Ayurvedic - ආයුර්වේද

Ayurvedic - ආයුර්වේද We provide important health tips for your day to day life, solutions for comon health issues and ayurvedic medicine for a economical price.

25/04/2023
28/12/2021

A/L Revision
ඉංග්‍රීසි පේපරෙත් ගොඩ දා ගමු...
හිත හිත ඉන්න එපා, මේ පාර විභාගේ ලියන හැම දරුවෙක්ටම වටිනවා
දවස් දහයෙන් ඉංග්‍රීසි පේපරේට A එකක් දාගන්න තියෙන අවස්ථාවක්

ඉගෙනගන්නවනම් මෙන්න ඉංග්‍රීසි
12/11/2021

ඉගෙනගන්නවනම් මෙන්න ඉංග්‍රීසි

https://bit.ly/3okbpMd
අදින් පස්සේ I think කියන වචනේ පාවිච්චි කරන්න එපා.......
මෙන්න ඒ වෙනුවට අලුත් වඡන සෙට් එකක්ම
පොෂ් එකේ ඉංග්‍රීසි කතා කරමු

10/11/2021

https://bit.ly/3n1YHCt
English Grammar මුල ඉදන් ඉගෙන ගමු
නාම පද වලින්ම පටන් ගමු

09/11/2021

https://bit.ly/3of2wU6
Happy Birthday
Birthday එකට ඔයාගෙ Girlfriend/ Boyfriend ට මේ විදිහට Wish කරන්න

09/11/2021

https://bit.ly/302Xthe
ගුඩ් මෝනිං.... අලුත් විදිහට කියමු

14/09/2021

ආයුර්වේද ඖෂධ, ප්‍රතිකාර ක්‍රම වැනි දේ ගැන ඔබ දන්නා දේ මේ සමූහය තුළ post කිරීමට නිදහස ලබාදී ඇත.

27/08/2021

කළාදුරුවල ගුණ

ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි ශාකයකි , මෙය අප රටේ වල්පැලෑටියක් ලෙස හදුන්වමින් නිතරම විනාශකිරීමට තැත් කරයි, නමුත් මොනතරම් වල්නාශක ගැසුවත් කලාදුරු වද කිරීමට නොහැකිය, ඊට හේතුව නම් කලාදුරු ශාකයේ තිබෙන විශ නසන ගුණයයි, ඒ ගුණය නිසාම කලාදුරු අප ශරීරයේ ඇතුලත ක්‍රියා කිරීමේදීද මෙම විශ නසන ගුණය ක්‍රියාත්මක වේ, එවිට අප ශරීරයේ අක්මාවේ හා රුධිර සංසරණය පද්ධතියේ ඇති සියලු විශ හරණය කිරීම කලාදුරු වලින් සිදු කරනු ලබයි,,, එනිසාම
මෙම ශාකය සිංහල වෙදකම මෙන්ම ආයුර්වේදයේදී ද ප්‍රධානම කෂායවල් සදහා භාවිතා කරයි,

රසය = කටුක ,තික්ත , කෂාය
ගුණ = ලඝු, රූක්ෂ
වීර්‍යය = ශීත
විපාක = කටුක

කලාදුරු වල කටුක ,තික්ත ,කෂාය රසයන්ගෙන් යුක්ත වන හෙයින් කඵ හෙවත් සෙම නසයි,,, ඒ වගේම කටුක විපාක ඇති නිසාද කඵ නසන ගුණයෙන් යුක්තවේ.
ලඝු රූක්ෂ ගුණ ඇති බැවින්ද කඵ නසයි,
ශීත වීර්‍යය ඇති නිසා පිතද නසයි.

කලාදුරුවල වටිනාකම,,,,

රුධිරය පිරිසිදු කරයි,
චර්මරෝග, කුෂ්ඨ රෝග සුවකරයි
පණුවන් , දිලීර ,බැක්ටීරියා ආසාදන සුවපත් කරයි,
සියළුම රුධිර රෝග සදහා,
අක්මාව ආශ්‍රිත රෝග සදහා,
අතීසාරයට ,අජීර්ණයට
වමනයට ,කැස්ස ට
ආහාර අරුචියට
ඇදුම රෝගයට
මුත්‍රා ආසාදනයන් සදහා
අපස්මාරයට ,උණට
කුසගිනි දැල්වීමට
ආර්තව චක්‍රයේ ගැටලු සදහා , කාන්තා රෝග සදහා උපකාරී වේ.
කුරුලෑ නැති කරයි,
රූපලාවණ්‍ය සදහා පිටත ආලේප කිරීමට යෝග්‍යවේ.
පිත හා සෙම නසයි,
සියලුම අසාත්මිකතාවයන් සදහා යෝග්‍යවේ,
එමෙන්ම වේදනා නාශකයකි,,,

14/07/2021
20/06/2021

සතියකින් බර අඩු කරගමු...

අධික ලෙස ශරීර බර වැඩිවීම බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක්. Diet plans කොච්චර කලත් බර අඩු උණාට පොඩ්ඩක් වැඩිපුර කාපු ගමන් ආපහු බර වැඩිවෙනවා. සමහරවිට ගැස්ට්‍රික් වැඩි වෙනවා. ඉතින් මේ ගැටලු මගහැරගෙන බර ටිකක් අඩුකරගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද කියන්න හදන්නෙ...
මේක කෑමෙන් පමණක් සතියක් ඇතුළත කිලෝග්‍රෑම් පහක් පමණ අඩු කරන්න පුලුවන් ක්‍රමයක්. හැබැයි අවංකවම කරන්න ඕනෙ. ඒ වගේම මාසෙකට වරක්වත් මේක කරන්න ඕනෙ දිගුකාලීනව අඩු බර පවත්වාගෙන යාමට නම්.

දිනය 1
පළතුරු පමණක් ආහාරයට ගන්න... කිසිම කෙසෙල් වර්ගයක් ආහාරයට ගන්න එපා. වතුර ලීටර් 3ක් වත් පානය කිරීම අනිවාර්‍යය යි. උණුසුම් වතුර නම් වඩාත් හොදයි.

දිනය 2
ආහාරයට ගන්නෙ එළවළු පමණයි. අර්තාපල් හෝ වෙනත් කිසිම අල වර්ගයක් ආහාරයට ගන්න එපා... උණුසුම් වතුර වීදුරු 8 - 10 පමණ ගැනීම ප්‍රමාණවත්... වැඩි උණත් ගැටළුවක් නෑ..

දිනය 3
එළවලු සහ පළතුරු ආහාරයට ගන්න. උදෑසන ආහාර වේල සදහා පමණක් පොඩි අල කෑල්ලක් තම්බා ගැනීම ප්‍රමාණවත්. ඒ හැර කිසිම අල වර්ගයක් කෑමට නොගත යුතුයි. කෙසෙල් වර්ග කෑමට නොගත යුතුයි.

දිනය 4
හතරවන දැන් දිනයේ බේක් කරගත් මස්/ මාළු කෑල්ලක් සමග උදෑසනට සහ දහවල් බත් අඩු කෝප්පයක් බැගින් ගන්න... තම්බාගත් එළවළු ස්වල්පයක් එක් කරගත හැකිය... අල වර්ග තහනම්.

දිනය 5
එළකිරි වීදුරු දෙක බැගින් උදේ දහවල් සහ රාතියට ගන්න... මෙම කිරි වලට සීනි කිසිම ආකාරයකින් එක් කරගැනීම සුදුසු නොවේ... උණුසුම් වතුර වීදුරු 8කට වැඩි ප්‍රමාණයක් ගත යුතුයි.

දිනය 6
බේක් කල මස්/මාළු පෙත්තක් සමග තක්කාලි 🍅 ගෙඩි හයක් කෑමට ගන්න... මස් හෝ මාළු වෙනුවට තම්බාගත් බිත්තරයක් උවද කෑමට ගත හැකිය. උණුසුම් වතුර වීදුරු 8කට වැඩි ප්‍රමාණයක් ගත යුතුයි.

දිනය 7
කෙසෙල් ගෙඩියක් සමග පළතුරු ස්වල්පයක් පමණක් ආහාරයට ගන්න. පළතුරු ජූස් නම් පැපොල්, පැණි කොමඩු පමණක් පානය කරන්න.

මේ ක්‍රමවේදය අනුව හතරවන දිනයේ සිට බර අඩු වීම පටන් ගන්නා අතර ඔබට කොලෝග්‍රෑන් 3 සිට 5 දක්වා අඩුකර ගත හැකියි. මීට අමතරව කිසිම ආහාරයක් නොගත යුතු අතර මත්පැන් පානය කිසිසේත්ම නොකල යුතුයි. ජලය පානය කිරීම මගින් පරිවෘත්තිය ක්‍රියාවලිය කාර්‍යක්ෂම වන අතර වැඩිපුර වතුර පානය කිරීම ගුණදායකයි. මසකට වරක් හෝ දෙකක් මෙය සිදුකිරීම මගින් ඔබට අඩුකරගත් ශරීර ස්කන්ධය ඒ ආකාරයෙන්ම පවත්වාගත හැකියි.
කෙටි කාලයක් තුළ වැඩි බර ප්‍රමාණයක් අඩුකරගැනීමේ ක්‍රම තිබෙන නමුත් අතුටු ප්‍රතිඵල භයානක විය හැකි බැවින් මෙම ක්‍රමය අත් හදා බලන්න....

තැඹිලිතැඹිලි කියන්නේ ශ්‍රී ලංකාවට ආවේනික පානයක්. තියෙනවා.  තැඹිලි වතුරේ හා ලොඳ වල පහත සංයෝග අඩංගුයි.1. පොටෑසියම්2. සෝඩිය...
20/06/2021

තැඹිලි

තැඹිලි කියන්නේ ශ්‍රී ලංකාවට ආවේනික පානයක්. තියෙනවා. තැඹිලි වතුරේ හා ලොඳ වල පහත සංයෝග අඩංගුයි.
1. පොටෑසියම්
2. සෝඩියම්
3. ක්ලෝරයිඩ්
4. මැග්නීසියම් ස්වාභාවික පැනිරසය හා
මැන්ගනීස්
5. අයඩින්
6. සල්ෆර්
7. සින්ක්
8. සෙලෙනියම්
9. කැල්සියම්
10.පොස්පරස්
11. යකඩ
12. විටමින් B,C හා ඇමයිනෝ අම්ල
13. කාබනික අම්ල

මෙම සංයෝග නිසා හදවතේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කර හිතකර මේද නිපැයුම කෙරෙන බවද දැන් අලුත්ම පර්යෙෂණයේ වලින් සොයාගෙන ඇත.

තැඹිලි වතුරෙහි තියෙන අධික ඛනිජ ලවණ නිසා හෘදයාබාධ හා අධි රුධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් බව විද්‍යාඥයන් පවසයි.

එපමණක් නොව වකුගඩුවල හා මුත්‍රාෂයේ රැඳෙන රෙඩු ඉවත් කිරීම මෙන්ම මත්පැන් පානය කරන වකුගඩු ආරක්ෂා කිරීමේ ශක්තිය මේ තැඹිලි වතුරේ ඇති අතර රෝගීන් හා වයෝවෘද්ධ අය ලබාගන්තා බර අධික ආහාර ඉක්මනින් ජීර්ණය කරවීමේ ශක්තියක් තියෙන බවත් වයසට යාම වළක්වා තරුණ තම රැක දෙන ශක්තියක්ද තැඹිලි වතුරේ ඇති බවත් දියවැඩියාව වළක්වන බවත්
මව්කිරිවල තිබෙන ෆ්ලෝරික් අම්ලය කුරුම්බා වතුරේ සහ තැඹිලි ඇති බවත් සොයාගෙන ඇත.

මළ බද්ධය මෙය අප බොහෝ දෙනෙක් නිතර නිතර පීඩා විඳින තත්වයක්. ඉක්මන් සහනයක් සඳහා මෙම විශ්වාසදායී ස්වාභාවික ප්‍රතිකාර උත්සාහ ...
21/05/2021

මළ බද්ධය

මෙය අප බොහෝ දෙනෙක් නිතර නිතර පීඩා විඳින තත්වයක්. ඉක්මන් සහනයක් සඳහා මෙම විශ්වාසදායී ස්වාභාවික ප්‍රතිකාර උත්සාහ කරන්න.

තල

පහසුවෙන් සපයා ගත හැකි තල ඇට හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මලබද්ධයට හොඳ විසඳුමකි.තල ඇටවල තෙල් සහිත සංයුතිය බඩවැල් තෙතමනය පවත්වා ගැනීම සඳහා ක්‍රියා කරන අතර, වියළි මලපහ ගැටළුවට සහ මළ බද්ධයට සහනයක් ලබා දේ. මෙවැනි ඇට වර්ග, ධාන්‍ය හෝ සලාද ආහාරයට ගැනීමේදී එකතු කරන්න, නැතහොත් ඇඹරුම් යන්ත්‍රයක අධාරයෙන් කුඩු කර කර කුළුබඩුවක් ලෙස ආහාර මත ඉසිය යුතු ය.

කෙඳි ආහාර

Fiber (කෙඳි ආහාර ) පයිප්ප පිරිසිදු කරන්නෙකු ලෙස ක්‍රියා කරයි, ඔබේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ආහාර හා අපද්‍රව්‍ය ඉවත් කර ජලය උරා ගනී. එය ඔබේ මළ වල ප්‍රමාණය වැඩි කරන අතර, ඔබේ අහාර ජීර්ණ පද්ධතියේ මාංශ පේශි අල්ලා ගැනීමට යමක් ලබා දෙයි, එවිට ඔවුන්ට පහසුවෙන් ආහාර ඉදිරියට ගෙන යා හැකිය. අවම වශයෙන් දිනකට Fiber ග්‍රෑම් 20 ත් 35 ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගැනීමට උත්සහ කරන්න. තන්තු බහුල ආහාර අතරට ධාන්‍ය වර්ග, පරිප්පු, ඕට්ස්, ආමන්ඩ්, බාර්ලි, බොහෝ එළවළු සහ නැවුම් හා වියළි පලතුරු ඇතුළත් වේ. මෙම ආහාර සියල්ලම මල බද්ධය සඳහා ඇත බෙහෙත් ලෙස හැඳින්විය හැක . ඔබ මල බද්ධයෙන් පීඩාවට පත්වුවෙක්නම් හා අතිරේක කෙඳි අහර ගන්නවා නම්, වෙනදාට වඩා ජලය පානය කිරීමට වග බලා ගන්න.

මින්ට් සහ ඉඟුරු තේ

මින්ට් සහ ඉඟුරු යන දෙකම ආහාර ජීර්ණ ගැටළු සමනය කිරීමට උපකාරී වන පිළියම් වේ. පෙපර්මින්ට් වල මෙන්තෝල් අඩංගු වන අතර එය ආහාර ජීර්ණ මාර්ගයේ මාංශ පේශි ලිහිල් කරන බලපෑමක් ඇති කරයි. ඉඟුරු යනු ශරීරයේ ඇතුළත වැඩි තාපයක් ජනනය කිරීමට හේතු වන ‘උනුසුම්’ පැළෑටියකි; ශාකමය ඖෂධ විශේෂඥයින් පවසන්නේ මෙය මන්දගාමී ආහාර ජීර්ණය වේගවත් කිරීමට උපකාරී වන බවයි. Heart MD ආයතනයේ ආචාර්ය ස්ටීවන් සිනාත්‍රා ඉඟුරු කැප්සියුල හෝ තේ ආකාරයෙන් නිර්දේශ කරයි. තේ වලදී උණුසුම් තේ වතුර පානය කිරීම මගින් අහර දිරවීම උත්තේජනය කරන අතර මල බද්ධයට සහනයක් ලබා දෙනු ඇත.

හිතකර මේද අම්ල

ඔලිව් තෙල්, ඇට වර්ග සහ අලිගැට පේර සියල්ලම සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු වන අතර එමඟින් ඔබේ බඩවැල් ලිහිසි කිරීමට සහ මලබද්ධය ලිහිල් කිරීමට උපකාරී වන බව හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රවීණයෝ පවසති. කෙඳි බහුල කොළ පැහැති හරිතයන් සහිත සලාදයක් සහ සරල ඔලිව් තෙල් ස්වල්පයක් , ගෙඩි කුඩා අතලොස්සක් හෝ පළතුරු හෝ ටෝස්ට් මත ස්වභාවික nut butter මේස හැන්දක් හොඳ විකල්ප වේ. මෙවැනි සිතකර මේද අම්ල බර අඩු කරගැනීමේ ක්‍රියාවලියට පවා උදව් වනු ඇති.

ලෙමන් යුෂ

ලෙමන් යුෂ වල ඇති සිට්රික් අම්ලය ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට උත්තේජකයක් ලෙස ක්‍රියා කරන අතර මල බද්ධයට සහනයක් ලබා දෙමින් ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට උපකාරී වේ. සෑම උදෑසනකම නැවුම් ලෙමන් යුෂ වතුර වීදුරුවකට මිරිකා ගන්න, නැතහොත් තේ වලට ලෙමන් එකතු කරන්න; මෙම ප්‍රබෝධමත් පානය ඔබේ මල බද්ධයට ස්වාභාවික පිළියමක් ලෙස ක්‍රියා කරනවා පමණක් නොව, දිනපතා වැඩිපුර ජලය පානය කිරීමට එය උපකාරී වන අතර එය ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලියටද දිගුකාලීන පිටුවහලක් වේ..

මුද්දරප්පලම්

මුද්දරප්පලම්වල ටාටරික් අම්ලය අඩංගු වන අතර (Stanford Children’s Health) එය විරේචක බලපෑමක් ඇති කරයි. තන්තු වලින් පොහොසත් වන චෙරි සහ ඇප්රිකොට්ද ඔබේ මල බද්ධය සුව කිරීමට උපකාරී වේ. බඩවැල් සුව කරන ප්‍රෝබියොටික් (හිතකර බැක්ටීරියා ) වැඩි කර ගැනීමට මෙම පලතුරු යෝගට් සමග ආහාරයට ගන්න.

07/05/2021

16/8 සවිස්තරව
සහ
wannaku method කෙටියෙන්.
මේ ලිපිය තුල තිබෙන්නේ wannaku method කෙටියෙන් සහ 16/8 උපවාස ක්‍රමය wannaku method යටතේ ප්‍රායෝගිකව යොදා ගන්නේ කෙසේද පිලිබදව විස්තර කරලා...........................................................
1 # රාතී දහයට පෙර නිදා ගන්න.උදේ පහටපෙර අවදිවන්න එපා. දවසට වතුර ලීටර දෙකක් බොන්න
2 # දවසේ වැදගත්ම ආහාර වේල රාත්‍රී ආහාර වේලයි.
බිං කලුවර වැටෙන්න කලින් දවසේ ආහාර ගෙන අහවර කරන්න. රාත්‍රී ආහාරය හැකි තරම් වෙලාසන කන්න. රාත්‍රී හතට කලින් කාලා අහවර කරන්න බලන්න.
3 # කන්නේ මොනවද..?
පිගානෙන් 20 % පමනක් ( 1/5 )පිශ්ඨය සහිත ආහාර ගන්න.
ඉතිරි 80% හොද ආහාර ලෙස හදුන්වා ඇති ආහාර ගන්න. බත් වගේ හතර ගුනයක් "හොද ආහාර" කන්න.
# පිශ්ඨය සහිත ආහාර.මුංඇට කඩල කවුපි දේශීය අල වර්ග කැරට් වට්ටක්කා අලුකෙසෙල් තම්බපු හාලේ බත්
# "හොද ආහාර"පොල්සම්බෝල,මැල්ලුම්,කහමදය සහිතව බිත්තර 3-4 ,හතු, මාලු, මස්,මීකිරි, අලිපේර,කජු ,රටකජු,බටර්,පොල්තෙල්,පිශ්ඨය රහිත එලවලු, පිශ්ඨය රහිත පලතුරු .වෙරලු, නංනං,නෙල්ලි, උගුරැස්ස.
# "හොද ආහාර" ඇති පමන කන්න. "නරක ආහාර" චුට්ටක්වත් කන්නම එපා.
# කන්න එපාම කරපු "නරක ආහාර" මොනවාද ?
සීනි, පැනි රස, පිටි, කිරි, එලවලු තෙල්, සකස් කල ආහාර,processed food.
4 # කන වෙලාව මොකක්ද ?
ආහාර වේල් දෙකක් පමනක් දිනකට පැය අටක් ඇතුලත කන්න. 16/8.......ඉතිරි පැය 16 වතුර පමනක් බොන්න...............................................................................

16/8 කියන්නේ මොකක්ද..
intermittent fasting ( )වල එන ලෝකයේ මිනිස්සු වැඩි පුරම කරන ආකාරය තමා 16/8 කියන්නේ. මෙහිදී පැය අටක් ඇතුලත දවසසේ ගන්න ආහාර ටික ගන්නවා..ආහාර වේල දෙකක් හෝ තුනක් ගන්න පුලුවන්..මුලදී ආහාර වේල් තුනක් ගන්න පුලුවන් නමුත් පසුවට ආහාර වේල් දෙකකට අඩු කරනවා නම් වඩා හොදයි.
පැය 16 ක් මුකුත් නොකා ඉන්නවා....
Water fasting.- වඩා හොදයි ඇල් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න....මොකද ඒක බොහොම සරලයි...වඩා කාර්‍යක්ශමයි..
ආහාර ගන්නා පැය අට ඔබේ රාජකාරි සහ අනෙකුත් වැඩ සමග එහා මෙහා කර ගන්න පිලිවන්.
එක පාරටම 16/8 ට යන්න අමාරුයි.මුලදී සති දෙකක් පමන 12/12 කරන්න ..( )
ඊලගට තවත් සති දෙකක් 14/10 කරන්න
( ) ඉන් පසුව 16/8 ට යන්න.
16/8 කරන ආකාර.
උදාහරන.1;
පාසැල් ගුරුවරුනට නම් ලේසිම ක්‍රමය නම් උදේ පාසැලේ විවේකය වනතුරු වතුර විතරක් බීලා ඉදලා පලමු ආහාර වේල පාසැල් විවේකයේදී අරගෙන ගෙදර ඇවිත් සවස දෙකට විතර දෙවන ආහාර වේල අරගෙන තුන්වන ආහාර වේල 6-7 විතර ගන්න පුලුවන්...මාසයකට විතරපසු ගෙදර ඇවිල්ලා කන එක නවත්තලා කෙලින්ම හවස 5-6 අතර දෙවන වේල කාලා නවත්තන්න පුලුවන්.
උදාහරන 2.
රාත්‍රී කෑමට ආසා කරන කෙනෙක්ට මෙහෙම කරන්න පුලුවන්.
11-12 අතර පලමු වේල.
සවස 6-7 අතර දෙවන වේල.
රාත්‍රී ආහාර සවස හතට වඩා ප්‍රමාද කරන එක සුදුසු නැති බවයි අපේ නම් අදහස.
එම ආහාර වේල් දෙක හොදට ඇතිවෙන්න කන්න. අඩුවෙන් කන්න එපා..කැලරි ගනන් කරන්න එපා. ඒ වගේම අතරින් පතර, අනං මනං, චුට්ට චුට්ට, දැක්ක පලියට, තිබුන පලියට කන්න එපා...
උපවාස කාලයේදී මොනවද කන්නේ...
උපවාස පැය 16 දි ඇල් වතුර "පමනක්'' බීම තමා හොදම...ඊට අමතරව තේ කහට, කෝපි ඖශදීය පාන බොන්න පුලුවන්...හැබැයි සීනි හකුරු රට ඉදි පැනි..කිරි නොදා බොන්න ඕන..
කොල කැද සහ සුප්..බොන්න එපා..
උදාහරන ;;3.
උදේට කන්න කැමතී කෙනෙක්ට මෙහෙම කරන්න පුලුවන්.
ආරම්භයේදී
පලමු ආහාර වේල උදේ 8-9 අතර
දෙවන ආහාර වේල 12-1 අතර
තුන්වන ආහාර වේල 3-4 අතර
ටික දවසක් ගියාට පසු..දෙවන ආහාර වේල අතාරින්න උනත පුලුවන්.
8-9 සහ 3-4 ආහාර වේල් දෙක පමනක් ගන්න
16/8 කාටද..?
තමුන්ගේ සෞඛ්‍යය ගැන උනන්දු වන සියලු දෙනාට 16/8 හොද ක්‍රමයක්. ඒ වගේම බෝ නොවන රෝග වලක්වා ගන්න කැමති අයට හොද ක්‍රමයක්.
ඒ වගේම පලමු වරට ලේ වල සීනි වැඩියි කිය්ලා සොයා ගත් අයට මේ ක්‍රමය මාසයක් දෙකක් උත්සාහ කරලා බලන්න පුලුවන්.
කෙට්ටු වෙන්න කැමති අයට
ඉන්සියුලින් ප්‍රතිරෝදය ආශ්‍රිත රෝග තියෙන අයට 16/8 හොදයි...ඒ කියන්නේ..කොලෙස්ටරෝල් ෆැටි ලිවර් දියවැඩියාව, අදි රුදිර පීඩනය, PCOD, රැවුල තියෙන කාන්තාවන්ට, ආර්තවයේ වෙනස්කම් තියෙන කාන්තාවන්ට, මද සරු අම්මලාට, කුරුලෑ වලට, මේ වගේ රෝග ගනනාවක් ඉන්සියුලින් ප්‍රතිරෝදය යටතේ එනවා..මේ සියල්ලටම 16/8 හොදයි.
(කෙසේ වුවත් 16/8 කියන්නේ ඔබේ රෝග වලට ගන්න බෙහෙත් නොගෙන ඉන්න මේක හේතුවක් කර ගන්න එපා..නිරතුරුව වයිද්‍ය උපදෙස් පිලිපදින්න )
16/8 හොද නැත්තේ කාටද..
තයිරොයිඩ් අසාමාන්‍යතා තියෙන අයට, අවුරුදු 18 ට අඩු ලමුන්ට, කිරිදෙන සහ ගර්භනී අම්මලා.16/8 නොකර ඉන්න.......................................................16/8 කරලා බර අඩු උනු අය දියවැඩියාව සනීප උනු අය සදහටම මේ ක්‍රමය කරන්න ඕනද..?..........................................
ඔබ රෝගී උනේ මහත් උනේ කොයි විදිහට ආහර අරගෙනද..මොනවගේ ආහර අරගෙනද...නැවත ඒ පරන ක්‍රමයට ආහාර ගත්තොත් ආපහු පරන ලෙඩ රෝග වැලදෙනවා ...නිරෝගීව ඉන්න අවශ්‍ය නම් ඔබ සුව පත්වූ ආහාර රටාව දිගටම අනුගමනය කරන්න සිද්ද වෙනවා...තීරනය ඔබේ අතේ..
ගොඩක් කල් ජීවත්වන ආකාරය ගැන පරීක්ශන කරන scientist ලා නිතර නිර්දේශ කරනවා දිනකට අනිවාර්‍යයෙන්ම යම් කාලයක් උපවාසයෙන් පසු වන්න කියලා.................................................................................
ලෙඩ නැතිව ඉදලා විතරක් මදි ශක්තිමත්ව ඉන්නත් ඕන..නැතිනම් ඔබේ සිරුර කෙසග වැහැරුනු අවලස්සන සිරුරක් වේවි..එනිසා පහල තියන ව්‍යායාම මාලාව නොවරදවා සතියට දෙවරක් කරන්න.

5 # සතියට දෙපාරක්; සදුදා සහ බ්‍රහස්පතින්දා; විනාඩි විස්සක්; හොදට මහන්සි වෙන්න; පහත සදහන් ව්‍යායාම මාලාව කරන්න..

Squat 11,
pushups 9,
rowing 9,
bridge 7.
විනාඩි විස්සට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
වැඩි විස්තර සදහා බලන්න.

Dr.Wannaku..(උපුටා ගැනීමකි. වැඩි විස්තර සදහා ඉහත උපදෙස් අනුගමනය කරන්න)

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?😱😱😱😱මාතෘකාව දැකපු ගමං ගසපු brand එක අහන්න හිතුන නේද..? 🤗🤗🤗 තාම අවුරැද්ද...
17/04/2021

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?😱😱😱😱

මාතෘකාව දැකපු ගමං ගසපු brand එක අහන්න හිතුන නේද..? 🤗🤗🤗 තාම අවුරැද්දට සෙට් උනේ නෑ...හැබැයි මේ සීන් එක ගැන කියෙවුවට පස්සෙ නං නිකම්ම බාගෙක විතර වෙරි....🙄🙄🙄

අපි හැමෝම ආසන්න වශයෙන් සතියකට බැංකු කාඩ් එකක තියන ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇඟට දාගන්නව (5g micro plastic තමයි ATM card එකකට සමාන කරල තියන්නෙ)...Australia වෙ මෑතක කරපු පර්යේෂණයකින් ආව දත්ත වලට අනුව තමයි ඒ....කාරණා බලද්දි ලංකාවෙ හැටියට ඒක බැංකු කාඩ් එකේ ඉඳං පොඩි ප්ලාස්ටික් බේසමක් වගේ වෙන්න උනත් පුළුවං සමහරක් එවුංගෙ චර්යාවෙ විදිහට..🤗🤗

දැං මේ විදිහට ප්ලාස්ටික්‍ අපි ඇඟට දාගන්නෙ plastic micro particles කියන ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර අංශු හැටියට..මේවයින් ඇඟට වෙන හානිය සුළුපටු නෑ...නොම්බර එකේ පිලිකා කාරකයක් වගේම තාම හොයා නොගත්ත ලෙඩරෝග ගොඩකට මේ plastic micro particles වග කියනව...ඇඟේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙන්නත් සෘජුවම බලපානව...
දැං බලමු මේව කොහොමද අපේ ඇඟට එන්නෙ, එහෙම නැත්තං කොහොමද අපි ගේමක් නැතුව ප්ලාස්ටික් කන්නෙ කියල...

1. Bottled water - වැඩිම ප්‍රමානයක් එන්නෙ මේකෙං තමයි...හුඟක් ප්ලාස්ටික් බෝතල් එක පාරක් විතරක් පාවිච්චි කරල විසිකරන්න හදපුවනෙ (disposable).. ලාබෙ වැඩිම කරගන්න නං ප්‍රමිතිය අඩු ප්ලාස්ටික් තමයි ගන්න වෙන්නෙ...ඒකෙදිත් බෝතලේ හැදුන ගමං උණු උණුවෙම ඒකට වතුර පිරවෙනව හුඟක් නිෂ්පාදනාගාර වල..ඊට පස්සෙ මාස ගානක් තිබිල තමයි අපේ අතට එන්නෙ..මේ බෝතල් ඉරඑලියට නිරාවරණය උනාම ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම තවත් වැඩියි...natural spring water කියල උල්පත් වල ෆොටෝ දාල තිබුනට micro plastic මිශ්‍රණයක් තමයි අපි බොන්නෙ...

2. ආහාර ඇසුරැම් - මේකනං ඉතිං කෙලවරක් නෑ...බත් කොලේ ඉඳං take away boxes, කෑම ගෙනියන පෙට්ටි, රෙජිෆෝම් පෙට්ටි වගේ ජාති තොගයක් තියනව...රත් වෙච්ච කෑම දැම්මම මේ ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම ඩබල් වෙනව...ප්ලාස්ටික් අසුරන එක්ක microwave කරන එකනං මාරාන්තිකයි කියල කියන්නෙ දැං...ප්ලාස්ටික් බෝතල්වල දාල තියන බීම ජාති (soft drinks, juices, yoghurt, ice cream, etc) වලත් සැලකිය යුතු micro plastic තොගයක් තියනව..මීට අමතරව tea bags අලවන්න ගන්න ප්ලාස්ටික් මිශ්‍ර මැලියම් උණුවතුර එක්ක පෙඟිල එද්දි, ටින් කෑම වලදි (සැමන් වගේ) කෑන් එක ඇතුලෙ ගාලා තියන තුනී plastic තට්ටුවෙන් කෑම වලට එකතු වෙන ප්‍රමාණ, ප්ලාස්ටික් ජෝගු වල වතුර උණු කරද්දි, plastic බෝතල් වල දාපු විනාකිරි, පොල්තෙල්, සෝස් වර්ග, .......මේ ලැයිස්තුවෙ කෙලවරක් නෑ...

3. අවකාශයේ තියන micro plastics - අළුත් වාහනේකට නැග්ගම එන සුවඳ, අළුත් ප්ලාස්ටික් බඩුමුට්ටු වල සුවඳ , පාරෙ යද්දි එන සුවඳවල්...මේ සේරම අර කියන අංශු තමයි නහය හරහා ඇඟට ඇතුළුවෙන...ඇඳුම් වලින් නිකුත් වෙන, අනෙකුත් ගෙදර පාවිච්චි කරන බඩු වලින් නිකුත් වෙන ප්ලාස්ටික් අංශු වලින් පිරැන අවකාශයක අපි ඉන්නෙ..මේ අංශු නහයෙන් වගේම කන බොන කෑම වල තැවරීමෙනුත් ඇඟට ඇතුල් වෙනව..

4. Salt and sea food - ලුණු සහ මුහුදු මාළු, ඉස්සො, දැල්ලො හරහා micro plastics එන්නෙ කොහොමද...? මුහුද කියන්නෙ plastic සහ polythene අපද්‍රව්‍ය වලින් දරැණුවටම දූෂණය වෙච්ච තැනක්නෙ...ලංකාව වටේට තියන මුහුදත් ඒකෙ අංක එකේ දූෂිත තැනක ඉන්නව...මුහුදු වතුරෙන් හදන ලුණු වල ප්ලාස්ටික් අංශු බහුලයි...මුහුදෙන් එන ආහාර වලත් ඒ වගේම තමයි...

මේ තියන්නෙ ප්‍රධානවම ප්ලාස්ටික් අංශු අපේ ඇඟ ඇතුලට රිංගන විදි කීපයක්..මීට අමතරව තමං කරන රස්සාව අනුව, දවස ගෙවන විදිහ අනුව මේ ප්‍රමාණ අඩු වැඩි වෙන්න පුළුවං...මේ හැම දේකින්ම මිදිල කැලෑවක ජීවත් වෙන්නත් බැහැනෙ...දැං බලමු ප්ලාස්ටික් අනුභවය අඩුම කරගන්න පුළුවං විදි ටිකක්...

- Plastic වතුර බෝතල් පාවිච්චිය අවම කරන්න...වීදුරැ/ලෝහ බෝතලේක වතුර ගෙනියන්න...

- Plastic බෝතල්වල දාපු බීම වර්ග බොන්නත් එපා...සීනි නිසා කොහොමත් හොඳ නෑ..බොන්නම ඕනෙ නං වීදුරැ බෝතලේක දාපුව බොන්න..

- වතුර රත් කරද්දි නං plastic භාජන ගන්නම එපා

- කෑම දාද්දි පුළුවං තරං වීදුරැ/ceramic/ලෝහ භාජනම පාවිච්චි කරන්න...ප්ලාස්ටික් ඇසුරැම් වල microwave කරන එක තරං භයානක වැඩක් තවත් නෑ..

- ගෙදරදොරේ පාවිච්චියටත් පුළුවං තරං අඩු plastic ප්‍රමාණයක් ගන්න...plastic කෙඳි වලින් හදපු ඇඳුම් වෙනුවට කපු ඇඳුම් අඳින්න පුළුවංනං..ඇඳුම් වලින් අපේ හුස්මට එකතු වෙන අංශු තමයි වැඩි...

- පුළුවං හැම වෙලාවෙම fasting පාරක් දාන්න...පැය 16/18/20 වගේ නං වඩා හොඳයි...fasting period එකේදි ඇඟ ඇතුලෙ සිද්දවෙන විෂ හරණය (detoxification) නිසා micro plastic සෑහෙන්න ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්..

- Cruciferous කුලයේ එලවළු (ගෝවා, broccoli , රාබු, නෝකෝල්) වලින් ඇඟ ඇතුලට එන කුනුකන්දල් පවිත්‍ර කිරීමක් කරනව...මේ එලවළු ජාති වැඩිපුර කෑමට එකතු කරගන්නත් පුළුවං...

- මුහුදු ලුණු (sea salt) වෙනුවට නිධි වලින් එන ලුණු (rock salt) පාවිච්චි කරන්න පුළුවං..හැබැයි මේක හැමෝටම ප්‍රායෝගික නෑ...මුහුදු මාළු වලට වඩා ඉස්සො, දැල්ලො, oyster වගේ කෑමවල තමයි plastic අංශු වැඩි...ඒත් අපිට තියන විකල්ප සීමිතයි...

අන්තිමටම කියන්න තියන්නෙ අපි සේරම ජීවත් වෙන්නෙ අම්බානට දූෂිත චාටර් ලෝකෙක..සුඛෝපභෝගී ගෙදරක, වාහනේක ඇතුලට වෙලා හිටියට අපිට ඒකෙන් මිදෙන්න බෑ...හුස්ම ගන්නෙ කන්නෙ බොන්නෙ ප්ලාස්ටික් ලෝකයක්...ඇහැට පේන්නෙ නැති කම විතරයි...ඇල් වතුරත් නිවල බොන, පට්ටෙට සෞඛ්‍ය සම්පන්නයි කියල හිතං ඉන්න එවුං පිලිකා රෝහල් ඇතුලට යන්නෙ මේ දේවල් නිසා තමයි...අපි ලඟම තියන හුඟක් අනතුරැ අපි දන්නෙ නෑ..මේ එකක් විතරයි...මේකෙ භයානක කම අපි හිතනවට වඩා හුඟක් වැඩියි..

ප්ලාස්ටික් අපේ ජීවිත වෙලාගෙන තියන තරමට සම්පූර්ණ ගැලවීමක් නෑ... කලිං පෝස්ට් වල වගේ දෙන්න පුළුවං strong recommendations මේකෙදි මගේ ලඟ නෑ...පට්ට අසරණයි...පුළුවං ගානකට පරිස්සං වෙමු...😌😌...මට මෙතන අහුඋනේ නැති දේවල් දන්නවනං බෙදාගන්න...👊🏾👊🏾👊🏾

වැඩි විස්තර තියන link එකකුත් දැම්ම පහලින්...

https://www.newcastle.edu.au/newsroom/featured/plastic-ingestion-by-people-could-be-equating-to-a-credit-card-a-week/how-much-microplastics-are-we-ingesting-estimation-of-the-mass-of-microplastics-ingested

උපුටාගන්නා ලදී

Microplastics have been defined as plastic particles with an upper size limit of 5 mm. Microplastics are of significant concern as they may pose a direct threat (by ingestion), or indirect threat (by acting as potential stressors or vectors of contaminants) to humans. Mismanagement of primary and se...

2020 මැයි මස 22 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?මේෂ ලග්නයඅධ්‍යාපන කටයුත්තක නිරත වන මේෂ ලග්න හිමියන්ට අද දිනය තුල තරමක් බ...
22/05/2020

2020 මැයි මස 22 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය
අධ්‍යාපන කටයුත්තක නිරත වන මේෂ ලග්න හිමියන්ට අද දිනය තුල තරමක් බාධා ඇති වන්නට පුළුවන්. කායික ශක්තිය යහපත් වන දිනයකි. යම් කාර්යබහුලතාවයක් අද දවස පුරාම ඇති වන්නට පුළුවන්. ඔබගේ කටයුතු සාර්ථක ලීලාවෙන් අවසන් කරන්නට අද දිනයේදී හැකියාව උදාපත් වේවි.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ගෙවල් දොරවල් ආශ්‍රිත කාරණාවලදී යම් කාර්යබහුල ස්වභාවයක් ඇති වන්නට හැකියාවක් පවතින දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. අනවශ්‍ය කටයුතු වලට මැදිහත් වී අත්‍යවශ්‍ය කටයුතු රැසක් මගහැරෙන ආකාරයක් දක්නට ලැබෙනවා. සැලසුම්සහගත වීම වැදගත්.

මිථුන ලග්නය
ඔබගේ පෞරුෂත්වය විදහා දක්වන්නට හැකියාව ලැබෙන දවසක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ඔබ බලාපොරොත්තු වුණු සීමාව තුල ඔබගේ කටයුතු සිදු කරගැනීමට ඔබට හැකියාව ඇත. ඒ නිසාම අන් අය ඔබගෙන් උපදෙස් පතාගෙන එන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. හැඟීම් වැඩි වශයෙන් උද්දීපනය වන දිනයකි.

කටක ලග්නය
ඔබගේ ආරක්ෂාව පිළිබඳව බොහොම හොඳින් සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ශරීර සෞඛ්‍යයේත් යම් කිසි අඩුපාඩු අවහිරතා ඇති වීමට ඉඩකඩක් පවතිනවා. ඔබ තරමක් ඉවසිලිවන්තව කටයුතු කල යුතු දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න.

සිංහ ලග්නය
අද දිනයේ ඔබට යම්කිසි කලබලකාරී තත්වයක් ඇති වන්නට හැකියාවක් පවතිනවා. ඒ වගේම තරමක් රස්තියාදු වීමේ ගති ලක්ෂණත් ඇති වන්නට පුළුවන්. නිසි සැලසුමකට අනුව කටයුතු කිරීම ද ඉතාමත්ම වැදගත්. ඔබගේ අභිමතය අනුව කටයුතු කිරීමෙන් අද දිනයේ කටයුතු සාර්ථක කරගැනීමට හැකියි.

කන්‍යා ලග්නය
ගේ දොර යානවාහන පිළිබඳව යම් යම් අර්බුධකාරි තත්වයන් ඇති වන්නට පුළුවන්. ඔබ සිතනවාට වඩා ඔබට අද දිනයේදී බාධාකාරී තත්වයන් ඇති කිරීමට හැකියාව පවතින බැවින් සැලකිලිමත් වන්න. යුතුකම් වගකීම් ඉතාමත්ම ඉහල මට්ටමක පවතින බැවින් අද දිනය ඔබ ඉතා කල්පනාකාරීව කටයුතු කල යුතුයි.

තුලා ලග්නය
අද දිනය ඔබට උදා වන්නේ පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගයක් ද උදා කරවමින්. ඉතාමත්ම ශුභ දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. අද දිනය තුල ඔබගේ ආකර්ෂණ ශක්තිය ඉතාමත්ම ඉහල තත්වයක පවතින බව විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ආ ගිය තැන අන් අයගේ පිළිගැනීම ඇති වේ.

වෘශ්චික ලග්නය
ඔබට පසුගිය දින කිහිපය තුල යම් යම් බාධාකාරී තත්වයන් පැවතුනානම් එම තත්වයන් දුරු වී යන ආකාරයක් අද දිනයේදී ඇති කරවනවා. බොහෝ බාධාකාරී තත්වයන් නිරාකරණය කරගැනීමට හැකියාව ඔබට උදා වේ. කෝටියක් දෝෂ භංග කරවන දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. කටයුතු සාර්ථක වේ.

ධනු ලග්නය
අද දිනයේදී ධනු ලග්න හිමියන්ගේ ඉවසීම, උපේක්ෂා සහගත බව සහ කාරුණික බව ඉවත්ව යන අකාරයක් දක්නට ලැබෙනවා. ආවේගශීලි ගති ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩක් පවතිනවා. එම නිසා හිතවතුන් දුරස් වීම වැනි දේ සිදු වන්නට ඉඩකඩක් පවතිනවා. රැකි රක්ෂා වලට බාධාවන් ඇති වන්නට ඉඩකඩ පවතින බැවින් සැලකිලිමත් වන්න.

මකර ලග්නය
අද දිනය තුල තරමක් කලබලකාරී ගති ලක්ෂණ ඇති කරවන්නට හැකියාව පවතිනවා. ලැබීම් සඳහා යහපත් වුවත් විඳීමට එතරම් පිනක් නොමැති වන ආකාරයක් දක්නට ලැබෙනවා. උදෑසන සිටම ඔබට සැලකිලිමත්ව කටයුතු කල යුතු ආකාරයක් දක්නට ලැබෙනවා. දණහිස් ආශ්‍රිත ආබාධතා ඇති වීමට ඉඩකඩක් පවතිනවා.

කුම්භ ලග්නය
අද දිනයේදී ඔබට ප්‍රභල ධනයෝගයක් උදා වී පවතිනවා. ඉතාමත්ම යහපත් දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. පෙර පින් පල දෙන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලත් අති සාර්ථක ප්‍රතිඵල උදා කරවන්නට හැකියාව පවතිනවා. නව ධනෝපායන මාර්ග උදාපත් වනවා.

මීන ලග්නය
අද දිනයේදී ඔබගේ සතුට සැනසුමට යම් යම් පීඩාකාරී තත්වයන් උදා කරවනවා. අන් අය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමේදී තරමක් දුර සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඔබගේ කැපවීමට අනෙකුත් අයගෙන් ලැබෙන්නාවූ ප්‍රතිචාර ඉතාමත් ම අවම තත්වයේ පවතිනවා. මානසික පීඩා වලට ද ලක් වීම ට හැක.

සාදික්කා වල ගුණසාදික්කා සහ වසාවාසි ඖෂධයක්, රසවත් ආහාරයක් මෙන්ම බුලත්විට සඳහාද යොදාගන්නා බෝගයකි. කුළුබඩු අතරින් ප්‍රධාන ත...
22/05/2020

සාදික්කා වල ගුණ

සාදික්කා සහ වසාවාසි ඖෂධයක්, රසවත් ආහාරයක් මෙන්ම බුලත්විට සඳහාද යොදාගන්නා බෝගයකි. කුළුබඩු අතරින් ප්‍රධාන තැනෙහිලා ගැනෙන ගම්මිරිස් හා කුරුඳු හැරුණු විට ඉතා සුගන්ධවත් කුළුබඩුවක් ලෙසින්ද සාදික්කා සළකනු ලැබේ.

සාදික්කා සෙම් වාත දොස් සමනය කිරීමේ ගුණයෙන් යුක්ත බැවින් බෙහෙවින්ම සෙම්වාත රෝග සඳහා දෙනු ලබන ප්‍රතිකාරවලට යොදාගනු ලබති. ඉදිමුම් නාශක ගුණයකින් යුත් සාදික්කා කුෂ්ඨ නසන ගුණයකින්ද යුක්ත වේ.

හිසේ වේදනා, සන්ධිඉදිමුම්, වේදනා, සමේ රෝගාදියටද මහඟු ඖෂධයක් ලෙස යොදා ගනිති. උගුර ඉදිමීම, කටහඬ වෙනස්වීම, උගුරේ ගෙඩි ඇතිවීම, උගුරු සෙම් වියලීම ගිලීමට, අපහසු වීම ආදි රෝගයන් සඳහා දෙනු ලබන කණ්ඩමාල කල්කයට සාදික්කා ඇතුළු කළුදුරු, සූදුරු , පත්පාඩගම් කරඬු, සීනක්කාරම්, සවිද ලුණු, වසාවාසී ඇතුළු තවත් ඖෂධයන් රැසක්ම යොදා ගනිති. එමෙන්ම නවරත්න කල්කය, දෙබටමල් කල්කය, බුද්ධ රාජ කල්කය, සුරජීවක කල්කය, ආදි කල්කයන්ටද වසාවාසී සහ සාදික්කා අනෙකුත් ඖෂධයන් හා එක්කර ගනී.

සප්තවිට කුෂ්ට වාතරක්ත ආදි රෝගයන් සඳහා දෙනු ලබන මහා නිබ්බාදි චූර්ණය සාදික්කා ඇතුළු අතිවිඩ ඉගුරු, වසාවාසි, තිප්පිළි, කුරුඳු පොතු, අසමෝදගම්, කොහොඹ පොතු , චීන අල, එනසහල්, ගම්මිරිස් ඇතුළු ඖෂධ කීපක්ම යොදාගනී.

Address

Kandy

Telephone

+94701077575

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurvedic - ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share