Ceylon Acupuncture Treatment

Ceylon Acupuncture Treatment Kalubowila Acupuncture Clinic is the premier full scale acupuncture clinic and herbal pharmacy
(1)

International meet up with all my International friends.. we look forward to do some new projects  for our country. 💐💐💐💐
28/08/2025

International meet up with all my International friends.. we look forward to do some new projects for our country. 💐💐💐💐

අද (28) පෙරවරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී දකුණු කොරියානු ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හමුවීමි. ජනාධිපති අ...
28/08/2025

අද (28) පෙරවරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී දකුණු කොරියානු ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හමුවීමි.

ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙලට කොරියානු ජනරජයේ තානාපතිනිය සිය ප්‍රශංසාව පළ කළාය. විශේෂයෙන්ම දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1977 සිට මේ දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් එම කටයුතු ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා කටයුතු කරන බවත් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දකුණු කොරියාවේ අත්දැකීම් සහ තාක්ෂණික සහාය උපරිමයෙන් ලබා දීමටත් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථාවන් සඳහා කොරියානු ව්‍යවසායකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බව තානාපතිනිය ප්‍රකාශ කළාය. දූෂණයෙන් තොරවීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීමට අවස්ථාවක් උදාකර දී ඇති බව පැවසූ දකුණු කොරියානු තානාපතිනිය, විදේශ ආයෝජන කැඳවා ගැනීමට මෙන්ම විදේශීය ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට මෙම පරිසරය ඉතාමත් යෝග්‍ය බව පෙන්වා දුන්නාය.

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ මෙරට වංචාව දූෂණය නැවැත්වීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මෙතෙක් කල් පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය මාලිමා ආණ්ඩුව යටතේ අවසන් කර ඇති බවට සහතිකයක් ලබා දිය හැකි බවත් මම මෙහිදී අවධාරණය කළෙමි.

28/08/2025
26/08/2025
16/08/2025
ඉස්සර හයිවේ පහසුකම් හෝ තමන්ගේම වාහනයක යන්නට පහසුකම් නැති කාලයේ අපි අම්මාගේ ගමේ ගියේ පාරේ බස් එකේ. පාන්දරම බස් එකේ නවගමුව...
16/08/2025

ඉස්සර හයිවේ පහසුකම් හෝ තමන්ගේම වාහනයක යන්නට පහසුකම් නැති කාලයේ අපි අම්මාගේ ගමේ ගියේ පාරේ බස් එකේ. පාන්දරම බස් එකේ නවගමුවෙන් කොළඹට ගිහින් එතනින් තවත් බස් එකක හෝ දෙකක කළුතර දොඩංගොඩ නෑහින්නට යන්නේ.

ඉස්සර නෑහින්නට යනවා කියන්⁣නෙ අපි ආසා කරන ගමනක්. අම්මාගේ අයියලාගේ ගෙවල් තියෙන්නේ එකම වත්තේ. ඒ නෑහින්නේ සපුගහවත්තේ. තව මාමා කෙනෙක් හිටියේ කුරුණෑගල. ලොකු අම්මලා වඩුගම හා මොරොන්තුඩුවේ.

අම්මාගේ තාත්තා, අපේ ආතා පිලිප් පීටර් වීරසුරිය. ආච්චි අම්මා නැන්සි නෝනා රුද්රිගු. අට දෙනෙකුගෙන් යුත් පවුලේ අපේ අම්මා තමයි (පද්මා වීරසුරිය) බාලයා. වැඩිමලා හෙවත් ලොකු මාමා විලි පීටර් වීරසුරිය. ලොකු මාමාගේ නෝනා, අපේ ලොකු නැන්දා එල්.ඩී.එමි නෝනා. එයා තමයි ඉස්සර අපි ගමේ ගියාම අපිට කන්න බොන්න හදලා දෙන්නේ.

ගමේ ගියාම ලොකු මාමගේ ගෙදර තමයි අපේ නවාතැන. ඒ මහ ගෙදර තමයි ආතා හා ආච්චි අම්මා හිටියෙත්.

ඉස්සර ආතා අපේ නවගමුවේ ගෙදර එනවා මතකයි. පුංචි කොණ්ඩයක් බැඳලා සරම කමිසය ඇඳලා මහත පටියක් බැඳගෙන, කමිසයට උඩින් කෝට් එකකුත් දාගෙන, කෝට් එක පැත්තකින් තුවායකුත් දාගෙන තමයි ආතා ගමන් බිමන් යන්නේ. ගමෙන් එනකොට කැවුම් රසකැවිලි හදාගෙන තමයි අපේ ගෙදර එන්නේ. ඔහු නැතිවුණේ 1972 වගේ. යාන්තම් මතකයක් තියෙන්නේ.

ලොකු මාමාගේ දරුවෝ පස් දෙනයි. අක්කලා දෙන්නයි, අයියලා තුන්දෙනයි. (ඒ මැණිකේ අක්කා, නිල්මිණි අක්කා, අනුර අයියා, කුමාර අයියා හා ප්‍රියන්ත හෙවත් අපි ආදරයට කියන සමන් අයියා)

හමුදා සේවයේ සිටි කුමාර අයියා යුද සමයේදි රට වෙනුවෙන් දිවි පිදුවා. ලොකු මාමාත් අපේ ගෙදර එනකොට ඔහු විසින්ම කේක් හදාගෙන එනවා මතකයි. අම්මාගේ පැත්තේ නෑයෝ නෑයන්ට ආදරෙයි. ඒ නිසා අපේ බැඳීම් වැඩියි. මාමාලගේ, ලොකු අම්මලගේ දරුවොත් එහෙමයි.

පුංචි කොණ්ඩයක් බැඳපු සරමයි කමිසයයි ඇඳලා කෝට් බෑයක් දාපු අපේ ආතාගේ මුණුපුරා, වගේම අපේ ලොකු මාමාගේ හා නැන්දාගේ බාලම පුතා අද ලංකාවේ 37 වෙනි පොලිස්පති. ඒ ප්‍රියන්ත වීරසුරිය.

පුංචි කාලේ ගමේ ගියාම මහ ගෙදර එකම සාලේ අපි එක්ක පැදුරේ නිදාගත් ඔහු අද ලංකාවේ ඉහළම තනතුරක. පොලිස් කොස්තාපල් ධුරයේ සිට ඉහළටම ගිය ඔහු නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම ඵලය ලැබූ අයෙක්. ඉංග්‍රීසි පන්නයට හැඩගැසුණු පවුලකින් නොව පොළවේ පයගසා සිටින සාමාන්‍ය පවුලකින් ඔහු මතුවුණේ.

ඔහු මට වඩා මාසයකින් බාලයි. ඒත් එදා ඉඳලා මම කියන්නේ අයියා කියලා. දුටුගැමුණු රජසමයේ ඉතිහාසයට එක්ව තිබූ අපේ වීරසුරිය නම යළිත් ඉතිහාසගත කළ, අ⁣ප පවුල්වලට අභිමානයක් ගෙන දුන් චරිතයක් ඔහු. ඒ නිසා ඔහු ඇත්තට අපේ අයියාම තමයි.

මද්දුම - (ධර්ම ශ්‍රි)

©️ උපුටා ගැනීම 🌷
ධර්ම ශ්‍රී බණ්ඩාර මහතාගෙන්

I would like to wish the 37th IGP , of the Democratic Republic , Sri Lanka, Mr. Priyantha Weerasooriya, All the very bes...
14/08/2025

I would like to wish the 37th IGP , of the Democratic Republic , Sri Lanka, Mr. Priyantha Weerasooriya, All the very best in his future tasks handed over to him by the Citizens of the nation to do his duty as a Honerable Citizen and a Government Servant to the General Public... from Dr.Prasad Deshapriya, Director Kalubowila Acupancture Clinic and Director PD Entertainment (Pvt) Ltd , Media Director of Medicina Alternativa Global Consortium.💐💐💐💐

Address

44A/1, De Silva Road, Jayasamagi Mawatha, Kalubowila West, Sri Lanka
Kalubowila West
60000

Opening Hours

Monday 08:08 - 05:00
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 05:30
Thursday 08:00 - 05:30
Friday 08:00 - 05:30
Saturday 08:00 - 05:30
Sunday 08:00 - 05:30

Telephone

+94713699725

Alerts

Be the first to know and let us send you an email when Ceylon Acupuncture Treatment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Acupuncture Treatment:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram