08/07/2025
අද අපි කතා කරන්න ටිකක් වෙනස් මාතෘකාවක් ගැන..ඒ තමයි පනු රෝග සහ ඒවාට ලබා දෙන ඖෂධ සම්බන්ධව..
මුලින්ම කතා කරමු පණු රෝගවල ලක්ෂණ මොනවද කියලා..
ආහාර අරුචිය, බඩේ වේදනාව, කැක්කුම,ගුද මාර්ගය අවට කැසීම,ශරීරයේ බර අඩුවීම,මලපහ සමග රුධිරය පිටවීම ,නීරත්තිය
මෙවැනි ලක්ෂණ පනු රෝගයේ ලක්ෂණය.
දැන් කතා කරමු පනු රෝග ඇතිවෙන්න හේතු මොනවද කියලා..අපිරිසිදු ඇඳුම් භාවිතය,අපිරිසිදු ආහාර ජලය භාවිතය,එළිමහනේ මලපහ කිරීම,වැසිකිලි භාවිතයෙන් පසු පිරිසිදුව සබන් යොදා දෑත් නොසේදීම,එළිමහනේ යන විට පාවහන් නොපෙළදීම,එළවළු සෝදා භාවිතයට නොගැනීම,
මෙය වළක්වා ගන්නේ කෙසේද..
පිරිසිදු ඇඳුම් භාවිතය,කුඩා දරුවන්ගෙන් නිය කොටට කපා තැබීම,එළිමහනේ යන විට පාවහන් භාවිතය,වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා දෑත් සේදීම,යට ඇඳුම් ඇඳ ඇතිරිලි හොඳින් සෝදා හොඳින් හිරු එළිය වැටෙන තැනක වේලා ගැනීම,එළවලු පලා වර්ග හොඳින් සෝදා ආහාරයට ගැනීම,මස් වැනි දෑ හොඳින් පිසගැනීම..
පණු විශේෂ මොනවාද..?.
කිරිපනු (Tread worm)
වටපනු (round worm)
කොකු පනු (hook worm)
කස පණු (whip worm)
පටිපනු (tape worm)
දැන් අපි බලමු මේවට තිබෙන ඖෂධ වර්ග මොනවාද කියලා..ප්‍රධාන ඖෂධ වර්ග තුනක් තියෙනවා.
Albendazole 400mg tablet
Mebendazole 100mg/500mg tablet ,syrup
Pyrantel Pamoate 125mg/250mg,syrup
Albendazole 400mg රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකකට පසු ලබාගන්න..chewable tablet හොඳින් හපන්න ..ජලය පානය කරන්න..ගර්භනී මව්වරුන් සඳහා සුදුසු නොවේ..වයස අවුරුදු දෙකට වඩා අඩු දරුවන් සඳහාද ලබා දෙන්නේ නැහැ..
Mebendazole 100mg/500mg ගර්භනී මව්වරුන් සඳහා මාස තුනෙන් පසුව සුදුසුවේ..අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා ලබා දෙන්නේ නැහැ..සියලුම ආකාරයේ පනු විශේෂ වර්ග මර්ධනය කිරීමට සුදුසුයි..100mg උදේ හවස බැගින් දින තුනක්..රෝග ලක්ෂණ පහ නොවන්නේ නම් දින දාහතරට14 පසුව එම මාත්‍රාවම නැවත ලබා ගැනීම සාමාන්‍ය ආකාරයයි..එසේ නැත්නම් 500mg එක් මාත්‍රාවක් ..රාත්‍රී ආහාරයෙන් පසු ලබාගන්න..මේ සාමාන්‍යයෙන් ඖෂධ ලබා ගන්නා ආකාරයයි..
Pyrantel Pamoate
125mg/250mg tablet ,syrup වර්ග ඈත..වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්ට ලබාදීම සිදුකරයි සාමාන්‍යයෙන් බර අනුව කුඩා දරුවන්ට ලබාදේ..10mg/1kg ලෙස ලබාදේ .
සියලුම පණු විශේෂ සඳහා යෝග්‍ය නොවේ..කසපනු (whip worm) සහ කොකු පනු (hook worm ආකාර කීපයක් ඇත එයින් එක් විශේෂයක් සඳහා සුදුසු නොවේ)ගර්භණී සඳහා ලබාදීම අවධානම් සහගතය..
මෙම ඖෂධ මගින් සිදුව සිදුවනවා පණුවන්ගේ Glucose Utilization inhibit and prevent ක්‍රියාවලිය වන අතර..පසුව ශක්තිය නොමැතිවීම හේතුවෙන් පණුවන් මිය යාම සිදුවේ..
එම ඖෂධ ආකාර තුනෙන් Mebendazole ඖෂධය පමණක් වගේ නිර්දේශයකින් තොරව ලබාගත හැක. අනිත් ඖෂධ දෙකම වෛද්‍ය නිර්දේශයකින් ලබාගත යුතුය..prescription only medicines
නෑම විටම වෛද්‍ය නිර්දේශ මත ඖෂධ ලබා ගන්න..එම උපදෙස්
Worm treatment albendazole, mebendazole, pyrantel pamoate all things you should know