Derana Medical Center

Derana Medical Center We provide quailty health service for reasonable price At Derana Medical Center, your health is our priority. Accurate diagnostics. Health for all.

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි. දෙරණ වෛද්‍ය මධ්‍යස්ථානය සියලු වර්ගයේ වෛද්‍ය සේවාවන් සපයන විශ්වාසනීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකි. සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ වලින් ආරම්භකර විශේෂ වෛද්‍ය උපදෙස් දක්වා, අපගේ පළපුරුදු වෛද්‍ය කණ්ඩායම ඔබට ගුණාත්මක සේවාවක් ලබාදීමට කැපවී ඇත.

නවීන තාක්ෂණයෙන් සමන්විත අපගේ පරීක්ෂණාගාරය හරහා නිවැරදි හා වේගවත් වාර්තා ලබාදෙමින් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූලික සහාය සහ නිසි ප්‍රතිකාරවලට යොමුකිරිම සිදු කරයි.

අපි ඔබට විශ්වාසදායක, ආරක්ෂිත හා පහසු පරිසරයකින් යුතු වෛද්‍ය සේවාවක් ලබාදීමට කැපවී සිටිමු.

📍දෙරණ වෛද්‍ය මධ්‍යස්ථානය ඔබගේ සෞඛ්‍ය ගමනට විශ්වාසවත් හවුල්කරු. We are a trusted, full-service medical facility offering a wide range of healthcare services to meet the needs of individuals and families. From general consultations to specialized care, our experienced medical team is committed to delivering compassionate, patient-centered care every step of the way. We specialize in advanced medical laboratory services, ensuring accurate and timely diagnostic reports to support effective treatment plans. Our laboratory is equipped with modern technology and maintained to the highest standards of quality and hygiene. Whether you're here for routine check-ups, medical tests, or long-term care, we're dedicated to providing reliable healthcare in a safe and comfortable environment. With a focus on affordability, efficiency, and excellence, Derana Medical Center is here to support your wellness journey every day.

📍 Visit us today or call for more information.
🧬 Trusted care.

පින්බර සිතුවිලි පහලවෙන ‍රෝ බියෙන් තොර නිදුක් නිරෝගීමත් ඇසල පොහෝ දිනක් වේවා🙏
10/07/2025

පින්බර සිතුවිලි පහලවෙන ‍රෝ බියෙන් තොර නිදුක් නිරෝගීමත් ඇසල පොහෝ දිනක් වේවා🙏

ඔබ හිතන තරම් සෞඛ්‍යවත්ද? ඔබේ සෞඛ්‍යය නිරෝගීව තබන්න වසරකට අවම වශයෙන් වරක්වත් මේ පරීක්ෂණ 3 කරගන්න ඕන.🩸 1. රුධිර සීනි පරීක්...
30/06/2025

ඔබ හිතන තරම් සෞඛ්‍යවත්ද?

ඔබේ සෞඛ්‍යය නිරෝගීව තබන්න වසරකට අවම වශයෙන් වරක්වත් මේ පරීක්ෂණ 3 කරගන්න ඕන.

🩸 1. රුධිර සීනි පරීක්ෂාව (Fasting Blood Sugar / RBS)
✔️ දියවැඩියාව හඳුනාගැනීමට අත්‍යවශ්‍ය පරීක්ෂණයකි.
✔️ අධි රුධිර සීනි මට්ටම් හෘද රෝග, දෘශ්‍ය රෝග, ස්නායු රෝග වැනි බරපතළ රෝගී තත්ව ඇති කරයි.
📌 පරීක්ෂණයට පෙර පැය 8ක උපවාස/fasting කිරීම අවශ්‍යය.

🧬 2. කොලෙස්ටරෝල් පරීක්ෂාව (Lipid Profile)
✔️ හෘද රෝග වලින් ආරක්ෂාවට අත්‍යවශ්‍ය පරීක්ෂාවක්.
✔️ LDL (නරක කොලෙස්ටරෝල්), HDL (හොඳ කොලෙස්ටරෝල්), Triglycerides මට්ටම් මඟින් හෘද රෝග අවදානම පිළිබඳව දැනුවත් විය හැකියි.
📌 උපවාසය/fasting හා රෝග ඉතිහාසය අනුව වෛද්‍ය උපදෙස්මත නියම වේ.

3. සම්පූර්ණ රුධිර ගණනය (FBC / CBC)

මෙම පරීක්ෂණය මඟින් ඔබේ ශරීරයේ රුධිර සෛල (රතු රුධිර සෛල, සුදු රුධිර සෛල සහ පට්ටිකා) පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලබා දෙනවා.

මෙය මඟින් හඳුනාගත හැකි දේවල්:

රුධිර හිඟය (Anaemia): නීරක්තිය, එනම් රුධිරයේ ඇති යකඩ ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වය. අධික තෙහෙට්ටුව, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ වලට මෙය හේතුවක් විය හැකියි.

ශරීරගත ආසාදන (Infections): උණ හෝ වෙනත් ආසාදන තත්ත්වයන් ශරීරය තුළ තිබේදැයි හඳුනා ගැනීමට උපකාරී වෙනවා.

රුධිර සෛලවල තත්ත්වය: රතු රුධිර සෛල, සුදු රුධිර සෛල සහ පට්ටිකා (platelets) සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුද, වැඩිද යන්න සහ ඒවායේ හැඩයේ වෙනස්කම් ඇත්දැයි බැලීම. මෙය විවිධ රුධිර රෝග හඳුනා ගැනීමට වැදගත්

මේ සියලුම දේවල් වෛද්‍ය උපදෙස් අනුව සිදුකරගන්න දෙරණ Medical Center අපෙග් පරික්ෂණාගාර ඔබ වෙනුවෙන් විවෘතයි

ඔබේ නීරෝගීමත් සෞඛ්‍ය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන අපි ඔබගේ ගැටලු වලට නිසි මගපෙන්වීමක් ලබා දීමට ක්ෂණික ප්‍රතිචාර දුරකථන මධ...
24/06/2025

ඔබේ නීරෝගීමත් සෞඛ්‍ය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන අපි ඔබගේ ගැටලු වලට නිසි මගපෙන්වීමක් ලබා දීමට ක්ෂණික ප්‍රතිචාර දුරකථන මධ්‍යස්ථානයකින්ද සමන්විතයි

කිසිදු රෝග ලක්ෂණයක් නැතත්, රුධිර පරීක්ෂාවක් කරගැනීම අත්‍යවශ්‍ය ඇයි?😟
23/06/2025

කිසිදු රෝග ලක්ෂණයක් නැතත්, රුධිර පරීක්ෂාවක් කරගැනීම අත්‍යවශ්‍ය ඇයි?😟

❗රසායනාගාර පරීක්ෂණ ගැන පොදු මිථ්‍යාවන් – ඔබ දන්න දේවල් හැමදේම ඇත්තද?රසායනාගාර පරීක්ෂණ ගැන ඔබ අසා ඇති දේවල් හැමවිටම ඇත්ත ...
19/06/2025

❗රසායනාගාර පරීක්ෂණ ගැන පොදු මිථ්‍යාවන් – ඔබ දන්න දේවල් හැමදේම ඇත්තද?

රසායනාගාර පරීක්ෂණ ගැන ඔබ අසා ඇති දේවල් හැමවිටම ඇත්ත නොවෙන්න පුළුවන්! 🤔
නිවැරදි තොරතුරු දැන ගැනීම ඔබේ සෞඛ්‍යයට ඉතා වැදගත්.
අද අපි බලමු පොදු ලෙස බහුලව පැතිරුණු මිථ්‍යාවන් 3ක් සහ ඒවා පිළිබඳ සත්‍යය.

❌ මිථ්‍යාව 1:

"මට කිසිම රෝග ලක්ෂණයක් නැති නිසා, මට පරීක්ෂණ කරන්න ඕනෙ නෑ."

✅ සත්‍යය:
බොහෝ දිගුකාලීන රෝග, උදා: දියවැඩියාව, උස රුධිර පීඩනය, අක්මාව සහ වකුගඩු රෝග ආදිය ආරම්භයේදී කිසිඳු ලක්ෂණයක් නොමැතිව පැවතිය හැක.
නමුත් රුධිර පරීක්ෂණ හා නවීන පරික්ෂනාගාර තාක්ෂණය මඟින් මේවා මුල් අවධියකදී හඳුනාගත හැක.
🩺 එවන් අවස්ථාවලදී ප්‍රතිකාර කෙරෙන රෝග සාර්ථකව පාලනය කළ හැක.
ඔබේ සෞඛ්‍යය රැකගැනීමට, රෝග ලක්ෂණ නොමැති වුවත් පරීක්ෂාවීම අත්‍යවශ්‍යයි.

❌ මිථ්‍යාව 2:

"සාමාන්‍ය පරාසයේ(Normal Range) පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණා නම් නිරෝගී කියලා තහවුරුයි."

✅ සත්‍යය:
"සාමාන්‍ය පරාසය(Normal Range)" කියන්නේ සියයට 95ක් පමණ ජනගහනයට අදාළ, සාමාන්‍ය අගයන් පරාසයකි.

නමුත් ඔබේ වෛද්‍ය ඉතිහාසය, වයස, ඖෂධ භාවිතය අනුව ඒ අගයන් වෙනස් ලෙස විවරණය කළ යුතුයි.
ඒ නිසා ඔබේ ප්‍රතිඵල, වෛද්‍යවරයෙකු සමඟ විස්තරාත්මකව සාකච්ඡා කිරීම අතිශයින්ම වැදගත් වේ.

📌 පරීක්ෂණ ප්‍රතිඵල කියවීම, පරීක්ෂණ කරනවාට වඩා වගකීමක් සහිත කාර්යයකි. Derana Medical Center අපි ඒ සදහා කැපවී සිටින්නෙමු.

❌ මිථ්‍යාව 3:

"රසායනාගාර පරීක්ෂණ වේදනාකාරීයි."

✅ සත්‍යය:
බොහෝ රසායනාගාර පරීක්ෂණ සුළුම සුළු අපහසුතාවයකින් පමණක් යුක්ත වේ.

Derana Medical Center හි පුහුණු, සහතිකලත් කාර්ය මණ්ඩලය ඔබේ පහසුව සහ ආරක්ෂාව උදෙසා සේවය කරයි.

ඔබට කලබලයක් හෝ බියක් ඇත්නම්, අපි ඒ පිළිබඳව සැලකිල්ලිමත්ව පරික්ෂණ ක්‍රියාවලිය නිසි පරිදි කිරීමට බැදී සිටිමු.

🔬 අපගේ රසායනාගාරය, ජාත්‍යන්තර මට්ටමේ මාර්ගෝපදේශ, නිවැරදි විද්‍යාත්මක ක්‍රම හා ගුණාත්මක පාලන පද්ධති භාවිතයෙන්, ඔබට විශ්වාසවන්ත පරීක්ෂණ ප්‍රතිඵල ලබාදෙයි.

💡 Derana Medical Center – Thalawathugoda හි අපි විශ්වාස කරන්නේ

"ඔබේ සෞඛ්‍ය තොරතුරු නිවැරදි ප්‍රතිකාර ලබාගත හැකිබවයි"

📍 ඔබට කිසියම් සැකයක් තියෙනවා නම්, අදම අපව අමතන්න. අපි ඔබේ සෞඛ්‍යය උදෙසා කැපවී සිටින්නෙමු

📞 අප අමතන්න: 70 100 0999
📍 ස්ථානය: Derana Medical Center Thalawathugoda
https://maps.app.goo.gl/TdMh1PeGGtqtot5g9

මේ දේවල් නොදැන ලේ මුත්‍ර ඕනේම පරික්ශාවක් කරන්න හිතන්නවත් එපා...
16/06/2025

මේ දේවල් නොදැන ලේ මුත්‍ර ඕනේම පරික්ශාවක් කරන්න හිතන්නවත් එපා...

ඔබේ සෞඛ්‍යය ගැන මුලින්ම සැලකිල්ල දැක්වූයේ ඔහුයි. පියවරුන් සෑම දෙනාටම නීරෝගිමත් සෞඛ්‍ය තත්වයක් උදාවන සුබ පියවරුන්ගේ දිනයක...
14/06/2025

ඔබේ සෞඛ්‍යය ගැන මුලින්ම සැලකිල්ල දැක්වූයේ ඔහුයි. පියවරුන් සෑම දෙනාටම නීරෝගිමත් සෞඛ්‍ය තත්වයක් උදාවන සුබ පියවරුන්ගේ දිනයක් වේවා🙏

බැතිසිතින් සහභාගී වු ඔබටත් සහය දැක්වු කාර්යමණ්ඩලයටත් පින් අනුමෝදන් වී නිදුක් නිරෝගි සුවය ලැබේවා
11/06/2025

බැතිසිතින් සහභාගී වු ඔබටත් සහය දැක්වු කාර්යමණ්ඩලයටත් පින් අනුමෝදන් වී නිදුක් නිරෝගි සුවය ලැබේවා

ඔබේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල නිවැරදි වීම ඉතා වැදගත්! ☝🏻සමහර පුරුදු නිසා ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්😕 ඒ නිසා, පරීක්ෂණයට පෙ...
11/06/2025

ඔබේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල නිවැරදි වීම ඉතා වැදගත්! ☝🏻

සමහර පුරුදු නිසා ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්😕

ඒ නිසා, පරීක්ෂණයට පෙර ඔබ නොකළ යුතු වැදගත් දේවල් කිහිපයක් මෙන්න. නිවැරදිම රෝග විනිශ්චයකට සහ ඔබේ සෞඛ්‍යය ගැන නිවැරදි තීරණ ගැනීම සඳහා මේ දේවල් මතක තබා ගන්න! ඔබේ සෞඛ්‍යයට නිවැරදි ආරම්භයක් ලබා දෙන්න!❤️

විස්තර සදහා පලමු comment එක බලන්න

පින්බර සිතුවිලි පහලවෙන ‍රෝ බියෙන් තොර නිදුක් නිරෝගීමත් පොසොන් පොහෝ දිනක් වේවා🙏
10/06/2025

පින්බර සිතුවිලි පහලවෙන ‍රෝ බියෙන් තොර නිදුක් නිරෝගීමත් පොසොන් පොහෝ දිනක් වේවා🙏

01/12/2024

ඔබත් දිගු කාලයක් සුව නොවන තුවාලයකින් පීඩා විඳිනවාද ?
පැමිණෙන්න අප වෙත.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකු විසින් පවත්වනු ලබන වෛද්‍ය සායනය.
දිනපතා සවස 4.30 සිට.
**අත්‍යාවශ්‍ය රෝගීන් සඳහා නිවසට පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ.**

දෙරණ වෛද්‍ය රසායනාගාරය තලවතුගොඩ.
070 1000 999.

We provide quailty health service for reasonable price

Address

Hokandara South

Opening Hours

Monday 06:30 - 19:00
Tuesday 06:30 - 19:00
Wednesday 06:30 - 19:00
Thursday 06:30 - 19:00
Friday 06:30 - 19:00
Saturday 06:30 - 19:00

Telephone

+94706661771

Alerts

Be the first to know and let us send you an email when Derana Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Derana Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram