HarithaAyur Healthcare

HarithaAyur Healthcare Enhancing quality of life
with treatments , which always yield side benefits, not side effects �

ඉරෙන් අපේ හමට වෙන හානි හිරු එලිය කියන්නෙ අපට අත්‍යාවශ්‍ය දෙයක්හැබයි තද හිරු රැස් කියන්නෙ අපිට හානිකර දෙයක්අපේ හමට මේ තද ...
11/10/2025

ඉරෙන් අපේ හමට වෙන හානි

හිරු එලිය කියන්නෙ අපට අත්‍යාවශ්‍ය දෙයක්
හැබයි තද හිරු රැස් කියන්නෙ අපිට හානිකර දෙයක්

අපේ හමට මේ තද හිරු රැසින් වෙන හානිය වැඩියි..
ඒ වගෙම තමා අපේ ශරීරයත් උනුසුම් නම් ඒ කියන්නෙ අපේ ශරීරය පිත්තාධික ශරීරයක් නම්( සාමාන්‍ය ව්‍යවහාරයේ ඇග උෂ්ණයි කියන්නෙ මේකට)
අපිට ඉරෙන් වෙන හානිය වැඩියි..

අන්න එහෙම උනාම මේ වගෙ ලක්ෂණ දකින්න ලැබෙනවා..

මුහුණ සහ සම රැලිවීම
තෙතමනය ඉවත්වීම
පිග්මන්ටේශන් තත්ව ඇතිවීම
සම රලු වීම
සම රතු පැහැවීම
දැවිල්ල ඇතිවීම

මේ දේවල් නිසා සමට උන හානි යථා තත්වයට පත් කරන්න පුළුවන්.
කොහොම උනත් එක දිගටම හමට හානිවෙනකොට ඒ ඩැමේජ් එක අපි හිතුවට වඩා කල් තියෙන්න පුළුවන් ..
නිකම්ම යථා තත්වයට පත්වෙන් නෑ.
ඒ සදහා ප්‍රතිකර්ම වලට යොමුවීම වගේම තමන්ට ගැලපෙන skin care routine එකක් කරන එකත් වැදගත් වෙනවා.

Dr.Rasanjana Ilangkoon
BAMS(University of Kelaniya)

වකුගඩුවල ක්‍රියාකාරිත්වය හදුනාගැනීමේ පරීක්ෂණSerum creatinine Test - රුධිරගත ක්‍රියටිනින් මට්ටම හදුනාගැනීමේ පරීක්ෂණය ඔබේ ...
10/10/2025

වකුගඩුවල ක්‍රියාකාරිත්වය හදුනාගැනීමේ පරීක්ෂණ
Serum creatinine Test - රුධිරගත ක්‍රියටිනින් මට්ටම හදුනාගැනීමේ පරීක්ෂණය

ඔබේ ශරීරයේ රුධිරය පෙරීමේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ වකුගඩු යුගලය ඔස්සේ. මේ වකුගඩුවල යම්කිසි දුර්වලතාවයක් පවතිනවිට එය බාහිරට පෙන්නුම් කරන යම් යම් ලක්ෂණ තියෙනවා.
මේ වගේ ලක්ෂණ පැවතුනත් නැතත් වකුගඩු වල යම්කිසි දුර්වලතාවයක් පවතිනවද කියලා තහවුරු කරගන්න පුළුවන් විදියෙ පරීක්ෂණයක් තමයි සීරම් ක්‍රියටිනින් පරීක්ෂණය කියලා කියන්නෙ.

ක්‍රියටිනින් කියන්නෙ පේශි සෛල වලින් නිකුත් කරන අපද්‍රව්‍යයක් හා සමාන දෙයක්.එය සාමාන්‍යයෙන් එදිනෙදා ක්‍රියාකාරිත්වෙදි රුධිරය ට නිකුත් උනාම වකුගඩු ඔස්සේ පෙරලා ශරීරයෙන් ඉවත්කරලා මුත්‍රා මගින් පිටකිරීම සිදුකරනවා. වකුගඩු වල යම් දුර්වල බවක් තියෙද්දි පෙරීමේ ක්‍රියාවලිය හරියට වෙන්නෙ නැති නිසා රුධිරයේ මේ මට්ටම් ඉහල යනවා.

ඔබේ රුධිරගත ක්‍රියටිනින් මට්ටම සාමාන්‍යයෙන් තිබිය යුතු පරාසය පිරිමි පුද්ගලයකුගේ නම් 0.7 - 1.3 mg/dl වන අතර කාන්තාවකගෙ එය 0.6-1.1 mg/dl අගයක් වෙනවා. ( මේ අගයන් යම් යම් අවස්ථාවල සුලු මට්ටමකින් වෙනස් වෙන්න පුලුවන් .)
මේ මට්ටම් වලට වඩා ඉහල අගයක් ගන්නවිට අනිවාර්යයෙන්ම ඒ ගැන තවත් පරීක්ෂණ මගින් තහවුරු කරලා වකුගඩු වල යම්කිසි ගැටලුවක් තියෙනවා ද කියලා සොයාබැලීම සිදුකල යුතු වෙනවා.

ක්‍රියටිනින් අගය පුද්ගලයාගේ දේහ පරිමාව සහ මාංශ පේශී ප්‍රමාණය අනුව වෙනස් අගයන් ගන්නවා.

හැමවෙලාවකම මේ අගය වෙනස් වෙන්න වකුගඩු වල දුර්වලතාවය හේතුවක් වෙන්නෙ නෑ. ඔබ ගන්න ආහාර පාන ,ශරීරයේ විජලන මට්ටම, සමහර ආහාර අතිරේක වර්ග වගේම විවිධ ව්‍යායාම නිසාත් මේ මට්ටම් ඉහල නගින්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදියට මස් වර්ග ආහාරයට ගැනීම මගින් මේ ක්‍රියටිනින් මට්ටම් ඉහල යන්න පුළුවන්කම තියෙනවා.

සාමාන්‍යයෙන් ක්‍රියටිනින් අගය ඉහල යද්දි ශරීරයේ එන වෙනස්කම් තමයි මාංශ පේශී වේදනාව, පපුවේ වේදනාව,මහන්සි ස්වභාවය ,මුත්‍රා පිටවීමේ පවතින අසාමාන්‍යතා , අධි රුධිර පීඩනය , පුද්ගලයා ඉදිමීම හෝ පාදවල පවතින ඉදිමුම් තත්ව කියන්නෙ.

මේ නිසා සාමාන්‍යයෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය ගැන බලද්දි අනිවාර්යයෙන්ම සිදුකරන පරීක්ෂණ වලින් එකක් බවට මේ සීරම් ක්‍රියටිනින් පරීක්ෂාව පත්වෙලා තියෙනවා.

සටහන

Dr.Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya)

තුවාල කැලැල් මැකී යාම සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තුවාල කැලල් මකන්න බැරි නෑ පුළුවන්  🩵ලේසර් ට්‍රිට්මන්ට් ම ඕනද ? අපෝ ...
10/10/2025

තුවාල කැලැල් මැකී යාම සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර

තුවාල කැලල් මකන්න බැරි නෑ පුළුවන් 🩵
ලේසර් ට්‍රිට්මන්ට් ම ඕනද ? අපෝ නෑ 🥰

ගොඩක් වෙලාවට තුවාල කැලල් නිසා අපේ හමේ තියන ලස්සන නැති වෙලා යනවා..
ඒ වගෙම කල් යන්න යන්න සමහර කැලල් මැකෙන්නෙත් නෑ

මේ ඒ විදියෙ තුවාල කැලල් තියන කකුලක තුවාල කැලල් මැකීගෙන යන හැටි..

ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා 0703482814 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.
Dr.Rasanjana Ilangkoon
BAMS ( University of Kelaniya)

🩵🩵🩵

ආදරණීය ඔක්තෝබර් මාසයක් හැමෝටම..🩵
01/10/2025

ආදරණීය ඔක්තෝබර් මාසයක් හැමෝටම..🩵

Cool වතුරද උණු වතුරද ? 🙂අපි වැඩිය නොහිතා කරන දේවල් නිසා අමාරුවෙ වැටෙන්න යන වෙලාව්ක් තමා මේක..කෑම කාලා වතුර බොනකොට ඒ බොන ...
19/09/2025

Cool වතුරද උණු වතුරද ? 🙂

අපි වැඩිය නොහිතා කරන දේවල් නිසා අමාරුවෙ වැටෙන්න යන වෙලාව්ක් තමා මේක..

කෑම කාලා වතුර බොනකොට ඒ බොන වතුර උනුවතුර නම් කෑම දිරවීම පහසු කරනවා..
ඒ වගේම අපේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මේක ගොඩක් හොඳ දෙයක්.
අනවශ්‍ය මේදය , විෂද්‍රව්‍ය බැහැර කරන්නත් උනුවතුර කියන්නෙ හොඳ ම ඖෂධයක්..

හැබයි සිසිල් ජලය බොන එක.එහෙම නැත්තම් සමහර අය පුරුදු වෙලා ඉන්නව සිසිල් කල බීම වර්ග බොන ගමන් කෑම කන්නත්..
එහෙම උනාම අපි කන ආහාරය හොඳ ට ජීර්ණය වෙන් නෑ.සැර කෑමක් කන ගමන් cool වතුර හරි බීම එකක් හරි බොන එක මාර අත්දැකීමක් වගෙ දැනුනට එවෙලෙට ඒක බඩටත් පහසුවක් වගෙ දැනුනට කෑමෙන් පස්සෙ අපෙ බඩ ට අපහසුවක් එන්න ඒක හේතුවක්..
ආහාර වල බර බව ඝනකම් බවත් මේකෙන් වැඩිවෙනවා.. බඩට සැහැල්ලුවක් නැති වෙනවා.
පසු කාලීනව ගැස්ට්‍රයිටිස් ඇතුලු අන්ත්‍රගත රෝග ගොඩකට මේක හේතුවක් වෙනවා.

