self care counselling

self care counselling counseling services

27/01/2024
සතුට යනු දෛනික ජීවිතයේ වැදගත්ම සාධකයකි.එය මානසික සෞඛ්‍යයට බෙහෙවින් ම බලපානු ලබයි.මන්ද මානසික සතුට නොමැති වීම මානසික ආබාධ...
22/08/2023

සතුට යනු දෛනික ජීවිතයේ වැදගත්ම සාධකයකි.එය මානසික සෞඛ්‍යයට බෙහෙවින් ම බලපානු ලබයි.මන්ද මානසික සතුට නොමැති වීම මානසික ආබාධය වල ප්‍රධාන ප්‍රභවයකි.විවිධ පුද්ගලයන් සතුට සොයන ආකාරය විවිධ ය.කෙනෙක් ඇති තරම් විභාග සමත් වී උපාධි සහතික එකතු කර සතුට සොයන අතර තව කෙනෙක් රක්ෂාවෙන් ඉහළට ගොස් සතුට සොයති.තවත් අය කසාදයක් බැදලා දරුවන් හදා ඔවුන් තුළින් සතුට සොයන අතර තව කෙනෙක් විශාල ගෙවල් දොරවල් හදා සතුට සොයති.තවත් අය මත්පැන් මත්ද්‍රව්‍ය වලින් සතුට සොයයි.....,.. ඇත්තටම සතුට ඇතේ කොතනද???
"රයන් හා ජෙසී(2001) පෙන්වා දී ඇත්තේ, ධනාත්මක චිත්තවේගයන් පැවතීම සහ නිශේධනාත්මක චිත්තවේග නොමැති වීම සතුට යනුවෙනි.
මොනවද මේ ධනාත්මක චිත්තවේග?? ආදරය, සිනහව, කරුණාව,දයාව, මෛත්‍රීය,උද්යෝගය ආදියයි, එසේ ම කේන්තිය,දුක,තරහ, කලකිරීම, වෛරය ආදිය නිශේධනාත්මක චිත්තවේග වේ.
එසේ නම් සතුටින් සිටීමට අප කුමක් කළ යුතුද?
සතුට ඇත්තේ අපේ සිතුවිලි තුළ ය.සිතුවිලි වෙනස් කර ගැනීමට උත්සාහ කරමු
#ඔබට දැනට පවතින දේවල් පිළිබඳ සතුටු වීමට උත්සාහ කරන්න
#ඔබේ මොළය වඩාත් ධනාත්මක වීමට පුහුණු කරන්න.යහපත දැකීමට,අගය කිරීමට, ආදරය කිරීමට, උද්යෝගිමත් වීමට
#ඍණාත්මක දේවල් තුළම වාසය නොකිරීම හා ඍණාත්මක අවස්ථා මග හැරීම ට උත්සාහ කිරීම
#පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට, ආදරණීය වීමට
#අතීතය ගැන හිත හිතා දුක් නොවී මේ මොහොත සතුටින් ගත කරන්න.
#හැකි තරම් අන් අයට උපකාර කරන්න
#ඔබ ඔබව අගය කරමින්, උද්යෝගිමත් ව, සතුටින් වැඩ කරන්න.
#හැකි සෑම විටම මනස සැහැල්ලු වන විනෝදාංශ වල හා ව්‍යායාම වල නිරත වන්න.
සතුට ළගාවන තුරු බලා නොසිට අපේ සිතුවිලි තුළ සතුට තබා ගැනීමට පුරුදු පුහුණු කළ යුතුය.
නිලූකා දිසානායක
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශන නිලධාරි

21/05/2023

ඔබේ ගැටලුවට ඔන්ලයින් හරහා අපගේ සහය....

21/05/2023

Get the best and friendly counselling and therapeutic support

21/05/2023
21/05/2023

ඔබට සහය වීමට අපට පුළුවන්

දරුවන්ට දිය හැකි වටිනාම දේ මොකක්ද?මෙම ප්‍රශ්නය මම ඔබෙන් ඇහුවොත්, ඔබ විසින් විවිධ උත්තර දෙනු ඇත. ඉහළ අධ්‍යාපනයක්, ආරක්ෂාව...
31/03/2023

දරුවන්ට දිය හැකි වටිනාම දේ මොකක්ද?

මෙම ප්‍රශ්නය මම ඔබෙන් ඇහුවොත්, ඔබ විසින් විවිධ උත්තර දෙනු ඇත. ඉහළ අධ්‍යාපනයක්, ආරක්ෂාව, ආදරය, රැකවරණය, හොඳ විනයක්,ආදි වශයෙන් නොයෙක් උත්තර ඔබ දෙනු ඇත.

ඇතැම් දෙමව්පියන් දරුවන්ට දිය හැකි වටිනාම දේ අධ්‍යාපනය යැයි සිතා ටියුෂන් පන්ති ගොඩකට දමා දරුවන්ට වද දෙමින් වෙහෙසෙති.එක්කෝ ටික කලකින් දරුවන්ට අධ්‍යාපනය එපා වෙති, නැත්නම් ආතතියෙන් අධ්‍යාපනය ලබති.
එසේම දරුවන්ට සැප දීමට සිතා බොහෝ මව්වරු දරුවන් කාට හෝ බාර දී විදෙස්ගත වේ.මෙම දරුවන් විවිධ අතවරයට , හිංසනයට හෝ පීඩාවට පත් වී ජීවිතය අතරමං වේ.
තව පිරිසක් දරුවන් ගේ ඉල්ලීමට ඔවුන්ට ජංගම දුරකථන අරං දෙයි.දරුවන් දුරකථනයෙන් විවිධ ගේම්,ටික්ටොක්,යු ටියුබ්,ආදරය සබදතා ආදි විවිධ ක්‍රියාකාරකම් වල නිරත වී දුරකථන ඇබ්බැහිවෙලා දරුවන් අතරමං වී ඇත.
දෙමාපියන් නොසැලකිල්ල හෝ දෙමාපියන් නොමැති කම නිසා විවිධ මිතුරන් ඇසුරු හා සතුට වෙනුවෙන් මත් ද්‍රව්‍ය, මත් කුඩු වලට ඇබ්බැහි වී දරුවන් අතරමං වී ඇත.
තවත් දෙමාපියන් දරුවන් මුදල් හෝ දේපල රැස් කර දරුවන් ගේ අනාගතය සතුටු කිරීමට මුදල් ගොඩ ගසති.මේ මොහොතේ දරුවන්ට දිය හැකි සතුට වෙනුවෙන් කිසිත් නොකරති.

අපි හැමෝම මේ මොහොතේ සතුටින් සිටීමට උත්සාහ කරයි.දරුවන්ද එසේය, දරුවන් ද සතුට සොයාති, සතුට දැනෙන තැන් සොයා යති.

එසේ නම් දරුවන්ට දිය හැකි වටිනාම දේ මොකක්ද?

ඔව්,දරුවන් දිය හැකි වටිනාම දේ සතුටු පවුල යි.මොකද්ද මේ සතුටු පවුල කියන්නේ.සතුටු පවුල කියන්නේ, පවුල තුළ දෙමාපිය දූදරු සබඳතා සතුටින් ගොඩනගා ගත් පවුලයි.බොහෝ දරුවන්ට පවුලක් ඇත.නමුත් පවුල තුළ සතුට නැත.

නිතරම දරුවන්ට බැන වදින දෙමාපියන්, සංසන්දනය කරමින් දරුවන්ට අභිමානය නොදෙන දෙමාපියන්, නිතරම අම්මා තාත්තා රංඩු කර ගන්න පවුල්, සැමියාගේ බිරිඳගේ අඩු පාඩූ විවේචනය කර දරුවන්ගේ ආදරය එක් පාර්ශවයකට නම්මා ගැනීමට වෙර දරන දෙමාපියන්, නැන්දම්මා ලේලි ගැටුම නිසා නිතර විසිර යන පවුල්, ආතතියෙන් මිරිකෙන අම්මාවරුන් සිටින පවුල්, රැකියාව පරම සතුට කර ගත් දෙමාපියන් සිටින පවුල් මෙකී නොකී විවිධ මානසික බිද වැටුණු පවුල් නිසා දරුවන්ට පවුල තුළ සතුට නොමැතිව අතරමං වී සිටිති.

ඩයනා බර්මුරන් කියන ඇමෙරිකානු ජාතික විශිෂ්ට මනෝවිද්‍යඤවරියක් ඇයගේ සමීක්ෂණ වලින් පෙන්වා දෙන ලද්දකි නම්, දෙමාපිය හැසිරීම් අනුව දරුවන්ගේ හැසිරීම් වෙනස් වන බවයි.එම නිසා දෙමාපිය හැසිරීම් ඉතා වටිනා දෙයකි.

සතුටු පවුලක් තුළ සාර්ථක දෙමාපිය
හැසිරීම් ඇත.න්‍යෂ්ටික පවුල වටා හොදින් ගනුදෙනු කරන විස්තෘත පවුලක් (අත්තම්මා,සීයා,නැන්දලා,මාමලා) ඇත.ඔවුන් දරුවන් ගේ හැගීම් හොදින් තේරුම් ගනී.මව පියා දෙදෙනාගෙම එකගතාවයෙන් ගොඩනගා ගත් විනය පද්ධතියක් තුළ දරුවන් පාලනය වේ.දරුවන් ඉල්ලන හැම දෙයක්ම ලබා දෙන්නේ නැත.බැහැ කියන දේවල් දරුවන්ට පැහැදිලි කර එය නොකරති.දරුවන් සමග දිනකට යම් කාලයක් ගත කරයි.දරුවන් හොදින් දෙමාපියන් හා මානසිකව බැදේ.එකිනෙකාට ගරු කරමින් සිටි .රංඩු සරුවල් නොමැත.ස්වාමියා බිරිඳ සතුටින් බැදිම් පවත්වාගෙන යයි.ගැටුම් සාකච්ඡා කර විසඳාගනී.ඔවුන් එකිනෙකාට ආදරය කරති.කුමන කාර්යයකට නිවසින් බැහැරව ගිය ද තම නිවස තරම් සතුටක් නොමැත.ඔවුන්ගේ සතුට පවුල සමග කාලය ගත කිරීම යි.

දැන් ඔබ කවුද කියලා ඔබෙන් අහන්න?
ඔබේ පවුල කුමන ආකාරයේ ද?
ස්වාමියා බිරිඳ , දරුවන් අතර ඇති සබදතාව පිළිබඳ ඔබ දෙවරක් සිතන්න.
ඔබේ දරුවන්ට දිය හැකි වටිනාම දේ,ඔබේ දරුවන්ට ලැබෙනවා ද?

එසේ නොමැති නම් ඔබ සබදතා ගැටුමකට පත්ව සිටි නම් මනෝවිද්‍යා උපදේශනයේ සහය ලබා ගන්න.පවුල් උපදේශන ක්‍රියාවලිය තුළින් සබදතා උපදේශනය(Relationship counseling), සාක්ෂි පදනම් ප්‍රතිකාර ක්‍රමය (evidence based treatment),ආවේග මුල් කරගත් යුගල ප්‍රතිකාර ( emotional focused couple therapy) වැනි න්‍යායාත්මක පදනමකින් යුක්තව පවුල් උපදේශනය සිදු කරනු ලබයි.

නිලූකා දිසානායක,
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා

හෝදනවා හෝදනවා ඉවරයක් නැති හේදිල්ලක්....දිනකට තිස් හතළිස් වතාවක් අත් සෝදන, එසේ නැත්නම් අසාමාන්‍ය පිලිවෙල, අසාමාන්‍ය රෙදි ...
15/03/2023

හෝදනවා හෝදනවා ඉවරයක් නැති හේදිල්ලක්....

දිනකට තිස් හතළිස් වතාවක් අත් සෝදන, එසේ නැත්නම් අසාමාන්‍ය පිලිවෙල, අසාමාන්‍ය රෙදි සෝදන අය, යමක් එක දිගට පරික්ෂා කිරීම වැනි චර්යාවක් නිතර නිතර කරමින් අපහසුවෙන් ජීවිතය ගෙවන පුද්ගලයන් බොහෝ ඇත. එය නවත්වා ගන්නට නොහැකි ආතතියෙන් සිටිනවා විය හැක.

OCD හෙවත් ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාවය කියන්නේ අපේ ජීවිත අවුල් කරන තවත් දැඩි මානසික ආතතියක්,එහි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
1සිතට වද දෙන සිතිවිලි
2 ඒ අනුව සිදු කරන ක්‍රියාව

සිතට ඇතුල් වන පීඩාකාරි සිතුවිල්ලක් හෝ හැගීමක් යටපත් කර ගැනීමට පුද්ගලයෙකු ඊට අනුරූපව යම් ක්‍රියාවක යෙදෙවා.ඉන් එම පුද්ගලයාට යම් සහනයක් ලැබෙනවා.එම සහනය සමග එය දිගටම සිදු කරනවා.පසුව මෙය නවතා ගත නොහැකි චර්යාවන් බවට පත් වෙනවා.මෙම තත්වය මානසික අක්‍රමතාවක් වේ.
මෙවැනි පුද්ගලයන් සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ද ඇත.මනෝ චිකිත්සක උපදේශන සේවාව තුළින් සිතුවිලි ප්‍රතිකාර ක්‍රම වැනි ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදා ගනී.ඔබත් ඔබගේ මෙවැනි චර්යාවන් නිසා පීඩාවට පත් නොවී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න.ඔබ ඔබව ආරක්ෂා කර ගන්න.

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
නිලූකා දිසානායක.

අම්මා.... අමෘතය පොවන්නී අම්මා ය...ඔබ ඔබේ දරුවන්ට අමෘතය පොවන්නේ කොහොමද ඔබ සිතුවා ද?..... දරුවන්ට ආදරය සෙනෙහස දීමට ඔබ යහපත...
09/03/2023

අම්මා.... අමෘතය පොවන්නී අම්මා ය...
ඔබ ඔබේ දරුවන්ට අමෘතය පොවන්නේ කොහොමද ඔබ සිතුවා ද?.....
දරුවන්ට ආදරය සෙනෙහස දීමට ඔබ යහපත් මනසකින් සිටිය යුතුය.ඔබට නිතරම තරහා යන්නේ නම්, නිතර දරුවන්ට, ස්වාමියාට බැන බැන ආතතියෙන් නිවසේ වැඩ කටයුතු කරන්නේ නම්,ඔබ ඔබ ගැන සැලකිලිමත් නොවන තාක් ,ඔබට ඔබගේ නිවස ආදරයෙන් පිරවිය නොහැකි ය.පළමුව ඔබ ඔබේ මනස තුළ යහපත් මානසික සෞඛ්‍ය ක් ගොඩනගා ගන්න.ඒවිට ඔබට ඔබගේ නිවස ආදරයෙන්, සෙනෙහසින් පිරී නිවසක් කළ හැක. ඔබට ඔබ ගේ ආතතිය,තරහා පාලනය කර ගැනීමට අපහසු නම් මනෝවිද්‍යාත්මක උපදේශනය හරහා ඔබට සහාය ලබාගත හැකිය.

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
නිලුකා දිසානායක

Address

Kandy
Kandy

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+74756175263

Website

Alerts

Be the first to know and let us send you an email when self care counselling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to self care counselling:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram