ජීවක - Jeewaka

ජීවක - Jeewaka "පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ඖෂධ අනුකමිටුව මඟින් මෙහෙයවනු ලබන සමාජ සත්කාරයකි."

👀👩මොකක්ද මේ ඇසේ සුද (👁️‍🗨️ Cataract) කියන්නේ?💥ඇසේ සුද ඇති වීම යනු ඇස තුළ ඇති කාචයේ (lens) පැහැදිලි බව නැති වී යාමයි. මෙම...
11/04/2026

👀👩මොකක්ද මේ ඇසේ සුද (👁️‍🗨️ Cataract) කියන්නේ?

💥ඇසේ සුද ඇති වීම යනු ඇස තුළ ඇති කාචයේ (lens) පැහැදිලි බව නැති වී යාමයි.
මෙම තත්ත්වය ඇසේ කාචයේ අඩංගු ප්‍රෝටීන වල වෙනස්කම් ඇතිවීමෙන් සිදුවේ.

✨ ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

⭕බොහෝ දෙනාට මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නොදැනේ. 😶

⭕රෝගය උත්සන්න වන විට👇

👁️ පෙනීම අපැහැදිලි වීම
🌫️ ආලෝකය දෙස බැලීමේදී මීදුමක් වගේ දිස් වීම
💡 රාත්‍රියේ විදුලි පහන් ආලෝකය නිසා දැඩි අපහසුතාවක්‌ දැනේ.
🚗 රාත්‍රී කාලයේ ඉදිරියෙන් එන මෝටර් රථවල ආලෝකය දෙස බැලීමට අපහසු වීම
🎨 වර්ණවල ත්‍රීව්‍රතාව අඩුවීම
📖 කියවීමට අපහසු වීම
👓 නිතර කණ්ණාඩි මාරු කිරීමට සිදුවීම

⚠️ ඇසේ සුද ඇතිවීමට හේතු

👴 වයස්ගත වීම (ප්‍රධාන හේතුව)
🩸 පාලනය නොවුණු දියවැඩියාව
🤕 ඇසට සිදුවන අනතුරු
💊 සමහර ඖෂධ භාවිතය
☀️ දිගු කාලයක් අධික සූර්යාලෝකයට නිරාවරණය වීම

💊 ප්‍රතිකාර

ඇසේ සුද සඳහා එකම නිශ්චිත ප්‍රතිකාරය ශල්‍යකර්මයයි. 🏥

🔹 Phacoemulsification (වැඩිපුර භාවිතා කරන ක්‍රමය)
🔹 Extracapsular Cataract Extraction (ECCE)

මෙහිදී 👇
🔸 Artificial intraocular lens (IOL) එකක් දමනු ලැබේ 👁️✨

🚨 සංකූලතා (ප්‍රතිකාර නොකළහොත්)

❌ සම්පූර්ණ අන්ධභාවය
❌ ග්ලුකෝමා වැනි තත්ත්ව

🛡️ වැළැක්වීම

🕶️ UV sunglasses භාවිතා කිරීම
🩺 දියවැඩියාව හොඳින් පාලනය කිරීම
💊 වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිතය
🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර

ඇසේ සුද යනු සරලව කියනවා නම් “ඇසේ කාචය මීදුම් වීම” (clouding of the lens) ලෙස හැඳින්විය හැකි අතර, කාලෝචිතව හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි තත්ත්වයකි. 💙👁️

Source - World Health Organization

Article by :- Tharushi Nethmini
Graphic by :- Amila Laksh*tha

🌍 World Health Day 2026: Together for Health, Stand with Science🗓️ What is World Health Day?World Health Day is observed...
07/04/2026

🌍 World Health Day 2026: Together for Health, Stand with Science

🗓️ What is World Health Day?

World Health Day is observed every year on April 7 and is led by the World Health Organization.

🔸 It highlights major global health challenges and encourages people, communities, and governments to take action for better health.

🌐 Theme for 2026: Together for Health – Stand with Science
For 2026, the focus is on scientific collaboration and health equity, encouraging people worldwide to trust science and work together to improve health systems.

This theme emphasizes:

🔸The importance of science in preventing diseases

Global cooperation to protect human, animal, and environmental health

Strengthening healthcare systems so everyone can access care

🔹It also supports the idea of universal health coverage, meaning everyone should receive healthcare without financial hardship.

🧬 Why This Theme Matters

Even today:
🔸Many people still lack access to essential healthcare services

🔹Health inequalities exist between rich and poor communities

🔸Scientific solutions are available, but not equally accessible
World Health Day 2026 calls for unity and evidence-based action to close these gaps and improve global well-being.

👩‍⚕️ Importance of Science in Health

Science plays a key role in:

Developing vaccines and medicines
Preventing outbreaks and pandemics
Improving maternal, child, and elderly care
Protecting the environment (clean air, water, food safety)
When countries collaborate and trust scientific evidence, health outcomes improve for everyone.

💡 Patient Advice for a Healthy Life

🥗 1. Eat Healthy & Balanced Meals
Include fruits, vegetables, proteins, and whole grains
Reduce sugar, salt, and processed foods

💧 2. Stay Hydrated & Maintain Hygiene
Drink safe, clean water daily
Wash hands regularly to prevent infections

🏃‍♂️ 3. Stay Physically Active
Exercise at least 30 minutes daily
Choose simple activities like walking, cycling, or yoga

🧠 4. Care for Your Mental Health
Practice relaxation (meditation, breathing exercises)
Talk to friends, family, or professionals when stressed

🏥 5. Regular Medical Check-ups
Monitor blood pressure, sugar, and weight
Early detection helps prevent serious illness

💉 6. Follow Scientific Medical Advice
Take medicines only as prescribed
Avoid misinformation—trust healthcare professionals

🚫 7. Avoid Harmful Habits
Say no to smoking, alcohol abuse, and drugs
Limit junk food and screen time

🌱 Community & Global Responsibility

🤝 Communities should:

Spread awareness about health and hygiene
Support local health programs
Encourage vaccination and preventive care

🏛 Governments should:

Improve healthcare access for all Invest in research and science provide affordable healthcare services

🌍 Final Message

✨️World Health Day 2026 reminds us that health is a shared responsibility.

✨️By trusting science, supporting each other, and adopting healthy lifestyles, we can build a world where everyone has access to quality healthcare.

✨ Together for health, we can create a safer, healthier future for all.

Source :- World Health Organization

Article by :- Subash Himsara
Graphic by :- Amila Laksh*tha

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වෙමු. 🎗️💗⚜️ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට වැළඳෙන පිළිකා අතුරින්  වඩාත් සුලබතම  වන්නෙ පියයුරු ප...
02/04/2026

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වෙමු. 🎗️💗

⚜️ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට වැළඳෙන පිළිකා අතුරින් වඩාත් සුලබතම වන්නෙ පියයුරු පිළිකාවයි. 📢

2500ක් පමණ නව රෝගීන් ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා වන අතර මින් 2% ක ප්‍රමාණයක් පිරිමින් වේ. 📊📈

ස්තන ග්‍රන්ථි හෝ ස්තන නාලිකාවල සෛල අසාමාන්‍ය ලෙස බෙදීමෙන් පියයුරු පිළිකා හට ගනී.

මේ සඳහා බලපාන අවධානම් සාධක පහත පරිදි වේ. ⚠️🧬

⭕ පියයුරු පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබීම(මවට/සහෝදරියට) 👩‍👧🧬

⭕ පියයුරු ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වූ කාන්තාවක් වීම 🏥💉

⭕ දරුවන් නොමැති කාන්තාවන් හෝ අවුරුදු 35ට පසු දරුවන් බිහි කළ කාන්තාවක් වීම 👶👩‍👦

⭕ අවුරුදු 11ට පෙර පළමු මාසික රුධිර ස්‍රාවය ආරම්භ වූ කාන්තාවක් වීම 🩸📅

⭕ අවුරුදු 55ට පසු ආර්තවහරණය වූ කාන්තාවක් වීම 📅⏳

⭕ ආර්තවහරණයෙන් පසු අධික ලෙස ස්ථුල වීම ⚖️🍔

⭕ වෛද්‍ය උපදෙස් නොමැතිව දිගු කාලයක් පුරාවට හෝමෝන පෙති භාවිත කර තිබීම 💊⚠️

නමුත් බොහෝ පියයුරු පිළිකා ඉහත සාධක කිසිවක් නොමැති කාන්තාවන් අතරද දැක ගත හැක. ☹️

එලෙසම පියයුරුවල ඇති සෑම ගැටිත්තක්ම පිළිකාවක්ද නොවේ. ❗💡

රෝග ලක්ෂණ වන්නේ, 🔍🩺

✅ පියයුරු දෙක අතර නව වෙනසක් හෝ අසමානතාවයක් තිබීම ⚖️
✅ පියයුරුවල ගැටිති තිබීම (breast lump) 🔵
✅ පියයුරු ආශ්‍රිත සම ගැඹුරු වීම (dimpling)
✅ සමේ වෙනස්කම් පැවතීම (orange peel වැනි පෙනුමක් හෝ සම ඝන වීම) 🍊
✅ නිපල් (ni**le) වෙනස් වීම හෝ ඇතුළට ඇදීම (retraction)
✅ නිපල් වලින් දියරයක් පිටවීම (discharge) 💧
✅ පියයුරුවල වේදනාවක් තිබීම. 😖⚡

ඉක්මනින් හඳුනා ගතහොත් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බැවින් කල් තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. ⏳✅

මාසිකව සිදු කරන ස්වයං පරීක්ෂාවක් මඟින් කාන්තාවන්ට මෙය සිදු කර ගත හැක. 🩺🙋‍♀️

ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර කෙටියෙන් පහත දක්වා ඇත. 👇📋

⭕ පළමුව ආවරණය වූ ස්ථානයක් තෝරාගන්න 🏠🔒
ඔබගේ ශරීරයේ ඉහළ කොටසෙහි ඇඳුම් සියල්ල ඉවත් කරන්න.

⭕ කණ්ණාඩියක් ඉදිරියේ සිටගන්න. 🪞👀

⭕ පහත දක්වා ඇති ඉරියව්වලින් පියයුරු දෙකෙහි කිසිඳු වෙනසක් තිබේදැයි නිරීක්ෂණය කරන්න. 👀🔍

🔅අත් දෙක පැත්තට තබා සෘජුව නැගී සිටීමෙන්
🔅අත් දෙක හිසට ඉහළින් ඔසවා තබා ගැනීමෙන් 🙆‍♀️
🔅අත් දෙක ඉනට තබා පහළට තද කරගැනීමෙන්

වෙනස්කම් සඳහා ස්පර්ශ කර පරීක්ෂා කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. ✋🩺

⭕ ඇඳක් මත වැතිරී හෝ ඉඳගෙන හෝ සිටගෙන පරීක්ෂා කළ හැක. 🛏️

🔅 ඔබ ඇඳෙහි වැතිරී සිටිනවා නම්, පරීක්ෂා කරන පියයුරට අදාළ පැත්තේ උරහිස යටට තුවායක් තබන්න.

🔅 දකුණු පියයුර වම් අතින්ද, වම් පියයුර දකුණු අතින්ද පරීක්ෂා කරන්න.

🔅 අත හිසට ඉහළින් ඔසවා, දෙපැත්තේම කිහිල්ල (armpit) පරීක්ෂා කරන්න.

🔅 මේ සඳහා ඇඟිලිවල මෘදු කොටස (finger pads) භාවිතා කරන්න. 👆

🔅 පියයුරු බාහිර සිට ඇතුළට, නිපල් (ni**lei) දෙසට දක්ෂිණාවර්තව අංශක 360 කරකවමින් ස්පර්ශ කර පරීක්ෂා කරන්න.
ගැටිති, යම් අපහසුවක් හෝ වේදනාවක් තිබේදැයි බලන්න. 🔄🔍

🔅 එම පැත්තේම අත් යට එනම් කිහිළිවලද එවැනි අසාමාන්‍යතා තිබේදැයි පරීක්ෂා කරන්න.

🔅 නිපල් වටා ඇති අඳුරු වටය (areola),මහපට ඇඟිල්ල හා පළමු ඇඟිල්ල භාවිතා කර මෘදු ලෙස මිරිකා කිරි හැර වෙනත් දියරයක් පිටවෙනවාදැයි බලන්න. 🧪💧

සෑම කාන්තාවක්ම මෙය සෑම මාසයකම එක් වරක් කළ යුතුය. 📆🔁

🔖 මාසික ඔසප්වීම ඇති කාන්තාවන් නම්, මාසිකය අවසන් වී සති 1කට පසු මෙම පරීක්ෂාව කළ යුතුය.

🔖 ආර්තවහරණයෙන් පසු කාන්තාවන් නම්,සෑම මාසයකම තෝරාගත් එකම දිනයක මෙම පරීක්ෂාව කළ යුතුය.

කිසියම් හෝ අසාමාන්‍යතාවයක් හමුවුවහොත් ⚠️❗
ඔබගේ ප්‍රදේශයේ සුවනාරි සායනය (Well Woman Clinic) වෙත යාම,රජයේ හෝ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු හමුවීම,ආසන්නම රෝහලේ ශල්‍ය සායනය වෙත යාම සිදු කළ යුතුය. 🏥👩‍⚕️

පියයුරු පිළිකා හඳුනාගැනීමට සාමාන්‍යයෙන් කරන පරීක්ෂණ වන්නේ, 🔬🧫

♦️ මැමෝග්‍රැෆි (Mammography) 🩻
♦️ අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාව (Ultrasound scan) 🖥️
♦️ පියයුරු සෛල නියැදියක් ලබාගෙන පරීක්ෂා කිරීම
යනාදියයි. 🧪

📢 මැමෝග්‍රැෆි යනු X කිරණ භාවිතා කර කරනු ලබන පරීක්ෂාවක් වන අතර ස්පර්ශ කර ගැටිත්තක් (lump) හඳුනාගැනීමට පෙර පවා පියයුරු පිළිකා හඳුනාගැනීමට හැකි වේ.

මෙය භාවිතා කර පියයුරු පිළිකා ,ස්වයං ස්තන පරීක්ෂාවෙන් හඳුනාගැනීමට වසර දෙකකට පමණ පෙර හඳුනාගත හැක. 🩻🔍

📛 වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන් සහ අවදානම වැඩි කාන්තාවන් සඳහා මෙම පරීක්ෂාව නිර්දේශ කරනු ලබයි.

⭕ පියයුරු පිළිකා හඳුනාගතහොත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සුදුසු ප්‍රතිකාර සැලැස්මක් සකස් කරනු ඇත. 👨‍⚕️👩‍⚕️📝

ඉක්මනින් හඳුනාගත්හොත්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ශරීරය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා වැඩි අවස්ථාවක් සැලසේ. 💪🌸

Source :- World Health Organization

Article by :- Malmi Fenando
Graphic by :- Amila Laksh*tha


🦠 හර්පීස් කියන්නේ මොකක්ද? 🤔Herpes Simplex Virus (HSV) 🧬 නම් වෛරසයකින් ඇතිවන බෝවන රෝගී  තත්ත්වයකි.💊 මෙය සුව කළ නොහැකි නමු...
29/03/2026

🦠 හර්පීස් කියන්නේ මොකක්ද? 🤔

Herpes Simplex Virus (HSV) 🧬 නම් වෛරසයකින් ඇතිවන බෝවන රෝගී තත්ත්වයකි.

💊 මෙය සුව කළ නොහැකි නමුත් ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්.

🔬 හර්පීස් වර්ග දෙක (The Two Types)

ප්‍රධාන පැතිරෙන මාර්ගය සාමාන්‍ය ආසාදන ස්ථානය

1️⃣. HSV-1 👄

ව්‍යාප්තිය - මුඛ සම්බන්ධතා (සිප ගැනීම, කෙළ)

ආසාදන ස්ථානය- මුඛය අවට (Oral Herpes / Cold Sores)

2️⃣. HSV-2 🍑

ව්‍යාප්තිය - ලිංගික සම්බන්ධතා

ආසාදන ස්ථානය - ලිංගික ප්‍රදේශ (Ge***al Herpes)

📌 සටහන: HSV-1 මගින් ද ලිංගික හර්පීස් ඇති වෙන්න පුලුවන්. ⚠️ වැඩිහිටියන්ගෙන් බහුතරයක් HSV-1 ආසාදනය වී සිටිනවා. 🤕

😶‍🌫️ රෝග ලක්ෂණ -

🔖 බොහෝ ආසාදිතයින්ට කිසිදු ලක්ෂණයක් නොපෙන්වයි ❌
නමුත් ඔවුන් නොදැනුවත්වම වෛරසය අන් අයට බෝකරන්න පුලුවන් 😬

1️⃣. ආසාදිත ප්‍රදේශයේ දිය බිබිලි (Vesicles) ඇතිවීම
2️⃣. ඒවා කැඩීයාමෙන් වේදනාකාරී තුවාල (Painful ulcers) 🩸
3️⃣. ලිංගික හර්පීස් (HSV-2) වලදී – ශිෂ්ණය 🍆, යෝනි මාර්ගය 💮, හෝ ගුද මාර්ගය 🌀 වල තුවාල
4️⃣. මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා කිරීමේ අපහසුතාව 🚽
5️⃣. දරුණු අවස්ථාවලදී – උණ 🌡️ සහ වසා ගැටිති ඉදිමීම

⚠️ ප්‍රථම ආසාදන අවස්ථාව බහුතරයක් විට වැඩියෙන් වේදනාකාරී හා සංකීර්ණ වේ.

