Rukiii Psycological Counselling Services , Music Therapy individual Therapy sessions for Children, Teens and Adults
Call us for more information..0753 633 633

06/07/2025
05/07/2025
මිනිස්සු සමහර අවස්ථා වලදි අපිට චෝදනා කරනවා අපි වෙනස් වෙලා කියලා. ඉස්සර හිටියා වගේ නෙමෙයි කියලා.ඔව්..ජීවිතේ සමහර තැන් වලද...
04/07/2025

මිනිස්සු සමහර අවස්ථා වලදි අපිට චෝදනා කරනවා අපි වෙනස් වෙලා කියලා. ඉස්සර හිටියා වගේ නෙමෙයි කියලා.

ඔව්..ජීවිතේ සමහර තැන් වලදි මිනිස්සු
වෙනස් වෙනවා..! අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා..!!

අපි ළඟින් ආශ්‍රය කරන අය, අපි නැති තැන් වලදි අපි ගැන කතා කරන විදිය දැනගත්තම අපිට වෙනස් වෙන්න හිතෙනවා.

අපේ සංවේදීභාවය, සහකම්පනය මිනිස්සු අවභාවිතා කරන්න ගත්තම අපිට වෙනස් වෙන්න වෙනවා.

අපි ලොකු කැපකිරීම් කරලා ආරක්ෂා කරගත්ත මිනිස්සු, අපිට ද්‍රෝහි වෙනකොට අපි නිකන්ම වෙනස් වෙන්න ගන්නවා.

අපි අපේ උපරිමයෙන් සලකද්දිත්, අපිව ඩෝන්ට් කෙයා කරන මිනිස්සු නිසා අපි ටික ටික වෙනස් වෙනවා.

ඒ නිසා, මිනිස්සු නිතරම වෙනස් වෙනවා. තමන්ව නොවටින, නොගැළපෙන තැන් වලින් අයින් වෙලා තමන්ට වටිනාකමක් දෙන්න පුරුදු වෙනවා.

ඒ නිසා,
වෙනස් වෙන්න බය වෙන්න එපා.

අපි ජීවත් වෙන්න ඕනි අපිව වටින, අපිව පාවිච්චි නොවෙන තැන් වල. ඒ හින්දා, අපිට වටිනාකමක් හෝ ගෞරවයක් නොදෙන, හැබැයි අපි වෙනස් වෙලා කියලා අපිට චෝදනා කරන මිනිස්සුන්ගෙ වචන වලට අපි කොයිම වෙලාවකවත් හිත් නරක් කරගන්න ඕනි නැහැ..! 💜

Mekala dahanayaka ✍️

02/07/2025

මෙය ගීත ගායනයට කැමති ඔබ වෙතටයි.
ඉක්මන් කර ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න.මෙය ඔබට ලැබෙන මහගු අවස්ථාවකි.ඔබගේ හැකියාව ගුවන් විදුලි සංස්‌ථාවේ වාද්‍ය මඩුල්ලක් සමග සජීවී රෑ ගත කිරීමක් සමග,ගායක ඔබට සහ ඔබ ගේ බිරිද ගායිකාවක් නමි ඔබ දෙපලටම මෙහිදී ගායනය ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.වැඩි විස්තර සදහා විමසන්න: 0763 633 633

01/07/2025

තමන් වටේ ඉන්නෙ Quality මිනිස්සු නම් ,

එයාලා ,

📍ඔයා කියන්න අකමැති කියන්නෙ නැති පුද්ගලික දේවල් ගැන ඇඟිලි ගගහා අහන්නෙ නැහැ ,

📍ඉල්ලුවෙ නැති දේවල් වලට උපදෙස් ,අදහස් දෙන්නෙ නැහැ ,

📍ඔයාගෙ ජීවිතේ තීරණවලට අනවශ්‍ය බලපෑම් කරන්නෙ නැහැ ,

📍ඔයාගෙ බාහිර පෙනුම ගැන එයාගෙ මතය බලෙන් ඇඟේ ගහන්න එන්නෙ නැහැ ,

📍ආරාධනා නොකරපු පාටියකට ,උත්සවයකට නොකියා එන්නෙ නැහැ ,

📍එහෙම ආරාධනා නොකලට හේතු අහන්නෙ නැහැ ,

📍සමාජය ඔයා ගැන කියන දේවල් අදාළ කරන්නේ නැහැ ,

📍කේලම් වලට නම් සවන් දෙන්නෙම නැහැ ,

📍නිතරම කෝල් නොකලට මූණ නරක් කරන්නේ නැහැ ,

📍ඔයාගෙ දියුණුවට ජයග්‍රහණයට අකුල් හෙළන්නේ නැහැ ,

📍යාලු වෙලා ඉන්න කාලේ කථා වුන දේවල් තරහ උනාම තැන තැන කියන්නෙ නැහැ ,

📍ඔයාගෙ රහස් කිසිම විටක එළියට දෙන්නෙ නැහැ ,

📍මොනම හේතුවක් නිසා හෝ තරහ උනොත් යාළු වෙලා හිටපු කාලෙ කරපු කියපු දේවල් ගැන කිසිම බයක් ,සැකක් නැහැ,

මොකද ඒ මිනිස්සු ඔයාගෙ මුහුනෙ හිනාව නැති කරන්නෙ නැහැ !

සරළවම කිව්වොත් ඔයා වටේ ඉන්නෙ quality මිනිස්සුනම් එයාල ඔයාට මානසික වදයක් වෙන්නෙ නැහැ .💜

Copied.

(Psychological counsellor)

මේ පුද්ගලයා තරුණයකු ලෙස යාත්‍රා කරන්න ආස කලා ලබන අවුරුද්දට කල් දැම්මා, වැඩිහිටියෙකු ලෙස ඔහුට කඳු නඟින්න ආසාවක් තිබුණා,මහ...
30/06/2025

මේ පුද්ගලයා තරුණයකු ලෙස යාත්‍රා කරන්න ආස කලා ලබන අවුරුද්දට කල් දැම්මා, වැඩිහිටියෙකු ලෙස ඔහුට කඳු නඟින්න ආසාවක් තිබුණා,මහළු මිනිසකු ලෙස ඔහු තවමත් කඳු නැගීමට ආශා නමුත් ඒ කිසිවක් ඔහුට කිරීමට නොහැකි වුණා. එහෙම උනේ ඔහු ඔහුගේ ආශාව ඉටු කර ගැනීමට ලබන වසර එන තුරු බලා සිටිය නිසයි.

ඔබේ හැකියාවන් පිළිබඳව ඔබ දැනුවත් වන්න ඔබ ගමන් කලත් නැතත් ඔරලෝසුව ටිකෙන් ටික ගමන් කරනවා.

💧ඔබ අද යන්න ආස ගමන අද යන්න
💧අද ඒ දේ ආරම්භ කරන්න ගන්න.
💧මේ මොහොතේ ජීවත් වෙන්න. 💧මේ මොහොතේ හීන දකින්න 💧මේ මේ මොහොතේ හීන දකින්න.
💧මේ මොහොතේම ක්‍රියා කරන්න.

මොකද ලබන අවුරුද්ද කියලා කියන්නේ ඔයාට කවදාවත්ම එන්නේ නැති මතකයක් විතරයි.

Address

12, 1st Lane , Station Rd, Udahamulla , Nugegoda
Hokandara North
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0753633633

Website

Alerts

Be the first to know and let us send you an email when Rukiii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Rukiii:

Share