ජයසේකර ආයුර්වේද ඔසුසල Jayasekara Ayurvedic Pharmacy

  • Home
  • Sri Lanka
  • Kandy
  • ජයසේකර ආයුර්වේද ඔසුසල Jayasekara Ayurvedic Pharmacy

ජයසේකර ආයුර්වේද ඔසුසල Jayasekara Ayurvedic Pharmacy All the Ayurvedic Drugs,Sinhala Medicine,Atapirikara,Dowry Items,From Us,and Obtain From You.

# 85/9
KANDY ROAD
POOJAPITIYA

0812300089
0777539438

දේශීය වෛද්‍ය නිලංක රවිනාත් ජයසේකර මහතා සතියේ සෑම,
ඉරිදා
අඟහරුවාදා
බ්‍රහස්පතින්දා යන දිනයන්හිදි අප ආයතනය තුළදී ඔබට හමුවිය හැක.

ආයුබෝවන් , ඔබට නීරෝගීමත් සුබ දවසක් වේවා......!!!!!
30/11/2024

ආයුබෝවන් , ඔබට නීරෝගීමත් සුබ දවසක් වේවා......!!!!!

දෙදහසකටත් වඩා වැඩි දේශීය සහ විදේශීය ආයුර්වේද ඖෂධ වර්ග විශ්වාසයෙන් සහ වගකීමෙන් ලබා ගැනීම සඳහා ,අමතන්න,☎️0812300089📱  077 ...
29/11/2024

දෙදහසකටත් වඩා වැඩි දේශීය සහ විදේශීය ආයුර්වේද ඖෂධ වර්ග විශ්වාසයෙන් සහ වගකීමෙන් ලබා ගැනීම සඳහා ,
අමතන්න,
☎️0812300089
📱 077 753 9438

නෙතු බැඳෙන මන් මත්වෙන රුවකට වික්‍රමාරච්චි රුව සම්පත 👇ඇනවුම් කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න.0777539...
29/11/2024

නෙතු බැඳෙන මන් මත්වෙන රුවකට වික්‍රමාරච්චි රුව සම්පත 👇
ඇනවුම් කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න.
0777539438 අංකයට වට්සැප් කරන්න.
ජයසේකර ආයුර්වේද ඔසුසල Jayasekara Ayurvedic Pharmacy
මහනුවර පාරිභෝගික සංසඳය
#රුවසම්පත

📌කාර්යශූර📌සුහදශීලී📌අ.පො.ස. උ/පෙළ සමත්,📌පරිගණක දැනුම ඇති,වෙළඳ සහායක/ සහායිකාවන් සඳහා අප පූජාපිටිය ශාඛාවේ ඇබෑර්තු ඇත.ඔබගේ ...
24/11/2024

📌කාර්යශූර
📌සුහදශීලී
📌අ.පො.ස. උ/පෙළ සමත්,
📌පරිගණක දැනුම ඇති,
වෙළඳ සහායක/ සහායිකාවන් සඳහා අප පූජාපිටිය ශාඛාවේ ඇබෑර්තු ඇත.
ඔබගේ අයදුම්පත සමඟ පැමිණ විමසන්න.

.        "ඇද කුද නැති - අපේ වෙදකම "         ඇද,කුද,කුදු නැති ජීවිතයකට     ===========================දේශීය වෙදකම .....,ද...
11/08/2024

.
"ඇද කුද නැති - අපේ වෙදකම "

ඇද,කුද,කුදු නැති ජීවිතයකට
===========================

දේශීය වෙදකම .....,

දේශීය වෙදකම එයට ආවේණික සූර්‍යය හා චන්ද්‍ර සිද්ධාන්තය මත පදනම්ව නිර්මාණය වූ සුවිශේෂී වෛද්‍ය කර්මයකි.එයට අනුව මනුෂ්‍ය ශරීරයේ නිර්මාණය පංච මහා භූතයන්ට අනුව සිදු වුවත් එය අංශු මාත්‍රය දක්වා නිර්මාණය පිළිබඳව ඉතා සංකීර්ණව විස්තර කෙරෙයි.එනම් වැඩුණු මධ්‍යම පුරුෂයෙකුගේ අගුලෙන් සතිසෙන් එකක් ඌකාවකි.ඌකාවෙන් සතිසෙන් එකක් ලික්ඛාවකි.ලික්ඛාවෙන් සතිසෙන් එකක්.....රථ රේණූ,තජ්ජාරී,පරමාණූ ආදී ලෙස දිවසට ගෝචර වන අංශු මාත්‍රය දක්වාම නාම කරණය වෙයි.එසේ නිර්මාණය වන ශරීරය ඉන්ද්‍රිය විසි දෙකක් හා සම්බන්ධ වෙයි.ඒවා නවීනව හඳුන්වන ඉන්ද්‍රීය පද්ධති නොවන අතර ස්කීය පුද්ගලයා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපතිව කටයුතු කරන බැවින් ඉන්ද්‍රිය නම් වන ඉන්ද්‍රිය වෙයි.චක්ඛු,සෝත,ඝාන,ජ්ව්හා,කාය,ඉත්ථි,පුරුසෝ ආදීව අවසන අඤ්ඤානාවින්ද්‍රිය දක්වා සම්බන්ධ වෙයි.දේශීය වෛද්‍ය කර්මය මෙම අවසන් ඉන්ද්‍රිය මුඛ්‍ය කොට පවතී.
එසේ නිර්මාණය වන ශරීරය සීවනී නම් අප්‍රකට මධ්‍ය පථය ප්‍රධානව සූර්‍යය ගණ පථය හා චන්ද්‍ර ගණ පථය ආදී පථ දාහතරකින් ද,ඒවාට සම්බන්ධ හැත්තෑ දෙදහසක් වූ නාඩි වලින් ද,
ඉඩා,පිංගලා,හස්ත,පුෂා,ගන්ධාරී,සුෂුම්නා ආදී ප්‍රධාන නාඩි දහයකින් ද,දොළොස්දහස් හැට හතක් වූ නිලස්ථානයන්ගෙන් ද,(මෙය මා පරම්පරාවේ සතළිස් හත් දහසක් වශයෙන් දැක්වෙයි),
මන ප්‍රධාන මර්ම එකසිය අටකින් ද,
වා,පිත්,සෙම් ත්‍රිධාතූවෙන් ද,
ඉන් ප්‍රධාන වා,පිත්,සෙම් පංචකයෙන් ද ,
ඉන් පරව ප්‍රාණ වාත - නාග,ධර්ම ආදී උප ප්‍රාණ වායූ ආදී අනූප ධාතූන්ගෙන් ද,
ඒවායේ වෘද්ධ,මධ්‍යම,ක්ෂීණ ආදී බලයන්ගෙන් ද ආදීව ඉතා පුළුල්ව සාකච්ඡා කෙරෙන දැනුම් සම්භාරයකින් නිර්මිත වෙයි.
එසේ නිර්මිත මානව ශරීරය අස්ථි පාදම කොට ගෙන පවතී.ඉන් ප්‍රධාන වන්නේ සුෂුම්නාව ගෘහය කොට ගත් කශේරුකාවයි.
උඩරට ජයසේකර වෙද පරම්පරාවට අනුව බුද්ධ අංකුරයන් වහන්සේ ඈ මහා පුරුෂ ලක්ෂණ සහිත උතුමන් හැර සෙසු මානවයන් මෙකී කශේරුකාවේ විකෘතියක් සහිතව උප්පතිය ලබන්නේ වෙයි.
ඒවා "කුද" නම් වෙයි.මා පරම්පරාවේ එවන් කුද දහ අටකින් සෑම මනුෂ්‍යෙක්ම වර්ග කරන්නේ වෙයි.එකී කුදය හේතූ කොට ගෙන සුෂුම්නාවන් හා ස්නායූන් හෝ නාඩීන් තෙරපීමෙන් හට ගන්නා පීඩාව කරණ කොට ඇති වන රෝගයන් කල් යෑමෙන් පද්ධති හා ඉන්ද්‍රීය ගතව පුද්ගලයා මරණය කරා පමුණුවයි.
මෙතැන් පටන් එකී රෝගයන් හා ඒවා තුරන් කිරීම කෙරේ උඩරට පුරාණ ජයසේකර වෙද පරම්පරාව ගත් පිළියම් පිළිබඳව සාකච්ඡා කෙරේ.

ස්වස්ති සිද්ධම් !

මිනිස් ශරීරය නිර්මාණය වී ඇති පද්ධතීන් අතර ඉතා සුවිශේෂී පද්ධතියක් වන්නේ "අස්ථි පද්ධතිය" යි.එය "කංකාල පද්ධතිය ,සැකිලි පද්ධතිය"ලෙසත් හැඳින් වෙයි.එහිද "කොඳු ඇට පෙළ" හෙවත් "කශේරුකා පද්ධතිය " ඉතාම සුවිශේෂී වෙයි.මෙය අස්ථි 33කින් සෑදී ඇත.මේ එක් එක් අස්ථීන් ඒවා පිහිටා ඇති ස්ථානය අනුව එයට සරිලන අයුරින් නිර්මාණය වී තිබේ.මේ අස්ථීන් අතර නලාකාර සිදුරක් පවතින අතර ඒ තුළ සුෂුම්නාව පිහිටා ඇත.මෙහි සෑම අස්ථි දෙකක් අතරම බිම්බයක් පිහිටයි.එම කාටිලේජ බිම්බය නිසා කොඳු ඇට පෙළ නැමීමේ දී හෝ බර දරා සිටීමේ දී අස්ථි එකිනෙකට ගැටීමෙන් විය හැකි හානි වළක්වාලයි.මෙය ඉංග්‍රීසි හෝඩියේ "S" අකුරට සමාන හැඩයකින් යුතු වන අතර අස්ථි 33නෙහි පිහිටීම අනුව එය ප්‍රභේද 5කට වර්ග කෙරෙයි.
1.ග්‍රෛවී කශේරුකා - 07
2.උරස් කශේරුකා - 12
3.කටී කශේරුකා - 05
4.ත්‍රික කශේරුකා - 05
5.කෝකක කශේරුකා - 04
මෙම අස්ථි 33 පිහිට කොට ගෙන ශරීරයේ දැනීම් ඇති කරවන එනම් ස්නායුක සමායෝජනය ඇති කරවන ස්නායු පද්ධතියේ මධ්‍ය ස්නායූ පද්ධතිය පවතින බැවින් කශේරුකා පද්ධතිය ඉතා සුවිශේෂී වෙයි.
ශරීරයේ ඇති වන වේදනාවන්,කැක්කුම්,හිරි වැටීම් ආදිය කෙරේ ස්නායූ පද්ධතිය බලපාන අතර කශේරුකා අස්ථි වල වෙනස් වීම් බොහෝ විට මෙම ස්නායූ පීඩාවන් කෙරේ හේතු වෙයි.
කශේරුකාවල වෙනස් වීම,
වැටීම්,තැලීම්,හදිසි අනතුරු,ජන්ම දෝෂ,ආම වාත සන්ධි ශෝත ආදී රෝග තත්ත්වයන් නිසා ද සිදු විය හැකි අතර බහුලව මෙය අපගේ වැරදි ඉරියව් භාවිතය හේතුවෙන් ඇති වන තත්ත්වයකි.
ඒවා දේශීය වෙදකමේ දී "කුද" වශයෙන් හඳුන්වනු ලබයි.ඒවා ,
පැති කුදය ප්‍රධාන,
උඩු කුදය (ඔටු කුදය),
වකුටු කුදය,
නැමි කුදය,
කටුසු කුදය,
ඉබි කුදය,
කෙප්ප කුදය,
රළු කුදය,
යක්ෂ කුදය,
ජන්ම කුදය,
දඬු කුදය,
කොට කුදය,
ගැබ් කුදය ආදී කුද වර්ග දහ අටකට මා පරම්පරාවේ වර්ග කෙරෙයි.
මෙම සියලු කුදයන් සුවපත් කිරීමට හැකි චිකිත්සීය ක්‍රමවේදයන් ද සිංහළ වෙදකම තුළ ඇත.එය දේශීය වෙදකම තුළ "ශල්‍ය ශාස්ත්‍රය " යටතේ සිදු කරනු ලබයි.
දේශීය තෛල වන ,
කොර තෙල,මහා හන්ධි තෙල,කුද දෝස තෛලය,වාත තෛලය,අග්‍රරාජ තෛලය,කුදුස් තෙල ආදී තෛල විශේෂ භාවිතා කරමින් අභ්‍යංගය සිදු කොට ,නිල ගෝල මඟින් වෙනස් වූ අස්ථීන් යථාතත්ත්වයට පත් කොට අවශ්‍ය මැල්ලුම්,ලේප,පත්තු බැඳීම සිදු කිරීම මෙන්ම ,
"දඬු වෙදකම" හෙවත් ලී වලින් සකස් කරනු ලබන කුරුස,පතුරු,බොරු කකුල්,බොරු අත් ආදිය බැඳ තබා සිදු කරනු ලබන විශේෂ සිංහළ සැත්කම් වෙදකමක් ද පවතියි.
මේ සඳහා ඖෂධ ගුණයෙන් යුක්ත ශාක දැව යොදා ගනු ලබන අතර ,දැව ලබා ගැනීමේ සිට අවශ්‍ය මිනුම් අනුව ආධාරක සකස් කිරීමත්,එය ශරීරයට තබා බැඳීම ,එයට පෙර අවශ්‍ය ප්‍රතිකාර සිදු කොට "නිල ගෝල" ආදී යන්ත්‍ර භාවිතා කොට වෙනස් වූ අස්ථි නිසි ලෙස සකස් කිරීමත් ,එම සැත්කමට පෙර දින කීපයක් පුරා සුදුසු ආහාර,විහරණ,ඖෂධ ලබා දෙමින් පූර්ව කර්මයන් වශයෙන් රෝගියා සැත්කමට සූදානම් කිරීමත්,සැත්කමෙන් පසුව සිදු කරනු ලබන පශ්චාත් කර්මත් ආදිය චාරිත්‍රානුකූලව සිදු කරනු ලබයි.

කශේරුකා පද්ධතිය තුළ සිදු වන වෙනස් වීම් හේතූවෙන් ස්නායූ වලට හානි වී අභ්‍යන්තර ඉන්ද්‍රීය පද්ධතියන් දුර්වල වීම පිළිබඳව හා එසේ වෙනස් වූ කශේරුකා පද්ධතීන් භාහිරින් කිසිදු චර්ම ඡේදනයකින් තොරව නිසි සේ සකස් කිරීම් පිළිබඳව තොරතුරු ,
දේශීය සැත්කම් ක්‍රමය,
ඒ සඳහා යොදා ගන්නා ශල්‍ය උපකරණ,
දඹ රං කැට මත ගිනි තබා අභ්‍යන්තරයට නෙරා ඇති අස්ථි පිටතට ගැනීම,
දග්ධ උපකරණ මගින් දැවීමෙන් හා විද දැවීමෙන් වේදනාව හා හිරිය ක්ෂණිකව තුරන් කිරීම,
නිල තෙරපුම මඟින් වේදනාවන් සමනය කිරීම හා දුර්වල වූ ස්නායූ නැවත සුවපත් කිරීම ,
යෝග හා දඬු අභ්‍යාස මඟින් විකෘතීන් ප්‍රකෘතීන් කිරීම,
ඒ සඳහා භාවිත අප පරම්පරාවේ ශල්‍ය හා අනෙකුත් උපකරණ කීපයක් හා එසේ දේශීය ශල්‍ය වෙදකම මගින් මිනිත්තූ කීපයකින් සුවය ලද රෝගීන් පිළිබඳ තොරතුරු ආදිය මෙසේ ඡායාරූප මගින් ඉදිරිපත් කරන්නෙමි.

(මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් තොරතුරු පර්‍යේෂණාත්මක ග්‍රන්ථයක් මඟින් මා හිතවත් මහාචාර්‍යයවරුන් කීප දෙනෙකුගේ සහය ඇතුව දුහුනන් හා දැනුම් පිපාසිතයන් හිත පිණිස ඉදිරියේ දී ඉදිරිපත් කරන්නෙමි.)
හැට දහසකට අධික සුෂුමානාව හා කොඳු ඇට පෙළ ආශ්‍රිත දේශීය සැත්කම් සිදු කොට රෝගීන් සුවපත් කිරීමට මා දැනුමින් සන්නද්ධ කළ මාගේ දෙමව්පියන් හා වෙද පරම්පරාවේ ඥාතී බන්ධූන්ටත්,ශිල්ප ශාස්ත්‍රය නොවඩුව උගන්වා මා පිරියම් කළ ගුරු වෙද ආචාර්‍යයවරුන්ටත් සහෘද වෛද්‍යවරුන්ටත් දේශීය වෙදකම හා ආයූර්වේදය වෙහෙසින් රැකගත් හා එකී ශිල්පය විස්වාසයෙන් ප්‍රතිකාර සිදු කොට සුවපත් වන්නා වූ සියලූම මනුෂ්‍යාටත් කෘතඥ වෙමි.
සැම උතුම් පතළ බෝධියකින් නිවී සැන සෙත්වා !

සැමට දීර්ඝායුෂ වේවා !
තෙරුවන් සරණයි !
උතුම් දළදා සමිඳු පිහිටයි !

23/06/2023

Address

Kandy

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

+94812300089

Website

Alerts

Be the first to know and let us send you an email when ජයසේකර ආයුර්වේද ඔසුසල Jayasekara Ayurvedic Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ජයසේකර ආයුර්වේද ඔසුසල Jayasekara Ayurvedic Pharmacy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram