Srendib Ayu Care by Dr D & D

Srendib Ayu Care by Dr D & D give information about ayurveda for life and provide details of services given by Serendib Ayu Care

Ayur Sri Ayurveda is a health and wellness centre which provide aayurvedic treatments for all kinds of diseases including nerve disoders, joint disease , skin disease etc. other than treating the diseased people we provide health and beauty treatments and advice with the purpose of protecting the wellbeing of healthy people.

07/07/2023

practice Meditation for a healthy mind ☺️💙


ඔබ විශ්වාස කරන ආගමක මනස සදහා ඇති ව්‍යායම පුරුදු පුහුණු කරන්න , එය භාවනාවක් හෝ ගීතිකාවක් ද යන්න නොව ඉන් ඔබේ සිත කොතෙක් දුරට සුවපත් වේ දැයි සිතන්න . 💙☺️

Have perfect day 🙏☺️
By Dr D

👉Having a sound sleep boost up your health both physically and mentally . Approximately it is 7 hrs to 8 hrs .   🥱🥱     ...
05/07/2023

👉Having a sound sleep boost up your health both physically and mentally . Approximately it is 7 hrs to 8 hrs . 🥱🥱

👉සුවදායී නින්දක් ඔබේ මානසික සෞඛ්‍යය මෙන්ම කායික සෞඛ්‍යය ඉහල නන්වයි. දළ වශයෙන් පැය 07 - 08 ක නින්දක් ප්‍රමාණවත් වේ. 🥱🥱
සුවදායී නින්දට tips පහළින් 👇👇

Less salt in your diet will leads to a healthier life ඔබේ ආහාර වේලට දිනකට ලුනු තේ හැදි 01 ක් පමණක් එක් කරගන්න .
04/07/2023

Less salt in your diet will leads to a healthier life
ඔබේ ආහාර වේලට දිනකට ලුනු තේ හැදි 01 ක් පමණක් එක් කරගන්න .

Healthy Life Style  Tip 02Exercise daily or do Yogaදිනපතා ව්‍යායාමය  හෝ  යෝග ආසන පුරුදු කිරිම මනා සෞඛ්‍යයක් ඔබට හිමි කරය...
03/07/2023

Healthy Life Style

Tip 02
Exercise daily or do Yoga
දිනපතා ව්‍යායාමය හෝ යෝග ආසන පුරුදු කිරිම මනා සෞඛ්‍යයක් ඔබට හිමි කරයි

Health Tips for a Healthy Life Drink a glass of water just after waking up උදෑසන අවදි වූ විගස නැවුම් වතුර වීදුරුවක් පානය...
02/07/2023

Health Tips for a Healthy Life

Drink a glass of water just after waking up
උදෑසන අවදි වූ විගස නැවුම් වතුර වීදුරුවක් පානය කරමු

08/10/2022

Care Your Elders with Ayurveda Concepts

Who are Elders

Elders are the people who are at a age near to end of their human life. According to Ayurveda "wrudda " are Old age people. Generally who are at starting of sixties. Aging happens according to the natural phenomena. it is a one stage of a life of a human being. aging made lot of changes in your body and mind .

Changes can be

impairment of sensory organs ( Hearing, Speaking, Smell, Taste)
loss of memory
low energy
limited moments of joints
low immunity
Forgetfulness
Loneliness
According to Ayurveda in old age the most prominent dosha is Vata Dosha. . Due to prominent of Vata Dosha Sleep , and Appetite also become irregular. Constipation is a major problem among almost all old people. As the Ojas( Immunity power ) is also less, higher tendency to get affected with diseases. The mind energy levels get change so that they may forget things recently , because of low memory power. As these changes appear nevertheless we could control them with adding some concepts of Ayurveda for their lives.

Enhancing Quality of life of our Elders with Ayurveda

Ayurveda is philosophy which describes both treatments for the diseases of ill people and for the Health of Healthy people. So we can utilize Ayurveda concepts to keep your energy levels in good status with the old age and also to welcome all the changes with a smile. we can treat for both Body and Mind of the person.

For the Health of Body

Massages

Recent Massages (Head/ Body/ Foot)
Massages improve the blood circulation of the body
Help for the detoxifying process
Relief of Joint Pains
Enhance Happiness

Diet Habits

As the Appetite energy become lower with old age, it is better to eat light food . Easy digesting and absorbing. Avoid too spicy ,too oily and sweet food. Green soups, Vegetable soups are some ideal substitutes even as a main meal. Drink Herbal tea twice a week as it enhance mental and spiritual energy and help for the purification of blood.

Yoga Meditation

Yoga is a way of doing rhythmic movements . perfect for a healthy body and balance your thoughts .
it will helps to overcome forgetfulness, unorganized thoughts which are common with when we become older. Get advices and instructions from an Ayurveda Medical practitioner.

For the Health of Mind

In recent days our parents, grand parents become alone at their own homes while their children are busy with professions or education outside the home. so there is a tendency of getting mental stress, unhappiness, loneliness. They may get feel that they are not valuable any more. so for keep the happiness their are some things we can do .

Arrange some religious activities ( Almsgivings)
Train to do some Productive tasks ( Art , Writing, Reading, Crocheting, sewing )
Arrange family gatherings with some entertainment (Birthday party/ Tea parties )
More contact with grand children
Arrange small session with their friends or Religious leaders

To do list for you

Make a Visit with your Grand parents ,Old Relative ,Old Companion to an Ayurveda Doctor. The Doctor will prescribe the suitable oils , suitable medicine and give you proper diet Instructions.
Speak louder if they are not good at hearing
never under estimate their possibilities
arrange proper organizers for administrating medicine
Always talk to them
Show that they are valuable
give you love and affection all the time

05/09/2022

Ayurveda Doctor's Carrier in Hotel and Tourism sector
Ayurveda in Hotel and Tourism Sector basically categorized in to two types . Retreat base Ayurveda and Wellness based Ayurveda . In both catogories employers do hire graduate Ayurveda Doctors.
Ayurveda in Retreat centres
In these hotels or resorts they provide ayurveda treatments regarding health issues of the guests rather than relying on Ayurveda panchakarma. After doing a proper medical examination of the guest, a whole treatments plan is prepared including both External treatments and Internal Herbal medicine . Guests who visit Retreat centres from various countries come with a purpose of getting a cure for detoxification, reenergizing and mainly get cure for specific ailments . The most common cases meet up are releted with skeleton system . The psychosomatic disorders, stress related body ailments are also very common among them .
So in retreat centers Doctor decide the pancha karma treatments and special other treatments which should take place according to the prakruthi and relevant diseased condition . As per the administration of internal medicine almost all types of medicines are use in retreat centres. That includes kashaya, kalka, phanta,choorna, gritha ect. Other than the ayurveda treatment center , Herbal Pharmacy and Herbal garden are two other units functioning in Retreat centers .
Ayurveda welness centres
In this category , they are not focusing on diseases or any ailments. Those are basically for the people who are healthy but looking forward to get a relaxation and detoxification for their mind and body . So in those hotels or resorts there cure plans goes with the panchakrma and massages (abhyanga) . Usually no internal medicine prescribed. Easy to handle as their is not much pressure on fulfilling guest requirements . Nevertheless guests are getting wellness treatments after a proper identification of prakruthi of the guest .
Generally in both sectors Ayurveda Doctors with a bachelor's degree do work and have responsibility to perform every treatment according to ayurveda theories and medical knowledge .
Ayurveda Doctor's role
Responsibilities
When you are at a retreat center you should carefully handle the guest from the very first consultation , by identifying prakruthi,and his or her medical disoders.
Also get the clear idear what the guest request after the cure. give the correct idea to the client what we can do with his or her ailment .
Get a proper record of the medicine which are taking by the guest at the time you meeting him or her. And concern very well about them before doing the treatments .
Ex;- (Insulin / throxicyne )
Good knowledge in counseling , advices to overcome stress, ect. will give you added advantage to handle the guests .
Because almost all people have mental issues than physical .
Always try be descent in way you behave and talk to the guest
always explain their health issuewith modern medicine and then the ayurveda aspect. Use medical terms to describe a disease.
Always take decisions regarding the law , and medical ethics
Keep recording on each and every single thing you handle medically with your client until their day of departure.
By Dr. Amanda De Silva

සමට සත්කාර - 03 කොටස මුහුන හා  ඇතිවන බහුලම ගැටලුවක් වන කුරුළෑ ,  black heads , white heads, සදහා විශේෂයෙන් ප්‍රතිඵල ගෙනෙ...
30/09/2021

සමට සත්කාර -
03 කොටස

මුහුන හා ඇතිවන බහුලම ගැටලුවක් වන කුරුළෑ , black heads , white heads, සදහා විශේෂයෙන් ප්‍රතිඵල ගෙනෙන
ඒ හැරුනු කොට සමෙ වියලි බව, අදුරු පැහැය , ආසාදන අවම කරමින් සම පැහැපත් කරන්නට ඉතා පහසුවෙන් සාදා ගන්න හැකි සොබවික ආලේපනයක් මෙය.

🌱අවශ්‍ය ද්‍රව්‍ය

මී පැණි
කෝමාරිකා
රෝස වතුර
ආමන්ඩ් ඔයිල්
කස්තුරි කහ
සහල්්පිටි

සාදා ගන්නා ආකාරය නැරඹීමට පහත ලින්ක් එකට යන්න 👇

Try out this pack on your face
Will give you super results for

🌼acne conditions
🌼Pigmentation
🌼Dull skin
🌼Reduces the pores
🌼Control black and white hedas
🌼More glowing skin
🌼Improve skin complexion

🌱Ingredients

Bees honey
Rose water
Aloe vera jel
Almond oil
Kasthuri kaha
Rice powder

Watch video as per a demostration for making the pack 👇

හිරැ එළියට නිරාවරණය වීම නිසා මෙන්ම , කුරුළෑ , විවිධ ආසාදන නිසා ඇති වූ අවපැහැයට වීම්, කැලැල් මෙන්ම කුරුළෑ පාලනය සදහා ...

25/08/2021

සුව දිවියට ආහාර පුරැදු ලිපි අංක 02ආහාර සැකසීමේදී ආහාර වල ගුණාත්මකභාවයත් එහි අඩංගු ශක්තීන් ආරක්ෂා කරන ආකාරය පෙර ලිපියෙහි ...
06/08/2021

සුව දිවියට ආහාර පුරැදු
ලිපි අංක 02

ආහාර සැකසීමේදී ආහාර වල ගුණාත්මකභාවයත් එහි අඩංගු ශක්තීන් ආරක්ෂා කරන ආකාරය පෙර ලිපියෙහි විස්තර කලා. එසේනම් එම ආහාරය ගත යුතු පිලිවෙලයි මේ. ....
බොහෝ සරල දේවල් තුළ ගැඹුරු අරුත් ගැබ්ව තිබෙනවා වගේම මේ කියන්න යන දේවල් ඉතා සරලයි, නමුත් ඉන් අත්වන යහපත් දේ බොහොමයි.
ආහාර සැකසීමේදි සකස් කරන පරිසරයෙන් සහ සකස් කරන්නා තුල ඇති ශක්තිය ආහාරය තුළ ගබඩා වනවා වගේම ආහාර ගැනිමේදී අප තුළ ඇති මානසික ස්වභාවය , ආහාර ගන්නා පරිසරය ආහාරය දිරවීම කෙරෙහි බලපෑම් කරනවා. ස්වස්ථ්‍ය වෘත්ත එනම් නිරෝගි දිවි පෙවෙතකට අදාලව සදහන් කර තිබෙන පුරුදු රාශියක් අතර ආහාර ගත යුතු ආකාරයත් ආයුර්වේදය ඉතා පැහදිලිව දක්වා තිබෙනවා.
ඉතින් එකින් එක මෙසේයි......

🌼ආහාර ගැනීමට අසුන් ගැනීමේදි ද පිරිසිදු ඇදුම් හැද හිස පීරා ඉතා පිරිසිදුව නැවුම් ශරීරයකින් සහ පිරිසිදු මනසකින් කිරීම ආහාරය හොදින් රස විදිමට විශේෂ හේතුවක්

🌼 දිනපතා ආහාර එකම වේලාවකදී ගැනීමෙන් කායික රෝග ඇති වීම අඩු වෙයි

🌼නිහඩ , පිරිසිදු පරිසරයක ආහාර ගැනීම
ආහාරය හොදින් රස විදිමට බෙහෙවින් වැදගත්

🌼ආහාර ගැනීම සිටගෙන/ හාන්සි වී/ වෙනත් කාර්යන් හි නිරත වෙමින් කල යුත්තක් නම් නොවේ

🌼ගන්නා ආහාරයේ රසය , ස්වභාවය විදිමින් ආහාරයට ගන්න . එනම් සතිමත්ව ආහාර ගන්න (mindful eating )

🌼ආහාර ගත් පසු පියවර කිහිපයක් සක්මන් කරන්න,මෙමගින් ආහාර ජීර්ණය පහසු වේවි

🌼ආහාර ගත් පසු වේගයෙන් දිවිම හෝ ඇවිදීම නොකරන්න

🌼ආහාර ගගත යුතු ප්‍රමාණ ලෙස ආයුර්වේදය දක්වන්නේ අපේ අත්ලට අල්වන ප්‍රමාණය මෙන් 2 1/2 ප්‍රමාණයක්
මනා දිරවීමක් සදහා ආමාශයේ අවකාශය ආහාර වලට ,ද්‍රව වලට හා වාතයට ලෙස ඉඩ වෙන් විය යුතුයි
එය,
ආහාර 1/3
ද්‍රව/ ජලය 1/3
වාතය 1/3

🌼ආහාර ගැනීම ඉතා සතුටු සිතින් කල යුතුයි දුක් සිතින් , මානසික පීඩා ඇති විට ආහාර ගැනීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා වනවා. (එසේ ගන්නා ආහාරය ශරීරයට විශ වන බවයි ආයුර්වේදය විස්තර කරන්නේ )
🌼ආහාර ගැනීමට ප්‍රථම එම ආහාරය සැකසීමට දායක වූවන් ඇතුලු සොබාදහමට ස්තූතියි වීම පුරුදු විය හැකි වටිනා පුරුද්දක්

🌼හැකි සෑම විටම ආහාර බෙදා හදා ගැනීමද යහපත් ආහාර පුරුද්දක්

🌼හැකි නම් ආහාර ගැනීම අතින් අනා ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි (මෙය පිලිබදව පෙර ලිපියක සදහන් )

🌼නිවසේ සිටින විට හැකි සෑම විටම සියලු දෙනා එක්ව සතුටු කතාබහක යෙදෙමින් ආහාර ය රස විදිිම මනසටත් ශරීරයටත් ඉතා යහපත්

©️ Ayu mAG_with Ayur Sri Ayu

04/08/2021

සුව දිවිය
සුව දිවියට ආහාර පුරැදු
ලිපි අංක 01

ආයුර්වේදයට අනුව මිනිස් ශරීරය නිර්මාණය වී ඇත්තේ අවශ්‍යතා මනා ⁣ලෙස සපුරා ගත හැකි වන ආකාරයටයි.
එනම් ආහාර ගැනීම හා සැසදූ විට ආහාර සොයා ගැනීම , සැකසීම, බුක්ති විදීම යන සියල්ල තමා විසින්ම සිදු කරගැනීමට මිනිසා සතුව අංග ඇත.
එසේ සපුරා ගන්නට හැකි ආහාර
, ශරීරය තුළට ආහාරයක් ලෙස ගන්නට පෙර අදියර රැසක් පසු කිරීමට සිදු වනවා .
එනම්
🌞⁣කේෂ්ත්‍රරයේ වගාකිරීම /ඵලදාව නෙලා ගැනීම
🌞ආහාරය සැකසීම
🌞ආහාර ගැනීම
මේ එක් එක් පියවරෙහිදී ආහාරය තුළ හෝ අදාල අමු ද්‍රව්‍ය තුළ ශක්තිය ගබඩා වීමක් සිදුවන බව ඔබ විශ්වාස කරනවාද?එසේ සදහන් වන්නේ ආයුර්වේද දර්ශනය තුළයි.
ආයුර්වේදය යනු හුදෙක් වෛද්‍ය ශාස්ත්‍රයක් පමණක් නොවෙයි . ශක්තීන් පිලිබදව විස්තර කෙරෙන දර්ශනයක් , එ් අනුව ආහාර අවසාන අදියරට එනතුරු සිදු කරන එක එක් සැකසුම් ක්‍රියාවලි වලදී ආහාර තුළ විවිධාකාර ශක්තින් ගබඩා වීමක් සිදු වනවා.
ආහාරයක් ඉතාම සුදුසු තත්ත්වයෙන් අපේ ශරීරය තුළට එකතු වන්නට නම් එය පොලොවේ සිටවූ තැන සිටම ආහාරයක් ⁣බවට පත් වන තුරු ඉතා නිවැරදි අදියරයන් පසු කල යුතු වනවා.
වර්තමානයේ ආර්ථික රටාව සමග ජීවන චර්යා අනුව එළවළු ඵලතුරු මෙන්ම පිසු ආහාර මිලට ගැනීම බහුල කාරණයක් නිසා එහිදී එම ආහාර වල පෝෂණය හා ගුණාත්මක බව අඩු බව අප දැනටමත් දන්නා කරුණක්. ඒ හැරුනු කොට ⁣මෙම ශක්ති ගබඩා විමේ ක්‍රියාවලිය නිසා ආහාර තුළ ඇති ශක්තිය විනාශ වීමක් සිදු වනවා .ආහාර තුළ ඍණාත්මක ශක්තිය එකතු වීමක් වනවා. එනම් මුක්ත ඛණ්ඩ එක් රැස්වීම , යාන්ත්‍රික ශක්තිය නිසා ආහාර තුළ ගබඩා වී ඇති ස්වාභාවික ශක්තිය හානි වීම,antioxidants අඩු වීම, රසායනික සංයුතිය වෙනස් වීම ආදියයි.
අතීතයේ පැළ සිටවීම, පලදාව ගැනීම ආදි සියල්ල සුභ වේලාවන් වල උත්සව ආකාරයෙන් සිදු කිරීමෙන් ආහාර වල එම ශක්තීන් මෙන්ම ගුණාත්මකභාවයන් ආරක්ෂා කරන්නට ඇති.
එපණක් නොවේ එම පලදාව මනා සංයමයකින් ඒ ගැන සිතමින් ආහාර සකස් කිරීමද අතීතයේ සිදු කල දෙයක්.
එයට හේතුවද පෙර ශක්ති සම්පේශණ ක්‍රියාවලියමයි.
ආහාරය සකස් කරනු ලබන කෙනා සතු ශාරීරික මෙන්ම මානසික ශක්තිය ආහාරය තුළ ගබඩා වීමක් සිදු වීම එයට හේතුවයි. එම ගබඩා වන ශක්තිය අවසානයට ලගා වන්නේ ආහාරය ගන්නා පුද්ගලයාගේ ශරීරය තුළටයි.ඉතින් ආහාර පිසීම කලාවක් ලෙස හදුන්වන්නේ එනිසායි.
ගෙවතු වගා කීරීමෙන් යම් තරමකට ආහාර වල ගුණ ආරක්ෂා කරගන්නට පුලුවන්
නමුත් වර්තමානයේ එය සෑමදෙනාටම ප්‍රායෝගික නොවෙන්නත් හැකියි.
නමුත් දෙවන සහ තෙවන අදියර වලදී අපිට පුලුවන් ආහාර වල යහපත් ශක්තිය ගබඩා කරන්නට .එහි අභ්‍යන්තර අංශු වලට සිතුවිලි හා සැකසුම් ක්‍රියාවලි වලින් සුබදායි බලපෑමක් කරන්නට.එනම් ආහාර පිසීම සහ ආහාර ගැනීම යන අදියර සදහා.
මෙහිදී ආහාර පිසීමේ අදියර මෙලෙස සිදු කරන්න උත්සාහ කරමු.එයින් කය මෙන්ම මනසද නිරෝගි වනු ඇත.

සුවදායක ආහාර පිසිම

🍜ආහාර පිසින ස්ථානය පිරිසිදු හා නිස්කලංක ස්වභාවය පවත්වා ගන්න (නැවුම් මල් සැරසිලි , සැහැල්ලු සංගීතය .... එකතු කර ගන්න )

🍜අත්‍යාවශ්‍ය බඩු පමණක් එහි පිලිවෙලට අසුරා තබන්න

🍜කල්ගත වූ කුළු බඩු /පැරණි වූ ආහාර ඉවත් කරන්න

🍜ආහාර පිසීමේදී ඔබ කරන වෙනස්කම් අන් අයගේ රුචිය විමසා ඔවුන්ගේද යෝජනා එකතු කර ගනිමින් සිදු කරන්න(ගැටුම් අවමයි , ආහාරය රස විදිනු පිණිස )

🍜ආහාර සැකසීම ඉතා සැහැල්ලු සහ සතුටු සිතින් කරන්න

🍜යම් මානසික පීඩනයක සිටි නම් මොහොතක් ගෙන සිත සන්සුන් කර ආහාර පිසීම අරඹන්න
(මතක තබාගන්න ඔබ තුළ ඇති ශක්තිය ඔබේ දෑත් හරහා ආහාරය තුළ ගබඩා වන බව )
ආහාර පිසීම ආශ්වාදයක් ලෙස සිතන්න
( සැහැල්ලු සංගීතයක් ආහාර යේ ගුණ වැඩි කරයි)
No negative emotions to food ලෙස සදහන් වන්නේ එනිසායි .

🍜පිසූ ආහාර ඉතා වර්ණවත්ව ආකර්ෂණීය ලෙස පිලිගැ්වීම මගින් ආහාර රුචිය මෙන්ම සිතේ සතු⁣ටද වැඩි වේ.( නිර්මාණශීලී ආහාර පිලිගැන්විම් අන්තර්ජාලයේ ඕනෑ තරම්)

🍜සෑම ආහාර වේලකටම පසු ඉතා පිලිවෙකට මුළුතැන්ගෙය අස් කරන්න

මෙසේ කිරිමෙන් මොලයේ සතුටු හෝමෙ⁣ා්න උත්තෙජනය වන අතර එමගින් ශරීර ප්‍රතිශක්තියද වැඩි වේ. ආහාර හොදින් දිරවා ඇගට උරා ගැනීම පහසු කරයි.
ආහාර ගැනීම පිලිබදවත් තවත් ලිපියකින් ගෙන එන්⁣නම්. එතෙක් සතුටින් ආහාර පිසිමු.

21/07/202

අතින් ආහාර ගනිමු අප රට මෙන්ම දකුනුදිග ආසියානු රටවල ආහාර පුරුදු  ලෙස ආහාර ගැනීම සදහා අපේ දකුනු අත භාවිතා වෙයි. බ්‍රිතාන්‍...
20/06/2021

අතින් ආහාර ගනිමු

අප රට මෙන්ම දකුනුදිග ආසියානු රටවල ආහාර පුරුදු ලෙස ආහාර ගැනීම සදහා අපේ දකුනු අත භාවිතා වෙයි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ පසු බටහිර වැදගත් සමාජීය පුරැදු ලෙස පෙරා ගත් පුරුදු අතර හැදි ගෑරුප්පු භාවිතය අප රට තුළ දක්නට ඇත.
එක් එක් අවස්ථානුකූලව හැදි ගෑරුප්පු හැසිරවීම ද අතින් විනීතව ආහාර ගැනීම ද වෙනස් විය හැක., එනම් ජීවිතය කුසලතා වලින් පිරිපුන් වීම අගනේය.
මේ විස්තරය අතින් කෑමෙහ් ඇති වැදගත් බව ගැනයි.
අපි ගන්නා ආහාරය මද වේලාවක් ඇගිලි තුඩු වලින් ස්පර්ශ කරමින් පොඩි කරමින්, මිශ්‍ර කිරීම මගින් ආහාරය යම් පරිවර්තනයකට ලක් කරයි. එසේ කිරීමේදි අාමාශයික යුශ මෙන්ම , එන්සයිම ශ්‍රාවයට හේතු වේ, එමගින් එය ආහාර ජීර්ණය පහසු කිරීමට වැදගත් වෙයි.
ආහාර මෙසේ අනන විට ආහාරය පිලිබදව සිහියෙන් කල යුතුය .එමෙන්ම එවිට ආහාරයේ ස්වභාවය පිලිබදව සංවේදන මගින් ආහාරයට යම් ඇල්මක් සිත තුල හට ගනී.
ආහාරයේ ස්වාභාවයෙන් ඇගිලි තුඩු වල⁣ට දැනෙන සංවේදන බඩගින්න ඇති කිරීමට ද හේතුවේ. මෙසේ ඇගිලි තුඩු සියුම්ව හැසරවීම මගින් ස්නායු උත්තේජනයක් සිදු වේ.
කායික මානසික මෙන්ම අධ්‍යාත්මික ශක්තිය උත්තේජනයක් අතින් ආහාර ගැනීමේදි සිදු වෙයි එනම් ආහාරය ගැනීමේදි අමතර වින්දනයන් සතුටක් දැනවීම සිදු වේ.
ඉන්දියානු වේද වලට අනුව අතින් ගන්නා ආහාරය ඔබේ කය පමණක් නොව මනසද ආත්මයද පෝෂණය කරයි.
අයුර්වෙදයට අනුව ගත් කල අතේ ඇගිලි පහට අදාලව පංච භූත ලෙස පදාර්ථ පහක් වේ(රුුප සටහනෙ දැක්වේ), එනිසා ආහාර අතින් ගැනීමේදි එම පංච භූත උත්තේජනය සිදු වේ.
කුඩා කල සිටම කුඩා දරැවන් හට අතින් ආහාර ගැනීමට හුරු කිරීම ස්නායු උත්තේජනයටද , සිහිය පුරැදු කිරීමේ ව්‍යායාමයක් ලෙසටද ( Mindfulness activity ) ඉතා ඵලදායි වනු ඇත.

#

Address

Panvila Road, Pathana , Hikkaduwa
Hikkaduwa
80240

Opening Hours

Monday 08:00 - 17:45
Tuesday 08:00 - 17:45
Wednesday 08:00 - 17:45
Thursday 08:00 - 17:45
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94717388468

Website

Alerts

Be the first to know and let us send you an email when Srendib Ayu Care by Dr D & D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Srendib Ayu Care by Dr D & D:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram