑ. ඩොක්ට අන්කල් මාව අම්මට දුන්නා. අම්ම ළඟ හරි සුවඳයි 😘😘 . ඒක නෙවෙයි හොඳම වැඩේ. මෙච්චර වෙලා කෑ ගහපු මගෙ අම්මා ...... මෙන්න මාව තුරුලු කරගෙන හිනාවෙනවා.....
🙂😘🙂😘🙂😘

ලොව සෑම කාන්තාවකටම මේ සුන්දරම අත්දැකීම ලබන්නට වාසනාව ලැබේවා
බුදු සරණයි ! සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි! ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

-Copied-

රං කැටියෝ ❤️
16/09/2021

රං කැටියෝ ❤️

දවසක ඔයා ❤️
15/09/2021

දවසක ඔයා ❤️

❤️
14/09/2021

❤️

Address

Gampaha

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00

Telephone

+94701189966

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Baby - කිරි සිහිනයට ආදරයෙන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dream Baby - කිරි සිහිනයට ආදරයෙන්:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram