28/02/2024
#වකුගඩු_රෝග_- 03
ආයිත් ලියන්න හිතුවෙ අපි නොදන්නවා වුනත් වකුගඩු රෝග ලංකාවේ මිනිසුන් සිය ගණනක් කවුරුත් නොදැනම බිලි ගන්න නිහඬ මාරයෙක් වී හමාර නිසයි..
මාසයකට අඩු තරමින් මරණ හතර පහක් සමහර වෙලාවට ඊටත් වැඩියෙන් මට අහන්න ලැබෙනවා.
මේ මගේ රෝහලේ තත්ත්වය විතරයි.ඊයෙ හිනා වෙලා ආදරෙන් කතා කල කෙනා අද රෝහලට නෑවිත් ඉදීමේ සම්භාවිතාව හොඳටම වැඩි වෙලා..
අපි යන්ත්‍ර සූත්‍ර නෙවෙයි.දැනෙන වේදනාව කියා ගන්න බැරි තරම්.වෙෙද්‍යවරුන්ට හිතක් පපුවක් නැතැයි සිතන මගේ රටේ බහුතරයක් අතර මේ ලිපිය කියවන ඔබත් සිටිනවාට සැක නැත.නමුදු සත්‍ය නම් රෝගීන් වෙනුවෙන් කදුළු හෙලනා වෙෙද්‍යවරුන් තවම මිහිතලයෙන් වඳවී ගොස් නොමැති බවයි.
පහුගිය සති දෙක මමද ගත කළේ හදවතේ ඇතිවූ වේදනාකාරි තුවාලයක් සුව කර ගනිමිනි..
එදින සුපුරුදු පරිදි oncall රාජකාරියේ යෙදී සිටියෙමි.වෙලාව දහවල් තුන පසුවී තිබුණු බැවින් දිවා අහර ගැනීමට නිවසට යා යුතු යයි සිතුවා පමණි. වෙෙද්‍ය වාට්ටුවෙන් ඇමතුමක්.
"ඔයාලගෙ වාට්ටුවේ කලින් හිටපු ලෙඩෙක් වැලිමඩෙන් ට්‍රාන්සර් කරලා තියෙනවා.එහෙදි පිට් එක ඇවිත්,හෙට තමයි එයාගෙ ඩයලිසිස් ( රුධිර කාන්දු පෙරනය) දවස. ලෙඩාට අමාරුයි දැන්ම ඩයලිසිස් කරන්න කියලා VP සර් කිව්වා."
37 හැවිරිදි වියේ පසුවූ ඇය මා හොඳින්ම දන්නා, මා සමඟ ඉතා ලෙන්ගතුව කතා බහ කළ රෝගියෙකි.ස්වාමියාගෙ හදිසි වියෝවෙන් දරුවන් තිදෙනෙක් සමඟ තනිවූ ඇය ඇඟලුම් සේවිකාවක ලෙස දෙෙවයට අභියෝග කරන්නට අදිටන් කරගත්තාය.
නමුත් ඇය අවාසනාවන්ත අයුරින් හදිසියේම රෝගී වුනේ දෙෙවයේ සරඳමකටයි.
පෙර සොයාගත් හේතුවක් නැතිවම ඇගේ වකුගඩු දෙකම අකර්මණ්‍ය වුණා.
අවසානයේ අපේ සියළු උත්සාහයන් අපතේ යවමින් ඇය ජීවිතයෙන් සමු ගත්තා.
ඇය ඇගේ සෞඛ්‍ය ගැන නොසළකා තම දරුවන් වෙනුවෙන් දහදිය හෙලුවා.රෝග ලක්ෂණ කාලයක සිට පැවතියද ඇය ඒ කිසිවක් සැලකුවේ නෑ.
බොහෝ කාන්තාවන්ගේ කතාවත් මෙයයි.
ඉතින් අද ලිපිය ඉතාම වැදගත්.
මේ ලිපියෙන් කියා දෙන්නෙ,කාලික වකුගඩු රෝගය ගැනත් එයින් වැළකී සිටීමට අපිට කරන්න පුළුවන් දේ ගැන.
කාලික වකුගඩු රෝගය- ( Chronic kidney disease)
==========================================
එනම් කාලයක සිට වකුගඩු වල ක්‍රියාවලින් සෙමින් සෙමින් අකර්මන්‍ය වීම මෙලෙස හඳුන්වනවා.CKD ලෙස හඳුන්වන්නේත් මෙම තත්ත්වයයි. ඔබේ වකුගඩු මඟින් මුත්‍රා සමඟ සිරුරට අනවශ්‍ය විෂ ද්‍රව්‍ය හා අමතර ජලය සියල්ල ඉවත් කරනවා.
ඉතින් ඔබ නොදැනම කාලික වකුගඩු රෝගයේ අවසාන අදියරට පැමිණි විට එම සියලු දේ සිරුරෙන් ඉවත් නොවී ඉතිරි වීම නිසා පහත රෝග ලක්ෂණ ඇති වෙනවා.
1) ඔක්කාරය
2) වමනය
3) කුසගිනි නොදැනීම
4) මහන්සි ගතිය හා සිරුරේ දුබල බව.
5) නින්ද නොයෑම
6) පිටවන මුත්‍රා ප්‍රමාණයේ වෙනස් වීම.
7) මාංශ පේශිවල ගැටළු ඇතිවීම.
8) කකුල්,වළලුකර ඉදිමීම.
9) දීර්ඝ කාලීනව සමෙහි ඇතිවන කැසීම්.
10) හුස්ම ගැනීම අපහසු වීම හා පපුවේ වේදනාව.
11) පාලනය කළ නොහැකි අධික රුධිර පීඩනය.
වකුගඩු රෝග ලක්ෂණ අනිත් රෝග වලදිත් ඇති වන්න පුළුවන්.එම නිසා සැලකිලිමත්වීම ඉතා වැදගත්.
කාලික වකුගඩු රෝග නිර්ණය කිරීම සඳහා සිදු කරන රසායනගාර පරීක්ෂණ.:-
උදා- UFR, UPCR/UACR,
S.Creatinine, B.urea
> එම පරීක්ෂණ සිදු කළ යුතු අවස්ථා
~~~~~~~~~~~~~~~~~~~~~~~~
- දියවැඩියාව ඇත්නම් රෝග නිර්ණ අවස්ථාවේ සහ වසරකට වරක්.
- අධි රුධිර පීඩනය ඇත්නම් රෝග නිර්ණ අවස්ථාවේ සහ වසරකට වරක්.
- CKDu රෝගය පවතින ප්‍රදේශයක ජීවත් වේ නම් වයස අවුරුදු විස්සේ සිට සෑම අවුරුදු තුනකට වරක්.(උදා:-අනුරාධපුර,පොළොන්නරුව,මහියංගනය,)
- වළලුකර නිතර ඉදිමේ නම්.
- මුත්‍රා පෙණ සමඟ පිටවේ නම්.
- මුත්‍රා සමඟ රුධිරය පිටවේ නම්
- මුත්‍රා ගල් සම්බන්ධ රෝග ඉතිහාසයක් ඇත්නම් රෝග නිර්ණ අවස්ථාවේ සහ වසරකට වරක්.
- මුත්‍රා පිට කිරීමට අපහසුතාවයක් ඇත්නම්.
- පවුලේ CKD රෝගියෙකු ඇත්නම්.
- නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවේ නම්.
- රුධිර Na+, K+ , Ca2+ ලවණ වල වෙනස්කම් ඇත්නම්
- දීර්ඝ කාලයක් වේදනා නාශක හෝ ආයුර්වේද ඖෂධ පානය කර ඇත්නම්.
- ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝග ඇති අය(උදා:-SLE, APLS).මේ රෝග සුලබවම ඇතිවෙන්නේ කාන්තාවන්ට නිසා වසර දෙක තුනකට වරක් වත් පරීක්ෂා කිරීම වැදගත්.
- කෘමිනාශක,වල්නාශක සමඟ සමීපව වැඩි කලක් වැඩ කරන අය.
- මී උණ, සෙංගමාලය වැනි අක්මා රෝග වැළදුණු අය.
- උපතින්ම එක වකුගඩුවක් පමණක් ඇති,අශ්ව ලාඩමක හැඩයට වකුගඩු පිහිටා ඇති හෝ වකුගඩුවක් ශ්‍රෝනි කුහරය තුළ පිහිටා ඇති අය.
> කාලික වකුගඩු රෝග වළක්වා ගැනීමේ පියවර නවය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
1.) රුධිර පීඩනය සාමාන්‍ය පරාසයේ පවත්වා ගැනීම (