සු ආයු ආයුර්වේද - Su Ayu Ayurveda Medical Center

සු ආයු ආයුර්වේද  - Su Ayu Ayurveda Medical Center we are provide your health in Ayurveda

Wishing you peace, love, healthy and laughter in the New Year ❤️Su Ayu Ayurveda Medical Center
01/01/2025

Wishing you peace, love, healthy and laughter in the New Year ❤️

Su Ayu Ayurveda Medical Center

සු ආයු ආයුර්වේද වෛද්‍යය මධ්‍යස්ථානය 0714536788
17/07/2024

සු ආයු ආයුර්වේද වෛද්‍යය මධ්‍යස්ථානය
0714536788

17/05/2024

සු ආයු ආයුර්වේද වෛද්‍යය මධ්‍යස්ථානය
ගලවිල පාර, හෝමාගම
☎️ 071 453 6788

 ෙවත්_කටු_චිකිත්සාව 🔷 චීනයේ සම්භවය වූ කටු චිකිත්සාව නම් චිකිත්සීය ක්‍රමය පසු කාලීනව බොහෝ රටවලට ප්‍රචලිත විය.ඒ අතරින් කොර...
25/04/2024

ෙවත්_කටු_චිකිත්සාව

🔷 චීනයේ සම්භවය වූ කටු චිකිත්සාව නම් චිකිත්සීය ක්‍රමය පසු කාලීනව බොහෝ රටවලට ප්‍රචලිත විය.ඒ අතරින් කොරියාව මූලික වේ.එහි මූලිකම වෛද්‍ය ක්‍රමයක් වන Acupunture ඉතා ජනප්‍රිය සහ විශ්වාසදායී වෛද්‍ය ක්‍රමයකි.

🔷 මෙහිදී යොදාගනු ලබන මූලිකම සිද්ධාන්තය yin-yan සංකල්පයයි.එය ආයුර්වේදයේ සිද්ධාන්ත මෙන්ම වෙනම අයුරින් පැහැදිලි කර ඇත.ඔවුන් kung-fu සටන් කලාවද මෙම සංකල්පය යොදාගෙන නිර්මානය කර ඇත.

🔷 බොහෝ දෙනෙකු Acupunture ප්‍රතිකාර සඳහා බිය වන නමුත්,වර්තමානයේ තරමක ජනප්‍රිය තාවයක් මේ සඳහා පවතී.ඊට ප්‍රධානතම හේතුව විය හැක්කේ ක්ෂණිකව වේදනා සමනයයි.

🔷 මෙය බිය විය යුතු ප්‍රතිකාර ක්‍රමයක් නොවේ.නමුත් කටු සාදා ඇති ප්‍රමිතිය සහ රෝගියාගේ අසාත්මිකතා මෙන්ම වැරදි ලෙස සිදු කරන ප්‍රතිකාර මත විවිධ අසාත්මිකතා ඇති විය හැක.

🔷 මෙම කටු චිකිත්සාව සඳහා යොදා ගන්නා කටු වල ඖෂධ පවතීද යන්න බොහෝ රෝගීන්ගේ ප්‍රශ්නයකි.මෙහි කිසිදු ඖෂධයක් අන්තර්ගත නොවේ.stainless steel භාවිතයෙන් නිපදවනු ලබන කටුවකි.චීනයේ නැවත නැවත කටු භාවිතයට ගනු ලබන අතර වර්තමානයේ disposable needles භාවිතා කරයි.

🔷 ශරීරයේ පවතින නිශ්චිත ස්ථාන වලට මෙම කටු යෙදීම සිදු කරයි.ඒවා විවිධ වන අතර අපගේ බොහොමයක් පද්ධතීන් සඳහා විශේෂිත වූ ස්ථාන වලින් සමන්විත පථ පවතී.මේවා meridians ලෙස හඳුන්වයි.

🔷 කෙසේ නමුත් කටු චිකිත්සාව හෙවත් acupunture යනු බොහෝ පහසුවෙන් කල හැකි චිකිත්සා ක්‍රමයකි.

🔴Acupunture ප්‍රතිකාරයේ වාසි

👉පහසුවෙන් සිදු කල හැකි වීම
👉ක්ෂණික ප්‍රතිඵල ලැබීම
👉අතුරු ආබාධ අවම වීම
👉අපහසුතා අවම වීම

🔴Acupunture බහුලව භාවිතවන රෝග

👉සංධි රෝග
👉ස්නායු ආශ්‍රිත රෝග
👉හිසරදය/migraine
👉අකලට කෙස් වැටීම
👉දියවැඩියාව
👉අත් පා වල හිරිය
👉ආතරයිටිස්
👉ආදී බොහෝ රෝග අවස්ථා සඳහා මෙන්ම beauticulture සඳහාද කටු චිකිත්සාව යොදා ගනියි.

🔴 Acupunture සහ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා යොමු වන්න.

📍 සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගලවිල පාර,හෝමාගම
📞 071 453 6788 / 071 4536786

ඔබ සැමට නිදුක් නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ගලවිල පාර, හෝමාගම 📞 0714536788
14/04/2024

ඔබ සැමට නිදුක් නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගලවිල පාර, හෝමාගම
📞 0714536788

16/01/2024
🔷Healthy wealthy Happy New Year 2024Su Ayu Ayurveda Medical Center Galawila Road, Homagama
31/12/2023

🔷Healthy wealthy Happy New Year 2024

Su Ayu Ayurveda Medical Center
Galawila Road, Homagama

🔴  #සමේ රෝග සහ කල්ගත වූ තුවාල   👉සමේ රෝග සහ කල්ගත වූ තුවාල සඳහා නිවැරදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුලින් සම්පූර්ණයෙන්ම ස...
17/12/2023

🔴 #සමේ රෝග සහ කල්ගත වූ තුවාල



👉සමේ රෝග සහ කල්ගත වූ තුවාල සඳහා නිවැරදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුලින් සම්පූර්ණයෙන්ම සුවතාවය ලබා ගත හැක.

👉සමේ රෝග ලෙස, දද, කුෂ්ඨ, විවිධ බිබිලි, කැසීම් ආදිය දැක්විය හැක.මේ සඳහා විවිධ හේතු සාධක බලපානු ලබයි.ශරීරයේ දෝෂ තත්ත්වය වෙනස් වීම හෝ ආසාදන බලපායි.එම තත්වයන් වෙනස් වීමට අපගේ එදිනෙදා ආහාර පාන සහ විහරණමය රටා බලපායි.

👉තුවාල වර්ගයන්ද විවිධ වන අතර බොහෝ දෙනා පීඩා විඳිනු ලබන්නේ,කල්ගත වූ තුවාල සහ Diabetic ulcers වේ.මේ සඳහාද ශරීරයේ දෝශ තත්ත්ව වල වෙනස් වීම හේතු වේ.එහිදී ආහාර හා විහරණමය රටා අනුව ඒවායේ අඩු වැඩි වීමට හෙතුවක් වේ.

👉බොහෝ අය කායිකව මෙන්ම මානසිකව පීඩා විඳින මෙම සමේ රෝග සහ කල් ගත වූ තුවාල සම්පූර්ණයෙන්ම සුව කර ගැනීම සඳහා සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් යටතේ නිවැරදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුලින් හැකිවේ.

📍 සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගලවිල පාර, හෝමාගම

📞 071 453 6788

🔴  #ජලෞකාවචරරණ👉 ආයුර්වේදීය පංචකර්ම ප්‍රතිකාර ක්‍රමයක් වන රක්තමෝක්ෂණ ප්‍රතිකාර වලින් ජලෞකාවචරණය යනු එක්‍ රක්තමෝක්ෂණ ආකාරය...
18/10/2023

🔴 #ජලෞකාවචරරණ

👉 ආයුර්වේදීය පංචකර්ම ප්‍රතිකාර ක්‍රමයක් වන රක්තමෝක්ෂණ ප්‍රතිකාර වලින් ජලෞකාවචරණය යනු එක්‍ රක්තමෝක්ෂණ ආකාරයකි.වෙද කූඩැල්ලන් යොදාගනිමින් රුධිරය ඉවත් කිරීමේ ප්‍රතිකාරයක් වන මෙය පිත්තජ රෝග අවස්ථා සඳහා විශේෂ වෙයි.

👉 මෙහිදී යොදාගන්නා පූඩාවන් හෙවත් කූඩැල්ලන් විශ රහිත වෙද කූඩැල්ලන් විය යුතුය.ඔවුන් හඳුනා ගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක්ම පවතී.

🔷 පූඩාවන් මුලින්ම සූදානම් කල යුතුය.මෙය පංචකර්ම වල පූර්ව කර්ම යටතට අයත් වේ.ඊටම රෝගියා සූදානම් කිරීමද ඇතුළත් වේ.

🔷 ප්‍රධාන කර්ම ලෙස පූඩාවන් අදාල ස්ථාන වලට සම්බන්ධ කර ලේ උරා බීමට සැලැස්වීම හා ඒ සඳහා කූඩැල්ලන් හට අවශ්‍ය පරිසරය සැකසීමත්,රෝගියාගේ ස්වභාවය නිරීක්ෂණය කිරීමත් අයත් වේ.

🔷 පශ්චාත් කර්ම ලෙස පූඩාවන් ඉවත් කිරීම,රෝගියාගෙ රුධිර වහනය නතර කිරීම,රෝගියාට අපහසුතා සංකූලතා ඇත්නම් ඒවාට ප්‍රතිකාර කිරීම,පූඩාවන්ගේ රුධිරය ඉවත් කිරීම හා ඔවුන් නැවත පිරිසිදු කර නැවත භාවිතයට ගත හැකි ලෙස සැකසීම ආදිය වේ.

👉 ජලෞකාවචරණ ප්‍රතිකාරය බොහෝ රෝග අවස්ථා සඳහා සිදු කරනු ලබන අතර

➡️කල් ගත වූ තුවාල
➡️නහර ගැටගැසීම
➡️ග්‍රන්ථි අවස්ථා
➡️අර්ශස්
➡️සමේ රෝග
➡️පොතු කබර
➡️වාත රක්ත ආදී කුෂ්ඨ

👉 ආදී බොහෝ රක්තය දූෂිත රෝග අවස්ථා සඳහා ජලෞකාවචරණ ප්‍රතිකාර භාවිතා වේ.

🔴 පහත ජායාරූප වල දැක්වෙන්නේ කල් ගත වූ තුවාල සඳහා ජලෞකාවචරණ ප්‍රතිකාරය යොදා ඇති ආකාරයයි.

📍 සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගලවිල පාර,හෝමාගම
📞 071 453 6788

  හෙවත්  #අම්ල_පිත්ත රෝගය...වර්තමාන සමාජයේ බොහොමයක් දෙනා පීඩා විඳින තමන්ගේම වැරදි ආහාර විහරණමය හේතු නිසා බහුල වී ඇති රෝග...
09/09/2023

හෙවත් #අම්ල_පිත්ත රෝගය...

වර්තමාන සමාජයේ බොහොමයක් දෙනා පීඩා විඳින තමන්ගේම වැරදි ආහාර විහරණමය හේතු නිසා බහුල වී ඇති රෝගී තත්ත්වයක් ලෙස අම්ල පිත්තය හැදින්විය හැක.

මේ සඳහා හේතු ලෙස
🔴 ආහාරමය හේතු
🔴 විහරණමය හේතු
🔴 මානසික හේතු
බලපානු ලබයි.

🔷 අධික තෙල් සහිත ආහාර නිතර භාවිතය
🔷 සැර (spicy) ආහාර නිතර භාවිතය
🔷 පාන්පිටි ආහාර නිතර භාවිතය
🔷 උෂ්ණ ආහාර නිතර භාවිතය
🔷 ජලය අඩුවෙන් පානය කිරීම
🔷 උදෑසන ආහාරය නොගැනීම
🔷 වැඩිපුර තේ කෝපි භාවිතය
🔷 රාත්‍රී නිදානොගැනීම
🔷 උදෑසන ආහාරය පුරුද්දක් ලෙස නොගැනීම
🔷 වැඩිපුර කල්පනා කිරීම
🔷 මානසික අවපීඩනය

ආදී බොහෝ හේතු මේ සඳහා බලපායි.

මෙහි බරපතළ තත්ත්වය නම් බඩ දැවිල්ල පමනක් නොවේ.මෙය දීර්ඝ කාලීනව පැවත්ම නිසා නොයෙකුත් රෝගාබාධ වලට මුලපුරයි.

👉 ආමාශය තුවාල වීම
👉 අන්ත්‍රය තුවාල වීම
👉 මලබද්දය
👉 අර්ශස්
👉 ගුද මාර්‍යගෙන් ලේ යාම
👉 ගුද මාර්ගයේ තුවාල
ආදී නොයෙකුත් රෝගාබාධ වලට හේතු වේ.
එබැවින් මෙයට මුලින්ම ප්‍රතිකාර කිරීම තුලින් අම්ල පිත්ත රෝගය මෙන්ම තවත් රෝග ගනනාවකම මූලය ඉවත් කල හැක.

අම්ල පිත්ත (gastritis) රෝගය නිවැරදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුලින් සම්පූර්ණයෙන්ම සුව කල හැකිය.ඒ සඳහා සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමු වන්න.

📍 #සු_ආයු_ආයුර්වේද_වෛද්‍ය _මධ්‍යස්ථානය
ගලවිල පාර, හෝමාගම
📞 0714536788

Address

130/C/3, Galawila Road
Homagama
10200

Opening Hours

Tuesday 09:30 - 20:00
Wednesday 09:30 - 20:00
Thursday 09:30 - 20:00
Friday 09:30 - 20:00
Saturday 09:30 - 20:00
Sunday 09:30 - 20:00

Telephone

+94714536788

Website

Alerts

Be the first to know and let us send you an email when සු ආයු ආයුර්වේද - Su Ayu Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to සු ආයු ආයුර්වේද - Su Ayu Ayurveda Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram