Doctor Doll Beauty Clinic

Doctor Doll Beauty Clinic Licensed esthetician with 6+ years of experience in advanced skincare and personalized beauty services.

All treatments are provided under the supervision of a government-registered medical doctor for safety and professionalism.

This isn't a crown; it's the weight of every sacrifice I've made . ❤️Your unwavering support and trust have been a guidi...
29/10/2025

This isn't a crown; it's the weight of every sacrifice I've made . ❤️

Your unwavering support and trust have been a guiding light for me. Thank you for everything

පුරා වසර හතක් Doctor Doll Beauty Clinic සමඟ අත් වැල් බැඳගත් මගේ ආදරණීය මල් යායට බොහෝම ස්තූතියි . ආදරෙයි .
- Doctor Doll Beauty Clinic pvt Ltd -

🏆women legends 2025

29/10/2025

AWARD-WINNING EXCELLENCE! Doctor Doll Beauty Clinic Pvt Ltd Makes History! 🏆🏆🏆💐💐

We are immensely proud to announce that our founder, Nadhi Jayawardhane, has been honoured with the prestigious Excellence in Aesthetic and Beauty Services Lagenory Woman of the Year Award 2025!
This monumental achievement is a powerful affirmation of the uncompromising quality, visionary leadership, and clinical excellence that is the very foundation of Doctor Doll Beauty Clinic.
Watch this video for a glimpse of the moment she accepted this incredible award.
>

Ingredients for your skin type ……👩‍⚕️ඔබ සෑම විටම ඔබේ සම යහපත්ව පවත්වාගෙන යෑම සඳහා skin care routine එකක් මත හොඳ ආයෝජනයක්...
24/10/2025

Ingredients for your skin type ……👩‍⚕️

ඔබ සෑම විටම ඔබේ සම යහපත්ව පවත්වාගෙන යෑම සඳහා skin care routine එකක් මත හොඳ ආයෝජනයක් කරන්න ඕනේ කියලා අපි නිතර කියනවනේ. ✅
👩‍⚕️
Skin care routine එකක් තෝරා ගන්න කොට තමන්ගේ skin type එක skin condition එක තමන් පසු කරණ වයස වගේම තමන්ගේ රැකියාව ජීවත් වෙන කාලගුණ දේශගුණ තත්ත්වය ගැන පවා අවධානයට ලක් කරන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ සමේ නිරෝගී සුන්දරත්වය වෙනුවෙන් කරණ ආයෝජනයක් නිසා
✅Dermatologist tested.
✅Clinically approved
✅Authentic skin care products තෝර ගන්න.

ඒ වගේම skin care provider කෙනෙක්ගේ සහයක් නැතුව සායනික උපදෙස් වලින් තොරව skin care products තෝරා ගන්නවානම්
ඔබේ සම සාමාන්‍ය තත්ත්වයේ පවතින සමක් වෙන්න ඕනේ. ✅

චර්ම රෝග පවතින වෙලාවක, සමට යම් හානියක් වෙලා තියෙන වෙලාවක skin care products ඔබ විසින් තෝරා ගන්න යන්න
එපා. ❌

ඒ වගේම විවිධ අසාත්මිකතා තියෙන අය කිසිසේත්ම acid & retinol කියන කාණ්ඩ නම් නිසි සායනික මග පෙන්වීමක් නැතුව භාවිතා කරන්න එපා. ❌

Acid & retinol skin care routine එක තුළ එකම වෙලාවක apply කරන්න එපා ❌

🛑
Friendly reminder;
Acids and Retinol don’t play well together in same routine .
Best to use them at different times to keep your skin happy 🛑
-
අපි skin type ප්‍රධාන වර්ග 4 ට ඇතුළත් විය යුතු ingredients ගැන කතා කරන්න කලින් තමයි මේ මූලික කාරණා ඔබේ අවධානයට ලක් කළේ . මේක ඉතාමත් basic මට්ටමේ මඟ පෙන්වීමක්. මේ ingredients work නොකරණ අවස්ථා සහ skin damage කරණ අවස්ථා අපි සායනිකව දැක තියෙනවා . මොකද skin type එක විතරක්ම නෙමේ skin එකට ගැලපෙන ingredients මොනවද කියලා වර්ග කළ යුතු එකම සාධකය . 📛
-
ඒත් ඉතිං බොහෝ දෙනෙක් ඉන්නවා Beauty clinic එකකට skin clinic එකකට සම්බන්ධ වෙන බැරි අය. මිනිස්සුන්‍ට විවිධ ප්‍රායෝගික ගැටළු තියෙන්න පුළුවන්. ඒ අය වෙනුවෙන් යම්
දැනුවත් කිරීමක් කරන්න කියලා අපට ගොඩක් ඉල්ලීම් ලැබෙනවා. අනික අපි සෑම විටම විද්‍යාත්මක දැනුම සමාජයට ලබා දුන්නොත් බොහෝ දෙනෙක්ට යම් අවබෝධයක් ඇතුව තමන්ගේ skin care application භාවිතා කරන්න පුළුවන්. මේක 100% සෑම විටම හැම පුද්ගලයාටම හරි යන්නේ නැති උනත් උපරිම දළ අදහසක් ගන්න.
Skin types ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදලා
- oily
- ⁠dry
- ⁠combo
- ⁠normal
වශයෙන් අරන් තමයි ඔබේ සමට ගැලපෙන ingredients ගැන basically මේ දක්වලා තියෙන්නේ .
-------
Ingredients of your skin type
——————
Oily skin 🆔
1. Salicylic acid
2. Niacinamide
3. Retinol
4. Zinc
5. Azelaic acid
---------
Dry skin 🆔
1. Ceramides
2. phospholipid
3. Hyaluronic acid
4. Squalane
5. Urea
——————-
Combo skin ( combination) 🆔
1. Mandelic acid
2. Niacinamide
3. Glycolic acid
4. Hyaluronic acid
5.Retinol
—————
Normal skin🆔
1. Retinol
2. Hyaluronic acid
3. Glycolic acid
4. Mandelic acid
5.squalane
——————————————-
දැන් ඔයාට ඔයාගේ skin type එක ගැන යම් අවබෝධයක් තියෙනවානම් ඔයා භාවිතා කරණ skin applications වල මේ ingredients අඩංගු වෙලා තියෙනවද කියලා බලන්න. ඒ වගේම තමන්ට අදාළ ingredients ඒ අදාළ සඳහන් කිරීමේ ස්ථාන ගත කරලා තියෙන්නේ කොතනද කියන එකත් වැදගත්. අංක 1 ට සඳහන් වන ingredient එක තමා ඔයාගේ skin application එකේ largest percentage එක තියෙන ingredient එක. එහෙම පිළිවෙලත් බලාගෙන යන්න. තමන්‍ට අත්‍යවශ්‍ය ingredient එක ඔයාගේ ingredients list එකේ අවසාන කොටසේ තිබිලා හරියන්නෙ නෑ. ඒකත් මතක තියාගන්න ඕනේ.
👩‍⚕️
අපි තනියෙන් අපේ skin එක manage කර ගන්න හිතනවානම් මේ වගේ basic දේවල් ගැන තියෙන නිවරදි විද්‍යාත්මක දැනීම හුඟක් වැදගත් වෙනවා .
ඒත් ආයෙත් කියන්න තියෙන්නේ කන බොන කෑම ඖෂධ වගේ දේවල් වලට පවා පුද්ගලයින් විසින් අසාත්මිකතා පෙන්වන නිසා තමන් විසින් skin ingredients බලලා තමන්ම skin care routine එකක් තෝර ගන්නවනම් ඒ application වල patch test එකක් හෝ කරලා බලන්න. මොකද skin damage කරගන්න හරි ලේසියි . Damages recover කර ගන්න එක අමාරුයි.
👩‍⚕️
ඒ නිසා හැකියාවක් පවතින පළමු මොහොතේම skin care provider කෙනෙක්ගේ සහයත් ලබාගෙනම skin care routine එකට හොඳ ආයෝජනයක් කරන්න. ඒක රූපලාවන්‍යමය පැත්තෙන් හොඳම investment එකක් .✅
👩‍🦰
දැන් මේ ලිපිය කියවලා ඔයාට එක එක ගැටළු ඇති වෙන්න පුළුවන්.
එහෙම ප්‍රශ්න තියෙන අය 0762155236 WhatsApp number එකට ඔයාලගේ ගැටළුව මැසේජ් එකක් විදිහට යොමු කරන්න. අපි පුළුවන් තරම් ඔබේ ගැටළු අවම කර ගන්න සහය වෙන්න සූදානම්.

👩‍⚕️
Nadhiya Jayawardhana
Consultant Cosmetologist ( special )
Global Rank
Bachelor Of Cosmetology AUE
European qualification Framework
OTHM
Hon: Beauty Doctor ( London )
-

-
✅ The clinic operates under the supervision of a government-registered physician✅

-
(මෙම ලිපිය Doctor Doll Beauty Clinic Pvt Ltd සතු බුද්ධිමය දේපළක් වන අතර අනවසරයෙන් උපුටා පළ කිරීම නීත්‍යානුකූල වරදකි. )

පැහැපත් නීරෝගී සමක් වෙනුවෙන් ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ ගැන නැවත මතක් කිරීමක් කරන්න හිතුවා. ----------සම පැහැපත් කර ගැනී...
13/10/2025

පැහැපත් නීරෝගී සමක් වෙනුවෙන් ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ ගැන නැවත මතක් කිරීමක් කරන්න හිතුවා.
----------
සම පැහැපත් කර ගැනීම සම්බන්ධයෙන් විද්‍යාත්මකව අනුමත සහ අනුමත නොවන ක්‍රම තියෙනවා. 🥹🥹🥹
මෙතනදී විද්‍යාත්මකව අනුමත නොවන ක්‍රම ඔබට රූපලාවන්‍යමය පමණක් නොවෙයි සෞඛ්‍ය ගැටළුත් රාශියක් ඇති කරනවා.🥲
👩‍⚕️

ලස්සන සමක ප්‍රධානම ලක්ෂණය තමා නිරෝගිකම . ඒ නීරෝගීකම ආරක්ෂා කර ගනිමින්ම සම පැහැපත්ව පවත්වාගෙන යෑම ඇත්තටම සුන්දරත්වයට ප්‍රබල හේතුවක් වෙනවා. ✅

⛔️සම නීරෝගී නොවී මොන තරම් පැහැයක් ඔබ සමට ලබා ගත්තත් ඒක තාවකාලිකයි වගේම ඉන් පසුව ඔබට විවිධ චර්ම රෝග සහ සෞඛ්‍ය සම්බන්ධ අවදානමක් පවා ඇති වෙනවා. ⛔️
👩‍⚕️
සිය දහස් වාරයක් මේ අවුරුදු හතක කාලය තුළ කියලා තියෙනවා වගේම නැවත නැවත කියන්නෙත් සුදු පැහැ සමක් නෙවෙයි ලස්සන.

දුඹුරු පැහැ සමක් තිබුණත් නිරෝගී දිදුලන ස්වභාවයෙන් නිසි ලෙස පවත්වාගෙන යනවානම් ඒක තමා ලස්සන වෙන්නේ. 👩‍🦰👩‍🦰

මේක තාම තේරුම් ගන්න අපහසු බොහෝ දෙනා ඉන්නවා. ඒක අපි දන්නේ අපට ලැබෙන ඉල්ලීම් වලින් .
' skin whitening කරගන්න පුළුවන්ද?
'whitening cream නැත්ද? '
'skin whitening injection 'කරනවද.?
කියලා බොහෝ දෙනෙක් අහනවා.
මේ කිසිවක් වෛද්‍ය විද්‍යාත්මකව සම සම්බන්ධයෙන් කළ යුතු දේවල් කියලා පිළිගන්නෙ නෑ. මේ දේවල් වල අතුරු ආබාධ ගැන කොයිතරම් පැහැදිලි කළත් ඒ ගැන බොහෝ අය හිතන්නේ නෑ. 🥲
නමුත් ,
පැහැපත් නිරෝගී සමක් වෙනුවෙන් ප්‍රතිකාර සත්කාර කර ගන්න අවශ්‍ය අයව තමා අපි දැනුවත් කරන්නේ. ✅
සම සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ජීවිතේ ඕනම දෙයක් සම්බන්ධයෙන් හරි මාවත තෝර ගන්නවද ? නැත්ද? කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන දැනුම බුද්ධිය අත්දැකීම් පරිසරය සිතුම් පැතුම් එක්ක වෙනස් වෙන්න පුළුවන්.
( මොකද කිසිම කෙනෙක් තව කෙනෙක්‍ට තර්ජනය කරලා සුදු වෙන්න ක්‍රීම් ගාන්න , Injections කරන්න කියන්නෙ නෑනේ.
තමන්ගේ කැමැත්‍ත මත තමයි ඒවා තෝර ගෙන තියෙන්නේ. මුල් කාලයේ වගේ ඒ තෝරා ගැනීම් නොදැනුවත් කම මත කරනවා කියන්නත් බෑ. මොකද සමාජමය දැනුවත් වීම් ඇති තරම් මේ වන විට කරලා තියෙනවා . )

ඔබේ සම ලස්සනට පැහැපත්ව නිරෝගීව පවත්වාගෙන යන්න අවශ්‍ය නම් ;
ඒක සම්බන්ධයෙන් ඔබට කරන්න තියෙන හොඳම සහ අංක එකේ කාරණාව ඔබේ සම සම්බන්ධ සෞඛ්‍ය ගැන නිසි විද්‍යාත්මක උපදෙස් ලබා ගන්න එක
බොහෝ විට මේක කෙනෙක්ට තනිව කර ගන්න බැරි විටමින් ඌනතා, හෝමෝන සම්බන්ධ ගැටළු වැනි කාරණා වල අතුරු ප්‍රතිඑලයක් විදිහට skin එකට විවිධ ලෙස රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
එවැනි තත්ත්වයන් ගැන පැහැදිලි නිර්ණායකයක් ගන්න නම් skin care provider කෙනෙක් ඔබට සහය විය යුතුමයි. 🫶

ඒ වගේම ඔබ නොදැනුවත්ම හෝ ඔබේ සම මත අහිතකර රසායන සහිත සම සුදු කිරීමේ විවිධ ආලේපන භාවිතා කරලා තියෙනවනම් කරුණාකරලා ඒවට අත් බෙහෙත් එහෙම නැත්නන් home remedies ගාලා අත් හදා බලන්න යන්න එපා. ❌

සම කියන්නේ ඉන්ද්‍රියක්. එතකොට හානිය වෙලා තියෙන්නේ ඉන්ද්‍රියකට. ඒ හානිය යථාවත් කරන්න නිසි ප්‍රතිකාර අවශ්‍යයි . ඒක තේරුම් ගන්න

අපේ සායනික අත්දැකීම් වලින් කියන්නේ එක බීලිචින් ආසාදනයක් හොඳ කර ගන්න තව බීලිචින් ආලේපනයන් භාවිතා කරපු අය ඕන තරම් ඉන්නවා. 🤔
ඒ නිසා නිසි පරීක්ෂාවකට ලක් වෙලා ප්‍රතිකාර කර ගන්න. ✅
👩‍⚕️
අනික් කාරණය සමතුලිත skin care routine එකක් වෙනුවට බොහෝ අය සමස්ත skin එකම night cream එකකට විතරක් බාර දෙනවා.
මං හිතන්නේ ලංකාවේ ගත්හොත් ජනප්‍රියම skin application එක night cream. 😒
Skin care routine එකක් අනුගමනය කරන්න .
එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගෙන තියෙන්න ඕනේ
AM routine
PM routine
👩‍⚕️
නීරෝගී පැහැපත් සුන්දර සමකට application භාවිතා කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. තමන්ගේ දෛනික ජීවිතය ආහාර නින්ද මානසික සෞඛ්‍ය පෞද්ගලික සනීපාරක්ෂාව ඉහළ තැනක තියාගන්න. ඔළුවේ dandruff පිරිලා තියෙත්දිත් night cream ගාලා සුදු වෙන්න හිතන මානසික තත්ත්වයේ ඉන්න එපා. ❌

👩‍⚕️
මාසයක් දෙකක් අතරේ වත් medi clean up එකක් කර ගන්න. මොකද cleanser එකකට සියලු සීබම් bleak heads white heads ඉවත් කරන්න බෑ. සීමා කරන්න විතරයි පුළුවන්.
මේ වගේ දේවල් කර ගන්නේ නැතුව ලක්ෂ ගණන් දීලා skin applications ගෑවත් වැඩක් නෑ. සම පැහැපත්ව නිරෝගීව පවත්වගෙන යන්න බෑ ❌

👩‍⚕️
Skin application එකක් good review එකක් දැක්ක ගමන් ඒකට සුදු වෙනවද කිය කිය අහන්න හොයන්න යන්න එපා. 🤔
එහෙම හදා ගත්ත skin එකක් පිටිපස්සේ ලොකු කැපකිරීමක් තියෙනවා. කැමති උනත් පැණිරස තෙල් කෑම කන්නෙ නැති කඩ කෑම කන්නෙ නැති තරම් විනයක් තියෙනවා.
ක්‍රීම් ගාලා විතරක් skin හැදෙනවනම් මේ තියෙන skin applications ප්‍රමාණයට කාගෙවත් skin වල ගැටළු තියෙන්න බෑ .
👩‍⚕️
Skin application එකකට පැවරෙන නිශ්චිත කාර්‍ය්යක් තියෙනවා. Moisture එකක් භාවිතා කරන්නේ for hydration. සමේ තෙතමනයට. ඒ නිසා ඒ application එකෙනුත් සුදු වෙනවද අහන මානසික තත්ත්වයක් හදාගන්න එපා. 🥲
පැහැපත් නීරෝගී සමකට තෙතමනය අත්‍යවශ්‍ය යි.
👩‍⚕️
ඊළඟ කාරණාව තමා sunscreen එකක් ගාන්නෙ නෑ .'මං එළියට වැඩිය යන්නෙ නෑ ' වගේ උත්තර දෙන්නේ. අලුතෙන් පැහැපත් වෙන්න කලින් තියෙන පැහැය රැක ගන්න . ✅
සම වියපත් වෙන්න, සම burn වෙලා අඳුරු වෙන්න චර්ම පිළිකා ඇතිවෙන්න ඔක්කොටම බලපාන්නේ sunscreen භාවිතා නොකිරීම . අනික sunscreen එකක් හිරු එළියෙන් වගේම heat එකෙනුත් සම ආරක්ෂා කරනවා.
Sunscreen ගාන්නේ නැත්නම් ඔබේ සම ගැන යහපත් බලාපොරොත්තු තියාගන්න එපා.❌
👩‍⚕️
අද day to day life style එකේදී වගේම ජීවිතේ විශේෂ අවස්ථාවන්, උත්සව වලට හැමෝම make up භාවිතා කරනවා.
ඒකෙ කිසි වරදක් නෑ.
තමන්ගේ මුහුණේ වඩාත් කැපී පෙනෙන අංග
ඉස්මතු කරලා යම් යම් අඩුපාඩු වහලා confident & fashion කියන දෙකම ඇති කරන්න make up වලට පුළුවන්.
👩‍🦰
ඒත් මෙතනදී ඔයාගේ skin care routine එකට තියෙන වැදගත් කමම primer, foundation , eyeshadow , lipstick වලටත් තියාගන්න.
ගාලා හෝදනවනේ කියලා skin care routine එකට ලොකු ගාණක් වියදම් කරලා අඩු ගානට තියෙන high quality products එහෙම නැත්නම් high end නොවෙන make up products භාවිතා කරන්න එපා. ❌
Make up කරන්නේ ඔයාගේ face එක . මහන්සි වෙලා වියදම් කරලා හදාගත්ත skin එකම වැරදි බාල make up products භාවිතා කිරීම නිසා විනාස වෙන්න පුළුවන්.
ඕවා නොහිතා කරලා පස්සේ පසුතැවෙන වැරදි 🥹
👩‍⚕️
ලෝකයේ පිළිගත් නිර්ණායකයන් තියෙනවා skin care application සම්බන්ධයෙන් . ඒ කාණ්ඩයන්ට අයත් වූ පමණින් හැම skin application එකකම රසායනික ක්‍රියාකාරීත්වයන් ඔයාගේ සමට ගැලපෙන්නෙ නෑ.
හොඳම brands වුණත් වැඩක් නෑ according to skin type නෙවෙයි නම් . ඒ නිසා තමන්ගේ skin type, skin condition වගේම සමහර active ingredients තියෙනවා ඇතැම් අයට Allergy වෙන්න පුළුවන්.
ඒ නිසා තමා skin analysis කරන්නේ. හොඳම products භාවිතා කරළත් skin damages හදාගත්ත අය ඉන්නවා. ඒ නිසා මේ හැමදේම ගැන දැනගෙන නොදන්න තැන් වලදී අදාළ විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා ගෙන වැඩ කරන්න කියන්නේ.
👩‍⚕️
නිරෝගී පැහැපත් සමක් , සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ කැඩපතක්.
ඒක තමයි ඇත්තම කතාව ❤️
fans

👩‍⚕️
Nadhi Jayawardhana.
Consultant Cosmetologist ( special)
Global Rank
Bachelor of Cosmetology AUE
European Qualification Framework
Hon : Beauty Doctor ( London)
-

✅ The clinic operates under the supervision of a government-registered physician✅
-
(මෙම ලිපිය Doctor Doll Beauty Clinic Pvt Ltd සතු බුද්ධිමය දේපොළක් වන අතර අනවසරයෙන් උපුටා පළ කිරීම තහනම් .)
— at Doctor Doll Beauty Clinic.

සෑම මිනිසකුම තම එදිනෙදා ජීවිතය තුළ ආතතියට මුහුණ දෙනු ලබයි. පාරිසරික වෙනස්කම්වලට දක්වන ප්‍රතිචාර, එම වෙනස්කම්වලට සාර්ථකව ...
10/10/2025

සෑම මිනිසකුම තම එදිනෙදා ජීවිතය තුළ ආතතියට මුහුණ දෙනු ලබයි. පාරිසරික වෙනස්කම්වලට දක්වන ප්‍රතිචාර, එම වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දී ජීවිත අභියෝග ජය ගැනීමට ඉවහල් වේ. එලෙසම දක්වන අසාමාන්‍ය ප්‍රතිචාර හේතුවෙන් එදිනෙදා ජීවිතයේ කටයුතු වලට සෘණාත්මක ලෙස බලපෑමක් ඇති වී ගැටලු වලට මුහුණ දීමට සිදු වේ.

චිත්තවේග ක්ලමතය (Anxiety) හෝ විෂාදය
මානසික සාකච්ඡා කිරීම, Vertilation of emotions
කායික හා ස්වයං සාධක හදවතේ ගැස්ම වැඩි වීම, දාඩිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා ලෙසයි.

මානසික ආතතිය ඇති වීමට බලපාන හේතු ලෙස ආර්ථික ගැටලු, රැකියා ගැටලු, සමීපතයකුගේ මරණය, පවුලේ ඇතිවන ගැටලු, රෝග, විභාග, අන් අය සමඟ පවත්නා සබඳතාවල ගැටලු ආදිය හදුනා ගත හැකිය. කෝට්සෝල් (Cortisol),ඇඩ්‍රිනලින් (Adrenaline),නොරැඩ්‍රිනලින් (Noadrenaline) වැනි හෝමෝන ඔබ ආතතියෙන් පෙළෙන විට වැඩිපුර ශ්‍රාවය කිරීම නිසා මෙම හෝමෝන රුධිරයට එකතු වේ. එමඟින් මානසික පීඩනය හා අවධානම සමඟින් කටයුතු කිරීමට ඔබේ ශරීරය හැඩ ගැසේ.

මානසික ආතතියේ
රෝග ලක්ෂණ
නොරුස්සන සුළු ස්වභාවය
අමතක වීම
හිසරදය
අනිසි බිය
මනෝභාවයන් පහත වැටීම
සෘණාත්මක සිතුවිලි වැඩි වීම
ශරීරයේ වේදනාව
හුස්ම ගැනීමේ අපහසුතා
කරකැවිල්ල
සිතුවිලි ඒකාග්‍රතාව තුනී වීම
උදරාබාධ ඇතිවීම

වෙනදාට වඩා වැඩි පීඩනයකින් ඔබ මේ දිනවල ඉන්නවා වෙන්න පුළුවන්. ගේදොර ආර්ථිකය ගැටලු, ළමුන්ගේ අධ්‍යාපන අවිනිශ්චිතතාවන්, රැකියා අර්බුධ එකී මෙකී නොයෙක් හේතු නිසා වෙනදාට වඩා වැඩි පීඩනයට පත්වේ. එබැවින් ආතතිය හඳුනාගෙන එය යහපත් ලෙස කළමනාකරණය කර ගතහොත් ගෘහයක ප්‍රධාන මූලය වන කාන්තාව මානසිකව හා කායිකව බිඳවැටී මුළු පවුල් සංස්ථාවම බිඳ වැටීමට ලක් විය හැකිය. එය වළක්වා ගැනීමට හැකිතාක් මෙම ආතතිය යහපත් ලෙස කළමනාකරණය කර ගැනීමට ඔබට සරල ක්‍රම අනුගමනය කළ හැකිය.

මිතුරකු සමඟ කතා කිරීම ( දුරකථනයෙන් හෝ මුණගැසී)
පවුලේ අය දරුවන් නෑදෑයන් සමඟ වැඩිපුර කාලය ගත කිරීම.
ප්‍රිය කරන චිත්‍රපටයක් නැරඹීම, පොතක් කියවීම, සංගීතය රස විදීම
සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීම.
ආතතිය ගෙන දෙන දේවල්වලින් හැකිතාක් දුරස් වීම.(උදා: news බැලීම අවම කිරීම, දේශපාලනය ගැන කතා නොකිරීම)
කය හා මනස ලිහිල් කරන Relaxation ව්‍යායාම්වල යෙදීම (දෙඇස් පියාගෙන සෙමින්, ගැඹුරින්, ක්‍රමවත්ව හුස්ම ගැනීම හා පිට කිරීම - කිහිප වරක් උදේ සවස සිදු කිරීම)
ආතතිය ඉතා වැඩි අවස්ථාවලදී එයින් ක්ෂණිකව මිදීමට Distraction techniques භාවිත කිරීම ( අවධානය වෙනතකට යොමු කිරීම. සියයේ සිට ආපස්සට ගණනය කිරීම වැනි දෑ )
ඉහත ක්‍රම මඟින්ද ඔබගේ
ආතතිය සමනය නොවන්නෙ නම්,
ඒ පිළිබඳ මනෝ වෛද්‍යවරයකුගේ හෝ එවැනි සුදුසුකමක් ඇති පුද්ගලයකු සමඟ කතා කිරීම, උපදෙස් ලබා ගැනීම.
ඖෂධ ප්‍රතිකාර ක්‍රම මඟින් ආතතිය පාලනය කර ගැනීම.(මනෝ වෛද්‍යවරයකුගේ නිර්දේශ ඇතිව)
-

නොකළ යුතු දෑ
අධික ලෙස කෝපි පානය , කැෆේන් අධික පාන වර්ග පමණට වඩා ගැනීම, මධ්‍යසාර හා දුම්වැටි පානය නිසා ක්ලමතය (anxiety ) තීවුර වී ආතතිය වැඩි වීම.
තමාගේ ආතතිය පිට කිරීමට අනුන්ට ප්‍රචණ්ඩ වීම (වාචිකව හෝ ශාරීරිකව)
නිදි මැරීම.
සමාජයෙන් හුදෙකලා වීම.
ප්‍රමාණයට වඩා ආහාර ගැනීම.
-
සමාජය තුළ අවබෝධයෙන් ජීවත් වන්න..ඔබේ ප්‍රශ්න කතා කරන්න. ඒ වගේම ඔබේ සමීපතමයන්ව අවබෝධ කර ගන්න.
-
දත්ත-
University of Colombo
Faculty of medicine
-
ඔබත් මානසික ආතතියෙන් පීඬා විඳින්නේ නම් mind relaxation සඳහා කටයුතු කරන්න.
-
👩‍⚕️
Nadhiya Jayawardhane
Consultant cosmetologist ( special)
Global rank
Bachelor of cosmetology AUE
European Qualification Framework
Hon: Beauty doctor ( London )
-
fans

04/10/2025

දවසේ කතාව 👩‍⚕️
---------

https://www.facebook.com/share/p/17K6UTKXdg/?
( මේ Link එක බලලම ඇවිත් අහන එක වටිනවා )

අද නම් මට කියන්න තියෙන්නේ Doctor Doll Beauty Clinic එක ගැන දන්න අයට නම් මේක හිනායන කතාවක් වගේම නොදන්න අය දැන ගත යුතු කතාවක්.
මේ ඉන්න ලස්සනම ලස්සන ගෑණු ළමයා හිරුණි. ගම ඇහැළියගොඩ . Clinic එකට සම්බන්ධ වෙනකොට Skin condition එක damage & disease.
Acne , acne spots , Discoloration, uneven skin වගේ තත්ත්වයන් තිබ්බා . මාස 4 න් ඒ සියල්ලම recover කරලා skin advance treatments කලා
Skin color up & polishing
ඉතිං හිරූ හරිම සතුටින් එයාගේ skin review එක clinic එකට දුන්නා.
ඇත්තටම හරිම ලස්සන නිසා මේක ගැන හුඟක් අය කතා කළා. Treatments ගැන ප්‍රශ්න ගොඩක් පෞද්ගලිකව ඇයටත් මැසෙන්ජර් හරහා ඇවිත් තිබ්බා. ඒවා අතිශය සාධාරණයි.

හැබැයි සමහර මිනිස්සුන්ට කෙනෙක්ගේ සුන්දරත්වය වගේම සාර්ථකත්වයත් දරා ගන්න බෑ. මල් වගේ ගෑණු ළමයි එක්ක වැඩ කරත්දී මගේ සාර්ථකත්වයේ ලස්සන මතකයන් වගේම ඒ ළමයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕනෙ නිසා දෑස් ආවරණය කරලා තමා පෝස්ට් එක පළ කළේ.
💐
දැන් අර කෙනෙක්ගේ සාර්ථකවත්වය හා සුන්දරත්වය දරාගන්න බැරි අය ඉන්නවනේ. එයාලාට මේක දැනිලා තියෙන්නේ ඉන්දියාවේ ගෑණු ළමයෙක්ගේ ෆොටෝස් අරන් කරපු fake review එකක් වගේ. ඉතිං මේ Indian model ව වැඩ සටහන් වල දැක්ක අයත් හිටියා.

ඉතිං ඕකට හිරූට මට වගේම අපේ clinic එකෙන් ප්‍රතිකාර ගන්න අයට හිනා 😃
මොකද clinic date වලට එකට හම්බවෙන අයත් ඉන්නවනේ .
හිරූටත් මැසේජ් ගොඩක් ඇවිත් තිබ්බ නිසා අපි තීරණය කළා හිරූව , ආහ් sorry ඒ ඉන්දියන් නිළියව clinic එකට ආවම එයාම ඔයාලට කතා කරලා ( සිංහල උගන්නලා ගත්තේ) review එකක් දෙන්න . මෙන්න මේ video එක හරහා
💕💕💕💕
එහෙනම් පොදුවේ ඔයාලට ආරාධනා කරනවා එන්න ඒ ලස්සන ඉන්දියානු නිරූපිකාව Doctor Doll Beauty Clinic එකටම ඇවිත් කරපු video එක බලන්න කියලා .
🌹
ලස්සන වෙන්න නම් හොඳ මනසක් තියාගන්න එක හරි වැදගත්. ලස්සන දේට ලස්සනයි කියන්න හොඳ දේට හොඳ යි කියන්න පුළුවන් හිතක් තියාගන්න
Thanks again dear Hiru
මේ දේ කළාට.

Doctor Doll Beauty Clinic එකෙන් ප්‍රතිකාර ගන්න මගේ ආදරණීය මල් කියන්නේ මං හෝ සායනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න පිරිසක්.
ඒ ශක්තියෙන් තමයි මේ දීර්ඝ ස්‍ථාවර ශක්තිමත් ගමනේ වෙහෙසක් නොදැනී නොවැටී ආවේ . 💐

ඉතිං ඔබ මට ලබා දෙන ආදරයේ බලයෙන්ම කරණ කියන ප්‍රතිකාර සාර්ථක වෙන්න තරම් ප්‍රබල ආශිර්වාදයක් තියෙනවා .
ස්තූතියි මගේ මල් යායට 🌹🌹🌹🌹🌹

Join with Group - https://www.facebook.com/groups/1117112355376235/?ref=share&mibextid=NSMWBT

මේක ලස්සන කතාවක්. මීට අවුරුදු 3 කට වගේ කලින් Doctor doll beauty clinic එකට ආවා ලස්සන දඟකාර කෙල්ලෙක්. නීරෝගීව විද්‍යාත්මක...
27/09/2025

මේක ලස්සන කතාවක්. මීට අවුරුදු 3 කට වගේ කලින් Doctor doll beauty clinic එකට ආවා ලස්සන දඟකාර කෙල්ලෙක්.
නීරෝගීව විද්‍යාත්මකව තව ලස්සන වෙන්න. කෙල්ලෙක්ට ලස්සනවීම ගැන සීමාවක් නෑනේ.
අපේ clinic එකේ ගලාගෙන යන vibe එකට හොඳටම සෙට් වුණා.
මොකද මං මගේ patient කෙනෙක්ට උපරිමව ආදරේ කරණ කෙනෙක්. තුන්වෙනි session එකට වගේ එනකොට අපේ අතරේ වෘත්තිය බැඳීමකින් එහා ගිය ආදරණීයකමක් ගොඩ නැගෙනවා.
But
clinic එකෙන් කියන home work නොකර කනබොන විදිහේ ඉඳලා කියලා දුන්න දේවල් නොකර ආවොත් ඔක්කොම ආදරේ පැත්තක. ඒක හොඳටම දන්න අය දන්නවා. මේ කෙල්ලත් ඒක උපරිමේටම දන්නවා.

වැඩිය ඕනෙ නැහැ ගිය සතියේ වෙනස් වෙනස් සුදුවෙන ක්‍රීම් ජාති හුඟක් ගාපු කෙනෙක්‍ට මං ටිකක් තදින් කතා කරලා ඔය ක්‍රීම් ගෑවම skin damages විතරක් නෙමෙයි වෙන්නේ කියලා විස්තර කළාම එයා මට කියනවා කිව්ව ඔක්කොම ඇත්ත. ඒත් ඕක හිත සැනසෙන්න නැළවෙන්න මං කිව්වෙ නෑ කියලා. 🥹

බොරුවට නළවන්න ඇත්තටම මං දන්නෙ නෑ . හැබැයි මොන මට්ටමක හරි skin , hair , nails , hormonal, nutrition ගැන ප්‍රශ්නයක් හදාගෙන ඇවිත් consultation appointment එකට පස්සේ මං clinic එකට බාර ගත්තොත් ඒ ප්‍රශ්නෙ විසඳලා දීලා තමා මං නතර වෙලා තියෙන්නේ.
ඒක මගේ සායනික සීමාවේ එහා දෙයක් නම් යන්න ඕනේ වෛද්‍යවරයාගේ සිට A to Z සියල්ල කියලා දීලා අවශ්‍ය දේවල් සම්පාදනය කරලා යවනවා මිසක් මිනිස්සුන්ගේ ජීවිත මුදල් කාලය බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්නෙ නෑ . ඒ වගේම කවුරු කොහොම මොන තරාතිරමක කෙනෙක් ආවත් clinical process එකෙන් පිට එක දශමාංශයක් වෙනස් කරන්නෙත් නෑ.
👩‍⚕️
ඔන්න ඔය මගේ විදිහ , Doctor Doll Beauty Clinic එක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් මාත් එක්ක තියෙන බැඳිම අත් අරින්නෙ නෑ.

වාසනාගේ වාසනාවන්ත wedding treatment එක මගේ අතින් කරලා ටික කාලෙකින් මේ වාසනාවන්ත කෙල්ල තමන්ගේ ජීවිතේ අලුත් ගමනක් වෙනුවෙන් Canada 🇨🇦 යනවා. ඒක දුක්බර සමු ගැනීමක් . හදවතින් සුභ පැතීමක් සහිතව.
යනකොට Doctor Doll skin application set එකම පුළුවන් තරම් අරන් යන්නත් එයා අමතක කළේ නෑ .
💕
Canada 🇨🇦 වගේ රටක ඉතාමත් හොඳ මට්ටමේ skin care products තියෙනවා. එතෙක් මෙතෙක් මං clinical treatment වල හොඳම ප්‍රතිඑල ගත්ත Sebio skin cleanser එක made in 🇨🇦 canda. නමුත් European counties වල හැම application එකක්ම ලංකාව වගේ රටවල skin එකට ගැලපෙන්නෙ නෑ . අපි clinical testing වලින් තමා ගැලපෙන නිෂ්පාදනයන් හොයා ගන්නේ. ඒත් ඩොලර් ප්‍රශ්න tax ප්‍රශ්න එක්ක
authentic applications ගේන එකත් ලේසි නෑ. ඒත් මං අමාරුවෙන් තෝරලා බේරලා හොයාගන්න හොඳ applications අමාරුවෙන් උනත් දීලා තියෙනවා . ✅
👩‍⚕️
Doctor doll skin care productions range එක හදන්නේම ඔය ප්‍රශ්න වලදී මට ඉතාමත් හොඳ දෙවෙනි විසඳුමක් ඕන නිසා. මේ product වල lab report නීත්‍යානුකූලව page & group වල ඒ ඒ නිෂ්පාදනයන් හඳුන්වලා දෙනකොට දාලා තියෙනවා . ඔයාලට බලන්න පුළුවන්.
👩‍⚕️
දැන් Doctor doll beauty products range එක ලෝකය පුරාම යනවා. මේ කෙල්ලටත් Canada 🇨🇦 හිටියත්

DD pink moon cleanser
DD glow serum
DD Radinat polishing night cream ඕනෙමයි.

යන එන අය අතේ වගේම නිල වශයෙන් air cargo හරහාත් අපි දැන් ලෝකයේ බහුතර රටවලට අපේ නිෂ්පාදනයන් යවනවා.
ගිය සතියේ එයාගේ skin applications ටික යැව්වේ.
💕💕💕
බලන්නකෝ මල් මල් හිනාව.

ලෝකේ කොහේ හිටියත් මාත් එක්ක ඉඩක් ලැබුණ ගමන් කතා කරණ හුඟක් ආදරණීයයන් ඉන්නවා. අපි හරි විවෘතයි. අවබෝධාත්මකයි. අපි හිනා වෙනවා. අඬනවා.
👩‍🦰මේ ඉන්න සෝස මල 🌹
ඔය ඉස්සො එහෙම පෙරේතකමට කාලා pimples දාගත්තම මං බනිනවා හොඳට. කවදාවත් තරහක් නෑ. ආදරේ කියන්නේ වගකීමක්. ඒ වගකීම මට බාර නිසා බනින බව මේ ලස්සන මල් මල් කෙල්ලෝ දන්නවා. මට ඒ ඇති. අමුතුවෙන් මවාගෙන නළවන්න දෙයක් නෑ. අපි අපි වගේ . .🤝
❤️
Doctor doll beauty products ටික Canada 🇨🇦 ආව ගමන් මල් පෙරහැරක් වගේ හිනාව එක්ක ලස්සනම photos ගොඩක් එව්වට Thank you my sweetie . ♥️
-
Vacation ආව ගමන් හම්බවෙමු . හයියෙන් හිනා වෙලා බඩ පිරෙන්න බැනුමක් දෙකක් අහලා ආයේ වැළඳගමු. එතකන් රුකී බොස් ( මල්ලී ) එක්ක සතුටින් ඉන්න ඕනේ.
දැන් ඒ කොල්ලගේ කණ් දෙකට පොඩි සහනයක් ඇති. මොකද
Application ඉවර වේගෙන එනකොටම ඒ අහිම්සක මල්ලිගේ කණ කෑම මේ බට්ටිච්චිගේ පුරුද්දක් .
💕💕💕💕❤️
නමත් ඉතිං වාසනාම වුණාම වාසනාව උතුරණ එක අහන්නත් දෙයක්ද? මේ හිනාවම ඇති ජීවිතේ ලස්සන වෙන්න.
♥️
ආදරෙයි හැමදාම.....
මේ සටහන ඒ ආදරේ වෙනුවෙන් ....
-
මේකට වෘත්තිය අවසානයක් ලියන්නෙ නෑ . ඉවර කරන්නේ මේම.
-
මේ ආදරය මගේ sweetie ට
ඔයාගේ dolly ගෙන් ...
-
Canda වගේ රටක ඉඳලත් Doctor doll beauty products ගැන එදා සිට අද දක්වා තිබ්බ ආදරණීය විශ්වාසය වෙනුවෙන් ♥️
Wasana Samuduni

-DELAY AGING & MAINTAIN YOUTH—————👩‍⚕️කාලය නතර කරන්න බෑ කියනවනේ . ඉතිං කාලයත් එක්කම අපි හැමෝම ළමා වියේ හෝ තරුණවියේ ඉන්නෙ...
17/09/2025

-DELAY AGING &
MAINTAIN YOUTH—————
👩‍⚕️
කාලය නතර කරන්න බෑ කියනවනේ . ඉතිං කාලයත් එක්කම අපි හැමෝම ළමා වියේ හෝ තරුණවියේ ඉන්නෙ නෑ. වයස් ගත වෙනවා. 🥲
අකමැත්තෙන් හරි ඒකනේ යථාර්ථය . බොහෝ වෙලාවට මේ වයස් ගතවීම එක්ක ශරීරය සෘණාත්මක විපර්‍යාස වලට මුහුණ දුන්නත් අපිට ඕක තදින්ම දැන්නේ Skin & Hair කියන කාරණා එක්ක එන ගැටළු නිසා. 👩‍🦰
-
මේ තත්ත්වයන් අපට සම්පූර්ණයෙන් නවත්වන්න බැරි උනත් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව හරහා මනාව පාලනය කර ගන්න පුළුවන්. ✅

👩‍⚕️
Skin එක වයස් ගත වීම ආකාර දෙකකින් සිද්ධ වෙනවා.
ඒකෙ පළවෙනි කාරණය අපි හැමෝම දන්නවනේ.

😒ස්වාභාවිකවම සම වයසට යෑම.
සම වයස් ගත වීමේදී
Fine lines
wrinkles
Thinning skin
reduction in skin fullness
කියන ලක්ෂණ දක්නට ලැබෙනවා.
🥹
මේක වයස් ගතවීමත් එක්කම වෙන ස්වභාවික සංසිද්ධියක්.
හැබැයි ඔබ ජීවත් වෙන පරිසරය, ඔබේ ආහාර රටාව, ඔබේ නරක ජීවන පුරුදු නිසා ස්වාභාවික වයස්ගතවීමේ ලක්ෂණ බොහෝම තරුණ කාලයේම ඇතැම් අයගේ skin වල දක්නට ලැබෙනවා.
👎මෑත කාලීනව නම් skin whitening creams භාවිතා කරපු බොහෝ දෙනාගේ සම වයසට වඩා හුඟක් වයස් ගත වෙලා තියෙනවා. 👎

👩‍⚕️
සම වයසට පත් කරණ ප්‍රධනම ස්වාභාවික සාධකය හිරු එළිය .
🕶️🌞🌞🌞🌞🌞
විශේෂයෙන් ලංකාව වැනි අධික උණුසුම සහ හිරු එළිය පවතින රටකට spf 50++
Sunscreen එකක් භාවිතා කිරීමත් ඔබ outdoor ඉන්න වෙලාවට සෑම පැය 3 කට වරක් නැවතත් sunscreen ආලේපකර සම හොඳින් ආරක්ෂා කර ගැනීමත් කරන්නම ඕනේ.

ඒ වගේම හිරු එළියට නිරාවරණය වීමට විනාඩි 15 කට පෙර sunscreen ආලේප කිරීමත් වැදගත්.✅

ඒ වගේම මුහුණේ පමණක් නොවෙයි. අපේ ඇඳුම් වළින් නොවැසෙන නිරාවරණය වන body skin එකෙත් sunscreen ආලේප කළ යුතුයි. ✅
👩‍⚕️
ලංකාවේ කාන්තාවන් දැනට ලොකු නැඹුරුතාවයක් නොදැක්වූවත් දුම්බීම සහ මත්පැන් පානය නිසාත් Premature aging තත්ත්වයන්ට මඟ පෑදෙන බව සෞඛ්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. ඒ නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවයම තරුණකම දිගු කාලීනව තියාගන්න නම් මේ පුරුදු වලින් මිදෙන්න ඕනේ.❌
👩‍⚕️
ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර රටාවක් නැති අයටත් Premature aging තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා.
සීනී තමා නරකම. ඒ වගේම පිෂ්ටය අධික ආහාර අවම කිරීමත් වැදගත් . ඇත්තටම මේ දේවල් හරියට නොකර කොයිතරම් ආලේපන වර්ග භාවිතා කළත් වැඩක් නැහැ. අපි සායනිකව ප්‍රතිකාර කරණකොට diet plan එක ගැන දැඩි අවධානයක් ලබා දෙනවා. ✅
ඒ වගේම sleeping 🛌 Beauty 💕
( හොඳ නින්දක් )

ඒ වගේම සතියට දවස් 3 ක් වත් ව්‍යායාම ( work out ) කරන්න ඕනේ. 🏃🏻‍♀️‍➡️🏃‍➡️

සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ඉන්න අයට තමා තරුණකම රැක ගන්න පුළුවන්. ඒ වගේම ලස්සනට skin & hair වගේම body shape එකත් තරුණ පෙනුමට බලපාන නිසා තමන්ගේ ජීවන රටාව හොඳ ආකාරයෙන් පවත්වාගෙන යන්න.✅✅✅
👩‍⚕️
අනික් වැදගත්ම කාරණය තමන්ගේ සමට වඩාත්ම ගැලපෙන cleanser එකක් භාවිතා කරණ එක. එසේම සම පිරිසිදු කිරීමේදී නිවරදි ක්‍රමවේදය භාවිතා කරනවා වගේම සම කිසිම විටක තදින් පිරිමදින්න එපා. ❌
එය සම එල්ලා වැටීමට බලපානවා. 🥹🥹

👩‍⚕️
ඒ වගේම according to skin type වලට අදාළව හොඳ moisture base එකක් භාවිතා කරන්න ඕනේ. ✅
එය ඔබේ skin condition & type මත serum එකක් ලෙස උනත් භාවිතා කරන්න නියම කරන්න පුළුවන්. ඔබ භාවිතා කරණ සෑම skin application එකකම තේරුමක් තියෙනවා. 🫶

සමේ පිරිසිදු බව , පෝෂණය , ආරක්ෂාව සහ යථාවත් කිරීමට තමා skin care routine එකක් භාවිතා කළ යුත්තේ.
බොහෝ අයට අවශ්‍ය සමේ පැහැය විතරයි. ❌

නමුත් සමේ තරුණ බව රැක ගැනීම හරිම වැදගත්. මොනතරම් පැහැපත් වුණත් වයස්ගත පෙනුමක් සම තුළින් දකින්න ලැබෙනවානම් එය රූපකාය පෞර්ෂයට ලොකු බාධාවක්. 🥲

ඒ නිසා night cream එකක් මත පමණක් රැඳෙන්න එපා .
අපෙන් උනත් සෑම වෙලාවකම අහන්නේ ' සුදු වෙන්න night cream එකක් ' කියන ප්‍රශ්නය. එය සායනිකව කිසිසේත් අනුමත කරන්න බැහැ. ❌
👩‍⚕️
සම වයසට යෑම එහෙම නැත්නම් Anti-Aging සඳහා skin care routine එකේ ඔබ භාවිතා කරණ application වලට ඔබ සායනික සහය ලබා ගනිමින්
👩‍⚕️
Retinol/Retinoids
Ascorbic Acid ( vitamin C )
Hyaluronic acid
Niacinamide ( vitamin B3 )
වැනි ingredients එකතු කර ගැනීම වැදගත්.
මෙතනදී ඔබට සායනික සහය අවශ්‍ය වන්නේ ඇතැම් active ingredients වලට පුද්ගලයාගෙන් පුද්ගලයාට අසාත්මිකතා ඇතිවීමේ ප්‍රවනතාවයක් සහිත නිසා. ⛔️
👩‍⚕️
ඒ වගේම Retinol/Retinoids සමට හඳුන්වාදීමේදී අවම ප්‍රතිශතයකින් යුතුව පටන් ගැනීම වගේම මුල් කාලයේ දිනපතා භාවිතා නොකිරීම සහ Retinol/Retinoids කාණ්ඩය සමඟ නොගැලපෙන ingredients භාවිතා නොකිරීම වැදගත්. ✅

මේ දේවල් නොදැන භාවිතා කිරීම නිසාත් මොන තරම් හොඳ clinical approval
Dermatologist tested branded
නිෂ්පාදනයන් භාවිතා කරළත් skin damage කරගෙන තියෙන අයව අපට ප්‍රතිකාර ගන්න ආවම හමුවෙනවා. 🤔
-
ඒ වගේම සායනිකව ඔබට Anti-aging treatments කරන්න පුළුවන් සහ එම ප්‍රතිකාර ඉතා එලදායී වෙනවා.
එතනදී Anti-aging වගේම සමේ නීරෝගී පැහැපත් භාවයටත් එම ප්‍රතිකාර උදව් වෙනවා.
👩‍⚕️
In clinical Procedures
—————-
Chemical Peels
Laser Resurfacing
Microneedling
Botulinum Toxin (Botox)
Dermal Fillers
Radiofrequency and Ultrasound
වැනි ප්‍රතිකාර රැසක් තිබෙනවා.

ඉතිං හැමදාම ලස්සනට තරුණව නීරෝගීමත්ව ඉන්න ආස ඔබට මේ වෛද්‍ය විද්‍යාත්මක කාරණා දැන සිටීම වැදගත්.
Doctor Doll Beauty Clinic හැමදාම ඒ නිවරදි විද්‍යාත්මක මාවතේම ඔබව රැගෙන යන්නේ දැනුමෙන් අවබෝධයෙන් ඔබව පෝෂණය කරමින්.

👩‍⚕️Nadhiya Jayawardhana
Consultant Cosmetologist ( special)
Global Rank
Bachelor Of Cosmetology AUE
European Qualification Framework
Hon:Beauty Doctor ( London )

-
✅ The clinic operates under the supervision of a government-registered physician✅

( මෙම ලිපිය Doctor Doll Beauty Clinic සතු බුද්ධිමය දේපළක් වන අතර අනවසරයෙන් උපුටා පළ කිරීම නීතිමය වරදකි ) —
fans

මම සාමාන්‍යයෙන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරීම් කරණකොට ඒ ඒ කාල වලදී බහුලව සායනිකව යොමු වෙන ගැටළු ගැන වැඩි අ...
09/09/2025

මම සාමාන්‍යයෙන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරීම් කරණකොට ඒ ඒ කාල වලදී බහුලව සායනිකව යොමු වෙන ගැටළු ගැන වැඩි අවධානයක් යොමු කරලා ඒ ගැන පොදු විද්‍යාත්මක දැනුවත් කිරීම් කරනවා.
මොකද එතනදී සායනික සම්බන්ධව ඉන්න රෝගියාට, රෝග ලක්ෂණ තියෙන අයට, ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙන අයට වගේම ඒ වගේ ගැටළු වලට මුහුණ දීලා ඉන්න කෙනෙක්ට උනත් යම් දළ අදහසක් හෝ ලැබීම වටින නිසා.
🥹
' අනේ මගේ මුහුණේ Pigmentation එකක් '
' මගේ මූණේ අඳුරු පැල්ලමක්' කියලා තමා බොහෝ විට පළමු පැමිණිල්ල හෙවත් රෝග විස්තරය ගැන ඉදිරිපත් වෙන්නේ 🥹
👩‍⚕️
ඉතිං මේ තත්ත්වය ඇති වෙන්න හේතු , මේ අඳුරු පැල්ලම් හි ප්‍රභේද සහ ප්‍රතිකාර ගැන යම් වැටහීමක් ඔබට ලැබෙන්න මේ ලිපිය ඉවහල් වේවි .

- Skin Pigmentation Types, Causes and Treatment යටතේ අපි කතා කරමු.

-ඇත්තටම මේක සුලභ රෝග තත්ත්වයක්.
රෝගය සුලභ උනාට මෙය රූපලාවන්‍ය පෞර්ෂයට ලොකු හානියක් කරනවානේ. එතනදී මානසිකව බලපෑමක් ඇති වීම සාමාන්‍යයයි. 🤔

👩‍⚕️
බොහෝ දෙනෙක් මෙතනදී කර ගන්න වරද තමා තමන්ට මෙවැනි අඳුරු පැල්ලමක් සමෙහි ඇති වූ තත්ත්වය හොයා ගන්නේ නැතුව
ලෝකයේ ඕනම චර්ම රෝගයකට බේතක් තියෙන අරුම පුදුම මැජික් ක්‍රීම් භාවිතයට අහුවීම Pigmentation Acne නැති වෙලා ඒ විතරක් නම් මදැයි තව සුදුත් වෙලා අටෝරාශියක් ප්‍රතිඑල දෙන ක්‍රීම් වැහි වැහලා තියෙන නිසාම සමේ Skin Pigmentation එකක් ආවම ඒකට අදාළ
Analysis මුකුත් නොකර මොකක් හරිම තලියක් අතුල්ලන් එක වැඩේ හතර කරන් එන අය තමා වැඩි. ❌❌❌

පොඩි තිතක් චූටි ලපයක් වගේ වගේ පටන් ගත්ත මේ චර්මයේ පැහැය අඳුරුවීම මුලින් අඩු වෙලා මුල් කාලේ සුදු වෙලා දිලිහී දිලිහී ඉඳලා පස්සේ මාසෙන් දෙකෙන් වැඩේ කණ පිට හැරිලා අර පුංචි පැච් එක මුණේ පැතිරිලා ගියාම තමා skin clinic එකකට යන්න මතක් වෙන්නේ 👎👎👎👎
👩‍⚕️
අනේ අපොයි කියලා එතනදී ලෙඩ දෙකකට ප්‍රතිකාර කරන්න වෙනවා. ඒ නිසා එක වැඩේ දෙක කර ගන්න එපා . ඒක අංක 1 ට මතක තියාගන්න.
👩‍⚕️
ඒ වගේම සුදුවෙන්න හිතන් අර කිව්ව හට්ටි මුට්ටි දිලිහෙන පෙට්ටි බෝතල් ගණන් ගාණ අයටත් එහි අතුරු ප්‍රතිඑලයක් විදිහට Skin Pigmentation එනවා .
-
ඔන්න ඔය කාරණා දෙක ඔළුවේ තියන් දැන් අපි යමු සාමාන්‍ය මනුස්සයෙක්ගේ චර්මයේ මෙවන් තත්ත්වයන් ඇති වෙන්න බලපාන අතිශය සාධාරණ කාරණා වලට
👩‍⚕️
1. අපේ සම සාමාන්‍ය අවස්ථා වලදී නිපදවන මෙලනින් වර්ණයකට වඩා ඉහල මෙලනින් වර්ණක ප්‍රමාණයක් කුමක් හෝ හේතුවක් නිසා නිෂ්පාදනය කරන්න ගත්තම තමා සමේ discoloration ඇති වෙන්නෙ
( අර උඩ කිව්ව හේතුව සුදු වෙන මානසික තත්ත්වය නිසා ක්‍රීම් ගෑම මේකට ප්‍රබල හේතුවක්. ආයේ මතක් කළේ මොන කරුමෙකට හරි මෙච්චර දැනුවත් කරලත් skin whitening cream නිසා ඇති වෙන damage වලට treatment කරලාම අපිට හති ) 😢

2. අංක 2 - Skin Pigmentation කළු දුඹුරු කියලා එකක්ම නෑ . අළු , නිල් , කොළ වගේ discoloration තියෙනවා නම් ඒවත් Skin Pigmentation කාණ්ඩයට අයත් .

3 . Skin Pigmentation ඇයි මේ පාට පාට. ඕකට කියන්නේ Pigmentation එකේ වර්ණ තීව්‍ර තාවය කියලා . ඒකට හේතුව මෙලනින් වර්ණයක සමේ තියෙන ස්ථරය අනුව තමා මේකේ පාට වෙනස් වෙන්නේ. දැන් skin layers ගැන නොදන්න අය ඒ ගැන අපේ පෝස්ට් හොයලා කියවලා දැන ගන්න . ✅
නැත්නම් group page වල ප්‍රතිකාර කරලා හොඳ වෙලා reviw දාලා තියෙන patient කෙනෙක්ගේ සහය ඉල්ලන්න .
මට ඉන්නේ golden heart කෙල්ලො. කොච්චර එකිනෙකාට උදව් කරනවද? කියල මං දන්නවා. වචනයකින් හෝ ඒ අයත් එක්ක තමන්ගේ දැනුම අත්දැකීම් බෙදාගන්න ඒ අය වෙනුවෙන් එකෙන්ම respect කරනවා 🙏

4. Skin Pigmentation ඇති වෙන්න වයස බලපානවා. ඉතා කුඩා දරුවන්ට තියෙන pigmentation වලට අපි කියන්නේ birth mark හෙවත් උපන් ලප. මේවා නම් ඉතා අවලස්සන ලෙස රූපලාවන්‍ය පෞර්ෂයට හානි කරන්නේ නැත්නන් පාඩුවේ ඉන්න. සමහර අයට birth mark ලස්සන වැඩි කරනවා

👩‍⚕️අනික් එක නම් නව යොවුන්වියේ ඇතිවෙන acne වලට ඕවා ඉතිං ඔය වයසේ වැරුද්ද කියලා නොසලකා හිටියම ඒකේ side effects එකක් විදිහට Skin Pigmentation හැදෙනවා .මොකද skin එකට damage එකක් උනාම මෙලනින් වර්ණයක එතනින් උත්තේජනය වෙනවා .

👩‍⚕️ඊට පස්සේ මැදි වයසට එනකොට කලු අඳුරු පැල්ලම් ඇති වෙනවා.
My dear ladies , මේකට කියන විද්‍යාත්මක නම Melasma
ඒ නිසා skin discoloration එකක් දැක්ක ගමන් රෝගයත් විනිශ්චය කරලා කොහෙන් හරි දැක්ක treatment එකකුත් හිතාහෙන මට pigmentation එකක්. ඒකට අහවල් ලේසර් එක ගහනවද වගේ කතා අහන්න එපා. මොකද මොන වෛද්‍ය විද්‍යාවත් ;
'the identification of the nature of an illness or other problem by examination of the symptoms ' හෙවත් diagnosis කියන දේට සපුරා යටත් . ✅
ඒක ඔබට තනියෙන් කර ගන්නත් ප්‍රතිකාරය තීරණය කර ගන්නත් තරම් ඔබේ සායනික දැනුම උසස් නම් ඔබට සායනික සේවාව අවශ්‍ය නෑ ❌
ඒ නිසා ඔබේ skin condition එක තීරණය කරන්න skin care provider ට ඉඩ දෙන්න ✅
👩‍⚕️
මොකද මේ තත්ත්වයන්ට
ජානමය සාධක
හෝමෝන ක්‍රියාකාරීත්වය
Skin care routine එකේ sun protection එකට ඔබ දුන්න වැදගත්කම බලපානවා. ඒ නිසා case study කොටස අපිත් කරනවා ඔයාට treatment කරන්න කලින් 👌

👩‍⚕️ඒ වගේම ජීවිතේ ඕනම වයසකදී
solar lentigo
Freckles වැනි තත්ත්වයන් අනාරක්ෂිතව හිරු එළියට නිරාවරණය වීම නිසා ඇති වෙන්න පුළුවන්.
👩‍⚕️
According to skin type branded sunscreen එකක් use කරන්නේ නෑ කියන්නේ skin එක ලෙඩ ගොඩක්. ඒ වගේම තේරෙන භාශාවෙන් කළු වෙන්න ලොකුම හේතුව ඕක
👩‍⚕️
ඒ වගේම hormanal imbalance නිසා වගේම අධික ස්ථුලතාවය නිසා discoloration හට ගන්නවා.
👩‍⚕️
දැන් අපි බලමු සායනික ප්‍රතිකාර . මේ ප්‍රතිකාර තීරණය කරන්නේ සායනයෙන් ඔබේ ප්‍රශ්නය ගැන කරණ විද්‍යාත්මක අධ්‍යයනයෙන් මිස ඔයා දැක්ක වීඩියෝ එකක් හෝ ඔයාගේ යාලුවා කරපු ප්‍රතිකාරයක් නිසා හෝ නෙමේ . ඔයාගේ පෞද්ගලික පරීක්ෂාවෙන් පස්සේ කරණ රෝග නිගමනයට අදාළව.
👩‍⚕️👩‍⚕️👩‍⚕️
Peeling treatment-
පොදුවේ peeling treatment කිව්වට මෙතනදී රෝග නිගමනය අනුව භාවිතා කරණ chemical peel එක වෙනස් වෙනවා

Laser treatment
මෙතනදීත් එකිනෙකාගේ case study එක මත කුමන laser ප්‍රතිකාරයද අනුගමනය කළ යුත්තේ යන්න වැදගත්.

ඒ වගේම skin care application එක අදාළ රෝග නිගමනය මත පදනම් වන අතර sunscreen එකට විශාල කාරයභාරයක් පැවරෙනවා .
කරුණාකර skin application භාවිතයේදී සායනික උපදෙස් පිළිපදින්න
👩‍⚕️👩‍⚕️👩‍⚕️
ඒ වගේම අවශ්‍ය සායනික පරීක්ෂණ වලින් අනතුරුව උපදෙස් ලබාදී විටමින් හෝ අතිරේක නිකුත් කරනවා ඒ සියල්ලත් සායනික උපදෙස් මත ලබා ගන්න
👩‍⚕️👩‍⚕️👩‍⚕️👩‍⚕️
අවසාන වශයෙන් සමට යම් රෝගයක් , දැන් මෙතනදී කතා කළේ pigmentation ගැනනේ.
එවන් තත්ත්වයන් කල් යවන්න එපා . සායනික නොවන උපදෙස් ආලේපන ගල්වන්න එපා.
හරියට මුල් අවධියේ නිවරදි ප්‍රතිකාර නොකළොත් ඇතැම් pigmentation 💯 සුව කර ගන්න බැරි වෙනවා . එදාට ඔබ කොතරන් කම්පා වුණත් වැඩක් නෑ ❌
ඒ නිසා රෝග විනිශ්චය මත නිවරදි වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් ඔබේ සමත් සෞඛ්‍යත් සුන්දරත්වයත් ආරක්ෂා වෙනවා.

👩‍⚕️Nadhiya Jayawardhana
Consultant Cosmetologist ( Special)
Global Rank
Bachelor Of Cosmetology AUE
European Qualification Framework
Hon: Beauty Doctor ( London )
-

-
✅ The clinic operates under the supervision of a government-registered physician✅ — with දිසානායක දිසා ටානී. and 99 others at Doctor Doll Beauty Clinic.

fans

Address

Horana
12400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94774044874

Website

Alerts

Be the first to know and let us send you an email when Doctor Doll Beauty Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doctor Doll Beauty Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram