26/11/2021
වෙන්වීමේ කාංසාව - Separation Anxiety Disorder (SAD )
තමන්ගේ ඉතා සමීප සබඳතා බිඳ වැටීම හේතුවෙන් කුඩා දරුවන් හා නව යොවුන් වියෙහි දරුවන් තුල හට ගන්නා මානසික තත්වයක් ලෙස මෙය හඳුනාගත හැක.
එනම් දෙමාපියන් දික්කසාද වීම, අතහැර යාම, දෙමාපියන් මෙන්ම දරුවා දැඩිව ආදරය කරන කෙනෙකු මරණයට ලක් වීම, ස්වභාවික පාරිසරික අපදා හේතුවෙන් මුහුණ දිමට සිදුවන තත්වයන් නිසාත්; විශේෂයෙන් කෝවිඩ් 19 වසංගත තත්වය තුල පාසල් වසා දැමීම කරණ කොටගෙන සමවයස් යහළුවන් හා එක්ව කටයුතු කිරීමේ අවස්ථාව අහිමි වීම මෙන්ම දරුවන් වැඩිපුර ආදරය කල ගුරුවරුන් ගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවූ නිසාත් සමහර දරුවන් SAD තත්වයෙන් පෙලෙන බවට හඳුනාගෙන ඇත.
SAD තත්වයෙන් පෙලෙන දරුවන් තුල පහත ලක්ෂණ හඳුනාගත හැක.
හෘද ස්පන්දනය වේගවත් වීම.
නින්ද පිළිබඳව ගැටලු.
නින්දේදිිිි භයානක සිහින දැකිම.
නින්දේදිිිි මුත්රා පිටවීම.
තනිව නිදාගැනීමට බයක් දැනීම.
සෙල්ලම් කිරීමට අකමැත්ත දැක්වීම.
පාසල් යාම ප්රතික්ෂේප කිරීම.
තම නිවසින් පිටතට යාම ප්රතික්ෂේප කිරීම හා
චර්යාමය වෙනස්කම් ඇති විම ද පෙන්නුම් කරයි. එනම් නිතර නිතර ස්නානය කිරීම , නිතර වැසිකිළි යාම, හිසරදය, බඩකැක්කුම වැනි මනෝකායරූපී ලක්ෂණ පෙන්නුම් කරයි.
එසේම කාංසා තත්වය මගහැර ගැනීම සදහා අන්තර් ජාල ක්රීඩා වල නියැලීමට ද යොමුවන බව හඳුනාගත හැක.
මෙවැනි කාංසා තත්වයෙන් පෙලෙන දරුවන් සුවපත් කිරිිම සදහා මනෝ උපදේශනය මෙන්ම මනෝ ප්රතිකාර බෙහෙවින් උපකාරි වේ.
Call us on 0112 226 088 or 0760228181 to book an appointment.