07/11/2024
තුනටියේ අමාරුව /සයටිකා (Sciatica) රෝගය සුව කරගන්නේ මෙහෙමයි...
ඔබත් මෙවන් රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවා ද?
* තුනටිය ආශ්‍රිතව වේදනාව
* හිඳගෙන සිට නැගිටීමේ දී තුනටියේ හිරවෙන්නාක් බඳු වේදනාව
* තුනටියේ සිට පිටුපසින් පාදය දිගේ පහලට ඇදී යන වේදනාව
* කලවා/ බත්කෙණ්ඩ ආශ්‍රිත මාංශ පේශීවල වේදනාව/තදගතිය
* පාදයේ පහල කොටස්වල, ඇඟිලිවල හිරිය/ වේදනාව
* ඉකිලිවලින් ඉහලට අදින්නාක් බඳු වේදනාව
* හිඳගෙන සිට එකවර සිට ගැනීමේ අපහසුතාවය
මෙවන් රෝග ලක්ෂණ වලට ප්‍රධානවම බලපාන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු වල (විශේෂයෙන් L4/5 හා L5/S1 ස්ථාන වල) තෙරපීම්ය. මෙම රෝග තත්වයට හේතුවන කාරණා මොනාද සහ රෝගය සුව කරගන්න අපි කළ යුත්තේ මොනද කියල අපි සලකා බලමු.
ගොඩක් වෙලාවට මෙවන් රෝග තත්වයන් ඇති වන්නේ ඔබගේම වැරදි හැසිරීම් රටා නිසා. දරාගත නොහැකි බර එසවීම, නිවැරදි ඉරියව් සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට වැඩ කිරීම ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඒ වගේ ම විවිධ අනතුරු වලින් කොඳු ඇට පේළියට වන හානි නිසා ද මෙවන් රෝග තත්වයන් ඇති වෙනවා.
ගොඩක් රෝග වගේ මෙම රෝගයත් බොහෝ විට ටික ටික වේදනාව එන්න පටන් ගන්නවා. අපි ඒ අවස්ථාවට ප්‍රතිකාර කරන්න යන්නේ නෑ. නැත්නම් වේදනා නාශකයක් අරගෙන රෝගය ගැන නොසිතා දිගටම වැරදි ඉරියව් ආදිය පවත්වා ගනිමින් වැඩ කරනවා. නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙනුත් කපා ගන්න බැරි වෙනකල් නොසලකා ඉන්නවා.
අපි වැඩක් කරද්දි එන වේදනාව නොසලකා තව ටිකයි තියෙන්නේ ඒ නිසා වැඩේ ඉවර කරලම පොඩි විවේකයක් ගන්නව කියල දිගටම වැඩ කරනවා. අපේ ශරීරයට බාහිරව හෝ අභ්‍යන්තරව යම් හානියක් වන විට වේදනාවක් එන බව ඔබ දන්නවා. ඒ වගේ ම තමයි කොඳු ඇට පේළියේ ස්නායු වලට හානි වීමෙන් ඉහත පරිදි වේදනාවන් එනවා. එම අවස්ථාවේදී අපි එම වේදනාව ගැන නොසිතා තව ටිකයි තියෙන්නේ ඒ ටික කරලම විවේකය ගන්න හිටියොත් ස්නායු වලට තවතවත් හානි වීමෙන් රෝග තත්වය එන්න එන්නම වැඩි වෙනවා.
මෙය සරල උදාහරණයකින් පැහැදිලි කලොත්, අපි යම්කිසි වැඩක් කරමින් ඉන්න වෙලාවක අපේ අතක් යමකට පිළිස්සෙනවා නම් අත ඉන් ඉවතට නොගෙන වැඩේ ඉවර වෙන්න තව ටිකයි තියෙන්නේ ඒ ටිකත් ඉවර කරලම අත ඉවත් කර ගන්නම් කියල හිටියොත් අතට කුමක් වෙයි ද? ඒ සිදුවීම ම තමයි අපේ කොඳු ඇට පේළියේ ස්නායු වලටත් වෙන්නේ. හිටගෙන හිඳීමේදී වේදනාව එන විට තව ටිකයි තියෙන්නේ වැඩේ ඉවර කරලම ඉඳගන්න හිටියොත් වෙන්නෙත් ඉහත කියූ දේ ම තමයි.
ඒ වගේම තමයි උස වැඩි මෙට්ට සහිත ඇඳන් භාවිතය, උස කොට්ට භාවිතය, ඇඳෙහි සිට ජංගම දුරකථන, Laptop හා පොත්-පත්තර කියවීම, ඇඳෙහි හිඳ ගෙන සිටීම මගින් ද පුටු/සෝෆා වල හාන්සි වී සිටීම, එක දිගට දිගු වේලාවක් සිට ගෙන සිටීම හෝ ඉඳ ගෙන සිටීම මගින් ද උස අඩු කොසු/ ඉදල් වලින් අතුගෑම ආදීය මගින් ද ඉහත රෝග තත්වය උත්සන්න විය හැකිය.
මේ රෝගයේ වේදනාව තවත් වැඩි කරන්න අපේ ආහාර පානත් සෘජුවම බලපානවා. ඔබ දන්නවා ඇඟේ පතේ වේදනාව එනව කියල අපේ අත්තම්මල එහෙම වැඩිය කන්නේ නැති වාත කෑම කියන කෑම වර්ග ආහාරයට ගැනීම මගින් වේදනාව වැඩි වෙනවා. එම වේදනාව වැඩි කරවන වාත කෑම අතරට කොස්, මෑ කරල්, බටු, මුං ඇට, ජපන් බටු කොල වගේ ආහාර ප්‍රධාන වෙනවා.
මෙවැනි අවස්ථාවන් වලදී බොහෝ විට බටහිර වෛද්‍ය ක්‍රමය මගින් වේදනා නාශක ඖෂධ භාවිතා කිරීමත් එමගින් සුව නොවූ විට ශල්‍යකර්ම (50% - 50%) කල යුතු බවට නිර්දේශ කිරීමත් සිදු කරනු ලබයි. නමුත් “නිවැරදි” ආයුර්වේද ප්‍රතිකාර මගින් බොහෝ දෙනෙක් සාර්ථකව සුව කිරීමේ හැකියාවක් පවතියි.
මෙවැනි රෝගයකට ආයුර්වේද ප්‍රතිකාර කිරීමේ දී අප විශේෂයෙන් රෝගයට අදාළ වාත-පිත-සෙම (වාත යනු වාතය/සුළඟ හෝ පිත යනු ආමාශ පිත හෝ සෙම යනු සොටු යන්න අදහස් නොවේ) යනාදී ත්‍රිදෝෂයන්ගේ තත්වය මත ප්‍රතිකාර සිදු කරනවා. එනම් රෝගයේ අවස්ථාව අනුවත්, එක් එක් රෝගියා අනුවත් ප්‍රතිකාර වෙනස් වෙනවා. ඒවගේම රෝගයේ දෝෂ තත්වය මත හිතකර/අහිතකර ආහාර පාන ද වෙනස් වෙනවා. රෝගයේ මූලික අවස්ථාවේ දී තෛල ගැල්වීම, පත්තු බැඳීම හා වාෂ්ප ස්වේද/ තැවීම් ආදී බාහිර ප්‍රතිකාර මගින් පමණක් වුව ද සුව කර ගත හැකි වුවත් රෝගය දරුණු තත්වයට පත් වූ පසු ප්‍රතිකාරයේ දී අභ්‍යන්තර ඖෂධ යොදා ගැනීමටද සිදුවෙනවා.
දේශීය හා ආයුර්වේද වෛද්‍ය සී. එන්. තල්වත්ත
තල්වත්ත වෙද මැදුර - 49, බුවනෙකබා පාර, සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)