MOH Office - Kamburupitiya

MOH Office - Kamburupitiya public health provider

🅐 හෙට දවසේ දෙන්න යන  එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද? එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමා...
29/01/2021

🅐 හෙට දවසේ දෙන්න යන එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද?

එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි.

ලංකාව තුළ හෙට දිනයේ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

🅑 මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

මෙම එන්නත ලබා ගැනීම මගින්,
① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

③ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

🅒 මෙම එන්නත් ලබා දෙන්නේ කාටද?

මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.

මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

🅓 මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද?

‣ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

‣ ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට

‣ එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

‣ මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.

🅔 කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද?

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.

පෝෂණ සායනය...
17/09/2020

පෝෂණ සායනය...

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ pcr පරීක්ෂණ සිදුකිරීම..2020-09-14
16/09/2020

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ pcr පරීක්ෂණ සිදුකිරීම..
2020-09-14

පූර්ව ප්‍රසව සැසි..
19/08/2020

පූර්ව ප්‍රසව සැසි..

නව සුව දිවි සායනය..2020-07-30
11/08/2020

නව සුව දිවි සායනය..
2020-07-30

නාරන්දෙණිය, මලාන, සහ කරගොඩ උයන්ගොඩ 1 අත ග්‍රමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානවල අමතර ආහාර වැඩසටහන්...
30/07/2020

නාරන්දෙණිය, මලාන, සහ කරගොඩ උයන්ගොඩ 1 අත ග්‍රමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානවල අමතර ආහාර වැඩසටහන්...

කොරෝනා වලක්වන්නෙ කොහොමද..
12/07/2020

කොරෝනා වලක්වන්නෙ කොහොමද..

ඩෙංගු ව්‍යපෘතිය වර්ධනය වන බැවින් ඔබත් සැලකිලිමත් වන්න...
05/06/2020

ඩෙංගු ව්‍යපෘතිය වර්ධනය වන බැවින් ඔබත් සැලකිලිමත් වන්න...

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මාසික රැස්වීම... 2020-05-05
05/05/2020

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මාසික රැස්වීම...
2020-05-05

ඔබ දැනුවත් ද?...
30/04/2020

ඔබ දැනුවත් ද?...

කරගොඩ උයන්ගොඩ සායනය...ආරක්ෂිතව..
30/04/2020

කරගොඩ උයන්ගොඩ සායනය...
ආරක්ෂිතව..

Address

MOH Office
Kamburupitiya

Telephone

+94412292559

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Kamburupitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MOH Office - Kamburupitiya:

Share