Vishuddhi Yoga and Meditation Center

Vishuddhi Yoga and Meditation Center ආධ්‍යාත්මය අරමුණු කරගත් යෝගා දර්ශන විවරණය. රාමුගතවූ දැණුම් පද්ධතියෙන් ඔබ්බට විශ්වීය ඒකාත්මිකවීම කරා.

09/02/2026

බ්‍රාමාරි ප්‍රාණයාම පුහුණුව

🐝 බ්‍රාමාරී ප්‍රාණයාමයේදී (Bhramari Pranayama) "Black bee" කියලා හඳුන්වන්නේ බඹරාටයි.

සංස්කෘත භාෂාවෙන් "භ්‍රමර" (Bhramara) කියන්නේ විශාල කළු පැහැති ඉන්දියානු බඹරාට (Indian Black Bumblebee/Carpenter Bee). මේ ප්‍රාණයාම ක්‍රමය බඹරාගේ නමින් නම් කරන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා:

🐝 ශබ්දය:
හුස්ම පිට කරන විට අප නගන "ම්ම්ම්..." (humming) ශබ්දය, බඹරෙකු පියාසර කරන විට නගන ගීං කාරයට (buzzing sound) ඉතා සමාන වීම.

🐝 කම්පනය: බඹරාගේ ශබ්දය මගින් ඇති කරන කම්පනය මනස සන්සුන් කරන්න උදව් වෙනවා වගේම, මේ ප්‍රාණයාමයේදී ඇතිවන කම්පනය මොළයේ ස්නායු පද්ධතිය සැහැල්ලු කරනවා.

🌼පුහුණු වන ආකාරය:

පහසු භාවනානුයෝගී ආසනයක හිදගෙන අත් දෙක චින් මුද්‍රාවෙන් හෝ ‍ඥාන මුද්‍රාවෙන් දණහිස් මත තබන්න.
දෑස් වසා මුළු සිරුරම ලිහිල් කරන්න.
මෘදුව දෙතොල් වසා දත් මද වශයෙන් ඈත් කර තබන්න.
හොදින් හුස්මවාර කිහිපයක් අරගෙන පිට කරන්න.
වැළමිට නවා අත්දෙක කන්දෙක ලගට රැගෙන එන්න.
මහපට ඇගිල්ල හෝ දබර ඇගිල්ල, මැදගිල්ල භාවිතා කර කන් පියන තද කර කනේ සිදුර වසන්න.
මහපට ඇගිල්ලෙන් වසන්නේ නම් අනෙක් ඇගිලි හිස මත තබන්න.
කන් සිදුර වැසීමේදී ඇගිලි ඇතුලට නොදමන්න.
අවදානය ඇහිබම දෙක මැදට යොමු කරන්න.
උදරය පපුව පිරෙන්න හුස්මක් ගන්න.
"හම්" ශබ්දය නැගෙන සේ හුස්ම පිට කරන්න.
හඩ නැගීමේදී මොළයට මෘදු සම්බාහනයක් වන ලෙස සිදුකල යුතුය.
හුස්ම පිටකිරීමේදී නැගෙන ශබ්දය පහසු වේලාවක් දීර්ඝ විය යුතුය.
එවැනි හුස්ම වාර 5ක් සිදුකර අත්දෙක දණහිස් දෙක මතට ගන්න.
තමන්ගේ ඇතුලාන්තයේ දැනෙන මානසික නිහඩතාවය අත්විදින්න.
මෙය එක් වටයකි.
මූලික අවදියේදී එවැනි වටයක් හෝ දෙකක් පුහුණුවන්න.
ක්‍රමයෙන් විනාඩි 10 - 15 ක් දක්වා කාලය වැඩි කරන්න.
ගුරුවරයකුගේ මගපෙන්වීම යටතේ පුහුණුවීම් ආරම්භ කරන්න.

🌼විශේෂ අවධානය සහ නොකල යුතු අවස්ථා :

ඔබට කන් ආසාදන පවතී නම් හෝ ඉතා තද හිසරදයක් ඇති අවස්ථාවලදී මෙම අභ්‍යාසය කිරීමෙන් වළකින්න. සැමවිටම හිස් බඩ හෝ ආහාර ගෙන පැය 3-4 කට පසුව පුහුණු වීම වඩාත් සුදුසුය.
මෙම ප්‍රානයාමය කිසිවිටෙකත් උඩ අතට බිම වැතිරී පුහුණු නොවන්න.
හිසේ පිටුපස කොටස යම් දේකට හේත්තු කොට පුහුණු නොවන්න.
දැඩි ලෙස කනේ ආබාධ වලින් පෙළෙන අය මෙම පුහුණුව සිදු නොකල යුතුය.

🌼ප්‍රතිඵල

ක්ෂණිකව මනස සන්සුන් කරවන අතර කෝපය, කාංසාව සහ බිය පාලනය කිරීමට උදවු වේ.
නින්දට පෙර මෙය පුහුණු කිරීමෙන් සුවදායක නින්දක් ලබාගත හැක.
මතක ශක්තිය සහ අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කරයි.
අධික රුධිර පීඩනය සහිත අයට මෙය ඉතා ගුණදායකය.
මෙහිදී ඇතිවන කම්පනය මගින් මොළයේ පටක සහ ස්නායු පද්ධතිය උත්තේජනය වේ.
ප්‍රතිශක්තිකරණ සහ ශරීරයේ සුව කිරීමේ ධාරිතාවය වැඩි කරයි.
කටහඩ ශක්තිමත් කොට වර්ධනය කරයි.
මනසේ අධික සිතුවිලි ගලනය නතරකර භාවනාව සදහා මනස සූදානම් කරයි.
ස්නායු ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූල වන අතර, එම නිසා සියළුම ඉන්ද්‍රියන් සැහැල්ලු කරයි.

✍️ Vishuddhi Yoga and Meditation Center
Whatsapp msg - 0718896122

06/02/2026

ස්තූතිවන්ත වෙමු..

අපි ජීවිතයේ ලගා කරගෙන තියෙන සාර්ථකත්වය, දැනටම අපි ලග තියෙන දේවල් අපිට අමතක වෙනවා..
අපි ලග මේ වෙනකොටත් ඉන්න, අපිට ආදරේ කරන මිනිස්සුව අපිට අමතක වෙනවා..
ඒවාට වටිනාකම් දෙන්න, ස්තූතිවන්ත වෙන්න, ඒ දේවල් වෙනුවෙන් සතුටු වෙන්න අපිට අමතක වෙනවා..

ඒ වෙනුවට අපි පුරුදු වෙලා ඉන්නේ අපි ලග නැති දේවල් පස්සේ දුවන්න.. කොච්චර දිව්වත් ලැබෙන දේ ගැන තෘප්තිමත් නැති නම්, සතුටක් නැති නම්, එතනින් එහාටත් තව තව දේ හොයාගෙන දුවනවා නම් අපිට සතුට, සැනසීම කියන එක ජීවිතේට හමුවෙන්නේ නෑ..
ජීවිතයේ අපි අලුතින් දේවල් ලගා කර ගන්න ඕනි.. අලුත් අත්දැකීම් එකතු කර ගන්න ඕනි.. නමුත් ඒත් එක්කම අපි පුරුදු වෙන්න ඕනි අපි ලග මේ වෙනකොටත් තියෙන දේට ස්තූතිවන්ත වෙන්න, මේ වෙනකොට අපි ලගා කරගෙන තියෙන සාර්ථකත්වය ගැන සතුටු වෙන්න.. අපි ලග ඉන්න මිනිසුන් අගය කරන්න, වටිනාකම් දෙන්න, ආදරය කරන්න...

සතුට හරි සරලයි..
හදවතින්ම ඔයා ඔයා ලග මේ වෙනකොටත් තියෙන දේ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න.. ඔයා ලග ඉන්න මිනිසුන්ට ස්තූතිවන්ත වෙන්න...
ඔයා ඔයාට ස්තූතිවන්ත වෙන්න..
💛💛💛

Vishuddhi Yoga and Meditation Center
0718896122

~මලාසන පුහුණුව~ යෝගාභ්‍යාස අතර මලාසනය (Malasana) හෙවත් Garland Pose යනු ශරීරයේ පහළ කොටසේ නම්‍යශීලීභාවය වැඩි කරන ඉතා ජනප්...
05/02/2026

~මලාසන පුහුණුව~

යෝගාභ්‍යාස අතර මලාසනය (Malasana) හෙවත් Garland Pose යනු ශරීරයේ පහළ කොටසේ නම්‍යශීලීභාවය වැඩි කරන ඉතා ජනප්‍රිය ඉරියව්වකි. "මල" යනු සංස්කෘත භාෂාවෙන් කුණු හෝ අපද්‍රව්‍ය යන අර්ථය දෙන අතර, ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය ක්‍රමවත් කිරීමට මෙම ආසනය උපකාරී වේ.

මෙම ආසනය නිවැරදිව කරන ආකාරය සහ එහි ප්‍රතිලාභ පහත දැක්වේ:

මලාසනය සිදු කරන ආකාරය

1. පළමුව දෙපා මඳක් ඈත් කර කෙලින් සිටගන්න (උරහිස් පළලට වඩා මඳක් වැඩියෙන්).
2. පතුල් දෙක මඳක් පිටතට හැරෙන සේ තබා ගන්න.
3. සෙමින් දණහිස් නමා, සාමාන්‍යයෙන් අප වාඩි වන "උක්කුටික" ඉරියව්වට පැමිණෙන්න.
4. ඔබේ වැලමිට දෙක දණහිස්වල ඇතුළු පැත්තේ තබාගෙන, අත්ල දෙක පපුව ඉදිරියෙන් එකතු කර තබා ගන්න.
5. වැලමිටෙන් දණහිස් මඳක් පිටතට තල්ලු කරන අතරම, කොන්ද කෙලින් තබා ගැනීමට උත්සාහ කරන්න.
6. තත්පර 30 සිට විනාඩියක් පමණ මෙම ඉරියව්වේ රැඳී සිටිමින් ගැඹුරින් හුස්ම ගන්න.

මලාසනයෙන් ලැබෙන ප්‍රතිලාභ:

ආහාර ජීරණ පද්ධතිය ශක්තිමත් වීම:
උදරයේ අවයව මඳක් තෙරපීමකට ලක්වන නිසා ආහාර ජීර්ණය පහසු කරන අතර මලබද්ධය දුරු කරයි.

නම්‍යශීලීභාවය:
උකුළ (Hips), කෙණ්ඩ සහ වළලුකර ආශ්‍රිත මාංශ පේශි හොඳින් ඇදීමකට ලක් වී නම්‍යශීලී වේ.

කොන්දේ කැක්කුම අඩු වීම:
කොන්දේ පහළ කොටස ඇදීමකට ලක්වන බැවින් දිගු වේලාවක් වාඩි වී සිටීම නිසා ඇතිවන කොන්දේ වේදනාවන්ට සහනයක් ලැබේ.

ශක්තිය වර්ධනය වීම:
කලවා සහ උදරයේ මාංශ පේශි ශක්තිමත් වේ.

විශේෂ අවධානයට (ප්‍රවේශම් විය යුතු අවස්ථා)

ඔබට දණහිස්වල හෝ වළලුකරේ දැඩි වේදනාවක් හෝ ආබාධයක් ඇත්නම් මෙම ආසනය කිරීමෙන් වළකින්න. එසේම, ඔබට මලාසනයේදී විලුඹ බිම තබා ගැනීමට අපහසු නම්, විලුඹ යටින් රෙදි කැබැල්ලක් හෝ යෝගා බ්ලොක් එකක් තබා ආධාරකයක් ලෙස භාවිතා කළ හැකිය.

Vishuddhi Yoga and Meditation Center
0718896122

03/02/2026

💠විශුද්ධි යෝග සහ භාවනා මධ්‍යස්ථානය
Vishuddhi Yoga and Meditation Center

ක්‍රමානුකූලව යෝග ආසන පුහුණුව
නිවැරදි ප්‍රාණයාම පුහුණුව
භාවනා සහ
මන්ත්‍ර පුහුණුව

💠නුගේගොඩ - ශ්‍රී ජයමංගල විහාරස්ථානයේදී

බදාදා
උදෑසන 9.00 - 11.00

💠කොට්ටාව තරුණ බෞද්ධ සංගමය ශාලාව

සෙනසුරාදා
උදෑසන 8.00 - 10.00

💠 විජයරාම - ශ්‍රී විජයරාම රජමහා විහාරස්ථානයේදී

ඉරිදා
උදෑසන 8:00 - 10:00

මෙහෙයවීම

Rashika Egodage
(YTT 500 hours - Living Eye Yoga Ashram)
(CYT 200 hours - World Yoga Federation)

විස්තර සදහා විමසන්න
whatsapp msg - 0718896122

28/01/2026

💠විශුද්ධි යෝග සහ භාවනා මධ්‍යස්ථානය
Vishuddhi Yoga and Meditation Center

💠නුගේගොඩ - ශ්‍රී ජයමංගල විහාරස්ථානයේදී

බදාදා
උදෑසන 9.00 - 11.00

විස්තර සදහා විමසන්න
whatsapp msg - 0718896122

#

🌸අංජනෙයාසනයේ ප්‍රතිලාභඋකුල විවෘත කිරීම (Hip Opening):වැඩි වේලාවක් වාඩි වී සිටින අයට උකුල ප්‍රදේශයේ ඇති වන තද ගතිය (Stiff...
26/01/2026

🌸අංජනෙයාසනයේ ප්‍රතිලාභ

උකුල විවෘත කිරීම (Hip Opening):
වැඩි වේලාවක් වාඩි වී සිටින අයට උකුල ප්‍රදේශයේ ඇති වන තද ගතිය (Stiffness) මගහරවා ගැනීමට මෙය කදිම ආසනයකි.

කොඳු ඇට පෙළ නම්‍යශීලී කිරීම:
කොඳු ඇට පෙළ පිටුපසට නැමීම නිසා එහි නම්‍යශීලී බව සහ ශක්තිය වර්ධනය වේ.

පාද ශක්තිමත් කිරීම:
කලවා මස්පිඬු (Quadriceps) සහ පසුපස පාදයේ මස්පිඬු හොඳින් ඇදීමකට (Stretch) ලක් වේ.

පෙනහලු සහ පපුව:
පපුව විවෘත වන බැවින් ගැඹුරු හුස්ම ගැනීම පහසු කරන අතර පෙනහලු ධාරිතාව වැඩි කරයි.

සයිටිකා (Sciatica) සහනය:
සයිටිකා ස්නායුවේ වේදනාව ඇති අයට මෙය නිවැරදිව කිරීමෙන් සහනයක් ලබා ගත හැක.

🌸විශේෂ අවධානයට

අවදානම් තත්ත්ව:
ඔබට දණහිස හෝ උරහිස ආශ්‍රිත දැඩි ආබාධ පවතී නම් මෙම ආසනය කිරීමේදී ඉතා ප්‍රවේශම් වන්න. දණහිස බිම ස්පර්ශ වන විට වේදනාවක් දැනේ නම්, ඒ යටට මෘදු රෙදි කැබැල්ලක් හෝ යෝගා මැට් එක නමා තබා ගන්න.

🌸ආසන නිරූපණය - විශුද්ධි යෝග විජේරාම පන්තිය

Vishuddhi Yoga and Meditation Center
0718896122

23/01/2026

මෛත්‍රීය, කරුණාව වචන වලට පමණක් සීමා කරන්න එපා..🙏🪷

Vishuddhi Yoga and Meditation Center
0718896122

19/01/2026

🌸නෞකාසන පුහුණුව

🌸නෞකාසනය නිවැරදිව පුහුණු කිරීමෙන් ශරීරයට ලැබෙන වාසි රැසකි:

උදරයේ මාංශ පේශි ශක්තිමත් වීම: උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දහනය කිරීමට සහ උදරයේ පේශි ශක්තිමත් කිරීමට මෙය ඉතා ගුණදායකයි.

කොන්ද සහ කොඳු ඇට පෙළ ශක්තිමත් වීම: කොන්දේ මස්පිඩු ශක්තිමත් කර සිරුරේ නිවැරදි ඉරියව්ව (Posture) පවත්වා ගැනීමට උදවු වේ.

ජීරණ පද්ධතිය උත්තේජනය කිරීම: අක්මාව, අග්න්‍යාශය සහ වකුගඩු වල ක්‍රියාකාරිත්වය වර්ධනය කරන අතර මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් සමනය කරයි.

සමබරතාවය වැඩි දියුණු කිරීම: ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාවය සහ සමබරතාවය වර්ධනය කරයි.

🌸සැලකිලිමත් විය යුතු කරුණු

පහත තත්ත්වයන් ඇති පුද්ගලයින් මෙම ආසනය කිරීමෙන් වැළකී සිටිය යුතුය හෝ උපදෙස් මත පමණක් සිදු කළ යුතුය:

දරුණු කොන්දේ අමාරු හෝ කොඳු ඇට පෙළේ ආබාධ ඇති අය.
ගර්භනී කාන්තාවන්.
අධික රුධිර පීඩනය හෝ හෘද රෝග ඇති අය.
ඇදුම හෝ දරුණු හිසරදය පවතින අවස්ථාවලදී.

🌸ඔබ ආධුනිකයෙකු නම්, මුලින්ම දණහිස් මදක් නමාගෙන මෙම ආසනය පුහුණු වී පසුව දෙපා කෙලින් කිරීමට උත්සාහ කරන්න.

Vishuddhi Yoga and Meditation Center
0718896122

14/01/2026

"If you can breathe, you can do yoga."
~ Sri T. Krishnamacharya ~

12/01/2026

මෙහෙම දේවලුත් අපේ පන්තියේ වෙනව ලූ.. 😂❤️
කොච්චර වැරැද්දුවත් ආදරෙයි ඉතින්..😇❤️🙏

Vishuddhi Yoga and Meditation Center
0718896122

#

Address

Hokandara South
10118

Website

Alerts

Be the first to know and let us send you an email when Vishuddhi Yoga and Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category