හෙළ ඔසු පියස - Hela Osu Piyasa

හෙළ ඔසු පියස - Hela Osu Piyasa නිවැරදි ඔසු ශාක හා අභාවයට යන පාරම්පරික සිංහල ඖෂධ නැවත මතක් කර දී ප්‍රයෝජනයට ගැනීමට හඳුන්වාදීම අරමුණයි

“යෝ පූර්ව වෛද්‍යාය නමොස්තු තස්මෛ!”

ශ්‍රී ලංකාව සතු මහාර්ඝ වස්තු 2 ක් ඇත. එනම් ථෙරවාදී බුදුදහමත්, දේශීය වෙදකමත්ය. මුළුමහත් ලෝක ප්‍රජාවගේ හිත සුව පිණිස, දීර්ඝායුෂ පිණිස, සුඛායු පිණිස මේ දර්ශන 2 ලොවටම බෙදාදීම අප සතු යුතුකමකි.

දේශීය වෙදකමේ එක් විශේෂ අංගයක් නම් පැළෑටි පිලිබඳ පැරණි දැනුම් සම්භාරයයි. අද විද්‍යාව තුලින් දුටු දේ මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ඍෂිවරුන් ධ්‍යානවලට සම වැදී දැක ඇත. අද පරිසරය

ගැන කව්රු කතා කළත් ඒ පිළිබද තොරතුරු රැස්ව ඇත්තේ බුදු දහමේත් දේශීය වෙදකමේත්ය.

නිවැරදි ඔසු ශාක හා අභාවයට යන පාරම්පරික සිංහල ඖෂධ නැවත නැවත මතක් කර දී ප්‍රයෝජනයට ගැනීමට හඳුන්වා දීම අපගේ අරමුණ වේ.

දරුවන්ගේ පනට ආදරෙයිනම් දිවුල් දෙන්න.💙__________________________________________දිවුල් ගැන හුඟක් දේවල් කියන්න තියෙනවා. ඒක...
15/09/2025

දරුවන්ගේ පනට ආදරෙයිනම් දිවුල් දෙන්න.💙
__________________________________________

දිවුල් ගැන හුඟක් දේවල් කියන්න තියෙනවා. ඒක ඒ තරම් සුපිරිම පෝෂණීය සහ ඖෂධීය පලතුරක්. කෙටියෙන් ටිකක් කියන්නම්.
සාමාන්‍යයෙන් පලතරු ගැනෙන්නේ ප්රෝටීන් අවම ආහාර විදියටයි. නමුත් පලතුරු කීපයක විතරක් ප්රෝටීන් තියෙනවා. ඒ තියෙන්නෙත් බොහොම ස්වල්පයයි. හයි ප්රෝටීන් ෆ්රුට්ස් කියල සර්ච් කරොත් මුලටම එන්නේ පේර, ඊලඟට පැෂන් ෆ්රුට්, අලිගැට පේර, වරකා . හැබැයි පේරවලත් ප්රෝටීන් තියෙන්නේ ග්රෑම් 100ක ග්රෑම් 2.6ක් විතර ප්රමාණයක් . තාම න්‍යට්රිෂන් ටෙක්ස්ට් බුක් වල නොතිබුනාට සමහර ස්ටඩීස්වලින් හෙළි වෙලා තියෙනවා දිවුල් ග්රෑම් 100ක ප්⁣රෝටීන් ග්රෑම් 3.6 සිට 8.5 දක්වා ප්රමාණයක් තියෙනවා කියලා. දිවුල් මද ග්රෑම් 100කට පොල් කිරි මිලි ලීටර් 100ක් දැම්මම තව ප්රෝටීන් ග්රෑම් 2.3ක් විතර ඇඩ් වෙනවා. පොල් කිරි ඔය ප්රමාණයෙන් ෆැට් ග්රෑම් 5 - 7ක් විතර වැටෙනවා. ළමයින්ට දෙන්න පුළුවන් සුපිරිම කෑමක්.
දරුවො ඉන්නේ වර්ධනය වෙන වයසේ එයාලට ⁣වර්ධක ආහාර වෙච්චි ප්රෝටීන සහ මොළයේ වර්ධනයට එහෙම වැඩිපුර ඕන වෙන හොඳ මේදය ඕනා. දැන් ලංකාවේ හුඟක් දරුවො කන්නේ පිටි , සීනි, ලුණු, නරක තෙල් (ගැඹුරු තෙල්වල සහ නැවත නැවත බැඳපු තෙල්වලින් හදන කෑම) සහ රස කාරක, වර්ණක වැඩි තන්තු අඩු, පෝෂණය අඩු කෑම බීම. ඒ වගේ ළමයින්ට දිවුල් මෙහෙම කන්න පුළුවන්නම් හොඳ ඔප්ෂන් එකක්.
විද්‍යාත්මකව Limonia acidissima කියල හඳුන්වන දිවුල් ආහාරයට ගැනීමෙන් වකුගඩුවල ගල් ඇති වීම වළක්වන බවත්, වකුගඩුවල විෂ සංගටක ඉවත් කරන බවත් සොයා ගෙන තිබෙනවා. මේ ගුණය විදයාත්මකව හඳුන්වන්නේ Nephroprotective කියලයි.

දිවුල්වල තියෙන ඉතා වැදගත් ගුණයක් තමයි මෙහි තිබෙන සුපිරි ප්රතිඔක්ෂිකාරක , ප්රතිප්රදාහක පයිටොකෙමිකල් සහ අනිකුත් පෝෂණ සංගටකවල ඒකාබද්ධ හැකියාව මගින් අක්මාවේ සහ ආහාර මාර්ග පද්ධතියේ තියෙන වස විස ඉවත් කිරීමට දායක වීම. (Detoxification)
දියවැඩියාව, හදවත් රෝග සහ අනෙකුත් බෝ නොවන රෝග රාසියකින් ආරක්ෂාව සැලසිය හැකි ශාක රසායනික ද්රව්‍ය ගොඩක එකතුවක් වෙච්චි දිවුල් , සුපිරි මල්ටි ෆන්ෂනල් ෆුඩ් එකක් විදියට තමයි විද්‍යාඥයින් සලකන්නේ.

දකුණේ දිවුල්වලට මීකිරි දාලා කනවා. මීකිරි ග්රෑම් 100ක ප්රෝටීන් ග්රෑම් 11ක් විතර තියෙනවා. මීකිරි කියන්නේ සත්ව ප්රෝටීන් . ඒක ප්ලාන්ට් ප්රෝටීන්වලට වඩා ටිකක් ඇඩ්වාන්ස්. මීකිරි ග්රෑම් 100 ක් ඇඩ් කළාම ෆැට් ග්රෑම් හය හතකුත් එකතු වෙනවා. අනික මීකිරිවල ප්රෝ බයොටික් තියෙනවා. දිවුල්වල ප්රෝබයොටික්වලට ගට් එකේ ⁣ග්රෝත් මීඩියා එකක් විදියට වැඩ කරන ප්රීබයොටික් (ෆුඩ් ෆයිබර්ස් ) සුපිරියටම තියෙනවා. අම්මෝ , සුපිරිම සුපිරියක් ...💙

- ගැමුණු සාලිය පෙරේරා .
මහජන සෞඛ්‍ය පරීක්ෂක .

උපුටා ගැනීමකි

07/09/2025

ඔබ කෙට්ටුද ?

කෘෂ බව සදහා හේතු බොහොමයක් බලපානවා. එකී හේතුවට පිලියම් යෙදීමෙන් හා ශරීරය පුෂ්ටිමත් කරන ආහාර, පාන, විහරණ, ඖෂධ ම්ගින් කෘෂ බවින් මිදිය හැකියි. කෙසේ වෙතත් ඔබ පලමුවෙන් ඔබේ ශරීරයේ ස්කන්ධ දර්ශකය මැන ගත යුතුයි. එනම් උසට සරිලන බරයි. උසට සරිලන මනා බරක් තිබේ නම් ඔබේ කෙට්ටුව ගැන වදවෙන්නට අවශ්‍ය නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් කෘෂත්වයට යාම නම් එතරම් හොද නැහැ. බලමු කෙට්ටු වීමට හේතු මොනවාදැයි කියා.

- ආරය අනුව කෙට්ටු වීම.
- පණු රෝග පැවතීම.
- රක්තය වහනයෙන්, අතිවමනයෙන්, අතීසාරයෙන්, ධාතු පහවීමෙන් ශරීරය ලංඝනය වීම.
- දියවැඩියාව පැවතීම.
- ප්‍රදර රෝග පැවතීම.
- සෝම රෝගය පැවතීම.
- ග්‍රහණි ආදී ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග පැවතීම.
- මානසික ව්‍යාධි පැවතීම.
- අග්නි මද බව.
- ආහාර පානයන්හි හිග බව.
- ගන්නා ආහාර වල පෝෂණ ඌණතාවය.
- නිතර වියලි, රලු, සැහැල්ලු ආහාර ගැනීම.
- උෂ්ණාධික ශරීරයක් පැවතීම.
- අති මෛථූනය.
- අති ව්‍යායාම.
- නිදි වැරීම

මෙවන් රෝගී තත්වයන් පවතී නම් ප්‍රතිකාර ගත යුතුයි. එවිට අදාල රෝගය සුව වන අතරේම කෙට්ටු බවද අතුරුදන් වේවි. ඊට අමතරව පහත දෑ එදිනෙදා අනුගමනය කරන්න.

- ජලය හොදින් පානය කරන්න.
- දිනපතා ස්නානය කරන්න.
- පෝෂණීය ආහාර වේලක් ලබාගන්න.
- හොද නින්දක්ලබා ගන්න.
- මනස සන්සුන්ව තබාගන්න.

පුහුල් බශ්මය ඒ වගේම කුරහන් තලපය සකසා උඳු ඇට , මුං ඇට , මෑ ඇට , කව්පි ඇට , අමු ඇට , කොල්ලු ඇට ,බාර්ලි, වඳුරු මෑ, බින්තල් අල, තල සමඟ ගිතෙල් උඳු වලින් නිපද වූ ආහාර, ගිතෙල්, එළකිරි, ඉඳුනු බෙලි මද , මී පැණි, අරලු , බුලු , නෙල්ලි , අමුක්කරා , වැල්මී , රසකිඳ , කිරිබදු අල, බින්තල් අල,රට ඉඳි, හාතාවාරිය, මුරුංගා මල්, සුදුලුනු, කෝමාරිකා , බෙරලිය.පුහුල් යන ආහාර ගුණයි... ඉස්සෝ, දැල්ලෝ, බලයා කෙලවල්ලා ආදීන්ගේ මාලු සහ කරවල, කකුලුවෝ, පොකිරිස්සෝ, ලුනුදෙහි, විනාකිරි, බොහෝ මස් වර්ග, ජාඩි, පිසූ තක්කාලි, අන්නාසි, සෝස් වර්ග, චට්නි වර්ග, අච්චාරු, දෙල්, මුරුංගා, සැමන් හා වෙනත් එවැනි ටින් කල ආහාර වලින් වලකින්න තේ වෙනුවට ඉරමුසු, බෙලි මල්, රණවරා, පොල්පලා. නීරමුල්ලිය නෙල්ලි+රසකිඳ,කොත්තමල්ලි කබලේ බැදලා වගේ දේවල් බොන්න

ඕවා කාලයක් කරනකොට ඇගේ තියන දොස් සමනය වෙලා ශරීරය පෘෂ්ටිමත් වෙලා කාය බලය වැඩෙයි.

https://www.facebook.com/groups/paramparikaosu/permalink/574663725944445/
ගෲප් එකට සම්බන්ධ වෙල් මේ පෝස්ට් එකේ කොමන්ට් එහෙමත් කියවන්න. අදහසක් ගන්න බැරි නැහැ.

ඔයාටත් මොනවා කරත් නොවිසඳෙන ඉස්සොරි හෙවත් ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නෙ තියෙනවද?  🥺ඉස්සොරි ඇත්තටම ගොඩක් අයට තියන හොඳ නොවන ප්‍රශ්නයක...
12/08/2023

ඔයාටත් මොනවා කරත් නොවිසඳෙන ඉස්සොරි හෙවත් ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නෙ තියෙනවද? 🥺

ඉස්සොරි ඇත්තටම ගොඩක් අයට තියන හොඳ නොවන ප්‍රශ්නයක්. මාත් අවුරුදු දහයක් විතර මේ ප්‍රශ්නේ හින්දා පුදුමාකාර විදිහට පීඩා වින්දා. අරගෙන ගාපු නැති ෂැම්පු එකක් නැති තරම්. හැමෝම හොඳයි හොඳයි කියලා කියන හැම ෂැම්පු එකක්ම අරගෙන මම ගාලා බැලුවා. ඒත් ඉස්සොරි නම් කවදාවත් අඩු වුණේ නැහැ. සමහර ඒවායෙන් පුංචි පාලනයක් වුණා විතරයි. ☹️

අද ෂැම්පු ගාලා හොඳට නෑවත් හෙට වෙනකොට ඉන්න බැරි තරම් ඔලුව කහනව. ඇත්තටම මේක අවුරුදු ගාණක් පුරාවට මට මානසික වදයක් උනා. අන්තිමට අන්තිමට දවසක් ගානේ ෂැම්පු ගාන්න වෙන තරමටම ඉස්සොරි හොඳටම වැඩි වුණා. 😔

ඉතින් මං තීරණය කරා තවත් එක එක ෂැම්පු පස්සේ දුවන්නේ නැතිව මේකට මොකක් හරි ස්වභාවික සත්කාරයක් කරලා බලන්න ඕනේ කියල. මොකද කිසිම ෂැම්පු එකකින් මට සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.
ඇත්තටම මට මැජික් එකක් වගේ බෙහෙතක් හම්බවුණා. 😍

උළුහාල් කියන්නේ ඔළුවේ තියෙන ගොඩක් ලෙඩ වලට හොඳම විසඳුමක්. මම මහ ලොකු දෙයක් කරේ නැහැ. මම කරේ උළු හාල්, පොල් කිරි,කරපිංචා සහ බිත්තර කහ මදය, මේ සේරම එකට දාලා blender කරල ඔලුව ගාපු එක.
මේකෙදි මම කරේ පැය දෙකක් විතර අමු උලුහාල් වතුරේ පෙඟෙන්න දැම්මා. මොකද අමු උළුහාල් නිකං බ්ලෙන්ඩර් කරන්න බැහැ. ඒ, ඒ ඇටවල තියෙන සෙවල ගතිය හින්ද. ඊට පස්සෙ මම කරේ පොල් කෝප්පයක් විතර අරගෙන, ඒකට උළුහාල් ටිකයි , බිත්තර කහ මදයයි කරපිංචා කොළ කොළ ටිකයි , වතුර චූට්ටම චුට්ටක් දාලා blender කරගත්තා.

ඊටපස්සේ ඒක පෙරලා අරගන්න. කැමතිනම් පෙරන්නේ නැතුව වුනත් ගාන්න පුළුවන්. ඒත් ඊට පස්සේ ඒවා යවාගන්න ටිකක් අමාරුයි.

උලුහල් ගොඩක් ගන්න ඕන නෑ මේස හැඳි දෙකක් තුනක් වගේ ගත්තාම ඇති. පිරිමි කොණ්ඩයකට නම් උළුහාල් මේස හැඳි එකක් හෝ දෙකක් ඇති.
ඊට පස්සෙ මම මේක හොඳට හිස් කබල සහ කෙස් අතර ගාලා පැයක් විතර ඉදල නෑවා. ඉතුරු වෙන ටික කොණ්ඩෙත් ගෑවා. ඇත්තටම මට හිතාගන්න බැරි උනා පළවෙනි පාරෙන්ම පුදුමාකාර විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබුණ. 🥰
මේ සත්කාරය මම සතියට සැරයක් කරා. ඉතින් මේ සත්කාරය සති දෙකක්, ඒ කියන්නේ දවස් දෙකක් කරනකොට මගේ ඔළුවේ තිබ්බ ඉස්සොරි ප්‍රශ්න කොහෙන් ගියාද නෑ. ඉස්සර දවසක් ඇර දවසක් වගේ හැමදාම ෂැම්පු ගපු මම දැන් ෂැම්පු ගාන්නේ සතියකට සැරයයි.

ඔලුව කහන්නේ නෑ. කෑලි කෑලි ගැලවිලා ඉස්සොරි යන්නේ නෑ පීරන ගානේ.

මේකෙන් මට තව අමතර බෙනිෆිට්ස් ගොඩක් හම්බවුණා. ඒ තමයි අහුරු පිටින් කොන්ඩ යන එක නැවතුනා වගේම කොන්ඩෙ ගොඩක් සිනිඳු උනා.
🔴🔴 මතක තියාගන්න ඔයා ගොඩක් සෙම තියෙන කෙනෙක් නම් , උළු හාල් වලට සෙම ටිකක් ඇවිස්සෙන්න බලනවා. ඒ හින්ද සතියකට හෝ සති එකහමාරකට සැරයක් වගේ මේ උළුහාල් සත්කාර කරන්න.

ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

- King & Queen -පිටුවෙන් උපුටා ගෙන සාර්ථක පිළියමක් බැවින් මෙහි පළ කරන ලදී.

ස්වාභාවික ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කර ගනිමු ද?මේ දිනවල දිවයිනේ රෝහල් පිරී පවතිනවා. ඩෙංගු වසංගතය මෙන්ම කැස්ස සෙම් ප්‍රතිශ්‍...
09/08/2021

ස්වාභාවික ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කර ගනිමු ද?

මේ දිනවල දිවයිනේ රෝහල් පිරී පවතිනවා. ඩෙංගු වසංගතය මෙන්ම කැස්ස සෙම් ප්‍රතිශ්‍යා උණ සහිත සෙම් රෝගත් සමාජයේ බහුලව දක්නට ලැබෙනවා. පරිසරයේ විවිධාකාර වෛරස් වර්ග රාශියක් සංසරණය වීම මීට හේතුවී තිබෙනවා.

නිරෝගි ජීවිතයක් ගත කිරීමට ප්‍රතිශක්තිකරණ ශක්තිය අවශ්‍ය ම සාධකයක් . ළදරු වියේ මවු කිරෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණ ය පසුව සිරුරට එන රෝග බීජ උදාසීන කිරීමටත් , විනාශ කිරීමටත්, හේතුවනවා. යමකුගේ රෝගවලට මුහුණ දීමේ ශක්තිය, ඔහු ලබාගත් පෝෂණය හා ජානමය තත්ත්වයන් අනුව තීරණය වෙනවා.

දූෂිතවී ඇති වායු ගෝලයේ රැඳි සිරුරට අහිතකර විෂබීජ අප නො දැනුවත්වම අප කරා ආ හැකියි. එවිට අපේ ප්‍රතිශක්තිකරණය දුර්වලව පැවැතියොත් අප රෝගව ලට ගොදුරු වීමට පමණක් නොව ඇතැම්විට මරණයට පත්වීමට ද හේතු විය හැකියි. අප ගන්නා ආහාරපාන හා අපගේ ජීවන රටාවන් ප්‍රතිශක්තිය කෙරෙහි පැහැදිලිවම බලපානවා.

මේද බහුල, කෘතිම රසකාරක, වර්ණක අඩංගු ආහාර පෝෂණ ගුණයෙන් තොර ආහාර, නිසි ප්‍රමිතියට සකස් නොවූ ආහාර, ප්‍රතිශක්තිය හීන වීමට හේතුවනවා. එසේම මත් ද්‍රව්‍ය භාවිතය හා සිරුරට ව්‍යායාම මදිවීමත් මනස නිතර අසහනකාරීව පැවැතීමත් ප්‍රතිශක්තිය දුර්වලවීමට හේතුවනවා. එළවළු පළතුරු වැඩි වශයෙන් ආහාරයට එක්කර ගැනීම ප්‍රතිශක්තිය වර්ධනය වීමට හේතුවක්. කැකිරි, දිය ලබු, වට්ටක්කා අළු පුහුල් වැනි දියර සහිත එළවළු, ගොටුකොළ වැනි පළා වර්ග, ධාන්‍ය වර්ග සිරුරට ගුණ දායකයි. මීපැණි හා සුදු ලූනු ප්‍රතිශක්තිය වඩන සුවිශේෂ ආහාර ලෙස සැලකෙනවා.

ප්‍රමාණවත් පරිදි සිරුරට ජලය ලබාගැන්මත් වැදගත්. හොඳින් උතුරුවා නිවා ගත් ජලය මඳ උණුසුමින් පානය කිරීම වඩා සුදුසුයි. නටන වතුරට ඇල් දිය දමා නිවාගැනීම යෝග්‍ය නැහැ. එය ක්ෂුද්‍ර ජීවි වර්ධනයට හේතු විය හැකියි.

එසේ ම සුප් වර්ග, කැඳ වර්ග, කොත්තමල්ලි පස් පංගුව, තැඹිලි වතුර, පොල් වතුර ආදිය බීම අහිතකර වෛරස් වර්ග සිරුරෙන් බැහැර වීමට උපකාර වනවා. රෝග සෑදුණුවිට හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ගැනීමත් සිරුරට හිතකර නැහැ. ඒවායින් අහිතකර බැක්ටීරියා වර්ග බැහැරවනවා මෙන්ම සිරුරට හිතකර බැක්ටීරියා වර්ගද විනාශවී යනවා. ඒවා නැවත වර්ධනය වීමට සෑහෙන කලක් ගතවන බැවින් ඒ අතර කාලයෙහි නොයෙක් රෝගවලට ගොදුරු විය හැකියි.

ව්‍යායාමත් සිරුරට ඉතා අවශ්‍ය දෙයක් . මාංශ පේශි වර්ධනය වී නිරෝගිවීමටත් ලබාගන්නා කැලරි වැය කිරීමටත් එය ප්‍රයෝජනවත් වනවා. මානසික පීඩනවලට ගොදුරු වීමෙන් හැකි තාක් බැහැර වීමත්, මත් පැන් බීමෙන් හා දුම්බීමෙන් වැලකී සිටීමත් ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කර ගැනීමට හේතුවෙනවා.

මේ සරල පුරුදු කිහිපයෙන් පමණක් ඔබටත් නිරෝගී ප්‍රබෝධයෙන් පිරුණු ජීවන රටාවක් හිමිකර ගන්න පුළුවන්.

1. කැෆේන් අඩංගු පාන වර්ග නැවැත්වීම

කැෆේන් අඩංගු පාන වෙනුවට ඉඟුරු, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් ආදියෙන් සෑදූ පාන දිනපතා ගන්නේ නම් එම ඖෂධීය ගුණය ඔබේ මුළු සිරුරම පිරිසුදු කර ප්‍රබෝධයක් ගෙන දෙයි.

2. වතුර වැඩිපුර පානය කිරීම.

වතුර නිතර පානය කිරීමෙන් සම හා ශරීර අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විස හරණය කරමින් පිරිසුදු කරවයි. ව්‍යායාම් කිරීමේදී දහදිය පිට කරමින් සිරුරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.

3. කෘත්‍රිම රසකාරක ඉවත් කරන්න

හොඳින් පිරිසුදු කළ සුදු සීනි පිටි හා ධාන්‍යවල ඇති සීනි මඟින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වාභාවික රසකාරකම තෝරා ගන්න.

4. ඇසුරුම්ගත ආහාර පාලනය

ඇසුරුම් කළ ආහාර කල් තබා ගැනීමට විවිධ රසායන ද්‍රවය එක් කරන නිසා එය එතරම් හිතකර නොවෙයි. මේ නිසා එවැනි ආහාරවලින් හැකිතාක් අෑත් වන්න.

5. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න

කෙඳි සහිත කොළ පැහැති ආහාර ඔබේ වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කළ හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවධානයක් යොමු කරන්න.

6. දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම කරන්න.

ශරීරය හොඳින් ක්‍රියාකාරි වෙමින් දහදිය දැමීමෙන්ද විස බීජ පිට වෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකියි.

7. ඖෂධීය ශාකසාරවලින් සත්කාර

සහිඳ ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසුදු කර ගන්න පුළුවන්. මෙය ඖෂධීය සත්කාරයකි.

8. දිනපතා සුළු වේලාවක් හෝ සන්සුන්ව සිටින්න

නිහඬව ඉඳගෙන මඳ වේලාවක් සැහැල්ලු ඉරියව්වකින් හිඳ නිරවුල් මනසින් සිටින්න. සිත සැහැල්ලු කර ගනිමින් නව ප්‍රබෝධජනක අදහස් මතුකර ගන්න මෙය කදිම අවස්ථාවක්.

ස්වාභාවික ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කර ගනිමු ද? by helaosupiyasa · August 7, 2021 මේ දිනවල දිවයිනේ රෝහල් පිරී පවතිනවා. ඩෙංගු වසංගතය මෙන්...

ප්‍රතිශක්තීකරණය ඉහල නංවන ඖෂධීය පාන වර්ග.ආදි මානවයාගේ ජීවිතයේ ආයු කාලය වසර සියයක් තරම් දිගු හා ශක්තිමත් එකක් වුවද වර්තමාන...
08/08/2021

ප්‍රතිශක්තීකරණය ඉහල නංවන ඖෂධීය පාන වර්ග.
ආදි මානවයාගේ ජීවිතයේ ආයු කාලය වසර සියයක් තරම් දිගු හා ශක්තිමත් එකක් වුවද වර්තමාන මිනිසාගේ ජීවිතයේ ආයු කාලය වසර හැත්තෑවක් තරම් කෙටි වී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වර්තමාන මිනිසාගේ ජීවන රටාවේ සිදු වී ඇති පෙරලියයි. දිනෙන් දින කාර්‍යබහුලත්වය ඉහල යන ජන සමාජය තුල වැඩි අවධානය යොමුව තිබෙන්නේ වෙළදපොලෙන් ඉක්මනින් ලබාගන්නා ක්ෂණික පාන වලටය. මෙවැනි බීම වර්ග භාවිතය තුලින් මේ වන විටත් සමාජය තුල බොහෝ රෝග රැසක් නිර්මාණය වී අවසන්‍ය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිලිකා වැනි රෝග බොහෝමයකට හේතුව වී තිබෙන්නේ විවිධ රසායනික සයෝග අඩංගු මෙවැනි අහාර, පාන වර්ග භාවිතයයි.
තවමත් මෙම ඖෂධීය ශාක වර්ග ගම් බිම්වල ජනතාව එදිනෙදා ජීවිතයේදී පිටි කිරි වෙනුවට භාවිත කරයි.
මෙම ඖෂධීය ශාක සාර කැද වර්ග ආදියට දිලීර, බැක්ටිරියාවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ විශිෂ්ට හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේ ඇති ඖෂධීය ගුණ පිරි ශාක වල ප්‍රධානම ලක්ෂණය නම් ඒවා නිරන්තරයෙන් අප ජීවත් වන පරිසරයේ දැක ගත හැකි වීමයි. නමුත් කණගාටුවට ඇති කාරණය නම් මේවායේ ඇති ගුණය අප හරිහැටි නොදැන සිටිමයි. විද්‍යාවේ දියුණුවත් සමග සිදු කරන පර්යේෂණ වලදී මෙම ඖෂධීය ශාක හා ඖෂධීය පාන වල ඇති ගුණාත්මක සංඝටක එකින් එක විශ්ලේෂණයත් සමගම මේ ශාක නැවතත් යම්තාක් දුරකට භාවිතයට ගැනීමට මිනිස්න් පුරුදු වී සිටියි. මෙම ඖෂධීය ශාකවල සියලූම කොටස් ප‍්‍රයෝජනයට ගත හැකිය. කොළ, මුල්, කඳ, මල් මේ සියල්ලම පාහේ ප්‍රතිශක්තීකරණ පානයන් සකසාගැනීමට ප‍්‍රයෝජනයට ගත හැකිය.
ඖෂධීය ශාක වලින් සකසන පාන වල ඇති ගුණ මොනවාද?
ඖෂධීය ශාක වල ඇති පයිටොකෙමිකල් නම් ස්වභාවික රසායන ද්‍රව්‍ය ශාක වල ඇති ක‍්‍රියාකාරී සංඝටක වර්ගයකි. ඇල්කලොයිඩ, ග්ලයිකොසයිඩ, පොලිෆීනෝල්, ටර්පීන්ස් යනු එවන් වූ පයිටොකෙමිකල් කිහිපයකට උදාහරණ වේ. ග්ලයිකොසයිඩ හෘදයේ ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. පයිටොඊස්ට‍්‍රජන් නම් පොලිෆීනෝල් විශේෂය අඩංගු ඖෂධීය ශාක, අතීතයේ සිටම පාහේ මද සරු භාවය සහ මාසික ඔසප් චක‍්‍රයේ දුර්වලතා සඳහා ප‍්‍රතිකාර කිරීමට යොදා ගනී. ඖෂධීය ශාක වල ඇති මනා සිත් ඇද ගන්නා සුවඳ ලබා දෙනුයේ ටර්පීන්ස් වලිනි. මෙම ඖෂධීය ශාකයන්ගේ කොටස් වල අභ්‍යන්තරයේ ඇති ක‍්‍රියාකාරී සංඝටකයන් පිටතට ගැනීමේ ඉතා සාර්ථකම ක‍්‍රමයක් ලෙස මේවා යොදාගෙන සාදනු ලබන විවිධාකාර පාන විශේෂයන් හදුන්වා දිය හැකිය. මේ සංයෝග අඩංගු පානයන් තුලින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ස්වභාවිකව ඉහල නංවාගැනීම් පහසුවෙන් සිදු කල හැකිය.
කොතල හිඹුටු පානය
කොතල හිඹුටු යනු ඖෂධීය පාන සඳහා නිරතුරුවම ගන්නා ශාකයක් නොහොත් වැලකි. මුත්‍රා ආසාදන, වකුගඩු ආසාදන, දියවැඩියාව වැනි රෝග වලට සෘෂිවරයෙකු බඳු ඖෂධයකි. මෙම ඖෂධීය ශාකයේ ගෙඩිය කොතලයක හැඩ ගන්නා නිසා කොතල හිඹුටු ලෙසට නම් කරයි. මෙහි කඳෙහි පොතු මගින් සැකසූ පානය දිනපතා භාවිතයට ගන්නා තේ වෙනුවට පානයට ගත හැකිය. එමගින් රෝග වලට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. තවද මෙම ශාකයේ පොතු මගින් සැකසූ උදෑසන පානය භාවිත කිරීම පුරුද්දක් කරගත් අයෙකුට කිසිදාක වකුගඩු ආසාදන ඇති නොවන බව පැරණි හෙළ වෙදකමේ සඳහන් වේ. කොතල හිඹුටු ශාකයේ පත‍්‍ර පොඩි කර තම්බා ගත් විට රතු පැහැ වන අතර මෙමගින් ද වටිනා ඖෂධීය පාන සකසාගත හැකිය. විශේයෙන්ම වැව් ආශ‍්‍රතව හා ජලාශ ආශ‍්‍රිතව මෙම ශාකය වර්ධනය වේ. විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට මෙමගින් සැකසූ පානයන් ඉතා ගුණදායක වේ.

ප්‍රතිශක්තීකරණය ඉහල නංවන ඖෂධීය පාන වර්ග. by helaosupiyasa · August 7, 2021 ආදි මානවයාගේ ජීවිතයේ ආයු කාලය වසර සියයක් තරම් දිගු හා ශක්ත.....

අග්නිදිග ආසියාවේ පලතුරු ලොවෙහි රජු ලෙස හැඳින්වෙන දූරියන්, නිරිත දිග ආසියාවේ මැලේසියා අර්ධද්වීපයේ සම්භවය ලබා ඉන්දියාව ශ්‍...
05/08/2021

අග්නිදිග ආසියාවේ පලතුරු ලොවෙහි රජු ලෙස හැඳින්වෙන දූරියන්, නිරිත දිග ආසියාවේ මැලේසියා අර්ධද්වීපයේ සම්භවය ලබා ඉන්දියාව ශ්‍රී ලංකාව, බුරුමය, වියට්නාමය ආදි රටවලටත්, පසුකාලීනව බටහිරටත් පැතිර ගිය වටිනා ඖෂධීය ශාඛයක්.

පැඟිරි සුවඳැති අලංකාර මල් සහිතයි. ගෙඩිය කටු සහිත ලෙල්ලකින් හා මාංශල මදයකින් යුක්තයි. ලෙල්ල කොළ පැහැයේ සිට දුඹුරු පැහැය දක්වාත්, මදය ලා කහ පැහැයේ සිට රතු පැහැය දක්වාත් විහිදෙන දූරියන් වර්ග 30 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඉන් 9ක් පමණ ආහාරයට යෝග්‍ය ලෙස සඳහන්. එය ලෝකයේ රසවත්ම පලතුර ලෙස සැළකෙනවා. මෙරට වඩාත් ජනප්‍රිය කසුන් නමැති දූරියන් ප්‍රභේදයයි.

දූරියන් ශාකය යටින් අලියකුවත් නොයන බවට කියමනක් තියනවා. කටු සහිත කිලෝ දෙක තුනක බර දූරියන් ගෙඩියක් සතකු මත වැටීමෙන් සතා මරණයටත් පත්විය හැකියි. එහෙයින් දහවලේ ගෙඩි පතිත නොකරන ශාකයට ඇස් ඇති බවට තවත් කතාවක කියවෙනවා. පලතුරෙහි අඩංගු සල්ෆයිඩ, නයෝල්, වැනි රසායන වලින් ඇතිවන ගන්ධය බොහෝ දෙනකුට අප්‍රසන්න නිසා ඇතැම් රටවල ඒවා පොදු ප්‍රවාහන සේවාවල රැගෙනයාම පවා තහනම් කර තිබෙනවා. තවත් පිරිසක් එය නොතකා එහි ප්‍රණීත රසය භුක්ති විඳිනවා.

පොල්වතුර යොදා අමු ගෙඩිත් උයාගන්නවා. මල් තෙලට හදාගන්නවා. මදුලු හා ඇටවලින් පානයන් සකසා ගන්නවා. කේක් අයිස්ක්‍රීම් වැනි විවිධ රසකැවිලි සඳහා ඉදුණු පලතුර යොදා ගන්නවා. විටමින් C බහුල, B A හා අනෙකුත් විටමින් වර්ග, යකඩ, කැල්සියම් පොටෑසියම්, ප්‍රෝටීන් මැග්නීසියම් කොපර් නියැසින්, ෆෝලික් ඇසිඩ් ආදි විවිධ පෝෂක වලින් සරුවූ දූරියන් ශක්තිමත් ආහාරයක්. එය සම නිරෝගී කර පැහැපත් කරනවා. හිසකෙස් මැනවින් වඩනවා.

නින්ද අහිමි විට එය ලබා දෙනවා. විවිධ රෝගවලින් සිරුර ආරක්ෂාකරන, තරුණ පෙනුම වැඩිකාලයක් රඳවා තබන ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත්. හර්ද ස්පන්දන වේගය හා රුධිරපීඩනය පාලනය කිරීමේ ශක්තියක්, පොටෑසියම් බහුලව ඇති දූරියන් සතුයි. නිතර ආහාරයට ගැනීමෙන් රුධිර නාල දෝෂ මග හරවන එය කොලෙස්ටරෝල් මට්ටම් කෙරේ බලපාමින් හදිසි හර්දයාබාධ ඇතිවීමේ අවස්ථා මග හැරීමට උපකාරිවනවා. මොළයට මනාව රුධිරය සපයමින් රුධිර කැටි ගැසීම් ද වළකාලනවා.

දූරියන්වල ඇති මැන්ගනිස්වලින් රුධිරගත සීනි මට්ටම විධිමත් වෙනවා. දූරියන් ඇට පෙති ගසා රැයක් දිය බඳුනක බහා තබා උදෑසන පෙරා හිස්බඩ බීම මුත්‍රා රෝගවලට ගුණදායකයි. එසේ ම සිසිල ගුණ ඇති දූරියන් ලෙල්ලට ජලය දමා පානය කිරීමෙන් සිරුරේ දාහය නිවෙන බවද සඳහන්.

සම්පූර්ණ ලිපිය කියවන්න -

හෙළ ඔසු විස්මිත ගුණ දෙන රාජකීය පලතුර දූරියන් – (Durio zibethinus) Posted on August 3, 2021August 5, 2021 by helaosupiyasa 03 Aug අග්නිදිග ආසියාවේ පලතුරු ලොවෙහි රජු ...

ස්ත්‍රී රුව වඩන කේරළීය රහස්…කේරළ ප්‍රතිකාර පංචකර්මය කාන්තාවන්ගේ රූමත් බව ඔපමට්ටම් කරගැනීම සඳහාද භාවිත කළ හැකිය. පංචකර්මව...
04/08/2021

ස්ත්‍රී රුව වඩන කේරළීය රහස්…

කේරළ ප්‍රතිකාර පංචකර්මය කාන්තාවන්ගේ රූමත් බව ඔපමට්ටම් කරගැනීම සඳහාද භාවිත කළ හැකිය. පංචකර්මවල ස්වරූපය වෙනස්කර ගනිමින්ද ඒවා වඩා සරල මෙන්ම පොදු ජනතාවට භාවිත කළ හැකි වන ආකාරයට පරිවර්තනය කිරීමේදීද කේරළීය වෛද්‍යවරු දක්වන්නේ මහත් වූ සමර්ථකමකි. මෙවැනි විවිධ ප්‍රතිකාර විධි කේරළ ජනයා අතර සුලභව දක්නට ඇති අතර ඒවා “කේරළීය ප්‍රතිකාර” ලෙස හැඳින්විය හැකිය.

01. කේරළ ප්‍රතිකාර

පංචකර්මය කාන්තාවන්ගේ රූමත් බව ඔපමට්ටම් කරගැනීම සඳහාද භාවිත කළ හැකිය. පංචකර්මවල ස්වරූපය වෙනස්කර ගනිමින්ද, ඒවා වඩා සරල මෙන්ම පොදු ජනතාවට භාවිතා කළ හැකි වන ආකාරයට පරිවර්තනය කිරීමේදීද, කේරළීය වෛද්‍යවරු දක්වන්නේ මහත් වූ සමත්කමකි. මෙවැනි විවිධ ප්‍රතිකාර විධි කේරළ ජනයා අතර සුලභව දක්නට ඇති අතර ඒවා “කේරළීය ප්‍රතිකාර” ලෙස හැඳින්විය හැකිය.

කාන්තාවන්ගේ රූප සම්පත වැඩිදියුණු කරන මෙවැනි කේරළීය ප්‍රතිකාර විධි බොහොමයක්ම පවතී. මේවා ඉතා සරල වුවද තරුණ කාන්තාවන්ගේ ආකර්ෂණයට ලක්වන ප්‍රතිකාර ක්‍රමවෙයි. මේ ප්‍රතිකාර විධි ක්‍රමානුකූලව මෙන්ම නිරතුරු භාවිත කරන්නේ නම්, පැහැපත් සමක් සහිත සුන්දර සිරුරකට හිමිකම් කිව හැකිය. තරුණ කාන්තාවන්ගේ තරුණ බව බොහෝ කල් රඳවා තබා ගැනීමටද මේවා උපකාරී වෙයි.

02. තෛල අභ්‍යංගය (සිරුර පුරා තෙල් ගා පිරිමැදීම)

නිරෝගීව සිටීමටත් සුන්දරත්වය රැක ගැනීමටත් මෙය බහුලව සිදුකරයි. ඉන්දීය තරුණ තරුණියෝ දිනපතාම උදෑසන නෑමෙන් පසුව සුදුසු තෙල් වර්ගයක් ඇඟ ගැලවීම පුරුද්දක් ලෙස සිදුකරති. විවිධ ඖෂධීය තෙල් වර්ග, ඔලිව් තෙල්, තල තෙල් සහ සමහර විටෙක අබතෙල්ද මෙසේ ශරීරයේ ගැල්වීම සඳහා අවස්ථානුකූලව යොදාගනී. මෙමඟින් සම රැලිවැටීම වළක්වයි. සම වියළීිම වළක්වයි. සමේ පැහැය හා පැහැපත්කම වැඩිදියුණු කරයි. සම නිරෝගීමත් කරයි. දිනපතාම හෝ අඩුම තරමින් සතියකට දෙතුන්වරක් තෙල් ගැල්වීමෙන් තුරුණ පෙනුම හොඳින් ආරක්ෂා වේ.

කිරිබත් තැවිල්ල

එළකිරි සමඟ තවත් ශාක තැම්බීමෙන් ලබාගන්නා කසාය වර්ගයකින් කිරිබතක් උයා, එයින් ශරීරය තැවීම කේරළයේ වෛද්‍යවරුන් හඳුන්වන්නේ “Navarakizhi”යන නමිනි. අංශභාගය වැනි රෝග සුවකිරීම සඳහා මෙවැනි ඖෂධ යොදාගන්නවා. ඒ වගේම ශරීරය තරමක් කෙට්ටු, සම වියළීමේ ස්වභාවයක් ගන්න තරුණියන්ගේ, එම තත්ත්වයට කරන ප්‍රතිකාරයක් වශයෙන් ද මෙය යොදාගන්න පුළුවන්. මුලින්ම ඇඟේ තෙල් ගා සම්බාහනය කිරීමෙන් පසුව මෙසේ පිළියල කරගන්නා කිරිබත් වලින් මඳ රස්නයෙන් තවන්න අවශ්‍යයි. කිරිබත් තැවිල්ලෙන් කෙට්ටු තරුණියන් පෘෂ්ටිමත් වෙනවා. ඒ වගේම සුන්දර වෙනවා. සම ලස්සන වෙලා මෘදු වෙනවා. සම රැලිවැටීම නැති වෙනවා. එපමණක් නොව ඔවුන්ට සන්ධි ආශ්‍රිත අසනීප වැනි තත්ත්ව තිබෙනවා නම් ඒවත් සනීප වෙනවා. ඔබ කෙට්ටු නම් පෘෂ්ටිමත් වීමට මෙම ප්‍රතිකාරය කරල බලන්න පුළුවන්.

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා -

හෙළ ඔසු ස්ත්‍රී රුව වඩන කේරළීය රහස්… Posted on August 3, 2021August 3, 2021 by helaosupiyasa 03 Aug කේරළ ප්‍රතිකාර පංචකර්මය කාන්තාවන්ගේ රූමත් බව ඔපමට්.....

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when හෙළ ඔසු පියස - Hela Osu Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to හෙළ ඔසු පියස - Hela Osu Piyasa:

Share