D.S Hettiarachchi Opticians - Horana

D.S Hettiarachchi Opticians - Horana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D.S Hettiarachchi Opticians - Horana, Optician, 228 Panadura Road, Horana.

08/12/2021

ඇස් සෞඛ්යය වැඩි අක්ෂි ප්රශ්න සහ ආරක්ෂාව ඔබේ ඇස් ආරක්ෂා කරගන්නා ආකාරය by ට්රෝ බෙදීන්හවුස්, ඔඩින්; පුවරු සහතිකලත් වෛ.....

සාමාන්‍යයෙන් ඇස් පෙනීම අඩු වෙන්නේ වයස අවු. 40 පහු වුණාම. ජනවහ‍රේ මෙය හඳුන්වන්නේ හතළිස් ඇඳිරිය කියලා. ඒත් දැන් නම් ඇස් පෙ...
04/10/2021

සාමාන්‍යයෙන් ඇස් පෙනීම අඩු වෙන්නේ වයස අවු. 40 පහු වුණාම. ජනවහ‍රේ මෙය හඳුන්වන්නේ හතළිස් ඇඳිරිය කියලා.

ඒත් දැන් නම් ඇස් පෙනීම අඩු වෙන්න පටන් ගන්නේ වයස අවු‍. 40 දී නොවෙයි. ගොඩාක් තරුණ කාලෙදිමයි. සමහර වෙලාවට ගැටවර වයසෙදිම ඇස් පෙනීම අඩුවෙලා කණ්ණාඩි පලඳින්න සිද්ධ වෙනවා.

“අද දරුවන් පුංචි කාලේ ඉඳලා ස්මාට් ජංගම දුරකථන, පරිගණක පාවිච්චි කරන්න පෙළඹිලා. පරිගණක තිරය වගේම ජංගම දුරකතනයේ තිරය දිහා එක දිගට බලාගෙන සිටින විට ඇස් ‍වෙහෙසට පත්වෙනවා. වෙහෙස වැඩි වන විට ඇස් දුර්වල වෙනවා. එසේ වූ විට වයස අවු. 18,19 වන විට ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට වයස අවුරුදු 10-12 වන විටදීත් ඇස් පෙනීම අඩු වුණ ළමයි අපට හමු වෙනවා. දැන් ප්‍රතිකාර ගන්න එන අය අතර පුංචි දරුවන් වගේ ම තරුණ ළමයිනුත් ඉන්නවා” යැයි පවසමින් බාල, තරුණ පිරිසගේ ඇස් පෙනීමේ දුර්වලතා ගැන කතා කරන්නට අප සමඟ එක් වුණේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය රංගික ගුණරත්නයි.

ඔහු පවසන අන්දමට ළමා, වැඩිහිටි කොයි කාටත් වැළඳෙන ආබාධයක් හැටියට Computer Vision Syndrome දක්වන්න පුළුවන්. මෙම අක්ෂි ආබාධය ඇති වෙන්නේ පරිගණක, ටැබ්, ස්මාට් දුරකතන තිරය දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම නිසා. මෙහි රෝග ලක්ෂණ වශයෙන් ඇස් කැක්කුම, කඳුළු ගැලීම, ඇසේ ගැස්ම ඇතිවීම, පෙනෙන රූප ද්විත්ව රූප වශයෙන් දිස්වීම දක්වන්න පුළුවන්. සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල්වල පවා අවුරුදු 10 ට වැඩි දරුවන් අතර Computer Vision Syndrome දක්නට ලැබෙනවා.

දැන් ලංකාවේ වැඩිහිටියන් වගේ ම ළමයින් අතරත් මෙම අක්ෂි ආබාධය හඳුනාගෙන තිබෙනවා.

මෙම අක්ෂි ආබාධය අඩු කරගැනීමට 20 සංකල්පයක් තිබෙනවා. ඒ කියන්නේ පරිගණක, ටැබ් ස්මාට් දුරකතන තිරයෙන් විනාඩි 20 කට වරක් ඇස් ඉවතට ගෙන අඩි 20 ක් දුරින් හිඳ තත්පර 20 ක් විවේක ගැනීමයි.

කොහොමටත් මේවා භාවිත කරන කාලය අඩු කිරීමෙන් ඇස් දුර්වල වීම වළක්වා ගන්න පුළුවන්. කුඩා දරුවන්ට ඩිජිටල් පාවිච්චිය දවසකට පැය 2 කට වඩා සුදුසු නැති බවයි වෛද්‍ය මතය.

“පො‍තක් බලන විට ඇස ඒ මේ අත ගියත් පරිගණක තිරයේදී ඇස නාභිගත කිරීම වෙනස්. ඒ වගේ ම තමයි පොතක අකුරු මුද්‍රණය වී තිබෙන නිසා ඇසට බරපතළ විදිහට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒත් පරිගණක තිරයේ අකුරු හැදිලා තියෙන්නේ පිස්කල්වලින්. මේ පිස්කල් කැඩුණොත් අකුරු හරියට කියවා ගන්න බැහැ. ඒ නිසයි පරිගණක, ටැබ්, ස්මාට් දුරකතන තිරය දිහා එක දිගට බලාගෙන ඉන්න එපා කියලා උපදෙස් දෙන්නේ. එය ඇසට වෙහෙසක්. “

Computer Vision Syndrome යන අක්ෂි ආබාධය වළක්වා ගැනීමට නම් පුළුල් තිරයක් පාවිච්චි කිරීම ඉතා වැදගත්. ඒ වගේ ම පරිගණකයේ දීප්තිමත් බව (brightness)අඩු කිරීම, අකුරු විශාල කිරීම, තත්ත්පර 20 කට වරක් ඇස් පිල්ලම් ගැහීම වැනි ක්‍රම උපයෝගි කර ගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්. පරිගණක, ටැබ්, ස්මාට් දුරකතන පාවිච්චි කිරීමේදී ඊට සම්බන්ධ වි‍ශේෂ ඇස් කණ්ණාඩි පාවිච්චි කිරීමත් ඉතා වැදගත්.

ඇස් කැක්කුම වගේ ම හිසේ කැක්කුම තිබෙනවා නම් වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි. වෛද්‍ය උපදෙස් නොගැනීම නිසා ඇස් තව තවත් දුර්වල විය හැකියි. ගෘහයේ රැඳී සිටින දරුවන්ගේ ඇස් පෙනීමට වඩා පරිසරයට විවෘත වී සිටින දරුවන්ගේ ඇස් පෙනීම වඩා යහපත් බව අද වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා පරිගණක තිරයේ දීර්ඝ වේලාවක් රැඳී නොසිට කෙටි වේලාවක්ව ඇස් අවට පරිසරයට නිරාවරණය කිරීම සුදුසුයි.

පරිගණක භාවිතයෙන් ඇස් පෙනීම දුර්වල වන බවට සොයාගෙන තිබුණත් එය පාවිච්චි කිරීම නිසා අන්ධභාවයට පත්වූ බවක් නම් සොයාගෙන නැහැ.

23/06/2021

Uncategorized ඇස් වලට හානි ගෙනෙන නරක පුරුදු ගැන ඔබත් දැන සිටීම වැදගත් By මල්ෂි මෙන්ඩිස් - October 24, 2016 0 4662 Share Facebook Twitter Pinterest WhatsApp ඇස් දෙක කි.....

23/06/2021

ඇස් කියන්නේ අපි වැඩියෙන්ම අවධානය යොමු කල යුතු හා ආරක්ෂා කරගත යුතු අවයවයක්. ඇස් පෙනීම දුර්වල වුවහොත්...

23/06/2021

ඇස් දෙක රැකගන්නේ මෙන්න මෙහෙමයි...

ඕනෑම දෙයක් ආදරයෙන් රැකබලා ගන්නට යාමේදී අප එය “ඇස් දෙක වගේ බලා ගන්නවා.” යැයි හඳුන්වන්නේ ඒතරමටම අපි ඇස් දෙක ආරක්ෂා කරන බව හැඟවීමටයි. ඇස ලෝකය අපට හඳුනා ගන්නට පෙනීම ලබා දෙන ප්‍රධාන ඉන්ද්‍රියයි. නිරෝගී දෑසක් තබා ගැනීම ජීවිතයේ ලද භාග්‍යයකි. දෑස නීරෝගීව තබා ගන්නේ කොහොමද? මේ තරම් වටිනා දෑස ලෙඩ වුණොත්? මොකද කරන්නෙ? සමාජයේ බොහෝදෙනා පීඩා විඳින විවිධ රෝග අතර ඇස් රෝගවලින් බහුතරයක් පීඩා විඳින්නේ තම ඇස් ආරක්ෂා කර ගැනීම ගැන එතරම් සැලකිලිමත් බවක් නොදක්වන නිසයි. දෑස ආරක්ෂා කරගනිමු. කලට වේලාවට ඇස් රෝග හඳුනා ගැනීම තුළින් ඔබගේ දෑස රැක දීමට පුළුවන.

🔴 අක්ෂි රෝග ඇති වීමට බලපාන හේතු

ඇස ආරක්ෂා කර ගැනීමට අප බෙහෙවින් වගබලා ගත යුත්තේ ඇස අන්ධ වී ගියහොත් කිසි වැඩක් පලක් පවා කර ගැනීමට කාගේ හෝ පිහිටක් පැතීමට අපට සිදුවන බැවිනි. එය ජිවිතය ගෙන යාමේදී මහත් වූ කරදරකාරී තත්ත්වයකි. ජීවිතයේ අවසන් කාලය වනතුරු අප දරුවන් සේ ඇස් දෙක රැක ගැනීම කළ යුතු වන්නේ හරි හැටි දැකීමක් වටපිටාව ගැන නිවැරදිව ලබා ගැනීමට අවශ්‍ය නිසයි. අක්ෂි රෝග ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි. කුඩා අවධියේ සිටම නිසි අවධානයකින් යුතුව දෑස් ගැන අවධානය යොමු කළ යුතුය.

🔴 ඇසට අගුණ තද අව්ව

අව් රශ්මිය වැදී ගමනක් ගොස් නිවසට පැමිණි විගස නෑම සුදුසු නැත. බොහෝවිට කුඩා දරුවන් අව්වේ සෙල්ලං කර ජල කරාමයට ඔළුව අල්ලයි. එය සුදුසු නැත. වෙහෙස මහන්සි වී වැඩ කටයුතුවල යෙදී සවසට ගෙදර යන ගමන් වැවට හෝ ගඟට ගොස් නාලා යන්න ගැමියා අමතක නොකරයි. නමුත් දිගින් දිගටම මේ තත්ත්වය සිදුවන නිසා සිරුරේ ඉන්ද්‍රියයන්වලට හානිකර ලෙස බලපායි. විශේෂයෙන් ඇසට මෙවැනි තත්ත්ව සුදුසු නැත. ඒ වගේම තද අව්ව ඇති විට මුහුදේ නෑම නිසා ඇසට බලපෑමක් ඇතිවිය හැකියි.

🔴 කය වෙහෙසූ සැනින් නාන්න එපා

කය වෙහෙසා කරන ඕනෑම ක්‍රියාවකදී කිසියම් විවේකයක් නොගෙන නාන්නට යාම සුදුසු නැත. විශේෂයෙන් රුධිරයේ ගමනාගමනය වේගවත් වේ. එවිට ස්නානනයේදී රුධිර නාල සංකෝචනය වීමෙන් එහි ක්‍රියාකාරිත්වය ඇන හිටී. මෙය ඇසේ ක්‍රියාකාරීත්වයට බලපාන බැවින් කය වෙහෙසා වැඩක යෙදුන ද එකෙණෙහිම නාන්නට යෑම සුදුසු නැත.

🔴 දුර ඈත දසුන් විදින්න එපා

ඔබ දුර ඈත දසුන් බොහෝවේලා බලා සිටින්නේ නම් එය ඇසට බලපාන වග දැනගත යුතුයි. ඈත අහසේ තරු දිනා ඔබ නිරීක්ෂණය කරනවා විය යුතුයි. එමෙන්ම සියුම් දේ නිරීක්ෂණය කරනවා විය යුතුයි. තාරකා විද්‍යාවේදී මේ තත්ත්තවය දුර පිහිටි දේ ගැන නිරීක්ෂණය කිරීම සාමාන්‍යයෙන් කෙරෙන කාර්යයන්ය. නමුත් එය ඇසේ මනා පැවැත්මට සුදුසු ක්‍රියාවක් නොවනු ඇත. ඈත මුහුදේ නැව් දිහා බලන්නට ඔබ කැමති ඇති. එවිට ඇස්වල පේශීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වී වැඩි වෙහෙසීමකට ලක් වේ. ඇස්වල පේශීන් ඉක්මනට වෙහෙසෙයි.මෙවැනි ක්‍රියාවලදී නිසි ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි.

🔴 දුම් දූවිලි වලින් ඇසට වන හානිය

දර ලිප්වලින් පිටවන තද රස්නය හා දුම ඇසට හොඳ නැත. ගිනි තපින්නට ගහන ගිනි ගොඩවල් වලින් පිටවන දුම ඇසේ හානිය ඉක්මන් කරයි. දුම් දූවිලි වැදීම ඇසට සුදුසුම නැත. ඒවා තුළින් වන හානිය වැඩියි. එමෙන්ම වාහනවලින් පිටවන දුම ඇස්වලට හානි කරයි.

🔴 හිසරදය හා ඇස් රතු වීම වැඩි වෙයි

නින්දේ වන විකෘතිතා නිසා හිසරදය හා ඇස් රතු වීම සිදු වේ. රාත්‍රී නිදි වැරීම, දහවල නිදා ගැනීම නිසා මේ තත්ත්ව ඇති වේ. විශේෂයෙන් නින්ද සිරුරේ වර්ධනයට අත්‍යවශ්‍යම අංගයකි. නින්දේදී සිරුරේ පේශීන්ගේ වැඩීම හෙවත් ගෙවීගිය කොටස් නැවත යථා තත්ත්වයට පත්වීම සිදු වෙයි. ඒ නිසා නින්ද ලබා ගැනීම ද අත්‍යවශ්‍යමයි.
නිදි වැරීම හේතු කොටගෙන හෝ නින්ද අඩුකම මත ඇස් පෙනීම දුර්වල වේ. ඇස් කෙවීම, ඇස් රතු වීම, හිසරදය හෝ හිසබර බව ඇති වේ. මේ සියල්ලම ඇස් රෝග ඇති වීමට බලපානු ඇත.

🔴 පහරක් වැදීම නිසා ඇසේ පෙනීමට බාධා

ඇසට පහරක් වැදීම හෝ හිස පිටුපසට තදින් පහරක් වැදීම නිසාත් ඇස නොපෙනී යා හැකියි. ඇස්වලට අදාළ ඇසේ පෙනීමට අදාළ සියුම් කොටස් හානිවීම සිදුවේ. ඒ සමඟම ඇසතුළ රුධිරනාල හානිවීම නිසා ඇස තුළට රුධිරය ගැලීමට පුළුවන. හිසට පහර වැදීමේදී ඇසට පෙනීම ලබාදෙන මොළයේ කොටස්වලට හානි සිදුවිය හැකිය. ඒ මඟින් පෙනීම නැතිවෙයි.
ඒ නිසා මෙවන් අවස්ථාවලදී රෝහල්ගතවීම අත්‍යවශ්‍ය කරුණකි.

🔴 දියවැඩියා සහ ඇස් ආබාධ

දියවැඩියාවට නිසි ප්‍රතිකාර ලබා නොගෙන සිටියොත් ඇස් පෙනීමට හානි විය හැකියි. මින් සිදුවන එක් හානියක් ලෙස ඇස තුළ ඇති තරලවල පීඩනය ඉහළ යාම (ග්ලුකෝමා තත්ත්වය) ඇති වීමයි. එවිට පෙනීමට බාධා ඇතිවෙයි. එහිදී නිසි ප්‍රතිකාර නොයෙදුවහොත් ඇස් අන්ධවීමට පවා ලක්විය හැකියි. එමෙන්ම කුඩා අවධියේ ඇසට වැදුණු තද පහරක් නිසා පසු කාලීනව එය වැඩිවියට පත් වු පසුව ග්ලුකෝමාවට පැමිණිය හැකියි. ඇසට තැල්මක් වූ විට ඊට නිසි පිළියම් නොකර සිටීමෙන් ග්ලුකෝමාව ඇතිවීමට පුළුවනි.
ඇස තුළ ඇති පටකවල සියුම් රුධිර නාල පුපුරා යාමට ඉඩ ඇත. එවිට ඔබගේ ඇසේ පෙනීම දුර්වල විය හැකියි. ඒ නිසා මෙවැනි රෝග අවස්ථාවකදී නිසි ප්‍රතිකාර ලබාගත යුතුයි. එබැවින් දියවැඩියා රෝගය ගැන ඔබ සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය.

🔴 දුක හා සතුට

දුක හා සතුට වැඩි වූ විට ඇසට කඳුළු ඒම වැළැක්විය නොහැකියි. ශෝකය හා වැලපීම නිසා ඇස් පෙනීම දුර්වල විය හැකියි. ඇසේ රුධිර නාල නිතර වෙහෙසෙන විට ඇස් දුර්වල වීමට හැකියාව ඇත. මෙහිදී ඇස් වියළීම සිදු වේ. එමෙන් ඇස් දුර්වර්ණ වී මලානික ස්වභාවයක් ගනී, ප්‍රබෝධමත් ව නොපවතී. එය ඇසේ පෙනීමට බාධා පමුණුවයි.

🔴 දුම්පානය හා මත්පැන් පානය

දුම්පානය හා මත්පැන් ගන්නා අයගේ ඇස් පෙනීම අඩුවිය හැකියි. දුම්කොළවල දුම ඇසට වැඳීම නිසා පෙනීමට බාධා ඇති වේ. මෙහිදී දුම වැඳීම නිසා ඇස තුළ ඇති සියුම් කොටස් වල (මැකියුලාව) දිරාපත් වීම ඇතිවන්නට පුළුවනි. මේ තත්ත්වය දුම්බිම නිසා ඇතිවිය හැකියි.

මත්පැන් පානය කරන්නා නිතර අවසිහියෙන් සිටින නිසා වැටීමකට හෝ අනතුරුකට පත්විය හැකියි. විශේෂයෙන් ඇස ආරක්ෂා කරගැනීම ගැන අවබෝධයක් හෝ දැනුවත්කමක් නොමැති නිසා ඇසට හානි පැමිණිය විය හැකියි.
අරක්කු, කසිප්පුවල දුම ඇසට යාමෙන් ඇස් අන්ධවිය හැකියි. ඒ වාෂ්පය ඇස්වලට වැඳීමෙන් මේ තත්ත්වය ඇති වේ. ඒ තරමට එම වාෂ්පය ඇසට හානි කරයි. නිතර නිතර මත්පැන් පානය කරන්නාගේ ඇස් පෙනීම නොදැනුවත්ම අඩු වී යයි.

🔴 ප්‍රතිකාරයේදී අල්ලන දුම

දරුණු ප්‍රතිශ්‍යාවේදී හෝ හිසරදයේ දී අල්ලන දුම ඇස් වසා එහි වාෂ්පය ඇල්ලීම සිදු කළ යුතුයි. නැත්තම් වාෂ්පය (දුම) ඇස්වලට වැඳීමෙන් හානි පැමිණීමට ඉඩ ඇත. සාමාන්‍ය දුම ඇසට හානි නොවුවත් ඇස තුළ ඇති සියුම් කොටස් (රුධිර නාලිකා) දිරාපත් වීමට පුළුවනි.

🔴 මුහුණ තැවීමේදී

ඖෂධීය පොට්ටනි වලින් මුහුණ තැවීමේදී ඇසට රස්නය නොවැදිය යුතුයි. එය සිදුකරන විට මුලින්ම තම අතේ පිටි අත්ලට දමා පොට්ටනිවල රස්නය පරීක්ෂා කර ගත යුතුයි. එසේ පරීක්ෂා කර බැලුවත් කිසිවිටෙකත් මුහුණ තැවීමේදී ඇස තැවීම සිදුනොකළ යුතුයි.

🔴 ඇස් ආවරණය කිරීම

වෙල්ඩින් කර්මාන්තයේ යෙදෙන අයට ඇස් අනතුරු වැඩිවන නිසා ඇස්වලට ආවරණයක් පැළඳීම කළ යුතුයි. එසේ නොකළහොත් ඇස් පෙනීම නැති වී යා හැකියි. වෙල්ඩින් වැඩ වලදී ඇසේ ඇති සියුම් කොටස් පිළිස්සීමට ඉඩ ඇති බැවින් වෙල්ඩින් කිරීමේදී ප්‍රවේසම් විය යුතුයි. වෙනත් කර්මාන්තවල භාවිත කරන මැෂින් වල වැඩ කිරිමේදී කෑලි හෝ කුඩු කැඩී ඇසට විසි වී හානි වීමට පුළුවන. එබැවින් ඇස් ආවරණයක් පැළඳීම සුදුසුයි.

🔴 වමනය ඇසට බලපායි

ඕනෑම අයකුට වමනය ඇති වේ. වමනය යන විට එය නවත්වන්නට යාමෙන් ඇස් රෝග වැඩි වී යයි. හේතුව විස කොටස් පිටතට යාම වැළකෙන නිසයි. එබැවින් වමනය නතර කිරීමට යාම සුදුසු නැත. විස කොටස් පිට වී යාමට ඉඩ දිය යුතුයි. ඒ වගේම වමනය වැඩිපුර යාමට ද සුදුසු නැත.
ආයුර්වේදයේ වමන කර්මය පංච කර්මයේ එක් අංගයක් බැවින් එය නිසිලෙස නිසි ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතුව ඇත. නමුත් නිසි ක්‍රමවේදය අනුගමනය නොකළහොත් රෝගියාගේ ඇස්වලට පවා හානි පැමිණිය හැකියි. එනම් ඇසේ සියුම් කෝශනාලිකා වලට පවා හානි සිදු වීමයි. ආවාට ගියාට පංචකර්ම කිරීම සුදුසු නැත.

🔴 මන්ද පෝෂණය ඇස්වලට බලපාන්නේ කොහොමද?

ඇස් වලට අවශ්‍ය පෝෂණය අඩුවීම නිසා ද ඇස් රෝග ඇති වේ. විටමින් ඒ ඇස් පෙනීම වර්ධනය කරයි. විටමින් ඒ අඩංගු කහපාට එළවළු හා පලතුරු ආහාරයට එක්කර නොගැනීම නිසා යම් තත්ත්වය ඇතිවිය හැකියි.

මේ අනුව අවශ්‍ය පෝෂණය අඩුවීම මත ඇස වියළිමට පටන් ගනී. ඇස දුර්වර්ණවීම හා ඇස ප්‍රබෝධමත් භාවයෙන් අඩුවීම ඇති වේ. එබැවින් කිරි, බිත්තර, කැරට්, වට්ටක්කා හා සත්ත්ව අක්මාව, මුං ඇට, බතල , කවුපි, පැපොල්, කෙසෙල් මේ සඳහා විශේෂිත පෝෂණීය කොටස් අඩංගු ආහාරයි.

🔴 රූපවාහිනිය, ලැප්ටොප් තිරය හා ජංගම දුරකථනය

රූපවාහිනිය ආසන්නයේ සිට එය නැරඹීම සිදු නොකළ යුතුයි. (විශේෂයෙන් කුඩා දරුවන්) ඇස්වල පෙනීමට බාධා ඇතිවේ. මේ අනුව රූපවාහිනිය ළඟින්ම ඉදිරියේ සිට නැරඹීමට යොමුවීම සුදුසු නොවේ. නැරඹිමට සුදුසු වන්නේ රූපවාහිනිය දෙපස සිටයි. එය ඇසට හානිකර නැත.
ලැප්ටොප් ක්‍රියාකරු ඇස ආරක්ෂා කරගැනීමට සැරින් සැරේ ලැප්ටොප් තිරයෙන් ඇස ඉවතට ගත යුතුයි. එසේ කර වෙනත් පරිසරයක් දෙස බැලීම යෝග්‍යයි. එක දිගටම තිරයට දෑස් යොමා සිටීම සුදුසු නැත. එය දෑසට හානිකරයි.

ජංගම දුරකථන වලින් පුුරුද්දක් ලෙස ක්‍රීඩා කරන්නට (ට්චථඥඵ) හුරු වී සිටීම අභාග්‍යයකි. එය වැඩෙන වයසේ දරුවන්ට විශේෂයෙන් සුදුසු නැත. ජංගම දුරකථනයේ තිරය දෙස නොකඩවා බලා සිටීම නිසා ඇස තුළ ඇති පේශීන් දුර්වල වී යා හැකියි. මෙලෙස කාලයක් ගිය පසු අසේ වර්ධන දෝෂ ඇතිවිය හැකියි.

🔴 කෘමිනාශක හා වල්නාශක

ගොවිබිම්වල වගා කටයුතු කෙරෙන විට සරු අස්වැන්නක් ලබා ගැනීමට කෘමිනාශක හෝ වල්නාශක යොදනු ලබයි. ඒ කෘමිනාශක හෝ වල්නාශක යොදන විට දී ඒ රසායනිකයන් ඇසට වැදීම සිදුවිය හැකියි. ඒ නිසා ආරක්ෂක ඇස් ආවරණය පැළදීම අත්‍යවශ්‍යමය. කුඹුරේදී මඩ වතුර ඇසට විසි වී යා හැකියි. මඩ වතුර ඇසට සුදුසු නැත. ඇසට හානි පමුණවිය හැකියි. ඒ විතරකුදු නොව ඒ මඩවතුර වලට කෘමි නාශක මුසු වී ඇති බැවින් ඇසට තවත් හානි විට වැළැකිවීම නොහැකියි. ඒ නිසා ආරක්ෂක ඇස් ආවරණය පැළඳීම කළ යුතුයි.

රූපලාවණ්‍යය කටයුතු වලදී මුහුණ තවත් අලංකාර කර ගැනීමට බොහෝ දෙනා කැමතියි. මුහුණේ පිරිසුදු කිරීම්වලට අමතර විවිධ ක්‍රීම් වර්ග හා උණුසුම් කිරීම් කෙරේ. එහිදී ඇස තෙත කිරීමට හැකිවේවි. විශේෂයෙන් ඇස්වලට මේ අලංකාරයක් කිරීමේදී ඇස තුළට යාමට ඉඩ නොයුතුයි. ඇස් වටේට පැන්සල් හා දිගටි කුරු මඟින් බොහෝ කාන්තාවන් ඇස අලංකාර කරන්නට පුරුදු වී තිබේ. බැරි වෙලාවත් ඇස තුළ මේවා ගෑවුණොත් ඇසට කුමන හෝ අනතුරක් විය හැකියි. ඇසේ පෙනීමට බාධා ඇතිවීම පවා සිදුවිය හැකියි.

✍️ සටහන :- විශේෂඥ ආයුර්වේද වෛද්‍ය මංගලා මහත්මිය
🌍 www.helaarana.lk.......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #අක්ෂි_රෝග #ඇස්_රෝග #හෙලවෙදකම #හෙළවෙදකම

Address

228 Panadura Road
Horana
12400

Telephone

+9477379329

Website

Alerts

Be the first to know and let us send you an email when D.S Hettiarachchi Opticians - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category