Med ayush

Med ayush Ayurvedic medicine and surgery & treatment & yoga & massage therapy & beauty culture & healthy life

06/05/2025

☘️ මුත්‍රා ගල් නසන විස්මිත හෙල ඔසුව ☘️

අක්කපාන (Kalanchoe pinnata)

අක්කපාන විශේෂයෙන් වැවෙන්නේ ගල්තලාවලය. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන අක්කපාන,ලංකාවේ පමණක් නොව නිවර්තන කලාපයේ රටවල් බොහොමයකදි අක්කපාන හඳුනාගත හැකිය.. ගල් තලාවන් දිගේ විහිදී ගාලක් ලෙස වැවෙන අක්කපාන, සමහර විටෙක පොළොවට ලම්භකව අඩි දෙකක් පමණ උසට ශාකයක් ලෙසද වැවේ..

🥰 පොත් අස්සේ දමා මුල් අද්දවා ගැනීමට අමතරව, අක්කපාන සමඟ ඊට වඩා සබැඳියාවක් ළමා අපට තිබුණාදැයි නොදැන සිටි මුත් අපේ කෑමවේලේ බත්පත සමඟ ලැබෙන විවිධාකාර වූ ව්‍යාංජන අතර “අක්කපාන” කොළ සම්බෝලය තිබී ඇති බව දන්නේ වැඩිහිටි වූ අවධියේ අම්මාගේ අතීත මතක අප සමඟ බෙදාහදා ගත් දිනකය.

“ඉස්සර ගෙදරක අම්මා තමයි ගොඩ වෙදකම් සේරම කරන්නේ".. ඒවගෙන් හැම එකක්ම වගේ හරි ගියා මිසෙක වැරදුණේ නෑ… ගෙදර දරුවෙකුගේ බඩ පිපුමකට, සෙම්ප්‍රතිශ්‍යාවකට, අජිර්ණයකට අත් බෙහෙත් ඇය දැනගෙන හිටියා. ගෙයි කුස්සිය පැත්තේ සකසා ගත් ඉඩක පුංචි පුංචි බෙහෙත් පැළැටි වවල තියාගෙන හිටියා. ඉඟුරු පැළයක්, කහ පැළයක්. කරපිංචා ගහක්, ලුණුවිල ටිකක්, වැල් ගොටුකොළ ටිකක්, අමුක්කරා පැළයක් ඒ ඒ පුංචි ඉඩේ අනිවාර්යයෙන් තිබුණා… අනුපානයන් විදියට මීපැණි කුප්පියක් ඇගේ දුම්මැස්ස කිට්ටුව හංගලා තියාගෙන හිටියා...සුලභව හමු නොවන පළාත්වල “අක්කපාන” පැළේකුත් මේ ඉඩකඩේ වවාගන්න අම්මා අමතක කළේ නෑ….”

අක්කපාන කියූ සැණින් බොහෝ දෙනා දන්නේ එය මුත්‍රාශයේ හටගන්නා ගල් දිය කර යවන්නට හැකි අපූරු ඖෂධයක් ලෙසය.
“පාෂාණ බේදන” ලෙසද අක්කපාන හඳුන්වන්නේ එහි ඇති එම සුවිශේෂ ගුණය නිසාය. නමුත් අක්කපාන යනු ඒ වෙනුවෙන්ම පමණක් යොදාගත හැකි ඖෂධයක් නොවේ. බොහෝ දෙනා එතරම් නොදැන සිටියත්, අර්ශස් රෝගයටත්, එහි ප්‍රභේදයක් වන “රක්තාර්ශස්” රෝගයටත් අක්කපාන වලින් ගුණ ලබාගත හැකිය. තවදුරටත් විස්තර කරන්නේ නම් අධෝ මාර්ගය ආශ්‍රිත බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස “අක්කපාන’ යොදාගත හැකිය.
සතියකට දෙකකට වරක් අක්කපාන දලු දෙමිටක් ගෙන හීනියට ලියා, එයට යහමින් රතු ලූනු ද,අවශ්‍ය තරමට ගම්මිරිස්, දෙහි සහ ලුණු ද මුසු කර ගොටුකොළ මෙන් සම්බෝල සකසා ආහරයට ගැනීම රෝගී නීරෝගී සැමටම ගුණදායක එකකි. “අක්කපාන” කොළ මිරිකා දෙහි සමඟ මිශ්‍රකොට රසවත් පානයක්ද සකසා ගත හැකිය.

අක්කපාන ප්‍රභේද දෙකකි. එක් වර්ගයක පත්‍ර හීනිය. අනෙකේ පත්‍ර ලොකුය. සමහරෙක නාරටිය රත් පැහැතිය. සමහරෙක නාරටිය සුදු පැහැතිය. මේ ප්‍රභේද දෙකේම ගුණ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සැලකූ කළ රසයෙන් කෂාය සහ අම්ලය. ගුණයෙන් ලඝු සහ රූක්ෂය. මධුර විපාකයෙන් සහ ශීත වීර්යයෙන් යුතුය. දේශිය වෙදකමේදී සහ ආයුර්වේදයේදී අක්කපාන වලට ඖෂධීය වටිනාකමක් ලැබෙන්නේ එහි අැති ශීත වීර්යය ගුණය නිසාය.

නිවසේ දී සිදු වන කැඩුම්-බිඳුම් සහ තැළීම් වලදීද, හන්දි ඉදිමුම් හෙවත් සරල ආතරයිටීස් තත්වයන් හීදීද, වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු අත්බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. ඒ අක්කපාන කොළ මිටක් පමණ ගෙන ඇල්දියෙන් කොටා තලපයක් සේ අදාළ ස්ථාන වල ආලේප කිරිමෙනි. මෙමඟින් ඉක්මනින් ඉදිමුම අඩුවන අතර වේදනාවද අඩුවේ. සුළු අස්ථි පිපිරුම් තත්වයන් පෑහීමේ හැකියාවද “අක්කපාන” සතුවේ.

අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුව වේ. විසර ගෙඩි මත ආලේප කිරීමෙන් සැරව ඉවත් වේ .විදුරුමස පුපුරා ගොස් දත් ඒමේ දී ඇති වන වේදනාකාරී අවස්ථාවල අක්කපාන කොළ මී පැණි සමග ආලේප කරීමෙන් සුවය ලැබේ.

සමේ ඇති වන කැසිම් වලදී සහ වණ, තුවාල වලදී “අක්කපාන” කොල තැම්බූ දියෙන් සේදීමෙන් සහනය ලබාගත හැකිය. මුත්‍රාශයේ ගල් ඇති රෝගීන්ට තමන් ලබාගන්නා බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතර වුවද සතියකට වරක් දෙවරක් “අක්කපාන” භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන. ඒ නටන උණුවතුරට අක්කපාන කොළ කිහිපයක් පොඩි කර දමා විනාඩි පහක් පමණ වසා තබා පෙරා බීමෙනි. අම්ල පිත්ත රෝගය, බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැක. තරුණ ගැහැණු දරුවන්ගේ මාසික වේදනා අවම කරගැනීම සඳහාද මේ ප්‍රතිකාරය සුදුසුය. වයස් ගත වනපුරෂයින්ට සෑදෙන පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේන් අපහසුතා සඳහාද එම ප්‍රතිකර්මය යොදාගත හැකිය.

රක්තර්ශස්, රක්ත ප්‍රදර සහ රක්තාතීසාරය ඇති රෝගීනට “අක්කපාන” භාවිතා කළ හැක්කේ මෙලෙසය. අක්කපාන කොළ යහමින් ගෙන වණ්ඩුවේ තම්බාගෙන, එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ මීපැණි ස්වල්පයක් අනුපාන කොට බීමෙන් වේදනාව සමනය වී රක්ත මෝචනය අඩුවනු ඇත. මලබද්ධය පවතින අවස්ථාවන් වලදී දේශීය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස “අක්කපාන” කොළ, කොහිල දඩු සමභාගව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා යුෂ රැගෙන මීපැණි සමඟ භාවිතා කළ හැකිය.

කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලදී ක්ෂණික ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා, එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය.

අක්කපාන වල කොළ දේශිය වෙදකමේදී ප්‍රයෝජනයට ගත් අතර ආයුර්වේද වෙදකමේදී එහි මුල්ද ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙහි මූල පද්ධතියේ ඇත අලය වැනි කොටස ගෙන හොදින් පිරිසුදු කර කුඩා කැබලි වලට කපා හොදින් වියළා කුඩු කර කෝපි මෙන් උණු වතුරට මිශ්‍ර කර පානය කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකිය. එයට අමතරව ආයුර්වේද චූර්ණ වර්ග සඳහාද අක්කපාන භාවිතා කරයි.

අක්කපාන කොළ ඉස්ම තල තෙල් හා මිශ්‍රකර සාදා ගන්නා තෛලය හිසෙහි ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වැළකීම හා යහපත් කෙස් කලඹක් ලබන්නට හැකිය . මුත්‍රාශයට අමතරව පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.

මේ සියලු ප්‍රතිකර්මයන් පුරුද්දක් ලෙස නිතර භාවිතා කිරීමට පෙර පෙරදිග වෛද්‍ය උපදෙස් අනුගමනය කිරිම වැදගත්ය. එහෙත් ආහාරයට එක්කර ගැනිම මගින් හෝ සතියකට වරක් දෙවරක් අත්හදා බැලිමෙන් ශරිරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවේ.

මේ අනුව බලන කළ අප නොසිතන පුළුල් පරාසයක රෝග සඳහා ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන භාවිතා කළ හැකිය. නමුත් අප එයින් නිසි ප්‍රයෝජනය නොගන්නේ ඒ පිළිබද අපේ පරම්පරාවේ ඇති දැනුමෙහි මදකම නිසාය. පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ අපේ දේශිය ඖෂධ පිළිබඳ දැනුම කිසියම් අවස්ථාවක පස පරම්පරාවට ගලා නොයෑම නිසා මතුවූ හිඩැස නිසා මේ තත්වය ඇතිව තිබේ. සුළු රෝග ලක්ෂණයකදී පවා ඉවසිමෙන් ප්‍රතිකර්මයක් කරනු වෙනුවට වහ වහා රෝහලක් වෙත යාමට වත්මන් පරපුර හුරුවි සිටී.

“අපේ ගෙදර අම්මාගේ අතින් සිදුවූ “ගොඩ වෙදකම” වෙත අපි ආයෙත් නැඹුරු වීමෙන් යහපතක් මිසෙක අයහපතක් වෙන්නේ නෑ.. එදා අපේ කුස්සිය වටේ තිබණු ඖෂධීය පැළ අපිට අද දවසේ ගෙවත්තේ ‘විසිතුරු පැළ” ලෙස වුවත් වගා කරගන්න පුළුවන්. ඒ දැනුම පරම්පරාවෙන් තමන් වෙත නොලැබුණත් මෙවැනි ලිපි හරහා හෝ අලුත් පරපුර මේ ගැන උනන්දු වෙනවා නම් අපිට සුවදායක හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.ලිපිය හොඳයි නම් like, comment කරන්න වගේ ම තව කෙනෙක් ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා...

මේ වගේ පෝස්ට් තව කියවන්න කැමති නම් follow/like කරන්න මගේ facebook පිටුව,

copied ...

•••••••••••••••••••••••••••••••••••••••

26/01/2025
25/01/2025

“මෙඩ් ආයුශ් “ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,

සියලූම සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර

කැඩුම් බිදුම් | සන්දි රෝග | වාත රෝග | චර්ම රෝග | ස්නායු රෝග | කාන්තා රෝග | ළමා රෝග | දියවැඩියා | අර්ශස් | පක්ෂාගාත | අක්මා රෝග | තුවාල | අධිරුධිර පීඩනය | මානසික ලෙඩ | සෙම් රෝග | කූඩැල්ලන් ප්‍රතිකාර | මුත්‍රා රෝග | අම්ල පිත්ත | ශීර්ෂ රෝග | සයටිකා | කොලෙස්ටරෝල් | විෂ හරනය | කේශ වර්ධන | ලිංගික ගැටලු | අකලට හිස කෙස් පැසීම | කොදු ඇටපෙල ආශ්‍රිත රෝග | ආදී සියලුම රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර .

No : 496/9b , pitipana - thalagala road , homagama.

Dr . A G M M සමරවීර
(BAMS | UOC)

Dr.W G A Priyadarshana
(BAMS | UOC )

Contact- 070 355 64 96

“Med Ayush” Ayurvedic medical center

Ayurvedic Treatment for All General Diseases.

Ayurvedic treatment for all diseases such as fractures | joint diseases | rheumatism | skin diseases | neurological diseases | women's diseases | children's diseases | diabetes | hemorrhoids | paralysis | liver diseases | wounds | high blood pressure | mental illness | phlegm diseases | leech treatment | urinary diseases | acid reflux | headache diseases | sciatica | cholesterol | detoxification | sexual problems | hair growth | premature graying of hair | diseases related to the spine | etc.

496/9b , pitipana - thalagala road , homagama.
Dr . A G M M Samaraweera ( BAMS | UOC )

Contact : 070 355 64 96

#ආයුර්වේද

25/01/2025

අම්ල පිත්ත රෝගය | ගැස්ට්‍රයිටීස් | Gastritis ....

අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය වර්තමානයේ කුඩා දරුවන්, තරුන වියේ පසුවන්නන් ,සහ වැඩිහිටි යන සියලු දෙනා අතරම සුලභව දක්නට ලැබෙන රෝගී තත්වයකි.මෙය අපගේ කායික හා මානසික සෞඛ්‍ය තත්වය කෙරෙහි බෙහෙවින් බලපෑම් ඇති කරයි..

හේතු :

• සමතුලිත ආහාර වේලක් නොගැනීම.
• නියමිත වේලාවට ආහාර නොගැනීම.
• තෙල්,මිරිස්,ලුනු අධික ආහාර බහුලව භාවිතය.
• මද්‍යසාර භාවිතය.
• මානසික ආතතිය.
• උෂ්නාදික ආහාර ගැනීම.
• සමහර ඖෂධ.
• ජලය පානයේ අඩුකම.
• ආහාර නොගෙන සිටීම.

රෝග ලක්ශණ :

• බඩ දැවිල්ල.
• වමනය හා ඔක්කාරය.
• ආහාර අරුචිය.
• බඩ පුරවා දැමීම.
• මල පිටවීමේ අක්‍රමිකතා.
• පපුවේ දැවිල්ල ගතිය.
• තික්ත හා ඇඹුල් රසයෙන් ඔක්කාරය.
• අත් පා වල දැවිල්ල ගතිය.

උපද්‍රව / ප්‍රතිකාර නොකර සිටීමෙන් :

• ආමාශයේ හා බඩවැල් වල තුවාල.
• ආමාශයේ දැවිල්ල.
• ආහාර අරුචිය.
• මල බද්ධය.
• හදවත් රෝග.
• සන්ධි රෝග.
• සමේ රෝග.

පාලනය :

• සමතුලිත ආහාර වේලක් ගැනීම.
• වෙලාවට ආහාර ගැනීම.
• සැර , තෙල් ආහාර වලින් වැලකීම.
• මද්‍යසාර භාවිතය වැලකීම.
• දිනපතා ස්නානය.
• සව් , බාර්ලි, කිතුල් පිටි,රුලං වැනි ආහාර භාවිතය.
• පලතුරු වර්ග නිතර ආහරයට ගැනීම.
• හාතාවාරිය කැද, පරිප්පු, කඩල,මුං ඇට, ජලජ ශාකමය ආහාර, මුකුනුවැන්න, බන්ඩක්කා,නිවිති, එලබටු, තම්පලා, දෙලුම්, නෙල්ලි, කොමඩු, පැපොල් වැනි ආහාර වර්ග ගුනදායකය.

• මුරුංගා,රාබු, ඇඹුල් ආහාර,අබ, සුදුළූනු,තල, උදු,අන්නාසි,විනාකිරි,ඉස්සො,දැල්ලො,
බලමාලු,තක්කාලි,කකුලුවො,කුරක්කන් පිටි කැද,රසකාරක යෙදූ ආහාර,කෘතිම ආහාර,කොත්තු, ෆ්‍රයිඩ් රයිස්,කට්ලට්,පැටිස්,පාන්පිටි ආහාර,මෝල්ට් කිරි වර්ග අහිතකරය.

*** නිවරදි ආයුර්වේද ප්‍රතිකාර හා අපත්‍ය ආහාර හා විහරන වලින් වැලකී සිටීම මගින් සහ හිතකර ආහර සහ ජීවන රටාවක් පවත්වා ගෙන යාම මගින් මෙම රෝගී තතවය නිට්ටවටම සුවකල හැකිය ***..

* පේජ් එකත් follow කරන්න ...

සටහන - මෙඩ් ආයුශ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය .

ලොකේශන් : පිටිපන - තලගල පාර, හෝමගම.

ටෙල් - 0703556496

#අම්ලපිත්ත #ගැස්ට්‍රයිටීස් #ගෑස්ටික් #බඩදැවිල්ල #ආයුර්වේද

20/01/2025

*මොකක්ද මේ Human Metapneumo වෛරසය (hMPV)?*

Human metapneumovirus (hMPV) යනු සෙම්ප්‍රතිශ්‍යාව (ඉහළ ශ්වසන මාර්ගයේ ආසාදන) ඇති කරන වෛරස් වලින් එකකි. එය සාමාන්‍යයෙන් මිනිසුන්ට සුළු ලෙස රෝගාතුර කරයි, නමුත් එය සමහර පුද්ගලයින්ට ඉතා තදබල ලෙස අසනීප විය හැකිය.

මෙම වෛරසය Respiratory syncitial වෛරස් (RSV) සමඟ Pneumoviridae වෛරස් පවුලට අයත් වේ. එය 2001 දී මුලින්ම හඳුනාගෙන ඇති අතර දශක ගණනාවක් තිස්සේ මිනිසුන් අතර පැතිර ඇත. එය ලොව පුරා දක්නට ලැබේ.

අනෙකුත් සෙම්ප්‍රතිශ්‍යාව වෛරස් මෙන් එය පැතිරෙන්නේ, රෝගී පුද්ගලයෙකුගෙන් අන් අයට වාතය හරහා පැතිරෙන ආසාදිත ශ්වසන අංශු හරහාය. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු රෝගී පුද්ගලයෙකුට සමීපව සිටින විට හෝ ඔවුන් සමඟ සංවෘත ඉඩක් බෙදා ගන්නා විට වෛරසය වැළඳිය හැකි බවයි. දොර අගුළු වැනි දූෂිත මතුපිට ස්පර්ශ කිරීමෙන් පසුව ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් එය ශරීරයට ඇතුළු විය හැකිය.

*සාමාන්‍යයෙන් hMPV පැතිරෙන්නේ මොන කාල වලදීද?*

රටවල් කිහිපයක් පමණක් hMPV සඳහා ප්‍රවණතා නිරීක්ෂණය කර වාර්තා කරයි, එබැවින් එය සියලුම කලාප සහ දේශගුණය තුළ පැතිරෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් අපට තවමත් නොමැත.

අධ්‍යයනවලින් පෙනී යන්නේ සෞම්‍ය කලාපවල, hMPV ප්‍රධාන වශයෙන් ශීත ඍතුවේ අග සහ වසන්තයේ දී පැතිරෙන අතර, සෘතුමය උණ සහ RSV වැනි අනෙකුත් පොදු ශ්වසන වෛරස් සමඟම පැතිරෙයි. කෙසේ වෙතත්, එය දිගටම පහළ මට්ටම්වල පැතිරෙන අතර වසර පුරා සමහර අය අසනීප වේ.

*hMPV ආසාදනයේ රෝග ලක්ෂණ සහ ලක්ෂණ මොනවාද?*

සාමාන්යයෙන්, hMPV ආසාදිත පුද්ගලයින්ට හෙම්බිරිස්සාව හෝ උණ වැනි රෝග ලක්ෂණ ඇත:

1. කැස්ස
2. උණ
3. උගුර රිදීම
4. නාසයෙන් දියර ගැලීම හෝ හිරවීම
5. ශරීරයේ වේදනාව
6. හිසරදය.
7. එය පෙනහළු ආසාදනය (නියුමෝනියාව) හෝ පෙණහලුවලට ශ්වසන මාර්ගයේ ප්‍රදාහය (බ්රොන්කයිලයිටිස්, බ්රොන්කයිටිස්) ඇති කරන කිහිප දෙනෙකුට තරමක් අසනීප විය හැක. වඩාත් දරුණු රෝගයක රෝග ලක්ෂණ වන්නේ හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව, කරකැවිල්ල, දැඩි තෙහෙට්ටුව, විජලනය, හෝ නොනැවතී පවතින උණ. යමෙකුට මෙම බරපතල රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්, ඔවුන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

*hMPV ආසාදන සඳහා අවදානමක් ඇත්තේ කවුද?*

Human metapneumovirus යනු ළදරුවන් සහ අවුරුදු 5 ට අඩු ළමුන් අතර ඉහළ ශ්වසන ආසාදන සඳහා පොදු හේතුවකි. ඕනෑම කෙනෙකුට hMPV වැළඳිය හැකි වුවද, ළදරුවන්, වැඩිහිටි වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය, නිදන්ගත පෙනහළු ආශ්‍රිත රෝග (COPD සහ ඇදුම, බ්‍රොංකියෙක්ට්සිස්, පෙනහළු වල තන්තු තැන්පත්වීම) වැනි සෞඛ්‍ය තත්වයන් ඇති අය දරුණු රෝගාබාධ සඳහා වැඩි අවදානමක් ඇත. අවදානම් කණ්ඩායම් සහ සෞඛ්‍ය සේවකයින් ඕනෑම ශ්වසන ආසාදන වලින් ආරක්ෂා කිරීමට අමතර සැලකිල්ලක් දැක්විය යුතුය.

*මෙම ආසාදනය පැතිරීම වළක්වා ගන්නේ කෙසේද සහ මෙම වෛරසය සඳහා එන්නතක් තිබේද?*

hMPV ආසාදනය වැලැක්වීම වැනි ක්‍රියාමාර්ග සමඟ අනෙකුත් ශ්වසන රෝග වැළැක්වීමට සමාන වේ:

ජනාකීර්ණ හෝ දුර්වල වාතාශ්‍රය ඇති ස්ථානවල මාස්ක් එකක් පැළඳීම,
හැකිතාක් වාතාශ්‍රය වැඩි දියුණු කිරීම (වායු ප්‍රවාහය සඳහා කවුළුවක් විවෘත කිරීම වැනි)
සබන් සහ ජලය හෝ ඇල්කොහොල් මත පදනම් වූ අත් අතුල්ලමින් නිතිපතා සහ හොඳින් අත් පිරිසිදු කිරීම
පළමුව දෑත් පිරිසිදු නොකර ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම.
ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම ආසාදනවලින් ආරක්ෂා වීමට ද උපකාරී වේ. සමබර ආහාර වේලක් ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ නිසි ලෙස නිදා ගැනීම ඒ සඳහා උපකාරී වේ.

යමෙක් අසනීප වූ විට, අන් අය අසනීප වීමෙන් වැළකී සිටිය හැකිය

ඔවුන්ට අසනීපයක් දැනේ නම් නිවසේ රැඳී සිටීම
කැස්ස හෝ කිවිසුම් යන විට ටිෂූ එකකින් හෝ නැමුණු වැලමිටකින් නාසය සහ මුඛය ආවරණය කිරීම
අන් අය අසල සිටින විට වෙස්මුහුණක් පැළඳීම
විශේෂයෙන් හවුල් අවකාශයන් තුළ වාතාශ්රය වැඩි දියුණු කිරීම
නිතිපතා අත් පිරිසිදු කිරීම සහ නිතර ස්පර්ශ වන මතුපිට විෂබීජහරණය කිරීම.
hMPV වලට එරෙහිව භාවිතය සඳහා දැනට බලපත්‍ර ලබා දී ඇති එන්නතක් නොමැත, නමුත් පර්යේෂණ සිදු වෙමින් පවතී.

උණ, කැස්ස, නාසයෙන් දියර ගැලීම සහ තදබදය වැනි සමාන රෝග ලක්ෂණ ඇති බැවින් විවිධ ශ්වසන රෝග වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර ය. කෙසේ වෙතත්, ප්‍රතිකාර වෙනස් විය හැකිය, විශේෂයෙන් රෝගාතුර වූ හෝ ඉතා අසනීප විය හැකි පුද්ගලයින් සඳහා. COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා විශේෂිත ප්‍රතිවෛරස් ප්‍රතිකාර විකල්ප ඇත. ප්‍රතිකාරය තීරණය කිරීමට පෙර හේතුව හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට රෝග විනිශ්චය පරීක්ෂණ භාවිතා කළ හැකිය.

*අනෙකුත් ශ්වසන වෛරස් ආසාදන හා සසඳන විට මෙම hMPV ආසාදනය කෙතරම් දරුණුද?*

Human metapneumovirus සාමාන්යයෙන් හෙම්බිරිස්සාව හෝ උණ වැනි රෝග ලක්ෂණ ඇති කරයි. කෙසේ වෙතත්, පුද්ගලයෙකු අසනීප වන ආකාරය ඔහුගේ සමස්ත සෞඛ්‍යය ඇතුළු බොහෝ දේ මත රඳා පවතී. එසේම, වෛරස් පරිණාමය විය හැකි බැවින්, ඒවායේ බරපතලකම වෙනස් විය හැක. මෙම වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහා WHO ගෝලීය විශේෂඥයින් සමඟ කටයුතු කරයි.

🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🫁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ශ්‍රී ලාංකීය ජනතාවගේ ශ්ව්සන රෝග පිළිබඳ අවබෝධය වැඩි කිරිමට, මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ශ්වසන රෝග සඳහා විශේෂඥ වෛද්‍ය හර්ෂණ බණ්ඩාර විසිනි.
ශ්වසන සෞඛ්‍ය සම්බන්ධ තවත් තොරතුරු සඳහා Lung Doctor පිටුව Like, Follow කරන්න සහ share කරන්න....

https://www.facebook.com/profile.php?id=61557513488778

These details are by Dr Harshana Bandara, consultant in respiratory medicine.

Like, Follow and share Lung doctor page for more Respiratory health related updates....

https://www.facebook.com/profile.php?id=61557513488778

This page illustrates important health facts regarding respiratory diseases. by Dr Harshana Bandara - Consultant in Respiratory Medicine.

15/01/2025

දියවැඩියාව | High blood pressure ..

දියවැඩියාව යනු රුධිරගත සීනි/ග්ලූකෝස් මට්ටම නියමිත අගයට වඩා ඉහල යාමයි.දියවැඩියාව ඇති වන්නෙ අග්න්‍යාංශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලීන් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලීන් වලට නියම ලෙස අනුකූලතා නොදැක්වීම නිසා වේ.

👉 දියවැඩියාව ප්‍රධාන ආකාර 03 කි.

1. Type ¡ Diabetes : දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලීන් නිපදවීමට නොහැකිවීම නිසා ඇති වේ.

• හේතු - පරිණාමික හේතු, ජානමය හේතු, පරිසර සාධක.

2. Type ¡¡ Diabetes : ඉන්සියුලීන් වලට ප්‍රතිරෝධය නිසා හටගනියි.දේහ සෛල ඉන්සියුලීන් වලට නිසිලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇතිවේ.

• හේතු - ජීවන රටාව හා ආහාර රටාව, අධික සීනි හා අධික මේදය, ව්‍යායාම අඩු වීම, වයස, අධිරුධිර පීඩනය හා කොලොස්ටරෝල්.

3. ගර්භනික දියවැඩියාව : කලින් දියවැඩියාව නොතිබුනු ගර්භනි කාන්තාවකගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.

👉 රෝග ලක්ෂණ :-

• පිපාසය හා බඩගින්න වැඩි වීම.
• නිතර නිතර මූත්‍රා පිටකිරීම.
• ශරීර බර අඩුවීම.
• මහන්සිය හා ක්ලාන්ත ගතිය.
• පෙනීමේ දුර්වලතා.
• නිතර රෝග වලට ගොදුරු වීම.
• අත් පා වල හිරි ගතිය.
• පැනිරස කෑමට ප්‍රියතාව.
• ශරීරය කෙට්ටු වීම.

👉 ප්‍රතිකාර නොකළහොත් :-

• හදවත දුර්වල වීම.
• හදවත් රෝග ඇතිවීම.
• වකුගඩු අකර්මණ්‍ය වීම.
• ඇස් පෙනීමේ දුර්වලතා.
• ස්නායු දුර්වල වීම.
• තුවාල සුවවීමට කල්ගත වීම.
• සමේ රෝග ඇතිවීම.

දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට පාලිත ආහාර රටාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තබාගැනීම අත්‍යවශ්‍ය වේ. මෙය රුධිරයේ සීනි මට්ටම පාලනය කරගෙන රෝගය පාලනය කිරීමට උපකාරී වේ.

👉 හිතකර ආහාර :-

• රතු නිවුඩු සහිත සහල් වලින් පිසූ බත්.
• ධාන්‍ය වර්ග ( මුංඇට , කව්පි )
• කොළ පැහැති එළවළු ( බෝංචි, කරවිල , වැටකොලු )
• සම රහිත කුකුල්මස්.
• මාලු ( කුඩා මසුන් )
• ඇට හා බීජ වර්ග ( ආමන්ඩ්, කජු, රටකජු, ඕට්ස් )
• කොළ පැහැති පලතුරු ( අලිපේර, කෙසෙල්, මිදි, අඹ, දොඩම් )
• මේදය අඩු තන්තු බහුල ආහාර
• ඔලිව් තෙල්
• උදු පිටි හා හාල් පිටි ආහාර
• කුරක්කන්.

👉 අහිතකර ආහාර :-

• පැනිරස අධික ආහාර ( චොකලට්, කේක්, බිස්කට්, පැනිබීම )
• මද්‍යසාර
• කිරි ආහාර ( චීස්, බටර් )
• ක්ෂනික ආහාර
• පාන් පිටි වලින් සැකසූ ආහාර ( රොටී, නූඩ්ලස් )
• බැදපු ආහාර
• අධික ලවණ සහිත ආහාර ( සෝයා සෝස්, සොසේජස්, චිප්ස් )
• විරුද්ධ ආහාර ( ඉගුරු හා මඤ්ඤොක්කා )
• ජීර්ණ අපහසු ආහාර
• ගුරු ආහාර ( කොස්, දෙල්, අල වර්ග )
• Cola Drinks
• සැකසූ මස් වර්ග.

👉 කළ යුතු දේවල් :-

• දිනපතා ව්‍යායාම කිරීම
• නිවැරදි වෙලාවට ආහාර ගැනීම
• යෝග ව්‍යායාම කිරීම
• ආහාරයේ ප්‍රමාණය අඩු කිරීම
• අවම වශයෙන් සතියට දින 5ක්, දිනකට විනාඩි 30- 45 සෙමෙන් දිවීම, වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම.
• රාත්‍රී නින්දට පැය 2-3 කට කලින් රාත්‍රි ආහාරය ගැනීම
• රුධිර සීනි මට්ටම පරීක්ෂා කිරීම
• නිවැරදි වෙලාවට නිවැරදි මාත්‍රාවෙන් ඖෂධ භාවිතය
• මානසික පීඩනය පාලනය
• වෙනිවැල්ගැට, කොතලහිබටු තම්බා සතියට වරක් පානය කිරිීම
• තෙබු, කෝවක්කා මැල්ලුම් සතියට වරක් හෝ දෙවරක් පමණක් ගැනීම.

👉 නොකළ යුතු දේවල් :-

• සුවපහසු ලෙස ජීවත් වීම
• ආහාර නොගෙන සිටීම
• ශරීර බර වැඩිවන පරිදි ජීවත් වීම
• අධික සීනි සහිත ආහාර ගැනීම
• රාත්‍රි නිදිවැරීම
• දිවා කාලයේ නින්ද
• අධික ලෙස මද්‍යසාර භාවිතය
• මානසික පීඩනය පාලනය නොකිරීම

🟢 දියවැඩියා රෝගින්ට නුසුදුසු ආහාර ලෙස හදුනාගන්නා ආහාර වර්ග වලින් රුධිරයේ සීනි මට්ටම ඉහල නැංවීමේ හැකියාව වැඩි වේ. මෙවැනි ආහාර වල සීමාව පවත්වා ගැනීම හෝ පරිභෝජනයෙන් වැළකීම වඩාත් සුදුසුය.

🟢 මෙම ආහාරවල ඇති අධික සීනි, කාබෝහයිඩ්‍රේට, අහිතකර තෙල් සහ අධික ලවණ රුධිරයේ සීනි මට්ටම පාලනයට බාධා කරයි.

🟢 සියලුම දියවැඩියා රෝගීන් ආහාර තෝරාගත යුත්තේ නිවැරදි වෛද්‍ය උපදෙස් අනුවය.

සටහන : මෙඩ් ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
පිටිපන - තලගල පාර, හෝමාගම.

Tel: 070 355 64 96 / 074 386 26 42

13/01/2025

අධි රුධිර පීඩනය | High blood pressure ..

ඇධි රුධිර පීඩනය යනු අපගේ රුධිර පීඩනය නියමිත අගයට වඩා ඉහල අගයකට පත් වීමයි. එය නියමිත අගය වන්නේ 120/80 mmHg සහ 90/60 mmHg අතර පැවතීමයි. 90/60 mmHg වලට අඩුනම් එය අඩු රුධිර පීඩනය (low blood pressure ) ලෙසද 140/90 mmHg වලට වැඩිනම් එය අධිරුධිර පීඩනය( High blood pressure ) ලෙසද කියනු ලැබේ. 120/80 mmHg සහ 140/90 mmHg අතර නම් අවධානම් තත්වයේ ඇත.

රෝග ලක්ශණ :
• හිසරදය.
• කැරකැවිල්ල.
• වමනෙ ගතිය.
• හුස්ම ගැනීමේ අපහසුතා.
• පපුවේ කැක්කුම.
• මහන්සිය සහ ක්ලාන්ත ගතිය.
• හදවතේ ශබ්ධ වෙනස් වීම.මුත්‍රා සමග ලේ පිටවීම.
• මුහුන සග ගෙල ප්‍රදේශයේ රතු වීම.

හේතු :
• අධික ලවණ සහිත ආහාර ගැනීම.
• අධික මේද සහිත ආහාර ගැනීම.
• පොටෑසියම් බහුල ආහාර නොගැනීම.
• ව්‍යායාම අඩුකම.
• අධිබර හෝ තරබාරුකම.
• මානසික ආතතිය.
• දුම්පානය.
• ජානමය හේතු.
• වයස.
• දියවැඩියාව සහ කොලෙස්ටෙරෝල් .
• අධිකව මත්පැන් භාවිතය.
• කැෆේන් පාලනය නොකිරීම .

අවදානම් පුද්ගලයන් :
• වයසින් වැඩි පුද්ගලයන් .
• අහාර වල ලුනු අධිකනම්.
• ව්‍යායාම අඩු පුද්ගලයන් .
• ශරීර බර පාලනය නොකරන පුද්ගලයන් .
• තරබාරු පුද්ගලයන් .
• අධිකව මත්පැන් භාවිතා කරන පුද්ගලයන් .
• දුම්පානය කරන පුද්ගලයන් .
• දිගුකාලීන නින්ද අහිම පුද්ගලයින් .

180/120 mmHg වලට වඩා වැඩිනම් :
• තදබල හිසරදය .
• සිහිසුන් භාවය.
• ඔක්කාරය සහ වමනය .
• පාලනයෙන් තොරවීම.
• ස්වසන අපහසුතා.

උපද්‍රව / ප්‍රතිකාර නොකළහොත් :
• හදවත දුර්වල වීම.
• අඝාතය.
• හදවත් රෝග ඇතිවීම.
• වකුගඩු අකර්මණ්‍ය වීම.
• ස්නායු දුර්වල වීම.
• අභ්‍යන්තර රුධිර වහනය.

* ජීවන රටාව සහ ආහාර සම්පූර්ණයෙන් ම පාලනය කිරීම, අඩු ලවන සහ සීනි ආහාර ගැනීම,දිනපතා ව්‍යායාම ,නිවරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් අධි රුධිර පීඩනය මනාව පාලනය කරගත හැකිය.

* නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම , ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වේ. එමෙන්ම හදවත් රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ.

* සටහන : සියලුම අධි රුධිර පීඩන රෝගින් ආහාර තෝරාගත යුත්තේ නිවැරදි වෛද්‍ය උපදෙස් අනුවය.

- සටහන - මෙඩ් ආයුශ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය .
පිටිපන - තලගල පාර , හෝමාගම .

ටෙල් - 070 355 64 96

13/01/2025

අනිවාර්යයෙන් කියවන්න.
දැනගෙන සිටියද....?

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි.

මා නොදැන සිටි තවත් දෙයක් ... මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?

මේ සම්බන්ධ ව හෘද වෛද්‍යවරයෙකුගේ (හෘද රෝග විශේෂ)) ප්‍රතිචාරය මෙසේය :

“ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.

දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.

එය අවසාන ප්‍රකාශයට ගැලපේ!

ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!

එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.

හෘද රෝග Specialist කෙනෙකු ගේ වචන ....!

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) - පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ

2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම (1) - ආහාර දිරවීමට උපකාරී වේ

3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීම - රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ???)

4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් (1) -පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)

5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.

6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.

හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!

ඉතින්, මම දැනටමත් මෙම තොරතුරු මෙම සමස්ත කණ්ඩායමට බෙදාදීම කර ඇත. ඔබගෙන් බොහෝ දෙනෙක් ස්වල්පයක් ගැන දැනුවත් විය හැකි නමුත් ඒ සියල්ලම නොවිය හැකිය !!

මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත.

උපුටා ගැනීමකි...

13/01/2025

සයටිකා / Sciatica...

මෙය කොන්ද ආශ්‍රිතව ඇතිවන තදබල වේදනාවක් වන අතර එදිනෙදා ක්‍රියාකාරකම් සදහා සෘජු බලපෑමක් ඇති කරයි.අපේ ශරීරයේ පහතින්ම පිහිටන කශේරුකා වන L4, L5, S1, S2 හා S3 කශේරුකා අතරින් පටන් ගන්නා සයටිකා ස්නායුව තෙරපුමක්, යම් අවහිර වීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වේ. ඇතැම් පුද්ගලයන් දීර්ඝකාලීනව මෙම තත්ත්වයෙන් පීඩා විදින අතර හදිසි බර එසවීම්, වැටීම්, වැරදි ඉරියව් නිසා එකවරම නීරෝගී අයටද ඇතිවිය හැකිය.

හේතු :-

• අන්තර් කශේරුකා මඩල ඉදිරියට නෙරා යාම ( Herniated Disk ): අන්තර් කශේරුකා මඩල, කශේරුකා අතර කම්පන අවශෝෂණයට පිහිටා ඇති අතර මෙය කොන්දේ පහළ ප්‍රදේශයේදී නෙරායාම හේතුවෙන් සයටිකා ස්නායුව තෙරපීමට ලක්වේ.ස්නායු මූලයන් ( Nerve root ) තෙරපීම හේතුවෙන් හටගන්නා වේදනාව ස්නායුවේ ගමන් මාර්ගය දිගේ විහිදී යයි.

• ස්පොන්ඩිලොලිස්ටේෂස් ( Spondylolithesis )

• කොන්දේ කශේරුකා අතර පටුවීම ( Lumber spinal stenosis ) : මෙහිදී ස්නායු මූලයන් / Nerve root තෙරපීමට ලක් වී වේදනාවක් ඇතිවේ.

• කශේරුකා ක්ෂය වීම ( Degenerative disk disease )

• ඔස්ටියෝආතරයිටීස් ( Osteoarthritic )

• කොදුඇට පෙලෙහි දිරායාම.

• ජානමය හේතු.

• වයස්ගත වීම සමග අස්ථි ගෙවී යාම.

• බෝ නොවන දීර්ඝකාලීන රෝගයන්ගේ අතුරු ප්‍රතිඵල ( දියවැඩියාව, කොලොස්ටරෝල් )

• වැරදි ඉරියව්, අධික බර එසවීම්.

• අධිකව කොන්ද වෙහෙසීම.

රෝග ලක්ෂණ :-

• කොන්දේ පහළ කොටසේ හටගන්නා වේදනාව පිටුපසින් තට්ටම් හරහා පාදයේ කළවා ප්‍රදේශය පසුකරමින් පාද දිගේ පහළට පැතිර යයි.
• බොහෝවිට එක ඉරියව්වකින් වාඩි වී සිටීමේ අපහසුතාවය හටගනියි.
• ඉදිරියට නැමීමේදී හටගන්නා තද කොන්දේ වේදනාව හා තෙරපීම ඇති වේ.
• පාදයේ හිරිවැටීම, බර ගතිය හා පසුකාලීනව පාදයේ දුර්වල වීමද සිදුවිය හැකිය.
• එක් පාදයක හෝ පාද දෙකෙහිම ඇති විය හැක.
• කෙන්ඩා පෙරලීම.
• ඉනෙන් පහළ අධික වේදනාව.
• ඉදගෙන නැගිටින විට එකවර පාදය දිගේ විදුලියක් යන්නා සේ දැනේ.

අවදානම් පුද්ගලයන්:-

• වයස්ගත පුද්ගලයින්.
• ව්‍යායාම අඩු පුද්ගලයින්.
• තරබාරු පුද්ගලයින්.
• අධිකව කොන්ද වෙහෙසන අය.
• එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටින අයට.

ප්‍රතිකාර නොකළහොත් :-

• මූතාශ්‍රය ක්‍රියා අඩපණ වේ.
• අන්ත්‍ර වලට බලපෑම් ඇතිවේ.
• අංශභාග තත්ත්වයන් ඇතිවේ.
• තට්ටම් හිරිවැටීම.
• දෙපා දුර්වල වීම.
• කොන්දේ ඇතිවන අධික වේදනාව.
• කොන්ද ආශ්‍රිත පිළිකා.
• කකුලක් දිගටම හිරිවැටීම.
• යටිපතුල් හිරිවැටීම.

මෙම රෝගයට ක්‍රමානුකූලව ඖෂධීය තෛල ප්‍රතිකාර, තැවීම්, ස්වේද ප්‍රතිකාර, පත්තු, අභ්‍යන්තර ඖෂධ, නිවැරදි ඉරියව් සහ ආහාර මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල කෙටි කාලයකින් ලබාගත හැක.

සටහන : මෙඩ් ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
- පිටිපන - තලගල පාර, හෝමාගම

ටෙල් - 070 355 64 96

13/01/2025

ආතරයිටිස් | Arthritis ..

ආතරයිටිස් යනු සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයකි. මෙහෙදී ප්‍රධානවම කාටිලේජ ක්ශය වීම හේතුවෙන් අස්ථි එකිනෙක ඇතිල්ලීමක් සිදුවේ. එමගින් සන්ධිවල වේදනා, තද ගතිය වැනි තත්වයක් ඇතිවේ. මෙය චලනය කලහැකි ඕනෑම සන්ධියකට , බොහෝවිට දනහිස් , උකුල් හා අත් වලට බලපෑම් එල්ල කරයි. වඩාත්ම සුලභ වන්නේ ඔස්ටියෝආතරයිටීස් හා රූමටොයිඩ් ආතරයිටිස් තත්වය වේ.මෙහිදී කාටිලේජ ගෙවී යාම, අස්ථි වල හැඩය වෙනස් වීම, අස්ථිවල ගැටිති හට ගැනීම, සන්ධි ආසාදන වීම සහ සන්ධි පටක බිදවැටීමක් සිදුවේ.

රෝග ලක්ෂණ :
• සන්ධිවල වේදනාව.
• ක්‍රියාකාරීත්වයේ දුර්වලතා.
• මාංශපේශි දුර්වල වීම.
• සන්ධිවල තද භාවය.
• සන්ධි චලනවලදී ශබ්ධ ඇසීම.
• සන්ධි ඉදිමුම සහ රත් පැහැය.
• සන්ධිවල අස්ථාවර බව.
• නිරෝගී තත්වය අඩු වීම.

අවධානම් සාධක :
•තරබාරු බව සහ අදිබර.
• ව්‍යායාම අඩුබව.
• පවුල් පසුබිම.
• ජානමය හේතු.
• සන්ධි ආශ්‍රිතව ඇති තුවාල.
• වයස අවුරුදු 45ට වැඩි වීම.
• ස්ත්‍රී පුද්ගලයන්ට මෙම තත්වය වැඩිය.
• අක්‍රමවත් ආහාර රටා සහ ජීවන රටා.
• අධික මද්‍යසාර භාවිතය.
• දීර්ඝ කාලීන ඖෂධ භාවිතා කරන අය.

හේතු :
• නිශ්චිත හේතුවක් නොමැත.
• අදිබර හෝ තරබාරුකම.
• සන්ධිවල අධික භාවිතය.
• ජානමය හේතු.
• සමහර ඖෂධ වර්ග.
• වැරදි ඉරියව්.

උපද්‍රව | සන්කූලතා :
• සන්ධිවල වේදනාව.
• අත්වල පාදවල සන්ධිවල අසාමාන්‍යතා.
• ඇවිදීමේ අපහසුතා.
• සන්ධි සිරවීම.
• මාංශ පේශී දුර්වල වීම.

වයස්ගත වන විට අත පයේ කැක්කුම ඇතිවීම සාමාන්‍ය දෙයක් කියල ඔය හිතාවි.නමුත් මෙය වයස හා බැදෙන ස්වාභාවික තට්වයක් නම් සෑම වයසක පුද්ගලෙයෙකුටම වැලදිය යුතුය.නමුත් මෙම රෝගී තත්වය එවන් පොදු එකක් නොවන අතර මෙය ඉතාම වේදනාකාරී අත්දැකීමක් බව ආතරයිටිස් රෝගයට ගොදුරු වු සෑම රෝගියෙකුම පාහේ පවසන තත්වයකි.බටහිර ක්‍රමයේ ප්‍රතිකාර වලට වඩා බොහෝ දෙනෙක් ආයුර්වේද ප්‍රතිකාර වලට වැඩි නැඹුරුතාවක් දක්වන්නේ එයින් මෙම රෝගය මුලිනුපුටා දමන්නට සමත් ගුණ ඇති ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවේදයන් සමාජගතව ඇති නිසයි.

• ආයුර්වේද සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම මගින් මෙම තත්ත්වය සුවකල හැකිය.

• ඖෂධීය තෛල අභ්‍යංගය, ස්වේද කර්ම, තැවීම්, පත්තු, අභ්‍යන්තර ඖෂධ වැනි ප්‍රතිකාර ක්‍රම මගින් මෙම තත්වය සුවකල හැකිය.

• නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර හා අපත්‍ය ආහාර හා විහරණ වලින් වැළකීම මගින් කාටිලේජ ගෙවීම් වළක්වා වේදනාවන් සමනය කරගත හැකිය.

සටහන :- මෙඩ් ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
පිටිපන - තලගල පාර, හෝමාගම.

Tel:- 070 355 64 96
074 386 26 42

වෛද්‍ය W.G.A ප්‍රියදර්ශන
BAMS | කොළඹ විශ්වවිද්‍යාලය

වෛද්‍ය A.G.M.M සමරවීර
SLAMC -16424
BAMS | කොළඹ විශ්වවිද්‍යාලය

#ආතරයිටිස්

Address

496/9b , Pitipana Thalagala Road
Homagama
10200

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94743862642

Alerts

Be the first to know and let us send you an email when Med ayush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Med ayush:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram