MLT Sri Lanka

MLT Sri Lanka Profession of a Medical Laboratory Technologists

28/05/2025

ලොව මෙතෙක් හමුවූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දරුවකුගේ බඩෙන් සොයාගනී

ලොව මෙතෙක් හමු වූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක පිරිමි දරුවකුගේ උදරයෙන් සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා “දිනමිණ”ට ඊයේ (27) පැවසීය.

මෙම වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට එවූ සාම්පල කිහිපයක් ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී ලොව මෙතෙක් හමු වූ දිගම වඳුරු පටිපණුවා බවට සාම්පල විශ්ලේෂණයෙන් තහවුරු කර ගත් බවත් ඒ මහතා පැවසුවේය.

මෙම පටිපණුවාගේ බිත්තර බර්ටියෙල්ලා ගණයට අයත් වුවද එහි විශේෂය තහවුරු කර ගැනීම සඳහා අණුක ජීව පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් මෙම වර්ගයේ පටිපණුවෙක් දිග සෙන්ටිමීටර් 70ක් දක්වා සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට වාර්තා වී ඇති ලොව දිගම බර්ටියෙල්ලා පටිපණුවාගේ දිග සෙන්ටිමීටර් 40ක් බවත් කුරුණෑගලින් පැමිණි පිරිමි දරුවාගේ උදරයෙන් සොයාගත් පටිපණුවාගේ දිග සෙන්ටිමීටර 70ක් බවත් ඒ මහතා පැවසුවේය.

මීට පෙර බර්ටියෙල්ලා පටිපණුවන් මෙරටින් හමු වී ඇතත්, මෙම පටිපණුවා තරම් දිගු නොමැති යැයි ද මෙම පටිපණුවා ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන විශේෂයක් ද යන්න තීරණය කිරීම සඳහා ජාන පරීක්ෂණයකට යොමු කරන්නේ යැයි ද වෛද්‍ය දොළමුල්ල මහතා ප්‍රකාශ කළේය.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පරපෝෂිතවේදී අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ මහත්මිය විසින් වන අතර, පරපෝෂිතවේදී අංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතාගේ පූර්ණ සහාය මේ සඳහා ලැබී තිබේ.

සන්ධ්‍යා කරුණාරත්න

27/05/2025
24/05/2025

දරුවකුගේ කුස තුළින් අඩි 2ක් දිග පටිපණුවෙක්

ඉෂානි මාරසිංහ

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමු වූ දිගින් වැඩිම වඳුරු පටිපණුවා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදි අංශය මඟින් සොයාගෙන ඇත. මේ වඳුරු පටිපණුවාගේ දිග සෙ.මී. 70කට වඩා වැඩි වේ. මෙම පටිපණුවා සොයාගැනුණේ වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවකුගේ ශරීරය තුළිනි.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී අංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගලගේ අධීක්ෂණය යටතේ පරපෝෂිතවේදි අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ විසින් මේ පර්යේෂණය සිදු කොට ඇත. වඳුරු පටිපණුවන් ගණයට අයත් වුවද එම විශේෂය තහවුරු කරගැනීම අණුක ජීව විද්‍යාව ආශ්‍රයෙන් ඉදිරියේදී සිදු කෙරෙයි.

මේ පටිපණු විශේෂය ව්‍යාප්ත වන්නේ වඳුරන් මාර්ගයෙනි. වඳුරාගේ මලපහ සමඟ පටිපණු බිත්තරය පසට මිශ්‍ර වන අතර, පසේ සිටින මයිටාවකු විසින් මේ බිත්තර ගිලීම සිදු වේ. එවිට පටිපණුවාගේ කීට අවස්ථාව ඇති වේ. පලතුරු, කීර වැනි ආහාර සේදීමෙන් තොරව ආහාරයට ගැනීමෙන් හෝ නියපොතුවලට පස් ඇතුළු වී තිබී ශරීරගත වීමෙන් පසු එම මයිටා විනාශ වී පටිපණුවා වැඩීම සිදු වේ. වැඩිහිටි පටිපණුවාට අවුරුදු දෙකක් පමණ මිනිස් කුඩා අන්ත්‍රයේ ජීවත් විය හැකියි.

වඳුරු පටිපණුවකු ශරීරගත වී ඇත්නම් කඩින් කඩ ඇති වන පාචනය, උදර වේදනාව, අධෝමුඛ ප්‍රදේශය කැසීම, කාන්සාව, බර අඩු වීම වැනි රෝග ලක්ෂණ ඇති වේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනකුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. දින දෙකකට හෝ තුනකට වරක් පිටවන හතරැස්, ඍජුකෝණාස්‍රාකාර, දිගටි සුදු පැහැති පණු කොටස් දැකිය හැකි වේ. වඳුරන් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, නිතර යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් වඳුරු පටිපණුවන් ශරීරගත වීම වළක්වාගත හැකි බව තුෂාරා තන්තිරිගේ පැවසුවාය

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when MLT Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram