
16/06/2025
🏆කොළඹ විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරී වෘත්තීය උපදේශන සේවා සංගමය විසින් සංවිධානය කර සංගමයේ සාමාජිකයින්ගේ සහ අධ්‍යාපන පීඨයේ මනෝවිද්‍යා අධ්‍යන අංශයේ ආචාර්යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් දීපව්‍යාප්තව පවත්වනු ලබන "පාසල් උපදේශන″ වැඩසටහන් මාලාවේ දෙවන අදියර මීගොඩ ජයසූරිය විද්‍යාලයේ දී 2025/06/12 වන අද දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා ඉතා සාර්ථකව පවත්වන ලද බව සතුටින් දැණුම් දෙමු. මෙම වැඩසටහන පාසලේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් හා සියලු සිසු දරුවන් අරමුණු කරගනිමින් පවත්වන ලදී.
🏆සංගමයේ සාමාජිකාවක ලෙස පාසලේ සාමාන්‍ය පෙළ දරුවන් සහ උසස් පෙළ දරුවන් වෘත්තීය මාර්ගෝපදේශ විෂය ඔස්සේ දැනුවත් කරමින් ජීවිත ඉලක්ක ඇතිකර ගනිමින් රැකියා ලෝකය දිනන්නට තම දැනුම ඉහල නංවා ගැනීමට යොමු කිරීමට මා ලද අවස්ථාව මහත් වූ භාග්‍යයක් ලෙස මම සිතමි.
🏆මන්ද දරුවන් ඒ තුලින් ගත් පන්නරය මා අතට පත් කොල කැබලි ටික මැනවින් කියාපාන බැවිනි!!!
🏆දරුවනි ජීවිතය ඇත්තේ දිනන්නටයි!!!
🏆දරුවනි උත්සාහ කරන්න නැවතත් නැවතත්!!!
🏆ඔබට ජය!!!