Ayur Cure

Ayur Cure Ayurveda sounds the science of life and it deals with longevity and the physical mental health.. Ayu

Ayur Cure වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කර අද දිනට වසරක් සැපිරේ.. අපගේ සේවාවන්, ප්‍රතිකාර විශ්වාස කළ සැමට සුඛායු..හිතායු..දීඝ...
25/01/2022

Ayur Cure වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කර අද දිනට වසරක් සැපිරේ.. අපගේ සේවාවන්, ප්‍රතිකාර විශ්වාස කළ සැමට සුඛායු..හිතායු..දීඝායු..

14/10/2021

උදේ 5 ට නැගිටින්න. 🌞

බොහෝ කාර්ය බහුල මිනිසුන්ට තියෙන ගැටලුවක් තමා දවසේ පැය 24 තමුන්ගෙ කටයුතු ටික කරගන්න මදිවීම. ඒකට හොඳ සූත්‍රයයක් රොබින් ශර්මා 5 AM Club පොතේ ලියල තියෙනවා. (පුළුවන් නං පොත හොයාගෙන කියවන්න.) ඔබට දවස දිගු වෙලා දැනේවි. ඒ වගේම ඉර පායන්න ඉස්සල්ලා නැගිට්ටම හම්බවෙන සෞඛ්‍ය ප්‍රතිලාභයයි, උද්‍යෝගීමත්භාවයත් ලැබේවි.

#පිටු 50 ක් කියවන්න 📚

සාමාන්‍යයෙන් රාත්‍රි ආහාරයෙන් පසු අඩු තරමින් පැය දෙකක් යනකං වත් නින්දට යන්න එපා කියන සෞඛ්‍ය විශේඥයන්ගෙ මතයට ගරු කරන්න. රාත්‍රි නින්දට පැයකට කලින් රූපවාහිනී තිර, පරිඝණක තිර, ස්මාට් ෆෝන් තිර වලින් ඈත්වීම බාධා නැති නින්දකට මඟ පාදනවා. ඒ වෙලාව කියවන්න පාවිච්චි කරන්න. ඔබ ඉන්න ප්‍රදේශයක පුස්තකාලයක සාමාජිකත්වය ගන්න. එහෙම නැත්තං වැටුප් ලබන අයෙක් නම් මාසෙකට පොතකට, දෙකකට මුදලක් වෙන් කරන්න. (ඔබ දවසකට පිටු 50 ගානෙ දවස් 300 ක් කියෙව්වොත් පිටු 15,000 ක් කියවලා වසර අවසානයේ) ඒක සාමාන්‍යයෙන් පොත් 50 ක් විතර. ඒ පුරුද්ද ඔබව මානසිකව ස්ථාවර කරනවා වගේම දැණුමෙන් පොහොසත් කරනවා )

#දවසකට Green Tea තුන හතරක් බොන්න. ☕

අපි ගන්න ආහාර වල ඇති විෂ ඉවත් කරන්න හොඳම ප්‍රති ඔක්සිකාරකයක් ග්‍රීන් ටී. ඒ වගේම ඒකෙන් සීනි ඇඟට එන්නෙත් නෑ. ( දිගුකල් ජීවත් වන ජපානයේ ඔකිනාවා වැසියන් දවසකට ග්‍රීන් ටී පහක් වත් බොනවා )

#අවුරුද්දකට චිත්‍රපටි තුන හතරක් වත් බලන්න. 🎥 🎥

පුළුවන් හැම වෙලාවකම සිනමා ශාලාවකට ගිහිංම චිත්‍රපට බලන්න. ගෙදර tv එකේ වගෙ advertisement නැතුව, බාධක නැතුව චිත්‍රපටය රස විඳින්න. අපේ සිනමා ශාලාවල බලන්න බැරි ලෝකෙ උසස් චිත්‍රපට අන්තරජාලයෙන් බාගත කරගෙන නරඹන්න. ( දරුවන්ව චිත්‍රපට බලන්න හුරු කරවන්න )

#සංගීතයට සවන් දෙන්න. 🎶 🎶

සිත නිවන සංගීතයට සවන් දෙන්න. යුරෝපීයන් සිංදු අහනව වෙනුවට බීතෝවන්, මොසාට්, බාක් වගේ සංගීතඥයන්ගේ සංගීත කණ්ඩ වලට නිරන්තරව සවන් දෙනවා. ( අපි බිව්වම හයියෙන් සිංදු කිව්වට එයාලා වයින් වීදුරුවක්, මධු විතක් තොලගාන්නෙ ඒ වගෙ සංගීතයකට සම වැදෙමින් ) අමරදේව, විකටර්, නන්දා වගෙ මධුර හඬවල් වලට සවන් දෙන්න. ඔබට මානසික ආතතියෙන් මිදෙන්න වෛද්‍යවරුන් සොයා යන්න ඕන වෙන එකක් නෑ.

#ස්වභාවික ආහාර වලට යොමු වෙන්න. 🌳

කෑම පිඟාන වර්ණවත් කරගන්න. ඒකෙ කොළ, දුඹුරු, කහ, රතු වගෙ පාට තියෙනවනං හොඳ ආහාර වේලක්. එළවළු පුළුවන් තරං තම්බලා ආහාරයට ගැනීම නවත්තන්න. කුළුබඩු වලින් ආහාරය රසවත් කරගන්න. ( කිසිම විටක ආහාර රසවත් කරන කෘතිම කැට පාවිච්චි කරන්න එපා) මේ ලෝකෙ තියෙන හොඳම කුළුබඩු තියෙන්නෙ අපිට. ඒවම පාවිච්චි කරන්න. ( බොහෝ කුළුබඩු පිළිකා ඇතිවීම වලක්වනවා) ආහාර වලට වැඩිපුර මාළු එකතුකර ගන්න. ( ලොව වැඩිම කාලයක් ජීවත්වන ජපානයේ ඔකිනාවා වැසියන්ගෙ ප්‍රධාන ආහාරයක් තමා බලයා, කෙලවල්ලා කියන්නෙ) අපි ඉතිං එක දවසක් කෑවොත් ඌෂ්ණයි කියලා අනිත් දවසෙ කන්නෙ නෑ. අලුත් අවුරුද්දෙදි කෑමෙදි සුදු බත් වෙනුවට රතු බතුත්, වැඩියෙන් එළවළු, අල වර්ග, ඇට වර්ග වලට තැනක් දෙන්න. පුළුවන් නං සතියට දවසක් එළවළු විතරක් ආහාරයට ගන්න. එක දවසකට Vegetarian වෙන්න. ( එදාට සෝයාමීට් කන්න එපා.ඒක හොඳ ආහාරයක් නෙමෙයි )උත්සහ කරන්න මාස දෙක තුනකට වතාවක් එක දවසක් සම්පූර්ණයෙන්ම පළතුරු වලින් ජීවත්වෙන්න.

#ව්යායාම කරන්න 🏃 🧘🏃🚶

දවසකට ඔබට, මට මෙන්ම බිල් ගේට්ස් ටත් පැය 24 යි තියෙන්නෙ. ගේට්ස් අපට වඩා අතිශයින් කාර්ය බහුල උනත් ඔහු දවසකට පැයක් exercise කරනවා. ඔබට gym එකකට යන්න පුළුවන් නං යන්න දෙපාරක් හිතන්නෙ නැතිව. බැරිනං යෝග පංතියකට ගිහිං මාස පහ හයක් ඒකෙ මූලික තාක්ෂණික කරුණු ඉගෙන ගන්න. ඊට පස්සෙ ගෙදර ඉඳං කරන්න. කුඩා ඉඩක් හොඳටම ඇති. උපකරණයකට කියලා අවශ්‍ය වෙන්නෙ මැට් එකක් විතරයි බිමට එලා ගන්න. යෝග කියන්නෙ ලොව හොඳම ව්‍යායාම වලින් එකක්. ඇවිදින්න, දුවන්න පහසුකම් තියෙනවනං ඒකත් හොඳටම හොඳයි.

මම ඉන්දියාවෙදි දැක තියෙනවා සාරිය ඇඳලා, නයිකි සපත්තු දාලා ඇවිදින කාන්තාවන්. හොඳින් හිතන්න. ඔබ දත් මදින්න දවසකට අනිවාර්යයෙන් ම වෙලාවක් වෙන් කරනවා. නමුත් දතක් දෙකක් නෙමේ, දත් සියල්ල නැතිවත් අපට ජීවත් වෙන්න පුළුවන්. ඒත් ඔබට හෘදය වස්තුව නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් අපි දවසකට දත්වලට දෙන වෙලාව හෘදයට දෙනවද ? අන්තර්ජාලයට ගිහිං ව්‍යායාම පාඩම් ඉගෙන ගන්නත් පුළුවන්.

උදාහරණයක් විදියට Shiatsu, Qigong, Tai chi, Radio taiso වගේ පෙරදිග සරල ව්‍යායාම ඔබට පහසුවෙන් ඉගෙන ගෙන පහසුවෙන් කරන්න පුළුවන්.

#පළතුරු ආහාරයට ගන්න 🍇🍐🍉🍓🍌🍋🍍🍎🍏🥑🥑🥑🥑

අපි නිවර්තන කලාපීය රටක් විදියට පළතුරු වලින් පොහොසත් රටක්. කාලෙන් කාලෙට ඉතා හොඳ පළතුරු අපේ රට අපට දුන්නත් අපි ඒකෙන් නියම ප්‍රයෝජනය ගන්නවද ? අඹ, දිවුල්, කොමඩු, අලිපේර, රඹුටන්, මැංගුස්, කෙසෙල් , ගස්ලබු වගෙ නහුතයක් පළතුරු අපට තියෙනවා. මෑතක කල පර්යේෂණයකින් සොයාගෙන තියෙනවා පිළිකාව පරදවන හොඳම ආහාරයක් බව මැංගුස්ටීන්. අපි ඒක ඌෂ්නයි කියලා කන්නෙ නෑ. ඇඹරැල්ලා පොත්තත් සමඟ ජූස් හදලා බීලා තියෙන අය ඒකෙ රසය දන්නවා ඇති.

නුවරඑළියෙ විකුනාගන්න බැරි තරං Strawberry හැදුනට අපි කන්නෙ නෑ ගනං කියලා. ඒ අපිම නුවරඑළියෙ සීතලට බොන්න මධුවිතට ඒ වගෙ කිහිප ගුණයක් වියදම් කරනවා. අලි පේර ලෝකයේ හොඳම පළතුර ලෙස සැලකෙනවා. අපේ උඩ රට පළාත්වල ළමයි අලිපේර වලින් cricket ගහනව ඒවා හැදෙන කාලෙට. දිනපතා ඔබේ ආහාරයට පළතුරු එකතුකර ගන්න. අවශ්‍ය විටමින් ටික ඒකෙන් ලැබෙනවා.

#එළිමහනේ ඉන්න. 🏖️️🏞️🏜️
ලොව සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නෙ ෆින්ලන්තයෙ. එයාලා නිතර එළිමහනෙ ඉන්න ජාතියක්. පාක් එකකට, මුහුදු වෙරළකට යන්න පුළුවන් කමක් තියෙන හැම වෙලාවෙම යන්න. දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ එක රහසක් තමයි හොඳින් හිරු එළියට නිරාවරනය වීම. හිරු අපට අවශ්‍ය විටමින් විතරක් නෙමෙයි ජීවය, උද්‍යෝගයද සපයනවා. හිරු නැගීම, බැසීම නැරඹීමත් හරිම අපූරුයි.

#සිනාසෙන්න 😊😋😍😃

Laughter the best medicine කියල කියනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම හිනාවෙන්න. යුරෝපයෙ විතරක් නෙවි, ඉන්දියාවෙ පවා laughing clinics තියෙනවා දැං. අපිට හිනාවෙන්න කොච්චර අමතක වෙලාද කිව්වොත් clinic ගිහිං හිනාවෙන තත්වයකට ඇවිත් අපි. පුලු පුළුවන් වෙලාවට චාලී චැප්ලින්, Mr. බීන් වගෙ චරිතත් එක්ක ආශ්‍රය කරන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න.

#ඔබේදෙපා පාවිච්චියට ගන්න. 🚶🚶🚶🏃

ලොව දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ තවත් රහසක් තමා ඒ. එයාලා හොඳින් ඇවිදින අය. ව්‍යායාමය ට විතරක් නෙමෙයි, කාර්යාලයෙ මහලකින් මහලකට යන්න, ගෙදර ඉඳං කඩේට යන්න වගෙ දේවල් වලට දෙපාම පාවිච්චි කරන්න. පුළුවන් නං කොච්චර පියවර තියනවද කියල හොයාගන්න පුළුවන් ගැජට් එකක් ඔරලෝසුව වෙනුවට පාවිච්චියට ගන්න. ඒක ඔබව motivate කරනවා ඇවිදින්න.

#ස්වභාවිකවතුර බොන්න.

හැකියාවක් තියෙනවනං නළ ජලය වෙනුවට, ෆිල්ටර් ජලය වෙනුවට ස්වභාවික උල්පත් ජලය බීමට ගන්න. පර්යේෂණ ඔප්පු කරලා තියෙනවා ස්වභාවික ජලය මිනිස් සිරුරට ඉතා ගුනදායකයි කියලා. උදේ නැගිට්ට ගමන් වතුර (අඩු තරමින් ලීටර බාගයක් වත් ) පානය කරන්න. තේ හෝ කෝපි බොනවා නං ඊට පැය බාගෙකට පස්සෙයි. දවස පුරා තිබහ එන්නෙ නැතුවම වතුර බොන්න. දවස අවසානයේ ලීටර හයක් වත් බීලා තියෙන්න ඕන.

#සුවසේනිදන්න 🛌🛌🛌🛌🛌

අඩු තරමින් දවසකට පැය හයක් (6) නොකඩවා ලැබෙන නින්දක් මනුෂ්‍යයෙකුට අවශ්‍යයි. පිරිසිඳු වාතාශ්‍රය තියෙන තද කළුවර කාමරයක නිදියන්න. රාත්‍රි ආහාරය කලින් අරන් පැය දෙකකට පස්සෙ රාත්‍රි 11 ට කලින් නිදන්න පුළුවන් නං අගෙයි. මේ සටහනේ පෙර කිව්වා වගෙ නිදන්න පැයකට කලින් විද්‍යුත් තිරවලින් ඈත්වෙන්න. පුළුවන් තරං මනස නිරවුල් කරගන්න නිදන්න කලින්.

#ලස්සනටඅඳින්න 💃👯🕴️

කාන්තාවක් උනත්, පිරිමියෙක් උනත්, කුමන වෘතියක යෙදුනත් පිළිවෙලකට අඳින්න. ඒකට ටයි, කෝට් දාන්න ඕනම නෑ. මාක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හරිම සරල ඇදුම් ඇඳි මිනිස්සු. ඔබ තෝරා ගන්නා ඇඳුම්වල වර්ණයන් තවත් කෙනෙක් තුල යහපත් හැඟීමක් ඇත් කරනවා නොඅනුමානයි. දිනපතා ඔපදැමූ පාවහන් පලඳින්න. පිරිසිදුව අඳින්න. හොඳ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න. හොඳට ඇන්දහම එන ආත්ම විශ්වාසයේ feeling එක විඳින්න.

#ඇවිදින්න 🚶🏕️🗻🏞️🏔️🌍

මේ ව්‍යායාමය පිණිස නෙමේ. සංචාරකයෙක් වෙලා ඇවිදින්න. රටේ ස්වභාවික සුන්දරත්වය, පෙර රජවරු කල නිර්මාණ, ගරා වැටුන විහාරස්ථාන, මුහුදු වෙරළ, කඳු, දියඇලි, වනාන්තර වලට යන්න. ඔබ වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ඉන්න කොට දවස් කීපයකට වනාන්තරයට හෝ කඳුකරයට යන්න. ඒවයෙ තියෙන ශක්තිය ඇඟට ඇතුල් කර ගන්න. වැඩ කරන කෙනෙක් නං තියෙන නිවාඩු ඔක්කොම ගන්න. නිවාඩු තියෙන්නෙ මිනිස්සුන්ට ඒවා අවශ්‍ය නිසා. අවුරුද්ද අන්තිමට ඒවා ඉතුරු කරලා මං නිවාඩු අරගෙන නෑ කියන්න එපා.

දවසට පැය 8 ගානෙ සතියට පැය 40 ක් වැඩ කරන්න. වැඩ කරද්දි සම්පූර්ණ ශක්තිය යොදවන්න. ඔබේ ආදායම ලබාදෙන රැකියාවට 100% ක් දෙන්න. හැබැයි නිවාඩුත් ගන්න. ඒ නිවාඩුවෙන් ගන්න ශක්තිය ඔබව තව මාස කිහිපයකට ශක්තිමත්ව තබනවා. හැමවිමට refresh වෙන්න. යාල, විල්පත්තුව, උඩවලව, වස්ගමුව, හෝටන් තැන්න වගේ වනෝද්‍යාන ඇතුලත තියෙන නිවාස වෙන් කරගෙන දවසක් දෙකක් ඉන්න. ඩෙල්ෆ්ට්, බත්තලංගුණ්ඩුව වගෙ දූපතක රැයක් ගත කරන්න. කඳු මුදුනක කූඩාරමක දවසක් ගත කරන්න.

#බයිසිකලයක්ගන්න.

බයිසිකලයක් කියන්නෙ මෝටරයක් තියෙන එකක් නෙවි. පාපැදියක්. ජපානය වගේම යූරෝපයත් බයිසිකලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජාතීන්. නිවාඩු දවසට හැතැම්ම දහයක් දොලහක් සයිකල් පදින්න. ඒක හොඳම ව්‍යායාමයක්.

නැතුවම Master කෙනෙක් වෙන්න.

ඉස්සෙල්ලත් කිව්වා සතියකට පැය 40 ක් ඔබේ රස්සාවට දෙන්න කියලා. ඔබ කරන්නෙ රැකියාවක්ද, වෘත්තීයක්ද, ස්වයං රැකියාවක්ද, රක්ෂණ නියෝජිතයෙක්ද, ගෘහනියක්ද, ඔබ කවුරුන් වුවත් කරන දෙයෙහි master කෙනෙක් වෙන්න. ලියනවනං මාර්ටින් වික්‍රමසිංහ කෙනෙක්, උයනවනං පබිලිස් කෙනෙක්, අඳුම් මහනවනං ෆවුසුල් හමීඩ් කෙනෙක් වෙන්න. තේ කර්මාන්තයේ මෙරිල් ජේ ප්‍රනාන්දු ( Dilmah) කෙනෙක් වෙන්න. ව්‍යාපාර කළමනාකරණයේ හැරී ජයවර්ධන කෙනෙක් වෙන්න.( පුද්ගලිකව මට MBA, Msc වගෙ උපාධි ගැන ලොකු ගැටලුවක් තියෙනවා) මම මාස්ටර්ස් කියන්නෙ නමට ඉස්සරින් ලියන අකුරු තුනකට නෙවි. මාස්ටර්ස් කියන්නෙ ඒ ඒ ක්ෂෙත්‍රවල ප්‍රවීනත්වයට පත්වීම. ඒක 2021 දි කරන්න බරිවෙයි සමහරවිට. හැබැයි ඔබේ හැකියාවන් ඔප් නංවා ගන්න අවශ්‍ය අවුරුදු ගනනින් එකක් තමා ඉදිරියේ එන්නෙ. ඒක අපතේ යවන්න එපා.

සතුටින් ඉන්න ✋

(උපුටා ගැනීමකි. ලිපියේ සියලු ගරුත්වය මුල් රචකයාට හිමි.)

26/09/2021

පශ්චාත් කොවිඩ් ලක්ෂණ වලින් මිදීමට
=================================

අද වන විට අසන්නට ලැබෙන තවත් වචනයක් තමයි මේ පශ්චාත් කොවිඩ් ලක්ෂණ කියන්නෙ.. සාමාන්‍යයෙන් කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝගය වැලදුන අයට මෙන්ම ලක්ෂණ කිසිවක් නොමැතිව රෝගී වූ අයටත් සුවවී දින කිහිපයකට පසුව හෝ සති කිහිපයකට පසුව පශ්චාත් කොවිඩ් ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්..

අපි බලමු මොනවද මේ පශ්චාත් කොවිඩ් ලක්ෂණ කියල (Post covid symptoms)

▶️ හුස්ම ගැනීමේ අපහසුතාව (Difficult in breathing)
▶️ සුළු වැඩක් කිරීමේ දී පවා ඇතිවන මහන්සිය (Fatigue)
▶️ කරකැවිල්ල (Dizziness)
▶️ කැස්ස (Cough)
▶️ හිසරදය (Headache)
▶️ පපුවේ වේදනාව (Chest pain)
▶️ සන්ධි හා මාංශපේශී වල වේදනාව (Joints & muscle pain)
▶️ උණ (Fever)
▶️ උදරයේ වේදනාව හා අතීසාර තත්ත්වය (Abdominal pain & diarrhea)
▶️ වමනය (Vomiting)
▶️ නින්ද නොයාම (Disturb in sleeping)
▶️ රස හා ගඳ සුවඳ දැනීමේ වෙනස්කම් (Change in taste & smell)
▶️ චර්ම රෝග (Rashes)

මෙම තත්ත්වයන් මගහරවා ගැනීමට කල හැකි දෑ අපි දැන් බලමු

🔷 ඔබට අත්‍යාවශ්‍යම දෙය විවේකයයි.. බර වැඩ කිරීමෙන් වලකින්න.. නැවත රැකියාවට යන ඔබ සෑම පැය භාගයකට වරක්ම විනාඩි 5ක් හෝ විවේක ගන්න.. අවශ්‍ය නම් කිසිවකු රහිත ස්ථානයකට ගොස් මාස්ක් ගලවා හොඳ හුස්මක් ගන්න..

🔷 අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න.. සාමාන්‍යයෙන් ඔබේ බර 10Kg කට 500ml වතුර පානය කල යුතුය..

🔷 පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම අනිවාර්යය වේ.. ඔබේ අඩු වී ඇති ප්‍රතිශක්තිය නැවත වර්ධනය සදහා එය ඉතා වැදගත් වේ.. නැවුම් එලවලු පලතුරු ආහාරයට එක්කර ගන්න.. ක්ෂණික ආහාර භාවිතය අවම කරන්න..

🔷 ලුණු කැඳ, සුප්, තැම්බුම් හොදි මගින් ආහාර අරුචිය වලක්වා ගත හැක..

🔷 ශ්වසන අභ්‍යාසවල නිරත වන්න.. ආයුර්වේදයේ යෝග වල දැක්වෙන ප්‍රාණායාම මේ සදහා ඉතා සුදුසුයි.. ඉතා පහසුම ක්‍රමයක් කෙටියෙන් දක්වන්නම්..
1. එක් නාස් පුඩුවක් වසා හොඳ හුස්මක් ගන්න (Inhale)
2. තත්පර කිහිපයක් රදවා ගන්න (Hold)
3. අනෙක් නාස් පුඩුවෙන් පිටකරන්න (Exhale)
4. නැවත එයින් ම හුස්ම ගෙන අනිකෙන් පිටකරන්න.. මෙය වාර 10ක් පමණ උදේ හවස කරන්න.. රදවා ගන්නා කාලය ටික ටික වැඩි කරන්න.. මෙය ඔබේ පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩි කරනු ඇත..

🔷 කබලේ බැදගත් කොත්තමල්ලි, වෙනිවැල්ගැට, ඉගුරු, සුදුලූණු, මද පවනේ වියලා ගත් ආඩතෝඩ කොල තම්බා පානය කරන්න.. බඩේ දැවිල්ල පවතී නම් ඉගුරු සුදුලූණු රහිතව යෙදිය හැක..

🔷 දෙහි කොල, නික කොල, ආඩතෝඩ කොල, යකිනාරං කොල ආදියෙන් මිටක් දමා හුමාලය අල්ලන්න.. නාසයෙන් ගෙන මුඛයෙන් පිටකල යුතුය..

🔷 උණුවතුරට ලුණු හා ගම්මිරිස් ඇට කිහිපයක් තලා දමා උගුර සෝදන්න..

🔷 අතීසාර තත්ත්වයන් සදහා බැදි හාල් කැද, අසමෝදගම්, සූදුරු කබලේ බැද තම්බා පානය, ජීවනී ලබාදිය හැක..

🔷 වමනයට විලද කැද ලබාදිය හැක..

🔷 කෝලශ්ලෙස්මා තෛලය බෙල්ලෙ පපුවේ ආලේප කරන්න..

🔷 හොඳ නින්දක් ලබාගැනීම ද අනිවාර්යය වේ.. මානසික සුවතාව යහපත් ලෙස පවත්වා ගැනීමෙන් නින්ද ද යහපත් වේ.. ගීත ඇසීම, පොත් කියවීම ආදී විනෝදාංශ වල යෙදීම සුදුසුයි..

🔷 සීතල වතුර බීමට හා ඇග සේදීමට ගැනීමෙන් වලකින්න.. AC භාවිතයෙන් වලකින්න..

🔷 මත්පැන් දුම්වැටි භාවිතයෙන් වලකින්න.. එය ඔබේ ප්‍රතිශක්තිය තවදුරටත් අඩු කරයි..

🔷 කොහොඹ කොල, වෙනිවැල්ගැට, අමුකහ තැම්බූ වතුරින් සේදීම මගින් චර්ම රෝග අවම කර ගත හැක.. වතුරට දෙහි බිංදු ටිකක් යොදා සේදීම ද හිතකරයි..

🔷 උණ දිනපතා සටහන් කර තබා ගැනීම හා ඔක්සිමීටරයක් ලග ඇත්නම් එය මැන සටහන් තබා ගැනීම ද වැදගත් වේ.. උණ 99°F වැඩිනම් Fever ද 102 °F වැඩිනම් High fever ද වේ.. ඔක්සිජන් මට්ටම සාමාන්‍යයෙන් 94 වඩා වැඩි අගයක පැවතිය යුතුය..

දින 3 කට වඩා උණ ඇත්නම් හෝ උණ 102 °F ඉක්මවා පවතී නම් හෝ ඔක්සිජන් මට්ටම 94 අඩු නම් හෝ පෙරකී ලක්ෂණ වල අඩුවක් නොමැති නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙන්න.. කුඩා දරුවන්ට පෙරකී ලක්ෂණ පවතී නම් ලගම රෝහලක් වෙත යොමුවීම සුදුසුයි..

මේවාට අමතරව නිවැරදි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන්න.. දෑත් සේදීම, මාස්ක් පැලදීම, පරතරය පවත්වා ගැනීම ඇතුලු වෛද්‍ය උපදෙස් පිලිපදින්න..

වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ භාවිතා කරන්න.. පශ්චාත් කොවිඩ් ලක්ෂණ සදහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නම් ලගම ආයුර්වේද රෝහල වෙත යොමුවන්න..
කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න..
සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න..
හිතායු සුඛායු දීඝායු 🙏🙏🙏

✍️✍️
ආයුර්වේද වෛද්‍ය M W D N චන්ද්‍රසිරි
BAMS (Hons) UoC

17/08/2021

වේදුව හෙවත් වාෂ්ප අල්ලන හරිම විදිහ...

ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ හා උගුර කැසීම වැනි අපහසුතා පවතී ඇති විට දෙහි කොළ, යකිනාරං කොළ, පඹුරු කොළ, බෙලි කොළ, ආඩතෝඩා කොළ, නික කොළ, මදුරුතලා කොළ, කුරුඳු කොළ වැනි ද්‍රව්‍ය වලින් (මේවා සපයාගත නොහැකි වේලාවක කපාගත් දෙහි ගෙඩි, දෙහි ලෙලි, දොඩම් ලෙලි හෝ කුරුඳු පොතු වුවද ප්‍රමාණවත්) සපයා ගත හැකි ප්‍රමාණයක් (එකක් හෝ කිහිපයක්) බඳුනකට දමා කට වසා තම්බා එයින් නැගෙන වාෂ්ප‍ය ඇල්ලීම සිදුකළ හැකිය. මෙය "වේදුව" ඇල්ලීම නම් වේ.

🔴 වේදුව අල්ලන ක්‍රමය
•••••••••••••••••••••••••••••••••••

01). හොඳින් තම්බා ගත් පසු මුට්ටිය වසා තිබියදීම තමන් අසලින් ඉදිරියෙන් කකුල් දෙක මැදින් බිම තබා ගත යුතුය.

02). මිටි අසුනක වාඩි වී වේදු මුට්ට්ය ද ආවරණය වන පරිදි රෙද්දකින් හිසේ සිට වසා ගත යුතුය.

03). මුලින් හිස කෙළින් තබා ගෙන ඇස් දෙක වසා ගෙන මුට්ටියේ වැස්ම ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. මුල් අවස්ථාවේ දී රස්නය වැඩි නම් රෙද්ද තරමක් පුළුල් කොට වාෂ්ප විසිරී යාමට ඉඩ සලසන්න.

04). වාෂ්පයේ රස්නය තමන්ට දරා ගත හැකි පමණට හිස ඉදිරියට පාත් කොට මුට්ටියෙන් නික්මෙන වාෂ්පය ප්‍රථමයෙන් මුඛයෙන් වාර 5 ක් ඉහළට ආඝ්‍රාණය කළ යුතුය. ඉන් පසු එක් එක් නාස් විවරයක් වසා වාර 5 ක් බැගින් ආඝ්‍රාණය කළ යුතුය. මෙසේ ආඝ්‍රාණය කරමින් මුඛයෙන් හුස්ම පිට කළ යුතුය.

🔵 සැලකිය යුතු කරුණු
•••••••••••••••••••••••••••••••••••

01). වාෂ්පය පිට නොවන පරිදි රෙද්ද පොරවා ගත යුතුය.

02). මෙම වාෂ්ප මුට්ටිය පෙරළීමෙන් පිළිස්සීමට ඉඩ ඇති නිසා ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය.

03). කිසි විටෙකත් මුල් වතාවේ දී මුට්ටිය අරින විට හිස එකවර පහත් නොකළ යුතුය.

04). මෙම වේදු මුට්ටිය සෑම කෙ‌නෙක් සඳහා ම අළුතෙන් සකසා ගත යුතුය.

05). කුඩා දරුවන් හෝ මහළු අයට හා යම් අසාත්මිකතා ඇති අයට මෙය වෛද්‍ය උපදෙස් අනුව පමණක් සිදු කළ යුතුය.

06). මෙය කිසිසේත්ම COVID-19 රෝගයට ප්‍රතිකාරයක් නොවේ.

07). රෝගය වළක්වා ගැනීමට සම්මත සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකොට මෙම වේදුවක් මඟින් පමණක් රෝගය වළක්වා ගැනීම සිදු කළ නොහැකිය.

08). දිනකට කිහිප වතාවක් මෙය සිදු නොකළ යුතු අතර දිනපතා සිදු කිරීම ද අවශ්‍ය නොවේ.

09). මෙය සිදුකරන අතරවාරයේ යම් ආකාරයක සැකසහිත රෝග ලක්ෂණ මතු.වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

10). තමා නොදන්නා හෝ වෛද්‍යවරුන් අනුමත නොකළ කොළ වර්ග මෙම වේදු ඇල්ලීම සඳහා භාවිතා නොකළ යුතුය.

📗 මූලාශ්‍රය :- Department of Ayurveda

🌍 Web
www.helaarana.lk
⭐ හෙළ අරණ Telegram Group
https://t.me/hela_arana

05/08/2021

මෙන්න විශේෂ නිවේදනයක්. 😷😷😷😷😷

covid virus ඒ රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලෙස දක්වා තිබෙනවා.
ආසාදනයෙන් පසු 03 වන දින සිට රෝග ලක්ෂණ මතු වේ. රෝග ලක්ෂණ ඇති දින ගණන් කිරීම ඉතා වැදගත් වේ. පළමු අදියර 01, 02 සහ 03 වන දින දක්වා
●ශරීර වේදනාව🥴
●අක්ෂි වේදනාව😵
●හිසරදය🤯
●වමනය🤮
●පාචනය🤢
●නාසය හෝ නාසික තදබදය වියෝජනය🤧
●ඇස් දැවීම😵
●මුත්‍රා කිරීමේදී පිළිස්සීම🥵
●උණ දැනීම🤒
●උගුරේ අමාරුව🤢
පරිස්සම් වෙන්න -
දියර වර්ග විශේෂයෙන් පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම වැදගත් වෙයි.
දෙවන අදියර 4 වන දින සිට 8 වන දින දක්වා.
●රසය හෝ සුවඳ නැති වීමයි.
●අවම උත්සාහයකින් තෙහෙට්ටුව පපුවේ වේදනාව ඉල ඇටය තද කිරීම.
තෙහෙට්ටුව සහ හුස්ම හිර කිරීම අතර වෙනස හුස්ම හිරවීම යනු පුද්ගලයා වාඩිවී සිටින විට කිසිදු උත්සාහයක් නොමැතිව හුස්ම හිර වීම ය.
තෙහෙට්ටුව යනු පුද්ගලයා සරල දෙයක් කිරීමට පෙළඹී තෙහෙට්ටුවට පත් වීමයි. covid 19 ඔක්සිජන් බන්ධනය කරයි.
එබැවින් රුධිරයේ ගුණාත්මකභාවය දුර්වල වන අතර ඔක්සිජන් අඩුවේ.
තුන්වන අවදිය - සුවකිරිම 09 වන දින සුවකිරීම ආරම්භ වන අතර එය 14 වන දින දක්වා පැවතිය හැකිය. මෙම නිර්දේශ තබා ගැනීම වඩා හොඳයි.
●අවම වශයෙන් පැය 07-08 ක් විවේක ගන්න. සියලුම ආහාර උණුසුම් විය යුතුය.
coronavirus ඒ පී එච් අගය 5.5 සිට 8.5 දක්වා පරාසයක පවතින බව මතක තබා ගන්න එබැවින් virus ඒ තුරන් කිරීමට අප කළ යුත්තේ වයිරසයේ අම්ල මට්ටමට වඩාත් ෂාරීය ආහාර අනුභව කිරීමයි.
●කෙසෙල් දෙහි 9.9 ක pH අගයක් පවතී.
●කහ ලෙමන් 8.2 pH අගයක් පවතී.
●අලිගැට පේර 15.6 ක pH අගයක් පවතී.
●සුදු ලූනු 13.2 pH අගයක් පවතී.
●අඹ 8.7pH අගයක් පවතී.
●මැන්ඩරින් 8.5 ක pH අගයක් පවතී.
●අන්නාසි 12.7 pH අගයක් පවතී.
●දොඩම් 9.2 pH අගයක් පවතී.
ඔබට covid-19 ඇති බව ඔබ දැන ගන්නේ කෙසේද?
●උගුර කැසීම
●වියළි උගුර
●වියලි කැස්ස
●ඉහළ උෂ්ණත්වය
●හුස්ම ගැනීමේ අපහසුතාව හා රසය නැති වීම.

මෙම තොරතුරු ඔබ වෙනුවෙන් පමණක් තබා නොකරන්න එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට ලබා දෙන්න. 🙏👍👍👍👍
Copied

ආයුර්වේද ස්පා කියා දෙයක් නැත.SPA Therapy යනු ආයුර්වේද ප්‍රතිකාරයක් නොවේ.පංචකර්ම ප්‍රතිකාර යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ...
04/08/2021

ආයුර්වේද ස්පා කියා දෙයක් නැත.
SPA Therapy යනු ආයුර්වේද ප්‍රතිකාරයක් නොවේ.
පංචකර්ම ප්‍රතිකාර යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරමය කොටසකි.
එය,

1.වමන
2.විරේචන
3.නස්‍ය
4. වස්ති
5.රක්තමෝක්ෂණ
යන පස් වැදෑරුම් ප්‍රතිකර්ම වලින් සමන්විත වේ.
මෙම පංචකර්ම ප්‍රතිකාර ඕනෑම අයෙකුට හිතුමතයේ කිරීමට නොහැකි වන අතර , එය තීරණය කරනු ලබන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසිනි.

එය රෝගියාගේ ,

1.ප්‍රකෘතිය
2.රෝග තත්ත්වය
3. වෙනත් රෝගී තත්ත්වයන්
4.පරිසර තත්ත්වය
5. සිදුකරන කාලවකවානුව
ආදී සියලු කාරණා පිළිබඳව
වෛද්‍යවරුන් විසින් මැනවින් සලකා බලා සිදු කරනු ලැබේ.
පංචකර්ම ප්‍රතිකාර ක්ෂණික ප්‍රතිකාරයක් නොවේ. ඒ සදහා ප්‍රතිකාරමය සැකැස්මක් අදාල වෛද්‍යවරයා විසින් සකස්කරනු ලබන අතර,ඒ සදහා රෝගියා සූදානම් කිරීමේදී ස්නේහ කර්ම සහ ස්වේද කර්ම සිදු කරනු ලබයි. සරල බසින් කිවහොත් තෛල අභ්‍යංගය සහ වාෂ්ප ස්වේදය සිදු කිරීමයි.
අද මෙම පූර්ව කර්ම දෙක පූරුවේ කරුමයක් බවට පත්වී ඇත්තේ ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යනු ලබන, සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින්
අධික මුදලක් අයකොට , මෙම පූර්ව කර්ම යුගල ඉතා අවිධිමත් අයුරින් කරමින් පංචකර්ම ප්‍රතිකාරය කලා යැයි රෝගීන් රැවටීම හේතුවෙනි.
එබැවින් නියම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සදහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් වෙත යොමු වීම ඉතා අත්‍යාවශ්‍ය කරුණක් බව වගකීමෙන් යුතුව පවසමි.
වෛද්‍ය කුමාරි කුමාරසේකර
( අධ්‍යක්ෂක, බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල).

18/06/2021

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Delta ප්‍රභේදය ලංකාවෙන් සොයාගැනේ?

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.

මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිලිබඳ අප ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඉහත කරුණු විමසා බලමු.
(https://www.gavi.org/vaccineswork/five-things-we-know-about-delta-coronavirus-variant-and-two-things-we-still-need)

මෙම කරුණු සාකච්ඡා කිරීමට කලින්, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

ඕනෑම වෛරසයක් ඉතා සීග්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක්. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිද්ධ වෙනවා.

Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළ ද සොයා ගැනීම අපි සියලු දෙනාම අත්දැකලා තියෙනවා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරීගිය රෝගී තත්ත්වය ම ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.

මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම Delta (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතිනවා. කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැහැ. එහෙත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනවා.

මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සන්වුර්ත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වෙනවා.

අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වෙන්න පුළුවන්. ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබට නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන කෙනෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් තියෙනවා. මේ ඔබගේ සමීපතම අසල්වැසියකු හිත මිතුරෙකු විය හැකියි.

මේ නිසා අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් ගමන් බිමන්, ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන් අනවශ්‍ය ලෙස අවදානමේ හෙලනවා වෙන්න පුළුවන්.

පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් දැනෙනවා.
මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

14/06/2021

Mask එකක් වෙනුවට Face shield එකක් පැළඳීම ප්‍රමාණවත්ද?

කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!

අපි මුව ආවරණයක් පැලඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීමයි. යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විෂබීජ සහිත කෙල බිදිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කල හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි. මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වන්නේ නෑ. මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කල යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ වසංගතයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් සියට සියයක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මේ වසංගතය පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වනවා.

05/06/2021

Address

183 Nagoda Road
Kalutara South
12500

Opening Hours

Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 15:00 - 20:00

Telephone

+94715231687

Website

Alerts

Be the first to know and let us send you an email when Ayur Cure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayur Cure:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category