23/12/2025
අපි පොඩි ගමනක් යමු. තාත්තා ඩ්‍රයිව් කරනවා. අම්මා ඉස්සරහා සීට් එකේ. අම්මගේ උකුලේ ඉන්නේ හුරතල් පොඩි පුතෙක් .
"අනේ මේ ළමයව එකේ පිටි පස්සහ සීට් එකේ දාන්නකෝ..." තාත්තා කියනවා. "එපා අනේ... එයා පිටුපස සීට් එකේ තනියම තිබ්බම අඬනවා. මම මේ තද කරලා අල්ලගෙනනේ ඉන්නේ. මගේ පණ වගේ මම බලාගන්නවා. අනික අපි හෙමීටනේ යන්නේ..." අම්මා උත්තර දෙනවා.
අම්මා දරුවාව තවත් තද කරලා පපුවට තුරුල් කරගන්නවා. ඇත්තටම අම්මාගේ උකුල තරම් දරුවෙකුට ආරක්ෂිත තැනක් ලෝකෙවත් නෑ. හැබැයි... කාර් එකක් ඇතුළේදී ඇරෙන්න.
⚠️ තත්පරයකින් වෙනස් වුණු ලෝකය
කාර් එක යන්නේ වේගයෙන් නෙවෙයි. පැයට කිලෝමීටර් 40ක විතර වේගයෙන්. හදිසියේම ඉස්සරහා වාහනය බ්‍රේක් කරනවා. තාත්තාත් කලබල වෙලා තදින් බ්‍රේක් කරනවා. වාහනය ගිහින් ඉස්සරහා වාහනයේ පොඩ්ඩක් වදිනවා. ලොකු අනතුරක් නෙවෙයි. වාහනේ බම්පර් එක විතරයි පොඩි වුණේ.
ඒත්... ඒ ගැස්සීමට කාර් එකේ සෙන්සර් (Sensors) වැඩ කරනවා. "ඩඩස්...!" මහා හඬක් එක්ක ඉස්සරහා ඩැෂ් බෝඩ් එකෙන් "එයාර් බෑග්" (Airbag) එක එළියට පනිනවා.
මුළු කාර් එකම සුදු දුමෙන් පිරෙනවා. "ඔයාට තුවාලද?" තාත්තා අම්මගෙන් අහනවා. අම්මට මුකුත් වෙලා නෑ. එයාට සීරීමක්වත් නෑ.
ඒත්... අම්මගේ උකුලේ හිටපු දරුවා? දරුවාගේ බෙල්ල පැත්තකට කඩා වැටිලා. දරුවාගේ මූණ නිල් වෙලා. අර අම්මාගේ ආරක්ෂාවට තිබුණු "වායු බැලුනය", අහිංසක දරුවාගේ මූණට වැදුණේ බොක්සිං ක්‍රීඩකයෙක් බලවත් පහරක් ගැහුවා වගේ.
🔴 ඇයි අම්මාගේ ආදරේට දරුවා බේරගන්න බැරි වුණේ?
මේක තේරුම් ගන්න. භෞතික විද්‍යාවේ නීතිවලට (Laws of Physics) අම්මාගේ ආදරේ අදාළ නෑ. මෙම අනතුර විධි දෙකකට සිදුවෙන්න පුළුවන් .
🔴 අම්මාගේ අත්වලට දරන්න බැරි බර: වාහනයක් එක පාරටම නවත්වනකොට, වාහනේ ගමන් කරපු වේගයත් ළමයාගේ බරත් ගුණ වී අති විශාල බලයක් අම්මගේ අතට දැනෙන්න පටන් ගන්නවා ඒ ඇති වෙන බලය කොහෙත්ම සාමාන්‍ය මනුසේයෙක්ගේ අතකට දරාගන්න බෑ . ඒ දරුවා අනිවාරෙන්ම වීදුරුව දෙසට විසි වෙනවා.ළමයට seat belt එකකින් ආරක්ෂාවක් නැති නම් මේ ළමය ඉදිරියට විසි වෙන එක කිසි සේත්ම නවත්ත්වන්න විදහක් නැ .
🔴 එයාර් බෑග් එකේ මරු ප්‍රහාරය: එයාර් බෑග් එකක් එළියට පනින්නේ පැයට කිලෝමීටර් 300ක (300 km/h) වේගයෙන්. මේක හදලා තියෙන්නේ වැඩිහිටියෙක්ගේ හිස බේරගන්න. ඉතින් අම්මා දරුවා වඩාගෙන ඉන්නකොට, අර වේගයෙන් එන එයාර් බෑග් එක සහ අම්මාගේ ඇඟ අතර දරුවා හිර වෙනවා. මේක දරුවාගේ හිස් කබලට හා ශරිරයට මාරාන්තික අනතුරක් කිරීමට හොදටම ප්‍රමාණවත් .
⚠️ "මම දැනගෙන හිටියේ නෑ..." කියලා පසුතැවෙන්න එපා
මේ ලිපිය කියවන ඔබ, කවදාවත් ඔබේ දරුවා ඉස්සරහා සීට් එකේ වඩාගෙන යන්න එපා.
🔴 පිටුපස ආසනය පමණයි: වයස අවුරුදු 12ට අඩු දරුවන් අනිවාර්යයෙන්ම පිටුපස ආසනයේ සිටිය යුතුයි.
🔴 කාර් සීට් (Car Seat/CRS) : ඔබ නිතරම දරුවත් එක්ක වාහනේ ගමන් යනවා නම් උත්සහ කරන්න Child care seat එකක් මිලදී ගන්න . ඒක අම්මගේ අත් දෙකට වඩා දාහෙන් සම්පතක්, ආරක්ෂිතයි.
අම්මේ, තාත්තේ... දරුවා පිටුපස සීට් එකේ ඉඳන් අඬනකොට දුකයි තමයි. ඒත් ඉස්සරහා සීට් එකේ තියලා, දරුවට අනතුරක් වෙලා දුක් විදිනාවට වඩා ,ඒ දුක සැපක් නේද?
ආරක්ෂාව කියන්නේ ආදරයේ කොටසක්.
ජීවිතයක් බේරා ගැනීමට මෙම පණිවිඩය Share කරන්න.
ස්තූතියි.
හෙදියකගේ දිනපොත
⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.
#හෙදියකගේදිනපොත