අද අපේ රටේ ගොඩක් උදවිය ගෙවල් දොරවල් හදනවා කියලා කරන්නේ කළුගල්, ගඩොල් , සිමෙන්ති , කොන්ක්‍රීට් තියලා අව්වෙන් වැස්සෙන් බේරෙන්න හොඳට පෙනුමට දිලිසෙන්න තීන්ත ගාපු තැනක් හදන එක විතරයි. ගෙයක් දොරක් කියන්නේ ධර්මය, අර්ථය, කාමය කියන තීවර්ග සම්පත්තීන් පිරිපුන් පවුලක කැදැල්ල කියන එක අමතක කරනවා.
ගෙදර දොරේ එකිනෙකා රුස්සන, සාමය සමඟිය වැඩිවන, සුව පහසුව දනවන, ලෙඩදුක් අතුරු ආන්තරාවන් අඩු, වියපැහැදම් අඩු, ගහමරා ගැනිලි අඩු, ප්‍රේතභූත ඇල්මබැල්ම නැති, නිස්කලංක, දරුමුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු හොදින් කල හැකි කෙම්බිමක් හැටියටයි අපි ගෙවල් දොරවල් සෑදිය යුත්තේ. ගෙයක් දොරක් උනාම අම්ම තාත්තා දුව පුතා වගේම ආච්චි සීයා ඉතාම සමඟියෙන් කල්ගෙවන තැනක් විය යුතුයි.
විශ්ව ශක්තිය කැටිකල ස්වභාව ධර්මයේ උත්තම දායාදවන හිරු එළිය, පිරිසිදු වාතය, සිසිල් සුළං ධාරාවන් නියම පරිදි නිවසකට ලැබිය යුතුයි. හිරු එළිය කියන්නේ හොඳම විෂ බීජ නාශකය කියලා අපි හැමොම දන්නවා. ගෙයක් ඇතුලට නිවැරදිව හිරු එළිය ඇතුල් කර ගැනීම, ගෙයක් ඇතුලේ ඔක්සිජන් හොද මට්ටමෙන්ම පවත්වාගෙන යෑම, ගෙය ඇතුලේ වාතාශ්‍රය (Internal Air Quality), අභ්‍යන්තර සුළං ධාරාවන් (Internal Air flow ), වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය (Humidity ), අභ්‍යන්තර උෂ්ණත්වය සහ පීඩනය හරියටම පවත්වාගෙන යෑම, භාහිර පාරිසරක සාධකවල සිදුවන චලනයන්ට අනුගතවීමට ඇති හැකියාව දියුණු කිරීම මඟින් තමයි මිනිසුන්ට සුව පහසුව ජිවත් විය හැකි තැනක් නිර්මාණය කලහැකිවන්නේ. මේ සියල්ල කල හැකි වෘත්තිකයා Building Services Engineer කෙනකු පමණක් මයි. DMNA Dissanayaka Building Services Consultants ශ්‍රී ලාංකික ජන විඥාණය හඳුනා ගනිමින් ඊට අනුගතවෙමින් ; පාරම්පරික සම්ප්‍රදායික දැනුම සහ ආගමික පදනම් බැහැර නොකර ; වාස්තු විද්‍යා මුලධර්ම ( භූමි, ජල, වායු, අග්නි, ආකාශ ) සැලකිල්ලට ගෙන ; ඉංජිනේරු විද්‍යාත්මක මුල ධර්ම සමඟ කැටිකොට වඩා නිවැරදි ප්‍රායෝගික ක්‍රියාවලියක් මඟින් මිනිසුන්ට සුව පහසුව ජිවත් විය හැකි තම තමන්ගේ දෛනික කටයුතු ඉතාමත් හොදින් ඵලදායි ලෙස කලහැකි නිවාස, පාසැල් , කාර්යාල පරිසරයක් සකස්කර දීමට කටයුතු කරයි. මීට අමතරව ඉංජිනේරු ඩී.එම්.එන්.ඒ. දිසානායක විසින් ශ්‍රී ලංකාවට මුල් වරට හඳුන්වාදුන් Sick Building Syndrome සංකල්පය සහ එම තත්වයෙන් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රායෝගික ක්‍රමවේදයන් පහත පරිදි සමාජ උන්නතිය සදහා දයාද කරයි.
ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ අනේක කැපකිරිම් අපතේ නොයැවීමට ජීවිතයේ අත්‍යාවශ්‍ය කඩයීම් විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට අවශ්‍ය තීරණාත්මක ලකුණ ලබා ගැනීමට අවශ්‍ය හැකියාව ලබාදීමට නිවැරදිව සකස් කරන ලද Study room එකක් මඟින් සහයෝගය ලබා දීම
කලල අවධියේ සිට ළදරු, ළමා, නවයොවුන්, තරුණ, වැඩිහිටි,මහළු අවධිය දක්වා කායික මානසික සහ සමාජීය සෞඛ්‍ය වර්ධනයට ඔක්සිජන් සහිත කාමරයක් නිර්මාණයට සහයෝගය ලබා දීම
ලිංගික සතුට අපේක්ෂිතයන්ට එහි වින්දනයට ක්‍රීයාශීලීවීමට අවශ්‍ය ඔක්සිජන් ලබාදීමට හැකි පරිදි නිදන කාමරය ප්‍රතිනිර්මාණයට සහයෝගය ලබා දීම.
හිරු එලිය, ඔක්ෂිජන් සහිත නිවාස පරිසරයක් ඇතිකිරිම මඟින් DMNA Dissanayaka Building Services Consultants ඔබට ඔබේ නිවස තුල නිදහස, සතුට, ජයග්‍රහණය හා ජිවිතය ලබා දීමට ඇපකැප වෙන්නෙමු.