Health care pharmacy

Health care pharmacy Pharmacy & grocery

" අනේ මිස් , මගේ ගේත් වික්කා... ඒත් තාම සල්ලි මදි බෙහෙත් වලට😓. සතියට දෙපාරක් ලේ සුද්ද කරන්න යන්න ඕන "වකුගඩු අක්‍රිය වූ ර...
19/12/2025

" අනේ මිස් , මගේ ගේත් වික්කා... ඒත් තාම සල්ලි මදි බෙහෙත් වලට😓. සතියට දෙපාරක් ලේ සුද්ද කරන්න යන්න ඕන "

වකුගඩු අක්‍රිය වූ රෝගියෙක් ළඟදී මට එහෙම කිව්වා. ඒක අහද්දී පපුව හෝස් ගාලා යනවා. මොකද අපි දන්නවා වකුගඩු රෝගය කියන්නේ මුළු පවුලම ආර්ථික වශයෙන් වලපල්ලට යවන රෝගයක් බව.

ඔබේ වකුගඩු හරියට ගෙදර තියෙන "වතුර ෆිල්ටර්" එක වගේ. ලේ වල තියෙන විස ඔක්කොම පෙරා හරින්නේ මේකෙන්. ෆිල්ටර් එක සවුත්තු වුනොත් වතුර බොන්න බැරි වෙනවා වගේම, වකුගඩු "නරක් වුනොත්" මුළු ඇඟම විෂ වෙනවා. ඒ වේදනාව වචන වලට පෙරළන්න මට නම් තේරෙන්නේ නෑ 😓

වකුගඩු මැෂින් එකක් මගින් සුද්ධ කරන්න (Dialysis) රෝහල් ගානේ රස්තියාදු නොවී ඉන්න නම්, අද ඉඳන්ම මේ පියවර 7 අනුගමනය කරන්න.

1. වතුර කියන්නේ බෙහෙතක් (Hydration)

වකුගඩු වල ප්‍රධානම රාජකාරිය තමයි විස පෙරන එක. වතුර නැතුව ෆිල්ටර් කරන්න බෑ.

💁‍♀️ කොච්චර බොන්න ඕනද?: දවසට ලීටර් 2.5 - 3ක් බොන්න.
👉 ලේසිම මිම්ම: ඔබ මුත්‍රා කරන විට එය වතුර වගේ සුදු පාටට හෝ ඉතා ලා කහ පාටට තිබිය යුතුයි. තද කහ පාට නම්, ඔබේ වකුගඩු අමාරුවෙන් වැඩ කරන බව මතක තියාගන්න.

2. ලුණු (Sodium) කන එක අඩු කරන්න
ලුණු වැඩිපුර කනකොට රුධිර පීඩනය (Pressure) වැඩි වෙනවා. ප්‍රෙෂර් වැඩි වුනාම වකුගඩුවේ සියුම් නහර පිපිරෙන්න ගන්නවා.

👉 පරිස්සම් වෙන්න: බත් පිඟානට අමතර ලුණු දාගන්න එපා. ලුණු රසට තියෙන පැකට් කළ කෑම (Chips/Mixtures) සීමා කරන්න.

3. වේදනා නාශක පෙති (Painkillers) හිතුමතේ බොන්න එපා !

කොන්ද රිදෙනවා කියලා, දණහිස රිදෙනවා කියලා ෆාමසියෙන් අහලා NSAIDs වර්ගයේ වේදනා නාශක (Diclofenac, Ibuprofen වැනි) බොන්න එපා. මේවා දීර්ඝකාලීනව භාවිතය වකුගඩු නරක් වීමට ප්‍රධානම හේතුවක්.

👉 ඇඟේ අමාරුවට පැරසිටමෝල් (Paracetamol) පෙත්තක් ගැනීම ආරක්ෂිතයි. ඊට වඩා දෙයක් අවශ්‍ය නම් වෛද්‍යවරයෙක් අසන්න.

4. සීනි පාලනය (Control Blood Sugar)

ලෝකයේ වකුගඩු අක්‍රිය වීමට අංක 1 හේතුව දියවැඩියාවයි. රුධිරයේ සීනි වැඩි වූ විට, එය වකුගඩුවේ ෆිල්ටර් (Nephrons) වලට හානි කරමින් ඒවා "බ්ලොක්" කරනවා.

5. මුත්‍රා යන්න නොදී හිරකරගෙන ඉන්න එපා

වැඩක ඉන්නකොට, ගමනක් යනකොට මුත්‍රා බර හැදුනත් පැය ගණන් ඉවසන් ඉන්නවාද? එපා. එයින් මුත්‍රාශයේ බැක්ටීරියා වර්ධනය වී, එය වකුගඩු දක්වා ගමන් කර වකුගඩු ආසාදන (Kidney Infections) ඇති කරන්න පුළුවන්.

6. දුම්පානයෙන් ඈත් වෙන්න

දුම්පානය නිසා වකුගඩු වලට යන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. ලේ ලැබුනේ නැති වුනාම වකුගඩු සෛල මැරෙනවා.

7. අවුරුද්දකට වරක් "Screening" එකක්
වාහනේ සර්විස් කරනවා වගේ ඔබේ වකුගඩු සර්විස් කරන්න බැහැ. හැබැයි තත්වය බලන්න පුළුවන්.

👉 Serum Creatinine: රුධිර පරීක්ෂණය.
👉 eGFR: වකුගඩු කොපමණ හොඳින් ක්‍රියාකරනවාද යන්න බලන අගය.

මේවා වයස අවුරුදු 40 පැන්න හැමෝම අවුරුද්දකට වරක්වත් වෛද්‍ය උපදෙස් මත සිදු කරගන්න.

🛑 අපි හිතමු ඔබ මේවා ගණන් ගන්නේ නෑ කියලා. යම් දවසක වකුගඩු දෙකම අක්‍රිය වුනොත් (CKD - Stage 5) ?

👉 ඩයලයිසිස් (Dialysis): සතියකට 2-3 වතාවක් ලේ ටික මැෂින් එකකින් සුද්ධ කරන්න වෙනවා. රජයේ රෝහල් වල පෝලිම නිසා පුද්ගලික රෝහලකට ගියොත් එක වාරයකට රු. 15,000 - 25,000 ක් යනවා. මාසෙකට ලක්ෂ එකහමාරක් විතර !

👉 බද්ධ කිරීම (Transplant): අලුත් වකුගඩුවක් බද්ධ කරන්න පුද්ගලික රෝහලක ලක්ෂ 30-50ක් (මිලියන 3-5) විතර යනවා.

ඉතින් ලක්ෂ ගණන් පූජා කරනවාට වඩා, අද ඉඳන් වතුර වීදුරුවක් වැඩිපුර බොන එක ලාභයි නේද?

මේ පණිවිඩය Share කරලා තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව් වෙන්න. ❤️
මෙම තොරතුරු දැනුවත් කිරීම පිණිස පමණි.

ස්තූතියි.
හෙදියකගේ දිනපොත

අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
[ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.

වමනේ නොයන්න අම්මලා බිව්ව "පුංචි පෙත්ත" නිසා, ලෝකයක් පුරා අත පය නැතිව ඉපදුණු මල් කැකුළු 10,000ක්! 💊👶💔 ගැබිණි අම්මා කෙනෙක්...
07/12/2025

වමනේ නොයන්න අම්මලා බිව්ව "පුංචි පෙත්ත" නිසා, ලෝකයක් පුරා අත පය නැතිව ඉපදුණු මල් කැකුළු 10,000ක්! 💊👶💔

ගැබිණි අම්මා කෙනෙක්ට තියෙන ලොකුම හීනය මොකක්ද? තමන්ගේ කුස ඇතුලේ දඟලන පැටියා, අත පය හතර හොඳින් තියෙන නිරෝගී දරුවෙක් විදියට මේ ලෝකෙට එනවා දකින එක. ඒ හීනය හැබෑ කරගන්න අම්මලා මොන තරම් පරිස්සම් වෙනවද? කන බොන දේ ගැන, ගන්න බෙහෙත් ගැන ඔවුන් දහස් වාරයක් හිතනවා. නමුත් 1950 දශකයේ අග භාගයේදී ලෝකයේම අම්මලාට සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි මහා ඛේදවාචකයකට මූණ දෙන්න. තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න හිතාගෙන ඔවුන් බිව්ව පුංචි බෙහෙත් පෙත්තක්, තමන්ගේම දරුවන්ගේ අත් කකුල් දිය කරලා දාන විෂක් වෙයි කියලා ඒ අහිංසක අම්මලා හීනෙකින්වත් හිතුවේ නෑ.

මේ කතාව පටන් ගන්නේ 1957 වර්ෂයේ ජර්මනියෙන්. "Chemie Grünenthal" කියන ඖෂධ සමාගම විසින් ලෝකයට අලුත් බෙහෙතක් හඳුන්වා දුන්නා. නම "තැලිකොමයිඩ්" (Thalidomide). මුලින්ම මෙය හඳුන්වා දුන්නේ නින්ද නොයන අයට දෙන, කිසිම අතුරු ආබාධයක් නැති ආරක්ෂිත නිදි පෙත්තක් විදියට. නමුත් ටික කාලෙකින් දොස්තරලා හොයාගත්තා මේ බෙහෙත ගැබිණි අම්මලාට උදේට හැදෙන වමනේ යාම සහ ඔක්කාරය (Morning Sickness) පාලනය කරන්න පුදුම හැකියාවක් තියෙනවා කියලා.

ඖෂධ සමාගම මේක මාකට් කළේ "ආශ්චර්යමත් ඖෂධයක්" (Wonder Drug) විදියට. "මේක ඕනම කෙනෙක්ට බොන්න පුළුවන්... ගැබිණි අම්මලාටත් 100%ක් ආරක්ෂිතයි" කියලා ඔවුන් සහතික වුණා. සමහර රටවල මේක දොස්තර කෙනෙක්ගේ නිර්දේශයක් නැතුව (Over the counter), හරියට පැනඩෝල් පෙත්තක් ගන්නවා වගේ කඩෙන් ගන්න පුළුවන් වුණා. එදා යුරෝපයේ, කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ අම්මලා මේ බෙහෙත බිව්වේ සහනයක් බලාපොරොත්තුවෙන්. තමන්ගේ බඩේ ඉන්න දරුවාට මේකෙන් හානියක් වෙයි කියලා ඔවුන්ට සැකයක්වත් තිබුණේ නෑ.

1958 වර්ෂය උදා වුණේ ලෝකයේ ප්‍රසූත කාමර 'ලෙය සහ කඳුළින්' තෙත් කරමින්. සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදුණාම දොස්තරලා, නර්ස්ලා හිනා වෙලා ඒ දරුවව අම්මා ළඟට ගේනවා. ඒත් මේ කාලේ ඉපදුණු දරුවන්ව දැක්කම දොස්තරලා පවා බියෙන් ගැහුණා. දරුවා එළියට ආපු ගමන් කාමරේ පැතිරුණේ මූසල නිහැඬියාවක්. වෛද්‍යවරු උත්සාහ කළා වහාම රෙදි කෑල්ලකින් දරුවාව වහලා අම්මාගෙන් හංගන්න.

ඒ දරුවන්ගේ පෙනුම හිතාගන්නවත් බැරි තරම් බිහිසුණුයි. සමහර දරුවන්ගේ අත් සහ කකුල් හැදිලා තිබුණේ නෑ. උරහිසටම හෝ ඉණටම ඇලුණු, කුඩා වරල් වගේ කොටස් විතරයි තිබුණේ (Phocomelia). හරියට සීල් මත්ස්‍යයෙක් වගේ. අත්ල තිබුණේ වැලමිට ළඟ. ඇඟිලි තිබුණේ නෑ. ඊටත් වඩා දරුණු දේ තමයි, සමහර දරුවන්ගේ මුහුණ විකෘති වෙලා තිබුණා. කන් තිබුණේ නෑ. ඇස් තිබුණේ නෑ. හදවත සහ වකුගඩු එළියට පේන්න තිබුණා.

අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරලා, වේදනාව මැද්දෙත් බලන් ඉන්නේ දරුවාගේ පළමු ඇඬිල්ල අහන්න. ඒත් මේ දරුවෝ ඉපදුනේ නිහඬව. දොස්තරලා දරුවා හංගද්දි අම්මලා කෑගැහුවා 'අනේ මට මගේ පැටියව පෙන්නන්න... එයාට මොකද වුණේ?' කියලා. අන්තිමට දරුවාව දැක්කම ඒ අම්මලාට සිහිය නැති වුණා. ඔවුන් පපුවේ අත් ගහගෙන ඇඬුවා.

'අනේ දෙවියනේ... මම කරපු පාපයක්ද මේ? මම බිහි කළේ රකුසෙක්ද? ඇයි මගේ දරුවට අත පය නැත්තේ?' කියලා ඔවුන් තමන්ටම සාප කරගත්තා. තමන්ගේ කුස ඇතුලේ මාස 9ක් තිස්සේ පරිස්සම් කරපු දරුවා, තමන් බිව්ව බෙහෙතක් නිසා මෙහෙම වුණා කියලා හිතන්නවත් ඔවුන්ට පුළුවන් වුණේ නෑ.

දොස්තරලා හිටියේ අන්දමන්ද වෙලා. ඔවුන් හිතුවේ මේක අලුත් වෛරස් එකක්, එහෙමත් නැත්නම් විකිරණ කාන්දුවක් නිසා වෙච්ච දෙයක් කියලා. තමන්ගේ අතින්ම අම්මලාට ලියලා දුන්නු අර 'ආශ්චර්යමත් පෙත්ත' මේ මහා විනාශය කළා කියලා ඒ වෙලාවේ කිසිම දොස්තර කෙනෙක් දැනගෙන හිටියේ නෑ.

ටික කාලයක් යද්දි මේක මහා වසංගතයක් වුණා. රටවල් 46ක දරුවෝ 10,000කට වැඩි පිරිසක් මේ විදියට විකෘති වෙලා ඉපදුණා. ඊටත් වඩා විශාල ප්‍රමාණයක් (ලක්ෂ ගණනක්) අම්මාගේ කුස තුළදීම මිය ගියා (Miscarriages). මේකට හේතුව අර "පුංචි පෙත්ත" බව මුලින් කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඖෂධ සමාගම දිගින් දිගටම කිව්වේ "අපේ බෙහෙත ආරක්ෂිතයි" කියලයි. ඔවුන් ලාභය වෙනුවෙන් ඇත්ත වසන් කළා.

නමුත් මේ මහා විනාශයෙන් ඇමරිකාව බේරුණා. ඒ එකම එක යකඩ ගැහැණියක් නිසා. ඇය නමින් ෆ්‍රාන්සස් කෙල්සි (Frances Oldham Kelsey). 1960 දී ඇය ඇමරිකාවේ FDA (ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය) ආයතනයට බැඳෙනකොට ඇයට ලොකු අත්දැකීම් තිබුණේ නෑ. ඇගේ මේසෙට ආපු පළවෙනිම ෆයිල් එක තමයි "තැලිකොමයිඩ්". බෙහෙත් සමාගම හිතුවේ "මේක අලුත් ගෑණු කෙනෙක්නේ, අපි මෙයාව බය කරගෙන ඉක්මනට අත්සන ගමු" කියලා.

සමාගමේ ලොක්කෝ ඇයට කෝල් කරලා තර්ජනය කළා. "මුළු ලෝකෙම මේක පාවිච්චි කරනවා. තමුසෙට විතරක් තියෙන අමාරුව මොකක්ද? මේක අත්සන් කරනවා!" කියලා ඔවුන් කෑගැහුවා. ඇයව "ජරා හිතුවක්කාරියක්" විදියට හැඳින්වූවා. ඔවුන් ඇගේ ප්‍රධානින්ට පැමිණිලි කළා "මේ ගෑණි වැඩේ පරක්කු කරනවා, මෙයාව අයින් කරන්න" කියලා.

ඒත් ෆ්‍රාන්සස් හෙලවුණේ නෑ. ඇය කිව්වේ එක දෙයයි. "ඔයාලා කියන දේ මට වැඩක් නෑ. මේකෙන් ස්නායු වලට හානි වෙනවා කියලා මට සැකයි. ඒ වගේම ගැබිණි සත්තුන්ට දීලා කරපු පරීක්ෂණ වාර්තා මට ඕන. ඒවා නැතුව මම අත්සන් කරන්නේ නෑ. මාව රස්සාවෙන් අස් කළත් කමක් නෑ." කියලා ඇය ඒ ෆයිල් එක වීසි කළා. ඇගේ ඒ තීරණය නිසා ඇමරිකාවේ දහස් ගණන් දරුවන්ගේ ජීවිත බේරුණා.

1961 අග භාගය වෙද්දි ජර්මානු සහ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරු හොයාගත්තා මේ විකෘතිවීම් වලට හේතුව "තැලිකොමයිඩ්" බව. බෙහෙත ලෝකෙ පුරාම තහනම් කළා. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩියි. අත පය නැති ඒ දරුවෝ අදටත් "තැලිකොමයිඩ් බේබීස්ලා" (Thalidomide Babies) විදියට ජීවත් වෙනවා. ඔවුන්ගේ දෙමාපියන් මිය ගියාට පස්සේ, තනියම ජීවත් වෙන්න ඔවුන් විඳින දුක වචනයෙන් කියන්න බෑ.

ෆ්‍රාන්සස් කෙල්සිගේ මේ වීර ක්‍රියාව නිසා 1962 දී එවකට ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි (John F. Kennedy) ඇයව ධවල මන්දිරයට කැඳෙව්වා. ඇයට පිරිනැමුවේ ඇමරිකානු රජයේ සේවකයෙකුට ලැබෙන ඉහළම සම්මානය වන "විශිෂ්ට ෆෙඩරල් සිවිල් සේවා සම්මානය" (President's Award for Distinguished Federal Civilian Service). ජනාධිපති කෙනෙක් අතින් කාන්තාවක් මේ සම්මානය ගත්ත දෙවැනි අවස්ථාව මේක. ජනාධිපති කෙනඩි එදා කිව්වා, "ඇයගේ දැඩි විනිශ්චය සහ ධෛර්යය නිසා අපේ රටේ දහස් ගණන් දරුවන් ආබාධිත වීමෙන් වැළකුණා" කියලා.

ඇගේ බලපෑම එතනින් නතර වුණේ නෑ. ඇය නිසා 1962 දී ඇමරිකාවේ ඖෂධ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා (Kefauver-Harris Amendment). අදටත් ලෝකයේ ඕනෑම බෙහෙතක් වෙළඳපොළට එන්න කලින් "ඉතාම තදබල පරීක්ෂණ" (Clinical Trials) කරන්න සිද්ධ වෙන්නේ එදා ඇය ගෙනාපු ඒ නීති නිසා. අද අපි ආරක්ෂිතව පැනඩෝල් පෙත්තක් හරි බොන්නේ ඇය නිසයි.

ෆ්‍රාන්සස් කෙල්සි වයස අවුරුදු 101ක් වෙනකම් ජීවත් වෙලා, 2015 දී මිය ගියා. ඇය මියයන්න දවස් කීපයකට කලින් කැනඩා රජයත් ඇයට එරට ඉහළම සම්මානය (Order of Canada) පිරිනැමුවා.

ඇය අපිට ඉගැන්නුවේ එක පාඩමයි. "ලෝකෙම ඔයාට විරුද්ධ වුණත්, ඔයා කරන දේ හරි නම්, ඒ වෙනුවෙන් තනියම හිටගන්න බය වෙන්න එපා."

හෙට දවසේ අපේ රට හෝ ලෝකය මහා විනාශයකින් බේරාගන්න ඉන්න 'ඊළඟ ෆ්‍රාන්සස් කෙල්සි' මේ ලිපිය කියවන ඔබ වෙන්න පුළුවන්... ලොක්කෝ මොනවා කිව්වත්, හරි දේ වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන 'නෑ' කියන්න තරම් හයියක් ඔබට තියෙනවාද?

අද කාලේ සල්ලි වලට, පගාවට ප්‍රතිපත්ති පාවා දෙන නිලධාරීන් ඉන්න ලෝකෙක, තනියම රටක් ජාතියක් බේරාගත් මේ 'උතුම් කාන්තාව' ගැන ඔයාට හිතෙන දේ වචනයකින් ලියාගෙන යන්න.

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

🚨 අවධානය යොමු කරන්න! වයස 40න් පස්සෙ අයට විශේෂයි! 🚨මෑතකදී අපේ හඳුනන අය කිහිප දෙනෙක්ම, වයස 40 ගණන්වල පසුවන, මොළයේ නහරයක් ප...
16/11/2025

🚨 අවධානය යොමු කරන්න! වයස 40න් පස්සෙ අයට විශේෂයි! 🚨

මෑතකදී අපේ හඳුනන අය කිහිප දෙනෙක්ම, වයස 40 ගණන්වල පසුවන, මොළයේ නහරයක් පුපුරලා එකපාරටම රෝහල් ගතවුණා. මේ 'මොළයේ ලේ ගැලීම' (Brain Hemorrhage) ගැන අපි හැමෝම දැනුවත් වෙන්න ඕන කාලයක් මේ.

ඇයි මේක මෙච්චර භයානක? 🧠 මොළේ නහරයක් පිපිරුණාම, විනාඩි 3-4ක් ඇතුළත මොළේ සෛල මැරෙන්න පටන් ගන්නවා. ක්ෂණික ප්‍රතිකාර නොගත්තොත් ප්‍රතිඵලය ස්ථිර ආබාධයක් හෝ මරණය වෙන්න පුළුවන්.

මේ ලක්ෂණ ගැන පරෙස්සම් වෙන්න! (කවදා හරි ජීවිතයක් බේරගන්න ඕන වෙයි!)

🤯 එකපාරටම එන, ඔළුව පැලෙන්න වගේ දරුණු හිසරදයක්.

😵‍💫 කරකැවිල්ල, වමනය.

👀 එළිය දිහා බලන්න බැරිවීම.

🗣️ කතාව පැටලෙනවා, කතා කරන්න අමාරුයි.

💪 ඇඟේ එක පැත්තක් පණ නැතිවෙනවා / හිරිවැටෙනවා.

😴 එකපාරටම සිහිය නැතිවෙන්න යනවා / සිහිය නැතිවෙනවා.

🎯 ඇයි මෙහෙම වෙන්නෙ?
ප්‍රධානම හතුරා: ප්‍රෙශර් (අධි රුධිර පීඩනය). 🩺 පාලනය නොකළ අධි රුධිර පීඩනය තියෙන අයට මේ අවදානම හරිම වැඩියි.

අනිත් හේතු: දුම්පානය, මත්පැන් / මත්ද්‍රව්‍ය, අධික කොලෙස්ටරෝල්, ඔළුවට වෙන දරුණු තුවාල, මොළයේ ඇනුයුරිසම් (Aneurysms).

වළක්වා ගන්න බැරිද? පුළුවන්! ✅

වැදගත්ම දේ: ඔයාගෙ Blood Pressure (ප්‍රෙශර්) එක නිතරම චෙක් කරගන්න. තියෙනවනම්, හරියටම බේත් අරගෙන පාලනය කරන්න.

ජීවන රටාව: දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවත්වන්න. 🚭

සෞඛ්‍ය: හොඳ බරක් තියාගන්න. දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කරන්න.

පරීක්ෂණ: අවුරුද්දකට සැරයක්වත් full checkup එකක් කරගන්න.

වැදගත්: මේ ලක්ෂණ එකක් හරි ආවොත්, එක තත්පරයක්වත් පමා වෙන්න එපා. වහාම රෝගියාව හදිසි ප්‍රතිකාර ඒකකයක් (Emergency) තියෙන රෝහලකට අරන් යන්න! 🚑

මේ තොරතුරු share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න.

(විශේෂ ස්තූතිය: කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දුල සත්කුමර මහතාට.)
උපුටා ගැනීමකි


゚viralシ ゚

💎💎💎

❤️ඔබට මෙම ලිපිය ප්‍රයෝජනවත් වුණානම්, තවත් කෙනෙක්ට මෙය වැදගත්වේ යැයි සිතේනම් page එකෙන්ම share කරන්න

🚨 අවධානය යොමු කරන්න! වයස 40න් පස්සෙ අයට විශේෂයි! 🚨මෑතකදී අපේ හඳුනන අය කිහිප දෙනෙක්ම, වයස 40 ගණන්වල පසුවන, මොළයේ නහරයක් ප...
10/11/2025

🚨 අවධානය යොමු කරන්න! වයස 40න් පස්සෙ අයට විශේෂයි! 🚨

මෑතකදී අපේ හඳුනන අය කිහිප දෙනෙක්ම, වයස 40 ගණන්වල පසුවන, මොළයේ නහරයක් පුපුරලා එකපාරටම රෝහල් ගතවුණා. මේ 'මොළයේ ලේ ගැලීම' (Brain Hemorrhage) ගැන අපි හැමෝම දැනුවත් වෙන්න ඕන කාලයක් මේ.

ඇයි මේක මෙච්චර භයානක? 🧠 මොළේ නහරයක් පිපිරුණාම, විනාඩි 3-4ක් ඇතුළත මොළේ සෛල මැරෙන්න පටන් ගන්නවා. ක්ෂණික ප්‍රතිකාර නොගත්තොත් ප්‍රතිඵලය ස්ථිර ආබාධයක් හෝ මරණය වෙන්න පුළුවන්.

මේ ලක්ෂණ ගැන පරෙස්සම් වෙන්න! (කවදා හරි ජීවිතයක් බේරගන්න ඕන වෙයි!)

🤯 එකපාරටම එන, ඔළුව පැලෙන්න වගේ දරුණු හිසරදයක්.

😵‍💫 කරකැවිල්ල, වමනය.

👀 එළිය දිහා බලන්න බැරිවීම.

🗣️ කතාව පැටලෙනවා, කතා කරන්න අමාරුයි.

💪 ඇඟේ එක පැත්තක් පණ නැතිවෙනවා / හිරිවැටෙනවා.

😴 එකපාරටම සිහිය නැතිවෙන්න යනවා / සිහිය නැතිවෙනවා.

ඇයි මෙහෙම වෙන්නෙ?

ප්‍රධානම හතුරා: ප්‍රෙශර් (අධි රුධිර පීඩනය). 🩺 පාලනය නොකළ අධි රුධිර පීඩනය තියෙන අයට මේ අවදානම හරිම වැඩියි.

අනිත් හේතු: දුම්පානය, මත්පැන් / මත්ද්‍රව්‍ය, අධික කොලෙස්ටරෝල්, ඔළුවට වෙන දරුණු තුවාල, මොළයේ ඇනුයුරිසම් (Aneurysms).

වළක්වා ගන්න බැරිද? පුළුවන්! ✅

වැදගත්ම දේ: ඔයාගෙ Blood Pressure (ප්‍රෙශර්) එක නිතරම චෙක් කරගන්න. තියෙනවනම්, හරියටම බේත් අරගෙන පාලනය කරන්න.

ජීවන රටාව: දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවත්වන්න. 🚭

සෞඛ්‍ය: හොඳ බරක් තියාගන්න. දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කරන්න.

පරීක්ෂණ: අවුරුද්දකට සැරයක්වත් full checkup එකක් කරගන්න.

වැදගත්: මේ ලක්ෂණ එකක් හරි ආවොත්, එක තත්පරයක්වත් පමා වෙන්න එපා. වහාම රෝගියාව හදිසි ප්‍රතිකාර ඒකකයක් (Emergency) තියෙන රෝහලකට අරන් යන්න! 🚑

මේ තොරතුරු share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න.

(විශේෂ ස්තූතිය: කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දුල සත්කුමර මහතාට.)

🚨 තරුණ හදවත් නිහඬවම අනතුරේ: ඔබත් මේ අවදානම ගන්නවාද?වර්තමානයේ, වයස අවුරුදු 25 ත් 45 ත් අතර තරුණ ප්‍රජාව අතර හෘදයාබාධ හේතු...
06/11/2025

🚨 තරුණ හදවත් නිහඬවම අනතුරේ: ඔබත් මේ අවදානම ගන්නවාද?

වර්තමානයේ, වයස අවුරුදු 25 ත් 45 ත් අතර තරුණ ප්‍රජාව අතර හෘදයාබාධ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙයට එකම හේතුව දුම්පානය හෝ මත්පැන් භාවිතය යැයි ඔබ සිතනවා විය හැකියි. නමුත් සත්‍යය ඊට වඩා වෙනස් ය. සැබෑ වරදකරුවා වන්නේ, ඔවුන් තමන්ටත් නොදැනීම, ඉතා අවදානම් සහගත, ආතතිකාරී ජීවන රටාවකට (living on the edge) හුරුවී තිබීමයි.

අපගේ නින්ද අක්‍රමවත් ය. අප ජීවත් වන්නේ දැඩි මානසික පීඩනයකිනි. ආහාර ගන්නා විට පවා, අපගේ අවධානය යොමුවී ඇත්තේ අතේ ඇති ජංගම දුරකථනයට මිස, ගන්නා ආහාර වේලට නොවේ. මේ අතරතුර, අපගේ හදවත අපට විවිධ සංඥා එවන නමුත්, ඒ කිසිවකට සවන් දීමට අපට වේලාවක් නැත.

🩺 ශරීරය එවන පූර්ව අනතුරු ඇඟවීම්
බොහෝවිට, හෘදයාබාධයක් ඇතිවීමට වසරකට පමණ පෙර සිටම, අපගේ ශරීරය ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

හොඳින් නින්ද ගියද, පහව නොයන නිරන්තර තෙහෙට්ටු ගතිය.

පඩිපෙළක් වැනි සුළු දුරක් නැගීමේදී ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව.

පිට ප්‍රදේශයේ හෝ වම් අතේ හටගන්නා විස්තර කළ නොහැකි වේදනාව.

වළලුකර ප්‍රදේශය ඉදිමීම.

කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ඇතිවන කාංසාව (Anxiety) සහ අධික ලෙස දහඩිය දැමීම.

මෙහි ඇති ප්‍රධානම ගැටලුව වන්නේ, අප මේ සියලු රෝග ලක්ෂණ "මානසික ආතතිය" (Stress) හෝ "සාමාන්‍ය වෙහෙසකර බව" ලෙස සලකා බැහැර කිරීමයි. අවසානයේදී, මෙය හදවතේ ගැටලුවක් බව අප වටහා ගන්නා විට, සියල්ල ප්‍රමාද වී තිබිය හැක.

🥑 අවදානම සහ විසඳුම
කටුක සත්‍යය නම්, අධික ලෙස සැකසූ ආහාර (Processed foods), අධික සීනි පරිභෝජනය, මත්පැන්, දුම්කොළ සහ ව්‍යායාමවලින් තොර උදාසීන ජීවන රටාව (Sedentary lifestyle) තරුණ හදවත් වේගයෙන් රෝගී තත්ත්වයට පත්කරමින් තිබීමයි.

මෙහි ඇති භයානකම තත්ත්වය නම්, බාහිරව "නිරෝගී" යැයි හැඟෙන නිසා, බොහෝ දෙනෙකු කිසිදු වෛද්‍ය පරීක්ෂාවකට යොමු නොවීමයි.

නමුත් මෙයින් මිදීමට තවමත් මගක් පවතී. අද දවසේ සිටම ඔබේ ජීවන පුරුදු වෙනස් කර ගන්නේ නම්, ඔබේ හදවත නැවත සුවපත් කරගත හැකිය.

ක්‍රියාශීලී වන්න: දිනපතා අවම වශයෙන් මිනිත්තු 30ක් වත් ක්‍රියාශීලී ව්‍යායාමයක නිරත වන්න.

නිසි නින්දක් ලබන්න: රාත්‍රී නින්දට පෙර දුරකථන වැනි තිර භාවිතයෙන් ඉවත්ව, අවම වශයෙන් පැය 7ක අඛණ්ඩ නින්දක් ලබා ගන්න.

ආහාර රටාව වෙනස් කරන්න: සැකසූ ආහාර හැකිතාක් අඩු කර, ස්වභාවික ආහාර (Natural foods) වැඩිපුර අනුභව කරන්න.

පරීක්ෂාකාරී වන්න: සෑම වසරකම වරක්වත් මූලික රුධිර පරීක්ෂණයක් වැනි වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගන්න.

ඔබගේ ශරීරය ඔබට නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් ලබා දෙන බව සත්‍යයකි. නමුත්, ඒවාට සවන් දීම ඔබ සතු වගකීමකි. ඔබේ හදවත රිදෙන තුරු බලා නොසිට, අද සිටම ඒ ගැන සැලකිලිමත් වන්න.

වගකීමෙන් යුතුව දැනුම් දීම:

මෙම අන්තර්ගතය ඔබව දැනුවත් කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන්නකි. මෙය කිසිසේත්ම වෘත්තීය වෛද්‍ය උපදේශනයක්, රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාරයක් සඳහා ආදේශකයක් නොවේ.

ඔබ ඉහත සඳහන් රෝග ලක්ෂණ කිසිවකින් පෙළෙන්නේ නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ හෘද රෝග විශේෂඥයෙකු හමුවී උපදෙස් ලබාගන්න.

කාන්තාවන් නිරන්තරයෙන් පීඩා විඳිනමොකක්ද මේ ලිංගාශ්‍රිත දිලීර ආසාදනය (Vulvovaginal Candidiasis)ඉසුරි හරිම සොඳුරු යුවතියක්....
20/10/2025

කාන්තාවන් නිරන්තරයෙන් පීඩා විඳින
මොකක්ද මේ ලිංගාශ්‍රිත දිලීර ආසාදනය (Vulvovaginal Candidiasis)

ඉසුරි හරිම සොඳුරු යුවතියක්. ඒ වගේම තමයි හරිම පිළිවෙළට ඉන්න කැමැති, ඕනෑවටත් වඩා පිරිසුදුකම ගැන හිතන කෙනෙක්. අවුරුදු 24ක් වුණත් තාමත් ප්‍රේම සම්බන්ධයක්වත් නැති නිසා ඉසුරිගේ මවුපියන් මේ දවස්වල ඇයට ගැළපෙන සහකරුවෙක් සොයමින් ඉන්නෙ.
ඒත් ඒ පිළිබඳ ඉසුරිගේ එතරම් කැමැත්තක් නැතිබව ඉසුරිගේ මවට වැටහුණා. ගුරුතුමියක් වූ ඇයට තරුණ දරුවන්ගේ සිතුම් පැතුම් ගැන අපූරු අවබෝධයක් තිබුණා. ඒනිසාම බොහෝම අමාරුවෙන් ඉසුරි එක්ක කතාබහට යොමු වුණු ඇය අවසානයේ ඉක්මනින් තමන්ගෙ දියණිය වෛද්‍යවරයකු වෙත රැගෙන යන්නට තීරණය කළා.

"ඩොක්ටර් මේ මගේ දූ ඉසුරි. අවුරුදු 24යි. තවම විවාහ වෙලා නෑ. අපි දන්නා තරමින් එයාට කවදාවත් ප්‍රේම සම්බන්ධයක් තිබුණෙත් නෑ. ඒත් දැන් ටික කාලෙක ඉඳන් එයාගේ යෝනි මාර්ගයෙන් සුදු පාට ශ්‍රාවයක් පිටවෙනවාලු. ඒ ප්‍රදේශය අවට තදින් කසන නිසා පුදුමාකාර දැවිල්ලක් තියෙනවාලු. මේකට හේතුව මොකක්ද ඩොක්ටර්.?"

"මට පෙනෙන හැටියට නම් ඔයාගේ දුවට තියෙන්නෙත් ප්‍රතිකාර සඳහා මා හමුවීමට එන කාන්තාවන් අතරින් වැඩිම පිරිසකට තියෙන රෝගී තත්ත්වයක් තමයි. ඒ වැජයිනල් කැන්ඩිඩයසිස් (Vaginal Candidiasis).
මෙය ප්‍රධාන වශයෙන් සුුද යෑමක් හැටියට තමයි ගොඩක් කාන්තාවන් ප්‍රකාශ කරන්නේ. ඊට අමතරව යෝනි තොල් ප්‍රදේශයේ කැසීමක්, දැවිල්ලක් හෝ අපහසුතාවයක් ලෙසත් සඳහන් කරනවා."

"ඒ කියන්නෙ මේක ලංකාවේ ගොඩක් ව්‍යාප්ත වෙච්චි රෝගයක් ද?"

"සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙන් 75%කට ජීවිත කාලයේ දී එක් වතාවක් හෝ වැලඳෙන රෝගී තත්ත්වයක් තමයි මේක. ගැබිනි කාන්තාවන්ගෙන් 25 - 30%ත් අතර ප්‍රමාණයකටත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපේ සායනවලට යොමු වෙන බාහිර හා අභ්‍යන්තර යෝනි ප්‍රදේශවල ගැටලු සහිත කාන්තාවන්ගෙන් 40%කට අධික සංඛ්‍යාවකට පමණ මේ කැන්ඩිඩා තත්ත්වය ඇති බවට හඳුනාගෙන තියෙනවා."

"ඉතින් මොකක්ද මේ වැජයිනල් කැන්ඩිඩයසිස් (Vaginal Candidiasis) කියන්නේ?"

"වැජයිනල් කැන්ඩිඩයසිස් (Vaginal Candidiasis කියන තත්ත්වය ඇතිවන්නේ සාමාන්‍යයෙන් යෝනි මාර්ගයේ පවතින දිලීරයක් වැඩිපුර වර්ධනය වීමක් හැටියටයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙය ලිංගිකව බෝවන රෝගයක් නොවේ.
කාන්තාවකගේ බාහිර සහ අභ්‍යන්තර ලිංගාශ්‍රිත ප්‍රදේශය ගෑන සැලකීමේදී එහි සාමාන්‍යයෙන් වාසය කරන බැක්ටීරියා හා දිලීර තියෙනවා. ඒවා කිසියම් සමතුලිතතාවයකින් එම ප්‍රදේශයට ආරක්ෂාව ලබා දෙමින් ජීවත් වෙනවා. නමුත් එම සමතුලිතතාවයන් වෙනස් වන කාරණාවලදී මෙම කැන්ඩිඩා දිලීරය වැඩිපුර වර්ධනය වී රෝගී අපහසුතාවයන් ඇති වෙනවා.
එම සමතුලිතතාවයන් බිඳ වැටීමට හේතු වන කරුණු අපට මේ විදිහට සඳහන් කරන්න පුළුවන්.

1. වෙනත් රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන විට
2. දියවැඩියා රෝගය ඇති විට
3. ගර්හිණී සමයේ හෝමෝන වෙනස් වීම් ඇතිවීමත් සමඟ
4. ශරීර හෝමෝන ක්‍රියාකාරීත්වයේ සමතුලිතතාවයන් නොමැති විට
5. අසාමාන්‍ය ආකාරයේ නිතර සේදීමේ තත්ත්වය (උමතු සේදීම නිසා)
6. තෙතමනය සහ උණුසුම් තත්ත්වය රැඳෙන ආකාරයේ තද, වාතාශ්‍රය අඩු යට ඇඳුම් ඇඳීම නිසා
7. ප්‍රතිශක්තිය අඩු වන ප්‍රතිකාර ලබාගන්නා විට
8. ප්‍රතිශක්තිය අඩු කරන රෝග ඇති විටදී

මොනවද මේ තත්ත්වයේදී ඇතිවිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ?

"මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ඉස්මතු විය හැකියි.

1. යෝනි කැන්ඩිඩා තත්ත්වය.(Vaginal candidiasis)
මෙහිදී යෝනි මාර්ගය තුළ කැන්ඩිඩා දිලීර ගහනය වැඩි වීම සිදුවන අතර බාහිරට යෝනි ශ්‍රාවයක් නිකුත් වෙනවා. එය බොහෝවිට ඝනකම් ස්වරූපයක් දක්වන අතර ඇතැම් විට මීකිරි හෝ යෝගට් වැනි ස්වරූපයක් පෙන්වයි. ඒ සමඟම යෝනි මාර්ගය තුළින් දැවිල්ලක් හෝ අපහසුතාවයක් ඇති වෙනවා. ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ දී එම අපහසුතාව වඩාත් වැඩි විය හැකියි.

2. බාහිර හා අභ්‍යන්තර යෝනි කැන්ඩිඩා තත්ත්වය. (Vulvovaginal candidiasis)

මෙහිදී ද ඉහත ආකාරයේ යෝනි අපහසුතාවන්වලට අමතරව බාහිර හා අභ්‍යන්තර යෝනි ආශ්‍රිතව ද කැන්ඩිඩා ගහනය වැඩි වි රෝග ලක්ෂණ ඇති කරයි. විශේෂයෙන් යෝනි තොල්, තොල් අතර දාරය වැනි ප්‍රදේශවල චර්මයේ මෙම දිලීර තත්ත්වය ඇති වේ. එම නිසා මතුපිට කැසීම, රතු වීම, හම ඉරිතැලීම, පැලී යාම සහ සුදු පාට ක්‍රීම් වැනි ස්වරූපයක් මතුපිට පැවතීම, සේදීමේදී දැවිල්ල සහ ලිංගික සම්බන්ධතාවලදී අපහසු වීම සිදු වෙනවා.

ඇතැම් අයගේ බාහිර හා අභ්‍යන්තර යෝනි කැන්ඩිඩා තත්ත්වය නිතර නිතර ඇතිවීම හා සුවවීම සිදු වේ. (Recurrent vulvovaginal candidiasis). මෙම තත්ත්වයම තවත් සමහර අයගේ දරුණු තත්ත්වයකට පත්වීම සිදුවිය හැකියි. එය දරුණු ගණයේ බාහිර හා අභ්‍යන්තර යෝනි කැන්ඩිඩා තත්ත්වය ලෙස හඳුන්වනු ලබනවා. (Severe vulvovaginal candidiasis)

ඩොක්ටර් මෙම තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ කොහොමද ?

"මෙහිදී රෝග ඉතිහාසය හා සාමාන්‍ය සායනික පරීක්ෂණ මඟින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකියි. නමුත් ගැටලු සහිත අයගේ යෝනි ශ්‍රාව පටල පරීක්ෂණ, අවදානම් සාධක සඳහා වූ පරීක්ෂණ ආදිය සිදුකර රෝගය සහ රෝගයට හේතුවන සාධක සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. පහත දක්වා ඇති ප්‍රතිකාර ක්‍රමයන් මෙහිදී වෛද්‍යවරයාගේ නිර්දේශ මත ලබා ගැනීමට සිදු වෙනවා
ඇතැම් අයට විශේෂ ප්‍රතිකාරයක් නැතුව සුව වෙනවා. ඇතැම් අයගේ රෝගයට හේතු වන නිදන්ගත රෝග (උදා- දියවැඩියාව) වැනිප් තත්ත්වයන් සොයා ඒවා පාලනය කිරීම සමඟ දිලීර නාශක ප්‍රතිකාර ලබා ගත යුතුයි.
දිලීර නාශක ප්‍රතිකාර, යෝනි මාර්ගයට ඇතුළු කරන පෙති හෝ ක්‍රීම් සහ යෝනි තොල් ආශ්‍රිත ආලේපන (cream) ආකාරයෙන් ලබාගත හැක. එසේත් නැත්නම් දිලීර නාශක ඖෂධ කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව බොන බෙහෙතක් ලෙස ලබාගත යුතු වෙනවා.
ඊට අමතරව, දිලීර ගහනය වැඩි කිරීමට හේතුවන අවදානම් සාධක සොයා බලා ප්‍රතිකාර කළ යුතුයි."

මෙම තත්ත්වය වළක්වා ගැනීමට කාන්තාවන් විසින් කළ යුත්තේ කුමක්ද?

1. යහපත් කායික සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න. (ඒ කියන්නෙ සමබර ආහාර, නින්ද හා නිරන්තර ව්‍යායාම වාගේ දේවල්.)

2. ලිංගික ප්‍රදේශය පිරිසුදුව හා වියළිව තබාගන්න.

3. වාතාශ්‍රය සහිත කපු යට ඇඳුම් අඳින්න.

4. සුවඳ සබන්, සුවඳ ගැල්වූ ආලේපන නිතර භාවිතයෙන් වළකින්න.

5. ලිංගික ප්‍රදේශ ඕනෑවට වඩා සේදීමෙන් වළකින්න. එයට ස්වාභාවිකව පිරිසුදු වීමේ ක්‍රියාවලියක් ඇත.

6. දියවැඩියාව ඇති අය රුධිර සීනි මට්ටම පාලනය කරගන්න.

7. ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතයෙන් වලකින්න.

8. ඔබගේ ලිංගික සම්බන්ධතාවය විශ්වාසවන්ත එක් අයකුට සීමා කරන්න.

උපදෙස් - විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට
ලිංගිකව බෝවන රෝග, එච්.අයි.වී. හා ලිංගික සෞඛ්‍ය අනුරාධපුර ශීක්ෂණ රෝහල

සටහන - චම්පා වරුසප්පෙරුම

⚕️ ජීවනී: විජලනයට එරෙහිව විශ්වාසනීය පිළියමජීවනී යනු අප හැමෝම හොඳින් දන්නා ORS (Oral Rehydration Solution) හෙවත් මුඛයෙන් ...
05/10/2025

⚕️ ජීවනී: විජලනයට එරෙහිව විශ්වාසනීය පිළියම

ජීවනී යනු අප හැමෝම හොඳින් දන්නා ORS (Oral Rehydration Solution) හෙවත් මුඛයෙන් ලබා දෙන විජලන නාශක ද්‍රාවණයයි.
මෙය ශරීරයෙන් පිටවන තරල හා ඛනිජ ලවණ නැවත ලබා දීමෙන් විජලනය (Dehydration) වළක්වා ගැනීම සඳහා භාවිතා කරන ඉතා සරල එහෙත් අතිශයින්ම කාර්‍යක්ෂම විසඳුමකි.

✨ ජීවනී වලින් සිදුවන්නේ කුමක්ද?

ජීවනී ප්‍රධාන වශයෙන්ම ජලය සහ පහත සඳහන් විද්‍යුත් විච්ඡේදක (Electrolytes) සංයෝගවලින් සමන්විත වේ:

* NaCl (සෝඩියම් ක්ලෝරයිඩ්): ශරීරයේ තරල සමතුලිතතාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ප්‍රධාන ලවණය.
* KCl (පොටෑසියම් ක්ලෝරයිඩ්): හෘදයේ හා මාංශ පේශිවල ක්‍රියාකාරිත්වයට සහය වන වැදගත් ඛනිජයකි.
* Anhydrous Glucose (ඇන්හයිඩ්‍රේස් ග්ලූකෝස්): මෙය ශක්තිය සැපයීමට අමතරව, බඩවැල් මගින් සෝඩියම් අයන (සහ ඒ සමඟම ජලය) අවශෝෂණය වීමේ වේගය වැඩි කිරීමට උපකාරී වේ.
* Na₃C₆H₅O₇ (සෝඩියම් සිට්රේට්): ශරීරයේ ආම්ලිකතාවය (pH අගය) සමතුලිත කිරීම සඳහා වැදගත් වේ.

මෙම සංයෝගවල නිවැරදි මිශ්‍රණය මගින්, අධික ලෙස තරල හා ලවණ පිටව ගිය විට ශරීරයට නැවත එම ජලය සහ ඛනිජ අයන ඉක්මනින් අවශෝෂණය කර ගැනීමට උපකාරී වන අතර, එමගින් ශරීරය විජලනය වීමෙන් වළක්වා ගනී.

💧 ජීවනී භාවිතා කළ යුත්තේ කවදාද?
දේහයේ තරල අධික ලෙස පිටව යන අවස්ථාවලදී ජීවනී පානය කිරීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබේ.

* අධික පාචනය (Diarrhea) සහ වමනය (Vomiting): මෙය ලෝකයේ පුලුල්වම ජීවනී භාවිතා කරන අවස්ථාවයි. පාචනය නිසා පිටවන ජලය සහ විද්‍යුත් විච්ඡේදක ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා.

* අධික ලෙස මහන්සි වී වැඩ කිරීම/ව්‍යායාම කිරීම: අධික ලෙස දහඩිය දැමීම නිසා පිටවන ජලය සහ ලවණ නැවත ලබා දීම සඳහා.

* උණ හෝ දැඩි රෝගී තත්ත්ව: ශරීරය තුළ තරල ප්‍රමාණය අඩුවන ඕනෑම අවස්ථාවක.

💡 ජීවනී සාදා ගැනීමේදී සහ පානය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
ජීවනී සාදා ගැනීම සහ භාවිතා කිරීම නිවැරදි ආකාරයට සිදු කිරීමෙන් පමණයි එහි උපරිම ප්‍රතිඵල ලබා ගත හැක්කේ.
සාදා ගැනීමේදී

* නියමිත ජල ප්‍රමාණය පමණක් භාවිතා කරන්න: ඔබ තෝරා ගන්නා ජීවනී පැකට්ටුවට අදාළ නියමිත ජල ප්‍රමාණය (සාමාන්‍යයෙන් ලීටර 1ක් හෝ මිලිලීටර් 250ක්) පමණක්ම භාවිතා කිරීමට වග බලා ගන්න.

* හේතුව: ජල ප්‍රමාණය අඩුවීම හෝ වැඩිවීම යන දෙකේදීම ජීවනී ශරීරයට අවශෝෂණය වීමේ වේගය අඩු වී නිසි ප්‍රතිඵල නොලැබී යා හැකියි.

* කිසිදු අමතර ද්‍රව්‍යයක් එකතු නොකරන්න: කිසිම විටකත් ලුණු, සීනි හෝ වෙනත් අමතර ද්‍රව්‍ය එකතු නොකරන්න. එවිට ජීවනීයේ රසායනික සංයුතිය වෙනස් වී අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබී යයි. සෑම විටම පැකට්ටුවේ උපදෙස් කියවන්න.
භාවිතයේදී

* පැය 24ක නීතිය: සාදාගත් ජීවනී ද්‍රාවණය පැය 24ක කාලයක් පමණක් භාවිතා කළ හැකි අතර, ඉන් පසුව ඉතිරි ද්‍රාවණය ඉවත දමා අලුත් පැකට්ටුවක් භාවිතා කිරීම යෝග්‍ය වේ.

👶 දරුවන්ට ජීවනී ලබාදීමේදී සැලකිලිමත් විය යුතු දේ

ළදරුවන්ට සහ කුඩා දරුවන්ට ජීවනී ලබාදීමේදී වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය.

* නිවැරදි උපකරණ භාවිතා කරන්න: දරුවන්ට ජීවනී ලබා දීමේදී feeding bottles වෙනුවට, පිරිසිදු කෝප්පයක්, හැන්දක් හෝ dropper එකක් භාවිතා කිරීම සුදුසුය.

* ආහාර රටාව වෙනස් නොකරන්න: දරුවාට මව්කිරි හෝ ඔහුට ලබා දෙන වෙනත් සාමාන්‍ය ආහාර කිසිදු වෙනසකින් තොරව එලෙසම ලබා දිය යුතුය.

🚨 විශේෂයෙන්ම සැලකිය යුතු අවදානම් තත්ත්වයන්

යම් අවස්ථාවකදී ජීවනී ලබා දීමෙන් පසු ඇහි බැමි වල ඉදිමුමක් වැනි අසාමාන්‍ය තත්ත්වයක් ඇති වුවහොත්, වහාම ජීවනී ලබා දීම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

❤️ ඔබත් නිවැරදි ලෙස ජීවනී භාවිතා කරමින් විජලනයෙන් තොර නිරෝගී ජීවිතයක් ගත කිරීමට පුරුදු වන්න.

-හෙදියකගේ දිනපොත-

#හෙදියකගේදිනපොත

ඔබ ලබන නින්දේ ප්‍රමාණය, ඔබගේ ආහාර වේලට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය නාටකාකාර ලෙස වෙනස් කරන බව අධ්‍යයනයන් මගින් හෙළි වේ. එ...
29/09/2025

ඔබ ලබන නින්දේ ප්‍රමාණය, ඔබගේ ආහාර වේලට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය නාටකාකාර ලෙස වෙනස් කරන බව අධ්‍යයනයන් මගින් හෙළි වේ. එක් පරීක්ෂණයකදී, එකම ආහාර වේලක් අනුගමනය කළ ද, පැය 8.5ක් නිදාගත් අයට සාපේක්ෂව, පැය 5.5ක් පමණක් නිදාගත් පුද්ගලයින්ගේ ශරීරයේ මේදය දහනය වීම 55% කින් අඩු වූ අතර, 60% කින් වැඩිපුර මාංශ පේශී ප්‍රමාණයක් ඔවුන්ට අහිමි විය.

නින්ද නොමැතිකම, කුසගින්න පාලනය කරන ග්‍රෙලින් (ghrelin) සහ ලෙප්ටින් (leptin) වැනි හෝමෝනවල ක්‍රියාකාරිත්වය අක්‍රමවත් කරයි. එමගින් ශරීරයට කැලරි අවශ්‍ය නොවන විටදී පවා කුසගින්න ඇතිවේ. ඒ අතරම, කෝටිසෝල් (cortisol) හෝමෝනය ඉහළ යාම නිසා ශක්තිය සංරක්ෂණය කරගන්නා ලෙස ශරීරයට සංඥා ලැබේ. එමෙන්ම, ඉන්සියුලින් ප්‍රතිරෝධය (insulin resistance) වර්ධනය වන අතර, එමගින් කැලරි, ශක්තිය නිපදවීමට හෝ මාංශ පේශී අලුත්වැඩියාවට යොදාගන්නවා වෙනුවට, මේදය ලෙස තැන්පත් වීම සිදුවේ.

කෙටියෙන් කිවහොත්, ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබගේ පරිවෘත්තීය ක්‍රියාවලිය (metabolism) මුළුමනින්ම වෙනස් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ ගන්නා එකම ආහාරය, මාංශ පේශී සඳහා යොදාගැනීම අඩු වී, මේදය ලෙස තැන්පත් වීමේ හැකියාව වැඩි වේ.

📚 මූලාශ්‍රය: නෙඩෙල්චෙවා සහ කණ්ඩායම, ඇනල්ස් ඔෆ් ඉන්ටර්නල් මෙඩිසින් (Nedeltcheva et al., Annals of

Full Blood Count (FBC) කියන්නේ මොකක්ද?FBC කියන්නේ රුධිරයේ තියෙන විවිධ සංඝටක පරීක්ෂා කරන රුධිර පරීක්ෂණයක්. FBC එකකින් රුධ...
29/09/2025

Full Blood Count (FBC) කියන්නේ මොකක්ද?
FBC කියන්නේ රුධිරයේ තියෙන විවිධ සංඝටක පරීක්ෂා කරන රුධිර පරීක්ෂණයක්. FBC එකකින් රුධිරයේ සෛල (රතු රුධිර සෛල, සුදු රුධිර සෛල), හිමොග්ලොබින් (Hb), සහ රුධිර පට්ටිකා ගණන ගැන තොරතුරු ගන්න පුලුවන්.

1. WBC (White Blood Cells - සුදු රුධිර සෛල)
සුදු රුධිර සෛල ශරීරයේ ආරක්ෂක පද්ධතියේ ප්‍රධාන කොටසක්. ඒවා ආසාදනවලට එරෙහිව සටන් කරනවා. බැක්ටීරියා, වෛරස්, සහ වෙනත් හානිකර ආක්‍රමණිකයන්ගෙන් අපිව ආරක්ෂා කරනවා.
WBC වර්ග කිහිපයක් තියෙනවා (Neutrophils, Lymphocytes, Monocytes, Eosinophils, සහ Basophils)

FBC Report එකක WBC ගණන ලීටරයකට මයික්‍රෝලීටර් 4,000-11,000 අතර වේ (4-11 x 10⁹/L).
• WBC ගණන වැඩි වීමට (Leukocytosis) හේතු : ආසාදන, inflammation, ලියුකේමියා වැනි රෝග
• WBC ගණන අඩු වීමට (Leukopenia) හේතු: ඇටමිදුළු වල ගැටලු, වෛරස් ආසාදන, Chemotherapy වැනි හේතු නිසා වෙන්න පුලුවන්.

2. රුධිර පට්ටිකා (Platelets)
රුධිර පට්ටිකා කියන්නේ රුධිර කැටි ගැසීමට උපකාර වන කුඩා සෛල කොටස්වලට. රුධිර නාලවලට හානි වෙලා රුධිර වහනයක් වනවිට, පට්ටිකා එම ස්ථානයට එකතු වෙලා රුධිර වහනය නතර කරන්න ලේකැටියක් හදනවා.

FBC Report එකක Platelet ගණන ලීටරයකට මයික්‍රෝලීටර් 150,000-450,000 අතර වෙනවා. (150-450 x 10⁹/L).

• Platelet ගණන වැඩි වීම (Thrombocytosis): ඇටමිදුළු ගැටලු නිසා වෙන්න පුලුවන්
• Platelet ගණන අඩු වීම (Thrombocytopenia): ඩෙංගු, මී උණ, Chemotherapy, ඇටමිදුළු ගැටලු, විටමින් ඌනතාවයන් නිසා වෙන්න පුලුවන්

Platelet ගණන අඩු උනාම ලේ ගැලීමේ අවදානම වැඩි වන අතර, platelet ගණන වැඩි උනාම විට රුධිර කැටි ගැසීමේ අවධානම වැඩිවේ.

3. Hb (Hemoglobin - හිමොග්ලොබින්)
හිමොග්ලොබින් කියන්නේ රතු රුධිර සෛලවල තියෙන ප්‍රෝටීනයක්. ශරීරය පුරා ඔක්සිජන් ගෙන යන්න සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්න උපකාරි වෙනවා. Hb මට්ටම රුධිරයේ ඔක්සිජන් ගෙන යාමේ හැකියාව නිරූපණය කරනවා.

FBC Report එකක Hb මට්ටම ස්ත්‍රී පුරුෂ බාවය මත හා වයස අනුව වෙනස් වෙනවා.
(පිරිමි: 13.5-17.5 g/dL , ගැහැණු: 12.0-15.5 g/dL )
• Hb මට්ටම ඉහල යෑම : දුම්පානය, හෝ ඇටමිදුළු රෝග නිසා ඇති වෙන්න පුලුවන්
• Hb මට්ටම අඩු වීම : රක්තහීනතාව (Anemia), යකඩ ඌනතාව, විටමින් ඌනතාව, හෝ ලේ ගැලීම නිසා වෙන්න පුලුවන්

Hb මට්ටම අඩු උනාම ඔක්සිජන් සැපයුම අඩු වෙලා තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුතා, හෝ දුර්වලතාව ඇති වෙන්න පුලුවන්.

FBC Report එකක් තේරුම් ගන්නේ කොහොමද?
FBC report එකක එක එක සංඝටක වල ඉහල පහල යෑම් තනිවම රෝගයක් හඳුනා ගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නෑ. රෝගියාගේ රෝග ලක්ෂණ, සායනික ඉතිහාසය, සහ වෙනත් පරීක්ෂණ සමඟ ඒකාබද්ධව රෝගයක් නිර්ණය කරන්න ඕනේ.

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනව නම් "Dr.Gayan" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 24k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

අද මම ලියන්න හිතුවේ කථා කල යුතුම මාතෘකාවක් ගැන.. ඒ තමයි  අපි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ ලබා නොගත යුත්තේ ඇයි කියලා..මේ...
15/09/2025

අද මම ලියන්න හිතුවේ කථා කල යුතුම මාතෘකාවක් ගැන.. ඒ තමයි අපි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ ලබා නොගත යුත්තේ ඇයි කියලා..

මේ පිලිබදව මොන තරම් දැනුවත් කරත් ඒ දේ පිළිපදින්නේ නම් නැති තරම්.. මෙන්න මේ වැරදි ක්‍රියාව නිසා සමහර අවස්ථාවලදී ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්.නැතිනම් හිතන්නේ නැති අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. මේ දේ ඒ තරම් අවදානම්..

ඖෂධ කියන්නේ රසායනික සංයෝග, හිතු මනාපයට ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් ලිපිය අවසන් වෙනකන් කියවලා ඉන්න
අපි දැන් බලමු වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ ලබා නොගන්න හේතු මොනවාද කියලා..
1. ඖෂධ ඖෂධ අතර අන්තර් ක්‍රියා (Drugs interactions) පැවැතීම..
සමහර ඖෂධ ලබා ගන්නා විට ඒ ඖෂධ සමග ලබා නොගත යුතු ඖෂධ පවතිනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් එම ඖෂධ වර්ග දෙක හෝ කිහිපය එකට ලබා ගැනීමක් කරොත් අදාළ ප්‍රථිපල නොලැබීම, ඖෂධ විෂ වීම, අසාත්මිකතාවක් හෝ සමහර විට මරණයට පත්විමට ද හැකිය..

උදාහරණ ලෙස රුධිර කැටි ඇති වීම අඩු කිරීම සදහා ලබාදෙන clopidogrel සමග Omeprazole ලබා ගත් විට clopidogrel ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩු වීමක් සිදු වෙනවා...

හදවත් රෝග සදහා ලබාදෙන nitrates කාන්ඩයේ (GTN වැනි) ඖෂධ සමග පුරුෂ ලිංගික අප්‍රාණික තත්වයට (Erectile Dysfunction) ලබාදෙන sildenafil එකට ලබා ගත් විට හදිසියේ රුධිර පීඩනය අඩු වි මරණයට පත් විය හැකිය..

මෙවැනි උදාහරණ තවත් ඕනෑ තරම් ඉදිරිපත් කල හැකි අතර මේ ගැන කිසිදු දැනීමක් නැතිව ඖෂධ හිතු මනාපයට ලබා ගත්තොත් සමහරවිට මරණයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙන්න පුළුවන්..

2. රෝගියාගෙ රෝගී තත්වය අනුව ලබා දිය හැකි සහ නොහැකි ඖෂධ පැවැතීම..
වෛද්‍යවරයා විසින් ඔබට යම් කිසි ඖෂධයක් නිර්දේශ කරණු ලබන්නේ රෝගියාගෙ තත්වය සහ දැනට ලබා ගන්නා ඖෂධ ගැන දැනගෙන නිගමනයකට පැමිණිමෙන් පසුවයි.. රෝගියාගෙ තත්වය අනුව ඔහුට ලබා දිය හැකි සහ නොහැකි ඖෂධ පවතිනවා.

උදාහරණයක් ලෙස ඇඳුම, හතිය සහිත රෝගීන් සදහා beta blocker කාන්ඩයේ ඖෂධ (propanalol, carvedilol, atenalol, bisapralol වැනි) ලබා දෙන්නේ නැත. එයට හේතුව නම් ඇඳුම රෝගීන්ට එවැනි ඖෂධ ලබා දුන් විට හුස්ම ගැනිමේ අපහසුතාවට පත් වී මරණයට පවා පත් විය හැකි වීමයි..

මෙවැනි තාක්ෂණික කරුණු නොදැන ඔබට එක් රෝගයකට ලබා දුන් නිසා වෙන අයකුට එම රෝගය පවතින නිසා එම ඖෂධ ලබා දීම කිසිසේත්ම නොකළ යුතුය.. මේ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ..

3. සමහර ඖෂධ සදහා ආසාත්මිකතා පැවැතීම...
ඔබට යම් ඖෂධයක් සදහා ආසාත්මිකතා පවති නම් එම කාන්ඩයේ සියලුම ඖෂධ සදහා ආසාත්මිකතා පැවැතිය හැකිය.. ආසාත්මිකතා මගින් ඉතා ඉක්මනින් මරණයට උවත් පත් විය හැකිය..

උදාහරණයක් ලෙස ඔබට amoxicillin වලට ආසාත්මිකතා ඇති වනවා නම් co- amoxiclave, cloxicillin, flucloxicillin, ampicilin, penicillin යන සියලුම ඖෂධ සදහා ආසාත්මිකතා ඇති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත්ම වැඩි..

ඉතින් ඔබ amoxicillin සදහා පමනක් ඔබට ආසාත්මිකතා ඇති බව සිතා එම කාන්ඩයේ අනිත් ඖෂධ වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගෙන අමාරුවේ වැටෙන්න පුළුවන්...
ඉතින් මෙන්න මේ වගේ නිසි උපදෙස් නොමැතිව ඖෂධ ලබා ගැනීම ඉතාමත් භයානකයි.. ජීවිතය උවත් නැති වෙන්න පුළුවන්..

4. ප්‍රතිජීවක වැනි ඖෂධ සදහා ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇති වීම..
ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ අදාළ රෝගයට අදාළව නියමිතව කාල පරාසයක් සහිතව නියමිත කාල සීමාවක් ලබා දිය යුතුයි.. ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඉදිරි දශක කිහිපය තුළ ලෝකය බරපතළ තත්වයකට පත් කරනු ඇත..
ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැඩි වීම නිසා අනාගතේදී bacteria ආසාදන සදහා ලබා දිය හැකි ඖෂධ නොමැති වීම නිසා මරණයට පත් වන්න තමයි සිදු වෙන්නේ..
ප්‍රතිජීවක ප්‍රතිරෝධය ට ප්‍රධාන හේතුවක් වන්නේ අක්‍රමවත් ලෙස ප්‍රතිජීවක භාවිතා කිරීම නැත්නම් අවභාවිත කිරීමයි.. (මේ සම්බන්ධ සම්පූර්ණ ලිපි දෙකක් මීට පෙර පළ කර ඇත)
මේ හේතු නිසා ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි.. මේ බරපතළ කම තේරුම් යද්දී ගොඩක් පරක්කු වෙලා තිබේවි..

5. වයස අනුව සමහර සමහර ඖෂධ ලබානොදීම..
සමහර ඖෂධ වයස අනුව ලබා නොදෙන අවස්ථා පවතින අතර ඒ පිලිබදව නිසි අවබෝධයක් පවතින්නේ වෛද්‍යවරු හා ඖෂධවේදීන්ට ය.. එනම් සමහර ඖෂධ කුඩා ලමුන්ට, ලමුන්ට ලබා නොදෙන අතර වැඩිහිටි අයට ලබා දෙනු ලැබේ.. ඉතින් ඖෂධ ගැන හරි හැටි නොදෙන ලබා ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ ඔබම තමයි..

උදාහරණ ලෙස ciprofloxacin නම් ප්‍රතිජීවක ඖෂධය අවුරුදු 12 අඩු ලමුන්ට ලබා නොදේ.. නමුත් ගෙදර අම්මට, තාත්තට හෝ වෙනත් කෙනෙකුට ඇති වී ඇති රෝගී තත්වයක් සදහා එම ඖෂධය වෛද්‍යවරු විසින් ලබා දෙනව.. ඒ රෝග ලක්ෂණ සහිත එම නිවසේ අවුරුදු 12 ට අඩු ලමයෙක් සදහා වෛද්‍ය උපදෙස් නොමැතිව එම ඖෂධය දරුවාට ලබා දෙනව.. ඒ මගින් හානියක් මිස හොඳක් සිදු වෙන්නේ නැත..

6. සමහර ඖෂධ සදහා ඇබ්බැහිවීමක් සිදු වීම..
සමහර ඖෂධ දිගු කාලයක් ලබා ගැනීම එම ඖෂධය සදහා ඇබ්බැහි වීමක් සිද්ධ වෙන්න පුළුවන්.. ඒ කියන්නේ ඔබට ඒ ඖෂධය නැතිවම ඉන්න බැරි වෙනවා.. මෙන්න මේ නිසා එවැනි ඖෂධ වෛද්‍යවරු විසින් සිමිත කාලයකට පමනක් වෛද්‍යවරු නිර්දේශ කරනවා..
ඉතින් මෙන්න මේ වගේ දේවල් නොදැන ඔබ ඖෂධ ලබා ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න නම් එපා..

7. ඖෂධ සදහා අතුරු ආබාධ පැවැතීම..
ඕනම ඖෂධයක් සදහා සුළු හෝ බරපතළ අතුරු ආබාධ තිබෙන්න පුළුවන්.. වෛද්‍යවරයා විසින් අතුරු ආබාධ වැඩි ඖෂධ නිර්දේශ කරණු ලබන්නේ අතුරු ආබාධ වලට වඩා රෝගියාට ඇති ප්‍රතිලාභය වැඩි බව තහවූරු කර ගැනිමෙන් පසුවයි..
ඉතින් මේ කිසිදු දෙයක් නොදන්නා ඔබ ඖෂධ ලබා ගන්න ගියොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.. සමහර අවස්ථාවල ඔබ සදාකාලික ආබාධිත තත්වයට පවා පත් වෙන්න පුළුවන්..

8. ගර්භණී සහ කිරි දෙන මව්වරු සදහා බොහෝ ඖෂධ ලබා නොදීම..
ගර්භණී අවස්ථාවේ සහ කිරි දෙන මව්වරුන්ට ඒ අවස්ථාවේදි ලබා දිය යුත්තේ පරික්ෂාකාරීව සහ ආරක්ෂාකාරි ඖෂධ පමණි.. එසේ නොමැති උනොත් මවට සහ දරුවාට අවදානම් විය හැකිය..
මේ නිසා නිසි දැනුමක් සහ වෛද්‍ය උපදෙස් නොමැතිව ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ඖෂධ කිසිසේත්ම ලබා දීම් නොකළ යුතුය..

9. රෝගියා පරික්ෂා කර ඔහුට හෝ ඇයට ඇති රෝගය පිලිබදව මනා නිගමනයකට පැමිණිමේ සුදුසුකම් සහ පලපුරුද්ද ඇත්තේ වෛද්‍යවරුන්ට වීම..
රෝග ලක්ෂණ අනුව අදාළ රෝගය පිලිබදව නිගමනයකට පැමිණිමෙ මනා හැකියාව පවතින්නේ වෛද්‍යවරුන්ටයි.. සමහර අවස්ථාවල පිටතින් පෙනෙන්නට තිබෙන ලක්ෂණ වලට වඩා බරපතළ රෝගී තත්වයක් තිබිය හැකිය.. මේ පිලිබදව රෝගී තත්වය නිගමනය කර තහවූරු කර ගත හැක්කේ වෛද්‍යවරුන්ටයි..

ඕනෑම රෝගී අවස්ථාවක මුල් අවස්ථාවේම හදුනා ගෙන ප්‍රතිකාර කිරීම රෝගය සුව කිරීම සදහා ඉතාමත්ම වැදගත් වේ.. මුල් අවස්ථාවේම සුදුසුකම් ලත්
වෛද්‍යවරයකු මගින් රෝගය හදුනා නොගෙන ඔබ හිතු මනාපයට ඖෂධ ගන්න ගියොත් රෝගය බරපතළ තත්වයට පත් විය හැකිය.. එය අවාසිදායක වන්නේද ඔබටමයි..

මෙන්න මෙවැනි බරපතළ හේතුන් නිසා වෙන අයකුට ලබා දුන් ඖෂධ ඔබට ද ඒ රෝගය පවතින නිසා වෛද්‍ය උපදෙස් නොමැතිව ගන්න යන්න එපා.. ඖෂධ සම්බන්ධව ඇති ගැටලු ඒ පිලිබදව දැනුම ඇති වෛද්‍යවරුන්ගෙන් සහ ඖෂධවේදීන්ගෙන් ලබා ගන්න..
ඒ පිලිබද කිසිදු දැනුමක් නැති අල්ලපු ගෙදර අක්කා, ත්‍රී වීල් එකේ අයියා, වගේ අයගෙන් උපදෙස් ගැනීම නවතන්න..

ඖෂධ ආහාර ලෙස නොගෙන ඖෂධ ලෙස නිවැරැදි උපදෙස් සහිතව පරෙස්සමින් ලබා ගන්න..නැත්නම් ඔබට ආහාර ලෙස අනාගතයේදී ඖෂධ ලබා ගන්න වේවි..

මෙවැනි වැදගත් ලිපියකින් නැවත හමු වෙමු..
Page එක follow කරන්න, like කරන්න, share කරන්න, Comment කරන්න..

Rasika Gamage,
SLMC Registered Pharmacist,
B.Sc. (UOJ), Certificate of efficiency as pharmacist (CMCC)

Address

Kandy

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 20:00 - 21:00
Thursday 20:00 - 17:00
Friday 08:00 - 21:00
Saturday 20:00 - 21:00
Sunday 08:00 - 17:00

Telephone

+94812066950

Website

Alerts

Be the first to know and let us send you an email when Health care pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Health care pharmacy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram