Damrivi Foundation

Damrivi Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Damrivi Foundation, 51/A, Isipathana Mawatha, Colombo.

We are a group of Academics and Professionals who have organized ourselves as 'Damrivi Foundation' who are committed to realizing the spiritual, social and economic aspirations of our people and their aspirations for good governance of Sri Lanka thro

දම්රිවි පදනමේ මනෝ උපදේශිකා විශාකා සමරසේකර සහ කුසුම් ද සිල්වා යන මහත්මින්ගේ සම්පත් දායකත්වයෙන් බම්බලපිටිය වජිරාරාම දහම් ප...
27/09/2025

දම්රිවි පදනමේ මනෝ උපදේශිකා විශාකා සමරසේකර සහ කුසුම් ද සිල්වා යන මහත්මින්ගේ සම්පත් දායකත්වයෙන් බම්බලපිටිය වජිරාරාම දහම් පාසල් ගුරුවරුන් උදෙසා සිසුන්ගේ මානසික ගැටලු හදුනා ගනිමින් ඔවුන් සමග කටයුතු කිරිම වර්ධනය කිරිමේ වැඩසටහන 2025.09.21 වන ඉරුදින පැවැත්විය. 💫✨️

දම්රිවි මනෝ උපදේශන ආයතනයේ සීමාවාසික පුහුණුව ලබන සිසුන් සහභාගිත්වයෙන් පැවති  උපදේශන කදවුර මහරගම ශාන්ත සෙවණෙහි (ஷாந்த செவன...
24/09/2025

දම්රිවි මනෝ උපදේශන ආයතනයේ සීමාවාසික පුහුණුව ලබන සිසුන් සහභාගිත්වයෙන් පැවති උපදේශන කදවුර මහරගම ශාන්ත සෙවණෙහි (ஷாந்த செவன, SHANTHA SEVANA HOSPICE) දම්රිවි පදනමේ උපදේශන පර්යේෂණ පුහුණු අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, දම්රිවි මනෝ උපදේශක උපදේශකවරියන්ගේ සම්පත් දායකත්වයෙන් සාර්ථක ලෙස 2025.09.20 වැනි දින පැවැත්විය.
😊💫

23/09/2025
22/09/2025

යහපත් මනසකට පුළුවන් ජිවිතය වෙනස් කරන්න....I 😊 ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන්

අගය කිරිම පවුලේ දියුණුවට කොපමණ බලපානවද?? 😊👨‍👩‍👧‍👦👨‍👩‍👧  I Dr. Suranga Amarakoon / ආචාර්ය සුරංග අමරකෝන්
11/09/2025

අගය කිරිම පවුලේ දියුණුවට කොපමණ බලපානවද?? 😊👨‍👩‍👧‍👦👨‍👩‍👧 I Dr. Suranga Amarakoon / ආචාර්ය සුරංග අමරකෝන්

අගය කිරීම පවුලේ දියුණුවට කොපමණ බලපානවද? | Adaraneeya Jeewithaya | Suranga Amaratunga | 10 - 09 - 2025The First and the Only 4K ULTRA HD Television channel in...

සමාජ මාධ්‍ය ජාලාවන්හි බලපෑම පුද්ගලයකුගේ සියදිවි  නසා ගැනීමට හේතු විය හැකිද? 😓👇🧏‍♂️සබරගමුව සරසවි සිසුවාගේ සියදිවි නසා ගැන...
11/09/2025

සමාජ මාධ්‍ය ජාලාවන්හි බලපෑම පුද්ගලයකුගේ සියදිවි නසා ගැනීමට හේතු විය හැකිද?
😓👇🧏‍♂️

සබරගමුව සරසවි සිසුවාගේ සියදිවි නසා ගැනීමේ පුවත ඔබට මතකද? එමෙන්ම වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබුණි.

මෑත කාලීන සියදිවි නසා ගැනීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ. වවුනියා පාසලක ගුරුතුමියක් ලෙස කටයුතු කළ ඇය බලාපොරොත්තු වූ සේවා ස්ථාන මාරුව නොලැබීම හේතුවෙන් සියදිවි නසා නසාගෙන ඇත.

රාත්‍රියේ මග වැරදුනු තරුණයා වෙනත් ප්‍රදේශයකින් බසයෙන් බැස නිවස හඳුනා ගැනීමට නොහැකිව වෙනත් නිවසකට ගොස් තට්ටු කරන විට ගම්මුන් විශ්වාස කරන්නේ ඔහු සොරෙකු බවයි. ඔහුට පහරදී සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරණය කොට ඇත. එම හේතුවෙන් කළකිරි ඔහු සිය දිවි නසාගෙන ඇත. මෙම සිදුවිම් සියල්ල ඉතා සංවේදී සිද්ධින්ය... 😥

ඇතැම් විට ඔබේ හිතමිතුරන් යම් ගැටලුවක බව ඔබට හැගි යන අවස්ථාවන් ඇතිවි තිබෙන්නට පුලුවන....

"මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ...."

"මගේ ජීවිතෙන් කිසිම වැඩක් නෑ...."

" මට මැරෙන්න හිතෙනවා..."

ආදී ප්‍රකාශයන් ඉදිරිපත් කරන ඔබේ මිතුරන්ට ඔබේ සමීපතමයන්ට මෙන්ම ඔබේ පවුලේ පුද්ගලයෙකුට ඒ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ අවවාද අනුශාසනාදීම නොව ඔහුට සවන්දීමයි. එබැවින් ඔබේ සමිපතමයන්ගේ අදහස් පිළිබදව සංවේදී විම වැදගත්. එවන් අවස්තාවන් වලදි
එමෙන්ම හැකි ඉක්මනින් ආරක්ෂිත වටපිටාවක් තුල මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමයි.

අද වනවිට ලංකාව තුළ මෙවැනි සියදිවි නසා ගැනීමේ සිද්ධි සමාජ මාධ්‍යයන් තුළ නිදහසේ සංසරණය වීම මත යම් ගැටලුවක් තමන්ගේ ජීවිතයට ඇතිවූ විගස ඒ සඳහා ඇති එකම විකල්පය සියදිවි නසා ගැනීම බවට ඔවුන්ගේ මනස තුළ තැන්පත් වීමක් හා පෙළබවීමක් ඇතිවිය හැක. මෙවැනි පුවත් මුහුණු පොතේ මෙන්ම සමාජ මාධ්‍යයේ සංසරණය වීම වාර්තා (Report) කිරීමට කටයුතු කිරීම ඔබේ සමාජ වගකීමක් වනුයේ ඒ නිසයි... මෙවැනි අවස්ථාවන්වල ජනමාධ්‍යවේදීන් සතු වගකීම් රාශියක් පවතිනවා, නමුත් ඔවුන් ජනමාධ්‍යයවේදියකුගේ වගකීම් නිසියාකාරව ඉටුකරනවාද යන්න ගැටලු සහගතයි. සියදිවි නසා ගත් ආකාරය පිළිබඳව මාධ්‍ය වගකීමකින් තොරව සවිස්තරාත්මකව වාර්තා කිරිම හරහා ඔවුන් එවැනි දෑ අත්හදා බැලීමට යොමුවීමේ ඉඩ ප්‍රස්ථාව බහුලයි. සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ දී සියදිවි නසා ගැනීමට යොදාගත් උපක්‍රම සඳහන් කිරීම, සියදිවි නසාගත් පුද්ගලයාගේ ඡායාරූප, වීඩියෝ සහ ඔවුන් ලියා තැබූ දේ පළකිරීම, සරල හේතු ගෙනහැර දැක්වීම ආදිය නොකළ යුතුය.

ඉතින් සමාජ මාධ්‍ය මෙවැනි දෑ ප්‍රවර්ධනය කිරීම වෙනුවට ඉන් ඔබ්බට ගැටලුවක් ඇති වූ විට ඒ සඳහා සියදිවි නසා ගැනීම විකල්පයක් නොවන බවත් එවැනි දෑ වළක්වා ගැනීමට නම් ගත යුතු ක්‍රියාමාර්ගයන් සහ ආයතන පිළිබඳ දැනුවත් කිරීම කළ යුතුයි. සියදිවි නසා ගැනීමේ අවදානම සහ ඒ පිළිබඳ හානිකර වූ තොරතුරු පළකිරීම මාධ්‍ය අතින් විය යුතුය.

ඉතින් ඔබටත් සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් පහළ වුවහොත් ඔබේ ගැටලුව ඇසීමට සහ ඔබට නිසි මග පෙන්වීමට කෙනෙක් සිටින බව අමතක කරන්න එපා.

එවැනි අවස්ථාවක ඔබ කළ යුතු හොඳම දේ පහත අංකයන් අමතා සහය ලබා ගැනීමයි. එම ආයතනයන්ගෙන් ඔබට අවශ්‍ය සහය සහ රහස්‍යභාවයෙන් යුතු සේවාවන් නොමිලේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

👉 ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 1926

👉 Damrivi Help line - 0117272555/ 0777888322

👉 ශ්‍රී ලංකා සුමිත්‍රයෝ -
011 2696666 හෝ
+94 112 682 535

👉 ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - 1333 (පැය 24ම විවෘතයි)

💫 සැකසුම
ලෝක සියදිවි නසා ගැනිමේ දිනය වෙනුවෙන්
මනෝ උපදේශිකා
ජලධිනි රාජපක්ෂ
- දම්රිවි පදනම -

ඔබ සඳහාම දම්රිවි මනෝ උපදේශන සේවා....  ඔබේ සැසිය වෙන් කර ගැනිමට අමතන්න 😊 අමතන්න ☎️0112504431📱0777888322 ( WhatsApp)📱07626...
09/09/2025

ඔබ සඳහාම දම්රිවි මනෝ උපදේශන සේවා....

ඔබේ සැසිය වෙන් කර ගැනිමට අමතන්න
😊

අමතන්න
☎️0112504431
📱0777888322 ( WhatsApp)
📱0762696884 ( WhatsApp)






- පටිච්ච සමුප්පාදය-මෙහෙය විම -  උපුල් ප්‍රනාන්දු මහතා📅 දිනය -: 2025.09.15⌚ වේලාව -: ප.ව 4.00 සිට ප.ව 5.30ස්ථානය-: දම්රිව...
06/09/2025

- පටිච්ච සමුප්පාදය-

මෙහෙය විම - උපුල් ප්‍රනාන්දු මහතා

📅 දිනය -: 2025.09.15
⌚ වේලාව -: ප.ව 4.00 සිට ප.ව 5.30
ස්ථානය-: දම්රිවි පදනම, කොළඹ 05.

ලියාපදිංචි විම සදහා අමතන්න
📱 0762696884 - (උත්පලා)
☎️ 0112504431

ශිෂ්‍යත්ව විභාගය පස්සේ දුවපු දෙමාපියන්ට ආදරයෙන්..... 💁👉"ඉතින් ඔයාගේ පුතාගේ ලකුණු කොහොමද?" "ඔයාගේ දුවගෙ ලකුණු කොහොමද?""අප...
05/09/2025

ශිෂ්‍යත්ව විභාගය පස්සේ දුවපු දෙමාපියන්ට ආදරයෙන්..... 💁👉

"ඉතින් ඔයාගේ පුතාගේ ලකුණු කොහොමද?"
"ඔයාගේ දුවගෙ ලකුණු කොහොමද?"
"අපේ දුව නං ඉතින් හොඳට පාස් වෙලා තියෙනවා"
"අපේ පුතාටත් කොළඹ ඉස්කෝලෙකට යන්න පුළුවන්"

මෙන්න මේ වගේ ප්‍රශ්න වගේම උත්තර අපිට නිතරම මේ දවස්වල ඇහෙනවා... 💁 ඒ මොකද ඔන්න පුංචි අයගේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලය ඊයේ පිටවෙලා.... ඉතින් මේ ප්‍රතිඵල ආවත් හරි සමහර වෙලාවට අපේ දෙමව්පියෝ පුංචි දරැවන් ගැන වැඩිපුර හිතන්නේ නැහැ... ඒ වගේම පෙර ප්‍රශ්න අහන වැඩිහිටියන් උනත් අනෙක් දරුවන් ගැන හිතන්නේ නෑ.... 😔

"අපි කොච්චර දේවල් කලාද?"
"ඇයි pass උනේ නැත්තේ?"
"සැප වැඩි මෙයාලට" 😑

මේ වගේ වචන වලින් ඔවුන් මානසිකව වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි.... පුංචි හිත් මල් වගේ කියන්නේ නිකන් නෙමේ....

මේක "අම්මලාගේ විභාගය". 😊 මෙන්න මේ අම්මලාගේ විභාගේ නිසා සමහර දරුවන් ඉන්නේ ගොඩක් මානසික පීඩනයට ලක්වෙලා මොකද ඔවුන්ට දරා ගන්න බැරි විදිහට දෙමව්පියන් දරුවන් පීඩනයට ලක් කරන හින්දා සහ මවුපියනුත් ඒ හින්දා පීඩනයට ලක්වෙලා. 😔

ඉතින් මේ ශිෂ්‍යත්ව විභාග ලකුණු වලින් පුංචි දරුවන්ගේ ජීවිත මනින්නෙ නැතුව දරුවන්ට දිනුම වගේම පැරදුමත් ජීවිතයට හුරු කරගන්න මෙතැනින් ඉගැන්වීමට මේ විභාගයෙන් පටන් ගන්න පුලුවන්. ඔවුන්ගේ අනාගතයට තවත් ශක්තිමත් කරගන්න හේතුවක් ඔවුන්ට හොයා ගන්න දෙමව්පිය ඔබගේ සහය විම අතිශයින් වැදගත්...

විභාගයට පෙර වගේම විභාග ප්‍රතිඵලවලින් පසුවත් දරුවන් පීඩනයට ලක්වෙලා.... 😔
සියළුම වැඩිහිටියන් දරුවන්ගේ මෙවැනි තත්වයන් වලදි සංවේදී විම වැදගත්..... 💁

ඒක හින්දා ශිෂ්‍යත්ව විභාගේ ලකුණු අඩුවුණා කියලා ඔබගේ දුව පුතා මානසිකව වට්ටන එකෙන් මුදවාගන්න පුළුවන් ආදරණීය දෙමව්පියන් වන ඔබට පමණයි.... 👨‍👩‍👧👨‍👩‍👧‍👦සමහර විට ආදරණීය වැලඳ ගැනීමකුත් ඒකට ප්‍රමාණවත්... ඒක නිසා ඔවුන්ගේ හිත් ශක්තිමත් වෙන විදිහට ඔබගේ ජීවිතයේ පුංචි ඉඩක් පුංචි වේලාවක් ඔවුන්ට ලබා දෙන්න... 💐 එවිට ඒ පුංචි හිත් වලට දැනේවි ඔවුන් තනිවෙලා නැති බව... 💚🤗💪💫

දම්රිවි පදනම 💫



03/09/2025

ඉක්මනින් දුකට පත් විම දුර්වලකමක්ද? 😔🥺🥺

පුද්ගලයකු ලෙස අපි ජීවිතයේ සෑම විටම සතුටුදායක අවස්ථාවන් වලට පමණක් මුහුණ දීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ නැහැ. 🧏 ඉතින් ඉකමනින් දුකට පත්වන, ආවේගශීලි වන පුද්ගලයන් සිටිය හැකිය. නමුත් ඉක්මනින් දුකට පත්වන කෙනෙකු නම් මේ කියන්නේ ඔබ ගැනයි... 👇

ඉක්මනින් දුකට පත් වීම යනු දුර්වලකමක් නොවෙයි. එවන් පුද්ගලයෙකු සතු අවංක බව, මනුෂ්‍යත්වය, සහ අන් අයගේ වේදනාවන් තේරුම් ගැනිම වැනි සුවිශේෂි ලක්ෂණ තිබිය හැකිය.

ඔබේ සමිපතමයෙකු පවුලේ කෙනෙකු, මිතුරෙකු කරදරයක් සිදුවු විටක ඔබ දුකට පත්වේ.නමුත් එම හේතුවෙන් දිගින් දිගටම ඔබට ජීවිතයේ සිහින සපුරා ගැනීමේදීත් අභියෝග වලට මුහුණ දීමේදීත් මේ දුක හේතුවෙන් වඩාත් පසුබෑමට ලක්වේ. එවැනි අය ඇතැම් විට ජිවිතයේ ඉදිරිය ගැන නොසිතා කටයුතු කරනවා....

කෙසේ වෙතත්, මේ හැඟීම් නිරන්තරයෙන්ම දැඩි ලෙස පාලනයෙන් තොරව ඔබට දැනෙනවා නම් ජීවිතයේ සතුට අහිමි විමේ ඉඩ කඩ බොහොමයි. ඒ නිසා මෙවැනි අවස්ථාවල, තමන්ගේ හැඟීම් අවබෝධ කර ගැනීම, විශ්වාසවන්ත මිතුරෙකුට එය පැවසිම මෙන්ම පලපුරුදු මනෝ උපදේශකවරයෙකු සමග ඔබේ හැඟීම් බෙදා ගැනිමේ හැකියාව ඇත. සංවේදීත්වය සැඟවිය යුතු දෙයක් නොවන බව ඔබට වටහා ගත යුතුයි... 🧏😊




31/08/2025
දැන් Zoom සහ WhatsApp තාක්ෂණයෙන්  දුර බැහැර ඔබ වෙනුවෙන් දම්රිවි  Online මනෝ උපදේශන සේවා විවෘතයි........ 📱🖥ඔබ සදහාම වෙන් ...
29/08/2025

දැන් Zoom සහ WhatsApp තාක්ෂණයෙන් දුර බැහැර ඔබ වෙනුවෙන් දම්රිවි Online මනෝ උපදේශන සේවා විවෘතයි........ 📱🖥

ඔබ සදහාම වෙන් වු අපේ මනෝ උපදේශන සේවා...👇

👉 තනි පුද්ගල උපදේශන සැසි
(Invidual Counseling Session)

👉 ළමා සහ යොවුන් උපදේශන සැසි ( Child & Adolescent Counseling)

👉 පුර්ව විවාහ උපදේශන සැසි
( Pre Marital Counseling Session)

👉 විවාහ හා පවුල් උපදේශන සැසි ( Family Counseling Session)

👉 උපදේශන සහය සේවය (Counseling Help Line)

පහසු දිනයක, වේලාවක උපදේශන සැසිය වෙන්කර ගැනිමට අමතන්න

📱0777888322 (WhatsApp)
📱0762696884 ( WhatsApp)
📞0112504431




Address

51/A, Isipathana Mawatha
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94112504431

Alerts

Be the first to know and let us send you an email when Damrivi Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Damrivi Foundation:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram