Giriulla Medical Laboratory

Giriulla Medical Laboratory Medical diagnostic centre which process all the blood,urine,stool & all the body fluid testings.

Happy Birthday Director Sir!!!With love Giriulla Medical Lab family.
04/08/2025

Happy Birthday Director Sir!!!
With love Giriulla Medical Lab family.

චිකන්ගුන්යා ගැන දැනුවත් වෙමු!!!
14/05/2025

චිකන්ගුන්යා ගැන දැනුවත් වෙමු!!!

පිං බර වෙසක් මංගල්‍යක් වේවා.🙏🙏🙏
12/05/2025

පිං බර වෙසක් මංගල්‍යක් වේවා.🙏🙏🙏

Know your Diabetes!!Diabetes Type 01- Diabetes is a condition that occurs when the body cannnot maintain healthy levels ...
25/08/2024

Know your Diabetes!!
Diabetes Type 01

- Diabetes is a condition that occurs when the body cannnot maintain healthy levels of Sugar ( Glucose) in the Blood
- Type 01 Diabetes is caused by the immune system attacking and destroying the cells in the Pancreas,that normally produce Insulin
- If you develop Type 01 Diabetes,you will experience symptoms of high blood sugar including Thirst,Frequent Urination,Unexplained Weight Loss,and Fatigue
-Type 01 Diabetes cannot be cured,but it can be managed with Insulin Injections and maintaining a healthy lifestyle….

What Is DENGUE TEST [ Dengue NS1 Antigen Test]* The test helps detect Dengue infection caused by Aedes aegypti mosquito ...
15/08/2024

What Is
DENGUE TEST [ Dengue NS1 Antigen Test]

* The test helps detect Dengue infection caused by Aedes aegypti mosquito
*Doctor may recommend this test within 5 Days of Fever/Infection
*Symptoms when Dengue test may be recommended
- High Fever
- Severe Headache
- Nausea
- Pain behind the eyes
- Vomiting
- Muscle & Joint Pains

* The test will cost you 1200 LKR [Islandwide]
The results are typically available within 45 Minutes

!! Get yourself tested Today…

Filling your Father’s shoes is not easy…You and your family’s Health and Wellbeing has always been a measure of his happ...
16/06/2024

Filling your Father’s shoes is not easy…

You and your family’s Health and Wellbeing has always been a measure of his happiness.But this Father’s Day, let’s put his wellbeing first….
to all the Amazing Fathers….
🙏🙏🙏

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා🙏🙏🙏
23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා🙏🙏🙏

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
13/04/2024

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

The joy of delicious food doesn’t have to be sacrificed if you have Diabetes…The perfect food plate is all about variety...
01/04/2024

The joy of delicious food doesn’t have to be sacrificed if you have Diabetes…
The perfect food plate is all about variety and conscious choices.
Enjoy the journey to better health;One delicious bite at a time…

Merry Christmas to Everyone!!!Stay Healthy!!!
25/12/2023

Merry Christmas to Everyone!!!
Stay Healthy!!!

When did you last check your Blood Sugar Level??
14/11/2023

When did you last check your Blood Sugar Level??

10/11/2023

දියවැඩියාව
—————-

🍓ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?

👉සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ සීනී මට්ටම වැඩි වීම අපි දියවැඩියාව කියලා හඳුන්වනවා. රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා වැඩි වූ විට එම පුද්ගලයාට දියවැඩියාව ඇති බවට හඳුනා ගන්නවා.
👉 මිනිස් ශරීරයේ ඇති අග්න්‍යාශය රුධිර සීනි මට්ටම නියාමනය කරමින් අන්තරාසර්ග කාර්යය සිදු කිරීමට අවශ්‍ය ඉන්සියුලින් හෝමෝනය නිපදවනවා.

👉 කෙනෙකුට දියවැඩියාව ඇති විට මෙම ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කිරීම හෝ එහි මනා ක්‍රියාකාරීත්වය අඩාල කරනවා. එමනිසා ඉන්සියුලින් හෝමොන ඌණතාවයක් ඇත විට එය රුධිර ග්ලුකෝස් මට්ටම වැඩි කිරීමට හේතුවක්.

👉 උදාහරණයක් විදියට ඔබ බත් ආහාරයට ගත් විට එහි ඇති කාබෝහයිඩ්‍රේට් ග්ලුකෝස් බවට පරිවර්තනය වෙනවා. ග්ලූකොස් යනු අපගේ ශරීරයට ශක්තිය ලබා දෙන ශක්ති ජනකයක් .
👉 දියවැඩියාවේදී ඉන්සියුලින් හෝමෝනය රුධිරයේ ග්ලුකෝස් පාලනය කිරීමට අවශ්‍ය වෙන අතර ආහාර ගැනීමෙන් පසු ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට ද අවශ්‍ය වෙනවා.
👉 නමුත් අප ආහාර ගැනීමෙන් පසු ශරීරයේ ප්‍රමාණවත්ව ඉන්සියුලින් නොමැති වු විට සිරුරේ සීනි මට්ටම පහත හෙළීමට හැකියාවක් නොමැති අතර,සීනි මට්ටම වේගයෙන් ඉහළ යනවා.


🔥දියවැඩියාව පුද්ගලයෙකුට තිබෙන බව හඳුනාගන්නේ කෙසේද?🔥🔥

🩸අසාමාන්‍ය ලෙස පිපාසය දැනීම,
🩸කිසියම් කාලයක් තුළ ශරීරයේ බර අඩු වීම,
🩸නිතර නිතර බඩගිනි දැනීම
🩸මුත්‍රා යන වාර ගාණන වැඩි වීම
🩸ඇස් බොඳවීම
🩸අත්පය හිරිවැටීම
🩸ඇඟ අප්‍රාණික බව
🩸කාන්තාවන්ගේ සුද යෑම හා පිරිමින්ගේ ශිශ්නය පුපුරායාම
🩸මුත්‍රා සමග පෙන යාම , මුත්‍රා ආසාදනයක් 🩸
🩸අධික තෙහෙට්ටුව
🩸ලිංගික අප්‍රාණික බව
🩸කල් පවතින සුව නොවනා තුවාල
🩸බෙල්ල අවට සහ ඉකිළි ප්‍ර​දේශ තද කළු පැහැයක් ගැනීම

👉සමහර අයට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.පෙර දියවැඩියා සමයේ දී දියවැඩියා පරීක්ෂණයකින් තිබෙන අවධානම හඳුනා ගත්තොත් දියවැඩියාව හැදීම නවතාගන්න පුළුවන්.


🔥🔥 දියවැඩියා රෝගයේ ප්‍රභේද මොනවාද?

🍒දියවැඩියාවේ ප්‍රධාන වර්ග තුනකි.

✍️පළමු වර්ගයේ දියවැඩියාව (Diabetes mellitus Type 1) ළමයින් අතර හටගන්නවා- මෙහි දී ඉන්සියුලින් නිපදවන සෛල තරුණ අවධියේදීම සම්පූර්ණයෙන් විනාශ කරනවා. එවගේම ස්වයං ප්‍රතිශක්තිකරණය මගින් අග්න්‍යාශයේ බීටා සෛල විනාශ වීම සිදු වේ. එයට හේතුව නම් ඔහුගේ ශරීරය විසින් ඔහුගේම සෛල සඳහා ප්‍රතිදේහ නිපදවීමයි.

✍️දෙවන වර්ගයේ දියවැඩියාවේදී (Diabetes mellitus type 2) ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්ථි යහපත්ව තිබෙන අතර ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීම සිදු කරනවා. නමුත් මෙම ඉන්සියුලින් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයට හේතුව ප්‍රතිග්‍රාහක ඌනතාවයි. දියවැඩියාව සහිත පවුලක පුද්ගලයෙකුට ජානමය සම්බන්ධතා නිසා දෙවන වර්ගයේ දියවැඩියාව ඇති විය හැකියි.

✍️තෙවන වර්ගයේ දියවැඩියාව ගර්භණීභාවය නිසා ඇති විය හැකියි. ගර්භණී කාලයේදී පමණක් ඇති වන දියවැඩියාව ගර්භණි වී මාස හයකට පමණ පසු ඇති විය හැකියි. නමුත් මේ තත්වය ගර්භණීභාවයෙන් පසු පහව යනවා.

✍️කලාතුරකින් ශරීරයට ගන්නා සමහර ඖෂධ නිසා ද දියවැඩියා රෝගය ඇති විය හැකියි. උදාහරණයක් ලෙස ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධ දක්වන්න පුළුවන්. නමුත් මෙය කිසියම් කාලසීමාවකදී තාවකාලිකව ඇති වන තත්වයක්. එම ඖෂධ ගැනීම නතර කළ විට දියවැඩියාව පහව යනවා.
-------------------------------------------------------------------------------------------
🔥🔥ලංකාවේ මෙතරම් දියවැඩියා රෝගීන් ඇයි

✍️මෙයට මූලික හේතුව අපගේ ජීවන රටාවයි. අධික මානසික පීඩනයත් ,පාසල් වියේ සිටම දරුවන් ක්‍රියාශීලි නොවී පොතට පමණක් සීමා වී ශාරීරික ව්‍යායාම් වලින් තොර වීම මෙයට මූලික හේතුවයි .බොහෝ විට ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් උසට සරිලන බර නියමිත පරිදි පවත්වා නොගැනීම, අධික ලෙස පැණි රස හා පිෂ්ඨය සහිත ආහාර ගැනීම, ජානමය සම්බන්ධතා පැවැතීම නොසැලකිලිමත්කම හා පරික්ෂා නොකිරීම අනෙකුත් හේතු වේ
----------------------------------------------------------------------------------------------
🔥🔥 දියවැඩියාව ඇතිවිමට ජානමය සම්බන්ධතාවයේ බලපෑම කොයි වගේද?

✍️දියවැඩියාවට ජානමය බලපෑම ගැන කතා කරන විට දියවැඩියාව හා සම්බන්ධ වුණු ජානය පරම්පරාවෙන් පරම්පරාවට යනවා. පවුලෙන් පවුලට දියවැඩියා රෝගය ජාන හරහා යන විට ළඟ ඥාතියෙකුගේ සම්බන්ධතාවයකින් දියවැඩියාව ඇති වෙනවා.

🔥🔥 දියවැඩියා අවධානය ඇතිවීමේ වයස් සීමාව?

✍️ඇත්තටම නිශ්චිත වයස් සීමාවක් කීමට නොහැකි තරමට හැම වයස් සීමාවකම වගේ දියවැඩියා රෝගීන් හමුවෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ට වැඩි නම් දියවැඩියාව පරීක්ෂා කරගැනීම සුදුසුයි. නමුත් ඊට වඩා අඩු වයසකදී වුවද ශරීරයේ බර වැඩි නම්, ආතතියෙන් පෙළීම, නිතර අලස වීම, ගර්භණි වීමට පෙර වැනි රෝග ලක්ෂණ තිබුණොත් දියවැඩියාව පරීක්ෂා කිරීම සුදුසුයි.

----------------------------------------------------------------------------------------------
🔥🔥දියවැඩියාවෙන් ඇති වෙන බලපෑම

🍒අංශභාගය
🍒හෘදයාබාධ
🍒වකුගඩු නරක් වීම
🍒ඇස් නොපෙනීම
🍒ස්නායු දිය වීම
🍒හොඳ නොවන තුවාල මගින් පාදය ඉවත් කිරීමට සිදුවීම්
🍒ලිංගික බෙලහීනතාවය
🍒ප්‍රතිශක්තිකරණය දුර්වලව නිතර ආසාදන ඇතිවීම

----------------------------------------------------------------------------------------------
🔥🔥 ඖෂධ නොගෙන දියවැඩියාව පාලනය කළ හැකිද?

✍️දියවැඩියාව හැදුනට පසුව නියමිත ප්‍රමාණයට පාලනය කරගැනීමට නම් ඖෂධ අවශ්‍ය වෙනවා. දියවැඩියාව කියන්නේ බෝ නොවන රෝගයක් නමුත් දීර්ඝකාලීනව ඔබ සමඟ රැදෙන රෝගයක්. දියවැඩියාව වැළඳූනාට පස්සේ පළමු වසර 10 තුළ ඔබ දියවැඩියාව පාලනයට ගන්නා ක්‍රියාමාර්ග මත ඊළඟ වසර 10 ගත කරන්නේ කෙසේද යන්න තීරණය වෙනවා. පළමු වසර 10 නිසි පරිදි දියවැඩියාව පාලනය කරන රෝගීන් ඊළඟ වසරවල සංකූලතා සඳහා මුහුණ දෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා ඖෂධ ගෙන, ආහාර පාලනය කර හා ව්‍යායාම කර නිවැරදිව දියවැඩියාව පාලනය කර ගත හැකියි.

🔥🔥 බොහෝ අය විශ්වාස කරනවා දියවැඩියාවට ගන්නා ඖෂධවලින් වකුගඩුවලට, අක්මාවට හානි වෙනවා කියලා

✍️වැළඳී තිබෙන දියවැඩියා රෝගය නිසි පරිදි පාලනය කර නොගැනීමෙන් තමයි මෙම අවයවවලට හානි වෙන්නේ. මේ වසරට දියවැඩියාවට ගන්නා මෙට්ෆොමින් ඖෂධයට වසර සියයක් පිරෙනවා. අතුරු ආබාධ තිබෙනවනම් මෙතරම් කාලයක් එම ඖෂධය දියවැඩියාව සඳහා රෝගීන්ට දෙන්න පැවත එන්නේ නැහැ. වැදගත් වන්නේ වෛද්‍යවරයෙකුගේ නිසි නිර්දේශය මත නිසි මාත්‍රාවට දියවැඩියා ඖෂධ ලබා ගැනීමයි.
----------------------------------------------------------------------------------------------
🔥🔥ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබත් වයස 35ට වැඩි නම් හෝ අවදානම් පුද්ගලයෙක් නම් අදම
👉නිරාහාර සීනි පරීක්ෂණය
👉 කොලෙස්ට්‍රෝල් පරීක්ෂණය
👉අක්මාවේ තෙල් පරීක්ෂණයක්
👉 Hba1c
සිදුකරගන්න.

🔥🔥 දියවැඩියාව සෑදුණු පුද්ගලයකුගේ ආහාරය/ජීවන රටාව කෙබඳුද ?

✍️බත් ආහාරයට ගැනීමට අවශ්‍ය වූ විට කාන්තාවක් නම් බත් කෝප්ප එකක්ද, පිරිමි පුද්ගලයෙකු නම් බත් කෝප්ප 1 ½ ද වශයෙන් ආහාරයට ගත හැකියි.නිවුඩු හාල් හෝ තම්බපු හාල් ආහාරයට ගන්න. මෙය පිඟාන ආකෘතික සංකල්පයයි. අපි කන පිඟානේ භාගයක්ම කෙඳි සහිත ආහාරවලින් අන්තර්ගත විය යුතුයි. එළවළු ප්‍රමාණය වැඩි කරන්න. පිඟානේ ඉතිරි කොටස ප්‍රොටීන්වලින් සම්පූර්ණ කරගන්න.ඒ සඳහා හැකි පමණ මාළු, බිත්තර භාවිතයට ගන්න.
🍒නිතර ජලය පානය කිරීම.
🍒දවසකට අඩුම තරමින් විනාඩි තිහක් හෝ ව්‍යායාම
🍒උසට සරිලන බර පවත්වාගෙන යෑම
🍒මානසික ආතතියෙන් තොර සරල ජීවන රටාවකට හුරුවීම
🍒දුම්පානයෙන් මත්පැන් පානයෙන් වැළකීම
🍒වෛද්‍ය උපදෙස් පරිදි නියමිත මාත්‍රාවෙන් ඖෂධ භාවිතය.
--------------------------------------------------------------------------------------------------------------------------------
🔥🔥දියවැඩියාව සුව කළ හැකිද?

✍️ඉහත පරිදි ජීවන රටාවේ වෙනසක් ව්‍යායාම් කෑම පාලනය හා නිසි ඖෂධ භාවිතය මගින් දියවැඩියාව සංකූලතා වලින් තොර ව පාලනය කරගත හැක.

උපුටා ගැනීමකි.

Address

No. 96, Main Street,Giriulla
Giriulla

Telephone

0372288309

Website

Alerts

Be the first to know and let us send you an email when Giriulla Medical Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category