🧫 රෝග විනිශ්චය (Diagnosis) :-

🧪 නිවැරදි විනිශ්චය සඳහා රුධිර පරීක්ෂා හෝ තරල සාම්පල මගින් රසායනාගාර පර්යේෂණ අවශ්‍ය වේ.

💊 ප්‍රතිකාර සහ කළමනාකරණය (Treatment & Management) :-

📝 ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණවල කාලසීමාව සහ බරපතලකම අඩු කළ හැකි නමුත්,
🦠 වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බැහැ.

🔹 ප්‍රතිවෛරස ඖෂධ:
Acyclovir, Famciclovir, Valacyclovir 💊
➡️ රෝග ලක්ෂණ පටන් ගත් පසු පැය 48ක් ඇතුළත ආරම්භ කළහොත් වැඩියෙන් ඵලදායී වෙනවා🕓

🔹 Suppressive Therapy:
නිතරම රෝග ලක්ෂණ ඇතිවන අයට දෛනිකව අඩු මාත්‍රාවකින් ඖෂධ ලබා දෙයි 🗓️

🔹 වේදනාව සමනය:
Paracetamol හෝ Ibuprofen 🩹
🔸 තුවාල වලට Lidocaine වැනි දේශීය ආලේපන 🧴

🛑 වෛරසය නැවත සක්‍රිය වීමට හේතු (Triggers) :-

😷 අසනීප හෝ උණ
☀️ සූර්ය නිරාවරණය (Sun exposure)
😩 මානසික ආතතිය (Stress)
🩸 ආර්තවය (Menstrual period)

🚨 වැදගත් සංකූලතා (Complications) :-

🔴 HIV අවදානම:

HSV-2 ආසාදනය මගින් HIV ආසාදනය වීමේ අවදානම 3 ගුණයෙන් වැඩි වෙනවා. 🤒

HSV-2 සහ HIV දෙකම ඇති පුද්ගලයින් අන් අයට HIV බෝකරන අවදානමද වැඩියි ⚠️

👶 Neonatal Herpes:

ගැබිනි මවකගෙන් දරු ප්‍රසූතියේදී දරුවාට වෛරසය බෝ වෙන්න පුලුවන් .
➡️ මෙය බරපතල තත්ත්වයක් – දරුවාට ස්නායු ආබාධ හෝ මරණය පවා ඇති වෙන්න පුලුවන් 😢

🛡️ වලක්වා ගැනීම (Prevention) :-

1️⃣ රෝග ලක්ෂණ ඇති විට වැළකී සිටීම

🚫 ලිංගික සම්බන්ධතා තාවකාලිකව නවත්වන්න

🚫 මුඛ සම්බන්ධතා වලින් වැළකී සිටින්න (විශේෂයෙන් Cold Sores තිබේ නම්)

🚫 භාජන, කෝප්ප, තුවා වැනි දේවල් බෙදා නොගන්න 🧼

2️⃣ ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්

✅ කොන්ඩම් නිරන්තරයෙන් හා නිවැරදිව භාවිත කරන්න.

⚠️ නමුත්, කොන්ඩමෙන් ආවරණය නොවන ප්‍රදේශවලින් වෛරසය පැතිරිය හැකි බව මතක තබාගන්න.

Source :- World Health Organization

Article & graphic by :- Amila Laksh*tha

සෑම වසරකම මාර්තු 24 වෙනිදාට යෙදෙන 🌍 World Tuberculosis Day මෙවරත් ඇත්තේ"ඔව්! අපිට පුළුවන් TB අවසන් කරන්න" 💪 යන තේමාව යටත...
24/03/2026

සෑම වසරකම මාර්තු 24 වෙනිදාට යෙදෙන 🌍 World Tuberculosis Day මෙවරත් ඇත්තේ
"ඔව්! අපිට පුළුවන් TB අවසන් කරන්න" 💪 යන තේමාව යටතේය.

🦠 ටියුබකියුලෝසිස් (TB) යනු බැක්ටීරියා මගින් ඇති කරන ආසාදක රෝගයකි.

👉 බොහෝ අවස්ථාවල පෙනහළු වලට බලපායි 🫁

🌬️ පැතිරීම

මෙය වාතය හරහා පැතිරෙයි:
🤧 කසින විට
🤧 කිවිසුම් යන විට
🤧 කෙළ ගසන විට

💊 හොඳ ආරංචිය

👉 TB සුව කළ හැකි රෝගයකි
👉 වැළැක්විය හැකි රෝගයකි

📊 ලෝක ජනගහනයෙන් 1/4ක් පමණ TB බැක්ටීරියාවට ආසාදනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

👉 සාමාන්‍යයෙන් TB ආසාදනය වූ අයගෙන් බොහෝ දෙනාට ලක්ෂණ නොපෙන්වයි
👉 5–10%ක් පමණට පසුව රෝග ලක්ෂණ පෙන්වයි
👶 ලදරුවන් සහ කුඩා ළමුන්ට වැඩි අවදානමක් ඇත.

💉 ප්‍රතිකාර

👉 TB ප්‍රතිකාර කරන්නේ ප්‍රතිජීවක ඖෂධ වලින්
⚠️ ප්‍රතිකාර නොලැබුවහොත් මරණීය විය හැක

🛡️ BCG එන්නත මගින්
👶 ළමුන්ට ආරක්ෂාව ලබාදෙයි
👉 TB මරණය අඩු කරයි
👉 දරුවන් TB හි බරපතළ ආකාර වලින් ආරක්ෂා කරයි

⚠️ අවදානම් වැඩි කරන කරුණු :-

🍬 දියවැඩියාව
🛡️ ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වල බව
🚬 දුම්වැටි භාවිතය
🥗 දුශ්පෝෂණය
🍺 මධ්‍යසාර අධික ලෙස භාවිතා කිරීම

🚨 රෝග ලක්ෂණ-

😷 දිගුකාලීන කැස්ස (කාලයකට ලේ සමඟ 🩸)
💔 පපුවේ කැක්කුම
😴 දුර්වල බව / මහන්සිය
⚖️ බර අඩුවීම
🌡️ උණ
🌙 රාත්‍රියේ දහඩිය දැමීම

👉 රෝගය බලපාන ස්ථානය අනුව ලක්ෂණ වෙනස් වේ
👉ප්‍රධාන වශෙයෙන් පෙනහළු 🫁 වලට බල්පෑ හැකි නමුත් වකුගඩු, මොළය 🧠, සුශුම්නාව, සම තුළ ද ඇතිවිය හැක

✅ වැළැක්වීමේ ක්‍රම -

1️⃣ ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න 👨‍⚕️
2️⃣ අවදානම් තත්ත්වයන් (HIV, TB රෝගියෙක් සමඟ ආශ්‍රය) තුළ පරීක්ෂා වන්න 🧪
3️⃣ TB වැළැක්වීමේ ප්‍රතිකාර ලබාගන්න 💊
4️⃣ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න:
😷 මාස්ක් පැළඳීම
🤧 කසින විට කට/නාස ආවරණය
🌬️ හොඳ වාතාශ්‍රය

🔬 රෝග නිර්ණය -

👉 WHO අනුමත rapid diagnostic test 🧪

⏱️ පැය 48ක් ඇතුළත ප්‍රතිඵල
✅ ඉහළ නිරවද්‍යතාව

⚠️ බහු ඖෂධ ප්‍රතිරෝධි TB, HIV ආශ්‍රිත TB සහ ළමා TB නිර්ණය කිරීම සංකීර්ණයි.
ඒ නිසා මේ සඳහා විශේෂිත පරීක්‍ෂණ සාම්පල ලබා ගැනීමක් සිදුකරයි

📌 වැදගත් දැනුමක්

👉 HIV ඇති පුද්ගලයෙකුට TB සෑදීමේ අවදානම
❗ HIV නැති අයෙකුට වඩා ~12 ගුණයකින් වැඩි

💙 මතක තබාගන්න
👉 TB සුව කළ හැකි රෝගයකි
👉 වේලාවට හඳුනාගැනීම ජීවිත බේරාගනී

"ඔව්! අපිට පුළුවන් TB අවසන් කරන්න!" 💪🌍

Source - World Health Organization

Article by :- Navindu Sandeepa
Graphic by :- Amila Laksh*tha


📍ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) යනු රෝගයක් නොව, ජානමය පිහිටීමේ සිදුවන වෙනස්කමක් බව ඔබ දන්නවාද?📍ලොව පුරා සෑම වසරකම මාර...
21/03/2026

📍ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) යනු රෝගයක් නොව, ජානමය පිහිටීමේ සිදුවන වෙනස්කමක් බව ඔබ දන්නවාද?

📍ලොව පුරා සෑම වසරකම මාර්තු 21 වන දින ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය ලෙස සමරනු ලබනවා. 🗓️💙💛

📍 2026 වසරේ තේමාව වන්නේ "Together Against Loneliness" (හුදෙකලාවට එරෙහිව එක්වෙමු) යන්නයි🤝❤️

​✅ ඩවුන් සින්ඩ්‍රෝම් යනු කුමක්ද? 🧬🔍
​සාමාන්‍යයෙන් මිනිස් සිරුරක සෛලයක වර්ණදේහ (Chromosomes) 46ක් පවතිනවා. නමුත් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවෙකුගේ 21 වන වර්ණදේහ යුගලයේ අමතර වර්ණදේහයක් පිහිටීම මෙයට හේතුවයි.

📝 මෙය ප්‍රධාන ආකාර 3කින් සිදුවිය හැකියි:

🔖 ​Trisomy 21 (95%): සෑම සෛලයකම 21 වන වර්ණදේහයේ පිටපත් 3ක් පැවතීම.

🔖 ​Translocation (4%): 21 වන වර්ණදේහයේ කොටසක් වෙනත් වර්ණදේහයකට බද්ධ වී පැවතීම.

🔖​ Mosaicism (1%): සිරුරේ සමහර සෛලවල පමණක් අමතර වර්ණදේහය පැවතීම (මෙය ඉතා දුර්ලභයි).

​✅ හඳුනාගත හැකි ලක්ෂණ 👶👀

​මෙම දරුවන්ගේ ශාරීරික හා චර්යාත්මක ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ:

📍​ශාරීරික ලක්ෂණ:-

🔅මුහුණේ පැතලි ස්වභාවය
🔅ඉහළට විහිදුණු දෑස්
🔅 කෙටි බෙල්ල
🔅කුඩා කන් සහ අත්ල මැදින් විහිදෙන තනි රේඛාව (Palmar crease). ✋

​සංජානන ලක්ෂණ (Cognitive):
🔆 කථනය, ඇවිදීම සහ ඉගෙනීමේ වේගය මඳක් අඩු වීම. 📚🐢

​චර්යාත්මක ලක්ෂණ:-
🔆 අදහස් ප්‍රකාශ කිරීමට අපහසු වීම නිසා ඇතිවන මුරණ්ඩු බව හෝ අවධානය යොමු කිරීමේ අපහසුතා. 🧠⚠️

​✅ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු :-

​ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ට සමහර සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් පවතී:

🔅​උපතින්ම ඇතිවන හෘද රෝග (Congenital heart disease) ❤️
🔅​ශ්‍රවණාබාධ සහ නිතර ඇතිවන කන් ආසාදන 👂
🔅​ඇස් පෙනීමේ දුර්වලතා 👓
🔅​නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතා (Sleep apnea) 😴
🔅​වයසට යෑමේදී ඇල්සයිමර් (Alzheimer’s) රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පැවතීම. 🧠📉

​✅ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර (Diagnosis & Management) :-

​පූර්ව ප්‍රසව පරීක්ෂණ (Prenatal Testing): ගර්භණී සමයේදී රුධිර පරීක්ෂණ සහ අල්ට්‍රා සවුන්ඩ් (Ultrasound) මගින් අවදානම හඳුනාගත හැකියි.

​උපතින් පසුවද රුධිර පරීක්ෂණයක් (Karyotype test) මගින් තහවුරු කරනු ලැබේ.

♨️ ඩවුන් සින්ඩ්‍රෝම් සඳහා ස්ථිර සුවකිරීමක් නොමැති වුවද, නිසි කළමනාකරණය මගින් දරුවාට සාර්ථක ජීවිතයක් ගත කිරීමට මග පෑදිය හැකිය.⚜️✅

⭕ ​කථන චිකිත්සාව (Speech Therapy): භාෂා හැසිරවීමේ සහ සන්නිවේදනය කිරීමේ හැකියාව දියුණු කිරීමට.

⭕​භෞත චිකිත්සාව (Physical Therapy): ඔවුන්ගේ මාංශ පේශි ශක්තිමත් කිරීමට සහ ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමට.

⭕ එදිනෙදා වැඩකටයුතු (ආහාර ගැනීම, ඇඳුම් ඇඳීම) ස්වාධීනව කර ගැනීමට හුරු කිරීම. 🥣👕

⭕​විශේෂ අධ්‍යාපන සහාය (Special Education): දරුවාගේ ඉගෙනීමේ වේගයට ගැලපෙන පරිදි සැකසූ ඉගැන්වීම් ක්‍රමවේද. 📚🎓

⭕​සෞඛ්‍ය පරීක්ෂණ: හෘද රෝග, පෙනීමේ සහ ඇසීමේ දුර්වලතා සඳහා නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. 🩺🏥

​✅ අපට කළ හැක්කේ කුමක්ද?
​📍මෙවර තේමාව වන "Together Against Loneliness" යන්නෙන් අවධාරණය කරන්නේ ඔවුන්ව සමාජයෙන් හුදෙකලා නොකළයුතුය, යන්නයි.
📌️ අධ්‍යාපනය සහ රැකියා ක්ෂේත්‍රයේදී සමාන අයිතිවාසිකම් ලබාදීම
📌️ සන්නිවේදනය - ඔවුන් සමඟ ඉවසීමෙන් සහ දයාවෙන් කතාබස් කිරීම
📌️ ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මානසික සහ සමාජයීය පරිසරය නිර්මාණය කළයුතුයි.


​✅ වැළැක්වීම (Prevention) 🛡️🚫
​ඩවුන් සින්ඩ්‍රෝම් යනු ජානමය තත්ත්වයක් බැවින් එය සම්පූර්ණයෙන් වැළැක්විය නොහැක. එය දෙමාපියන් ගැබ් ගැනීමට පෙර හෝ ගර්භණී සමයේදී කළ වැරැද්දක් නිසා සිදුවන්නක් නොවේ.
​අහඹු සිදුවීමක්: බොහෝ විට මෙය සිදුවන්නේ සෛල බෙදීමේදී සිදුවන අහඹු දෝෂයක් නිසාය (Sporadic).
​මවගේ වයස: පර්යේෂණ අනුව අවුරුදු 35ට වැඩි මවකගෙන් උපදින දරුවන්ට මෙම තත්ත්වය ඇතිවීමේ අවදානම සාපේක්ෂව වැඩි බව පෙනී ගොස් ඇත.

📢 ​පවුලේ මීට පෙර මෙවැනි දරුවෙකු සිටී නම්, මීළඟ දරුවා පිළිබඳව වෛද්‍ය උපදෙස් සහ ජාන පරීක්ෂණ (Genetic testing) ලබා ගැනීම වැදගත් වේ. 👨‍⚕️📋

​​සහායක සත්කාර සහ නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ ආයු කාලය දැන් අවුරුදු 60 ඉක්මවා ඇත.

📍 ඔවුන්ට පාසල් යාමට, රැකියාවල නිරත වීමට සහ සමාජ සබඳතා ගොඩනගා ගැනීමට පූර්ණ හැකියාව ඇත.

​"හුදෙකලාව පරදවා ඔවුන්ට අවශ්‍ය ආදරය සහ සමාන අවස්ථා ලබා දෙමු." ❤️🌍

Source - WHO (world Health Organization)

Article by :- K.P.T.N. Kusumpokuna
Graphic by :- Amila Laksh*tha

නිරෝගී මුවක් - සතුටු සිතක් 😊✨🔹 සිනහව යනු ඕනෑම හදවතක් දිනාගත හැකි මනරම් අවියකි. 💛🔹 ඔබේ මුඛ සෞඛ්‍යය ඔබේ සමස්ත ශරීරයේම කැඩප...
20/03/2026

නිරෝගී මුවක් - සතුටු සිතක් 😊✨

🔹 සිනහව යනු ඕනෑම හදවතක් දිනාගත හැකි මනරම් අවියකි. 💛
🔹 ඔබේ මුඛ සෞඛ්‍යය ඔබේ සමස්ත ශරීරයේම කැඩපත බව ඔබ දන්නවාද? 🪞🦷

🔹 ඒ අනුව සෑම වසරකම මාර්තු 20 වන දිනට යෙදෙන World Oral Health Day 🌍 මෙවරත් සැමරෙන්නේ සතුටු සිතකට නීරෝගී මුවක් යන තේමාව පෙරදැරි කරගෙනයි. 🎉

🔹 එය අපගේ ජීවන තත්වය උසස් කරගැනීමට මුඛ සෞඛ්‍යය කොතරම් වැදගත් ද යන්න මනාව විශද කරවයි. 🌟

📌 අපේ කලාපයේ තත්වය කෙබඳුද?

🔸 World Health Organization (ලෝක සෞඛ්‍යය සංවිධානය) දත්ත වලට අනුව ලොව පුරා බිලියන 3.5ක ජනතාවක් විවිධ මුඛ රෝගවලින් පීඩා විඳිනවා 📊

🔸 විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අයත් වන අග්නිදිග ආසියාතික කලාපය මෙහිදී දැඩි අවදානමක පවතිනවා. ⚠️

❓ ඔබ දන්නවාද?

🔹 අප කලාපයේ මිලියන 900කට අධික පිරිසක් මුඛ රෝගවලින් පීඩා විදින බව. 😔
🔹 ලොව ඉහළම මුඛ පිළිකා ප්‍රමාණය වාර්තා වන්නේ අප කලාපයෙන් බව. 📈
🔹 විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන් අතර වාර්තා වන පිළිකා අතරින් 11.2%ක් ම මුඛ පිළිකා වන බව. 🚹

⚠️ මාරයා සැඟවී සිටින්නේ කොහේද?

🔸 අප කලාපයේ මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ දුම් රහිත දුම්කොළ සහ පුවක් භාවිතයයි. 🚭

🔸 පර්යේෂණ පෙන්වා දෙන්නේ අපේ කලාපයේ මුඛ පිළිකා අඩක්ම වළක්වා ගත හැකි ව තිබූ ඒවා බවයි. 📚

🔸 දුම්කොළ හා පුවක් භාවිතයෙන් තොර වීමෙන් පමණක් මෙම මාරක රෝගයෙන් බේරීමට ඔබට විශාල හැකියාවක් පවතී. 💪

💬 නීරෝගී මුවක් නොමැතිව සෞඛ්‍යයක් නැත !

🔹 2024 නොවැම්බර් මස බැංකොක් නුවර පැවැත්වූ ලෝක මුඛ සෞඛ්‍ය සමුළුවේ දී සම්මත කරගත් 'බැංකොක් ප්‍රකාශනය' මගින් අවධාරණය කරන පරිදි මුඛ සෞඛ්‍යය තවදුරටත් නොසලකා හැරිය නොහැක. 🏥

🔹 2030 වන විට සැමට මුඛ සෞඛ්‍යය සේවාවන් සමීප කරවීම සදහා World Health Organization කැපවී සිටී. 🌍✨

✅ ඔබ කළ යුත්තේ කුමක්ද?

1️⃣ දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මදින්න. 🪥

2️⃣ දුම්කොළ, පුවක් හා මද්‍යසාර භාවිතයෙන් වැළකී සිටින්න. 🚫

3️⃣ සීනි අධික ආහාර පාන පාලනය කරන්න. 🍭❌

4️⃣ අවම වශයෙන් වසරකට වරක්වත් දන්ත වෛද්‍ය පරීක්ෂාවකට යොමුවන්න. 👩‍⚕️

🌸 ඔබත් ඔබගේ මුඛයේ සෞඛ්‍යය ගැන අදම සැලකිලිමත් වන්න.

✨ මක් නිසාද යත් සතුටු සිතක රහස නීරෝගී මුවයි. 😊🦷💛

Source :- WHO (World Health Organization)

Article by :- Mayumi Sandupama
Graphic by :- Amila Laksh*tha

🩸 සුරක්ෂිත රුධිරය ගෝලීය ප්‍රමුඛතාවයකි🩺🔆රුධිරය සෞඛ්‍ය සේවාවෙහි ඉතාමත්  අගනා සම්පතක් වේ. 🔆ශල්‍යකර්ම, අනතුරු, ගර්භණී හා ප්‍...
16/03/2026

🩸 සුරක්ෂිත රුධිරය ගෝලීය ප්‍රමුඛතාවයකි🩺

🔆රුධිරය සෞඛ්‍ය සේවාවෙහි ඉතාමත් අගනා සම්පතක් වේ.
🔆ශල්‍යකර්ම, අනතුරු, ගර්භණී හා ප්‍රසව ආපදා, පිළිකා ප්‍රතිකාර සහ දිගුකාලීන රෝග රැසකදී ජීවිත රැකගැනීමට රුධිරය අත්‍යවශ්‍ය වේ.
🔆එසේ වෙතත් ලෝකය පුරා රෝගීන් මිලියන ගණනකට තවමත් අවශ්‍ය අවස්ථවේදී සුරක්ෂිත රුධිර සැපයුමක් නොලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් “Blood Safety and Availability” නමින් නිකුත් කරන ලද ලිපිය මඟින් ලෝකයේ රුධිර පාරවිලයන සේවය සංවර්ධනය, අභියෝග සහ ඉදිරියට ගත යුතු පියවර පිළිබඳ සමාජයේ දැනුවත්භාවය ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමු කරඇත. 🙌

🌍 රුධිර පාරවිලයනය පිළිබඳ ගෝලීය දත්ත සමහරක්;

🩸ලෝකය පුරා වාර්ෂිකව රුධිර ඒකක මිලියන 118.5 ක් පමණ එකතු කරයි.
🩸 එයින් 40%ක් පමණ එකතු වන්නේ ඉහළ ආදායම් ලබන රටවලින් වන අතර එම ප්‍රමාණය ලෝක ජනගහනයෙන් 16%ක් පමණ පමණි.
🩸 අඩු ආදායම් ලබන රටවල රුධිර පරිත්‍යාගයෙන් ලැබෙන රුධිරයෙන් 54%ක් පමණ වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් භාවිතා වේ.
🩸 පසුගිය දශකය තුළ ස්වෙච්ඡා රුධිර දායකයින්ගේ සංඛ්‍යාව මිලියන 10කට වඩා වැඩි වී තිබුණද, බොහෝ රටවල තවමත් පවුලේ දායකයන් හෝ ගෙවීම් ලබන දායකයන් මත රඳා පවතී.

📌 රුධිර පාරවිලයන සේවය ඉතාමත් වැදගත් වන්නේ ඇයි? 🤔

සුරක්ෂිත රුධිරය මගින් අසාධ්‍ය ජීවිත රැසක් රැකගනු ලබන අතර එම රුධිරය: 🩸

✔ අවශ්‍ය වේලාවට ලබාගත හැකි විය යුතුය
✔ අවදානම අඩු, ස්වෙච්ඡා දායකයන්ගෙන් ලබාගත යුතුය
✔ HIV, Hepatitis B/C, සහ Syphilis වැනි ආසාදන සඳහා පරීක්ෂා කළ යුතුය
✔ නිවැරදි වෛද්‍ය ක්‍රම අනුව භාවිතා කළ යුතුය
✔ සවිමත් ජාතික පද්ධතියක් යටතේ කළමනාකරණය කළ යුතුය

⭕️ විශේෂයෙන් මව්වරුන් සහ කුඩා ළමුන්ගේ ජීවිත රැකගැනීම සඳහා රුධිර සැපයුම අත්‍යවශ්‍ය වේ.

ඒ වෙනුවෙන් WHO හි නිර්දේශ වන්නේ
✨ සුරක්ෂිත රුධිරය සඳහා ජාතික ප්‍රතිපත්ති සහ නීති සකස් කිරීම
✨ සංවිධානාත්මක රුධිර පරිත්‍යාග සහ රුධිර බැංකු පද්ධති පිහිටුවීම
✨ ස්වෙච්ඡා, ගෙවීම් නොකරන රුධිර දායකයන් ප්‍රවර්ධනය කිරීම
✨ රුධිර එකතු කිරීමේ සිට පරිහරණය කරන අවස්ථාව දක්වා ගුණාත්මක පාලන ක්‍රම යෙදවීම
✨ රෝහල් තුළ රුධිරය සුපරික්ෂාකාරී ලෙස භාවිතා කිරීම

රුධිර දන්දීම යනු හුදෙක් එක් සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් පමණක් නොව ජීවිත රැසක් රැකගැනීම වෙනුවෙන් ඉටු කරන මහත් සේවාවකි. 😇

වෛද්‍ය ශිෂ්‍යයන්, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ සමාජය එකට එක්වීමෙන් සුරක්ෂිත රුධිර පද්ධතියක් ගොඩනගා ගැනීම තුළින් ජීවිත රැසක් රැකගත හැක.

🙏ඔබත් අදම රුධිරය දන්දීම පිළිබඳ නිසි අවබෝධය ලබාගෙන එම අවබෝධය සමාජය තුළ පැතිරවීමට සහය වන්න.

🙏ජීවිතයක් රැකගැනීම වෙනුවෙන් රුධිර බිඳක් පරිත්‍යාගයෙන් ලබා දෙන ඔබේ දායකත්වය ඉතාමත් අගනේය.

Article by :- Pasindu Ranasinghe
Graphic by :- Amila Laksh*tha


🌍👁️ මේ ලෝක ග්ලූකෝමා සතියයි📅 මාර්තු 8 - 14🔹 ලෝක ග්ලූකෝමා සතිය යනු, ලොව පුරා 🌍 ජනතාව ග්ලූකෝමා පිළිබඳව ඇති දැනුම්වත්භාවය වැ...
09/03/2026

🌍👁️ මේ ලෝක ග්ලූකෝමා සතියයි

📅 මාර්තු 8 - 14

🔹 ලෝක ග්ලූකෝමා සතිය යනු, ලොව පුරා 🌍 ජනතාව ග්ලූකෝමා පිළිබඳව ඇති දැනුම්වත්භාවය වැඩි කිරීමත් 📚, ක්‍රමවත් 🔬 හදුනා ගැනීමේ පරීක්ෂණ හරහා කල්තියා ⏰ ග්ලූකෝමා තත්ත්වය හදුනාගැනීමේ වැදගත්කමත් 👁️ අවධාරණය කිරීම සදහා ලෝක ග්ලූකෝමා සංවිධානය විසින් නම් කරන ලද ගෝලීය 🌎 ප්‍රයත්නයකි. 🤝✨

🔹 මෙවර ලෝක ග්ලූකෝමා සතියේ තේමාව වන්නේ
" Uniting for a glucoma free world " 🌍
👉 "ග්ලූකෝමාවෙන් තොර ලෝකයක් සදහා එකතු වෙමු" 🤝👁️ යන්නයි.

👁️ මොකක්ද මේ ග්ලූකෝමාව?

🔹 ග්ලෝකෝමාව කියල හැඳින්වෙන්නේ දීර්ඝකාලීන ⏳, ක්‍රමිකව 📈 වර්ධනය වන රෝගයක්.

🔹Glaucoma කියන්නේ ඇසේ intra-ocular pressure (IOP) වැඩිවීම නිසා ඇසේ 👁️ සංවේදන මොළය 🧠 කරා රැගෙන යන 'දෘෂ්ටික ස්නායුවට' (optic nerve) හානි ⚠️ සිදු වීමෙන් ඇතිවන රෝගයක්.

🔹 එම නිසා ඊට අදාළ දෘෂ්ටි ක්ෂෙත්‍රය 👁️‍🗨️ නොපෙනී යන්න පුලුවන්.

🔹 ග්ලූකෝමාව නැවත යථා තත්ත්වයට පත් කරන්න බැහැ ❗

🔹 ලොව 🌍 අන්ධභාවයට පත් වන හේතු අතරින් දෙවෙනියට වඩාත්ම සුලබ හේතුව වෙන්නේ ග්ලූකෝමාවයි 👁️⚠️

🔹 රෝගය මුල් අවස්ථාවේදී ⏳ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙනේ 😶 වන නිසා නිසි ප්‍රතිකාර නොකළහොත් අන්ධභාවය 🚫👁️ දක්වා වර්ධනය වෙන්න පුලුවන්.

☢️ ⭕Glaucoma ඇතිවීමට හේතු / අවධානම් සාධක මොනවාද? 👁️

1️⃣ ඇසේ තරලය (Aqueous humour) ගලායාමට/ පිටවීමට ඇතිවන බාධා ❌

2️⃣ ඇස තුළ තරලයේ පීඩනය වැඩිවීම. intra-ocular pressure (IOP)⚠️️⬆️

3️⃣ සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ට වඩා වැඩි විට අවධානම වැඩි වේ.👨👩

4️⃣ පවුල් ඉතිහාසය
පවුලේ කෙනෙකුට ග්ලූකෝමා පවතීනම් අවධානම වැඩි වේ.👨‍👨‍👧

5️⃣ ඇස සිදුවන තුවාල 👁️💥

6️⃣ දිගුකාලීනව ස්ටෙරොයිඩ් ප්‍රතිකාර භාවිතා කිරීම.💊💉

7️⃣ අනෙකුත් ඇසේ රෝග
උදාහරණ: ඇසේ සමහර ආසාදන , පිළිකා තත්ත්වයන්, Uveitis 🛡️👀

8️⃣අධිරුධිර පීඩනය හා දියවැඩියාව වැනි රෝග.⚠️️

9️⃣ සමහර ළමයින්ට උපතේදීම ඇතිවන ඇසේ ආබාධ නිසා (birth defects) නිසා ග්ලූකෝමා ඇතිවෙන්න පුළුවන්👶🧒.

👁️ ග්ලූකෝමාවේ රෝග ලක්ෂණ මොනවාද ?

🔹 සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාවෙදී ⏳ රෝග ලක්ෂණ දක්නට ලැබෙන්නේ නැහැ. 😶

🔹 නමුත් ප්‍රතිකාර නොගෙන වසර ගණනක් ⏳⏳ ගතවීමේදී
👉 මුලින්ම දෘෂ්ටි පථයේ 👁️ කෙළවර නොපෙනී යන්න පටන් ගන්නවා.

🔹 බොහෝ පුද්ගලයන් 👥 මෙම ලක්ෂණය හරිහැටි හදුනාගැනීමට අපොහොසත් වෙනවා.

🔹 ඒ නිසා නිසි ඇස් පරීක්ෂාවක් 👁️🔬 කිරීම වැදගත් වෙනවා.

🔹 ඇතැම් අවස්ථාවන්හි දී

පෙනීම බොඳ වීම 👁️🌫️

දීප්තිමත් එළි 💡 වටා දේදුනු 🌈 පැහැ වළයන් දර්ශනය විම

🔹 සමහර පුද්ගලයන් තුළ දකින්න ලැබෙනවා.

🔹 සාමාන්‍යයෙන් ඇස් දෙකම 👁️👁️ මෙයින් බලපෑමට ලක් වෙන්න පුලුවන් වගේම
👉 එක් ඇසක 👁️ එය වඩා තීව්‍ර වෙන්න පුලුවන්.

🔹 ඒ නිසා තමන්ගේ දෘෂ්ටිය 👁️ පිළිබඳ මොන යම් හෝ ගැටළුවක් තියෙනවා නම්
👉 දෘෂ්ටි විශේෂඥයකු 👨‍⚕️ හෝ වෛද්‍යවරයකු 🩺 හමුවීම ඉතා වැදගත් වෙනවා.

💊 ග්ලූකෝමාව සදහා ඇති ප්‍රතිකාර ක්‍රම

🔹 සාමාන්‍යයෙන්

අක්ෂි පීඩනය 👁️ මැනීම

අක්ෂි පරික්ෂාවන් 👁️🔬 වාර්ෂිකව සිදුකර ගැනීම

👉 ආදිය මගින් ග්ලූකෝමාව මුල් ම අවධියේ ⏰ දී ම හඳුනා ගන්න පුලුවන්.

ප්‍රතිකාර විදිහට 👇

🔹 Eye drops 💧
👉 අක්ෂි පීඩනය 👁️ අඩු කිරීමට උපකාරී වෙනවා.

🔹 ලේසර් ප්‍රතිකාර ✨
👉 අක්ෂි පීඩනය 👁️ අඩුකිරීමට හා ඇසෙහි අම්මය රසය නිදහසේ ගලා යාමට උපකාරී වෙනවා.

🔹 ශල්‍යකර්ම 🏥
👉 මෙය ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි විට සිදු කරනු ලබනවා.

🛡️ රෝගය වැළදීමේ අවධානම අඩු කරගැනීමට කළ හැකි දේවල්

🔹 වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් 👤📅
🔹 ග්ලූකෝමා සදහා පවුල් ඉතිහාසයක් ඇති පුද්ගලයන් 👨‍👩‍👧‍👦
👉 ඇතුළුව සියලුම පුද්ගලයන් 👥 සෑම අවුරුද්දකටම වරක් අක්ෂි පරීක්ෂාවක් 👁️🔬 සිදුකරගැනීම ඉතා වැදගත්.

🔹 අධි රුධිර පීඩනය ❤️ , දියවැඩියාව 🍬 වැනි අවධානම් තත්ත්වයන් නිසි ලෙස පාලනය කරගෙන
👉 නිරෝගී ජීවන රටාවකට 🌿 හුරු වීමත් ඉතා වැදගත්.

🔹 පෙනීම දුර්වල වීම 👁️⬇️,
🔹 රාත්‍රී පෙනීම දුර්වල වීම 🌙,
🔹 කලු පැහැති අන්ධ ලප ( blind spots ) ⚫ ඇසේ ඇතිවීම

👉 වැනි පූර්ව රෝග ලක්ෂණ කල්තියා ⏰ හදුනා ගැනීම
👉 හා වෛද්‍ය උපදෙස් 👨‍⚕️ ලබා ගැනීමට යොමු විය යුතු වෙනවා.

🔹 දිගුකාලීන ස්ටෙරොයිඩ් ප්‍රතිකාර 💊 ලබාගැනීම ද අවධානම් සාධකයක් බැවින්
👉 වෛද්‍ය උපදෙස් 👨‍⚕️ මත එවැනි ඖෂධ භාවිතා කළ යුතු වෙනවා.

🔹 මානසික ආතතිය 😟 පාලනය කිරීම හා
🔹 ගුණාත්මක නින්දක් 😴 ලබාගැනීමත් ඉතා වැදගත්.

⚠️ ග්ලූකෝමාව කල් තියා ⏰ හදුනා ගැනීමෙන් නිසිලෙස පාලනය කළ හැකිවුවත් එය වැළදුණු පසු සම්පූර්ණයෙන්ම සුවකළ හැකි රෝගය නොවේ.

🔹 එම නිසා රෝගය පිළිබඳව දැනුම්වත් බව 📚 කල්තියා හදුනාගැනීමට ඉතා වැදගත් වෙනවා.

👁️✨ එම නිසා අපේ පෙනීම ආරක්ෂා කරගැනීමට අදම ක්‍රියා කරමු. 🤝👁️🌍

Article by :- Kumudu Rajapaksha
Graphic by :- Amila Laksh*tha


ස්ථූලතාවය හෙවත් Obesity  🏥ශරීරයේ බර අධික වීම හෙවත් ස්ථූලතාවය (Obesity) කියන්නේ වර්තමානයේ ලෝකය මුහුණ දෙන ප්‍රධානතම සෞඛය්‍...
08/03/2026

ස්ථූලතාවය හෙවත් Obesity 🏥

ශරීරයේ බර අධික වීම හෙවත් ස්ථූලතාවය (Obesity) කියන්නේ වර්තමානයේ ලෝකය මුහුණ දෙන ප්‍රධානතම සෞඛය්‍ය ගැටලුවක්. ⚠️

📊 තත්වය කෙතරම් දරුණුද?

🔹 ලෝකය පුරා බිලියනයකට අධික පිරිසක් ස්ථූලතාවයෙන් පෙළෙනවා. 🌎
🔹 මෙයට වැඩිහිටියන් මෙන්ම ළමුන් සහ යොවුන්වියේ පසුවන්නන් විශාල පිරිසක් ඇතුළත්. 👨‍👩‍👧‍👦
🔹 2035 වන විට ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ස්ථූලතාවයෙන් පෙළෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. 📅

⚖️ ස්ථූලතාවය මනින්නේ කොහොමද?

ස්ථූලතාවය මැනීමට ලෝක සෞඛය්‍ය සංවිධානය භාවිතා කරන්නේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI)යි. 🧮

📌 BMI= (kg)/(m)2

🔸 BMI ,25 ට වැඩිනම් බර වැඩි ලෙස සැලකේ.
🔸 BMI 30 ට වැඩි නම් ස්ථූලතාවය ලෙස සැලකේ.

🩺 ස්ථූලතාවය නිසා ඇතිවන රෝග අවධානම්

ස්ථූලතාවය යනු තනි රෝගයක් නොව,එය තවත් බෝ නොවන රෝගයකට දොරටුවකි. 🚪

🔹 දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) 🩸
🔹 හර්ද රෝග සහ අධි රුධිර පීඩනය ❤️
🔹 ආඝාතය 🧠
🔹 පිළිකා වර්ග (විශේෂයෙන් පියයුරු හා මහාඅන්ත්‍ර පිළිකා) 🎗️

🥗 මෙම තත්වය නවතා ගැනීම සහ කලමනාකරණය කරන්නේ කෙසේද?

🔹 සීනි සහිත බීම වර්ග අඩුවෙන් පානය කිරීම සහ ජලය වැඩිපුර පානය කිරීම. 🥤➡️💧
🔹 ශාරීරික ක්‍රියාකාරකම්- දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත් ව්‍යායාම වල නිරත් වීම. 🏃‍♂️⏱️
🔹 සෞඛ්‍ය සම්පන්න ආහාර- මේදය,සීනි ,සහ ලුණු අධික ආහාර පාලනය කර එළවලු සහ පළතුරු වැඩියෙන් ආහරයට ගැනීම. 🥦🍎

📝 සටහන

ස්ථූලතාවය යනු හුදෙක් ශරීරයේ පෙනුම පිළිබද ගැටලුවක් නොව,එය ඔබගේ ආයු කාලය තීරණය කරන ප්‍රධාන සෞඛ්‍ය සාධකයකි. ⏳

නිසි පෝෂණය,ක්‍රියාශීලී බව සහ මානසික සුවතාවය යන ත්‍රිවිධ අංගයන් සමබරව පවත්වා ගැනීමෙන් ඕනෑම අයෙකුට නිරෝගී බරක් පවතිවා ගත හැකිය. 🌿💪🧠

✨ ඔබේ ආහාරය ඔබේ ඖෂධය කරගන්න.
✨ නැත්නම් කවදා හෝ ඔබේ ඖෂධය ඔබේ ආහාරය කරගැනීමට සිදුවනු ඇත.

🌱 අද සිටම කුඩා වෙනසක් කරමු.
👨‍👩‍👧‍👦 නිරෝගී පරපුරක් වෙනුවෙන් පෙළගැසෙමු. 💚

Source:- World Health Organization

Article by :- Chamud Lakruwan Herath
Graphic by :- Amila Laksh*tha

🩸 Anaemia – රක්තහීනතාවයරක්තහීනතාවය යනු රුධිරයේ ඇති haemoglobin ප්‍රමාණය නියමිත අවම මට්ටමට වඩා අඩු වීම නිසා ඇති වන තත්ත්ව...
28/02/2026

🩸 Anaemia – රක්තහීනතාවය
රක්තහීනතාවය යනු රුධිරයේ ඇති haemoglobin ප්‍රමාණය නියමිත අවම මට්ටමට වඩා අඩු වීම නිසා ඇති වන තත්ත්වයකි.

📏 සාමාන්‍ය Haemoglobin මට්ටම්:-

👨‍🦱 වැඩිහිටි පිරිමි – 13.5 – 17.5 g/dl
👩 වැඩිහිටි ස්ත්‍රිය – 12 – 15.5 g/dl
🤰 ගර්භණී කාන්තාව – > 11.0 g/dl

අපේ රුධිරයේ ඔක්සිජන් 🚶‍♂️➡️🫁➡️🫀➡️ ශරීර කොටස් වෙත ගෙන යාමට රතු රුධිර සෛල (RBC) තුළ ඇති haemoglobin ඉතා වැදගත් වේ.

🔍 රක්තහීනතාවය ඇතිවන්නේ:-

🔻 රතු රුධිර සෛල ප්‍රමාණය අඩු වීම
⚠️ අසාමාන්‍ය රතු රුධිර සෛල පැවතීම

📊 Haemoglobin ප්‍රමාණය වෙනස් විය හැකි සාධක:-

👶👵 වයස
👩‍🦰👨‍🦱 ස්ත්‍රී / පුරුෂ භාවය
🏔️ උන්නතාංශය
🤰 ගර්භණීභාවය
🍽️ පෝෂණ තත්ත්වය

⚠️ රක්තහීනතාවයට හේතු:-

🥩 යකඩ (Iron) ඌනතාවය
🥬 Folate ඌනතාවය
💊 Vitamin B12 / Vitamin A ඌනතාවය
🧬 ප්‍රවේණික RBC ආශ්‍රිත රෝග (උදා: Thalassaemia)
🦟 මැලේරියාව
🫁 ක්ෂය රෝගය

🩺 රෝග ලක්ෂණ:-

😴 තෙහෙට්ටුව
💫 කරකැවිල්ල
😮‍💨 හුස්ම ගැනීමේ අපහසුතාව (වෙහෙසේදී වැඩිවේ)
🤕 හිසරදය
💓 හෘදස්පන්දන වේගය වැඩිවීම
🌬️ ශ්වසන ශීඝ්‍රතාවය වැඩිවීම
🤍 සුදුමැලි බව

👶🤰 අවදානම් කණ්ඩායම්:-

📍 කුඩා දරුවන්
📍 වැඩිවිය පැමිණි ළමුන්
📍 ගර්භණී කාන්තාවන්

මෙම කණ්ඩායම් වලට රක්තහීනතාවය ඇතිවීමේ අවදානම වැඩි වේ ⚠️

🛡️ වළක්වා ගැනීම හා පාලනය:-

✔️ 🥗 Iron, Folate, Vitamin B12, Vitamin A සහ අනෙකුත් පෝෂක අඩංගු ආහාර එක්කර ගැනීම

✔️ 💊 වෛද්‍යවරයෙකු නිර්දේශ කරන supplements නිසි වේලාවට ලබා ගැනීම

✔️ 🧬 ප්‍රවේණික RBC රෝග සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම

✔️ 🦟🫁 මැලේරියාව සහ ක්ෂය රෝගය වැළැක්වීම හා පාලනය

❗ වැදගත් කරුණු:-

💊සාමන්‍යයෙන් යකඩ පෙති උදේ කෑමට අවම පැයට පෙර ලබා ගන්න

☕ Tea / Coffee සමඟ නොගන්න (iron absorption අඩු වේ)

🍊 Vitamin C සමඟ ගන්නේ නම් absorption වැඩි වේ

💊 නියමිත දිනවල පණු පෙති ලබා ගැනීම වැදගත්

🥗 රක්තහීනතාවයෙන් මිදීමට හොඳ ආහාර:-

1️⃣ යකඩ වැඩි ආහාර 🥩
මස්, මාළු, නිවිති, කංකුන්, රතු බත්, කඩල

2️⃣ Vitamin C අඩංගු ආහාර 🍊
දොඩම්, දෙහි, අන්නාසි, තක්කාලි

3️⃣ ප්‍රෝටීන් හා Folate 🥚
බිත්තර, පරිප්පු, බෝංචි

📚 Source – World Health Organization

Article by :- Sandali Sathsarani
Graphic by :- Amila Laksh*tha


Child Growth & Malnutrition 👶📉🥗📍ළමා මන්දපෝෂණය (Child Malnutrition) යනු ලොව පුරා පවතින ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවකි. 🌍⚠️📍...
22/02/2026

Child Growth & Malnutrition 👶📉🥗

📍ළමා මන්දපෝෂණය (Child Malnutrition) යනු ලොව පුරා පවතින ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවකි. 🌍⚠️

📍වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ මරණ වලින් 45% ක්ම ළදරු මන්දපෝෂණය (Undernutrition) හා සම්බන්ධ බව ඔබ දන්නවාද? ☠️📉

✅ ළමා වර්ධනය මනින්නේ කොහොමද? 📏⚖️

ළදරුවන්ගේ සහ ළමයින්ගේ වර්ධනය මැනීම (Growth monitoring) ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයේ වැදගත්ම කොටසක්. මේ සඳහා "WHO Child Growth Standards" රෝග විනිශ්චය මෙවලමක් ලෙස භාවිතා කරනවා. 🛠️📊

• උපතේ සිට අවුරුදු 5 දක්වා (Birth to 5 years) 👶🧒

• ගැහැණු සහ පිරිමි දරුවන් සඳහා වෙන වෙනම ප්‍රස්ථාර (Charts) ඇත 👦👧

• දරුවන්ගේ උස සහ බර (Height and Weight) නිරීක්ෂණය කිරීම මගින් ඔවුන් නිසි ලෙස වැඩෙන්නේද යන්න සොයා බැලේ 📉✅

✅ මන්දපෝෂණයේ ආකාර මොනවාද? ⚠️

📍ප්‍රධාන වශයෙන් ආකාර 3ක් හඳුනාගත හැකියි 👇

1️⃣ මිටි බව (Stunting) 📏❌

• දරුවා වයසට සරිලන උසට වඩා මිටි වීමයි.
• මෙය දීර්ඝකාලීන මන්දපෝෂණයේ (Chronic malnutrition) ප්‍රතිඵලයකි. ⏳🏚️
• ළමා මරණ අනුපාතය ඉහළ යාමට මෙය හේතු වේ ☠️

2️⃣ කෘශ බව (Wasting) ⚖️📉
• දරුවා උසට සරිලන බරට වඩා අඩු වීමයි.
• මෑතකදී සිදුවූ වේගවත් බර අඩු වීමක් (Rapid weight loss) නිසා මෙය සිදුවේ.
• නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැක (Treatment is possible) 💊✅

3️⃣ අධික බර (Overweight) 🍔🥤
• දරුවා උසට සරිලන බරට වඩා වැඩි වීමයි.
• ශරීරයට වැය කළ හැකි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ආහාර මගින් ගැනීම නිසා සිදුවේ.
• බෝ නොවන රෝග (NCDs) වැළඳීමේ අවදානම වැඩි කරයි 🚫

✅ වත්මන් තත්වය (Statistics) 📊🌏

📍2020 දත්ත වලට අනුව වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන්,
• මිලියන 144 ක් Stunting තත්වයෙන් පෙළෙනවා 📉
• මිලියන 47 ක් Wasting තත්වයෙන් පෙළෙනවා ⚠️
• මිලියන 38.3 ක් Overweight තත්වයෙන් පෙළෙනවා 🍔

✅ මන්දපෝෂණය වලක්වා ගන්නේ කොහොමද? 🛡️🥗

📍දරුවාගේ නිසි වර්ධනය සහ පෝෂණය තහවුරු කිරීමට පහත කරුණු වැදගත් වේ.

📌️ මවගේ පෝෂණය (Maternal nutrition) - ගර්භණී සමයේදී සහ මව්කිරි දෙන කාලයේදී මවගේ පෝෂණය තහවුරු කළ යුතුය. 🤰🍎

📌️ මව්කිරි දීම (Optimal breastfeeding) - දරුවාට පළමු මාස 6 තුළදී මව්කිරි පමණක් ලබා දිය යුතු අතර මාස 6 න් පසු මුල් අවුරුදු 2ක කාලය තුළ මව්කිරි සමග අතිරේක ආහාර ලබාදීම.🤱

📌️ අමතර ආහාර (Complementary foods) - පෝෂදායී සහ විවිධත්වයෙන් යුත් ආහාර ලබා දීම 🥦🥕🥚

📌️ පිරිසිදුකම (Hygiene and sanitation) - පිරිසිදු ජලය සහ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් ඇතිකිරීම. 🚰🧼
📌️ වසංගත තත්වයන් වලදී දරුවන්ගේ පෝෂණය ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම (COVID-19 වැනි) 😷🦠

Source - World Health Organization

Article by :- Pasindu Ranathunga
Graphic by :- Amila Laksh*tha

Address

Faculty Of Medicine, University Of Peradeniya, Galaha Road, Peradeniya
Kandy
20400

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවක - Jeewaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ජීවක - Jeewaka:

Share