03/12/2025
❤️
වරක් මගේ මිතුරියක් මගෙන් මෙසේ විමසීය..
''ඔයා ඔයාගේ කකුල් දෙක ගැන ඇයි ඔච්චරටම වදවෙන්නේ...''
ඇය පෙඩිකියු එකකට ගිහින් එන අතරවාරයේ මගෙන් ඇසුවාය.
මම සිනාසුනෙමි. සිනාසී මෙසේ කීවෙමි
''මට මගේ දෙපා දකින හැම වෙලාවකම හිතෙනවා මම හරි වාසනාවන්තයි කියලා. ඒ හැඟීමට මම ආසයි. ඒ සතුට මට වෙන දේකින් ලබාගන්න බෑ....''
මම කීවෙමි,
දෙපාවලට ආදරය කිරීම සහ සත්කාර කිරීම විශේෂ අයට පමණක් උරුම දෙයකි.
ඒ විශේෂ අය අතර මමද ඉන්නෙමි.
❤️