27/04/2026
ශිරෝලේප ප්‍රතිකාරය
ශිරෝලේප යනු ආයුර්වේද ප්‍රතිකර්මයක් වන අතර එහිදී ඖෂධීය තලපයක් හිස මත ආලේප කර, පසුව කෙසෙල් හෝ විශේෂ කොළ පැහැති පත්‍රයකින් ආවරණය කිරීම කරයි.
ප්‍රතිකාරය ආරම්භ කරන විට, පළමුවෙන්ම පුද්ගලයා සුවපහසු ඉරියව්වකින් වාඩි කරවා රෝගියාගේ තත්ත්වය අනුව විශේෂිත ඖෂධීය ඔසු තෙල් ස්වල්පයක් මගින් හිස මෘදු ලෙස සම්බාහනය කරනු ලැබේ. සම්බාහනය කිරීමෙන් පසුව, නැවුම් ලෙස සකස් කරන ලද ඖෂධීය තලපයක් නියමිත ඝනකම තට්ටුවක් සහිතව හිස්කබල මත යොදා පත්රයකින් ආවරණය කරයි. නිශ්චිත කාලයක් හිස මත මෙය තබන අතර, පසුව ඉවත් කරයි.රොගියාගේ තත්ත්වය සහ රෝගය අනුව යොදා ගන්නා තෛල සහ ආලේපයෙහි අඩංගු ද්‍රව්‍ය වෙනස් වේ. මෙම ශිරෝ ලේප ප්‍රතිකාරය නිවැරදි වෛද්‍ය නිර්දේශ යටතේ කිරීමෙන්
ඔබටත් ඉතාමත්ම ගුන ලබා ගත හැකිය.
☀️ස්නායු පද්ධතිය ස්ථාවර කරයි.
☀️හිසකෙස් සහ හිස ප්‍රදේශයේ මාර්මා ලක්ෂ්‍ය සක්‍රීය කරයි.
☀️මතකය සහ සිත කේන්ද්‍ර ගත කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි.
☀️මානසික වෙහෙස සහ ආතතිය ඉවත් කරයි.
☀️කාංසාව, මානසික අවපීඩනය වැනි මානසික අවපාත තත්ත්වයන් ඉවත් කිරීමට උපකාරී වේ.
☀️අධි රුධිර පීඩනය සමනය කරයි.
☀️තෙහෙට්ටුව සහ නින්ද නොයාම ඉවත් කරයි.
☀️ඇස් සහ කන් ආබාධ සුව කරයි.
☀️අකලට හිසකෙස් සුදු වීම වැළැක්වීම සහ හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ හිසකෙස් සහ හිස්කබල ආශ්‍රිත සියලුම ගැටළු සඳහා ඉතාමත්ම ගුණදායී වේ.