School of Pharmacy-Batch 2014/2016 NIHS Kalutara

School of Pharmacy-Batch 2014/2016 NIHS Kalutara This is the official page of internal pharmacy student's who have studied

12/09/2022

What is Methamphetamine???

https://www.facebook.com/112826207018549/posts/112859230348580/
22/03/2020

https://www.facebook.com/112826207018549/posts/112859230348580/

කොරෝනා අතරේ ගර්භනී මවුවරුන් වෙනුවෙන්

වෛද්‍ය නුවන් තොටවත්තව උපුටා දක්වමි

දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?
( කරුණාකර ඝර්භනී මව් වරුන්ට මේ පණිවිඩය ලබා දෙන්න. )....................................................................................

ලංකාවෙ අවුරුද්දකට උපදින දරුවන් ගනන ලක්ශ තුන හමාරක් විතර. ඕනැම වෙලාවක අපේ රටේ ඝර්භනී අම්මල එක් ලක්ශ හැත්තැපන් දාහක් විතර ඉන්නවා. තවමත් මේ අය ගෙන් හුඟ දෙනක් යන්නෙ ගමේ ක්ලිනික් එකට. මාසෙකට සැරයක් විතර තියෙන ක්ලිනික් එකේදි තමයි මේ අම්මලා සාමාන්‍ය විදිහට ඉන්නවාද එහෙමත් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද කියල හොයල බලන්නේ. එහෙම ප්‍රශ්න තියෙන සමහරුන්ට ක්ලිනික් එකෙන්ම ප්‍රතිකාර කරනවා. සමහරුන්ව ඉස්පිරිතාලෙකට යවන්න වෙනවා.

කොරෝනා අවධානමත් එක්ක රටේ සියලුම සායන නවත්තන්න වෙලා තියෙනවා. මේ වෙනකොට අම්මලගෙ ක්ලිනික් වලට ගෙන්න ගන්නෙ උවමනාම අම්මලා විතරයි.

ඔබ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් නම් මේ ගැන හරියටම දැනුවත් වෙන්න. ඔබ දන්න දරුවො ලැබෙන්න ඉන්න අම්මලාව මේ ගැන දැනුවත් කරන්න.

මොකක් හරි අවධානමක් තියෙන අම්ම කෙනෙක් මග ඇරුනොත් සමහර විට නරක දෙයක් වෙන්න පුලුවන්.

මේ තියෙන තත්වය උඩ පනිවිඩ ලබා දීමේ ගැටලු එන්න පුලුවන්. ඒ නිසා පලවෙනි දේ නිතරම තමන් ගෙ මිඩ් වයිෆ් මිස් එක්ක සම්බන්දතාවය තියාගන්න. ඔබේ දුරකතන අංකය මිස් ගාව තියෙනවද කියල බලන්න. නැති නම් දැනුම් දෙන්න

දැනට කිලින්ක් වලට ගෙන්න ගන්නෙ වර්ග කීපයක අම්මල විතරයි.

1. දරුවෙක් හම්බවෙන්න ඉන්නව කියල පලවෙනි ක්ලිනික් එකට යන අම්මල.

දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල ලියා ක්ලිනික් එකේ ලියා පදිංචි වෙලා තවම පලවෙනි ක්ලිනික් එකට ගියේ නැතිනම් ඉක්මනින් මිඩ් වයිෆ් මිස් ට කතා කරලා දිනය සහ වෙලාව අහ ගන්න. මොකද ඉදිරි කාලය සඳහා ඕන කරන ගොඩක් දේවල් පලවෙනි ක්ලිනික් එකේ දි කරගන්න තියෙන නිසා.

දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගෙන තවම මිඩ් වයිෆ් මිස් ට පනිවිඩේ දෙන්න බැරි වුනා නම් ඉක්මනින් ඒ පනිවිඩය යවන්න. ඉදිරි දින ගැන දැන ගන්න.

ඒ වගේම පෞද්ගලිකව චැනල් කරලා මේ දේවල් කරගන්නව කියල හිතාගෙන ඉන්න අම්මල වුනත්, දැනට පෞද්ගලික සේවයෙන් මේ කටයුතු කරගන්න, ගමේ ක්ලිනික් එකට නොයන අම්මලා වුනත් මේ වෙලාවෙ මිඩ් වයිෆ් මිස් ට කතා කරලා ඉදිරි කටයුතු ගැන දැනුවත් වෙන්න. මොකද මේ තියෙන තත්වයත් එක්ක පෞද්ගලික සේවාවන් කොයි තරම් හොඳින් කරගන්න පුලුවන් වෙයි ද කියලා කියන්න බෑ. එහෙමයි කියලා ඒ ඒ දවස් වලට වෙන්න ඕන දේවල් නොකර ඉන්නත් බෑ

ඊලඟ කොටස තමයි බබාට සති තිස් දෙකට වඩා වැඩි අම්මලා. ඒ නිසා හැම අම්මම තමන්ගෙ බඩට දැන් සති කීයද කියලා හරියටම දැනගෙන ඉන්න ඕන. පුලුවන් අය සති ගනන ක්ලිනික් එකෙන් දෙන මවු කාඩ් එකෙන් බලාගන්න. අනිත් අය දන්න කෙනෙක් ගෙන් අහගන්න.ඊට පස්සෙ දවසින් දවස තමන්ගෙ බඩට වයස සති සහ දවස් වලින් ගනන් හදල තියාගන්න. ගොඩක් අම්මල බඩට වයස කියන්නෙ මාස වලින්. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බෑ. හරියටම සති සහ දවස් ගාන දැන ගන්න. සති තිස් දෙක ලං වෙනකොට මිඩ් වයිෆ් මිස් ට කතා කරන්න.

ක්ලිනික් වලට යන්න ඕන අනිත් අම්මල වර්ගය තමයි සමහර රෝග තියෙන නිසා අවධානම් කියල අඳුරගත්ත අම්මල. අම්ම කෙනෙකුට :

දියවැඩියාව
ප්‍රෙශර් එක
හදවතේ මොකක් හරි ප්‍රශ්නයක්
ඇදුම හතිය වගේ හුස්ම ගැනීම සම්බන්ද ලෙඩක්

එහෙමත් නැත්තම්,

කලින් පාර දරුවෙක් ලැබෙන්න ඉඳල නැති වෙලා තියෙනවා නම්,
එහෙම නැත්නම් මල දරු උපතක් වෙලා තියෙනවා නම්
වැදෑමහේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියලා තියෙනවා නම් ,
බබා වැඩිලා මදි කියල කියලා තියෙනවා නම්,
බබා ලැබෙන්න ඉද්දි හරි කලින් බබෙක් ලැබුනට පස්සෙ හරි ලේ ගිහින් තියෙනවා නම්,
අක්මාවෙ හරි වකුගඩු වල අසනීපයක් තියෙනව කියල දැනුම් දීල තියෙනවා නම් ,
ඔබට මොකක් හරි මාන්සික ආබාදයක් තියෙනවා නම් වගේම

නිවුන් දරුවන්ලැබෙන්න ඉන්න බව හොයාගෙන තියෙනවා නම්

සති ගාන මොකක් වුනත් එහෙම අම්මා කෙනෙක් ක්ලිනික් එකට යන්න ඕන.

ගොඩක් වෙලාවට අපිට මේ වගේ අවධානම් අම්ම කෙනෙක් හොයාගන්න පුලුවන් කාඩ් එකේ අලවලා තියෙන රතු පාට ස්ටිකර් එකෙන්.

ඉතිං කවුරු හරි අම්ම කෙනෙක් ඔය කියන කාණ්ඩයක නම් ඉක්මනින් මිඩ් වයිෆ් මිස් ට කතා කරල අදාල ක්ලිනික් එකේ වෙලාව සහ තැන අහගන්න.

සමහර විට තමන් ට පුරුදු තැන ක්ලිනික් එක නැති වෙයි. පුරුදු වෙලාවට නැති වෙයි.

කොහොම උනත් එහෙම යනකොට අම්ම ඇරෙන්න පවුලේ අනික් අය ක්ලිනික් එක ට ඇතුල් නොවී ඉන්න වග බලාගන්නව නම් හොඳයි.

ඒ වගේම කිලින්ක් එකට ගිහින් ඉඳ ගන්නකොට අනික් අම්මලාට අඩි තුනක් වත් දුරින් ඉඳගන්න පුරුදු වෙන්න. ( ඈතින් තියල තියෙන පුටු ලඟට ඇදල අරගෙන කතා කර කර ඉන්න හදන්න එපා )

සායනයට ඇතුල් වෙනකොටත් පිට වෙන කොටත් අත් සෝදන්න පුරුදු වෙන්න.

පුලුවන් තරම් ඉක්මනින් තමන් ආපු වැඩේ කරගෙන ගෙදර යන්න. ( යාලු අම්මලා වැඩ ඉවරකරගෙන එනකල් ඉන්නෙ නැතුව )

බැරි වෙලාව ත් අම්ම කෙනෙක් ට උණ කැස්ස තියෙනවා නම් ඉක්මනින් ම ඒ බව මිඩ් වයිෆ් මිස් ට දැනුම් දෙන්න ඕන.

ඒ වගේම සති තිස් හය සම්පූර්ණ වෙන හැම අම්ම කෙනෙක් ම බබා දඟලන එක කාඩ් එකක සලකුනු කරන්න ඕන. ඒ නිසා සති තිස් දෙකෙන් යන ක්ලිනික් එකේ දි අමතක නොකර කාඩ් එක ඉල්ල ගන්න ඕන වගේම කාඩ් එක සලකුනු කරන විදිහත් ඉගෙන ගෙන එන්න ඕඅන.

අන්තිම කාරනාව ක්ලිනික් යන්න හරි බෙහෙතක් ගන්න හරි ඇරෙන්න වෙන කිසිම දේකට ගෙදරින් එළියට යන්න එපා.

මේ හැම දේටම උවමනා වෙන නිසා මිඩ් වයිෆ් මිස් ගෙ ටෙලිෆෝන් නොම්මරේ අමතක නොකර ඉල්ලගෙන පේන තැනක ලියල තියාගන්න. මොකද ගොඩක් වෙලාවට නොම්මරේ තියෙන්නෙ අම්ම ලඟ . ඒත් කෝල් එක ගන්න වෙන්නෙ තාත්තට හරි පවුලෙ වෙන කෙනෙක් ට හරි.

අනිතිමට කියන්න කාරනා කීපයක් තියෙනවා.

බැරි වෙලාවත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට කොරෝනා හැදුනොත් හරි හැදිලා කියලා සැක කලොත් ඒ වෙනුවෙන් කරන්න ඕන හැම දෙයක් ම මේ වෙනකොට සූදානම් කරලයි තියෙන්නෙ.

අම්මලා දරුවො ලැබෙන්න යන හැම ඉස්පිරිතාලෙකම ඒ වගේ අම්මලාව වෙන් කරලා තියාගෙන ප්‍රතිකාර කරන්න අවශ්‍ය පහසුකම් හදල තියෙනවා. ඒ නිසා ඔබට බය නැතුව රජයේ ඉස්පිරිතාලෙකට එන්න පුලුවන්.

ඒ වගේම කොරෝනා හැදුනු හරි කොරෝනා හැදිල කියලා සැක කරන කිසිම ගර්භනී අම්ම කෙනෙක් ට , දරුවෙක් ප්‍රසූත කල අම්ම කෙනෙක් ට වහේම අලුත උපන් දරුවෙක් ට ප්‍රතිකාර කරන්න කිසිම පෞද්ගලික රෝහලකට අයිතියක් නෑ. දැනට ඒ අයට ඒක නීතියෙන් තහනම්. ඒ නිසා කොරෝනා කියලා සැක නම් පෞද්ගලික රෝහල් වලට යන්න එපා.

අන්තිම කාරනාව කොරෝනා රෝගය සහ මවු කිරි දීම අතර කිසිම ප්‍රශ්නයක් නෑ, ඇත්තෙන්ම මවුකිරි ඔබේ දරුවාව කොරෝනා වලින් ආරක්ශා කරනවා. ඒ නිසා බය නැතුව මව්කිරි දෙන්න. මව් කිරි වලින් කොරෝනා බෝ වෙන්නෙ නෑ. හැබැයි අම්මට ලෙඩේ තිබුනොත් කෙල බින්දු වලින් දරුවට බෝ වෙන්න පුලුවන් නිසා

1 මාස්ක් එකක් ( මුව වැස්මක් ) දාගන්න
2 අත් සහ පියයුරු හොඳින් පිරිසිදු කරගන්න
ඊට පස්සෙ මව්කිරි දෙන්න.

මාතෲ සෞඛ්‍ය අතින් ලංකාවෙ අපි ඉන්නෙ ලෝකයේ ඉතාම ඉහල තැනක. ඒක හරිම අමාරුවෙන් හදාගත්ත තත්වයක්. කොරෝනා නෙවෙයි ඊට වඩා දෙයක් ආවත් අපිට ඒක නැති කරගන්න බෑ. ඒ නිසා මේ වෙලාවෙ මේ ගැන උනන්දුවෙන් වැඩ කරන්න. මේ පණිවිඩය ගෙනියන්න. කොරෝනා මරනයක් කියන්නෙ ජීවිතයක්. මව් මරණයක් කියන්නෙ ජීවිත දෙකක්. සමහරවිට තුනක්.

ඊයේ පොකුරු ප්‍රතිශක්තිය  ගැන ලිවූ විට කිහිප දෙනෙක් ඒ ගැන සටහන්  කර තිබුනා .මා සාමාන්‍යයෙන් කියවන එඩින්බරෝ සරසවියේ  අනුක ...
20/03/2020

ඊයේ පොකුරු ප්‍රතිශක්තිය ගැන ලිවූ විට කිහිප දෙනෙක් ඒ ගැන සටහන් කර තිබුනා .මා සාමාන්‍යයෙන් කියවන එඩින්බරෝ සරසවියේ අනුක පරිනාමය පිලිබඳ මහාචාර්ය ඇන්ඩ්රු රම්බට් ඔහුගේ ට්විටර් පණිවිඩ මාලාවේ පොකුරු ප්‍රතිශක්තිය නොදන්නා අයට ඒ ගැන පහදා දීමක් කර තිබුනා . මේ ගැන උනන්දු වන වසංගත වේදීන් නොවන හිතවතුන් වෙනුවෙන් මෙන්න ඒ කෙටි පහදා දීම සිංහලෙන්
===========================================
"වයිරසය සහමුලින්ම තුරන් නොකළ විටෙක , රටක එයට එරෙහිව ඇති පාලන ක්‍රියාකාරකම් ඉවත් කරන්නට නම් ඒ රට පොකුරු ප්‍රතිශක්ති තත්ත්වයට ලඟා විය යුතුය . නැතිනම් ඒ රාජ්‍යයට රෝගය නැවත පැමිණීමේ අවදානමක් පවතී.සුවිශේෂ
මැදිහත්වීම් නොමැති වාතාවරණයක නව රෝගීන් නවතා ලීමේ හැකියාව ඇති ප්‍රතිශක්ති මට්ටම පොකුරු ප්‍රති ශක්තිය ලෙස සැලකිය හැකිය .එලෙසම ප්‍රජාවේ ප්‍රතිශක්තිය වැඩි වෙත්ම එය රෝගයේ සම්ප්‍රේෂණ අනු පාතිකය අඩු කරයි. ඒ පාලක මැදිහත්වීම් වල අඩුවීම් වලට සමානුපාතිකවය. රෝගීන් ගේ සුව වීමේ වේගය සම්ප්‍රේෂණ වේගයට වඩා වේගවත් වූ විට වසංගතය අඩුවෙන්නට පටන් ගනී. පොකුරු ප්‍රතිශක්තිය ලඟා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ඇති වීම වයිරසයේ /රෝගයේ ලක්ෂණ හා ක්‍රියාත්මක මැදිහත්වීම් මත රඳා පවතී."

විශේෂඥ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

2020 මාර්තු 18 දින අලුත් කරන ලද COVID-19 රෝගීන් පිළිබඳ අර්ථ දැක්වීම්:ආසාදිතයෙකු ලෙස 'සැක කටයුතු' අවස්ථාවන් (𝘀𝘂𝘀𝗽𝗲𝗰𝘁 𝗰𝗮𝘀𝗲...
19/03/2020

2020 මාර්තු 18 දින අලුත් කරන ලද COVID-19 රෝගීන් පිළිබඳ අර්ථ දැක්වීම්:

ආසාදිතයෙකු ලෙස 'සැක කටයුතු' අවස්ථාවන් (𝘀𝘂𝘀𝗽𝗲𝗰𝘁 𝗰𝗮𝘀𝗲) යනු:
𝗔: කැස්ස, උගුරේ අමාරුව හෝ හුස්ම ගැනීමේ අපහසුව වැනි තීව්‍ර ස්වසන රෝගයක (acute respiratory tract infection) ලක්ෂණ සමග යම්කිසි අවස්ථාවක උණ තිබෙන/තිබුණු
+
පසුගිය දින 14 ඇතුලත ඕනෑම රටක සිට මෙරටට පැමිණි කෙනෙක්

𝗕: ඉහත රෝග ලක්ෂණ සහිත
+
𝗖𝗢𝗩𝗜𝗗-𝟭𝟵 තහවුරු වූ රෝගියෙකු හෝ රෝගය වැළඳී ඇතැයි සක කෙරෙන අයෙකු සමග පසුගිය දින 14 තුල සමීප ඇසුරක්* පැවති කෙනෙක්

*සමීප ඇසුර = එකම නිවසේ/ශාලාවේ/වැඩපළේ/වාහනයේ/උත්සවයක මිනිත්තු 15කට වැඩි වෙලාවක් රැඳී සිටීමක්

𝗖: ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයා තීරණය කරන පරිදි, සංචාරක/සංක්‍රමණික ඉතිහාසය හෝ රෝගියෙකු ඇසුරු කලාද නැද්ද යන්න නොසලකා

උග්‍ර නියුමෝනියා නිසා අවදානම්** තත්වයකින් පෙලෙන
+
වෙනත් රෝගයක් නිසා ඒ ලක්ෂණ ඇතිවී ඇතැයි සිතිය නොහැකි කෙනෙක්

**උග්‍ර නියුමෝනියා තත්ත්වය යනු මිනිත්තුවට වාර 30ට වැඩි ශ්වසන වේගයක් සහිත, ඔක්සිජන් ප්‍රතිකාර රහිතව රුධිර ඔක්සිජන් මට්ටම 90% ට අඩුව පවතින

තහවුරු වූ රෝගියෙක් (confirmed case) යනු රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව රසායනාගාර පරීක්ෂාවකින් COVID-19 ආසාදනය ඇති බව සනාථ වූ කෙනෙක්

ඉහත A, B හෝ C කාණ්ඩය යටතේ ආසාදිතයෙකු යයි සැක සහිත අයෙකු හමු වුණොත් ඔහු/ඇය රෝහලට ඇතුළු කරගෙන ලඟම ඇති ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති රෝහලට ගිලන් රථයකින් මාරු කර යැවිය යුතුයි. රෝගියා මාරු කර යැවීමට තරම් ස්ථාවර තත්ත්වයක සිටිය යුතු අතර, රෝගියා භාරගන්නා රෝහල දැනුවත් කර, අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතුයි.

ආසාදිත යයි රසායනාගාර පරීක්ෂාවෙන් තහවුරු වුණු පුද්ගලයන් සියලු දෙනා සියලු ආරක්ෂක පූර්වොපායයන් සමග ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වෙත මාරු කර යැවිය යුතුයි.

මෙම උපදෙස් සියලුම රජයේ සහ පෞද්ගලික රෝහල් සඳහා බලපැවැත්වේ.

මූලාශ්‍රය: සෞඛ්‍ය අමාත්‍යංශයේ Provisional Clinical Practice Guidelines on COVID-19 suspected and confirmed patients (http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/covid-19-cpg_march-2020-moh-sl.pdf)

Diagnosis
18/03/2020

Diagnosis

හරියට පෝලිමේ ඉන්නේ මෙහෙමයි.
18/03/2020

හරියට පෝලිමේ ඉන්නේ මෙහෙමයි.

18/03/2020
ඔබ පසුගිය සති දෙක ඇතුළත;විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී...
18/03/2020

ඔබ පසුගිය සති දෙක ඇතුළත;
විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,
Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි ස්ථානයක ගැවසුණේ නම් හෝ ඇසුරු කලේ නම්,
සිය නිවසේ දීම ස්වයං නිරෝධායනය සඳහා පහත පියවර අනුගමනය කරන්න.

1.හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න

2. අනෙකුත් නිවැසියන් සමග මීටරයකට වැඩි දුරක් පවත්වා ගන්න

3.හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.

4. නිවසට ආගන්තුකයන් පැමිණීම හැකිතාක් අවම කරන්න.

5. නිරෝධායනය වන පුද්ගලයා මෙන්ම අනෙකුත් නිවසියන්ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.

6. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න.

7. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.

9. නිරෝධායනය වන පුද්ගලයා භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න.

8. දවසට දෙවරක්වත් උෂ්ණත්ව මානයකින් ශරීර උෂ්ණත්වය මැන බලා ගන්න. ඕනෑම අවස්ථාවක දී උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ වේදනාව ඇඟපත රුදාව වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.

ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when School of Pharmacy-Batch 2014/2016 NIHS Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram