22/06/2021
හුදෙකලා ලොවක දරුවන් අතරමං කරන අප්‍රකට රෝගය...
කිරිකැටි සිනහවන් තුලින් වෙනස් විදියේ අත්දැකීමක් ලද ආදරණීය පියෙකුගේ කතාවයි මේ. සෑම කළු වලාවකම රිදී රේඛාවක් පවතිනවාක් මෙන් මේ තත්වය ද සිංහල ප්‍රතිකාරවල ආශ්චර්ය හමුවේ සැගවුණු ආශිර්වාදයක් වනවාට කිසිදු සැකයක් නැත.
ජීවිතයේ තවත් එක් සුන්දර ප්‍රාර්ථනාවක් වන පියෙකු වීමේ සිහිනය සැබෑවක් වූයේ ඔහුගේ පුතෙකුගේ දරු සුරතල් විදින්නට අවස්ථාව හිමි වෙමින්ය. පුංචි පුතුගේ දගකාරකම් සහ කෙළි කවටකම්, සුරතල් වල නම් අඩුවක් නොවීය. දින සති එකතු වී පුතු ටිකින් ටික ලොකුවත්ම සිනාසීම ඇවිදින්න උත්සාහ කිරීම, සිටගැනීම වැනි සාමාන්‍ය දරුවකුගේ හපන්කම් පෙන්වන්නට විය. නමුත් මාස නවයක් පමණ වන විට මේ හපන්කම් වල වැඩිවීමක් හා මෙම ක්‍රියාකාරකම් අසාමාන්‍ය ලෙස වර්ධනය වීමේ ස්වරූපයක් පෙනෙන්නට විය. ඒත් සමගම ඔහු ඇසට ඇස දී කතා කිරීම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් වල වෙනස්කමක් දක්නට ලැබෙනි. දෙමාපියන්ට මේ ක්‍රියාපිළිවෙත සහ ඔවුන්ගේ හැසිරීම් රටාවන් ,මවට පියාට දක්වන ලෙන්ගතුකම් සහ ඔහුගේ ප්‍රතිචාර වල සැලකිය යුතු වෙනසක් දක්නට ලැබුනි. මෙම වයසේ පසුවන පුංචි දරුවෙකු නිතරම පිරිසක් සමග කුළුපගු වීමට මැලිකමක් දැක්වීම පුදුම සහගත විය. යම් අවස්ථාවකදී අධි ක්රියාකාරීත්වයක් පෙන්වන්නට විය. වහ වහා ක්‍රියාත්මක වූ දෙමාපියන් දරුවා වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කරන ලදී. එහි දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ දරුවා ඔටිසම් සහ ADHD (අධි ක්‍රියාකාරී) යන මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි. මෙතැන් සිට ඉදිරියට කාරණා කීමට පෙර කිව යුතුම කාරණයක් නම් මෙය හුදෙක් සාමාන්‍ය මානසික තත්ත්වයක් ම පමණක් වන අතර සමාජයෙන් කොන් වීමට හෝ සඟවාගෙන ප්‍රතිකාර කිරීම හෝ අවශ්‍ය වන කාරණයක් නොවන බවයි. නිසි පරිදි ප්‍රතිකාර කර දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත හැකි බව අවධාරණයෙන් වටහා ගත යුතුය.
තම දරුවාට මෙම ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ සැලවීමත් සමග දෙමාපියන් කලබල ස්වභාවයක් පෙන්නුම් කරමින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වූයේ තම දරුවන් ඉක්මනින් සුව කර ගැනීමේ අරමුණ පෙරදැරිවය. ළමා මනෝ වෛද්‍ය, මනෝ චිකිත්සක වෛද්‍යවරුන් 4 දෙනෙකුට පමණ මේ පුංචි පුතා යොමු කරන ලදී. එමෙන්ම ඉන්දියාව තුළ විදෙස්ගත ප්‍රතිකාර ක්‍රම සඳහා ද දරුවා යොමු කරවීමට මෙම මව්පියන් යොමු වී ඇත. වරක් ස්වාමීන් වහන්සේ නමකගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු වූ අවස්ථාවක, එම ස්වාමීන් වහන්සේ පවසා තිබුණේ මෙය ගොළු ශතකය, නොඑසේනම් මුල්ම වරට දරුවාගේ කොණ්ඩය කැපීමේ චාරිත්‍රයේ දී සිදු වූ යම් කිසි දෝෂයක් නිසා ඇති වූ මානසික තත්ත්වයක් ලෙස යැයි සලකා මේ තත්ත්වයක් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන ලදි. නමුත් එයින් ද අපේක්ෂිත මට්ටමේ සුවයක් මෙම දරුවාට ලැබී නොමැත. එමෙන්ම මෙම රෝගය සම්බන්ධ විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා මෙහි සඳහන් දෙමාපියන් දිනකට පැය 10ක 12ක පමණ කාලයක් වෙන්කරමින් zoom තාක්ෂණය හරහා පවත්වන දේශන, මනෝ චිකිත්සක ව්‍යායාම වෙත තම දරුවාව යොමු කරමින් දිනයෙන් භාගයකටත් වඩා මේ සඳහා වෙන් කොට විශාල කැප කිරීමක් සිදු කොට ඇති නමුත් එයින්ද සාධනීය ප්‍රතිඵල අත් නොවූ බව ඔහුගේ ප්‍රකාශය තුළින් මනාව කියැවුන කාරණයකි.
සිදුකළ ඇතැම් වෛද්‍ය ප්‍රතිකාර ක්රමයන්හි දී කුඩා දරුවකුට ඉතා කර්කශ වූ ආකාරයේ බෙහෙත් ද්‍රව්‍යයන් ශරීරගත කර ගැනීමට මෙම කුඩා දරුවාට සිදු වී ඇත. උදාහරණයක් ලෙස ආයුර්වේද තෙල් බෙහෙත් ආදී ද්‍රව්‍ය, පානය කරන කිරි එක සමග මුසු කොට පානය කිරීමට සිදුවී ඇති බව එම පියාගේ කරුණු දැක්වීමේ දී අප හොඳාකාරවම හඳුනාගත් කාරණයකි. එහිදී ඔහු සඳහන් කළේ “දරුවකුට කිරි එක කිරි එකක් විදිහට බොන්න බැරිනම්, එවන් තත්ත්වයට දරුවා පත්වෙනවා නම් එතනින් එහාට තවත් මොකක්ද ඒ දරුවා වැටිලා තියෙන තැන ගැන අපිට කතා කරන්න තියෙන දේ?” යනුවෙනි. ඒ තරමට එම දරුවා අසරණ තත්ත්වයට පත්වෙලා සිටියා යන වචන ටික ඔහුගේ මුවින් එලෙස පිටවිය. දින ගෙවීයත්ම දරුවා ටිකින් ටික වැඩෙන්නට වීමත් සමඟ මෙම තත්ත්වය හමුවේ දරුවා දක්වන ප්‍රතික්‍රියාවල දරුණු ස්වභාවයක් දක්නට ලැබුණි. එනම් දරුවා ඔටිසම් තත්වය සහ ADHD තත්වය නිසා තමන්ට රිදවා ගැනීම, අනුක්‍රමික ක්‍රියා දෙස බලා සිටීම, අනික් පිරිසට අධික ලෙස සැක සහිත කිරීම, මූනෙන් මූන බලා කතා කිරීම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයන් පෙනෙන්ට විය. විවිධ ප්‍රතිකාර සිදු කරන ලද අතර 5% පමණ සුවයක් තිබුනද දරුවා සුවපත් වීමක් දක්නට නොලැබිණි. දෙමාපියන් මේ තත්ත්වය පීඩාකාරී හැඟීමක් විය ඔහු බටහිර වෛද්‍ය ක්‍රම ආයුර්වේද ක්‍රම අනෙකුත් සෙත්ශාන්ති මේ සියල්ලම සිදු කළද මොනයම් ක්‍රමයකින් හෝ දරුවා සුව තත්ත්වයකට පත්කර ගැනීමට නොහැකි විය. දරුවාගේ සමහර ප්‍රතික්‍රියා දෙමාපියන් ලෙස ඔවුනටද අසීමිතව ඉවසීම හරහා දරුවාට බලපෑමක් නොවන ලෙස ප්‍රතික්‍රියා දැක්වීමට සිදු විය. එනම් දරුවා අද කෑමට ප්‍රිය කරන දේ හෙට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන දින ඕනෑ තරම්ය. සමහර අවස්ථාවල දී මේ පුංචි පුතුට අවශ්‍ය දේ ප්‍රකාශ කිරීමට භාවිතා කරන එකම භාෂාව නම් ඇඩීම පමණයි එම අවස්ථාවේ දෙමාපියන් කුමක් කරන්න දැයි පැහැදිලිව හඳුනාගත නොහැකිව අසරණ වී ඔවුන්ට විකල්පයක් ලෙස ඉතිරිව තිබුණේ හැඩීම පමණකි. මෙවන් අවස්ථාවකදී දරුවාට මෙන්ම දෙමාපියන්ටද ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වේ. මන්ද එය දරුවාට ප්‍රතිචාර දැක්වීමට වඩාත් වැදගත් වේ.
දැන් අපි බලමු මොකක්ද මේ ඔටිසම් කියන්නේ කියලා.
ඔටිසම් යන වචනය ගතහොත් එහි අර්ථය වනුයේ මනෝ වික්ෂිප්තභාවය යන්නයි. මෙය බොහෝ දෙනෙකු හඳුනා ගන්නේ මානසික රෝගයක් ලෙසයි. එමෙන්ම අතීතයේදී මෙම රෝගය වැළඳුණු පුද්ගලයන් මානසික රෝගීන් ලෙස තමයි හඳුනාගෙන තියෙන්නේ. නමුත් ක්‍රමක්‍රමයෙන් තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය දැනුම ආදී ක්ෂේත්රයන්ගේ දියුණුවත් සමග නවතම සොයාගැනීම් මගින් පවසන ආකාරයට මෙම ඔටිසම් යනු, ස්නායු පද්ධති ආශ්‍රිතව ඇති වන්නා වූ ගැටළු තුළින් හටගන්නා වූ සංකූලතාවයක් බව සොයාගෙන තිබේ. මේ සඳහා මනසට ඇතිවන තදබල කම්පනයක් නිසා මොලේ හෝමෝනවල ක්රියාකාරීත්වයේ වන වෙනස්වීම් ද බලපාන බව තවදුරටත් අනාවරණය කරගෙන ඇති කරුණකි. තවදුරටත් මෙය කිසිසේත්ම මානසික රෝගයක් ලෙස නොසැලකේ.
ඔටිසම් කියන්නේ මොකක්ද කියලා ඔබට යම්තාක් දුරට අවබෝධයක් ඇති. දැන් අපි බලමු කොහොමද මේ ඔටිසම් තත්ත්වය හඳුනා ගන්නේ කියලා.
මෙම තත්ත්වය හඳුනාගත හැකි ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. ඒ අතරින් මූලිකවම ඔවුන්ගේ
1. ක්‍රියාකාරීත්වය මගින් අපිට මෙම හඳුනාගැනීම කරන්න පුළුවන්.
මෙහිදී මෙම දරුවන් ඉතා කලබලකාරී ස්වරූපයක් හෝ අසාමාන්‍ය තැන්පත් වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම කවුරුන් හෝ සමඟ එකතුවෙන්න, මුහුවෙලා වැඩ කරන්න, කණ්ඩායම් වශයෙන් වැඩ කරන්න අකමැත්තක් දක්වනවා. ඒ වගේම වෙන කවුරුන් හෝ කෙනෙක් තමන් ව ස්පර්ශ කරනවට අකමැත්තක දක්වනවා. එවැනි දේවල් කරන විට ඔවුන්ට තරහ යනවා. මේ වගේ හැසිරීම් තුළින් අපිට පුළුවන් ඔටිසම් තත්ත්වයක් තියෙන දරුවෙක්ව හඳුනාගන්න.
2. කෙනෙක් සමග සෘජුව මුහුණෙන් මුහුණ බලා කතා කිරීමට මැලිකමක් දැක්වීම.
මෙම රෝගයෙන් පෙළෙන දරුවන් යම් කෙනෙක් සමග මුහුණෙන් මුහුණ බලා කෙලින් බලා කතා කිරීමට මැලිකමක් දක්වනවා. යම් කෙනෙක් දිහා සෘජුවම බලාගෙන කතා කරන්නේ ඉතාමත් අඩුවෙන්. බොහෝවිට ඉවත බලාගෙන, නොඑසේනම් වෙනතක් බලාගෙන තමයි යම් කෙනෙකු සමග කතා කිරීමට යොමු වෙන්නේ.
3. කථන අපහසුතා
ඊළඟ කාරණය විදිහට දක්වන්න පුළුවන් කථන අපහසුතා. මේ තුළිනුත් මෙම රෝග ලක්ෂණය සහිත දරුවෙක්ව අපිට අඳුනගන්න පුළුවන්. මොවුන්ට අර්ථවත් ආකාරයකට වචන ගළපා කතා කිරීමේ හැකියාව අඩුය.
එනම් කුඩා දරුවෙකුගේ ක්‍රියාකාරීත්වය, කෙලින් කතා නොකිරීම, කථන අපහසුතා වැනි ක්‍රියාකාරකම් අධ්‍යයනය තුළින් මෙම රෝග ලක්ෂණ සහිත දරුවෙක් අපිට හඳුනා ගැනීම කළ හැකිය.
මේ පිළිබඳ තවදුරටත් සොයා බැලුවහොත් මෙම රෝගයේ මූලික අදියරයන් තුනක් (03) තියෙනවා.
1. ඔටිසම් පළමු අදියර
2. ඔටිසම් දෙවන අදියර
3. ඔටිසම් තුන්වන අදියර
මෙහි පළමු අදියරේ දී යම්තාක් දුරට අපට මෙම මානසික තත්ත්වයට ඉක්මනින් සුව අතට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙහිදී ඔවුන්ගේ සමාජීය කැමැත්ත අඩුයි, තනිව වාසය කරන්න තමයි කැමැතියි. කිසිවෙක් ආශ්‍රය කරන්න කැමැත්තක් නෑ. ඒ වගේම දෙයක් තනියම හිතලා මතලා කරන්නත් බැහැ. මොවුන්ගේ සන්නිවේදන කටයුතු ඉතාමත් අඩුයි, වැඩක් ක්‍රමානුකූලව කිරීමේ අපහසුතාවය ද මෙම පළමු අදියරේ දී අපට දැකගැනීමට හැකිය. මෙහි දෙවැනි අදියරේදී පළමු අදියරේ පැවති තත්ත්වයට වඩා උත්සන්න වූ තත්ත්ව අවස්ථාවක් තමයි අපට දැක ගැනීමට හැකි වන්නේ. පෙරදී පැවැති ලක්ෂණයන්ගේ වර්ධනය වූ ස්වභාවයක් මෙහි දී දැක ගැනීමට හැකි වෙනවා. සම වයසේ සිටින සාමාන්‍ය දරුවකු හා සැසදීමේදී සාමාන්‍ය දරුවකු සතු හොඳ චර්යාවන්, හොඳ පුරුදු මොවුන් තුළින් දැක ගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට නරක පුරුදු දක්නට ලැබීමට හැකියාවක් තිබෙනවා. මෙහි තුන්වන අදියර, එසේත් නැත්නම් අවසාන අදියර මානසික ඉහළම උත්සන්න වූ අවස්ථාවක් දැක ගැනීමට හැකි වෙනවා. මෙම තත්ත්වය ඉතා දරුණු තත්ත්වයක් ලෙසයි වෛද්‍යවරුන් හඳුන්වන්නේ. මෙහි උච්චතම අවස්ථාවට පැමිණ පසු මොවුන්ට යම් දෙයක් දරා ගැනීමට නොහැකි අවස්ථාවකට පැමිණි පසු මොවුන් තමන්ටම යම් හානියක් කර ගැනීමට පෙළඹෙනවා. ඒ කියන්නේ තමන් විසින්ම තමන්ව සපා ගැනීම, තමන්ව සූරා ගැනීම වැනි ඉතා දරුණු ගණයේ ක්‍රියාකාරකම් වලට යොමු වීමට ද හැකියාවක් පවතිනවා.
නැවතත් අප මේ ලිපියේ කථානායකයා වන දරුවාගේ පියාගේ අදහස් වෙත යොමු වෙමු. ඔහු අවධාරණයෙන් පවසන කාරණයක් නම් “බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙම ඔටිසම් සහ ADHD මානසික තත්ත්ව සුව කළ හැකි ආකාරයේ නිශ්චිත ප්‍රතිකාර ක්‍රම කිසිවක් මේ වන තෙක් නොමැත. එසේ තිබුනේ නම් ඒ සියල්ලම අප මෙම දරුවාට ලබා දී ඒ සඳහා දැරිය හැකි මට්ටමේ ඉහළම මට්ටමක වියදමක් දරා තම දරුවා සුව කර ගැනීමට අපි වෙහෙසුණා.” යන්නයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්රමයන් නොමැති වුවත් අතීත සිංහල වෛද්‍ය සම්ප්රදාය තුළ මේ සඳහා නිශ්චිත වූ වෛද්‍ය ප්‍රතිකාරයක් ක්රමයන් ඇති බව මෙම පියා මෙහිදී තවදුරටත් සඳහන් කර සිටියා. නමුත් මෙම හෙළ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දන්නා වෛද්‍යවරුන් ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණක් ලංකාව තුළ සිටින බවයි මොහුගේ විශ්වාසය. ඒ අතුරින් මහනුවර ප්‍රදේශයේ වෙසෙන, රජයේ ලියාපදිංචි වී නිසි ආකාරයෙන් සිය වෛද්‍ය කටයුතු සිදු කරගෙනු යනු ලබන එක් සිංහල වෛද්‍යවරයෙක් මෙම පියාගේ කුඩා දරුවාට ලබාදුන් සාධනීය මට්ටමේ ප්රතිකර්මයන් ගැන විශේෂයෙන් සඳහන් කළේය. මෙම දරුවා අද වන විට වචන සියයකට වඩා වැඩි ප්‍රමාණයක් කතා කරන, යම් දෙයක් දුටු පමණින් හඳුනන, මව පියා සමග ඉතා හොඳින් කතා කරන, ඉංග්‍රීසි භාෂාව පවා කතා කිරීමට හැකි තත්ත්වයට පැමිණීම දක්වා වර්ධනය කර ගැනීමට මෙම විශිෂ්ට සිංහල හෙළ වෛද්‍ය ආචාර්යවරයාට හැකිවී තිබෙන බව මෙම පියා සාක්ෂි දරමින් ප්‍රකාශ කර සිටී. මෙම වෛද්‍යවරයා තවත් බොහෝ විශිෂ්ට ප්රතිකර්මයන් සිදුකරන පර්යේෂණාත්මක වෛද්‍යවරයෙක් බවයි මෙතුමන් පවසා සිටියේ. මොහුගේ තවත් අග්‍රගණ්‍ය ප්‍රතිකාරයක් ගැන ඉදිරි ලිපියකින් ගෙන එන බවට පොරොන්දුවක්ද තැබීමට අප අමතක නොකරන්නෙමු.
එසේනම් බුද්ධිමත් දෙමව්පියන් ලෙස අප මෙවන් මානසික තත්ත්වයට උග්‍ර අතට පත් නොවී මෙය පළමු අදියරේ දී ම හඳුනාගෙන, එය සැඟවීමට ලක් නොකර, ලැජ්ජාවට පත්වීමට කාරණයක් ලෙස නොසලකා එයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් මෙම මානසික තත්ත්වයට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වන බව තේරුම් අරගෙන ක්‍රියා කළ යුතු වෙනවා. එවිට මෙම ඔටිසම් තත්වයේ පලමු අදියරයෙන් දෙවැනි අදියරටත් දෙවැනි අදියරයෙන් තෙවන අදියරටත් නොයවා මෙම තත්ත්වය දරුණු අතට පත් නොවී මුල් අවස්ථාවේදීම එය පාලනය කර ගැනීමට හැකිවනු නියතය.
“මේ Covid-19 වසංගත සමයත් සමඟ ලැබුණු නිවාඩු සමයේදී නිකරුනේ අර්ථ විරහිත චිත්‍රපට, වීඩියෝ, පරිගණක ක්‍රීඩා වල නිරත නොවී තමන්ගේ දරුවන් ගැන ලොකු අවධානයක් දෙන්න” යැයි අප සඳහන් කළ පියාණන්ගේ එකම ඉල්ලීම විය. Covid-19 වසංගතය වෙත කොතරම් අපේ අවධානය යොමු වුවද මේ ඔටිසම් දරුවන් සිටින දෙමව්පියන් සහ අසාමාන්‍ය චර්යාවන් පෙන්වන දරුවන් සිටින දෙමාපියන් මෙවන් තත්ත්වයට පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ඔටිසම් තත්ත්වයක සිට ප්‍රතිකාර වෙත යොමු නොවී එය සඟවාගෙන සිටින දෙමාපියන් වේ නම් නිසි ප්‍රතිකාර වෙත යොමු වන ලෙසත්, එලෙස හඳුනාගෙන හඳුනා නොගෙන තමන්ගේ දරුවන් එවන් අසාමාන්‍ය ආකාරයේ චර්යා රටාවන් පෙන්නුම් කරන්නේ නම් ඒවාට නිසි ප්‍රතිකාර ගැනීම සඳහා මෙම නිවාඩු සමය යොදා ගන්නා ලෙසත්, තම දරුවන් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙසත් මෙහිදී ඉතාමත් කාරුණිකව සහ අවධාරණාත්මකව ඉල්ලා සිටිමු.
මෙවන් මානසික තත්ත්වයට පීඩා විඳින දරුවන් සිටින දෙමාපියෙකු වේ නම් පෙර සඳහන් කළ වෛද්‍යවරයා වෙත යොමුවන ආකාරය ගැන දැනුවත් කරමින් අවශ්‍ය ඕනෑම මගපෙන්වීමක් ලබාදීමට එම පියා සූදානම් බවත්, පහත දුරකථන අංකයන් ඔස්සේ ඔහුව සම්බන්ධ කරගන්න ලෙසත් ඔහු ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටියේය.
ඔටිසම් තත්ත්වයෙන් සුව අතට පත් වෙමින් සිටින දරුවාගේ පියා : 0777774544
*****
සටහන:
ඔවදිනී තෙන්නකෝන්
ආදිත්‍ය මිල්ලන්ගොඩ
2021 ජූනි 18