05/07/2025
𝐇𝐚𝐢𝐫 𝐝𝐲𝐞 𝐚𝐥𝐥𝐞𝐫𝐠𝐲
අද අපි කතාකිරීමට බලාපොරොත්තු වන්නේ හිසකෙස් වර්ණක Hair Dye නිසා ඇතිවන අසාත්මිකතා පිලිබදවයි.
මෙයට හේතුව අද බොහෝ දෙනා හිසකෙස් වර්ණක භාවිත කරන අතර, මෙම නිසා ඇතිවන අසාත්මිකතා වෙනත් රෝග ලෙස වරදවා වටහා ගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීමයි.
බොහෝවිට මෙම අසාත්මිකතාවය ඇති කරන්නේ කළු පැහැ වර්ණකය ගෙන දෙන PPD (Para-phenylendiamine) නිසාය.
මෙම වර්ණකය හිසකෙස් වලට දිගුකාලීනව බැදී පවතී. එම සංයෝගය ඔක්සිජන් නොමැති විට අවර්ණ වන අතර, ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් වර්ණය ලැබේ. මේ නිසා බොහෝ හිසකෙස් වර්ණක පැකට් දෙකක් වශයෙන් දක්නට ලැබේ.එම සංයෝග දෙක මිශ්‍ර කලවිට පමණක් වර්ණ සහිත සංයෝගය ලැබේ.
අසාත්මිකතාවයේ ලක්ෂණ
⭕️ සුළු අසාත්මිකතාවයකදී කණ, ඇහි පිල්ලම, හිස්කබලේ සම රතුවීම, කැසීම දියර ගැලීම සිදුවේ.
⭕️ අසාත්මිකතාවය අධික ලෙස පවතින විට තදබල ලෙස මුහුණේ ඉදිමීම සහ හිසේ ඉදිමීම ද දක්නට ලැබේ.
⭕️ ඉතා කලාතුරකින් මෙම අසාත්මිකතාවය නිසා සිහිසුන් වූ රෝගීන්ද ඇත.
⭕️ වෘත්තීය හිසකෙස් හැඩගන්වන්නන් ගේ අත්වල මෙම වර්ණක නිසා අසාත්මික තත්වයන් ඇතිවිය හැක.
මේ සදහා අසාත්මිකතාවය ඇත්දැයි බැලීමට patch test ඔබට ගෙදරදීම කරගත හැක. ඒ සදහා රසායන වර්ග දෙක මිශ්‍ර කර, කණ පිටුපස (ශත 50 කාසියක තරමට) හෝ වැලමිටේ ඇතුල් පැත්තේ ආලේප කල යුතුය. දින 2 – 3 කට පසු එම ස්ථානයේ රතුවීම, කැසීම හෝ බිබිලි දැමීම සිදුවී නැත්නම් ඔබට බොහෝවිට PPD වලට අසාත්මිකතාවයක් නැත.
ඔබ කලයුතු දේ.
ඔබට PPD අසාත්මිකතාවය ඇත්නම් එම වර්ණක භාවිතය නවතා දැමිය යුතුය.
අසාත්මිකතා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම කල යුතුය.
එසේම ඔබ විසින් මතක තබා ගත යුතු වන්නේ, වර්ණක ගැල්වීමේදී හිස් කබලට නොගෑවෙන සේ ගැල්වීමය. අපගේ හිසකෙස් මළ සෛල වලින් සෑදී ඇත. අසාත්මිකතා දක්වන්නේ හිස් කබලය. වර්ණක ගැල්වීමේදී සමට නොගෑවෙන සේ ප්‍රවේශමෙන් කල යුතුය.
හෙනා වර්ණක පාවිච්චිය අද බහුලව සිදුකෙරේ. නියම ස්වභාවික හෙනා යනු රතු/ තැඹිලි වර්ණකයක් ලබාදෙන වර්ණකයකි. එමගින් කළු පැහැයක් ලබා දෙන්නේ නම්, බොහෝවිට එම සංයෝගයේ PPD තිබේ. එමනිසා වෙළද පොලේ ඇති බ්ලැක් හෙනා (Black Henna) සදහාද බොහෝදෙනා අසාත්මිකතාවයක් දක්වයි.
ඉහත තත්වයට ප්‍රතිකාර ක්‍රම ඇතුළු සියළුම සමේ රෝග සහ වෛද්‍යානුකූල රූපලාවන්‍ය සම්බන්ධ විශේෂ ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යතුමිය විසින් සිදු කර ගැනීමට අප සමඟ සම්බන්ධවන්න.
වැඩි විස්තර සඳහා
0814955166
0814505554
0777477742
WhatsApp 0761777800