Hithayur-හිතායුර් by Dr Wasana

Hithayur-හිතායුර් by Dr Wasana Path for healthy life

Cervical spondylosis කාලයත් සමඟ ක්‍රමයෙන් කශේරුකා අතර ඇති පරතරය අඩු වී යාම සහ අස්ථි දිරාපත් වීම.මේ හේතුවෙන් ගෙලේ මාශ පේශ...
08/12/2024

Cervical spondylosis

කාලයත් සමඟ ක්‍රමයෙන් කශේරුකා අතර ඇති පරතරය අඩු වී යාම සහ අස්ථි දිරාපත් වීම.
මේ හේතුවෙන් ගෙලේ මාශ පේශි සහ ස්නායු පීඩාවට පත් වීම මගින් වේදනාව, ගෙලේ චලන අපහසුතාවය ආදී රෝග ලක්ෂණ ඇති වී තවදුරටත් වර්ධනය වීමෙන් ගෙලේ සිට අත් දක්වා පැතිරෙන වේදනාව,හිරිය,අත්වල චලන අපහසුවීම සහ අවසානය තවත් දරුණු තත්වයන් කරා යා හැක.

මෙයට වයසට යාම පමණක් නොව ඔබ අද භාවිතා කරන වැරදි ඉරියව්වත් අනාගතයේදී හේතු විය හැකි බව ඔබ දන්නවාද?

නාසා ගත රෝග
04/12/2024

නාසා ගත රෝග


පුංචි දැනුවත් කිරීමක් හැබැයි මෙය ඉතා වැදගත්.....මා ළඟට ප්‍රතිකාර  ලබා ගැනීමට පැමිණි රෝගියෙකුගේ අත්දැකීමක් ඔබ සමඟ බෙදා  ග...
12/11/2024

පුංචි දැනුවත් කිරීමක් හැබැයි මෙය ඉතා වැදගත්.....

මා ළඟට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියෙකුගේ අත්දැකීමක් ඔබ සමඟ බෙදා ගන්න හිතුනා.මීට පෙරත් මෙවැනි අවස්ථා ගැන කොතෙකුත් තොරතුරු ලැබී තිබුණත් තවත් නිහඬව සිටීම සුදුසු නොවේ යැයි හැඟෙන නිසා මෙසේ ලියන්න සිතුවෙමි.

2024.11.09 වෙනි දින මෙම රෝගියා මා වෙත පැමිණියේ දකුණු පස ගෙලේ පහල සහ උරහිසේ සිට ඇඟිලි දක්වා පැතිරෙන වේදනාව,අත උරහිසින් ඉහලට එසවීමට නොහැකිවීම(කමිසය ඇද ගැනීමටවත් අත ඉස්සීමට නොහැකි බව) මෙම තත්වය මාස හයට පමණ සිට ඇති බවත් දැන් තත්වය කලින්ට වඩා දරුණු බව පැවසූ අතර මේ සඳහා මවගේ වෙදකම කරන විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙකුගෙන් (මව වෙදකම් කල එක හැර වෙදකම සඳහා අවශ්‍ය කිසිම සුදුසුකමක් නොමැති)තෙල් සාත්තු සහ පත්තු බැඳීමක් කලබවයි..
මා රෝගියා පරීක්ෂා කර බලන විට ගෙල,උරහිස සන්ධිය වටා යම් යම් ප්‍රදේශවල මෘදු පටක තද වී ස්පර්ශ කරන විට දැඩි වේදනාකාරී වූ අතර සන්ධිය චලනය කිරීම ඉහලට අංශක 60කට පමණ සීමාවී සහ වේදනාකාරී වීය.අවශ්‍ය පරීක්ෂණ සඳහා ඉල්ලුම් කර චිකිත්සාව ,බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර (ව්‍යායාම, අහාරපාන ,නිවරදි ඉරියව් භාවිතය ගැන උපදෙස් ලබා දීම ද ඇතුලුව)කල අතර බාහිර ප්‍රතිකාර ලබාගැනීමට 11වනදා නැවත පැමිණෙන ලෙස දැනුම් දී පිටත් කලේය.

නියමිත දින පැමිණි රෝගියා මා ඉල්ලූ පරීක්ෂණ වාර්තා රහිතව සිනාමුසු මුහුණින් පැමිණ වාඩි වී,දැන් තරමක සුවයක් ඇති බවත් කමිසය ඇද ගැනීම අපහසු නොවූ බවත් පැවසීය.
ප්‍රතිකාර ආරම්භ කිරීමට සූදානම් කරන අතරේ මා ඇමතූ රෝගියා ඩොකටර් මම ඩොකටර්ට ඇත්තම කතාව කියන්නද යැයි පැවසුවා මගෙන් ඊට අවසර ලැබුණු පසු ඔහු නිදහසේ කතාව කීවා.
"ඩොක්ටර් මට මේ අතේ අමාරුව ඇවිත් දැන් ගොඩක් දවස්නෙ.ඉතින් මට මේ ළඟ කඩේක වැඩ කරන මගෙ හිතවත් නංගි කෙනෙක් මට තැනක් කීවා යන්න කියලා.මම ඉතින් බස් එකේ ....... ගිහින් ගියා එතෙන්ට නෝනා කෙනෙක් තමයි වෙදකම් කරන්නෙ.මම යද්දීත් පස් හය දෙනෙක් හිටියා.ඒ අවට මුස්ලිම් ජනතාව තමයි වැඩිපුර ඉන්නෙ ඒ නිසා එයාලා වැඩිපුර එනවලු එතෙන්ට..මම දවස් දෙකක් ගියා.ගියපු ගමන් මාව නිදිකරවල ලොකු රෙදි කොට්ට දෙකක් උරහිසට තියලා තද කෙරුවා.මගෙ අත බලෙන් එක පාරටම උඩට උස්සන්න හදනවා..ඒ වේදනාව දරාගෙන ඉන්න බෑ කාටවත්.මම දෙපාරයි ආයෙ ගියෙ නෑ.දැන් ඔය ඩොක්ටර් අල්ලලා බලලා තද වෙලා කියපු තැන් එහිදි හරි තදින් අල්ලපු තැන් අල්ලලා ඇතුලට ඔබනවා.දැන් ඩොක්ටර් මගෙ තෙල් ගානවා වගේ නෙවෙයි කරන්නෙ මාර විදිහට ඇතුලට තද කර කර තෙල් ගෑවෙන.මගෙ ලෙඩේ තිබුනට වඩා වැඩි වුනා ඩොක්ටර්."

ඇයගේ සුදුසුකම් ගැන මා විමසුවත් ඔහු ඒ ගැන වැඩි යමක් දැන සිටියේ නැත..
මාගේ විනිශ්චයට අනුව ඔහුට ඇත්තේ අවබාහුක තත්වයකි.මෙය කාලක් තිස්සේ සන්ධිය ආශ්‍රිත මෘදු පටක වලට සිදුවෙන හානිය සමඟ ඇතිවන්නක්.

උරහිස අවසන්ධි වූ අවස්ථාවක මෙන් එකවර අත හැදීම මෙහිදී කල නොහැක.
මෙය ක්‍රමයෙන් බාහිර සහ අභ්‍යන්තර චිකිත්සාව යොදාගනිමින් ව්‍යායාම කරමින් යතා තත්වයට පත් කර ගත යුතුය.

ඔබගේ බදු මුදලින් නඩත්තු වන රජයේ ආයුර්වේද රෝහල් ඕනෑ තරම් ඇති අතර පෞද්ගලික ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නම් ඕනෑ තරම් සුදුසුකම් ලත් උපාධි ධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සෑම නගරයකම දෙතුන් දෙනෙකුවත් සිටින අතර සැබෑ පාරම්පරික උරුමය සහිත ව සහ ඒ වෙදකම මනාව පුහුණු වූ වෙදමහත්වරු නෝනාවරු සිටින විට ඇයි මේ කවුරුවත් කියන පලියට රට වටේ දුවන්නෙ.
ඔබගේ රෝග ලක්ෂණ නොසඟවා පවසා එය ගැන තොරතුරු සහ එයට සුදුසු ප්‍රතිකාර ගැන දැනගෙන සුදුසුම ප්‍රතිකාරය ලබා ගැනීම ඔබගේම අයිතිවාසිකමකි.එයට කිසිවිට නොපැකිලෙන්න.

පෝලිම වැඩි වූ පමණින්,
අයකරන ගාස්තුව අඩුවූ පමණින්
දුරබැහැර වූ පමණින්
සැර වැර කරන පමණින්
දේව මන්දිරය තිබූ පමණින්
මැතිරූ යමක් දුන් පමණින්
හාස්කම් ඇතියැයි පැවසූ පමණින්
ටීවී ඇඩ් ,සමාජ මාධ්‍යවල ඇඩ් ගිය පමණින්
මිනිසුන් මුදලට හෝ නිර්දේශ දුන් පමණින්
නිට්ටාවටම ස්වල්ප දිනේ රෝගය සුවකරනවා යැයි කී පමණින්
එම වෛද්‍යවරයා රෝග සුව කිරීමට හැකියාව නැත.
එසේ නම් මේ රටේ මෙතරම් ලෙඩ්ඩු ඇයි??

වෛද්‍ය වරයා විසින් සියලු ලෙඩ සුවකිරීම අනිවාර්ය නැත .එය ප්‍රායෝගිකව එසේ කල නොහැක..නමුත් රෝගය ගැන අවබෝධයක් වත් නොමැතිනම් ප්‍රතිකාර වරදිනවා වැඩිය.

සිතන්න ඔබට භාරය....

ඔබගේ කාලය,මුදල්,ශ්‍රමය අනවශ්‍ය ලෙස වැය කර මානසිකව රෝගී විමට පෙර සිතන්න.

හිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
හොරගස්මංකඩ
දංඕවිට

මෙය දෙවැනි දින පැමිණි රෝගියාගේ වීඩියෝවක්.කතාවේ කොටසක් පමණි.

සේවයට අදාළ ගාස්තුව අය කලත් මේවා පිං පුරන රස්සා.....බොරු පොරොන්දු නොදී අහවල් දිනේ වෙද්දි නිට්ටාවට සුව වනවායැයි පාරම් නොබා...
10/11/2024

සේවයට අදාළ ගාස්තුව අය කලත් මේවා පිං පුරන රස්සා.....බොරු පොරොන්දු නොදී අහවල් දිනේ වෙද්දි නිට්ටාවට සුව වනවායැයි පාරම් නොබා මා ළඟට රෝගය සුව කරගැනීමට කැමැත්තෙන් විශ්වාසයෙන් පැමිණෙන රෝගීන්ට සුදුසුම ප්‍රතිකාරය ලබා දීම, රෝගියාගේ අපහසුතා සලකාබලා හෝ නිවසේ සිට නිසි පිලිවෙත් අනුගමනය කල නොහැකි රෝගීන් සුදුසු ස්ථාන වෙත යොමුකිරීම, අපගේ ප්‍රතිකාර වලට වඩා සුදුසුම බටහිර වෛද්‍ය සේවය නම් කිසිම පැකිලීමකින් තොරව ඒ සඳහා රෝගියාව යොමුකිරීම මෙතෙක් සිදුකර ඇත.

පහත රූපයේ ඇත්තේ වෙදකම නමින් රවටන්නන් නිසා ඉක්මනින් සුව කරගත හැකි තත්වයක් තිබියදීත් සති ගණන් දුක්විඳින පුතෙකුගේ පාදයක්.
මේසයක වැදී සිදුවූ තැල්මක් තදවී (calcification) ඇවිදිමට අපහසුවීම,වේදනාව,ඉදිමුම සහතිව ආ දරැවා දෙවන දවස වන විට ඇවිදීම පහසුවූ අතර වේදනාව සහ ඉදිමුම බොහෝ සෙයින් අඩුවී තිබිණි.

❤️🥰❤️
02/11/2024

❤️🥰❤️

Today Kati Vasti treatment
30/10/2024

Today Kati Vasti treatment

Ready for final step of treatment plan of lumbar radiculopathy patient
30/10/2024

Ready for final step of treatment plan of lumbar radiculopathy patient


16/10/2024
කොඳු ඇට පෙළෙහි කටී සහ ත්‍රික  කශේරුකාවල ඇතිවූ ගැටළු තත්ව නිසා වසර ගණනාවක සිට තූනටිය වේදනාව,පාදය දිගේ පැතිරෙන වේදනාව,ඉරිය...
12/10/2024

කොඳු ඇට පෙළෙහි කටී සහ ත්‍රික කශේරුකාවල ඇතිවූ ගැටළු තත්ව නිසා වසර ගණනාවක සිට තූනටිය වේදනාව,පාදය දිගේ පැතිරෙන වේදනාව,ඉරියව් මාරු කිරීමේදී ඇතිවෙන අපහසුව පැවති රෝගියෙකු හට මාස 1 1/2 ක් ඇතුළත සම්පූර්ණ චිකිත්සා පද්ධතියම සිදුකිරීමෙන් අනතුරුව පූර්ණ සුවය ලැබීය.

හිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය අල්ගම පාර,හොරගස්මංකඩ ,දංඕවිට .
12/10/2024

හිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අල්ගම පාර,
හොරගස්මංකඩ ,
දංඕවිට .

වසර කිහිපයක සිට පවතින ගෙලෙහි වේදනාව ,ගෙල හැරවීමේ සහ ඉහලට එසවීමේ අපහසුව සහ තද බව  ,කොන්ද වේදනාව,තුනටිය වේදනාව සමඟ දකුණු ප...
20/08/2024

වසර කිහිපයක සිට පවතින ගෙලෙහි වේදනාව ,ගෙල හැරවීමේ සහ ඉහලට එසවීමේ අපහසුව සහ තද බව ,කොන්ද වේදනාව,තුනටිය වේදනාව සමඟ දකුණු පාදයේ වේදනාව ,නැවීමෙ දිග හැරීමේ අපහසුව,ඉරියව් මාරු කිරීමේ අපහසුව,තද බව
යන ලක්ෂණ සහිතව පැමිණ රෝගියාගේ වාර දෙකකදී තිබුණු රෝග ලක්ෂණ වලින් 50% පමණ අඩුවී ඇත.
කිසිදු බටහිර බෙහෙතක් (වේදනාව නාශකද ඇතුලුව) නොමැතිව.

හිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අල්ගම පාර, හොරගස්මංකඩ, දංඕවිට
0767060691

දීර්ඝ කාලීන තුනටිය වේදනාව(අවුරුදු 8ක පමණ සිට)ඉරියව් මාරැ කිරීමේදී ඇති අපහසුව පාදවල වේදනාව සමඟ මස් පිඩු පෙරලීම සහිතව ප්‍ර...
27/03/2024

දීර්ඝ කාලීන තුනටිය වේදනාව(අවුරුදු 8ක පමණ සිට)
ඉරියව් මාරැ කිරීමේදී ඇති අපහසුව
පාදවල වේදනාව සමඟ මස් පිඩු පෙරලීම සහිතව ප්‍රතිකාර ගැනීමට පැමිණි තවමත් ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙකුගේ එකස්කිරණ සටහන් පහත දැක්වෙයි. දැනට රෝගියාගේ රෝග ලක්ෂණ වලින් 70% පමණ දුරුවී ඇත.

විමසීම් 0767060691

Address

Algama Road
Horagasmankada

Opening Hours

Tuesday 09:30 - 19:00
Wednesday 09:30 - 19:00
Thursday 09:30 - 19:00
Friday 09:30 - 19:00
Saturday 12:30 - 19:00
Sunday 12:30 - 19:00

Telephone

+94767060691

Website

Alerts

Be the first to know and let us send you an email when Hithayur-හිතායුර් by Dr Wasana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hithayur-හිතායුර් by Dr Wasana:

Share

Category