Smart Ladies

Smart Ladies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart Ladies, Medical and health, Homagama.
(15)

05/09/2024

අපි ආයෙත් වැඩ පටන් ගන්නයි යන්නෙ... 😍😍😍

We are open 💚

🟣Pads භාවිතා කරන එක ඇති වෙලාද?🟣අළුත් සහනදායි විසදුමක් සොයනවද?👇එහෙනම් හොදම විසදුම 𝐌𝐞𝐧𝐬𝐭𝐫𝐮𝐚𝐥 𝐂𝐮𝐩. 🟣එක් වරක් මිල දී ගෙන වසර...
16/02/2024

🟣Pads භාවිතා කරන එක ඇති වෙලාද?

🟣අළුත් සහනදායි විසදුමක් සොයනවද?👇

එහෙනම් හොදම විසදුම 𝐌𝐞𝐧𝐬𝐭𝐫𝐮𝐚𝐥 𝐂𝐮𝐩.

🟣එක් වරක් මිල දී ගෙන වසර 10ක් පුරා භාවිතා කරන්න.
ආසාත්මිකතා, තුවාල වීම්, පරිසර හානි කිසිවක් නෑ. 100% වෛද්ය අනුමැතිය යටතේ නිශ්පාදිත පරිසර හිතකාමී නිමැවුමකි.
🟣𝐌𝐞𝐧𝐬𝐭𝐫𝐮𝐚𝐥 𝐂𝐮𝐩 භාවිතා කිරීමෙන් ඔබට,

•දිනෙන් දින මිල ඉහළ යන සනීපාරක්ෂක තුවා සදහා හොදම විසදුමක් වීම.
•එක් වරක් මිලදී ගත් විට වසර 10 කට අධික කාලයක් භාවතා කළ හැකි වීම.
•Medicle Grade Silicon වලින් නිපදවා ඇති නිසා ආසාත්මිකතාවලින් තොර වේ.
•Medical device එකකට ලැබෙන ISO 13485 තත්ත්ව සහතිකය සහිත නිශ්පාදනයකි.
•නම්‍යශීලී සහ ලිස්සන සුළු ස්වාභය නිසා භාවිතා කිරීමේ පහසුව.
•Trip යද්දි, පාටි වලට යද්දි සහ, Swimming කරද්දි උනත් කිසිම අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි.
🟣මීට අමතරව සනීපාරක්ශක තුවා මගින් පරිසරයට විශාල හානියක් සිදු වේ. නමුත් Menstrual Cup එක් වරක් මිල දී ගෙන වසර ගණනක් භාවිතා කළ හැකි නිසා පරිසර හිතකාමි නිශ්පාදනයක් වශයෙන්ද හැදින්විය හැක.

‼️ දිවයින පුරා බෙදා හැරීම නොමිලේ ‼️

දැන්ම අමතන්න - 075 402 1346


හැම කෙල්ලෙක්ගෙම හිතේ තියන ලස්සනම ලස්සන හීනයක් 😍😍
13/02/2024

හැම කෙල්ලෙක්ගෙම හිතේ තියන ලස්සනම ලස්සන හීනයක් 😍😍

😍💚
10/02/2024

😍💚

05/02/2024
3K 🥹🫶Thank You For Your Support 💚💚💚
31/01/2024

3K 🥹🫶
Thank You For Your Support
💚💚💚

Thank you for your support A Traveler's Diary  💚😍
04/10/2023

Thank you for your support A Traveler's Diary 💚😍

Thank you so much for your recommendation 😍💚
04/10/2023

Thank you so much for your recommendation 😍💚

Thank you so much for your support 💚💚
03/10/2023

Thank you so much for your support 💚💚

25/08/2023

Quality Products. Highly recommend 🤩

ඔයාගේ පෙනුමට හානි කළ හැකි පුරුදු වලින් මිදෙන්නයුවතියන් දිනපතා මේ දේවල් කිරීමෙන් කාන්තාවකට හිමි සුන්දරත්වය බලාගෙන ඉද්දීම ...
12/03/2023

ඔයාගේ පෙනුමට හානි කළ හැකි පුරුදු වලින් මිදෙන්න

යුවතියන් දිනපතා මේ දේවල් කිරීමෙන් කාන්තාවකට හිමි සුන්දරත්වය බලාගෙන ඉද්දීම නැති වී යන්න ඉඩ තියෙනවා. වයසට යාමේ ක්‍රියාවලියෙදී මෙම හේතුන් සැලකිය යුතු ලෙස බලපානවා. ඔයාට ඔයාගේ පෙනුමට හානි කළ හැකි මේ පුරුදු වලින් මිදී තරුණ පෙනුම සදහටම රැක ගන්න විදිහ ගැනයි..

1. පෝනිටේල් එක කියන්නේ ඔයාගේ ප්‍රියතම කොණ්ඩා මෝස්තරයද?

ඔයා කොණ්ඩය තදින් ඇද පොනිටේල් එක දමන එකෙන් නම් අනාගතයේ දිනක හිසකෙස් ගැලවී යාම හා තට්ටය මතු වීමට හේතු වෙන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පෝනිටේල් එක ලිහිල් කර ගැට ගැසීම වඩා හොඳයි.

2. ඔයා ඕනෑවට වඩා කිරි බොනවාද?

ඔයා කිරි සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු යැයි කිසිවෙකු පවසන්නේ නැහැ. කොහොම වුණත් අධික ලෙස කිරි පරිභෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාක ගැන දැනුවත් වුණොත් හොඳයි. කිරිවල තෙල් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයක් ඇති කරන androgen අඩංගුයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සම පෙනුමට වෙහෙසකාරී බවක් පෙන්වයි.

3. ඔයා සන්ස්ක්‍රීන් ආලේප කරන්නේ ඔයාගේ මුහුණට විතරද?

බොහෝ කාන්තාවන් දැනටමත් සන්ස්ක්‍රීන් ආලේප කිරීමට පුරුදු වී සිටියත් ඔවුන්ට දෑත් අමතක වෙනවා. මේ අතර, සම වයසට යාම හා මේදය අඩුවීම සඳහා පාරජම්බුල කිරණ බලපාන අතර ඊට අමතරව එම කිරණ මගින් වයස්ගත ලප සහ රැළි සහිත අත් පෙනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ඔයාගේ අත්වලට සන්ස්ක්‍රීන් ආලේප කිරීමට අමතක කරන්න එපා. විශේෂයෙන් බෙල්ල සහ පපුව මතත් සන්ස්ක්‍රීන් භාවිතා කිරීමට මතක තබා ගන්න.

4. ඔයා කැමති ඔයාගේ කකුල් එකිනෙක මත පටලවා වාඩි වී සිටින්නද?

කකුල් වල ඇති වෙරිකෝස් නහර රුධිර වාහිනී සම්පීඩනය හා රුධිර සංසරණ ආබාධවල ඍජු ප්‍රතිඵලයකි. මෙම ඉරියව්ව ගර්භනී කාන්තාවන්ටත් අතිශයින්ම හානිකරයි. කකුල් එකිනෙක මත පටලවා වාඩි වීම වෙනුවට සුවපහසු පුටුවක හෝ නිවසේ යහනක මත වැතිරී පාද දිගු කර ගැනීමේ පුරුද්දක් ඇති කර ගත හැක.

5. හිසකෙස් තෙත් වූ විට පීරනවද?

මෙමඟින් හිසකෙස් කැඩී යන්න බලපානවා. කෙස්වලට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා, පළමුවෙන් හිසකෙස් තුවායෙන් පිසදා වියළා ගන්න. වේලා ගත් පසුව කොණ්ඩය පීරා මෝස්තර කිරීමට ආරම්භ කරන්න.

6. ඔයා හිස කෙස් සඳහා ඉහළම උෂ්ණත්වයක් භාවිතා කරනවද?

හිසකෙස් අධික උෂ්ණත්වයකට නිරාවරණය වන විට(කෙස් වියළා ගැනීමට, රැළි කිරීමට හෝ ස්ට්‍රේට් කිරීමට) ඔයාගේ හිසකෙස් තුළ කුඩා බුබුළු සාදයි. මෙම බුබුළු මගින් හිසකෙස් වියළීම හා කැඩීම සිදු වෙයි. මෙය වළක්වා ගැනීම සඳහා, හෙයාර් ඩ්‍රයර් එක හිසකෙස්වල සිට සෙන්ටිමීටර 15 ක් වත් දුරින් තබා ගන්න සහ උෂ්ණත්වය මධ්‍යම මට්ටමට සකසන්න.

7. දෑස් අතුල්ලන්න කැමතියිද?

මෙම නරක පුරුද්ද මගින් ඔයාගේ ඇහිබැමි වලට හානි කරයි. ඒවා ඉක්මණින් හැලී යයි. ඔයාගේ ඇස් යට සමටත් හානි කළ හැකියි. ඇස් දෙක රතු පැහැයට හැරී ඔයාව වෙහෙසට පත් කරයි. ඒ නිසා හැකි තරම් අත් ඇස් වලින් දුරස් කර තියන්න.

8. ඔයා අමනාපකම් හිතේ තියාගෙන ඉන්නවද?

සමාව දීම සහ ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් ඇති බව අධ්‍යයනයකින් සොයා තියෙනවා. ඔයාට අමනාපය නැවැත්විය නොහැකි නම්, ඔයාගේ පෙනුම වයසටත් වඩා වැඩි පෙනුමක් එක් කරයි. බර වැඩිවීම, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි.

9. මුහුණ ස්පර්ශ කිරීමේ පුරුද්දක් ඔයාට තියෙනවද?

කම්මුලට අත තැබීම, නාසය සීරීම, නිකට අතුල්ලමින් සිටීම මගින් සමට හානි ගෙන එයි. නිරන්තරයෙන් සිදු කිරීමෙන් සම රැළි වැටීමට තුඩු දෙන අතර අපිරිසිදු දෑතින් එය කළහොත් ඔයාට ආසාදනයක් ඇති වී කුරුලෑ ඇති විය හැක. මෙම පුරුද්දෙන් මිදීමට උත්සාහ ගන්න.

10. ඔයා වැඩිපුර පෝෂණීය ක්‍රීම් ආලේප කරයි

වැඩිපුර භාවිතා කරන්නේ නම් හොඳම ක්‍රීම් පවා සමට හානි කළ හැක. ඉතිං ක්‍රීම් තට්ටු ගණන් යොදන්න එපා. සමට එවැනි ක්‍රීම් තට්ටුවක් යට හුස්ම ගත නොහැකි අතර එමඟින් ඉදිමීම, ඇස් යට අඳුරු කව සහ සම දුර්වර්ණ විය හැක

Credit goes to Dr. Nadeeka Dinuwan

ඔබ දන්නවාද |සිසේරියන් සැත්කම යනු ශරීරයේ පටක ස්ථර පහක් විවෘත කර සිදුකරන සැත්කමක් වන අතර සැත්කමෙන් පැය 6 ගෙවුන විට සැත්කමට...
08/03/2023

ඔබ දන්නවාද |
සිසේරියන් සැත්කම යනු ශරීරයේ පටක ස්ථර පහක් විවෘත කර සිදුකරන සැත්කමක් වන අතර සැත්කමෙන් පැය 6 ගෙවුන විට සැත්කමට භාජනය වූ අය නොහොත් මව නැගී සිටීමට අපේක්ෂා කරන එකම ශල්‍යකර්මයයි. එයත්, තමා ගැන පමණක් නොව තවත් අයෙකුගේ වගකීම ද භාර ගනිමින්, පසු ප්‍රසව වේදනාවන් ද, ශල්‍යකර්මයේ වේදනාවද දරා ගනිමින්ම මව්කිරෙන් දරුවා ද පෝෂණය කරමින්, හෝමෝනමය වෙනස් කම් වලටද මුහුණ දෙයි.
ඔබ සිසේරියන් සැත්කමකින් මවක් නම්, ඔබ සිතනවාට වඩා ශක්තිමත් වේ. ඔබ ගැන ආඩම්බර වන්න❣
උපුටා ගැනීමකි. —

Address

Homagama

Telephone

+94754021346

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Ladies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram