Ven. Mapegamuwe Deepananda Thero

Ven. Mapegamuwe Deepananda Thero යමෙකු අප්‍රමාදීව ලොව්තුරා ධර්මය තුළ හැසිරෙයිද , ඔහු මේ අනවරාග සංසාර ගමනෙන් මිදීමට සමත් වෙයි.........

නිරතුරුවම ධර්මශ්‍රවණය කරන්න...      පෙරුම් දම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ නමක් ඔබට  එළි කරන ධර්ම...
13/01/2026

නිරතුරුවම ධර්මශ්‍රවණය කරන්න...

පෙරුම් දම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ නමක් ඔබට එළි කරන ධර්මය අප්‍රමාණ දුක් සහිත වූ සංසාර ගමනින් සත්වයා හට නිදහස් වීම පිණිස මග පෙන්වන එකම මාර්ග දර්ශනය වේ. නොයෙක් වූ ජාතීන්හි සත්වයා ඉපදෙමින් ලෙඩ වෙමින් වයසට යමින් මරණයට පත් වෙවී ගෙවා දමන මේ පීඩිත වූ සසර ගමනින් නිදහස් වීමේ ප්‍රතිපදා මාර්ගය ධර්මය තුළින් දේශනා කරනු ලබයි . එවන් පරම ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් ලොවට එළිපෙහෙළි වීමද අතිශයින්ම දුර්ලභ කරුණකි .

සංසාර ගමනෙහි රුදුරු බව අවබෝධ කරගත් සත්වයන් එහි නිමාව පිණිස ධර්ම මාර්ගයේ කටයුතු අරඹන්නට ධර්මශ්‍රවණය කළ යුතුයි. වටිනා මනුස්ස ජීවිතයක් නම් අනර්ඝ වූ සම්පත්තියක් ලද මොහොතෙහි එකී සම්පත්තිය විපත්තියකට පෙරළා නොගෙන ලද සම්පත්තියෙන් මහත් වූ සම්පත්තියක් හිමි කර ගනු පිණිස කටයුතු යොදා ගැනීම කළ යුතු ක්‍රියාවකි . එම මහත් වූ සම්පත්තිය වනාහි නිර්වාණ සම්පත්තියයි . එම සම්පත්තිය උදාකර ගනු පිණිස සෑම දෙනා හටම සද්ධර්ම ශ්‍රවණය උපකාර වේ . නිර්වාණ ප්‍රතිපදා මාර්ගයේ පළමු ඵලය වන සෝවාන් ඵලය අවබෝධයට සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයේ ඵල සූත්‍ර දේශනාව තුළ දක්වන අන්දමට අංග සතරක් සම්පූර්ණ විය යුතු . එහි දෙවැන්න වනාහි සද්ධර්ම ශ්‍රවණයයි . යමෙක් නිර්වාණය අවබෝධ කරයිද ඔහු එකී කටයුත්ත සිදු කරගන්නේ ධර්මශ්‍රවණයේ ප්‍රතිඵලයක් ලෙසමය .

මනුෂ්‍ය ජීවිතයක උපත ලද සත්වයා හට කෙතරම් ධනය බලය පැවතියද ලෝකයා හදවතින්ම ඔහුට ගරු කරන්නේ ගුණවත් බව මතයි. එසේ හෙයින් මිනිසුන් සිය ගුණධර්ම සංවර්ධනය කරනු පිණිස බණ ඇසීම මහත් වූ උපකාරයකි . ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයාගේ ගුණයන් සුපෝෂණය වීමත් නිර්වාණ ප්‍රතිපදාව වැඩි දියුණු වීමත් සිදුවේ . ධර්ම ශ්‍රවණය කරන විට පුද්ගලයා හට කර්මය පිළිබඳව , සසරෙහි පැවැත්ම පිළිබඳව , ස්කන්ධ පඤ්චකයේ යථා ස්වභාවය පිළිබඳව , දුක පිළිබඳව , දුකට හේතුව වන තණ්හාව පිළිබඳව ආදි වූ ගම්භීර ධර්මතා පිළිබඳව ධර්මඥානයන් පහළ වේ .

ධර්මශ්‍රවණය පහසු ක්‍රියාවක් නොවේ . ධර්මශ්‍රවණය කිරීම ධර්මය කෙරෙහි අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව කළ යුතු ක්‍රියාවකි . එසේම එයට මනා වූ සිහිය පැවැත්වීම ද වැදගත් වේ . ධර්මශ්‍රවණය කිරීම නම් සිනාසීමට යමක් ඇසීම හෝ විනෝදය පිණිස යමක් ඇසීම හෝ මිහිරි නාදය රටා ඇසීම හෝ යමෙකුට ගරහා කිරීම ඇසීම ආදිය ශ්‍රවණය කිරීම නොවේ . භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය වූ නිර්මල පරියාප්තිය ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණයයි .

කවුරුන් වුවත් කෙතරම් වැරදි අඩුපාඩු ජීවිතයේ තිබුණත් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි . එසේම පුද්ගලයන් විසින් " කෙතරම් බණ ඇහුවත් ඔහු ළඟ අඩුපාඩු ඇතැයි " චෝදනා කළද ඔබ ධර්ම ශ්‍රවණය කළ යුතුයි . ධර්මශ්‍රවණය කිරීම කිසිවිටෙකත් කිසිම හේතුවක් නිසා නතර කිරීමද නොකළ යුතුය . මක්නිසාද ධර්මය ඇසෙන විටයි තමන් තුළ පවතින අඩුපාඩු තමන්ට දර්ශනය වී කෙමෙන් කෙමෙන් එම අඩුපාඩු දුරුකර ගැනීමට පුළුවන්කම සැලසෙන්නේ . ධර්ම ශ්‍රවණය කිරීම කැඩපතක් භාවිතා කිරීම සේය . යමෙක් කැඩපතක් භාවිතා කරන්නේ තමන්ගේ අඩුපාඩු බලා සකස් කර ගැනීමටය. ධර්මය ශ්‍රවණය කරන්නා වූ අප හට නිර්වාණ ප්‍රතිපදාවේදී සිදුවන වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීමට එය උපකාර වේ .

ධර්මය ශ්‍රවණයට අවස්ථාවක් සැලසීම ඉමහත් වූ ලාභයකි . එකී අගය මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකිය . අයෙකුට ආහාරපාන ලැබුණහොත් එය එක් වේලකට පමණක් ප්‍රමාණවත් වේ . ඇඳුම් පැළඳුම් ලැබුණොත් එය වසර කීපයකට ප්‍රමාණවත් වේ . ඉඩකඩම් ගේ දොර යාන වාහන ආදිය ලැබුණොත් එය උපරිම එක ජීවිතයකට පමණක් ප්‍රමාණවත් වේ . නමුත් ධර්මයෙන් ලැබෙන ලාභය නිර්වාණාවබෝධය වෙනතුරුම උපකාර වේ . එසෙයින් විනාඩි 1440 ක් පවතින දවසින් විනාඩි 50 ක් වත් නිරන්තරයෙන් වෙන්කරගෙන ධර්මශ්‍රවණය කිරීම ඉමහත් වටිනාකමක් සහිත වූ තමන් විසින් තමන්ටම අනුකම්පාවෙන් සිදු කරගන්නා සත් ක්‍රියාවකි .

සහස‍්සම‍්පි චෙ වාචා අනත්‍ථපදසංහිතා
එකං අත්‍ථපදං සෙය්‍යො යං සුත්‍වා උපසම‍්මති.
( ධම්මපදපාළිය - සහස්ස වග්ගය)
අනර්ථවත් පද දහසකට වඩා නිර්වාණ ප්‍රතිසම්ප්‍රයුක්ත වූ ස්කන්ධාදිය පිළිබඳව ප්‍රකාශ වන අර්ථවත් පදයක් උතුම් වන්නේ වෙයි . එබැවින් රාග ද්වේශ මෝහ වඩවන කතාවලට දෙසවන් යොමු කිරීමට වඩා වීතරාගී බවට වීතදෝසි බවට වීතමෝහී බවට මඟ කියන බුදු වදන් ශ්‍රවණය කිරීමට යොමුවීම බොහෝ සේ අපටම ප්‍රයෝජන පිණිස පවතින්නකි .

එසේම ධර්මශ්‍රවණය කරන සැදැහැතියන් හට මෙලෙස ආනිසංස ලැබෙන වගද දේශනාව තුළ දක්වයි;

පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ආනිසංසා ධම‍්මසවණෙ. කතමෙ පඤ‍්ච:
අස‍්සුතං සුණාති, සුතං පරියොදපෙති, කඞ‍්ඛං විතරති, දිට‍්ඨිං උජුං කරොති, චිත‍්තමස‍්ස පසීදති. ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ආනිසංසා ධම‍්මසවණෙති.
( අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ධම්මසවණ සූත්‍රය )
සදහම් ඇසීමෙහි අනුසස් පහක් වෙයි . පළමුවැන්න නොඇසූ ධර්ම කරුණු ශ්‍රවණයට අවස්ථාව සැලසේ . දෙවැන්න ඇසූ දෑ පිරිසිදු කරගන්නත් මනාව වටහා ගන්න අවස්ථාවත් සැලසේ . එකම දේශනාවක් වුවද මීට පෙර අසා තිබේ යැයි බැහැර නොකර ශ්‍රවණය කරන්න . එකම දේශනාව දස වරක් වුවද අසන කල නව වාරයක් තුළ නොඇසූ කරුණක් දසවන වර ඇසෙන්නට පුළුවන . එකම දේශනාව හෝ නැවත නැවත ශ්‍රවණය කිරීමෙහි ලාභය වටිනාකම පිළිබඳව නන්දකෝවාද සූත්‍ර තුළින් පැහැදිලි වේ . තුන්වැන්න නම් බුද්ධාදී අට තැන් පිළිබඳ වූ සැකය දුරු වීමයි. සිව් වැන්න දෘෂ්ටිය සෘජු වීම. නිර්වාණ ප්‍රතිපදාව තුළ සෘජු වූ දැක්මකින් සම්මා දිට්ඨියෙන් යුතුව පියවර නැගීමට අවශ්‍ය ධර්මඥානය පෝෂණය වේ . එසේම පස්වැන්න සිතේ පැහැදීම ඇතිවීම සිදුවේ .

නිර්වාණ මාර්ගයේ පරිපූර්ණව වැඩීමට ධර්ම ශ්‍රවණය බාල මහලු තරුණ වැඩිහිටි ගිහි පැවිදි සෑම දෙනාම විසින් සිදු කළ යුත්තකි . එබැවින් සෑම දෙනාම " මාගේ පංචනීවරණ ධර්ම යටපත් වීම පිණිසත් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩි දියුණු වීම පිණිසත් නිර්වාණාවබෝධය පිණිසත් මේ දේශනාව උපකාර වේවා " යන ප්‍රාර්ථනා සහගත බලාපොරොත්තුවෙන් මනාවූ සිහියෙන් නිරතුරුවම ධර්මශ්‍රවණය කෙරෙත්වා !

පූජනීය මාපේගමුවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ

09/01/2026

රට්ඨපාල කුමාරයෝ සේරම අතහැරලා දාලා ආපු එක සාධාරණ නැද්ද ?....
Ven. Mapegamuwe Deepananda Thero

https://youtu.be/zRo44_Zybl8?si=Xx_w3Bq8SgCu2BJ3
07/01/2026

https://youtu.be/zRo44_Zybl8?si=Xx_w3Bq8SgCu2BJ3

බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලය හරහා පූජනීය මාපේගමුවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණ....

උදා වූ 2026 වසර සැමට පින්සාර වූ වසරක් වේවා !!!
01/01/2026

උදා වූ 2026 වසර සැමට පින්සාර වූ වසරක් වේවා !!!

සම්මුතියෙන් වර්ෂයක් අවසන් වෙලා නැවතත් වර්ෂයක් ඇරඹෙන්න තවත් හොරා කිහිපයක් පමණක් පවතී .                               සම්ම...
31/12/2025

සම්මුතියෙන් වර්ෂයක් අවසන් වෙලා නැවතත් වර්ෂයක් ඇරඹෙන්න තවත් හොරා කිහිපයක් පමණක් පවතී .

සම්මුතියෙන් වර්ෂයක් නමින් හෝ මේ ගෙවෙන්නේ ඔබට මේ මනුලොව ගතකිරිමට ලද කාලයයි .
ඇත්තටම මනුෂ්‍යයනට මේ මනුලොව ඉපිද කල් ගතකොට ඉඳින්නට මහා කාලයක් උරුම වෙලා නැහැ ,

පුද්ගලයෙක් අවුරුදු 80 ක් තමන්ගේ ජීවිතය ගත කළත් ජීවත්වීමට ඇත්තේ දින 30,000 කටත් වඩා අඩු ප්‍රමාණයක් , මේ වෙනකොට ඔබේ ජීවිතය තුළ දින කීයක් නම් ගෙවී අවසන්ද ?

සම්මුතියෙන් 2025 වර්ෂය නමින් ඔබට පැවති දින 365ත් අදින් අවසන් .

නමුත් , තවමත් බහුතරයකටම ජීව්තය සැනසීමක් සහිතව ගතකරන්න ලැබී නැත , බොහෝ දෙනා ජීවිතය සිහින මත හඹායෑම සිදු කරයි . ඒ තුළින් එක සිහිනයක් වෙනුවෙන් ඔවුන් දහසකුත් දුක් විදිනු බලයි . එලෙස දහසකුත් දුක් විදිමින් සැබෑ කරගන්නා සිහිනයද නිමේෂයකින් අහිමි වෙනු ඇත , මොකද ලෝකය තුළ වූ සියලු හිමිවීම් අහිමිවී කෙළවර කොට පවතින්නක් බැවිනි .

සිය අපේක්ෂා භංගත්වයන් , අහිමිවීම් , වෙන් වීම් ආදියෙන් සත්වයා ඒ වෙනුවෙන් ද ශෝක කරන්නට කාලය වැය කරයි . මෙවන් වූ අනේක විද වූ කාරණා නිසා ඔබට ජීවිතය තුළ සැනසීමෙන් ගත කරන්න කාලය නොලැබී ඇත .

සිහියට නන්වා බලන්න ඔබ මේ ගෙවා දමන ලද 2025 නම් වූ සම්මුති වර්ෂය තුළ කෙතරම් නම් වෙහෙස වී සමාජතුළ කටයුතු කළාද ඒ තුළින් ඔබව සමාජයට හොදින් හමු වෙලා , නමුත් ඔබට සැනසීමෙන් ගත කරපු දින නම් කීයක් හිමි වී තිබුණේද යන්න .

බොහොම පොඩි දින ගණනක් ඇති , සමහරුන්ට නැතුවම ඇති .

ගෙවීගෙන යන සම්මුති වර්ෂය නම් වූ දින 365 ක් තුළ මිනිසුන් උදේ රෑ නැතුව වෙහෙසෙමින් සුවයක් සොයනු ලබයි . ඒ වෙනුවෙන් වෙහෙසෙන හැම දෙනාම හැම විටකදීම අනෙකුත් කටයුතු වෙනුවෙන් මට වෙලාවක් නැහැ කියන වචනය පාවිච්චි කරයි .
අධික ලෙස වෙහෙසෙමින් පහසුව සැපය සිව්වද එහි ප්‍රමාණාත්මක බවක් ඇති නොවේ .

"න කහාපණවස්සේන – තිත්ති කාමේසු විජ්ජති"

මේ නව සම්මුති වර්ෂයෙත් ඔබ ඒ වැරැද්ද කරන්න එපා , ඔබ ඔබ වෙනුවෙන් කටයුතු කරන්න ඔබ ඔබව සොයාගන්න , ඔබ ඔබේ පැවැත්ම වෙනුවෙන් ධනෝපායන මාර්ග වෙනුවෙන් වෙහෙසෙනවා වගේම ඔබ කුසලයට වෙහෙසෙන්න . සංසාර දුක් කෙළවර කරගැනීම පිණිසත් වෙහෙසෙන්න ,

එවිට , සමාජයට ඔබව හමුවුණත් හමුණොවුනත් ඔබට ඔබව හමුවෙවී . එවිට ඔබ සැබෑ සැනසීම තුළ ජයග්‍රහයෙකි . ඉතිරි සීමිත දින කිහිපය ඔබ ඔබේ සැනසීම වෙනුවෙන් කැපකරන්න

මොකද , ඔබට තව බොහෝ කාලයක් ඉතිරිව නැත.

2026 නම් වූ සම්මත නව වසර ඔබට ඔබේ සැනසීම හිමිවෙන දහම් මාවතේ සොඳුරු ලෙස පියවර යෙදෙන පින්බර වසරක් වේවායි ආශිර්වාද කරමි...

✍️මාපේගමුවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ

තෙරුවන් සරණයි !

24/12/2025

ප්‍රිය මනෝභාවය දුරුකරගන්න මහන්සි වෙන්න...
Ven. Mapegamuwe Deepananda Thero@top fans

https://youtu.be/RudUJvpCfk8?si=boVMdjGshhaUBZlT
23/12/2025

https://youtu.be/RudUJvpCfk8?si=boVMdjGshhaUBZlT

ෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිසරූපවාහිනී - TV (කොළඹ ශාඛාව)බෞද්ධයා රූපවාහිනී නාලිකාව,+94 11 7 215 2...

21/12/2025
18/12/2025

භාග්‍යවතුන් වහන්සේ තරම් ඔබේ මගේ නිවනට කැපවෙච්ච වෙන කෙනෙක් නෑ...
Ven. Mapegamuwe Deepananda Thero@top fans

බුද්ධ සාසනයක් ලද මොහොතෙ සසර නැවතුමට කටයුතු කරන්න | Ven. Mapegamuwe Deepananda Thero
18/12/2025

බුද්ධ සාසනයක් ලද මොහොතෙ සසර නැවතුමට කටයුතු කරන්න | Ven. Mapegamuwe Deepananda Thero

බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලය හරහා පූජනීය මාපේගමුවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඛුද්දක නිකායේ , ඉතිවුත්තක .....

සබ්බ ලොකේ අනභිරත සඤ්ඤාව | Ven. Mapegamuwe Deepananda Thero
07/12/2025

සබ්බ ලොකේ අනභිරත සඤ්ඤාව | Ven. Mapegamuwe Deepananda Thero

බෞද්ධයා ගුවන්විදුලි මාධ්‍ය ජාලය හරහා පූජනීය මාපේගමුවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ විසින් දස සඤ්ඤාවන් හි සබ්බ ලොකේ...

25/11/2025

කිරිවෙහෙර සෑ සමිඳු උදෙසා පැවැත්වූ කීරපායාස පූජාව...
#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸ fans

Address

Gokarella

Telephone

+94715111107

Website

Alerts

Be the first to know and let us send you an email when Ven. Mapegamuwe Deepananda Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram