13/03/2024
💢 සුදු කබර රෝගය💢
සුදු කබර රෝගය බොහෝ විට ඇති වන්නේ බාහිර හේතූන් නිසා චුව ද අභ්‍යන්තර වශයෙන්ද යම් යම් හේතූන් බලපාන බව පෙනේ.
මීයන් සපා කෑමෙන් , හිකනල් මුත්‍ර ගෑවීමෙන් ද කැරපොත්තා සපා කෑමෙන් හෝ මුත්‍රා සම මතුපිට ගැවීමෙන් කාලයත් සමඟ සුකබර හෙවත් සම සුදුවීම සිදුවන බව පෙනී යයි . එහෙත් සිද්ධ ආයුර්වේද වෙදකම අනුව,
🍁 එකිනෙකට විරුද්ධ ආහාර පාන ගැනීම.
🍁වැඩිපුර ආහාර ගෙන ව්‍යායාම වල යෙදීම.
🍁දහවල නින්දට යාම.
🍁පංච කර්ම චිකිත්සා නිසි අයුරු නොකිරීම .
🍁වමන වේග වළක්වාලීම
🍁සංතාපය .
🍁 ගුරු දෙගුරු හාමුදුරුවන්ට ගැරහීම.
🍁පාප කර්මයන්හි යෙදීම.
🍁පෙර ආත්මවල කරපු අකුසල ක්‍රියාවන්.
🍁උපදංශ වැනි ආගන්තුමක රෝගවලට ගොදුරු වීම වැනි හේතු සාධක බලපායි.
මේ රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් පහත ඖෂධ වර්ග නිසි වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කල හැකිය.
🌻කෂාය වර්ග.
🍀රත් කිහිරිය , කොට දිඹුල පොතු මුල් දෙවර්ගය කලන් දොලහක් ගෙන වතුර පත 8 - 1 ට සිඳුවා උදේ සීනි සවස මී පැණි දමා සතියක් උදේ සවස බොන්න .
🍀අරළු , බුළු , නෙල්ලි , රත් කිහිරිය කලං තුන බැගින් ගෙන වතුර පත 8 - 1 ට සිඳුවා සීනි , මී පැණි දමා උදේ සවස සතියක් බිම සුදුසුය .
🌻ආලේප
🍀රට තෝර ඇට ගෝ මුත්‍රයෙන් අඹරා ගාන්න .
🍀මුව අං පුළුස්සා දොඹ තෙලින් අනා ගාන්න .
🍀කසිස් , හිරියල් රත් නෙටොල් , අරළු , බුළු , නෙල්ලි වතුරෙන් අඹරා ගාන්න .
🌻තොල් කබර
🍀 ඉරිවේරිය පුළුස්සා ගත් අළු ඇල් දියෙන් අඹරා ගාන්න.
🍀තෝර ඇට , අමු කහ , තිත්ත අබිං , කසිප්පු සමසේ රැගෙන අඹරා විනාකිරි , එළගි තෙල් වලින් කකාරා ගාන්න.
🍀 මොණර පිත උණු වතුරෙන් අඹරා ගාන්න .
🍀කසිස් , හිරියල් , රත්නටොල් , අරළු බුළු නෙල්ලි වතුරෙන් අඹරා ගාන්න.
🍀ගැඬුඹ අඟුරු , දුම්මල අඹරා ගාන්න.
🍀මුව අං පුළුස්සා දොඹ තෙලින් ගාන්න .
තෙරුවන් සරණයි....!