25/04/2025
Clavicle fracture ( collarbone )
*******************
බොහෝවිට උරහිස මතට වැටීමක් සිදු වූ විට කොලර්බෝන් ලෙසින් හඳුන්වන පූර්ව ගාත්‍රය උරස් කුහරයට සම්බන්ධ කරන අස්ථි යේ බිඳීම් ඇති විය හැකියි.
කැඩුණු අස්ථි අග්‍ර ස්ථානීය වෙනසකට ලක් නොවී , අස්ථිය පිපිරීමක් පමණක් සිදුවන අවස්ථා closed non displaced fractures මෙන්ම අස්ථි අග්‍ර චලනය වීමෙන් ඒවායෙ සැකැස්ම වෙනස් වන අවස්තාද displaced fractures තිබේ.
මුල් කාලයේදී වඩාත්ම සුදුසු ප්‍රතිකාරය ලෙස වෙළුම්පටි ආධාරයෙන් තදින් බැඳීම අනුමත කළත් (bandage with figure of eight) එහිදී සිදුවන රුධිර නාල අවහිරතාවය, ස්නායු තෙරපුම ආදිය සලකා බලා මේ වනවිට එය යල්පැන ගිය ප්‍රතිකාර ක්‍රමයක් බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ
ඒ අනුව සරල උරමාවක් මගින් සති දෙකක කාල සීමාවක් පමණක් උරහිස නිශ්චලව පවත්වා ගැනීම immobilized with a brace අනුමත කරන අතර අධික වේදනාව පහව ගිය පළමු අවස්තාවෙ පටන් ව්‍යායාම සිදු කළ යුතුය.
මෙහිදී සිදුවන අතුරු පලයක් වන්නේ අස්ථි යේ පැවති ඒකාකාර සුමට බව නැතිවීම නිසා බාහිර අලංකාරයේ අඩුවක් සිදුවීමයි. Cosmatic issues
ඒ ගැන වැඩි වශයෙන් තැකීමක් කරන අයෙක්ට අවශ්‍ය නම් ලෝහ ඇණයක් භාවිතයෙන් සිදු කරන ශල්‍යකර්මයකට මුහුණ දිය හැකිය. Intramedullary pin inserted නමුත් මෙය කලාතුරකින් සිදු කරන්නක් වේ.
වේදනාව සමනය වූ වහාම උරහිස සන්ධිය සඳහා අවශ්‍ය ශක්තිමත් කිරීමේ ව්‍යායාම ආරම්භ කල යුතු වේ. එහිදී පලමුව ස්ථාවර ශක්තිකරණ ව්‍යායාම සිදු කිරීමෙන් කැඩුණු අස්ථි අග්‍ර චලනය ඉතා අවම මට්ටමක පවත්වා ගනිමින් මාංශපේශී ප්‍රශස්තව පවත්වා ගත හැකිය. Static strengthening exeercises
ඒ හා සමගාමීවම පූර්ව ගාත්‍රයේ ඉතිරි සියලු සන්ධි වල නම්‍යශිලීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීම වෙනුවෙන් චලන පරාස ව්‍යායාම සිදු කල යුතු වේ. Range of motion exercises
නිවැරදි කළමනාකරණය ක් සිදු කිරීම මගින් සති හයක පමණ කාල සීමාවක් තුළ ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය දෛනික කටයුතු සිදු කර ගැනීමට හැකියාවක් ලැබේ.
ඔබගේ සියලුම අස්ථි ,සන්ධි හා ස්නායුරෝග සඳහා අවශ්‍ය භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා *ආයු* සායනය අමතන්න.
*0701584575*