30/11/2025
✳️දරුණු සුළි කුණාටුවකට සහ මහා ගංවතුර තත්ත්වයකට පසුවත් තවමත් ශක්තිමත් සිතකින් නැගී සිටින ශ්‍රී ලාංකික ජනතාවට මාගේ ප්‍රණාමය.එමෙන්ම මේ මහා ව්‍යසනයේදී අප අතරින් සමුගත් සියලු දෙනා වෙනුවෙන්ම අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු.
✳️මහා ගංවතුර වගේම නාය යෑම් වලට මුහුණ දුන් ජනතාවනි , ඔබට මී උණ රෝගය සෑදීමේ විශාල සම්භාවිතාවයක් පවතී.මෙතරම් ව්‍යසනයකට මුහුණ දී ඔබ ජීවිතය රැක ගත්තා සේම මී උණ රෝගයෙන් වැළකී ඔබේ ජීවිතය මරණයෙන් ගලවා ගැනීමට කටයුතු කළ යුතුයි.
✳️මී උණ (Leptospirosis)කියන්නේ හැමෝම වගේ අහල තියෙන ලෙඩක්.🐹🐭
✳️වෛද්‍ය වාට්ටුවක් ගත්තොත් මී උණ රෝගියෙක් හොයා ගන්න එක බොහොම පහසුයි.ඒ තරමටම ගොඩක් රෝගීන් වාර්තා වෙනවා.
✳️මේ රෝගය කොච්චර අහල දැකලා තිබුණත් මේ රෝගයේ දරුණුකම ගැන ඔබ තවමත් අවබෝධ කරගෙන නැහැ.💀
✳️එක එක ප්‍රදේශවල මෙය වෙල් උණ, පතල් උණ , මඩ උණ විදියටත් නම් කරනවා.
✳️අපේ රටේ නම් වසර පුරාම වගේ මී උණ රෝගීන් වාර්තා වෙනවා.
✳️නමුත් මාර්තු සිට මැයි දක්වා, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රෝගීන් වාර්තා වීම වැඩියි. මෝසම් වර්ෂා කාලයේදී වගේම යල මහ කන්න වැඩ කරන කාලවලදීත් රෝගීන් සීඝ්‍රයෙන් වාර්තා වෙනවා.
✳️මී උණ සඳහා ගොඩක් වෙලාවට නිරාවරණය වන්නේ අපේ ගොවි ජනතාවයි.නමුත් මේ ව්‍යසනයත් සමග තත්ත්වය තරාතිරම නොබලා ගංවතුර නාය යෑම් වලට ලක් වූ,මුදා ගැනීම් කටයුතුවල නිරතවන, පොදුවේ සියලූම ශ්‍රී ලාංකිකයන්ට වැළඳීමේ හැකියාව ඇත.
✳️මී උණ සෑදීමට දායක වන්නේ ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියා වර්ගය.🦠🦠🧫
✳️මෙම බැක්ටීරියාව වැඩි වශයෙන් මීයන්ගේ දක්නට ලැබුණද බල්ලන්, ගවයන්,ඌරන් ආදී සතුන්ගේද ජීවත්වේ.🐕🐂🐖
✳️එම සත්වයන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත්වන මෙම බැක්ටීරියාව, එම සතුන්ගේ මුත්‍රා සමග පරිසරයට මුදා හැරේ.
✳️මේ මහා ගංවතුරට මුහුණ දුන් ඔබගේ ශරීරයේ සියුම් කැපීම්, සීරීම්,තුවාල ආදිය තිබිය හැකියි .
✳️බැක්ටීරියාව අඩංගු මීයන්ගේ මුත්‍රා ජලයේ මිශ්‍රවී පවතී.
✳️ ඔබගේ ශරීරය තුළට සියුම් කැපීම් තුවාල හරහා හෝ ශ්ලේෂ් මල පටක හරහා මෙම බැක්ටීරියාව ඇතුල් විය හැකියි.
✳️මී මුත්‍ර මිශ්‍ර ජලය බීමට ගැනීමෙන් හෝ කට සේදීමෙන්ද බැක්ටීරියාව ඔබගේ ශරීරයට ඇතුළු විය හැකියි.
✳️රෝගය සෑදුනොත් ඔබට මොන වගේ රෝග ලක්ෂණ ද එන්නේ?🤔🤔
✳️සාමාන්‍යයෙන් මේ බැක්ටීරියාවට නිරාවරණය වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න දවස් 5-14 වගේ කාලයක් ගතවෙනවා. නමුත් එම කාලය දවස් 2-30 වගේ උනත් වෙනස් වෙන්න පුළුවන්.
✳️මේ මී උණ කියන්නේ අපේ අවයව පද්ධති ගොඩකට බලපාන ලෙඩක්. එතකොට රෝග ලක්ෂණත් විවිධාකාරයි.
🟣ඇඟ සීතල කරලා වෙව්ලමින් උණ ගතියක් එනවා
🟣ඔලුවෙ කැක්කුම
🟣ඇස් රතු වීම
🟣මාංශ පේශී වල ඇතිවන වේදනාව.විශේෂයෙන්ම කෙන්ඩා මාංශ පේශි සහ කොන්දේ පහළ කොටස.
🟣වමනය
🟣සිරුරේ අප්‍රාණික ගතිය
🟣ඇස් කහ වීම
🟣මුත්‍රා යාම අඩුවීම
🟣මුත්‍රා තද කහ පාට වීම
🟣මුත්‍රා සමග ලේ යාම
මෙවැනි රෝග ලක්ෂණ තිබිය හැකියි.
🟣නිසි වේලාවට හරි ප්‍රතිකාර ගත්තේ නැත්නම් වකුගඩු, හෘදය, මොළය, අක්මාව වැනි අවයව වලට බලපෑම් ඇතිකර රෝගය උත්සන්න වී මරණය කරා ළඟා කරයි.☠️
✳️විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ මී උණ සඳහා එන රෝග ලක්ෂණ...ඩෙංගු , influenza, මෙනින් ජයිටිස්, හෙපටයිටිස් ආදී රෝග වලදී ද දක්නට පුළුවන්.
✳️එබැවින් ඔබට මෙම රෝග ලක්ෂණ තිබේ නම්, බල බලා ඉන්නෙ නැතුව ළඟම රෝහලක් කරා යාම නුවණට හුරුයි.👍
✳️රෝහලට පැමිණි විට ඔබගේ රෝග ඉතිහාසය, මඩ වලට නිරාවරණය වීම, සැක සහිත රෝග ලක්ෂණ වලින් වගේම රුධිර පරීක්ෂණයෙන්(MAT) ප්‍රතිදේහ පොසිටිව් ආදිය මත රෝගය නිර්ණයනය කෙරේ.
✳️ඔබගේ රෝග ලක්ෂණ සමනය කිරීමට ඇන්ටි බයෝටික් සමගින් අදාල ඖෂධ ආරම්භ කරයි.
✳️එක සැරයක් මී උණ සෑදුණු රෝගියෙක්ට නැවතත් මෙම රෝගය සෑදිය හැකියි.
✳️රෝගයෙන් වැළකී සිටීමට ඔබ මොකක්ද කළ යුත්තේ..??
🔶මෙහිදී Doxycycline නම් ප්‍රතිජීවක ඖෂධය ලබාදෙයි.මිලිග්‍රෑම් 200 ක්, ඔබ ගංවතුරට මුහුණ දුන් අවස්ථාවේ ලබාගත යුතු අතර, එම මාත්‍රාවම සතියකට වරක් බැගින් ගත යුතුවේ. කෙසේ වුවත්, මෙම ඖෂධය සති 6 කට වඩා එක දිගට ගැනීමෙන් වැළකිය යුතුවේ.
🔶ප්‍රදේශයේ රෝගීන් වාර්තා වන්නේ නම් හැකි ඉක්මනින් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන්න.
🔶තුවාල සීරීම් ආදිය ඇත්නම් අපවිත්‍ර වූ ජලයට බැසීමෙන් හැකිතාක් වැළකී සිටින්න.
🔶එමෙන්ම එවැනි ස්ථාන වලින් මුහුණ කට සේදීම, නෑම, ජලය පානය කිරීම ආදියෙන් වැලකෙන්න.
🔶මීයන් බෝ වන ස්ථාන විනාශ කර දමන්න. මීයන් ගහනය අඩුකර ගැනීමට මී උගුල්, මී නාශක භාවිතා කරන්න.
🔶හැකි සෑම විටම උතුරුවා නිවාගත් ජලය පානය කරන්න.
✳️මී උණ යනු මරණයට අත වනන රෝගී තත්ත්වයකි. සෑම විටම සෞඛ්‍යාරක්ෂිතව ඔබේ රාජකාරිය ඉටු කරන්න.
🌐නීරෝගිමත් ජීවිතයක් වෙනුවෙන් මෙම පණිවිඩය මගින් ඔබත් ඔබේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන්න.
~කායික රෝග විශේෂඥ වෛද්‍ය රඛිත වෙලගෙදර ~