Emerald Happy Life Retirement Resort

Emerald Happy Life Retirement Resort Emerald Medical Centre is a well-equipped private hospital in Balagolla. We aim to provide high services standards to the people by delivering needy healthcare.

Our services are:
OPD
Channeling Consultation Services
Diabetic Care
Medical Reports Etc.

19/02/2023

Job vacancy ....!

Doctor for the OPD

( MBBS doctor. or RMO)
A Retired doctor specially considered )
Please contact Priyanthi-0718095249)

ජීවක ඔවදන් -5කෝඨර ප්‍රදාහය ( Sinusitis )ජන සමාජයේ බහුලවශයෙන් පවතින රෝග තත්ත්වයක් ලෙස කොඨර ප්‍රදාහය හෙවත් sinusitis හදුන්...
01/05/2022

ජීවක ඔවදන් -5
කෝඨර ප්‍රදාහය ( Sinusitis )

ජන සමාජයේ බහුලවශයෙන් පවතින රෝග තත්ත්වයක් ලෙස කොඨර ප්‍රදාහය හෙවත් sinusitis හදුන්වන්නට පිලිවන්.
අපගේ හිස්කබලේ ඇස් වලට උඩින් නාසය දෙපැත්තේ උඩු ඇන්දේ දත් වලට උඩින් සහ කන පිටුපස වාත කුටීර කිහිපයක් පිහිටා තිබෙනවා.
මෙම වාත කුටීර වල ඇතුලත බිත්තිය ආවරණය වී ඇත්තේද අපගේ නාසයේ ඇතුලත මෙන්ම සෙම නිපදවන සුලු පටලයකිනි. මෙම පටල වලින් සුලු වශයෙන් ශ්ලේෂ්මල හෙවත් සෙම නිපදවෙනවා.මෙම සෙම කෝඨර වල සිට නාසය වෙත ගලාවිත් වියලී යනවා.
අපට සෙම්ප්‍රතිශ්‍යාව හැදුනුවිට හෝ යම්කිසි අසාත්මිකතාවයක් ( allergy ) ඇතිවූවිට නාසයෙන් ශ්ලේෂ්මල වැඩිපුර නිපදවන ලෙසටම ඉහත සදහන් කෝඨර තුල ඇති පටල ඉදිමී සෙම වැඩියෙන් නිපදවනවා.කෝඨර තුලින් සෙම පිටතට ගලායන නාලද ඉදිමීම නිසා අවහිර වෙනවා.මෙම සෙම කෝඨර තුල අවහිරවී බැක්ටීරියා ආසාදනය නිසා පැසවනවා.එවිට හිසරදය,මුහුනේ වේදනාව, උණ වැනි රෝග ලක්ෂණ සහ නාසයෙන් දුර්ගන්දයක් පිටවීම සිදුවෙනවා.මෙම තත්ත්වය අප කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ලෙස හදුන්වනවා.මෙය කෙටි කාලීනව සහ දිගුකාලීනව ඇති වන්නට පිලිවන්.
නාසය මැද බිත්තිය අසමමිතික ලෙස පැත්තකට ඇදවූ විටත් එම පැත්ත අවහිරවී කෝඨර ප්‍රදාහය ඇති වෙනවා.තවද ආමාශයේ අම්ල තත්ත්වය වැඩිවූ විට (gastritis) ගලනාලය දිගේ අම්ලය සහ අම්ල වෂ්ප ඉහලට ගමන්කිරීම නිසාද කෝඨර ප්‍රදාහය ඇතිවෙනවා.
මෙසේ නාසයේ සහ උගුරේ පටල ඉදිමෙන විට මැද කනේ සිට උගුර වෙත ඇති යුස්ටේකීය නාලය අවහිරවී මැද කනේ අඩු පීඩන ( negative pressure )තත්වයක් ඇතිවී කනේ ඇසීම අඩුවීම සහ කනේ වේදනාව සහ අපහසුතා ඇතිවෙනවා.
රෝග ලක්ෂණ වලට අමතරව X-Ray,CT සහ MRI වැනි පරීක්ෂණ මගින් රෝගය තහවුරු කරගැනීමට පිලිවන්.
ඖෂධ ප්‍රතිකාර,උණුසුම් ජලවාෂ්ප දුම් ඇල්ලීම,නාසයට ඖෂධ දියර හෝ ඖෂධ වාෂ්ප ඇතුලු කිරීම සහ විවිධ ශල්‍යකර්ම කිරීම මේ සදහා ප්‍රතිකාර ලෙස හදුන්වන්නට පිලිවන්.

ජේෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක,
අධ්‍යක්ෂ,
එමරල්ඩ් මෙඩිකල් සෙන්ටර්,
බලගොල්ල,
මහනුවර.
( වෛද්‍යවරයා හමුවිය හැකි වේලාවන්- සෑම ඉරිදා දිනයන්හි පස්වරු 5.00 සිට පස්වරු 8.00 දක්වා)

විමසීම් සඳහා අමතන්න 081 2051153, 081 2054773

26/04/2022

ජීවක ඔවදන් - 4
කොන්ඩෙ බැදගන්ඩවත් බෑ.......!

"අනේ ඩොක්ට මගෙ එක උරපත්තක් හොදටම වේදනයි. කිසි වැඩක් කරන්ඩත් බෑ .අඩුම තරමේ මගෙ කොන්ඩෙ බැදගන්ඩවත් බෑ"
මෙය බොහෝවිට කාන්තාවන් වෛද්‍යවරුන් වෙත පැමිණ කරනුලබන මැසිවිල්ලක් .
මෙය අප Frozone shoulder හෝ Adhesive capsulitis ලෙස හදුන්වනවා.මෙම රෝග තත්ත්වය කාන්තාවන් අතර බහුලය.
මෙහිදී සිදුවන්නේ අපගේ උරපතු සන්ධිය අසල ඇති පටක වල ප්‍රදාහයක් නිසා ඇතිවන පටක තදවීමෙන් වේදනා ගෙනදීමකි.
උරපත්තට ඇතිවන බාහිර හානියක් නිසා හෝ බොහෝවිට සොයාගත නොහැකි හේතුවක් නිසා මෙම රෝග තත්ත්වය ඇතිවන අතර දියවැඩියාව,තයිරොයිඩ් ග්‍රන්තියේ රෝග සහ ස්නායු රෝග ( Parkinson's disease ) වැනි රෝග ඇති පුද්ගලයින් අතර මෙය බහුලය.රාත්‍රී කාලයට සහ සමහර ඉරියව් වලදී උරපතු හංදියේ සහ අතේ තදබල වේදනාවක් ගෙනදෙන මෙම රෝගය සදහා ප්‍රතිකාර ලෙස වේදනා නාශක ඖෂධ ගැනීම සහ ව්‍යායාම ( physiotherapy )කිරීම ප්‍රදාන තැනක් ගනී.වේදනාව ඇතිවිට එම ස්තානයේ අයිස් තැබීමෙන් තාවකාලිකව සුවයක් ඇතිවේ. Physiotherapy කිරීමද දිගුකාලීනව කිහිප වරක් කලයුතු අතර නිදාගන්නා විට නියමිත අයුරින් ඉරියව් පවත්වාගැනීම ඉතා වැදගත්වන අතර ඔබගේ බෞතචිකිත්සක ( physiotherapist ) මේ සදහා ඔබට උපදෙස් දෙනු ඇත.
තවද ඖෂධ නික්ශේපනයක්(injection) ලබාදීම සහ කලාතුරකින් සැත්කමක් කිරීමද මේ සදහා ප්‍රතිකාර ලෙස කරනු ලැබේ.

ජේෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක,
අධ්‍යක්ෂ,
එමරල්ඩ් මෙඩිකල් සෙන්ටර්,
බලගොල්ල,
මහනුවර.
( වෛද්‍යවරයා හමුවිය හැකි වේලාවන්- සෑම ඉරිදා දිනයන්හි පස්වරු 5.00 සිට පස්වරු 8.00 දක්වා)

විමසීම් සඳහා අමතන්න 081 2051153, 081 2054773

ජීවක ඔවදන් -1විලිම්බුව රිදෙනවා"ඩොක්ටර් මට උදේට නැගිටනකොට ටික වෙලාවක් යනකං ඇවිදගන්ඩ බෑ විලිම්බුව රිදෙනවා "මෙය බොහෝ රෝගීන්...
26/04/2022

ජීවක ඔවදන් -1

විලිම්බුව රිදෙනවා

"ඩොක්ටර්
මට උදේට නැගිටනකොට ටික වෙලාවක් යනකං ඇවිදගන්ඩ බෑ විලිම්බුව රිදෙනවා "
මෙය බොහෝ රෝගීන් මැසිවිලි නගන රෝගයකි.මෙය වෛද්‍ය විද්‍යාත්මකව Plantar Fascitis ලෙස හදුන්වන රෝගී තත්ත්වයකි.
මුලදී මෙය වේදනා දෙන්නේ උදේ රෝගියා නින්දෙන් අවදිවන විටය.පසුව ටිකවේලාවක් එකතැන වාඩිවී සිට නැගිට ඇවිදිනවිට හෝ තවත් කල් ගතවූ විට දවසේ පැය 24 පුරාම වේදනා දෙයි.මුල් අවදියේ දී මද රස්නය වතුර භාජනයක විලිම්බුව ඔබාගෙන සිටිවිට හෝ උනුසුම් රෙදිකගකින් තැවූ විට මද සහනයක් ගෙන දුන්නද පසුව ඖෂධ ප්‍රතිකාර සදහා යා යුතු වේ.අවාසනාවකට මේ සදහා ඇති ඖෂධ බොහෝ රෝගීනට ආමාශයේ ප්‍රදාහ තත්ත්ව (gastritis )නිසා ඔරොත්තු නොදේ.
මෙනිසා ස්තීර ප්‍රතිකාරයක් ලෙස එක්වරක් පමනක් විලිම්බුවට ලබාදෙන නික්ශේපනයක්(injection) මගින් මෙම රෝගය සුවපත් කල හැක.මෙම නික්ශේපනය ලබාදීමට පෙර රෝගියාගේ ලේ වල සීනි ප්‍රමාණය සාමාන්‍ය විය යුතු අතර රෝගියාට අසාත්මික තාවයන් ( allergies )තිබේදැයි දැනගත යුතුය.
බොහෝ රෝගීහු මෙම නික්ශේපනය(injection) ලබා ගැනීමට බිය වෙහි.නමුත් පලපුරුදු වෛද්‍ය වරයෙකු ( consultant )විසින් මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නම් රෝගියා බියවිය යුතු නැත.

ජේෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක,
අධ්‍යක්ෂ,
එමරල්ඩ් මෙඩිකල් සෙන්ටර්,
බලගොල්ල,
මහනුවර.
( වෛද්‍යවරයා හමුවිය හැකි වේලාවන්- සෑම ඉරිදා දිනයන්හි පස්වරු 5.00 සිට පස්වරු 8.00 දක්වා)

විමසීම් සඳහා අමතන්න 081 2051153, 081 2054773

26/04/2022

ඇදුම සදහා උරන බෙහෙත් නිවැරදිව පාවිච්චි කරන ආකාරය වෛද්‍ය වරයා හමුවිය හැකි වේලාවක් සෑම ඉරිදා දිනකම පස්වරු 5.00 සිට පස්වරු 8.00 දක්වා බලගොල්ල එමරල්ඩ් වෛද්‍ය ආයතනයේදී.

බලගොල්ලේ සියලුම පහසුකම් සහිත එමරල්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට පිවිසෙන්න.

For more information, please call 0812 051 153.

~නිවැරදිව ඉන්සුලින් නික්ශේපණයක් ලබා ගන්නා ආකාරය.~ https://youtu.be/AmHDf6SV_ykජේ‍්‍යෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සුමුදු ...
26/04/2022

~නිවැරදිව ඉන්සුලින් නික්ශේපණයක් ලබා ගන්නා ආකාරය.~ https://youtu.be/AmHDf6SV_yk

ජේ‍්‍යෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක
අධ්‍යක්ෂ,
එමරල්ඩ් මෙඩිකල් සෙන්ටර්,
බලගොල්ල, මහනුවර.
(වෛද්‍යවරයා හමුවිය හැකි වේලාවන්- සෑම ඉරිදා දිනයන්හි පස්වරු 5.00 සිට පස්වරු 8.00 දක්වා, Call 081 2051153 for more information.)

Emerald Medical Centre is a government-approved private medical facility staffed by experienced and qualified doctors an...
26/04/2022

Emerald Medical Centre is a government-approved private medical facility staffed by experienced and qualified doctors and nursing staff. We guarantee quality service and ensure to go above and beyond to meet your expectations and provide you with the best medical care possible.

එමරල්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානය, පළපුරුදු සහ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයෙන් සමන්විත රජයේ අනුමත පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකි. අප ගුණාත්මක සේවාවක් සහතික කරන අතර ඔබේ අපේක්ෂාවන් සපුරාලීමට සහ ඔබට හැකි හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට බැඳී සිටින්නෙමු.

26/04/2022

Address

New 82/2, Kengalla, Balagolla
Kandy

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94812051153

Website

Alerts

Be the first to know and let us send you an email when Emerald Happy Life Retirement Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Emerald Happy Life Retirement Resort:

Share