27/04/2026
මහනුවර නගරයේ ඩෙංගු වලින් තොර හෙට දවසක් ……..
2026/04/17 වන දින දොඩම්වල, බෝගම්බර වසම් වල පරීශ්‍රයන් 128ක් නාගරික සෞඛ්යැ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කරන ලදි. ඒ අතර නිවාස 96ක්, රාජ්‍ය ආයතන04ක්, පෞද්ගලික ආයතන 04ක්, ආගමික ස්ථාන 02ක්, වැඩ බිම් 01ක් සහ පොදු ස්ථාන 01ක් ද විය. ඉන් ජලය සහිත මදුරුවන් බෝ විය හැකි ස්ථාන 76ක් හා ජලය රහිත මදුරුවන් බෝ විය හැකි ස්ථාන 23ක් එම අවස්තාවේදී ම විනාශ කරන ලදි. එමෙන්ම කීටයන් සිටි ස්ථාන 18ක් සොයා ගන්නා ලදි.
හොඳින් බලන්න......මෙවැනි තැන් ඔබේ ගෙවත්තේද තිබිය හැකිය...... අප විසින් පැමිණ පෙන්වා දෙන තුරු නොසිට අදම විනාශ කර දමන්න......
.....ඔබගේ නිවස ගෙවත්ත පමණක් නොව සේවය කරන ස්ථානය තුලද මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතින්නේදැයි විමසිලිමත් වන්න.... එසේ ඇති නම් හැකි ඉක්මනින් ඒවා විනාශ කර දමන්න.......
නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව - මහනුවර මහා නගර සභාව