21/05/2023
සාඵල්‍යතාව සඳහා නිර්දේශ කරන විවිධ ඖෂධ :
මඳ සරු බව නිසා වර්තමානයේ බොහෝ යුවල් කායිකව මෙන්ම මානසිකව ද බොහෝ සේ පීඩා විඳින බව නොරහසකි.නමුත් අද වන විට වෛද්‍ය විද්‍යාව ලබා ඇති දියුණුවත් සමඟම මඳ සරු වීම සඳහා බලපාන බොහෝ සාධක වලට නිවැරදිව ප්‍රතිකාර ලබා ගතහොත් කිරි සිහිනය ඔබට තව දුරටත් සිහිනයක් වන්නේ නැත.
මේ නිසා බොහෝ යුවල් ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතුයි. නමුත් බොහෝ දෙනාට තමන් ලබා ගත යුතු හෝ දැනටමත් ලබා ගන්නා ඖෂධ ගැන හරියාකාර වැටහීමක් හා අවබෝධයක් නැහැ. සමහර අවස්ථා වලදී ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ද නිසියාකාර උපදෙස් ලබා දෙන්නෙ නෑ.
කාන්තාවන් සඳහා ලබා දෙන ඖෂධ වර්ග
1. බිත්තර (ඩිම්බ) සංඛ්‍යාව වැඩි වීම, මනාව වර්ධනය වීම/මේරීම, ගුණාත්මකබාවය වැඩි වීම සඳහා ලබා දෙන ඖෂධ වර්ග
මුඛ මාර්ගයෙන් (Oral) ලබා දෙන ඖෂධ :-
• Clomiphene citrate 50mg bd/tds
මාසික ශුද්ධ වීමෙන් දින 2 සිට 3 දක්වා දිනකට දෙවරක් හෝ තෙවරක්
වෙළඳ නාමයන් :- Ovimit , Corphen , Ovulet, Clomid
• Letrozole 2.5 mg once a day/ bd / tds
මාසික ශුද්ධ වීමේන් දින 3 සිට 5 දක්වා නියම කරන අයුරුන් ලබා ගත යුතුය.
වෙළඳ නාමයන් :- Letroz , Stimu-let , Letov
නික්ෂේපණ / එන්නත් මඟින් ලබා දෙන ඖෂධ
• FSH හා LH හෝමෝන එන්නත්
වෙළඳ නාමයන් - GONAL-F , IVF-M , Follistim වැනි
2. මනාව වර්ධනය වූ / මේරූ ඩිම්බ නිසි පරිදි මෝචනය වීම සඳහා
• hCG 5000 IU
වෙළඳ නාමයන් - OVIDAC , OVIDREL , IVF-C , Pubergen
3. මාසික ඔසප් චක්‍රයේ පශ්චිම භාගයේදී එනම්, ලූටීය අවදියේදී (Luteal Phase) කලලයේ පිළිසිඳ ගැනීමේ හැකියාව වැඩි කරන සහ කලලය ගර්භාෂ බිත්තියට හොඳින් අලවා තැබීම සඳහා ලබා දෙන ප්‍රොජෙස්ටරෝන් අඩංගු ඖෂධ
• වෙළඳ නාමයන් Vegeston , Susten
4. ගර්භාෂ බිත්තියේ රුධිර සැපයුම ඉහළ නැංවීමට සහ පෝෂණ තත්ත්වය වැඩි කරලීම සඳහා ලබා දෙන ඖෂධ
• Ecosprin
• Fish Oil
• Vitamin E
• Vitamin C
වැනි ඖෂධ භාවිතා වේ.
5. ඔසප් චක්‍රය අක්‍රමවත් ස්ත්‍රීන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත් වීම සඳහා ලබා දෙන ඖෂධ
Norethisterone 5mg tds
පුරුෂයන් සඳහා ලබා දෙන ඖෂධ වර්ග
1. සහ එන්සයිම වර්ග / Co-Enzymes
2. දුර්ලභ ශාක සාර වලින් නිශ්පාදිත පර්‍යේශණාත්මකව සනාථ කරන ලද ඖෂධ
3. ඇතැම් විට Clomiphene citrate වැනි ඖෂධ පෙති
සැළකිය යුතුයි
ඉහත සඳහන් ඖෂධ ලබා දෙන ප්‍රමානයන් සහ කාලය, පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ රෝග තත්ත්වය මත සෘජුවම වෙනස් වන අතර වෛද්‍ය නිර්දේශයට අනුව පමණක් ලබා ගත යුතුය.