J Shanthi Kumari Jayaneththi

J Shanthi Kumari Jayaneththi Psychotherapist, Senior Psychological Counsellor - Nawaloka Hospital Colombo Negombo Gampaha
Contact - 0774071401

11/11/2025

උපදේශන කුසලතා හා මනෝප්‍රතිකාරක පිළිබද පුහුණු වැඩසටහන...

* කාලය මාස 03 යි
* පැය 150
* ගාස්තුව රු 15000/= (රුපියල් පහලොස් දහසයි)
* ඇතුලත් වීමේ ගාස්තුව රු 3000/=

අපගේ ආයතනය මඟින් මෙහෙයවන උපදේශන කුසලතා හා මනෝප්‍රතිකාරක පුහුණුව සඳහා දැන් සිසුන් බඳවා ගනු ලැබේ. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් දැන්ම ලියාපදිංචි වන්න

------------------------------------------------
මේ සඳහා;
* මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳව දැනට හදාරන සිසුන්
* මනෝ උපදේශන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් සහ මේ පිළිබඳව කැමත්තක් දක්වන ඕනම අයෙකුට මේ සමඟ සම්බන්ධ විය හැකිය.
------------------------------------------------
අන්තර්ගතය;
* මනෝඋපදේශනය පිළිබඳව හැඳින්වීම
* මානසික රෝග හඳුනාගැනීම
* උපදේශන කුසලතා පුහුණුව
* උපදේශන ආචාරධර්ම පිළිබඳව දැනුවත්භාවය
* මනෝප්‍රතිකාරක පුහුණුව
* විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ප්‍රතිකාර
* මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් නැවැත්වීම පිළිබඳව පුහුණුව
* නේවාසික මානසික රෝගීන් රැකබලාගැනීම පිළිබඳව පුහුණුව
* උපදේශනයේදී ඇතිවන භාෂා ගැටලු නිරාකරණය කරගනිමින් උපදේශනය සිදු කරන ආකාරය
* උපදේශනයේදී අවශ්‍ය වන නීති පිළිබඳව දැනුවත්භාවය
* මෝහන සැසියක් සියසින් දැකබලා ගැනීමේ හැකියාව
* මානසික ගැටලු වලින් පෙළෙන්නන් රැකබලාගැනීමේ නේවාසික මධ්‍යස්ථානයක පුහුණුව

------------------------------------------------
මෙහෙයවීම :
* ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝචිකිත්සක, (නවලෝක රෝහල)

* විශ්ව විද්‍යාාල මහාචාර්ය , විශ්ව විද්‍යාල කතිකාචාර්ය, මනෝ වෛද්‍යවරු සමගින්
------------------------------------------------
මෙය අවසානයේ ඔබට වටිනා සහතික පත්‍රයක්, සායනික පුහුණු ලිපියක්, අප ආයතනයේ පුහුණුවන උපදේශකවරයෙකු ලෙස සේවක හැඳුනුම්පතක් හා සහතික කරන ලද සායනික පුහුණු වාර්තා පොත ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.

------------------------------------------------
ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න.
පාඨමාලා සම්බන්ධීකාරක : 0774071401
------------------------------------------------
https://chat.whatsapp.com/LtCpKYlwhgQ8ot2CNw8AtS?mode=ac_t whatsappe ලින්ක් එකෙන් සම්බන්ද වෙන්න.

21/06/2025
ආදරණීය දෙමාපියනි ,💯 නොමිලේ පැවැත්වෙන මනොවිද්‍යා උපදේශන වැඩසටහන. මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජ...
03/12/2024

ආදරණීය දෙමාපියනි ,

💯 නොමිලේ පැවැත්වෙන මනොවිද්‍යා උපදේශන වැඩසටහන.

මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජාල ඇබ්බැහියෙන් වලක්වාගෙන , ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට , වාර විභහගය ඉලක්ක කරගත් අවශ්‍ය උපදෙස් වගේම , උපදේශනාත්මක මග පෙන්වීම ලබාදීමට අපි සූදානම්.

නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන සදහා, සම්බන්ධ වීමට
පහත Whatapp සමූහය සමග එක්වන්න.

https://chat.whatsapp.com/G4twIuegUnI2BwVtXnHcmF

ඔබ ලෝකයෙ කුමන රටක සිටියත්, ඔබට අප සමඟ සම්බන්ධ විය හැකිය.

*• දෙසැම්බර් 05 වන බ්‍රහස්පතින්දා.*

*• ප.ව : 8.30*

ඔබෙ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවන්ද වැඩසටහන අතරතුර හිමිවේ.

මෙහෙයවීම : සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක , (ගම්පහ , මීගමුව , කොළඹ ) නවලෝක රෝහල්වල විශේෂඥය සේවයේ නියුතු , *ශාන්ති කුමාරී ජයනෙත්ති* තුමිය.

මෙම වටිනා අවස්ථාවෙන් ඔබත් ප්‍රයෝජන අත්කරගන්න.

📞 විමසීම් : 0774071401 / 0718026277

ආදරණීය දෙමාපියනි ,දිගු නිවාඩුවක්, මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජාල ඇබ්බැහියෙන් වලක්වාගෙන , ඔවු...
28/11/2024

ආදරණීය දෙමාපියනි ,

දිගු නිවාඩුවක්, මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජාල ඇබ්බැහියෙන් වලක්වාගෙන , ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට

වාර විභහගය ඉලක්ක කරගත් අවශ්‍ය උපදෙස් වගේම ,

ඔබේ දරුවා යම් ගැටලුවකින් පීඩා විඳින්නේනම් එයට අවශ්‍ය උපදේශනාත්මක මග පෙන්වීම ලබාදීමට අපි සූදානම්.

ඔබේ ගැටලුව අපගේ වට්සැප් (Whatsapp) සමූහය වෙත යොමු කරන්න.
මෙම දිනයේදී අප ඔබගේ පෞද්ගලිකත්වය රකිමින් ඔබගේ ගැටලුවට විසඳුම් මගක් යෝජනා කරන්නෙමු.

එන්න අපහා එක් වන්න.

🛑 අපගේ වට්සැප්(Whatsapp) සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/G4twIuegUnI2BwVtXnHcmF

🛑 මෙම වැඩසටහනට සම්බන්ධ වීම සඳහා අයකිරිම රු.1000 යි.

මුදලක් අපගේ ගිණුමට බැර කර එම රිසිට් පත අපට වට්සැප් කිරීමෙන් පසු ලබාදෙන ලින්ක් එක නැතිනම් අංකය භාවිතයෙන් ඔබට Zoom ඔස්සේ අප හා සම්බන්ධ විය හැක.

📞 වැඩි විස්තර සඳහා අමතන්න.

• 0774071401

💯 මගනොහැර ඔබත් එන්න මෙම වටිනා අවස්ථාව ඔබ සඳහායි.

🛑 ලොව පිළිගත් මනෝ විද්‍යාව උපදේශකයකු ලෙස ජීවිතය දිනන්න.එන්න අපහා එක්වන්න. 🤝ඔබ උසස් පෙළ අවසන් සිසුවෙක්ද? මනෝ විද්‍යාව උපද...
27/11/2024

🛑 ලොව පිළිගත් මනෝ විද්‍යාව උපදේශකයකු ලෙස ජීවිතය දිනන්න.
එන්න අපහා එක්වන්න. 🤝

ඔබ උසස් පෙළ අවසන් සිසුවෙක්ද? මනෝ විද්‍යාව උපදේශකවරියකු වීමට ඔබත් කැමතිද?

" සායනික පුහුණුව සමඟින් දිවයිනේ විශිෂ්ටතම ආචාර්ය මණ්ඩලයක් සමඟ රසවත් ලෙස ජීවිතේ ජය ගන්නට එන්න අප හා එක්වන්න. "

• මනෝවිද්‍යා උපදේශකවරයකු වීමට කැමති ඕනෑම අය සඳහ

• පෙර පාසල් ගුරුවරුන්

• ගෘහණියන්

• රජයේ හෝ පෞද්ගලික පාසල් ගුරුවරු

• වෙනත් රැකියා සඳහා නියුතුවූවන්

පහත වට්සප් ලින්ක් එකෙන් සමූහය හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FOArtX774av5Lx7bG5hesZ

ඔබ ලෝකයේ කුමන රටක හිටියත් ,zoom තාක්ෂණ ඔස්සේ ඔබටත් සම්බන්ධ විය හැකිය.

විමසීම් : 0774071401

16/05/2024

නින්ද සෑම මනුස්සයෙකුටම අත්‍යවශ්‍යය . ජිවිත කාලයෙන් 25% පමණ ගත වන්නේ නින්දෙන් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත . නින්ද අවශ්‍ය ප්‍රමාණය එක් එක් පුද්ගලයාට වෙනස් වෙයි . දරුවන් ට නින්ද වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර වැඩිහිටියන්හට අඩු නින්දක් අවශ්‍ය වන්නේ ය .

නින්ද ජීවිතයේ අත්‍යාවශ්‍ය අoගයකි . ලොකු කුඩා ඕනෑම කෙනෙකුට යම් යම් හේතු නිසා නින්ද නොලැබී යා හැකිය . නින්ද නොලැබීමට හේතු වන්නේ පුද්ගලයන් තුළ ඇතිවන කායික හෝ මානසික හේතුවක් නිසාවෙනි. සුව නින්දක් නොලැබුණ හොත් ඔහු කායිකව හා මානසිකව රෝගියෙක් බවට පත් වීමට පුළුවන එවිට ප්‍රතිකාර ලබා ගත යුතුය .

නින්ද නොයෑම හේතුවෙන් පීඩනයට පත් මනෝ ප්‍රතිකාර සදහා මා හමුවට පැමිණි පුද්ගලායකුගේ කතාවක් මෙසේ සටහන් තබමි. ඔහු. අමිත ලෙස හදුන්වමි . අමිත ව්‍යාපරිකයෙකි . ඔහු කෙටි කලකින් ඔහුගේ ව්‍යාපාරය දියුණු කරගත් අයෙකි.මොහුට තව තවත් දියුණුව අපේක්ෂාවෙන් රාත්‍රි නිදි මරමින් ඒ සදහා වෙහෙස මහන්සි විය . මොහු කුඩා කාලයේ අසන ලද එක්තරා කතන්දරයක් නිසා ඒ අනුව යමින් ජීවිතය දින්නට උත්සාහය ගත්තේ ය . කතන්දරයේ ව්‍යාපරිකයා දිනකට පය තුනක් පමනක් නිදාගෙන ඇත . අමිත ද කතන්දරයේ ව්‍යාපරිකයා අනුව යමින් නින්ද අඩුකරමින් ව්‍යාපාරය දියුණු කරගත්තේය .

වසර තුන හතරක සිට අමිත නිදාගන්නේ පැය තුනකි. ටික කලක් ගතවත්ම අමිත ගේ ව්‍යාපාරය දියුණු වනවා සේම අමිත කායිකව හා මානසික පිරිහීමට පටන් ගත්තේ ය . වෙනදා මෙන් නොව, අමිතට නිතරම කේන්ති එයි. පැය තුනක් නිදාගත් අමිතට නින්ද යාම බෙහෙවින් අඩුය . සියලුම වැඩ නිමවා නිදාගැනීමට පැමිනෙන අමිත ඇදේ ඒ මේ අත පෙරලි පෙරලී සිටියි. බොහෝ වේලාවක් ගිය පසු එලිය වැටීගෙන එන මොහොතේ පැයක් හෝ පැය බාගයක කාලයක් පමනක් නින්ද යයි. මෙසේ කල් ගතවත්ම අමිත ශාරීරික හා මානසික තත්ත්වය ඉතා මත් පහලට ඇදවැටීමත් සමග අමාරුවෙන් ගොඩනගා ගත් ව්‍යාපාරය ද කෙමෙන් පහතට වැටෙන්නට පටන් ගත්තේ ය . ව්‍යාපාරය පහල වැටීම නිසාම ඔහුට දැන් නින්ද යන්නේ ම නැත .

" මට අවුරුදු 10 කින් වත හරියට නින්ද ගියේ නැහැ . මට හරිම වෙහෙසක් දැනෙනවා. අමාරුවෙන් ගොඩනගා ගත් මගේ ව්‍යාපාරය දැන් තියෙන්නේ පහලම අඩියේ මේ වා මතක් වෙද්දී මගේ පපුවේ කැක්කුමයි. පාන්දර ට මගේ ඔලුව තදින්ම රත්වීගෙන එනවා . සමහර දවස් වල ඒ වෙලාවෙම නානවා "

මේ අමිත ගේ කතාවයි. ඒ වනවිට අමිත හෘද රෝගියකු බවට පත්වී හමාරයි .අමිත ට නින්ද නොයෑමේ තත්ත්වය ඇතිවූයේ ව්‍යාපාරය පිලිබඳ අධි අපේක්ෂාව නිසා ය .

මිනිසා ස්වභාදහමේ චක්‍රයට අනුගතව ජීවිත් විය යුතුය . ඒ නිසා දිනකට අඩුම ගනනේ පැය 5 ක් වත් නිදාගත යුතුය . එසේ නොවුවහොත් මොලයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුවන්නේ නැත . එවිට තමා සතු සියලුම දේ රැක ගැනිමට අපහසුය ය. මෙනිසාම ස්වභාදහ විසින් මිනිසාට දී ඇති කාලය තුළ නිදාගන්නේ නම් ජීවිතය ඵලදායි ලෙස ගත කළ හැකිය .

දිනපතා රාත්‍රි කාලයේ පැය පහකට අඩු කාලයක් නිදා ගැනීම තුලින් හෘදයාබාධ , පිලිකා ආදී රෝග තත්ත්වයන් ඇතිවන බවට පරීක්ෂණ වලින් හෙලිදරව් වේ . අඩු නින්ද ආයුෂ අඩුවීමට හේතුවන බවට පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

රාත්‍රි නින්ද අඩුවෙන් ගතකර ජීවිතයේ සාර්ථක වුනා කියන ව්‍යාපාරකයින් ලෝක නායකයින් පුරසාරම් දෙඩුවත්, සැබැවින්ම එවැනි කෙටි නින්දකින් මිනිසෙකුට සෑහීමකට පත් විය නොහැකිය . අඩු නින්දක් ලැබීම තුලින් මානසික සෞඛ්‍යය තත්ත්වයද පහල වැටෙනු ඇත .

අද තරුණ තරුණියන්ගේ ප්‍රේමය සබදතා නිසා ස්මාට් දුරකතන සමග රාත්‍රි කාලය ගත කිරීම නිසාද බොහෝ පිරිසකට නින්ද අහිමි වී ඇත . ජoගම දුරකතන, පරිගණක ,වැනි උපාoගවල තිර මගින් නික්මෙන විද්‍යුත් නිල් එළියට මොළය වඩාත් වැඩි වේලාවක් අවදිව තබාගත හැකිය . එනිසාම එම උපකරණ ‍රාත්‍රී කාලේ භාවිත කරන පුද්ගලයන් හට නින්ද අඩුවේ. නින්දට යාමට පැයකට පමණ පෙර මෙම උපකාරක නිවා දැමිය යුතුය .

දෛනික කාලසටහනකට අනුව පැය 7/8 අතර නින්දක් ලැබීමට වග බලාගත යුතුය . එනම් දිනපතා එකම වේලාවකට නින්දට යාම සහ අවදිවීමට උත්සාහ ගත යුතුය . නින්ද නොයෑම නිසා ඔබ බෙහෙවින් ම විඩාබරය. එම විඩාබර නිසාම රාජකාරි ස්ථාන වල ද බොහෝ ගැටලු පැන නැගෙනු ඇත .

නින්ද නොයෑමේ තත්ත්වයට ප්‍රතිකාර තිබේ. මනෝ ප්‍රතිකාර මෙන්න ඖෂධ ප්‍රතිකාරය ද කළ හැකිය . මේ තුලින් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත .......

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක

හමුවීම් ...
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
0774071401

Address

Gampaha
COUNSELING

Telephone

+94774071401

Website

Alerts

Be the first to know and let us send you an email when J Shanthi Kumari Jayaneththi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to J Shanthi Kumari Jayaneththi:

Share