29/09/2025
අග්‍රායු වෙද ගෙදර ප්‍රතිසංස්කරණය කරන ලද ධාතු මන්දිරයේ උතුම් ධාතූන් වහන්සේලා වඩා හිදවීමේ වැඩසටහන් අපගේ කල්‍යාණ මිත්‍ර පූජ්‍ය හබරකඩ ජිනවංස හිමියන්ගේ අනුශාසනා පරිදී උතුම් ධාතුන් වහන්සේලා වන්දනාවක් හා විශේෂ පූජාව කාව්‍ය ශ්‍රී කඩිහිංගල ධම්මරක්ඛිත හිමියන් විසින් පවත්වනු ලැබූ අතර පසුදින අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ජ්‍යේෂ්ඨ අනුනායක ආචාර්ය දිමියාවේ අමරවංශ අනු නා හිමියන් ,කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක දූවේගොඩ ධම්මාරාම නාහිමි, මාලේවන වෛද්‍ය විද්‍යාලයේ හා ආයුර්වේද සංකීර්ණයේ පාලකඅධ්‍යක්ෂ හිමියන් , ජපානයේ ප්‍රධාන සංඝනායක හිමියන්, ඇතුළු අපගේ ආරාධනාව පිළිගෙන කරුණාවෙන් වැඩම කල ප්‍රදේශයේ විහාරයන්හී සම්භාවනීය නා හිමිවරුන් ඇතුළු විසි නමක් පමණ මහා සංඝරත්නයේ වැඩම වීමෙන් සිදුකෙරුනි.මීට සමගාමීව සපිරිකර සහිත මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.