06/02/2024
අද සාකච්ඡා කරන්නෙ කාන්තාවන්ටම වැදගත් මාතෘකාවක් ගැන......
මහත්වරු හොරෙන් බැලුවොත් නෝනලාට ගිහින් කියන්ට ඕන හොදෙයි ......🤭🤭🤭
පියයුරු පිළිකා,ගැබ්ගෙල පිළිකා....
ලෝකෙ වැඩිපුරම හැදෙන පිළිකාව පියයුරු ...ගැබ්ගෙල එකත් හරිම සුලබයි....
ඉතිං කලින්ම දැනගත්තොත් බේරෙනව ,නැත්නම් දුක් විඳවල මරනය...ඒකයි මෙච්චර වැදගත්.....🎗️🎗️🎗️
ඉතිං කොහොමෙයි අපි දැනගන්නෙ...
ඔබේ පියයුරු ඔබම පරීක්ෂා කරගන්න....පියයුර කොටස් හතරකට බෙදල,වෙන වෙනම අතින් තදකරල බලද්දී ගැටිත්තක් අහු උනොත්,කැක්කුම තිබුනත්,නැතත් වෛද්‍ය වරයෙකු හමුවෙන්න....පියයුරේ හම වෙනස් වෙලා ,"දොඩම් ලෙල්ලක්"වගේ නම්,තණ පුඩුව ගිලිල නම්.....ඒවයින් ශ්රාවයකුත් එනවනම්.....කිහිල්ලෙ කුද්දැටිත් තීනෝ නම් බල බල නම් ඉන්න එපා.....
අමාරුවෙ වැටෙනව සිකුරුයි....යොමු වෙන්න වෛද්‍ය උපදෙස් වෙත...ඩොක්ට ස්කෑන් එකක් කරල හරියටම බලයි මොකද්ද කියල ....ඕන උනොත් චූටි කටුවක් ගහල පටක කොටසක් අරගෙන පරීක්ෂණය කරල ටක්කෙටම කියයි පිළිකාවක්ද කියල .....
ඒම උනොත් ඔපරේශන් කරල....කීමො තෙරපි,රේඩියෝ තෙරපි දීල ඔයාව සනීප කරයි........😊😊😊
ගැබ්ගෙල පිළිකාවක් නම්.....
මහත්තයත් එක්ක එකතු වෙද්දි ගොඩක් ම රිදෙනව නම්.....ඒ සමගම ලේ ත් එනව නම් වෛද්‍ය උපදෙස් ගන්න ම වෙනව....බඩේ වේදනාව...කෑම අරුචිය....ඇග කෙට්ටු වීම වගේ දේවල් එන්නත් පුළුවන් .....
කලින් දැනගන්න ....MOH එකේ නොමිලයේ කරන "පැප් පරීක්ෂණය "හරිම වැදගත්......අවුරුදු 35දි,45දි පවුල් සෞඛ්‍ය මිස් ඒක පහසුවෙන්ම කරල දෙනව.....කථා කරන්න එයාට .......
අවධානමක් තීනෝද කියල මේකෙන් කියන්න පුළුවන් .....චුට්ටක් වත් රිදෙන්නෙ නෑ.....ලැජ්ජ වෙන්න දේකුත් නෑ....හැම පැත්තම වහල පරිස්සමෙන් තමයි කරන්නෙ....
😊😊😊.....
ආයෙම දවසක තව කථාවකින් හමු වෙමු.....
මේව දන්න අය හිනා වෙන්න එපා ....සරලව කිව්වෙ නොදන්න අයට පහසුවෙන් තේරුම් ගන්න .....
😊😊😊❤