Chirath Weda Medura and Accupunture center

Chirath Weda Medura and Accupunture center Ayurveda treatment, Accupunture treatment and beauticulture treatments provide. Our seavices are
1.

Accupunture treatment
2.Ayurveda Pancha Karma treatment
3.Kadum bidum (Othopedic clinic)
Ketim, Ulukku, Kadim, Thalim...
4. general treatment for diseases
Gastritis, Obesity,Hyper-cholesterol , Arthritis, Joint pains

29/08/2025
29/08/2025

Medical center shifted to panadura.

29/08/2025

Changed my location, with new name. පුාණ ආයුර්වේද

01/03/2023

Callcanius spr , Achilis tendernitis ,Pain in heel can cure with ayurveda treatment very well.
Contact 0718150461

22/11/2022

Carple tunnel syndrome ශල්‍යකර්මයකින් තොරව සුව කිරීම සඳහා විශේෂ ආයුර්වේද ප්රතිකාර සිදු කරනු ලැබේ.
පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
0718150461

16/02/2020

පෝෂණ ගුණය නොඅඩුව කැන්දූ හෙළයින්ගේ නිවැරැදිම හත්මාළුව...

බත් සමඟ හත්මාළුව පෝෂණ සංකල්පයේ හොඳම ආහාර වේලකි. හත්මාළුව කියන්නේ අංග හතකින් යුත් සම්පූර්ණ ආහාරයකි. මෙය,

01. හොද්ද
02. ඇඹුල
03. මැල්ලුම
04. බැදුම
05. නියඹලාව
06. ගොඩමස්
07. දිය මස්

🔴 හොද්ද
=========

පැරණි සිංහලයෝ ආහාරයට පෙර හෝ ආහාර ගන්නා අතරේ හොද්දක් පානය කිරීමට පුරුදුව සිටියහ. මේ සඳහා ධාන්‍ය වර්ග ලෙස මුං ඇට, මෑ, උඳු, කොල්ලු ආදියත්, මැල්ල කොළ, මුරුංගා කොළ, ලබු දළු ආදී කොළ වර්ගත් එකතුකර ගත්හ. මෙයට සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදී සරත්කු (කුළුබඩු) ද්‍රව්‍යයන් එකතු කරන ලදී. කෑමට පෙර ගැනීමෙන් ආහාර රුචියත්, ආහාර දිරවීමේ පහසුවත් ඇතිවිය. තැම්බුම් හොද්දත් මෙම හොද්ද ලෙස සකස් කර භාවිතයට ගත්හ. මස් හොද්ද ද මෙයට ඇතුළත් විය.

🔴 ඇඹුල
=========

මෙය ඇඔුල් මාළුව ලෙස ද හඳුන්වනු ලැබීය. අල කොළ ඇඹුල, දියලබු, පුහුල්, කැකිරි වැනි එළවළු වලිනුත් ඇඹරැල්ලා, බිලිං, කාමරංකා වැනි දේත් මෙම ඇඹුල් මාළුවට අයත් වුණා. දියලබු, පුහුල්, කැකිරි, පිපිඤ්ඤා සකස් කිරීමේදී ගොරකා කැබැල්ලක් එකතු කරන ලදී. ඇඹුල්තියල් කරන ලද මාළු ද මෙයට අයත් විය.

🔴 නියඹලාව
============

සහල්, පොල්, ගම්මිරිස්, අබ, හීන්දුරු අඹරා එයට පුහුල්, කැකිරි, මුං ඇට, මෑ ඇට, කොල්ලු, මියන දළු, කැරම් දළු, මැඩ දළු, ගස්ලබු, කෙසෙල් බඩ ආදී ද්‍රව්‍ය වලින් එක් ද්‍රව්‍යයක් යොදා නියඹලාව සකසා ගනී.

🔶. කෙසෙල් බඩ නියඹලාව

• අළු කෙසෙල් බඩ කැබැල්ලක්
• පැසුණු ගස්ලබු ගෙඩි 01 ක්
• රතු ළූණු 15g ක්
• සුදුළූණු බික් 04 ක්
• හාල් මේස හැඳි 01 ක්
• උළුහාල් තේ හැඳි 01 ක්
• අබ, ගම්මිරිස් ස්වල්පයක්
• අමුමිරිස් කරල් 05 ක්
• ගා ගත් පොල් මේස හැඳි 01 ක්
• රම්පේ, කරපිංචා, කුරුඳු ස්වල්පයක්
• දියකිරි කෝප්ප 02 ක්
• මිටිකිරි කෝප්ප 01 ක්
• ලුණු අවශ්‍ය ප්‍රමාණයට
• කහ ස්වල්පයක්
• උම්බලකඩ කුඩු තේ හැඳි 02 යි

🔷. සාදන ක්‍රමය :-

අළු කෙසෙල් බඩය සෝදා සිහින්ව කපා ගන්න. ගස්ලබු ගෙඩිය පොතු හැර සිහින්ව කපා ගන්න. හාල්, පොල්, අබ, සුදුළූණු, ගම්මිරිස් සිහින්ව අඹරාගන්න. කපාගත් අළු කෙසෙල් බඩ හා ගස්ලබු භාජනයකට දමා අඹරා ගත් ද්‍රව්‍ය ටික එයට කලවම් කරන්න. දිය කිරි එකතු කර ලිප තබන්න. පසුව මිටි කිරි එකතු කරන්න. කිරි පැසුන පසු ලිපෙන් බාගන්න. මෙය අර්ශස්, මළ්බද්ධය වැනි අවස්ථා සඳහා ගුණ දේ. අන්ත්‍ර පිරිසිදු කරයි.

🔴 මැල්ලුම
==========

මෙය ගමේ බත් පතේ විශේෂ අංගයකි. පොල් මැල්ලුම, කොස්, ගැට කොස්, අටු කොස්, දෙල් අටු කොස්, කෙසෙල් මුව, තිබ්බටු, පලා කොළ වර්ග, ළපටි ගස්ලබු, දිය බෙරලිය, දිය හබරල ආදිය මැල්ලුම් සකස් කිරීමේදී යොදා ගත්හ.

🔶. කෙසෙල් මුව මැල්ලුම

• කෙසෙල් මුව 01
• අවශ්‍ය ප්‍රමාණයට ගා ගත් පොල්
• රතුළූණු 20g ක් සුදු ලූණු බික් 02 ක්
• අමු මිරිස් කරල් කිහිපයක්
• කහ, ලුණු අවශ්‍ය පමණ
• උම්බලකඩ තේ හැඳි 01 ක්

🔷. සාදන ක්‍රමය :-

කෙසෙල් මුව සිහින්ව ලියා ගන්න. අනෙක් ද්‍රව්‍ය පොල් සමඟ අඹරා කෙසෙල් මුව සමඟ මිශ්‍රකර භාජනයක් ලිප තබා එයට දමා රත්කර ගන්න. හොඳින් මැලවුණු පසු ලිපෙන් බා දෙහි යුෂ එකතු කර කෑමට ගන්න.

🔴 බැදුම
=========

බැදුම් වර්ග ආකාර 02 කි.

01. කබලේ බැදීම
02. තෙලේ බැදීම (තෙලට දැමීම, ගැඹුරු තෙලේ බැදීම)

කරකොළ, මුරුංගා කොළ, මැල්ල කොළ, අල වර්ග, ගෙඩි වර්ග, කොස් ඇට, තිබ්බටු, කෙසෙල් මුව, මස් හා මාළු වර්ගත් බැදුමක් ලෙස සකස් කර අපේ පැරැන්නන් ආහාරයට ගත්හ.

🔴 ගොඩමස්
============

දඩයම් කරගත් සතුන්ගේ මස් ද ඇතැම් අය විවිධ හතු වර්ග ද ගොඩමස් සේ ආහාරයට එකතු කර ගත්හ.

🔴 දියමස්
==========

කරදිය හා මිරිදිය මාළු වර්ග විවිධ ආකාරයට සකස් කර ආහාරයට එකතු කළහ. මෙම හත්මාළුව අංග සම්පූර්ණ ආහාර වේලක් විය.

🥗 නවීන හත් මාළුව 🥗
------------------------------------------
01. කිරි කජු
02. කොස් ඇට
03. ලබු දළු හෝ වට්ටක්කා දළු
04. දඹල හෝ අවර
05. බතල හෝ ඉන්නල
06. තැල් කොළ හෝ කූරතම්පල, මුකුණුවැන්න
07. අළු කෙසෙල් හෝ මෝන්දම්

මේ සියල්ල එකට යොදා, කුළුබඩු පොල් කිරි යොදා ව්‍යාංජනයක් සේ සකස් කර ආහාරයට යොදාගත්හ.

📗 මූලාශ්‍රය :- ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය, ආයුර්වේද දෙපාර්තමේන්තුව - දකුණු පළාත
🖊️ සැකසුම :- හෙළ අරණ™️ .......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #හත්මාළුව #හොද්ද #ඇඹුල #මැල්ලුම #බැදුම #ගොඩමස් #දියමස් #නියඹලාව

01/10/2019
09/07/2019

Address

104/166, Graceland
Horana

Telephone

+94718150461

Website

Alerts

Be the first to know and let us send you an email when Chirath Weda Medura and Accupunture center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Chirath Weda Medura and Accupunture center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category