ඒ නිසා අඩුම ගානෙ කෑමෙන් පස්සෙවත් උනුවතුර ටිකක් බොන්න පුරුදුවෙන්න.

සටහන

ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය )

කැඩෙන, අඩුවෙන් වැවෙන, අවපැහ වුණු නියපොතු වලට හොඳම විසඳුම.නියපොතු කැඩෙනවා නම්, වැවෙන එක අඩු නම් අවපැහ වෙලා නම් මේ ඔක්කොටම...
18/09/2025

කැඩෙන, අඩුවෙන් වැවෙන, අවපැහ වුණු නියපොතු වලට හොඳම විසඳුම.

නියපොතු කැඩෙනවා නම්, වැවෙන එක අඩු නම් අවපැහ වෙලා නම් මේ ඔක්කොටම එක simple remedy එකක් ගැනයි අද කියන්න යන්නෙ.

🙄ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි නියපොතු වවාගන්න බැරි එක.
🙄පොඩ්ඩක් වැව්න ගමන් නියපොත්ත කැඩිලා යනවා.
🙄සමහර අයගේ කොච්චර වුණත් නියපොතු ලස්සනට වැවෙන්නෙත් නැහැ.
🙄එතකොට තමන් ආස විදිය nail art එකක් දාගන්නත් අමාරුයි
🙄ඒ වගේම නියපොතු අව පැහැවීමත් ලොකු ගැටළුවක්.

👉මොකද අපි එදිනෙදා වැඩ කටයුතු කරනකොට අපේ අත් තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ.ඒ නිසා නියපොතු ඉක්මනින් කැඩී යාමට ලක්වෙනවා.

👉ඒවගෙම විටමින් ඌනතා පෝෂණ ඌනතා මේවගෙදිත් මෙහෙම වෙන්න පුළුවන් ..

🧡මේ ප්‍රතිකාරයේදී මේ ප්‍රශ්න තුනටම විසදුමක් හම්බවෙනවා.

මේකට අවශ්‍ය වෙන්නේ
☘️මී පැණි,
☘️විටමින් E කරල් කීපයක්,
☘️එඬරු තෙල්,
☘️පිරිසිදු පොල්තෙල්.

එහෙනම් දැන් අපි මේ ප්‍රතිකාරයට අවශ්‍ය වෙන ඖෂධීය තෙල් එක හදාගමු.

👉මී පැණි මේස හැන්දක්, එඬරු තෙල් මේස හැඳි එකක් පොල්තෙල් මේස හැදි එකහමාරක් විටමින් E කරලක් අරගෙන ඔක්කොම ඒකට මිශ්‍ර කරලා හොඳ මිශ්‍රණයක් හදාගන්න. ඉන් පස්සේ මේක පොඩි වීදුරු බෝතලේක දාලා තියාගන්න පුළුවන්.

👉රෑට නිදාගන්න කලින් අත් දෙක පිරිසිදු කරලා තෙත මාත්තු කරලා නියපොතුවල මේ මිශ්‍රණය ගල්වන්න .

👉ඒ විදිහට මේ මිශ්‍රණය ගල්වන කොට නියපොතුවල විතරක් නෙවෙයි නියපොතු වටා ප්‍රදේශයත් ආලේප කරලා විනාඩි තුනක් විතර හොඳට මසාජ් කරන්න.ඉන් පස්සේ නිදාගන්න තමයි තියෙන්නේ.

👉මේක ඇඟේ තවරෙයි කියලා හිතනවා නම් කොට්න් ග්ලවුස් දෙකක් දාලා නිදාගන්න පුළුවන්.

👉මේ විදිහට සතියට තුන්පාරක් විතර මේ ප්‍රතිකාරය කරනවනම් නියපොතු ශක්තිමත් වෙනවා වගේම මේ නියපොතුවල හැඩයත් නිසියාකාරව පවතිනවා. නියපොතු අවපැහැ වෙන්නැතුව ලස්සනට පවත්වාගන්නත් පුළුවන්කම තියෙනවා.

🧡ඒ නිසා කරලා බලලම results කොහොමද කියලා කියන්න..

🧡ඔයාලා හැම දෙනෙක්ම නීරෝගි වෙන්නේ කියලා ප්‍රාර්ථනාකරනවා.

සටහන
ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS (කැලණිය විශ්වවිද්‍යාලය)
HarithaAyur Healthcare
ගනේමුල්ල
ප්‍රතිකාර සහ උපදේශන
070 348 28 14 ( WhatsApp message only)

බඩෙන් නිතරම සද්ද ඇහෙන්නෙ ඇයි ???අපේ බඩෙන් සද්ද ඇහෙන එක සාමාන්‍ය යිද ??අපිට බඩගිනි උනාම සද්දයක් දීලා අපිට ඒක කියනව කියලා ...
16/09/2025

බඩෙන් නිතරම සද්ද ඇහෙන්නෙ ඇයි ???

අපේ බඩෙන් සද්ද ඇහෙන එක සාමාන්‍ය යිද ??
අපිට බඩගිනි උනාම සද්දයක් දීලා අපිට ඒක කියනව කියලා අපි හිතන් හිටියා. පොඩි කාලෙ නම් කියන්නෙ අන්න පණුවන්ට බඩගිනි වෙලයි ඔය කෑගහන්නෙ කියලා.
එතකොට බඩගිනි වෙලේට කන්න කලින් ඇහෙන ශබ්ද සාමාන්‍යයි..
කෑවයින් පස්සෙත් හරියට පයිප්ප ලයින් එකක් දිගේ වතුර බහිනකොට ඇහෙනව වගෙ පොඩි පොඩි අපිටවිතරක් ඇහෙන සද්ද තියනවා. ඒකත් normal🙂

මේ කියන්නෙ එහෙම එකක් නෙවෙයි.. වටේ පිටේ ඉන්න අයටත් ඇහෙන සද්දෙන් බෝම්බ දානව වගෙ එක පාර ඇහෙන සද්ද බද්ද මොනවද ? ඒක සාමාන්‍ය දෙයක් නෙවේ වෙන්නෙ ඇයි කියන එක ගැන තමා මේ කියන්නෙ.
අපේ ආහාර මාර්ගය ඇතුලෙ අපි කාපු ආහාර බීමට ගත්ත ජලය වගේම මාර්ගය ඇතුලෙ තියන වාතය ,මේවා නිසි විදියට ගමන් කරනකොට ප්‍රශ්නයක් නැති උනාට
අපේ ආහාර මාර්ගය ඇතුලෙ විවිධ ගැටලු තියනවා නම් ඔන්න මේ වගෙ අනවශ්‍ය ශබ්ද ඇහෙන්න පුළුවන්
උදාහරණයක් විදියට

irrirable bowel syndrome ( ග්‍රහනි රෝගය)
Crohns disease තත්වය
අජීර්ණ සහ අතීසාර තත්ව
කල්ගත උනු ගැස්ට්‍රයිටිස් තත්ව
අන්ත්‍රගතව පවතින අවහිරතා වගේ දේවල් නිසා මේගැටලුව එන්න පුළුවන් කම තියනවා..

ඒ එක්ක එන අනික් රෝග ලක්ෂ්ණ තමා
🙄වමනය සහ ඔක්කාරය
🙄උදරයේ වාතය පිරීම
🙄මල බද්ධතාවය
🙄මලපහ සමග ලේ පිටවීම
🙄හදවතේ ඇතිවන දැවිල්ල හෝ සිරකරන ස්වභාවය
🙄බර අඩුවීම වගෙ දේවල්..

බඩේ වාතය එකතුවෙලා අවහිර වීම එක්ක තමා ප්‍රධානවම මේ වගෙ මහ විශාල සද්ද ඇහෙන්න ගන්නෙ.. ඒ කියන්නෙ වාත දෝෂයෙ ඇතිවන වෙනස්වීමක් එක්ක

මේ වගෙ තත්වෙකදි ප්‍රතිකාර කරන්න කලින් අපි හොයාගන්න ඕන ඇයි මේක එන්නෙ සහ නිදාන කාරණාව මොකක්ද කියලා.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙදි අපි අන්න ඒ විදියට හොයලා ඒකට අදාලව ප්‍රතිකාර කරන එක සිදුකරනවා

ඉතින් තමන්ට අපහසුවක් වෙන තරම්ම මේ ගැටලු ඔයාගෙ බඩ ඇතුලෙ තියනවා කාරණාව හොයාගෙන ප්‍රතිකාර කරන එක වැදගත් වෙනවා.

සටහන
Dr.Rasanjana Ilangkoon
BAMS( University of Kelniya)
Contact via whatsapp 0703482814 ( msg s only)

සන්ධි අමාරුයි දණිස් කැක්කුමයිද - කමු සාරණ 💜️අපි  හැමවෙලේම කන පලාවර්ග ගොඩට මේක එකතුවෙන්නෙ නෑ.  ඒ උනත් අපි අවට බැලුවොත් මේ...
15/09/2025

සන්ධි අමාරුයි දණිස් කැක්කුමයිද - කමු සාරණ 💜️

අපි හැමවෙලේම කන පලාවර්ග ගොඩට මේක එකතුවෙන්නෙ නෑ. ඒ උනත් අපි අවට බැලුවොත් මේ සාරණ පැල කැලෑවට වගෙ හැදිලත් තියනවා ..

ඔයාලා ඕන තරම් දැකලා ඇති..

සාරණ කන්න කැමති අයවගෙම අකැමැති අයත් ඉන්නවා..
ඉතින් බෙහෙත් වගෙ හරි සාරණ ටිකක් කන්න ඕන මෙන්න මේ හින්දා

සාරණ වලට පුළුවන් අපේ වකුගඩු මුත්‍රා මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය නීරෝගීව තියාගන්න
ඒවගේම තමයි සාරණවලට පුළුවන් ඒකෙ තියෙන මුත්‍රකාරක හැකියාව හින්දා අපේ ශරීරයේ තියෙන ඉදිමුම් වර්ග අඩු කරන්න.
ඒ වගේම අපේ අක්මාව ආශ්‍රිතව විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියටත් දායක වෙනවා.
අක්මාවේ තෙල් තැන්පත් වීම එක ඇතිවන ෆැටී ලිවර් රෝගීතත්ත්වයේදී නිතර කෑමට එකතු කරගන්න පුළුවන් ශාකයක් තමයි සාරන කියලා කියන්නේ

සාරනවල විටමින් ඒ බහුලව තියෙනවා. ඒ නිසා අපේ ඇස් වල පෙනීම වර්ධනය කරන්න, ඇස් වල පෙනීම
තවදුරටත් හොදින් පවත්වාගෙන යන්න සාරන කියන්නේ හොඳ ඖෂධයක්.

ආහාර මාර්ගයේ ඇතිවන ආහාර දිරවීමේ අපහසුතා ඇතුළු බොහොමයක් රෝග තත්ත්ව වලට සරණ ආහාරයට ගන්න එකෙන් ලොකු උදව්වක් ලැබෙනවා.

විශේෂයෙන් හන්දි අමාරු කාටි ලේජ ගෙවී යාම් වගේ රෝග තත්ත්ව තියෙන අයට නිතර ආහාරයට ගන්නෙසුදුසු ඖෂධීය පලා වර්ගයක් තමයි සාරණ කියලා කියන්නේ.

කොළපාට සාරන එක වගේම පිට සුදු සාරණ , කඳ රතු පැහැති රතුපාට සාරණ කියන වර්ග අපි අවටින් දැක බලා ගන්න පුළුවන්කමතියෙනවා.
මේ වගේ ගුණ බොහොමයක් දුරට ඒක හා සමානයි.
සාමාන්‍යයෙන් ඖෂධ සඳහා පාවිච්චි කරන්නේ හිත සුදු සාරන කියන සාරණ වර්ගය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ පුනර්ණවා කියන නමින් සාරණ ශාකය හඳුන්වනවා.
ගොඩක් දෙනෙක් නොදැනුවත් උනාට ඖෂධ නිෂ්පාදනයේදී මේ සාරණ ශාකයම බහුලව යොදා ගනු ලබනවා.
ඉතිං අපි අවටට තියන බෙහෙත් වගේ ආහාර වර්ග තමයි මේවා..

සාරන හදනකොට තෙල් දාලා හරි, කිරට හරි..
කොස් ඇට වගේ දෙයක් එක්ක හරි , පරිප්පු එක්ක හරි හදාගත්‍තම කිසිම ගැටලුවක් නැතුව රසවත්ව ආහාරයට ගන්න පුළුවන් කම තියනවා...

පින්තූරය

සාරණ උයන්න කලින් ගත්ත එකක්. 💜️💜️💜️

සටහන

ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය)

අපේ ඇස් නීරෝගීද දැනගන්න පුළුවන් ලක්ෂණ ටිකක්..1 . ඇස් පැහදිලි ස්වභාවයක් ගන්න ඕන. අපි දෙයක් දිහා බලන කොට ඇස්වල කදුලු ගතියක...
29/08/2025

අපේ ඇස් නීරෝගීද දැනගන්න පුළුවන් ලක්ෂණ ටිකක්..

1 . ඇස් පැහදිලි ස්වභාවයක් ගන්න ඕන. අපි දෙයක් දිහා බලන කොට ඇස්වල කදුලු ගතියක් , බර ගතියක් හරියට වලාකුලු ස්වභාවයක් වගෙ එකක් තියනවා නම් ඒක නීරෝගී ඇහැක් නෙවෙයි.
( සෙම් රෝග තියන අයගෙ ඇස් වල බර ගතිය වලාකුළු ස්වභාවය නිතරම වගේ තියනවා.. )

2. ඇස් වල රතු පැහැ ස්වභාවය..සමහරවිට ඇස් විඩාබර උනාමත් මේ වගෙ වෙන්න පුළුවන් ..සමහර අයගෙ උපතින්ම මේ වගෙ..එහෙම නොවී හදිස්සියෙ මේ වගෙ වෙලා නම් ඒක නීරෝගී ලක්ෂණයක් නෙවෙයි.

3. අපේ ඇහේ සුදු පාට කොටසෙ තුන්වෙනි රූපයේ වගෙ රුධිර කේශ නාලිකා ඉල්පිලා පේනවා නම් ඒකත් නීරොගි ඇහක ලක්ෂණයක් නෙවෙයි.. සමහර අයගෙ ඇස් වල පීඩනය ( eye pressure එක ) වැඩි උනාමත් මෙහෙම වෙනවා. ඒවගෙම උෂ්ණාධික ශරීර තියන අයගෙ ඇස් වල පිත ස්වභාවය වැඩි උනාම මෙහෙම වෙන්න පුළුවන් .

4. ඇස්වල නිතර කදුලු පිරීම හෝ ඉතා වියලිව තිබීම..
අපේඇස් වලට හුලං වැදුනම වියලි ගතියක් එන්නෙ.ඒක ඇහට අමාරුයි .සමහර අයගෙ ඇස් ඒ වගේ වියලෙනවා. කදුලු ග්‍රන්ථි වියලිලා වගෙ.. සමහර අයගෙ අධිකව තෙත ගතියයි.. ඒකත් අපහසු යි.පීනස තත්ව තියන අයගෙ ඇස් වල තෙත ස්වභාවය කදුලු ගලන එක වැඩි. උෂ්ණාධික අයගෙ ඇස් වියලි සහ දැවිල්ල ස්වභාවය ගන්න එක වැඩියි..

5. අපි දෙයක් දිහා බලනකොට අපේ අක්ෂි කාචය සහ ඒ ඉස්සරහින් යම් යම් දේවල් පාවෙනවා වගෙ පේන එකත් හොඳ ලක්ෂණයක් නෙවෙයි.. අපේ දෘෂ්ටිය පැහදිලි එකක් වෙන්න ඕන. මේ වගෙ ලක්ෂණ ය්ක් තියනවා නම් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න...

ඇස් කියන්නෙ ආරක්ෂා කරගන්න ඕන දෙයක්..
විවිධ ලෙඩ නිසා ඇස් වලට හානියක් වෙනවා නම් වගේම අපේ හැසිරීම් රටා නිසා ඇස් වලට හානිවෙනවා නම් ඒ දේවල් වලින් වැලකෙන්න සහ ප්‍රතිකාර වලට යොමුවෙන්න අමතක කරන්න එපා..

සටහන

ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය)

වකුගඩු වල ගල් ඇතිවෙන්නෙ ඇයි? නිරෝගී වකුගඩු යුගලයක් කියන්නේ හැම පුද්ගලයෙකුටම ගොඩක් වටිනා අංගයක්. නමුත් මේ වකුගඩු වල බොහොම...
26/08/2025

වකුගඩු වල ගල් ඇතිවෙන්නෙ ඇයි?

නිරෝගී වකුගඩු යුගලයක් කියන්නේ හැම පුද්ගලයෙකුටම ගොඩක් වටිනා අංගයක්. නමුත් මේ වකුගඩු වල බොහොම බහුලව ඇතිවන රෝග තත්ත්වයක් තමයි kidney stones එහෙමත් නැත්නම් වකුගඩු ගල් කියලා කියන්නෙ.
සරලව කිව්වොත් වකුගඩු ගලක් කියලා කියන්නේ මුත්‍රා වල තියෙන රසායනික ද්‍රව්‍ය එකට එකතු වෙලා හැදෙන තරමක් තද ව්‍යුහයක්. සාමාන්‍යයෙන් මේ විදිහට හැදෙන වකුගඩු ගලක කැල්සියම් ඔක්සලේට්, යූරික් අම්ලය , සිස්ටීන්, පොස්පේට් වගේ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වෙන්න පුළුවන්.
මේ වකුගඩු ගල්වල සංයුතිය අනුව එයට ප්‍රතිකාර කිරීමේ ක්‍රම පවා වෙනස් වීමක් සිදු වෙනවා.

මේ විදියට වකුගඩු ගල් ඇතිවෙන්නේ ඇයි?

ගොඩක් වෙලාවට වකුගඩු ගලක් නිර්මාණය වෙන්නේ යම්කිසි කෙනෙක් පානය කරන ජල ප්‍රමාණය ඉතාමත් අවම වීමත් එක්ක. ඔබේ මුත්‍රාවල ඕනතරම් අපද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා. මේ අපද්‍රව්‍ය දිය වෙන්න අවශ්‍ය තරම් දියර ප්‍රමාණය අඩු උනහම මේවා එකට එකතු වෙලා මෙවැනි දේ නිර්මාණය වෙනවා. ගොඩක් වෙලාවට මේවා නිර්මාණය වෙන්නේ වකුගඩු තුළමයි. ඉතින් මේ විදිහට දිගින් දිගටම ශරීරගත දියර ප්‍රමාණය අඩු උනොතින් මේ වකුගඩු ගල්වල තවත් අපද්‍රව්‍ය එකතු වෙලා විශාල වීමකුත් සිදුවෙනවා. කුඩා ප්‍රමාණයේ ගල් මුත්‍රා සමග මුත්‍රා මාර්ගය ඔස්සේ බැහැරවීමක් සිදු විය හැකි වුණත් ප්‍රමාණයෙන් විශාල වෙනකොට මේවා බැහැර කිරීම අපහසු කාර්යයක් වෙනවා. ඒ වගේම වකුගඩු වල ගල් නිර්මාණය උනායින් පස්සෙ ඒ බව ඔබට පෙන්නුම් කරන විවිධාකාර ලක්ෂණ තියෙනවා.

වකුගඩු ගල් ඇතිබව කියවෙන ලක්ෂණ මොනවාද?

වකුගඩු ගල් පිහිටන ස්ථානය හා අදාලව පිටුපස කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනා තත්වයන් , උදරයේ ඇතිවන පහව නොයන්නා වූ වේදනා තත්ව ,මුත්‍රා සමග රුධිරය පිටවීම, ඔක්කාරය සහ වමනය , උණ හට ගැනීම සහ මුත්‍රා වල පෙණ සහිත ස්වභාවය හෝ මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනා තත්ව ඔබට අත්දකින්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම වකුගඩු වල සෑදෙන ගල්වල ස්වභාවය අනුව මේවා මුත්‍රා මාර්ගය ඔස්සේ පිටවෙනකොට වේදනාව දැනීම සිදුවෙනවා.විශේෂයෙන් ක්‍රිස්ටල් හැඩයෙන් සෑදෙන කටු සහිත මතුපිටක් ඇති ගල් අර්ධව දියවී ඉවත්වන විට රෝගියාට ඉතා විශාල වේදනාවක් දැනීම සිදුවෙන්න පුළුවන්. සමහර වකුගඩු ගල් නිර්මාණය වෙන්නෙ ඉතාම කුඩා වැලි කැට ආකාරයෙන්.මේ වගේ සෑදෙන ඒවත් ජලයේ දියවීම මගින් ඉතා ඉක්මනින්ම ඉවත්වීම සිදුවෙනවා.

මේ විදියට වකුගඩු ගල් නිර්මාණය වෙන්න හේතු මොනවද ?

වකුගඩු ගලක් නිර්මාණය වීමේදි පලමුවෙනි ප්‍රධානම හේතුව වෙන්නෙ ඔබ අවශ්‍ය පමණට ජලය පානය නොකිරීම කියන එක. මීට අමතරව ජලය පානය අඩුවෙන් කරන අතර අධිකව කය වෙහෙසවා ව්‍යායාම කිරීම, තරබාරු බව ,කෘශ බව ආදියත් මීට වක්‍රාකාරව හේතුවෙනවා. ලිපියේ ඉහතදි සදහන් කලා වගේම කැල්සියම් ඔක්සලේට් නිසා සෑදෙන ගල් සෑදීමට විශාල හේතුවක් වෙන්නෙ අඩුවෙන් ජලය පානය කිරීම, ඒ වගේම යූරික් අම්ලය නිසා සෑදෙන වකුගඩු වල ගල් නිර්මාණය වෙන්න හේතුවෙන්නෙ ඔබ purine සංඝටක වැඩි ආහාර වැඩිපුර භාවිතා කිරීම එක්කයි. එවිට ඔබේ ශරීරයේ uric acid මට්ටම ඉහළ ගිහිල්ලා යූරික් අම්ල ඝන කැටිති නිර්මාණය වීමේ , එහෙමත් නැත්තම් යූරික් ඇසිඩ් ක්‍රිස්ටල්ස් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මේවා අස්ථි ආශ්‍රිතවත් නිර්මාණය වීමේ ප්‍රවණතාවය ඉහලයි. ඒවගේම වකුගඩු ආශ්‍රිතවත් මේවා නිර්මාණය වීම සිදුවෙනවා.

සාමාන්‍යයෙන් රතු මස්, සත්ව අක්මාව, මුහුදු ආහාර, බියර් වැනි මධ්‍යසාර නිෂ්පාදන ආදියේ පියුරීන් අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා මේ ආහාර පාන වැඩිපුර භාවිතා කිරීම එක්ක පියුරීන් ඔබේ ශරීරයට ඇතුලු වෙලා බිදවැටීම එක්ක ඔබේ ශරීරයේ යූරික් අම්ල මට්ටම ඉහල යාම සිදුවෙනවා

වකුගඩු වල ගල් ඇතිවීම සුව කරන්න පුළුවන් ..
ඒ ගැන බිය විය යුතු නෑ..
ඒසදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තියනවා..
ඔබ සැම නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

සටහන

ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය)
ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා
0703482814 අංකයට whatsapp පනිවිඩයක් යොමුකරන්න..

තෙල් ගාන එක කරදර නම් Hair Spray එකක් හදමු තෙල් ගාලා ඉන්න අපහසු අයයි, තෙල් ගාලා නාන්න සතියටම එක දවසක් විතරක් තියන busy sh...
14/08/2025

තෙල් ගාන එක කරදර නම් Hair Spray එකක් හදමු

තෙල් ගාලා ඉන්න අපහසු අයයි, තෙල් ගාලා නාන්න සතියටම එක දවසක් විතරක් තියන busy shedule එකක් තියන අයටයි මේ පෝස්ට් එක වටීවි.

Hair spray එක හදමු..
අපිට ඕන වෙන්නෙ
☘️කලුදුරු ( black seed )
☘️උලුහාල්

මේ වර්ග දෙක විතරයි ඕන වෙන්නෙ.
එක පාරකට 100 ml වගෙ හදනව නම් අපිට මේ වර්ග දෙකෙන්ම මේස හැදි දෙක ගානෙ වගෙ ගත්තම ඇති. සමාන ප්‍රමාණ අරගන්න.
ඉන් පස්සෙ මේ දෙක මිශ්‍ර කරලා බ්ලෙන්ඩර්කරගන්න.
ඔයාලට හම්බෙන මිශ්‍රණයෙන් මේස හැදි දෙකක් වගෙ අරගෙන භාජනයකට දාලා ඒකට නටන උණුවතුර 100 ml වගෙ දාගන්න.
විනාඩි 20 ක් එ විදියට තියන්න..
ඉන් පස්සෙ මේක පෙරලා අරන් ස්ප්‍රේ බොට්ල් එක්කට දාගන්න..

හෙයා ස්ප්‍රේ එක සූදානම්.. ☘️

නාන්න පැය බාගෙකට කලින් වගේ මේක හිසකෙස් වලට සහ scalp එකට spray කරන්න..
ඉන් පස්සෙ හෝදලා දාන්න පුළුවන්
සෙම එහෙම නැත්තම් මේක රෑ තිස්සෙ උනත් ඔලුවට ස්ප්‍රේ කරලා තියාගන්න පුළුවන් ..
උදේට හෝදලා දාන්න..

මේකෙ වාසි තමයි
☘️හිස කෙස් කැඩෙන එක ගැලවෙන එක නතර වෙනවා
☘️අකලට හිස කෙස් පැසීම වලක්වනවා
☘️හිස කෙස් අලුතින් වර්ධනය වෙනවා
☘️ හිස කෙස් ඝනකම් වෙනවා..

ඉතින් ආයුර්වේද ඔසුහලකින් කලුදුරු මිලට ගන්නකොට ඒ දෙන්නෙ කලුදුරුද බලලාම ගන්න..
මොකද සමහර අයට කස කසා ඇටත් කලුදුරු කියලා හම්බෙලා තිබ්බා.. 🙂

සටහන

ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය)

Whatsapp link එක හරහා whatsapp channel e එකටත් එකතුවෙන්න
https://whatsapp.com/channel/0029VaeZnAsJUM2S03iSWC0f

බ්ලීචින් ආසාදනයකින් පස්සෙ සිදුවන අවපැහැවීම් සුවවීමෙන් පසුබ්ලීචින් ක්‍රිම් එක්කට කරන්න පුලුවන් අපිව සුදු කරන එක විතරක් නෙ...
26/07/2025

බ්ලීචින් ආසාදනයකින් පස්සෙ සිදුවන අවපැහැවීම් සුවවීමෙන් පසු

බ්ලීචින් ක්‍රිම් එක්කට කරන්න පුලුවන් අපිව සුදු කරන එක විතරක් නෙවෙයි..
හිටියටත් වඩා පාට අඩුකරලා මේවගෙ ඩැමේජ් එකක් කරන්නත් පුලුවන් .

( 🚫 පලවෙනි photo එක ක්‍රීම් එකෙන් පස්සෙ මූන අදුරු වෙන හැටි)

(🚫දෙවෙනි photo එක ප්‍රතිකාර කලායින් ප්ස්සෙ මූන බෙල්ලෙ පාටටම ඇවිත් නීරෝගි වෙලා තියන හැටි)

😀😀දෙපැත්ත මාරු කරලා බලන්න එහෙම එපා. 🙂

මේවගෙ මට්ටමකට ගන්න පුලුවන් උන එක්ට ඇත්තටම සතුටුයි. 100% ක්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලින්..

මේ වගෙ තත්වෙකට පත් උන කෙනා දන්න්වා ඒකෙන් කොච්චර අපහසුතාවට පත්වෙනවද කියලා.. ආසාවට ගාන ඇරුනම ගොඩක් දෙනෙක් බ්ලීචින් පාවිච්චි කරන්නෙ වෙන වෙන ප්‍රශ්නවලට විසදුමක් කියලා හිතාගෙන.
ඉතින් මේ වගෙ ගැටලු වලට ඉන්පස්සෙ මුහුණ පාන්න වෙනවා. ඒ නිසා හැමෝම දැනුවත් වෙන්න.. ❤️❤️

හැම දෙනෙක්ම නීරෝගි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

මම
ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය )
ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා 0703482814 අංකයට whatsapp පනිවිඩයක් යොමුකරන්න

(සැ.යු.- අනන්‍යතාව තහවුරු නොවන පරිදි ජායාරූප පලකර ඇත.)

Address

Kaluwala Road
Ganemulla

Opening Hours

Tuesday 18:00 - 21:00
Friday 18:00 - 21:00
Saturday 09:00 - 12:00
18:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when HarithaAyur Healthcare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram