J Shanthi Kumari Jayaneththi

J Shanthi Kumari Jayaneththi Psychotherapist, Senior Psychological Counsellor - Nawaloka Hospital Colombo Negombo Gampaha
Contact - 0774071401

27/01/2025
ආදරණීය දෙමාපියනි ,💯 නොමිලේ පැවැත්වෙන මනොවිද්‍යා උපදේශන වැඩසටහන. මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජ...
03/12/2024

ආදරණීය දෙමාපියනි ,

💯 නොමිලේ පැවැත්වෙන මනොවිද්‍යා උපදේශන වැඩසටහන.

මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජාල ඇබ්බැහියෙන් වලක්වාගෙන , ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට , වාර විභහගය ඉලක්ක කරගත් අවශ්‍ය උපදෙස් වගේම , උපදේශනාත්මක මග පෙන්වීම ලබාදීමට අපි සූදානම්.

නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන සදහා, සම්බන්ධ වීමට
පහත Whatapp සමූහය සමග එක්වන්න.

https://chat.whatsapp.com/G4twIuegUnI2BwVtXnHcmF

ඔබ ලෝකයෙ කුමන රටක සිටියත්, ඔබට අප සමඟ සම්බන්ධ විය හැකිය.

*• දෙසැම්බර් 05 වන බ්‍රහස්පතින්දා.*

*• ප.ව : 8.30*

ඔබෙ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවන්ද වැඩසටහන අතරතුර හිමිවේ.

මෙහෙයවීම : සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක , (ගම්පහ , මීගමුව , කොළඹ ) නවලෝක රෝහල්වල විශේෂඥය සේවයේ නියුතු , *ශාන්ති කුමාරී ජයනෙත්ති* තුමිය.

මෙම වටිනා අවස්ථාවෙන් ඔබත් ප්‍රයෝජන අත්කරගන්න.

📞 විමසීම් : 0774071401 / 0718026277

ආදරණීය දෙමාපියනි ,දිගු නිවාඩුවක්, මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජාල ඇබ්බැහියෙන් වලක්වාගෙන , ඔවු...
28/11/2024

ආදරණීය දෙමාපියනි ,

දිගු නිවාඩුවක්, මේ නිවාඩුවේ ඔබේ දරුවා ජංගම දුරකථන වලින් හා සමාජ මාධ්‍ය ජාල ඇබ්බැහියෙන් වලක්වාගෙන , ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට

වාර විභහගය ඉලක්ක කරගත් අවශ්‍ය උපදෙස් වගේම ,

ඔබේ දරුවා යම් ගැටලුවකින් පීඩා විඳින්නේනම් එයට අවශ්‍ය උපදේශනාත්මක මග පෙන්වීම ලබාදීමට අපි සූදානම්.

ඔබේ ගැටලුව අපගේ වට්සැප් (Whatsapp) සමූහය වෙත යොමු කරන්න.
මෙම දිනයේදී අප ඔබගේ පෞද්ගලිකත්වය රකිමින් ඔබගේ ගැටලුවට විසඳුම් මගක් යෝජනා කරන්නෙමු.

එන්න අපහා එක් වන්න.

🛑 අපගේ වට්සැප්(Whatsapp) සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/G4twIuegUnI2BwVtXnHcmF

🛑 මෙම වැඩසටහනට සම්බන්ධ වීම සඳහා අයකිරිම රු.1000 යි.

මුදලක් අපගේ ගිණුමට බැර කර එම රිසිට් පත අපට වට්සැප් කිරීමෙන් පසු ලබාදෙන ලින්ක් එක නැතිනම් අංකය භාවිතයෙන් ඔබට Zoom ඔස්සේ අප හා සම්බන්ධ විය හැක.

📞 වැඩි විස්තර සඳහා අමතන්න.

• 0774071401

💯 මගනොහැර ඔබත් එන්න මෙම වටිනා අවස්ථාව ඔබ සඳහායි.

🛑 ලොව පිළිගත් මනෝ විද්‍යාව උපදේශකයකු ලෙස ජීවිතය දිනන්න.එන්න අපහා එක්වන්න. 🤝ඔබ උසස් පෙළ අවසන් සිසුවෙක්ද? මනෝ විද්‍යාව උපද...
27/11/2024

🛑 ලොව පිළිගත් මනෝ විද්‍යාව උපදේශකයකු ලෙස ජීවිතය දිනන්න.
එන්න අපහා එක්වන්න. 🤝

ඔබ උසස් පෙළ අවසන් සිසුවෙක්ද? මනෝ විද්‍යාව උපදේශකවරියකු වීමට ඔබත් කැමතිද?

" සායනික පුහුණුව සමඟින් දිවයිනේ විශිෂ්ටතම ආචාර්ය මණ්ඩලයක් සමඟ රසවත් ලෙස ජීවිතේ ජය ගන්නට එන්න අප හා එක්වන්න. "

• මනෝවිද්‍යා උපදේශකවරයකු වීමට කැමති ඕනෑම අය සඳහ

• පෙර පාසල් ගුරුවරුන්

• ගෘහණියන්

• රජයේ හෝ පෞද්ගලික පාසල් ගුරුවරු

• වෙනත් රැකියා සඳහා නියුතුවූවන්

පහත වට්සප් ලින්ක් එකෙන් සමූහය හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FOArtX774av5Lx7bG5hesZ

ඔබ ලෝකයේ කුමන රටක හිටියත් ,zoom තාක්ෂණ ඔස්සේ ඔබටත් සම්බන්ධ විය හැකිය.

විමසීම් : 0774071401

16/05/2024

නින්ද සෑම මනුස්සයෙකුටම අත්‍යවශ්‍යය . ජිවිත කාලයෙන් 25% පමණ ගත වන්නේ නින්දෙන් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත . නින්ද අවශ්‍ය ප්‍රමාණය එක් එක් පුද්ගලයාට වෙනස් වෙයි . දරුවන් ට නින්ද වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර වැඩිහිටියන්හට අඩු නින්දක් අවශ්‍ය වන්නේ ය .

නින්ද ජීවිතයේ අත්‍යාවශ්‍ය අoගයකි . ලොකු කුඩා ඕනෑම කෙනෙකුට යම් යම් හේතු නිසා නින්ද නොලැබී යා හැකිය . නින්ද නොලැබීමට හේතු වන්නේ පුද්ගලයන් තුළ ඇතිවන කායික හෝ මානසික හේතුවක් නිසාවෙනි. සුව නින්දක් නොලැබුණ හොත් ඔහු කායිකව හා මානසිකව රෝගියෙක් බවට පත් වීමට පුළුවන එවිට ප්‍රතිකාර ලබා ගත යුතුය .

නින්ද නොයෑම හේතුවෙන් පීඩනයට පත් මනෝ ප්‍රතිකාර සදහා මා හමුවට පැමිණි පුද්ගලායකුගේ කතාවක් මෙසේ සටහන් තබමි. ඔහු. අමිත ලෙස හදුන්වමි . අමිත ව්‍යාපරිකයෙකි . ඔහු කෙටි කලකින් ඔහුගේ ව්‍යාපාරය දියුණු කරගත් අයෙකි.මොහුට තව තවත් දියුණුව අපේක්ෂාවෙන් රාත්‍රි නිදි මරමින් ඒ සදහා වෙහෙස මහන්සි විය . මොහු කුඩා කාලයේ අසන ලද එක්තරා කතන්දරයක් නිසා ඒ අනුව යමින් ජීවිතය දින්නට උත්සාහය ගත්තේ ය . කතන්දරයේ ව්‍යාපරිකයා දිනකට පය තුනක් පමනක් නිදාගෙන ඇත . අමිත ද කතන්දරයේ ව්‍යාපරිකයා අනුව යමින් නින්ද අඩුකරමින් ව්‍යාපාරය දියුණු කරගත්තේය .

වසර තුන හතරක සිට අමිත නිදාගන්නේ පැය තුනකි. ටික කලක් ගතවත්ම අමිත ගේ ව්‍යාපාරය දියුණු වනවා සේම අමිත කායිකව හා මානසික පිරිහීමට පටන් ගත්තේ ය . වෙනදා මෙන් නොව, අමිතට නිතරම කේන්ති එයි. පැය තුනක් නිදාගත් අමිතට නින්ද යාම බෙහෙවින් අඩුය . සියලුම වැඩ නිමවා නිදාගැනීමට පැමිනෙන අමිත ඇදේ ඒ මේ අත පෙරලි පෙරලී සිටියි. බොහෝ වේලාවක් ගිය පසු එලිය වැටීගෙන එන මොහොතේ පැයක් හෝ පැය බාගයක කාලයක් පමනක් නින්ද යයි. මෙසේ කල් ගතවත්ම අමිත ශාරීරික හා මානසික තත්ත්වය ඉතා මත් පහලට ඇදවැටීමත් සමග අමාරුවෙන් ගොඩනගා ගත් ව්‍යාපාරය ද කෙමෙන් පහතට වැටෙන්නට පටන් ගත්තේ ය . ව්‍යාපාරය පහල වැටීම නිසාම ඔහුට දැන් නින්ද යන්නේ ම නැත .

" මට අවුරුදු 10 කින් වත හරියට නින්ද ගියේ නැහැ . මට හරිම වෙහෙසක් දැනෙනවා. අමාරුවෙන් ගොඩනගා ගත් මගේ ව්‍යාපාරය දැන් තියෙන්නේ පහලම අඩියේ මේ වා මතක් වෙද්දී මගේ පපුවේ කැක්කුමයි. පාන්දර ට මගේ ඔලුව තදින්ම රත්වීගෙන එනවා . සමහර දවස් වල ඒ වෙලාවෙම නානවා "

මේ අමිත ගේ කතාවයි. ඒ වනවිට අමිත හෘද රෝගියකු බවට පත්වී හමාරයි .අමිත ට නින්ද නොයෑමේ තත්ත්වය ඇතිවූයේ ව්‍යාපාරය පිලිබඳ අධි අපේක්ෂාව නිසා ය .

මිනිසා ස්වභාදහමේ චක්‍රයට අනුගතව ජීවිත් විය යුතුය . ඒ නිසා දිනකට අඩුම ගනනේ පැය 5 ක් වත් නිදාගත යුතුය . එසේ නොවුවහොත් මොලයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුවන්නේ නැත . එවිට තමා සතු සියලුම දේ රැක ගැනිමට අපහසුය ය. මෙනිසාම ස්වභාදහ විසින් මිනිසාට දී ඇති කාලය තුළ නිදාගන්නේ නම් ජීවිතය ඵලදායි ලෙස ගත කළ හැකිය .

දිනපතා රාත්‍රි කාලයේ පැය පහකට අඩු කාලයක් නිදා ගැනීම තුලින් හෘදයාබාධ , පිලිකා ආදී රෝග තත්ත්වයන් ඇතිවන බවට පරීක්ෂණ වලින් හෙලිදරව් වේ . අඩු නින්ද ආයුෂ අඩුවීමට හේතුවන බවට පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

රාත්‍රි නින්ද අඩුවෙන් ගතකර ජීවිතයේ සාර්ථක වුනා කියන ව්‍යාපාරකයින් ලෝක නායකයින් පුරසාරම් දෙඩුවත්, සැබැවින්ම එවැනි කෙටි නින්දකින් මිනිසෙකුට සෑහීමකට පත් විය නොහැකිය . අඩු නින්දක් ලැබීම තුලින් මානසික සෞඛ්‍යය තත්ත්වයද පහල වැටෙනු ඇත .

අද තරුණ තරුණියන්ගේ ප්‍රේමය සබදතා නිසා ස්මාට් දුරකතන සමග රාත්‍රි කාලය ගත කිරීම නිසාද බොහෝ පිරිසකට නින්ද අහිමි වී ඇත . ජoගම දුරකතන, පරිගණක ,වැනි උපාoගවල තිර මගින් නික්මෙන විද්‍යුත් නිල් එළියට මොළය වඩාත් වැඩි වේලාවක් අවදිව තබාගත හැකිය . එනිසාම එම උපකරණ ‍රාත්‍රී කාලේ භාවිත කරන පුද්ගලයන් හට නින්ද අඩුවේ. නින්දට යාමට පැයකට පමණ පෙර මෙම උපකාරක නිවා දැමිය යුතුය .

දෛනික කාලසටහනකට අනුව පැය 7/8 අතර නින්දක් ලැබීමට වග බලාගත යුතුය . එනම් දිනපතා එකම වේලාවකට නින්දට යාම සහ අවදිවීමට උත්සාහ ගත යුතුය . නින්ද නොයෑම නිසා ඔබ බෙහෙවින් ම විඩාබරය. එම විඩාබර නිසාම රාජකාරි ස්ථාන වල ද බොහෝ ගැටලු පැන නැගෙනු ඇත .

නින්ද නොයෑමේ තත්ත්වයට ප්‍රතිකාර තිබේ. මනෝ ප්‍රතිකාර මෙන්න ඖෂධ ප්‍රතිකාරය ද කළ හැකිය . මේ තුලින් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත .......

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක

හමුවීම් ...
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
0774071401

16/05/2024

"අනේ මගේ දරුවා ගොඩක් වෙලා බාත්රූම් එකේ ඉන්නවා සමහර වෙලාවට පැය එකහමාරක් දෙකක් විතර , ඒ වගේම නිතර නිතර අත් හෝදනවා. සමහර වෙලාවට විනාඩි විස්සක් විතර යනවා. ඉන්නේ නිතරම කේන්තියෙන් . හැම දෙයක්ම පිළිවෙළට පිරිසිදුවට ඕනෑ . මේ පිරිසිදු වැඩිකම හින්දා එයාට කිසිම දෙයක් වෙලාවට කරගන්න බැහැ . "

මේ මගේ සේවය පතා දරුවකු සමග පැමිණි මවකගේ කතාවයි. එම දරුවා පැතුම් ලෙස හදුන්වමි . පැතුම් ඉගෙන ගත්තේ 11 වන පන්තියේ ය. පැතුම් ට මේ තත්ත්වය ඇතිවී බොහෝ කාලයකි. එහෙත් දැන් මේ තත්ත්වය එන්න එන්න ම වැඩිය. පැතුම් ගේ මව හිතුවෙ පැතුම් ට වැලදී ඇත්තේ බඩේ අමාරුවක් බවයි එමනිසා ඔහු වැඩි වේලාවක් නාන කාමරයේ රැදෙන බවත් වැසිකිළි යාම නිසා මෙසේ නිතරම අත පිරිසිදුවට තබන බවත් ය. පැතුම් ගේ මව බඩේ අමාරුව සදහා ලoකාවේ සිටින ඉහළ පෙලේ වෛද්‍යවරුන් සොයා ගියාය. එහෙත් පැතුම් ගේ බඩේ කිසිම ලෙඩක් නොතිබිණි . අවසානයේ ඇය මා සොයා පැමිණියේ මනෝ ප්‍රතිකාර සදහා ය .

පැතුම් ගේ කතාව මෙසේය . පැතුම් උදේ හතරට පමණ අවදි වී නාන කාමරයට යයි ඔහු එයින් එලියට එන්නේ පැය දෙකකට විතර පසුවය. නාන කාමරයේ කරාම අල්ලන්නේ ටිශූ කඩදාසි භාවිතයෙනි. ගෙදර බොහෝ බඩු භාන්ඩ අල්ලන්නේ ටිශූ කඩදාසිවලිනි. ගෙදර සිටින බල්ලාවත් පූසාවත් කිසිවිටෙකත් අල්ලන්නේ නැත . කුමන දෙයක් අත ගෑවුණත් ඒ සැනින්ම ගොස් සබන් යොදා බොහො වේලාවක් අත් සෝදයි. පැතුම් කරන සෑම වැඩේම පිළිවෙළට ම සිදුකරයි. ඒ පිළිවෙළ නිතර නිතර කරයි මේසය පිරිසිදු කිරීම එක්වරක් කලාට මදි එය නැවතත් පිරිසිදු කරයි. නිතරම ඉන්නේ කේන්තියෙන් . පාසල් වැඩ කරනවා ට වඩා පැතුම් කලේ පොත් පත් පිළිවෙළට පිරිසිදුවට තැබීමයි. පැතුම් ගේ කාමරයට කිසිම පිටස්තර කෙනෙක් ඇතුල්වනවාට ඔහු කැමති නැත . එසේ පැමිණියේ නම් කොට්ටා මෙට්ටා අව්වේ දමා ඇද ඇතිරිලි සෝදයි .

ඔබේ දරුවාත් වැඩිහියාත් මෙසේ විය හැකිය . මෙය සාමාන්‍ය තත්ත්වයක නොව OCD නම් මානසික තත්ත්වයයි. මේ සදහා ප්‍රතිකාර නොකර සිටියහොත් මේ තත්ත්වය උග්‍ර අතට පත් වුවහොත් ඔහුගේ කටයුතු අකර්මණ්‍ය වී සියදිවි නසා ගැනීමට පවා සිත් වෙයි. සමාජයේ මෙවැනි මානසික තත්ත්වය ඇති අය සියට පහලොවක් පමන ඇති බව පරීක්ෂණ වලින් හෙලිවේ. මෙම රෝගය පිට අයට පෙනෙන්නේ නැත . මෙම රෝග තත්ත්වය තිබුනද ඔහුට සාමාන්‍ය විදිහට ජීවිත් විය හැකිය .

මානසික රෝග ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් පෙන්වා දීමට පුළුවන. භයානක මානසික රෝග හා භයානක නොවන මානසික රෝග වශයෙනි. OCD භයානක නොවන මානසික රෝග කාන්ඩයට අයත් වෙයි. බොහෝ දේ නිතර නිතර කරන්නේ ඔහුට එන සිතුවිල්ලක් නිසාය. මෙය කරන්නේ කැමැත්තකින් නොවේ .. නැවත නැවත කරන්නේ සිතේ ඇතිවන සිතුවිල්ල නිසාය. එම සිතුවිල පාලනය කරගත නොහැකි සිතුවිල්ලකි. එනිසාම එය නැවත නැවතත් කරයි. එනිසාම එය රෝගයක් බවට පත්වෙයි . මෙය Obsessive Compulsive Disorder හෙවත් ග්‍රස්ථිය ක්ලමථඅක්‍රමිකතාව ලෙස මෙම රෝග තත්ත්වය හදුන්වයි.

පිළිවෙළට පිරිසිදුවට සිටීම ජීවිතයේ අoගයකි. එහෙත් මෙසේ එන වැඩට නැති සිතුවිල්ලක් නිසා රෝග තත්ත්වයක් බවට පත් වෙයි. තමුන් පිරිසිදු නැත යන සිතුවිල්ල සිතට එයි එවිට පිරිසිදු වෙයි. නැවතත් එම සිතුවිල්ලම එයි එවිටද පිරිසිදු වෙයි. මෙය වැඩකට නැති සිතුවිල්ලක් බවට වැටහුනත් , නැවත නැවතත් එන සිතුවිල්ල බලවත් වෙයි. එමනිසා ම ආයෙමත් එසේම කරයි.

එදිනෙදා කරන වැඩ කටයුතුවලටද එසේම ය. කරන ලද කාර්යය පිළිවෙළ මදි කියා නිතර නිතර සිතුවිලි එයි එනිසාම එය නැවත නැවත පිළිවෙළට පිරිසිදුවට කරයි.

මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම් නිතරම තරහ යාමයි. ආවේගශීලි වීමත් මෙහි ප්‍රධාන ලක්ෂණයයි.එයට හේතුව වන්නේ සෑමවිටම පිළිවෙළ අවශ්‍ය වීම නිසාය .එය තදින්ම බලපායි. මෙවැනි රෝගය ලක්ෂණ ඇති අය නිදා ගැනිමට යාමේදී දොර වසා ඇත්දැයි කියලා නිතරම බලයි එක්වරක් දොර පරික්ශාකර බලා පැමිණ නැවතත් පරික්ශාකර බැලීමට සිතුවිල්ලක් එයි. එසේ කිහිප වරක් කරනු ලබයි .මෙම රෝගය බරපතල වුවහොත් විශාදය දක්වා බරපතල විය හැකිය .

බොහෝ දෙනෙක් මෙය රෝගයක් බව දන්නේ නැත . මෙනිසා බොහෝ ප්‍රශ්න ඇතිවේ.

* පවුල් ප්‍රශ්න
* රැකියා ප්‍රශ්න

ජානමය සාධක මතද මේ රෝගය ඇතිවේ. මේ රෝගය සදහා ප්‍රතිකාර තිබේ . අධිසoවේදී පුද්ගලයකු නම් ප්‍රතිකාර කිරීමට බොහෝ කාලයක් ගත වෙයි. අඩුම වශයෙන් වසරක් පමණ ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය සුව කරගත හැකිය .

මෙය මනෝ උපදේශක වරයෙකු හෝ මනෝ චිකිත්සක වරයෙකු මගින් සුව කරගත හැකිය .

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක

හමුවීම් ..
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව

0774071401

16/05/2024

"ගෙදර ගොඩක් කරදර මැඩම්. මහත්තයා රට මට ඉන්නේ දරුවො තුනදෙනයි. ලොකු පුතා ට අවුරුදු 16 යි එයාගෙන් කිසිම කරදරයක් නැහැ . බාලයා දුව දුවට වයස අවුරුදු 3 යි. එයත් එච්චර වදයක් නැහැ . මද්දුමයට අටයි. එයා හින්දා මට මේ සේරම අවුල් වෙලා. ඊයේ වප්පිහිය අරගෙන කුස්සියේ දොරට කොටලා ලොටලා හැමතැනම කෑලි ගැල වෙනවා. එයාට තරහා ගියාම අපි කවුරුත් ළගට යන්නේ නැහැ . අහු වෙච්චි එකෙන් ගහනවා. එක හොඳක් තියෙන්නේ පොඩි එක්කෙනාට ගහන්නේ නැහැ . එයත් මෙයාගේ දඟේ හින්දාද මන්දා එයාටත් හරියට තරහා යනවා. අල්ලපු ගෙදර ඉන්නේ මහත්තයා ගේ අම්මයි තාත්තා යි. එයාලත් එච්චර හිත හොඳ නැහැ . මද්දුමයා හින්දා . ඉස්කෝලේ වැඩ කරන්නෙම නැහැ . ඉස්කෝලේ යන්න කැමතිත් නැහැ . ඉස්කෝලෙනුත් මෙයාට පැමිණිලි. මහත්තයා ත් කොච්චරවත් කතා කරලා ළමයාට අවවාද දෙනවා. ඒ ඔක්කොම අහගෙන ඉඳලා අය්යෙමත් එහෙම තමයි . මට මේ හින්දා ජීවිතය එපා වෙලා මටත් අහුවෙච්චි එකෙන් ගහනවා. බයයි මට මොනවා හරි වුනොත් දරුවන්ට මොනවා වෙයිද කියලා . තියන ලොකුම බය මෙයා ලොකු ළමයා එක්ක පැටලෙන්න යනවා. ලොකු ළමයා මෙයාට ගහනවා. පෙරේදා ලොකු ළමයා ගහලා මෙයාගේ නහයෙන් ලේත් ආවා. කොහේ වැදුනාද දන්නේ නැහැ . මටත් මේ හින්දා ම දැන් ආදරයක් හිතෙන්නේ නැහැ . ඔහේ ඕනෑ දෙයක් කියලා මම හිටියා. සමහරු කියනවා පරිවාසේ දාන්න කියලා . තවත් අය කියනවා බෝඩින් ඉස්කෝලෙකට දාන්න කියලා . මටත් තේරෙන්නේ නැහැ මොකක්ද කරන්නේ කියාලා. ගෙදර ඉඳගන්න පුටුවක් නැහැ . පුටු පොලොවේ ගහලා කඩලා. ඒ වෙලාවට ලොකු හයියක් එනවා. ජනේල් සේරගේම වීදුරු බ්ඳලා. රෑ දෙගොඩ හරියක් වෙනකල් ඇහැරලා. ගෙදර උයන්න ඕනෑ එයා කන දේවල් විතරයි . එලවලුව්ක් කන්නේ නැහැ . අලයි පරිප්පුයි සෝයායි සම්බෝලයි කන්නේ. එලවලු ගෙනාවොත් විසි කරනවා. ඉතින් මේවා තමයි ගෙදර උයන්නේ. මටත් මේවා කාලා සීනි වැඩි වෙලා. මේ කරදරෙන් බේරෙන්නේ කොහොමද කියලා හිතද්දි තමයි අපෙ අම්මා පත්තරේ මැඩම්ගේ ලිපියක් දැක්කේ"

මේ මගේ සේවාව පතා නවලෝක රෝහලේ උපදේශන සායනයට පැමිණි මවකගේ අඳෝනාවකි. .මේ ශරුවා දෙනෙත් ලෙස හඳුන්වමි. ...

" හරිම ලස්සනයි නේ...ඉතින් කොහොමද දෙනෙත් ..."

තොර තෝන්චියක් නැතුව කතා කරන කොලු ගැටයා ඒ කතා බහේ ඇට්ටර ගති බොහොමයි. ඒත් ආදරයට නම් කොල්ලා පැලෙන්න ආදරෙයි .

"ඉතින් කියන්නකො පුතා කවුද ලොකු වෙලා වෙන්න කැමති"

" මම ඉතින් කොහොමත් වෙන්නේ පොලිසියේ මහ ලොකුම ලොකු අන්කල් කෙනෙක් අර පොලිස් ජිප් එකේ ඉස්සරා ඉඳගෙන යන කෙනෙක්...ඔයා දන්නවා ඇයි මම පොලිසියට යන්නේ කියලා . මට මේ සේරම වුන් දාන්න ඕනෑ හිරේ. මම ඉස්සර වෙලාම හිරේ දාන්නේ අපේ කලු සීයා. මට පේන්න බැහැ ඒ නපුරා කොචරවත් කියනවා . අපේ අම්මාට මූට ගහපන් ගහපන් කියලා . ආයේ කලුවා කියලා මගේ අත් කකුල් බැඳලා දිමිගොටු දාලා කහඹිලියා කෝට්ටෙන් ගහන්නලු. මම ගහනවා වෙලාව්ක කලුවාට. මම මේ ටිකක් ඉන්නේ තාත්තා කිව්වා සීයාට කරදරයක් කළොත් මට ගේන්න ඉන්න ප්ලේන් එක ගේන්නේ නැහැ කියලා . නැත්තන් බලන්න තිබුනා දිමි ගොටු කාටද කියලා . අම්මයි නංගියි ගෙනියන්නේ නැහැ . අයියත් හිතලා බලන්න ඕනෑ . ඉස්කෝලේ වද කාරයෝනම් ඔක්කොම හිරේ දානවා. මම ඉස්කෝලේට යන්නේ යුධ ටැංකියේ ඔක්කෝටම මම පෙන්නනවා මගේ බලය..."

දරුවා ඉන්නේ මේ සමාජය සමගම තරහෙන් වෛරයෙන්...දෙනෙත්ට ඇයි මෙහෙම වුනේ. දෙනෙත් ගේ හැසිරීමට මුලු සමාජයම දෙනෙත්ට දොස් කියනවා. මම දෙනෙත්ගේ පන්තිභාර ගුරුතුමිය සම්බන්ධ කරගත්තා දුරකථනයෙන් ..

" මේ පන්තියේ අනික් දරුවෝ හතලිහත් හරි දෙනෙතුත් හරි. මට ඇතිවෙලා මැඩම් මේ ළමයා. ඉස්කෝලේ එන්නෙත් නැහැ . වැඩ කරන්නෙත් නැහැ . ආපු දවසට පුදුම වදයක් තියෙන්නේ . එයා වැඩ කරන්නෙත් නැහැ . අනික් අයට වැඩක් කරන්න දෙන්නෙත් නැහැ . ගැහුවට වැඩකුත් නැහැ . ලොකු සර්ට කියලා ගස්සවනවා වෙලාව්කට ඒකටනම් ටිකක් බයයි. ඊට පස්සේ දවස් තුනහතරක් ඉස්කෝලේ එන්නේ නැහැ . මේ ළමයාගේ අම්මාට කිව්වාම අම්මත් ළමයාගේ වැරදිම කියනවා. ඉතින් මටත් එපා වෙලා. මට මේ දරුවාගේ විස්තර දාලා ලිවුමක් දෙන්න මැඩම් කලාපෙට පෙන්නන්න. මමත් අලුත් උපාධි පත්වීමක්. මට ප්‍රයිමරි කිරිල්ල එපා වුනා. මේ දරුවා නිසා."

පන්ති භාර ගුරුතුමිය කියන්නේ මෙහෙමයි. කාගේද වරද කවුද හරි , මොකක්ද හරි, දෙනෙත්ගේ ප්‍රශනය ගොඩ නැගෙන්න පාසලත් වග කියන්න ඕනෑ . ගුරුතුමිය අලුත් සේවයට ආපු කෙනෙක් එයාට අත්දැකීම් අඩුයි . ගුරුවරයෙක් පරිපූර්ණ වෙන්න නම් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව , අධ්‍යාපන වේදී උපාධිය , එහෙම නැම් විද්‍යාපීඨ ගුරු පත්වීමක් වෙන්න ඕනෑ . ගුරුවරයා දරුවාගේ වරදි කියනවා නම් ඔහු හොඳ ගුරුවරයෙකු නොවේ. දරුවා වෙනස් කරන්න හොඳ ග්ුරුවරයෙකුට පුළුවන් .

දෙනෙත්ට ඇයි මෙහෙම වුනේ .....පවුලේ තොරතුරු සොයා බැලීමේදී ...දෙනෙත් ලැබෙන්න සිටින කාලෙදී තමයි දෙනෙත් ගේ පියාගේ රැකියාව අහිමි වෙනවා. ගෙදර ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. දෙනෙත් ලැබෙන්න ඉද්දි දෙනෙත්ගේ මවට හරියට කෑමක්වත් තිබුනේ නැහැ . මෙහෙම දුක්බර කාලයකට පස්සේ දෙනෙත්ගේ පියා රට යන්නේ දෙනෙත්ට යන්තම් වයස අවුරුදු දෙකක් පමණ වෙද්දී . මුල් ළමා වියේදී දෙනෙත් බොහොම දුක් විදිනවා. විද්‍යාඥයන් මුල් ළමාවිය ලෙස හඳුන්වන්නේ මව කුසේ සිට පළමු අවුරුදු පහ ඒ කාලයේදී තමයි දරුවකුගේ බුද්ධි සංවර්ධන සිදුවන්නේ . දෙනෙත්ද මේ කාලය තුළ අපමණ දුක් ගැහැට වලට මුහුණ දෙනවා. පවුලේ ආර්ථික ගැටලු නිසාම දෙනෙත්ගේ මවත් පියත් අසතුටින් හා නිතරම රංඩු අඩදබර මේ සියල්ලම දෙනෙත් දකිනවා. ඒ වගේමා ඉතාම කුඩා වයසේදී දෙනෙත් වැඩිහිටියන් ගෙන් බැනුම් අහනවා. පොඩි දෙයටත් ගුටි කනවා. ඉතාම කුඩා අවදියේ දෙනෙත් දඩබ්බර වෙනවා. ඒ අවස්ථාවට දෙනෙත්ට ලැබෙන්නේ ගුටි හා බැනුම්...දෙනෙත් ගේ මේ ලක්ෂණ නිසාම දෙනෙත්ට මවපියන් ඥාතීන් කිසිවෙක් ආදරය කරන්නේ නැහැ . දෙනෙත් සිටින්නේ අසතුටින්...

ආදරණීය දෙමාපියනි, ඔබටත් දෙනෙත්වන් දරුවන් සිටින්නට පුළුවන් . ඇයි දෙනෙත්ට එහෙම වුනේ . අද සමාජයටම දෙනෙත් එපා වෙලා. දෙනෙත් සමාජයටම වෛර කරනවා. දෙනෙත් එහෙම වුනේ වැඩිහිටියන් ගේ අඩුපාඩුකම්, හා නොසැලකිලිමත් බව නිසා..දරුවා ආදරයට ගොඩක් ආදරෙයි . සුන්දර ගුණයහපත් දරුවෙක් තනන්නට නම් . ඔබ දරුවාට අසීමාන්තික ලෙස ආදරය කරන්න ඕනෑ . අසීමාන්තික ලෙස ඇගයීමට ලක්කරන්න ඕනෑ . දරුවා කරන සුලු දෙය පවා ඇගයීම ලක් කිරීම ඉතාමත් වැදගත් .

දෙනෙත් හොඳ දරුවෙක් කරන්න මට වැඩි දවසක් ගියේ නැහැ . දෙනෙත්ට මේ සැරේ වාර විභාගයට ලකුණුත් වැඩිවෙලා. දෙනෙත් දැන් ගොඩක් සතුටින් . ...

ඔබටත් මෙවැනි දරුවන් සිටින්නට පුළුවන් එන්න අපේ නවලෝක උපදේශන සායනයට..

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක
නවලෝක රෝහල කොළඹ ,ගම්පහ ,මීගමුව. 0774071401

22/07/2023

Address

Gampaha
COUNSELING

Telephone

+94774071401

Website

Alerts

Be the first to know and let us send you an email when J Shanthi Kumari Jayaneththi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to J Shanthi Kumari Jayaneththi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram