30/08/2023
"ඉගනීමේ අපහසුතා "
සමහර පාසල් වයසේ දරුවන් හට යම් යම් අධ්‍යාපන කඩයීම් වලදී ඔවුන්ගේ වයසට වඩා අඩු අධ්‍යාපන මට්ටම් හෝ ඉගනීමේ අපහසුතා දැකිය හැක.
"ඉගෙනීමේ අපහසුතාවයක් තිබීම" යන්නෙන් අදහස් කරන්නේ සමස්ත බුද්ධියට හෝ අභිප්‍රේරණයට බලපෑමක් සිදු නොවූවත්, ඉගෙනීමේ එක් අංශයක් හෝ වැඩි ගණනකට දරුවාට අපහසුතාවයක් ඇති වීමයි.ඉගෙනීමේ අපහසුතා වඩාත් සුලභ වන්නේ කියවීම ,ලිවීම,ගණිතය,තර්ක කිරීම,සවන්දීම හා කතා කිරිමේ ගැටළු සහගත වීමත් සමගයි.
විශේෂයෙන්ම මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ඉගෙනීමේ අපහසුතා ඇති බොහෝ ළමයින් අනෙක් සියල්ලන් මෙන් බුද්ධිමත් බවයි. ඔවුන්ගේ අද්විතීය ඉගෙනුම් ශෛලියට ගැලපෙන ආකාරයට ඔවුන්ට ඉගැන්විය යුතු අතර පොදුවේ ඉගෙනීමේ අපහසුතා දැකිය හැක.
ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවෙක්ගේ ලක්ෂණ දරුවෙක්ගෙන් දරුවෙක්ට වෙනස් විය හැක .එක් දරුවෙක්ට කියවීම, ව්‍යාකරණ අපහසු විය හැකි අතර තව දරුවෙක් පොත් පත් වලට වැඩ, කියවීම සමත් වී ගණිතයට දුර්වල විය හැක.තවත් දරුවෙක්ට තව කෙනෙක් කියන දේ තේරුම් ගැනීම අපහසු විය හැක. මේ සියල්ලම ඉගෙනීමේ අපහසුතාවයන් වේ.
ඉගෙනීමේ අපහසුතා කීපයක් නම්,
Dyslexia – කියවීමේ අපහසුතා
Dyscalculia – ගණිත අපහසුතා
Dysgraphia – ලිවීමේ අපහසුතා
ඉගෙනීමේ අපහසුතා සහිත දරුවන් දැඩි උත්සාහයක් දැරුවත් විෂයක් ප්‍රගුණ කිරීමට නොහැකි වීම නිසා කලකිරීමට පත් විය හැකි අතර ක්‍රියා කිරීමට, අසරණ වීමට හෝ ඉවත් වීමට ද පුළුවන.චිත්තවේගී හෝ චර්යාත්මක ආබාධ,අවධානය අඩුකම,අධි ක්‍රියාකාරීත්ව ආබාධ (ADHD) හෝ සාංකාව වැනි දේ සමඟ ද ඉගෙනීමේ අපහසුතා ඇතිවිය හැක.ගැටලු සංයෝජනය වීමෙන් දරුවාට පාසැලේදී සාර්ථක වීමට විශේෂයෙන් අපහසු වීම නිසා සෑම තත්වයක් සඳහාම නිවැරදි ආකාරයේ රෝග විනිශ්චය කිරීම ඉතා වැදගත් වන අතර එමඟින් ඒ සෑම දරුවෙකුටම නිවැරදි ආකාරයේ උපකාර ලබා ගත හැකිය.
ඔබගේ දරුවාගේත් මෙවැනි ලක්ෂණ හෝ කතා කිරීමේ ප්‍රමාදයක් / අපහසුතාවයක් පවතී යැයි සැකයක් ඇත්නම් නම් ඉක්මනින් කථන හා භාෂා චිකිත්සකවරයකුගේ සහය ලබා ගැනිම වැදගත් වෙ.එමගින් මෙය සාමාන්‍ය භාෂා සංවර්ධනයේ අවදියක් ද නැතහොත් කථන අපහසුතාවයක්ද යන්න දැන ගැනීමට හැකියාව පවතී.
දරුවන් ගේ වර්ධනයේ සෑම අවධියකම ඉගනීමේ අපහසුතා සහිත දරුවන් ගේ ලක්ෂණ තරමක් වෙනස් විය හැකි අතර එය දරුවාගේන් දරුවාට ද වෙනස් වේ.පහතින් දැක්වෙන්නේ එවැනි ලක්ෂණ කිහිපයකි.
Let’s Talk Speech & Language Center
Kandy
0702566254