ගම්පහ ආයුර්වේද

  • Home
  • ගම්පහ ආයුර්වේද

ගම්පහ ආයුර්වේද ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට, (කළු පාලම අසල)
ගම්පහ

Tel. 075-8295302 What's app Ayurveda Medical Treatment Center

Are you ready to embark on a holistic healing journey? At Ayurveda Medical Center, we combine centuries-old Panchakarma ...
11/08/2025

Are you ready to embark on a holistic healing journey? At Ayurveda Medical Center, we combine centuries-old Panchakarma therapies with precision acupuncture to cleanse your body, calm your mind, and ignite your natural vitality.

---

✨ Our Signature Treatments

- Panchakarma Detox Programs
Vamana (therapeutic emesis), Virechana (purgation), Basti (medicated enemas), Nasya (nasal therapy), Raktamokshana (bloodletting)

- Acupuncture Sessions
Targeted needle therapy to balance energy flow, reduce pain, and boost immunity

- Personalized Consultations
In-depth assessment by Dr. Kelum Weerasinghe to tailor treatments for your unique constitution

---

🩺 Additional Specialized Treatments

- Pain Management
Ayurvedic herbal massages, targeted acupuncture, and therapeutic oils to relieve chronic and acute pain

- Obesity Management
Customized diet plans, herbal supplements, and Panchakarma protocols to support healthy weight loss

- Skin Disease Therapies
Treatment for acne, eczema, psoriasis, and fungal infections using medicated pastes, oils, and rejuvenating steam therapies

- Fracture Rehabilitation
Bone-setting techniques, herbal poultices, and acupuncture to accelerate recovery and restore mobility

📍 Visit & Book

No 16, Oruthota Road, Gampaha (near Jogging Lane)
📞 075 829 5402
🕗 Mon–Sat | 5 PM–10 PM

Reserve your spot today and step into a life of balance, clarity, and vibrant health! Tel: 075 829 5302

---

Ayurveda

05/08/2025

සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය

ගම්පහ ආයුර්වේද
පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර, ගම්පහ
Tel -075-8295302
www.ayurvedagampaha.ga

--------------------------------------------------------------------------------
සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බවට විස්වාසයක පවතින අතර මෙය යම්කිසි විශ ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් ඇතිවන බලපෑමක් ලෙසද ගත හැක. මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ සෛල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක්රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය, ශරීරයේ හෝමෝන වල වෙනස්කම් වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයා ගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප්‍රතිකාර ක්‍රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේ. වා.සිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුවද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. එසේ වුවද රෝගය පැතිරී ඇති ක්ශේත්රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ආරම්භ කලේ නම් සති 2 -3 පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

මෙම රෝගය සදහා සම මත ආලේප කරන බෙහෙත්, ඔෳෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්රතිකාර විවිධ වේ. වර්තමානයේ පයේෂණ මගින් දියුණු කරන ලද ඉන්දියානු ආයුර්වේද ඔෂධ මේ රෝගය සදහා භාවිතා කරයි.

මේවා සියල්ලෙන්ම ශරීයෛ් නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප්රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග, උෂ්ණ ආහාර පාන මේ සදහා නුසුදුසු වේ. ඒවා ප්රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

ඒ අනුව මනා ආයුර්වේද ප්රතිකාර විධි සමග වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ප්‍රතිකාර කළහොත් මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

සුදු කබර (ශ්විත්‍ර) සහ පොතු කබර
දද කුෂ්ඨ ආදී රෝග සදහා
විශේෂ ආයුර්වේද ප්රතිකාර

ගම්පහ ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර, ගම්පහ
Tel -075-8295302

19/07/2025

අකලට හිස කෙස් සුදු වීම වළක්වන ප්‍රතිකාර

ඔරුතොට ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර(කලු පාලම අසල), ගම්පහ | ටෙලි. 075-8295302
Like ගම්පහ ආයුර්වේද

අප වයස් ගත විට කෙස්වල වර්ණය අවප්‍රමාණ වීම ස්වාභාවිකව සිදුවන්නකි. සාමාන්‍යයෙන් මැදි වයස්වෙන විට කෙනකුගේ කෙස් සුදු පැහැවීම ආරම්භ වේ. එහෙත් මේ තත්ත්වය කෙරෙහි බොහෝ සාධක බලපානු ලබයි. විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ (තරුණයන්ටද මෙය මානසික අසහනයට හේතුවක් වේ) කෙස් අකලට සුදු පැහැවීම විවිධාකාරයෙන් බලපායි. විශේෂයෙන්ම අකලට කෙස් සුදුවීම සුන්දරත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතරම මානසික පීඩාකාරී තත්ත්වයකට පත් කිරීමටත් හේතු වේ.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අකලට කෙස් සුදු වීම "පාලින්‍යය" ලෙස දක්වා ඇත.
අපගේ ශරීරයේ ඇති කෙස් සමෙහිම කොටසකි. සමේ පිටතම ස්තරයේ ඇති සෛලවලට සමාන සෛලවලින් කෙස් නිර්මාණය වී ඇත. කෙස් රෝම කූපවල සිට සමෙන් පිටතට වර්ධනය වේ. කෙස්වලට සම්බන්ධ වී ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි මඟින් ස්‍රාවය කරනු ලබන "ස්නේහ" මඟින් කෙස්වලට කාන්තිමත් බවත්, වියළීම වැළැක්වීමත් ලබාදෙයි.

කෙස්වල වර්ධනයට අවශ්‍ය පෝෂණය රුධිර සැපයුම හරහා ලබාදිය යුතු වන අතර බාහිර ආලේපවල එතරම් ප්‍රයෝජනයක් නොමැත.
අකලට කෙස් සුදු වන්නේ ඇයි?
විශේෂයෙන්ම පෝෂණ උෟනතාව හා මානසික අසහනය කාලීන වශයෙන් අකලට කෙස් සුදු වීමට බලපානවා.
දීර්ඝ කාලීනව විටමින් බී යකඩ, තඹ හා අයඩීන් වැනි සංඝටක ආහාර තුළින් නොලැබී යෑම කෙස් සුදු වීමට බලපානවා.
වර්තමාන අති ධාවනකාරී ජීවන රටාව හේතුවෙන් මානසික අසහනය ඇති වෙනවා. මේ තත්ත්වය කොයි කාටත් පොදුයි. විශේෂයෙන්ම තරුණ, තරුණියන්ට පාසල් දරුවන්ට පවා මේ තත්ත්වය එකසේ බලපානවා. හිස දිනපතා පිරිසුදු නොකිරීමද කෙස් සුදුවීමට හේතුවක් වෙනවා.

මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය වන්නේ රෝම කූපවලට නිසි පෝෂණය නොලැබී යෑමෙන් කෙස් ගැලවී යෑම නැතහොත් අකලට සුදු වීමයි.
අද කාලයේ විලාසිතාවකට මෙන් උණුසුම් ජලය නෑමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. මේ නිසා කාලයකට පසුව කෙස් සුදු වීමට පුළුවන්. කෙස් වියළීමට විද්‍යුත් වියළන යන්ත්‍ර භාවිත කිරීම්ද රෝම කූප වියළීමටත් හේතු වෙනවා.
එමෙන්ම සුළු කෙස් ප්‍රමාණයක් සුදු වී ඇති මොහොතක විවිධ රසායනික වර්ණක භාවිතයද ඉතිරි කෙස් කාලයකට පසුව සුදු වීමට හේතු වෙනවා.
තවත් බලපාන හේතු අතර කෝටරක ප්‍රදාහය නිරක්තියත මල බද්ධය, කාලීන ප්‍රතිශ්‍යාව සහ විස රසායනික අඩංගු තෙල් වර්ග භාවිතයද කෙස් සුදු වීමට බලපානවා.

ප්‍රතිකාර
මේ සඳහා ආයුර්වේදයේ විවිධ සාර්ථක ප්‍රතිකාර ක්‍රම දක්වා තිබෙනවා. හිසේ තෙල් ගල්වා සම්බාහනය කිරීම, නස්‍යකර්ම කිරීම සහ රසායන ප්‍රතිකාර විධි අනුගමනය කිරීම ඒ අතුරින් ප්‍රධානයි.
මෙහිදී හේතුවට අනුව ප්‍රතිකාර කිරීම ඉතාම අවශ්‍යයි. හිස කෙස් පිරිසුදු කිරීම දින පතා කළ යුතුය. පෝෂණ උෟනතාන් මඟ හැරීමට සම බල ආහාර නොකඩවා ලබා ගැනීමටද අවශ්‍යයි. මානසික ආතතිය පාලනයටද ක්‍රම විධි අනුගමනය කළ යුතු වේ.
අත් බෙහෙත්

• නෙල්ලි ගෙඩි කෙස් වර්ධනයට යොදන මාහැඟි ඔෟෂධයකි. නෙල්ලි ගෙඩි කැබැලි කර පවනේ වියළා පොල් තෙල් සමඟ රත්කර සාදා ගන්නා තෙල් දිනපතා ගා මසාජ් කිරීමෙන් හිස කෙස් අකලට සුදු වීම පාලනය වේ.
• වියළි නෙල්ලි කැබැලි ජලයේ දමා රැයක් පොඟවා උදෑසන එම ජලයෙන් හිස සේදීමෙන් ක්‍රමානුකූලව කෙස් සුදුවීම සුව වේ.
• සෑම රාත්‍රියකම නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයක් ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර හිස ගල්වා සම්බාහනය කරන්න.
• නැතහොත් නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයකට දෙහි ඇඹුල් බින්දු කිහිපයක් මිශ්‍ර කර හිස ගල්වා මසාජ් කරන්න. මේ මඟින් කෙස්වල පෝෂණය වැඩි වී නව කෙස් කළු පැහැයට පත් වේ.

• කර පිංචා කොළ යුෂ, කොළ කැඳ හෝ සලාද ලෙස ආහාරයට ගැනීම කෙස්වල පෝෂණයට හේතු වේ. කරපිංචා කොළ ඉස්ම මොරු සමඟ මිශ්‍රකර පානය කිරීම කෙස් වර්ධනයට හේතු වේ.
• කරපිංචා කොළ පොල් තෙල්වල බැද පසුව එම කොළ ඉවත් කර ලබාගන්නා තෙල් හිස ගැල්වීමට සුදුසුය. මෙයද කෙස්වලට වටිනා පෝෂණ කාරණයකි.
ආරක්‍ෂාකාරී වර්ණකාරක
හෙනා පත්‍ර පොල් තෙල්වල බැද පසුව එම පත්‍ර ඉවත්කර තෙල් හිසේ ගැල්වීම මඟින් කෙස් කළු පාට වේ. හෙනා පත්‍ර පොල් තෙලින් අඹරා එම කල්කය කෙස්වල ගෑමෙන්ද කෙස් කළු පාට වේ.

අරලු, බුළු, නෙල්ලි, නිල් අවරිය පත්‍ර, ලෝහ අළු හා කීකිරිඳිය සමාන ප්‍රමාණයෙන් ගෙන බැටලු මුත්‍රයෙන් අඹරා කෙස්වල ආලේප කිරීමෙන් කෙස් කළු පැහැ වේ.
හිස කෙස් සුදු වීම වැළැක්වීම සඳහා මෙවැනි ස්වාභාවික විධික්‍රම අනුගමනය කිරීමෙන් වඩාත් සෞඛ්‍යාරක්‍ෂිතව හිස කෙස්වලට ප්‍රතිකාර කළ හැකිය. ඒ මඟින් කෘත්‍රිම රසායනික ආලේප වර්ග, ඩයි වර්ග භාවිතයෙන් ඇති වන අහිත කර තත්ත්ව ඇති නොවන බව ස්ථීර වශයෙන්ම කිව හැකිය.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය

09/07/2025

මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු
-------------------------------------------------------------------------------
ගම්පහ ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර, ගම්පහ
Tel -075-8295302
--------------------------------------------------------------------------------
ධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.
අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.

අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.
තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.

ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.
වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා.
මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.
තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?
තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.

ජීවිතයට තර්ජනයක්
තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා.
ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම
ආහාර – ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

ව්‍යායාම
ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.

ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.
තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.
මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි.
මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

සරල ඔෟෂධ
• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ.
ම¼ද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)
• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.
• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.
• දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

• ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.
• කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.

Herbal Oil treatment & Steam Bath
06/03/2025

Herbal Oil treatment & Steam Bath

02/03/2025

සමට හිතකර කෝමාරිකා

like : ගම්පහ ආයුර්වේද

අප හොඳින් දන්නා ඉතා වටිනා ඖෂධයක් වන කෝමාරිකාවල ඉතිහාසය ඈත අතීතයට දිවයයි. ග්‍රීක ජාතිකයන් විසින් කැපීම් නිසා ඇති වූ තුවාලවලට, හිසරදයට, ආමාශගත රෝගයන්ට සහ මුඛරෝග සඳහා අත්බෙහෙතක් ලෙස භාවිත කළ බවට ඉපැරණි සාක්ෂි හමුවේ.
මෙම පැළෑටියේ ජන්මභූමිය අප්‍රිකාවයි. ඉන්දියාව, පාකිස්තානය වැනි ඝර්ම කලාපීය රටවල හොඳින් වැඩේ. ලංකාවේද තෙත් හා වියළි කලාපවලද, යාපනය වැනි ප්‍රදේශවලද සරු ලෙස වැඩේ. බහු වාර්ෂික ශාකයකි.
අඩි 1-2ක් දක්වා උසට වැඩෙන කෝමාරිකාවල පත්‍ර අඟල් 2ක් 3ක් පළලය. අඩි 1 1/2 පමණ දිගැති පත්‍රවල අභ්‍යන්තරයේ මාංශමය ඕජස් සහිතය. පත්‍ර ලා කොළ පැහැතිය. තැනින් තැන සුදුපාට ලප සහිතය. මුල සිට ක්‍රමයෙන් සිහින් වන පත්‍රවල දෙපස කටු සහිතය. ගස පැරණිවූ විට මැදින් දිගට දණ්ඩක් වැඩී රක්ත වර්ණ මල් හටගනී.
ආයුර්වේද මතානුකූලව කෝමාරිකා රසයෙන් තිත්ත හා මධුර වන අතර ගුණයෙන් ගුරු, ස්නිග්ධ හා පිච්ඡිල වේ. වීර්යයෙන් ශීතය. විපාකයෙන් කටුය. මේ නිසා වාත, පිත්ත, කළු යන දෝෂ සමනය කරන ගුණ ඇත.
නව්‍ය විද්‍යානුකූලව මෙහි රසායනික සංඝටක ලෙස Aloin, Glucosides, Barbaloin සහ Isobarbloin අන්තර්ගත වන අතර කෝමාරිකා ස්වරසෙහි විටමින් C,B 12 සහ E අන්තර්ගතය.
කෝමාරිකා පැළෑටියේ ඖෂධ සඳහා ගන්නේ මදය, ස්වරසය සහ ඝන සාරයයි. මෙහි ස්වරසය ඝන කිරීමෙන් තිත්ත අබිං නිපදවයි. ඖෂධයක් මෙන්ම රසවත් ආහාරයක් ලෙසත් කෝමාරිකා තම්බා සාමාන්‍ය එළවළුවක් ලෙසත් සකස් කරගත හැක.
ඖෂධයක් ලෙස අභ්‍යන්තරිකව සුළු මාත්‍රාවෙන් අග්නිය වර්ධනය වේ. එහෙත් අධික මාත්‍රාව විරේචනයි. රක්ත ශෝධන ගුණ ඇති නිසා සමේ රෝගවලට හා අක්මාවේ රෝග සඳහා හිතකරයි. ප්ලිහා වෘද්ධියේදී කෝමාරිකා ස්වරසයට කහ චූර්ණය දමා බිමට හැකිය. කෝමාරිකා සාරය ආහාර මාර්ගය ආශ්‍රිත තුවාල සහිත රෝග සඳහා යොදාගත හැකිය. මුත්‍රා ප්‍රමාණය වැඩි කරන නිසා මුත්‍රා රෝගවලටද හිතකරය.
ඖෂධීය වශයෙන් වැඩි වටිනාකමක් ඇත්තේ ගර්භාශගත රෝගවලටය. ගර්භාශගත මාංශ පේශී උත්තේජනය කර සංකෝචන ක්‍රියා වර්ධනය කරයි. ගර්භාශගත රක්ත සංවහනය වැඩි කරයි. ආර්තව ජනකවේ. ගර්භස්‍රාවකර ගුණය නිසා ගර්භණී කාන්තාවන් සඳහා සුදුසු නොවේ.
බාහිර වශයෙන් ආ‍ලේප කිරීමෙන් ශෝථය (ඉදිමුම), වේදනාව සමනය කරයි. ව්‍රණ රෝපණ හා දාහය නැති කරයි. එම නිසා පිළිස්සුම් අවස්ථාවලදී භාවිත කළ හැකි මහඟු ඖෂධයකි. අක්ෂි රෝග සඳහා කෝමාරිකා මදය ප්‍රයෝග කරයි. සන්ධිවල තද බව සහ ක්‍රියා අපහසුව සඳහා කෝමාරිකා අඩංගු ඖෂධවලින් සාර්ථක ප්‍රතිඵල ඇති වේ. අමු කහ සහ ‍පොල් අඹරා කෝමාරිකා පත්‍ර දෙකට පලා එම මිශ්‍රණය උණු අළු පල්‍ලේ තම්බා උල් කටු ඇනුන ස්ථානයට බැඳීමෙන් එම කටු ඉවතට ඇදී එයි.
ආදි කාලයේ සිට අද දක්වාම කෝමාරිකා රූපලාවන්‍ය සඳහා බහුලව යොදා ගන්නා ශාකයක් ලෙස දැක්විය හැක. ක්ලියෝපැට්රාගේ රූමත්කමට හේතුව ඇය නිතරම කෝමාරිකා ආ‍ලේප කිරීම බව ඓතිහාසික ලිපිවල සඳහන්ය.
තෙතමනය රැකගැනීම, සමේ සිනිඳුබව වැඩි කිරීම සහ තාරුණ්‍ය රැකගැනීම යන ගුණයන් සහිත නිසා රූපලාවන්‍ය ආ‍ලේපන සඳහා බහුලව කෝමාරිකා යොදා ගනී. හිරු රශ්මියෙන් පිළිස්සුණු අවස්ථාවලදී කෝමාරිකා සාරය අ‍ලේප කළ හැක. තුවාල කැළැල් මැකීම සඳහාද කෝමාරිකා උපයෝගි කරගනියි. ඇස් වටා කළුවීම් සහ ඇස් වටා ඇති මැරුණු ෙසෙල ඉවත් කිරීමටද කෝමාරිකා යුෂ ප්‍රමාණයට සම ප්‍රමාණයක් ජලය මිශ්‍රකර ඇස් වටා ආ‍ලේප කරයි. දරු ප්‍රසූතියෙන් පසු උදරයෙහි ඇති වන රැලිවැටීම් සඳහා කෝමාරිකා ආ‍ලේපයෙන් යහපත් ප්‍රතිඵල ඇති වේ. හිස්හොරි මර්දනයටත් කෝමාරිකා මද, වැල්දොඩම් මද සමග මිශ්‍රකර හිසෙහි ආ‍ලේප කරයි.
වාණිජමය වශයෙන් සබන් සහ ෂැම්පු වර්ග නිෂ්පාදනයට කෝමාරිකා ඉතා විශාල වශයෙන් යොදා ගනියි. මෙසේ සලකන විට කෝමාරිකා යනු වටිනා ඖෂධයකි. එම නිසා ඔබේ ගෙවත්තේ අලංකාරවත් ලෙස කෝමාරිකා වගා කිරීමෙන් ඔසු ශාක රැකගැනීමට ඔබටත් දායකවිය හැක.
Botanical Name : Aloe Indica
Family : Liliaceae

වෛද්‍ය නිර්මා යසන්ති

24/02/2025

Address

Oruthota Road, Near Kalu Palama

11000

Opening Hours

Monday 16:30 - 21:00
Tuesday 16:30 - 21:00
Wednesday 16:30 - 21:00
Thursday 16:30 - 21:00
Friday 16:30 - 21:00
Sunday 09:00 - 14:00

Telephone

0758295302

Website

Alerts

Be the first to know and let us send you an email when ගම්පහ ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ගම්පහ ආයුර්වේද:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram